ශාන්ත ගීතදේව යනු ඔහුගේ නාමයයි. ජීවිතය ශාන්තවූ ගීතයක් බවට පත්කර ගනිමින් ජීවිතය ජයගත් තවත් අපූරු මිනිසෙකි. ආරම්භය අවසානයක් කරගත් ශාන්ත ජීවිතය තමන්ට වඩාත් දැනෙන තැනෙකින් යළි පටන් ගත්තේය. ඒ ඇරැඹුම ඔහුට පමණක් අරුත්බර නොවි දස දහස් සංඛ්‍යාත පිරිසකගේ ජීවිත අරුත්බර කරවිමට පාලමක් තැනුවේය. -“බි්‍රටිෂ්වේ ඉංග්ලිෂ් ඇකඩමි” (British way English Academy) යනු ඒ පාලමය.
ඉංග්‍රීසි දැනුම සොයා යන ශ්‍රී ලාංකීය ප්‍රජාවේ බොහෝ දෙනෙකුට අද ඒ නාමය වඩාත් සමීපය. ළමයින් හත් දෙනෙකුගෙන් පමණ පුංචියට පටන්ගෙන ඉංග්‍රීසි දැනුම සාම්ප්‍රදායිකත්වයෙන් තොරව ලබාදෙමින් ගමෙන් නගරය හරහා මුළු දිවයිනම ආක්‍රමණය කළ ආයතනයකි. වසරකදී පහළොස් දහසකට ආසන්න පිරිසකට ඉංග්‍රීසි දැනුම ප්‍රායෝගිකත්වයෙන් ලබාදීම බි්‍රටිෂ්වේ ඉංග්ලිෂ් ඇකඩමියේ අරමුණ වේ. ශ්‍රී ලංකාවට පමණක් ඒ අධ්‍යාපන ක්‍රමය සීමා නොකොට දකුණු ආසියානු කලාපය හරහා ආසියාව ජය ගැනීමටද අද මෙම ආයතනය පියවර තබා තිබේ. මේ ඉංග්‍රීසි මාවත තැනූ ශාන්ත ගීතදේව යනු විටෙක මරණය හමුවේ යළි උපන් මිනිසෙකි. එලෙසින් යළි ඉපදී ජීවිතයට සැබෑ අරුතක් ලබාදුන් ඔහු ජීවිතය ජයගත් ගමනේ වෘත්තාන්තයයි මේ.
■ ඔබගෙ ගම?
නිට්ටඹුවට එහා රදාවඩුන්න.
■ අධ්‍යාපනය ලැබුවේ?
නිට්ටඹුව සංඝබෝධි විදයාලයට ගියේ. උසස් පෙළ දක්වා එහිදි ඉගෙන ගත්තා.
■ ඉන්පසුව මොනවද කළේ?
ඒ කාලයේ රටේ තිබුණු යුදමය වාතාවරණයත් එක්ක බොහෝ දෙනාගෙ උනන්දුව වුණේ රට වෙනුවෙන් කුමක් හෝ සේවයක් ලබාදීමටයි. එහෙම හිතලා හමුදාවට බැඳුණා.
■ පවුලේ විස්තර ගැන සඳහනක් කළොත්?
බොහොම සාමාන්‍ය පවුලක්. අම්මා - තාත්තා, අක්කා, නංගි සහ මම. තාත්තා වැඩ කළේ කොළඹ කච්චේරියේ. අම්මා රැකියාවක් කළේ නැහැ.
■ ඇයි ඔබට එදා හමුදා සේවයටම යන්න හිතුණේ?
එදා රටේ තිබුණු වාතාවරණය එක්ක තමයි ඒ අදහස ඇති වුණේ. රට වෙනුවෙන් මගෙනුත් යමක් වෙන්න ඇත්නම් කියලා හිතුවා.
■ ඉගෙන ගත්තෙ මොන වගේ අරමුණක් ඇතිවද?
කලා අංශය කෙරෙහි වැඩිපුර උනන්දුවක් දැක්වුවා. භූගෝලය මගේ ප්‍රියතම විෂයය වුණා. ඒත් අද කාලයේ වගේ විශේෂ අරමුණු තිබුණෙ නැහැ. කොහොම වුණත් පාසලේදී කථික තරගවලට දක්ෂ වුණා. පාසල් විවාද කණ්ඩායමේ නායකත්වය පවා දැරුවා. තාත්තා හිතුවේ මම නීතිඥවරයකු වේවි කියලයි. මගේ හිතෙත් නීතිඥවරයකු වීමේ පුංචි අදහසක් තිබුණා. නමුත් මගේ දෛවය වෙන මාර්ගයකට මාව ගෙන ගියා. හමුදාවට බැඳීම ඒකට පෙරුම් පුරාගෙන ආ අදහසක ඵලයක් නෙවෙයි.
■ හමුදාවේ ගත කළ ජීවිතය මොන වගේද?
ජීවිතයට සැබෑ ලෙසම බොහෝ අත්දැකීම් මෙන්ම සුවිශාල පන්නරයක් ලබාගත හැකිවුණා. විටෙක මරණය පෙනී පෙනී ජිවිතයට මුහුණදීමට සිදුවුණා. එක අතකට යළි උපන්න ජීවිතයක් කිව්වොත් හරි.
■ ඒ යළි උපන්න ජීවිතය ගැන මතක ආවර්ජනය කළොත්?
එවකට මම අනුයුක්තව සිටියෙ යුද හමුදා කමාන්ඩෝ බළකායටයි. 1990 වසරේදී ත්‍රස්තවාදීන් එක්ක අපි මුතූර්හිදී සටන් කළා. අපේ කණ්ඩායමට එදා එක්තරා අවස්ථාවකදී පසු බසින්න සිද්ධවුණා. එය උපක්‍රමශීලීව කළ දෙයක් වුණත් සෙබළ කණ්ඩායම බෝට්ටුවක නැගී පලා යාමේදී අපට ලොකු අනතුරකට මුහුණ දෙන්න සිදුවුණා. දින 45ක් මුහුදේ පාවෙමින් අපේ බෝට්ටුව තායිලන්ත දේශසීමාව දක්වා පාවී ගියා.
■ කොහොමද දවස් හතළිස් පහක් මුහුදෙ ගත කළේ?
කරන්න වෙන දෙයක් තිබුණෙ නැහැ. අපි ඔක්කෝම හය දෙනෙක් හිටියා. අපට කෑම බීම කිසිවක් තිබුණෙ නැහැ. ජීවත් වෙන්න ලොකුම ලොකු සටනක් දෙන්න සිදුවුණා. වෙලාවකට අපි කෑවේ රළ අතරේ පාවවිත් බෝට්ටුවට වැටුණ පුංචි මාළුවෙක්. ඒ අතරේ එක දවසක් කැස්බෑවෙක් හම්බ වුණා. මේ විදියට දවස් ගෙවෙද්දී මරණය ඉතා ළඟ බව පසක් වුණා. ඊට මුහුණදීම හැර වෙන අරමුණු තිබුණේ නැහැ. අපි හය දෙනාගෙන් දෙන්නෙක් මිය ගියා. තව දුරටත් ජීවත්වෙමින් සිටි අපට එය දරාගත නොහැකි ශෝචනීය දෙයක් වුණා. අපි හය දෙනා එතරම්ම බැඳීමකින් හිටියෙ.
■ ඉන්පසුව ජීවිතය ගලවා ගත්තෙ කොහොමද?
යාළුවො දෙන්නා මිය ගියාම ඕනෑ නම් අපි තව දවසක් දෙකක් ජීවත් වේවි කියලා හිතුවා. ඒ වනවිට ඇටසැකිලි බවට අපේ සිරුරු පත්වෙලා තිබුණෙ. ඒ විදියට හිතාගෙන බෝට්ටුවෙ වැතිර සිටියදි ඈතින් බෝට්ටුවක් පාව එන අයුරු දුටුවා. එහි සිටියෙ තායිලන්ත ජාතික මසුන් අල්ලන්නන් පිරිසක්. එයාලා අපිව බේරාගත්තා. අපට කතා කරන්නවත් ප්‍රාණයක් නොතිබූ තරම්. කතා කළාට වචන පිටවුණේ නැහැ. ඇස් නිලංකාරවෙලා තිබුණෙ. අපි මේ කොහේටද ඇවිත් ඉන්නෙ කියලා දැන ගෙන හිටියෙ නැහැ. තව දුරටත් ජීවත්වෙන්න වාසනාවක් ඇතිවග පසක් වුණා. දින 45ක් තිස්සේ අපි බෝට්ටුවෙ පාවෙලා ගිහින් තිබුණෙ තායිලන්ත දේශසීමාවට බව පසුව තේරුම් ගත්තා.
■ මේ සිදුවීම ගැන -එදා” මෙරට මාධ්‍ය පුළුල්ව කතා කළා නේද?
ඔව්, එදා එය රටේ මාධ්‍ය බොහෝ සෙයින් කතා කළ මාතෘකාවක් වුණා. ඇත්තටම එය හරියට අපි යළි උපන්න ජීවිතයක් කිව්වොත් හරි. ජීවත්වීමට අපට තව දුරටත් වාසනාව තිබුණත් මිය ගිය සගයින් ගැන හිතලා අපි බොහෝ සෙයින් දුක්වුණා.
■ එදා මරණය පෙනි පෙනී සිටියදී මොන වගේ හැඟීමක්ද ඔබට ඇතිවුණේ?
ජීවිතයේ ඕනෑම දෙයකට මුහුණදීමේ පුදුමාකාර ආත්ම ශක්තියක් ඇතිවුණා. එය ඇත්තටම කමාන්ඩෝ පුහුණුවේදී ඊට පෙර සිටම ලැබුණු දෙයක්. ජීවිතයේ මිනිසකු මුහුණ දෙන ලොකුම දුෂ්කර අත්දැකීම ඒ කමාන්ඩෝ පුහුණුවයි.
■ ඒ සිදුවීමෙන් පසුව නැවතත් ඔබ හමුදාවේ සේවය කළාද?
ඔය සිදුවීමට මුහුණ දුන්නෙ 1990 දියි. පසුව 2000 දක්වා හමුදාවේ සේවය කළා.
■ ඉන්පසුව ඉවත් වුණේ?
අපේ තේමාව වුණේ හැකිතාක් උපරිම දායකත්වය අපේ ශක්ති පදාර්ථයෙන් ලබාදිමෙන් පසුව ගෞරවණීය ලෙස එයින් ඉවත්වීමයි. විවාහවී දරු පවුල් වෙද්දි එයින් ඉවත්විය යුතු බව විශ්වාස කළා. ඒ අනුව ගෞරවණීය සේවයකින් පසුව හමුදා සේවයට සමු දුන්නා.
■ ඊළඟට මොනවද කළේ?
පුද්ගලික ආරක්ෂක සේවයක් පටන් ගත්තා. නමුත් මොන දේ කළත් මගේ ඇතුළාන්තයේ තිබුණෙ වෙනත් අදහසක්.
■ ඒ මොකක්ද?
හමුදා සේවයේ යෙදී සිටියදී පවා කාට හරි ඉගැන්වීමේ ආසාව තිබුණා. මගේ යටතේ සිටි අයට කුමක් හෝ ඉගැන්වීම කළා. අධ්‍යාපන ක්ෂේත්‍රයට කවදාහරි යමක් කළ යුතුය කියන හැඟීම නිතරම මනසේ තිබුණා. ඇත්ත වශයෙන්ම කාට හරි යමක් ඉගැන්වීම මගේ ජීවන රිද්මය වී තිබුණා.
■ ඒ අනුව ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීම කෙරෙහි උනන්දුවීමට විශේෂ හේතුවක් තිබුණද?
අධ්‍යාපන අංශයට කුමක් හෝ දෙයක් කළ යුතුය කියන අදහස තිබුණට -“ඉංග්‍රීසි” භාෂාව වෙතින් එය කළ යුතුය යන අරමුණක් තිබුණෙ නැහැ.
■ එහෙම නම්, ඒක සිද්ධ වුණේ කොහොමද?
ඒක අහම්බයක්.
■ ඒ අහම්බය ගැන කිව්වොත්?
මැද පෙරදිග රටක සේවය කරමින් සිටින අපේ අසල්වාසී කාන්තාවක් නිවාඩුවකට ඇවිත් හිටියා. එයා දුරකථන ඇමතුමක් ගන්න අපේ ගෙදරට ආවා. ඇය ගත් ඇමතුමට ප්‍රති ඇමතුමක් ඒවී කියලා ඇය කිව්වා. ටික වෙලාවකින් ඇයට ඒ ඇමතුම ආවා. ඇය -“අරාබි” භාෂාවෙන් හොඳට කතා කළා. ඔයා කොහොමද මෙච්චර හොඳට අරාබි භාෂාව ඉගෙන ගත්තෙ කියලා මම එයාගෙන් ඇහුවා. පූර්ණකාලීනව වෙන අහන්න දෙයක් තිබුණෙ නැහැ. ඒ භාෂාව කතා කිරීම හැර වෙන විකල්පයක් නොතිබූ බවත් ඇය කිව්වා. ඒ වෙලාවෙ තමයි මට මේ අපූරු අදහස ඇතිවුණේ. ඇයි අපට ඉංග්‍රීසි ඉගෙන ගන්න මේ ක්‍රමය ප්‍රායෝගික කරන්න බැරි කියන සංකල්පය ගැන මම හිතන්න පටන් ගත්තා. ඉන්පසුව ඉංග්‍රීසි භාෂාව උගන්වන තැනකට ගිහින් එහි සිදුවුණු දේ ගැන විමසිලිවත් වුණා. ඒ විදියට වට පිටාවේ සිදුවුණු දේ වෙතින් මගේ අරමුණට ගත යුතු දේ උකහා ගත්තා.
■ “-බි්‍රටිෂ් වේ ඉංග්ලිෂ් ඇකඩමි” (British way English Academy) පටන් ගත්තෙ ඒ විදියටද?
මම මගේ තව යාළුවකු එක්ක මේ වැඬේ පටන් ගැනීමට මුල පිරුවා. ටික දිනකින් එයා ඉවත් වුණා. මම මේ අලුත් ක්‍රමය යටතේ ඉංග්‍රීසි දැනුම බෙදා දීම කරගෙන ගියා. මම සාම්ප්‍රදායික ටියුෂන් ගුරුවරයකු වුණේ නැහැ. පංතිවලට ළමුන් යන බව ඇත්ත. ඒත් ඒවායින් ඇත්තටම සිද්ධ වෙන්නෙ පාඩමක්. භාෂාවක් ඉගෙනීමට විශේෂයෙන්ම පරිහරණයට පාඩම විතරක් ප්‍රමාණවත් නැහැ. ඕනෑම භාෂාවක් අත් විඳීමට නම් ඒ භාෂාවේ ගැලී සිටින්න ඕනෑ. එය වඩා සාර්ථක ක්‍රමයක්. ඒ අනුව ඉංග්‍රීසි පරිහරණය සඳහා වූ නේවාසික පුහුණු කඳවුරු ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කළා. පංති ක්‍රමය හොඳයි තමයි, නමුත් භාෂාව කතා කිරීමට නම් ලොකු කැප කිරීමක් කළ යුතු බවත්, ඒ සඳහා දීර්ඝ කාලයක් යන බවත් මම තේරුම් ගත්තා.
■ ඔබගෙ ක්‍රමයට ඉංග්‍රීසි ඉගෙනීමට කැමැති අය සිටියද?
කාර්ය බහුලත්වය නිසා බොහෝ දෙනාට දීර්ඝ කාලයක් රැඳී සිටින්න බැහැ. ඒ නිසා මාස දෙකක් නේවාසික සිටිය යුතුයි එක්කෝ උදේ සිට හවස දක්වා ඉංග්‍රීසි භාෂාවෙම නියැළී සිටිය යුතු වගේම එය අධ්‍යයනය කළ යුතුය යන බව මම තරයේ විශ්වාස කළා.
■ මේ විදියට නව ක්‍රමයක් යටතේ දැනුම ලබාදීම ඔබට අපහසුවක් වුණේ නැද්ද?
ඇත්ත වශයෙන්ම හමුදාවේදී මා ලබා තිබූ දැක්ම සහ විශේෂයෙන්ම කමාන්ඩෝ බළකායේ පාඨය වුණේ “කළ නොහැක්කක් නොමැත” යන්නයි. විශ්වාසය තිබුණොත් දැක්මක් ඇත්නම් සහ අන් යමක ඵල ලබනතෙක් අත් නොහැරීමේ ගුණය නිසා මට එය එතරම් බැරෑරුම් දෙයක් වුණේ නැහැ. අමාරු වුණේ මෙය දියුණු කරවීමටයි. ඒ වගේම ආරම්භයේදී හොඳ ගුරුවරු ඕනෑ වුණා. ඒ සියලු දේට වඩා “-හැමදාම හොඳ දේ කිරීම” පරමාර්ථය වුණා.
■ එදා කොපමණ මුදලක් ආයෝජනය කළාද?
හමුදාවෙන් එළියට ආවේ ආත්ම විශ්වාසයක් මිස ධනස්කන්ධයක් අතැතිව නෙවෙයි. ආයෝජනය කරන්න තරම් ධනස්කන්ධයක් තිබුණෙ නැහැ. බොහොම පුංචියට පටන් ගත්තෙ. ආරම්භයේදී ශිෂ්‍යයින් 7 දෙනෙක් විතර හිටියෙ.
ආදායම් උපයන්න තරම් එය ප්‍රමාණවත් වුණේ නැහැ. ගොඩනැගිලි කුලිය පවා ගෙවීම අසීරු වුණා. ඒත් අප ලබාදෙන තත්ත්වයේ ගුණය කිසි විටෙකත් අඩු කළේ නැහැ. මුදල ගැන නොසිතා උසස් ලෙස දැනුම ලබාදීම ප්‍රායෝගිකත්වයෙන් කරගෙන ගියා. ගුරුවරුන්ගෙ පඩි ගෙවලා, විදුලි බිල ගෙවලා මේක පවත්වාගෙන යාම මුලදී අතිශය අසීරු වුණා. ඒත් ඒ දුක විඳිය යුතු දෙයක් බව මා වටහා ගෙන සිටියෙ. දැන් වැඩක් නැහැ. මේක අත්හරින්න කියලත් සමහරු කියද්දි තවත් හොඳ විදියට හරි දේ කළා. ඒ පණිවුඩය සමාජයට යන්න පටන් ගත්තා.
■ තවත් කෙටි කාලයකින් ඒ පණිවුඩය රටටම ගලා ගියේ කොහොමද?
මේ ගුණය නිසාම තමයි. එදා සිසුන් 7 දෙනෙකුගෙන් නිට්ටඹුවෙන් පටන් ගත් ඒ ආරම්භය දිවයින පුරා ශාඛා 12ක් දක්වා අද වනවිට වර්ධනය වී තිබෙනවා. කට පුරා ළමයින් -“සර්” කියලා කතා කරද්දි ලොකු ගෞරවයක් ඇති වෙන්නෙ. ඉගැන්වීම්වලට එහා ගිය -විනයක් මා ළමුනට ලබාදීමට නිතර කටයුතු කරනවා. -“බි්‍රටිෂ් වේ” ගොඩ නැගුණේම -විනය නිසයි. සැබෑ අධ්‍යාපනයක හරය එයයි. එදා 7 න් පටන් ගත් ගමන අද දිවයින පුරා වාර්ෂිකව 14,000ක් දක්වා සිසු පරපුරක් දැනුම ලබන තත්ත්වයට පත් කළ හැකි වුණා.
■ එහි හරය වුණේ මොකක්ද? කුමක් නිසාද ඒ තරමට -“බි්‍රටිෂ් වේ” ලාංකීය සමාජයේ ප්‍රකට වුණේ?
අපට රටට ලෝකයට යාමට ඉංග්‍රීසි අත්‍යවශ්‍යයි. ඉංග්‍රීසි නැතිව ජීවත්වීම අනාගතයට අපහසු බව තේරුම් ගිය දෙයක්. ඒ අත්‍යවශ්‍ය දේ ඉන් එහාට ගොස්, සිසු පරපුරකට ලබාදීමට කටයුතු කළා. අප ළඟට එන අයට. මුලින්ම අපි පිළිවෙළ පුරුදු කළා. ඊළඟට විනය පුරුදු කළා. ළමයකු අපේ පාඨමාලාව කරන්න ආවාම එයා අඳින පලඳින කන බොන විදියේ පිළිවෙත් පිළිවෙළ පවා අපි පුරුදු පුහුණු කළා. පෞරුෂ වර්ධනය නායකත්වයේ පුහුණුව සමග සියලු දේ ප්‍රායෝගිකව කිරීම පරමාර්ථය කර ගත්තා. ඉතින් අපෙන් සමාජයට ප්‍රවේශවන්නෙ ඉංග්‍රීසි භාෂාව කතා කරන පිරිසක් විතරක්ම නෙවෙයි. හොඳ විනයක්, දැක්මක් සහ පිළිවෙළක් ඇති සිසු පරපුරක් යැයි අභිමානයෙන් කියන්න පුළුවනි.
■ මේ විදියට “බි්‍රටිෂ් වේ” වෙතින් ඉංග්‍රීසි දැනුම ලබන්න එන්නෙ මොන වගේ පිරිසක්ද?
සාමාන්‍ය පෙළ, උසස් පෙළ නිමා කළ පිරිස වගේම, උසස් අධ්‍යාපනයට යාම සඳහා ඉංග්‍රීසි දැනුම ලබා ගැනීමට උත්සාහ ගන්නා පිරිසයි. ඒ වගේම අධ්‍යාපනය නිමකර ඊළඟට රැකියා සඳහා අනුගතවීමට පෙර ඉංග්‍රීසි දැනුම අවැසි පිරිස පැමිණෙනවා. ඊළඟ අධ්‍යාපනයට අනාගතය සපුරා ගන්න සිටින අයත් පැමිණෙනවා.
■ මේ විදියට පවත්වාගෙන යද්දි ඔබට ආ වෙනත් අභියෝග මොනවද? ඒවා ජයගත්තෙ කොහොමද?
යම් දෙයක් ජනප්‍රිය වී සාර්ථක වෙනවා නම්? තව කෙනෙක් ඒ පසු පස යාම අපේ රටේ ක්‍රමයයි. එහෙම කරන්නෙ මුදල් හම්බ කිරීමේ පරමාර්ථයෙන්ම කරන අයයි. සමහරු අපේ නමට සමානව නම් යොදාගෙන ආයතන අරඹා ළමයින් මුලා කිරීමේ වැඩ දියත් වුණා. වෙනත් වෙනත් නම්වලින් ඒ විදියට කරගෙන යාම නිසා ඉංග්‍රීසි අධ්‍යාපනය කෙරෙහි මිනිස්සු මේක බොරුවක්ද? යන්න විශ්වාස කරන්න ඇති. ඒත් මම ඒවා අභියෝග කර ගත්තෙ නැහැ. හොඳම දේ නිතරම සමාජයට ලබාදුන්නා. දරුවන් දැනුම ලබා අපට ගෞරව කරන විට ලබන -සතුට මුදලින් ගන්න බැහැ.
■ -“ශාන්ත ගීතදේව” අද ඔබට මේ ගමන දිහා හැරී බලද්දී මොනවගේ හැඟීමක්ද ඇතිවන්නෙ?
තරගකාරිත්වයට සාර්ථකව මුහුණදීලා අද ලංකාවේ ප්‍රමුඛතම ඉංග්‍රීසි ඇකඩමිය බවට පත්වෙලා. ළමයින් 14,000ක් පමණ දැනුම ලබන පිරිසක් ඒවි කියලා කවදාවත් හිතුවෙ නැහැ. මගේ දැන් තියෙන පරම චේතනාව මේ දැනුම වඩාත් ප්‍රායෝගික කළ හැකි -“සරසවියක්” වැනි ආයතනයක් ශ්‍රී ලංකාවට දායාද කරවීමයි. ,"NIPS", (නිප්ස්) කැම්පස් නමින් ඊට අඩිතාලම දමා තිබෙන්නෙ.
■ ශ්‍රී ලංකාවට සීමා නොවී ඔබගෙ ආයතනය අද දකුණු ආසියාවත් ආක්‍රමණය කරලා තියෙන්නෙ? එහෙම නේද?
අධ්‍යාපන ක්ෂේත්‍රය ගැනම තමයි දැන් මගේ අරමුණ. ඒ අනුව උසස් පෙළ අසමත්වන ළමුන්ට දෙවැනිවර පෙනී සිටීමට පෙර නේවාසිකව දැනුම ලබන කඳවුර පිහිටෙව්වා. එතැනින් එහාට ගොස් මැලේසියාවට අපි මෙය ගෙන ගියා.
දකුණු ආසියාවේ තවත් රටවලට ව්‍යාප්ත කිරීම අරමුණයි. මේ විදියට දැනුම ලබන ළමුන් වසරකට 30,000 දක්වා වර්ධනය කරවීම ඒ මගින් බලාපොරොත්තු වනවා. ඇත්ත වශයෙන්ම එහෙම කරන්නෙ ලෝකයට ආදරය කරන පිරිසක් බිහි කිරීමේ සහ පුද්ගලිකව අපේ රටට විශාල ධනයක් උපයන පිරිසක් ලෝකයට බිහි කිරීමේ අරමුණ ඇතිවයි. අපේ තාරුණ්‍යයට ලෝකය ජය ගැනීමට ඉංග්‍රීසි ප්‍රධාන අත්වැලක්.
■ අද ඔබ වඩා -සතුටු වන්නෙ මොන වගේ හේතු නිසාද?
ඇත්ත වශයෙන්ම මම මගේ ගමනට ඉලක්කයක් හදා ගත්තා. විනය සහ ගෞරවය රැකගෙන ආ ගමන නිසාම අද මම ජාත්‍යන්තරව ඇගැයීමට ලක්වෙලා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් යුරෝපීය සරසවියකින් ඒ ගෞරවය ළඟදීම මට පිරිනැමේවි. මේ සියලු දේ වෙනුවෙන් - “බි්‍රටිෂ් වේ” රාජකාරි කරන සමස්ත සේවක පිරිස කැපවුණා. එයාලා සේවකයින් නොවෙයි. මෙහි කොටස්කරුවන්. ජීවිතයේ මම බලාපොරොත්තු වුණාටත් වඩා දේ අද ලැබිලා. එහිදී මම වඩාත් තෘප්තිමත් වන්නෙ මුදල් නිසා නෙවෙයි. විනය ගරුක පිරිසක් බිහි කළ නිසයි.
■ ඔබ ජීවිතය ජය ගත්තාද?
-“ඔව්” හැබැයි ලංකාවෙ සිටින තවත් පොහොසතෙක් ලෙස වූ ජය ගැනිමක් නෙවෙයි. මේ සමාජයට අත්‍යවශ්‍ය පුද්ගලයින් පිරිසක් බිහි කිරීමට දායක වූ අයෙක් ලෙසයි. ජීවිතයට මට සැලසුමක් තිබුණා. අරමුණක් තිබුණා. ජීවිතය මේ දක්වා ආවේ ඒ විදියටයි. වැඩ සහ එදින රාජකාරිය වගේම ඒ දවසේ ප්‍රතිඵලදායක දෙයක් කිරීම තමයි මගේ ජීවිතේ වින්දනය වන්නෙ. ඊට පෝයද, ඉරිදද කියලා වෙනසක් නැහැ. ජීවිතයේ ඒ ගෙවීයන සෑම තත්ත්පරයකටම වටිනාකමක් දෙන්න කැමැතියි.
■ ජීවිතය ජය ගන්න භෞතික සම්පත් ඕනෑමද?
කොහෙත්ම නැහැ. අපි වත්මන් ඉන්දීය අගමැති මෙන්ම හිටපු නායක අබ්දුල් කලාම් උදාහරණයකට ගනිමු. කඩයක තේ හදලා බෙලෙක්ක ටින් විකුණලා පසු කලෙක නායකත්වයට ගිය චරිත. භෞතික සම්පත් ගොඩ නැගෙන්නෙ තමුන්ගේ අභ්‍යන්තරයේ ඇති හැකියාව අනුවයි. සෑම කෙනෙකුගේම ඇඟ ඇතුළේ යෝධයෙක් නිදා සිටිනවා. ඒ යෝධයා අවදි කරවන්න. එවිට යෝධයා කොච්චර වැඩ කරාවිද කියා කාටවත් හිතා ගන්න බැහැ. උපදිනකොට ගෙදර අය දැන ගන්නවා. ජීවත්වනවිට සමාජය අප ගැන දැන ගන්නවා. මිය ගියාම මුළු ලෝකෙම දැන ගන්නේ නම් අපි ගැන අන්න ඒක තමයි සැබෑ ජීවිතය වන්නෙ. ජීවිතය දිනන්න නම් එය සැලසුම් කර ගන්න. තව කෙනෙකුට හැකිවී නම්? මටත් පුළුවන් බව සපථ කර ගන්න. ජීවිතය ලෙහෙසියෙන් අත්හරින්න එපා.
■ මේ අදහස් සියල්ලට සාපේක්ෂව ඔබ කවුද?
මට හිතෙන විදියට -“ගීතදේව” කියන්නෙ ලෝකයම හොයන කෙනෙක්. ලෝකය සොයා යන කෙනෙක්. “බි්‍රටිෂ් වේ ඉංග්‍රීසි ඇකඩමිය” තැනුවේ ලෝකය සොයා යන අයට යෝධ පාලමක් වෙන්නයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිසුන් හත් දෙනකුගෙන් පටන් ගෙන රටපුරා ව්‍යාප්ත කළ අලුත් තාලේ ඉංග්‍රීසි පන්තිය
දමයන්ති Thursday, 25 August 2016 09:45 PM
සුබ පැතුම්!
කේ. සිරි Tuesday, 23 August 2016 03:48 PM
මෙවන් උත්තමයෝ ලක් මාතාවට මෙන්ම ලෝකයටම වාසනාවක්. දීර්ගායු ලබා තව තවත් මිනිසාට සේවය කිරීමට ලැබේවා!(රේ)
සමන් Friday, 26 August 2016 03:54 PM
ඔබට කවදාවත් වරදින්නේ නැහැ. සුබ අනගතයක් (නි)