IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


සංවර්ධනේ නැවතිලාද ?

 

01

 

Untitled-2
 

දශක තුනක කාලයක් පුරා මේ රට විනාශ කරමින් පැවැති යුද්ධය 2009 දී අවසන් වීමත් සමග විශාල සංවර්ධනයක් රටපුරා ආරම්භ විය. මේ සංවර්ධනයත් සමග රටපුරා විශාල පිබිදීමක් ඇතිවූ බව පිළිගත යුතු කරුණකි. ගසාකෑම්, කොමිස් ගැසීම්, මුදල් නාස්තිය පිළිබඳව විවිධ කතාබහ චෝදනා පවතී. මේ අවස්ථාවේ ඒ පිළිබඳව සාකච්ඡුා නොකරමි. අද පවතින තවත් අර්බුදයක් පිළිබඳ කතාබහක් පවතී. එනම් රටේ සංවර්ධන කටයුතු බොහොමයක් මුදල් නොලැබීම නිසා ඇනහිට ඇති බවයි. 


සංවර්ධන කටයුතු ඇනහිටීමේ ප‍්‍රශ්නය එක එල්ලේම බලපාන්නේ  මේ රටේ දුගී දුප්පත් ජනතාවටය. සංවර්ධන ව්‍යාපෘතියකදී ශ‍්‍රම දායකත්වය ලබා දෙන්නේ දුගී දුප්පත් ජනතාවය. මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් නිම කිරීමට බාරගන්නා සමාගමක් එම කටයුතු සඳහා බර වාහන සපයන්නන්, ශ‍්‍රමිකයන්, ද්‍රව්‍ය සපයන්නන්, මැණුම් කටයුතු,  විදුලිය සැපයීම, මාර්ග සලකුණු ආදී වශයෙන් විවිධ කටයුතු සඳහා අතිවිශාල පිරිසකගේ දායකත්වය ලබාගනී. ශ‍්‍රමදායකත්වය ලබාදෙන පිරිසගෙන් සියයට 95ක්ම දුගී දුප්පත් ජනතාවය. 


මේ පිරිස ස්ථිර සේවකයෝ නොවන අතර බොහෝ විට සේවා අවශ්‍යතා මත දිනක වැටුපට හෝ මාසික වැටුපට හිමිකම් කියති. එසේම ඔවුන් කොන්ත‍්‍රාත් පදනම යටතේද සේවයට ගනී.


සංවර්ධන වැඩ කටයුතු අඩාලවීමෙන් මෙම ජනතාවට ජීවත්වීමේ මාර්ගය අහිමිවී ඇත. බර වාහන ෆිනෑන්ස් කර ලබාගත් පිරිස්වලට ෆිනෑන්ස් ගෙවා ගැනීමට නොහැකිවී ඇත. ඉදිකිරීම් සඳහා ද්‍රව්‍ය සැපයූ පිරිස්වලට නැවත  භාණ්ඩ මිලදී ගැනීමට පෙර ණය ගෙවීමට නොහැකිවී ඇත. උදාහරණයක් වශයෙන් කළුගල් සපයන්නෙක් වාහනවලට පැටවීම සඳහා යොදන කුලීකරුවන්ට වැටුප් ගෙවිය යුතුවේ. එම ගල් වෙනුවෙන් ගෙවිය යුතුවේ. වාහනවලට අවශ්‍ය ඉන්ධන සැපයිය යුතුවේ. මේ සියල්ල බොහොමයක් ස්ථානවල ඇනහිට තිබෙන බව වාර්තාවේ. 


රටකට වැඩිදියුණුකළ මාර්ග ජාලයක් අවශ්‍ය වන්නේ පහසු ප‍්‍රවේශයක් සඳහාය. යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහාය. පසුගිය රජය 2007 සිට 2017 දක්වා වූ ජාතික මාර්ග සංවර්ධන සැලැස්මක් සකස්කර තිබිණි. අද සංවර්ධන කටයුතු බොහොමයක් අතරමග නතරවී ඇති බවට චෝදනා ඇත. සංවර්ධන කටයුතු නතරවීමත් සමග  අතිවිශාල පිරිසකට රැුකියා අහිමිවී ඇත. කොන්ත‍්‍රාත්කරුවන්ට හා උප කොන්ත‍්‍රාත්කරුවන්ට හිඟ මුදල් ලබා නොදීම නිසා සැපයීම් කිරීමට හා සේවා ලබාදීමට නොහැකිවී ඇත. බර වාහන හිමිකරුවන්ට ෆිනෑන්ස් මුදල ගෙවා ගැනීමට නොහැකිවී ඇත. 


මාර්ග සංවර්ධනය වෙනුවෙන් ඉඩම් පවරා ගන්නා ලද බොහොමයක් දෙනාට වන්දි මුදල් ගෙවීමද ඇනහිට ඇත. තම නිවස පාරට කඩා දැමීම නිසා එම වන්දි මුදලින් වෙනත් ස්ථානයක නිවසක් මිලදී ගැනීමට සිටි ජනතාවට උන්හිටිතැන් අහිමිවී ඇත. 


ආරම්භ කරන ලද සංවර්ධන කටයුතු වහාම  අවසන් කරන ලෙසට ඉල්ලා බොහොමයක් ප‍්‍රදේශවල ජනතා උද්ඝෝෂණ ආරම්භ කර ඇත. පානදුර-මොරටුව  පරණ පාරේ කිලෝ මීටර් 9.00ක දුර ප‍්‍රමාණයක් සංවර්ධන කටයුතු අවසන් කරන ලෙස ඉල්ලා පසුගිය දිනක ප‍්‍රදේශවාසීන් උද්ඝෝෂණයක නිරත විය.

සංවර්ධනය සඳහා කඩාදමන ලද මාර්ගයේ ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත. පාලම ඉදිකිරීමේ වැඩ කටයුතු  නතරවී ඇත. 


හෝමාගමxහංවැල්ල මාර්ගයේ ඉදිකිරීම් අතරමග නතරවීම පිළිබඳ විරෝධය දක්වා ප‍්‍රදේශවාසීන් මාර්ගය අවහිරකර විරෝධතාවයක යෙදී ඇත. මෙම මාර්ගය ඉදිකරනු ලබන කොන්ත‍්‍රාත්කරුට රුපියල් මිලියන 65ක මුදලක් ගෙවීම ප‍්‍රමාදවීම නිසා ඉදිකිරීම් කටයුතු ඇනහිට ඇති බව වාර්තාවේ. 


මේ සම්බන්ධයෙන් අපි දේශපාලන නියෝජිතයන් කිහිප දෙනකුගෙන් තොරතුරු විමසීමු.

 

Untitled-4

අපි සංවර්ධන කටයුතු කිසිම විදියකට නතර කරන්නෙ නැහැ. ඒක අපේ රජයේ ප‍්‍රතිපත්තියයි. නමුත් අපට ව්‍යාපෘති ගණනාවක කටයුතු ප‍්‍රසම්පාදනය වී ඇති ආකාරය නැවත සලකා බැලීමට සිදුවී තිබෙනවා. ටෙන්ඩර් ලබාදී ඇති ආකාරය, ඒවායේ ගණන් හිලව් නිවැරදි ද යන්න යළි සොයා බැලීමට සිදුවී තිබෙනවා. දැනට කරමින් පවතින ව්‍යාපෘති ගණනාවක හා ඉදිරියට ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘති ගණනාවක් සම්බන්ධයෙන්  මෙම විමර්ශනය සිදු වෙනවා. 


උදාහරණයක් ලෙස කොළඹ පිට වටරවුම් මාර්ගය ඉදිකිරීම සඳහා අතිවිශාල මුදලක් ගණන් බලා තිබුණා. එහි මුදල් වෙන්කිරීම පිළිබඳව ගැටලූ රාශියක් ඇති වෙලා. මේ වියදම් අඩුකරගෙන මුදල් නාස්ති නොවන ආකාරයට මුළුමනින්ම ප‍්‍රයෝජන ගැනීම අවශ්‍යයි. 


තව උදාහරණයක් කියන්නම්. මාතරxබෙලිඅත්ත දුම්රිය මාර්ගය. උතුරු දුම්රිය වගේ එහි වියදම හතර ගුණයකින් වැඩියි. මේ තරම් විශාල මුදලක් ගෙවිය යුතුද කියන ප‍්‍රශ්නය ඉදිරිපත්වී තිබෙනවා. කොළඹ වරාය නගරය ඉදිකිරීම පිළිබඳවත් යළි විමර්ශනය කෙරෙනවා. මේවායේ ගැටලූ රාශියකි. ඇතැම් ව්‍යාපෘති නැවත සොයා බලා විගණනය කිරීමට කාලයක් ගතවෙනවා. ඒක පිළිගත යුතු කරුණක්. කාලය ගතවීමෙන් මේ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම නතර කරන  බවක් අදහස් නොකරයි. 


මේ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරනවා පමණක් නොව තවත් ජනතා සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරනවා. වේරැුස්ගඟ ව්‍යාපෘතියට කෝටි 1400ක් වැය කිරීමට නියම කර තිබුණා. පහත්බිම් සංවර්ධන මණ්ඩලයේ සහභාගිත්වයෙන් සිදු කෙරෙන මෙම ව්‍යාපෘතියට මහා භාණ්ඩාගාරය ඇපවී රාජ්‍ය බැංවකුනින් මුදල් ලබා ගැනීමට නියමිතව තිබුණා. නමුත් පහත් බිම් සංවර්ධන මණ්ඩලයට බැංකු ණය ගෙවීමට ආදායමක් ලැබෙන්නේ කෙසේද යන්න ප‍්‍රශ්නයක්. ජාතික ඉතිරි කිරීමේ බැංකුව මෙම ණය ලබා දෙනවා. මහා භාණ්ඩාගාරය ඇපවී මෙම ණය මුදල ලබා ගත්තත් ගෙවීම ප‍්‍රශ්නයක්. විශාල ව්‍යාපෘතිවලට වැය වෙන මුදල් පිළිබඳව යළි විමර්ශනය කරනු ලබන්නේ මෙවැනි හේතු නිසයි. 


වර්ෂ 2012 දීත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් වැඩිම පොලියකට ණය ලබා ගැනීමේ සිදුවීමක් තිබුණා. ආමරිකානු ඩොලර් බිලියනයක් හෙවත් කෝටි 100ක් ණය ගත්තා. රජය ව්‍යාපෘති ණය ලබා ගන්නේ සියයට 1ක පමණ පොලියකට. නමුත් ජාතික ඉතිරි කිරීමේ බැංකුව මේ ණය ලබා තිබුණේ  සියයට 9 ක පොලියකට. 


රජය ණය ගන්නවා නම් අඩු පොලියට ගන්න පුළුවන්. ඒ වෙනුවට බැංකු මගින් ණය ගන්න විට පොලිය බොහොම ඉහළයි. සංවර්ධන වැඩවලට කියල පෞද්ගලික බැංකුවලින් පවා ණය ලබාගෙන තිබෙනවා. මේවා ආපසු ගෙවීමට ඇති ගැටලූව නිසා ජාතික ඉතිරිකිරීමේ බැංකුව වැනි බැංකු ණයදීමට බියක් දක්වනවා. මෙවැනි තත්ත්වයක් තිබියදී අලූත් ආණ්ඩුවට ඇළක්  කපා ගන්න සල්ලි නැහැ කියමින් කෑ ගහනවා. වේරැුස්ගඟ  ව්‍යාපෘතිය නතර වෙලා කියල කෑගහනවා. 


මා භාණ්ඩාගාරයටත්, අගමැතිටත් කතාකර නැවත ගැරන්ටියක් මත ඊළඟ පියවරට කෝටි 150ක් ගත්තා.  මෙවැනි දේට අනුබල දෙන්න පුළුවන්ද? වැඩි පොලියට මුදල් අරගෙන සංවර්ධන ව්‍යාපෘති කළ නොහැකියි. ක‍්‍රමවේදයෙත් ගැටළු තියෙනවා. මේවාට අනුමැතිය දිය නොහැකියි. සංවර්ධන ව්‍යාපෘති බොහොමයක්ම පාහේ මුදල් වැය කිරීමේ හා ණය මුදල් ගැනීමේදී කිසියම්  නුසුදුසු දෙයක් සිදුවී තිබෙනවා. මේවා දැන දැන අපට අනුමැතිය දෙන්න බැහැ. ඒ වැරදි නිවැරදි කළ යුතුයි. එසේ නොමැතිව රටේ සංවර්ධන කටයුතු කිසිවක් නතර කර නැහැ.


රටේ සංවර්ධන කටයුතු නතරවී ඇති බවට චෝදනා කරන්නේ දේශපාලන වාසි ලබා ගැනීමටයි. සංවර්ධන ව්‍යාපෘති මගින් තමන්ගෙ සාක්කුවලට වැටෙන්න තිබෙන ඉතිරි මුදල නොලැබෙනවට දුකින් ඉන්න අය සංවර්ධන කටයුතු නතර වෙලා කියල කියනවා. අපේ රජය කිසිදු හේතුවක් මත සංවර්ධන කටයුතු නතර කරන්නෙ නැහැ.

 

Untitled-5

එක්සත් ජාතික පක්ෂය 2001-2005 කාලයේදී බලයට  ඇවිල්ලත් රටට කරපු දෙයක් නැහැ. දින 100 වැඩපිළිවෙලක් කියල ගමේ පාරක්වත් හැදුවෙ නැහැ. අඩු ගානේ ප‍්‍රාදේශීය සභාවෙන් ගමේ ලයිට් කණුවකට විදුලි බුබුලක් දාන්න තරම්වත් සල්ලි දුන්නෙ නැහැ. 
මහා ව්‍යාපෘති දිගටම කරනවා කියල බලයට ආවත් ඒ සියල්ල අද නතර වෙලා. කොළඹ වරාය නගරය, කොළඹ පිටත වටරවුම් මාර්ගය, කොළඹ-නුවර, කොළඹ-යාපනය අධිවේගී මාර්ග ඉදිකිරීම් නතර වෙලා. 

ලංකාවේ ජල සම්පාදන ව්‍යාපෘති සියයට 90කට වැඩි ප‍්‍රමාණයක් මේ වනවිට නතර වෙලා. යහ පාලනය කියලා කරපු දෙයක් නැහැ. ගමේ සංවර්ධනය නතර වෙලා. දැන් ගමට යන්න බැහැ. මිනිස්සු බනිනවා. ජනතාවට බොරු පොරොන්දු දුන්නට ඒවා ඉටු කළේ නැහැ. 

ගම්වල ව්‍යාපෘති වගේම අනෙකුත් ව්‍යාපෘතිවල  කොන්ත‍්‍රාත්කරුවන්ට හිමි මුදල් සියයට 80ක් ලබාදීල නැහැ. ඒ මුදල් නොමැතිවීම නිසා කොන්ත‍්‍රාත්කරුවන්ගෙන් සෘජු හා වක‍්‍ර රැුකියා ලබා සිටි කළුතර දිස්ත‍්‍රික්කයේ පමණක් 10,000කට ආසන්න පිරිසකට අද රැුකියා අහිමි වෙලා. ඔවුන් මහපාරට වැටිලා. 

මහා පරිමාණ ව්‍යාපෘතිවල උප කොන්ත‍්‍රාත්කරුවන් යටතේ සෘජු හා වක‍්‍ර රැුකියා කළ අතිවිශාල පිරිසකට රැුකියා අහිමි වෙලා. සංවර්ධනය කියන්නෙ මේකද? මුළු රටම අක‍්‍රීය වෙලා.  මිනිස්සුන්ට රැකියා අහිමිවෙලා පාරට වැටිලා.

 

Untitled-6

ගිය රජය මේ රටේ සෑම ගමකම, සෑම ආසනයකම, සෑම ග‍්‍රාම සේවා වසමකටම සංවර්ධනය සඳහා යම් මුදලක් ලබා දුන්නා. 2015 ට ආසනයකට ග‍්‍රාමසේවා වසම් අනුව රටේ සංවර්ධනයට මුදල් වෙන්කර තිබුණා. නමුත් අලූත් රජයෙන් කිසිම ගමක සංවර්ධන කටයුත්තක් සිදුවී නැහැ. මේක දිගින් දිගටම එහෙමයි. තවම කිසිම වැඩපිළිවෙළක් නැහැ. දැන් රජයට මාස 4ක් 2015 වර්ෂයට සංවර්ධනයට වැය කළ මුදල් පුනරාවර්ථන වියදමට වැඩි කරගෙන තිබෙනවා. විදේශ බැංකුවලින් දෙන ලද මුදල් පවා මේ අය අත්හිටුවා. ගාන වැඩියි කියලා පරීක්ෂා කිරීමට වැඩ නතර කළා. 

අද වනවිට කොළඹ වරාය නගරය ඉදිකිරීම පවා අත්හිටුවා තිබෙනවා. 

මා පළාත් මාර්ග ඇමැතිවරයා වශයෙන් සිටියදී 2013/2014 වර්ෂවල සෑම ගමකම කිලෝ මීටර් 25ක ප‍්‍රමාණයක් කාපට් කළා. කිලෝ මීටර් 10ක් 15ක් කොන්ක‍්‍රීට් කළා. සෑම ආසනයකම මාතෘ සායන, පොළවල්, ශරීර සුවතා වර්ධනයට මංතීරු හැදීමට අවම වශයෙන් මිලියනයක් වෙන් කළා. ප‍්‍රජාවගේ ඉල්ලීම මත මුදල් වෙන් කළා.

සංවර්ධනයේදී පාලම්, බොක්කු., පාරවල්, සායන මේ සියල්ල මිලියන 1ට වඩා අඩු වියදමක් යන ව්‍යාපෘති. ගමේ ජනතාවගේ සහභාගිත්වයෙන් සිදුවුණා. ඒ ව්‍යාපෘතිවල යෙදී සිටි අයට රැුකියා අහිමිවී ගියා. ග‍්‍රාම සංවර්ධන සමිතිවලට අද වැඩ නැහැ. මේ කර්මාන්ත  සංවර්ධනය වීමත් විශාල ව්‍යාපෘති නතරවීමත් නිසා ඔවුන් ළඟ සේවය කළ අයට නිකන් තියාගෙන වැටුප් ගෙවීමට නොහැකි නිසා සේවය නතර කර තිබෙනවා. බස්නාහිර පළාතේ පමණක් ලක්ෂ 1 1/2කට අධික පරිසකට මේ අවුරුද්ද කන්න බැරි වුණා. සුළු කොන්ත‍්‍රාත්කරුවන්ටත්  වැඩ නැහැ. ඒවාගේ කළ වැඩවලට මුදල් ගෙවලත් නැහැ. බැංකු ණය ලබාගන්න කොන්ත‍්‍රාත් බාර ගත් අයට  බැංකු ණය ගෙවා ගන්න  බැරි වුණා. මුළු රටේම සංවර්ධන කටයුතු මුදල් නැතිකමින් ඇන හිටලා. ලක්ෂ 4කට අධික පිරිසකට රැුකියා අහිමි වෙලා. විශේෂයෙන් ග‍්‍රාම සංවර්ධන සමිතිවල තමන්ගෙ සාමාජිකයන්ගෙ මුදල් සංවර්ධන වැඩවලට යොදවලා පසුව පියවා ගන්නවා. ඒ සියල්ල නතර වෙලා. උප කොන්ත‍්‍රාත්කරුවන්  ඉතාමත් අසීරුතාවකට පත්වෙලා. 

ගම්පහ දිස්ත‍්‍රික්කයේ පමණක් ග‍්‍රාම සංවර්ධන සමිති 500කට ආසන්න ප‍්‍රමාණයක් අසීරුවට පත්වෙලා.

 

Untitled-7

පසුගිය මැතිවරණ කාලයේදී යම් ප‍්‍රමාදයන් සිදුවී තිබුණා. නැවත ඒ කටයුතු කෙරීගෙන යන පාටක් පේනවා. මේතාක්  කරමින් යන වැඩ කටයුතු කෙරී ගෙන යනවා. රජයක් ආවම අලූතින් මුදල් සම්පාදනය කර සංවර්ධන කටයුතු ගෙන යාමට සාමාන්‍ය කාලයක් ගත වෙනවා. අපිට තියෙන සැකය යළි මැතිවරණයක් ආවොත් ප‍්‍රමාදය ඉදිරියටත් සිදුවේවි. කල්යෑමත් වේවි. ඒ හැර වෙනත් වෙනසක් හෝ ප‍්‍රමාදයක් මා දකින්නේ නැහැ. 


අපේ සේවක සංඛ්‍යාව 3000ක් පමණ වෙනවා. තවම ඒ අයට වැටුප් ගෙවාගෙන ඉන්නවා. අපට වැඩ ලැබේවි. එහෙම හිතාගෙන මාස ගණනක් වැටුප් ගෙවා ගෙන ඉන්නවා. අපට අලූත් ව්‍යාපෘතියක් ගිය මාසෙ ලැබුණා. එයට අත්තිකාරම් මුදල ලබන මාසෙ දෙන බව කිව්වා. මැතිවරණ කාලයෙ හිඟය තවම තියෙනවා. අපි ග‍්‍රෑන්ඞ් ස්ටෑන්ඞ් හෝටලයේ වැඩ කටයුතු කරගෙන යනවා. රජයෙන් විශ්ලේෂණය කරණවාද යන්න තවම දැනුම් දීලා නැහැ.

 

Untitled-8

මාර්ග සංවර්ධන කටයුතුවලට මට හිමි ටිපර් රථය කොන්ත‍්‍රාත් පදනම මත ලබා දුන්නා. වසර 4ක කාලයකට ෆිනෑන්ස් කර ලබාගත් මෙම ටිපර් රථයට මාසිකව රුපියල් 96,000ක් ගෙවිය යුතුව තිබුණා. ඊට අමතරව ඉන්ධන නඩත්තු කටයුතු හා රියදුරාට වැටුප් ගෙවීම මගේ අතින් කළ යුතුව තිබුණා. 


නමුත් ටිපර් රථය කොන්ත‍්‍රාත්තුවට ගත් ආයතනය මට මුදල් ගෙවීම නතර වුණා. එම ආයතනයට මාර්ගය ඉදි කිරීම වෙනුවෙන් රජයෙන් මුදල් ලබාදී තිබුණේ නැහැ. ඒ හේතුව මත මගේ ටිපර් රථයට නියමිත මාසික මුදල ලැබුණේ නැහැ. මාස ගණනාවක් මුදල් හිඟ හිටියා. මට  ෆිනෑන්ස් සමාගමට මුදල් ගෙවා ගන්න බැරි වුණා. ෆිනෑන්ස් ආයතනය ටිපර් රථය රැුගෙන ගියා. දැන් මා වැය කළ මුදලේ පාඩුව මට දරා ගැනීමට සිදුවුණා. ජීවත් වෙන්නෙ බොහොම අමාරුවෙන්. ටිපර් රථය කුලියට දී  ලබාගත් මුදලින් මා හොඳින් ජීවත් වුණා. අද ඒ සියල්ල අහිමිවී තිබෙනවා.

 

02



අදහස් (0)

සංවර්ධනේ නැවතිලාද ?

හෂාන්- මෙල්බර්න් Sunday, 17 May 2015 02:19 PM

යහපාලනයේ ප්‍රතිඵල තමයි මේ....කුම්බලා මාළු කෑවනම් දුක් විඳපන් බළලෝ.....(බ)

:       0       0

කුමාර Saturday, 16 May 2015 04:44 AM

ඇස් දෙක ඇරගෙන ලංකාව වටේ රවුමක් යන්න. බලන්න සංවර්ධන වැඩ වෙනවද නැද්ද කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 109 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 93 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 38 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 94 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 54 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 583 1

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 600 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site