IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


සිංහරාජයේ අලි කලබලයේ ඇතුල් පැත්ත

(තරිඳු ජයවර්ධන)


සිංහරාජ වනාන්තරයේ සිටින අවසන් අලි පැටවුන් දෙදෙනා අල්ලාගෙන  වෙනත් ස්ථානයකට මුදා හරින්නට යතියි කියන කතාවත් සමඟ පරිසරවේදීහු මෙන්ම අලි ඇතුන් ගැන ඇල්මක් දක්වන බොහෝ දෙනෙක් සලිත වී ගියහ. 

 
සිංහරාජය යනු ලෝක උරුමයක් පමණක් නොව ලංකාවේ ඇති විශාලම ප්‍රාථමික වනාන්තරය ලෙස ප්‍රචලිතය. එවැනි වනාන්තරයක අලි නැතිනම් කොහේ ඉන්නද? කෙනෙකුට එසේ සිතිය හැකිය.  එසේ නමුත් අලි දෙන්නා ගෙනයනවාට පක්ෂ පිරිසක් ද සිටියහ. අද පැවැති විරෝධතාවයක් කඩාකප්පල් කිරීමට ගෙන ගිය සංවිධානාත්මක උත්සාහයත් සමඟ ඒ බව තවදුරටත් තහවුරු විය.


ලංකාවේ අලි මිනිස් ගැටුමට දැන් උච්ච තත්ත්වකයට පත්ව ඇති බව නොරහසකි. වසරකට අලින් සහ මිනිසුන් විශාල ගණනක් අකාලයේ මියැදෙන්නේ එහි ප්‍රථිපලයක් ලෙසය. අලි මිනිස් ගැටුම උස්සන්නම ප්‍රදේශයක් වූ සූරියවැවවේ ජනතාව මේ ප්‍රශ්න ගැන දරණ අදහස මීට පෙර ලංකාදීප එසැණ විශේෂාංගයකින් ඉදිරිපත් කළේය. සංවර්ධනයත් සමඟ කැලෑ එළි කිරීම නිසා වල් අලින් ගම් වදින බව ගම්මු කීහ. සත්‍ය කතාවද එය වුවත් වැඩි දෙනෙක් එය පිළිගැනීමට කැමති නැත.


සිංහරාජයේ අලි ප්‍රශ්නය කුමක්ද?
සිංහරාජ වනාන්තරය යනු ප්‍රාථමික වනාන්තරයක් බව මීට පෙර සඳහන් කළෙමු. සිංහරාජයේ අලි ඇතුන් සිටි බවට අවට ගම්මානවල ගම්වාසීහු කියති. පරිසරවේදීන් සිටින්නේ ද ඒ අදහසේය. කෙසේ වෙතත් දැනට සිංහරාජ වනාන්තරයේ ඇත්තේ අලින් දෙදෙනකු පමණක් බව කියති. සිංහරාජය අවට ගම්මානවලින් පසුගිය කාලයේ අලි ප්‍රහාරයන්ට ලක්වීමේ සිදුවීම් කිහිපයක් වාර්තා විය.  සිංහරාජයේ සිටින අලි දෙන්නා අල්ලා වෙනත් ස්ථානයකට ගෙන ගොස් දැමීමේ වැඩපිළිවෙළ ආරම්භ වූයේ ඒ අනුවය.


වනජීවී දෙපාර්තමේන්තුව අදාළ කටයුතු ආරම්භ කිරීමත් සමඟ අලින් දෙදෙනා ගෙන යෑමට එරෙහිව විරෝධතා ආරම්භ විය. ඒ ගැන අදහස් දක්වමින් පරිසරවේදියකු වන ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙසේ ප්‍රකාශ කළේය.

‘සිංහරාජය ලෝක උරුමයක්. අවට මිනිස්සු සහ පරිසර සංගම්   කැමතියි මේ කැළේ ආරක්ෂා කරන්න. වනජීවිය සහ වන සංරක්ෂණ එක 2004 ඉඳන් ඉඩම් පවරා ගන්නේ නැතුව කල් මරනවා. මේ අලි දෙන්නා වියලි කලාපයකට ගිහින් දැම්මොත් මැරෙන්න පුළුවන්.  1947 ඉඳන් අලි 20ක් විතර සිංහරාජයේ ඉඳලා තියනවා කියලයි දැනගන්න තියෙන්නේ. 2006 අපි දකිද්දි අලි තුන් දෙනෙක් හිටියා. ඉන් එක්කෙනකුත් දැන් මැරිලා. ඉතුරු වෙලා ඉන්නේ මේ දෙන්නා විතරයි. එලිපාස්ට් මැක්සිමස් මැක්සිමස් කියලයි විද්‍යාත්මකව මෙයාලා හඳුන්වන්නේ.

කලාවනා රක්වාන ඇතුළු ප්‍රදේශවල තමයි අලි ප්‍රශ්නය හැදෙන්නේ. මේකට විරුද්ධව මූලිකත්වය ගන්නේ ගස් කපන සහ සිංහරාජය ඇතුළේ ජවාරම් කරන මිනිස්සුයි.

 2004 වසරෙදි වැවිලි සමාගමට අයිති ඉඩම් සිංහරාජයට පවරා ගන්න ගැසට් නිවේදනය නිකුත් කළා. ඒ අනුව ඉඩම් පවරා ගැනීම සිද්ධ වෙලා තියෙන්නේ බාගෙට. සිංහරාජය සහ ගම් අතර තියෙන කලාප වල වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහයක් ගත්තොත් අලි වැටක් ගහන ගමන්ම කැන්ඩියන් ෆොරස්ට් ගාර්ඩ් සිස්ටම් වගේ සාර්ථක ක්‍රමයක් අත්හදා බැලුවොත් (කැලේ කපලා නෙමෙයි. මායිමෙන් එළියේ.) සාර්ථක වෙයි.

 මිනිස්සුත් එකතු කරගෙන මේ වගේ ක්‍රමයක් අත්හදා බැලිය හැකියි. කැළෙන් පිටත කිලෝමීටර කාලක වගේ ප්‍රදේශයක විවිධ ශාඛ සිටුවන වැඩක්.  අලින්ට එතකොට කෑම තියෙන නිසා ගං වදින එක නවතියි. මුල්ම වැඩේ විදියට අලින් අයින් කරන එක වෙනුවෙට මේවගේ දෙයක් අත්හදා බලන්න පුළුවන්. ගම් පැත්තට වෙන්න කිලෝමීටර කාලක මේවගේ වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම අපි කරනවා.  මිනිස්සුන්ව ආරක්ෂා කරන්න අලි වෙඩි දෙනවානේ. ජාවාරම්කාරයන් අලි වෙඩි ගැහුවාම මිනිස්සු එළියට එන්නේ නෑ. ඊට පස්සේ ජාවාරම්කාරයන් කැළේ ගස් කපනවා, කසිප්පු පෙරනවා සහ විවිධ දෑ කරනවා. මේවා නවත්වලා සිංහරාජයට ආරක්ෂා කළ යුතුයි.‘ යැයි ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසීය.
 
පරිසරවේදී වෑකඳවල රාහුල හිමි සහ ශානිකා පතිරණ, ටී කේ ඩී ඒ ප්‍රසාද් ඇතුළු පරිසරවේදීහු අද එම ප්‍රදේශයට ගොස් විරෝධතාවක් ද පැවැත්වූහ. ඊට ගමේ වැඩි දෙනකුගේ සහයෝගට ලැබුණත් විවිධ පිරිස් එය කඩා කප්පල් කිරීමට උත්සාහ කළ බව වෑකඳවල රාහුල හිමියෝ කීහ.
 

‘අපි එම ප්‍රදේශයට ගියා. මිනිස්සු මේකට උනන්දුවෙන් හිටියේ. නමුත් පිරිසක් ගමේ මිනිස්සුන්ට තර්ජනය කරලා තිබුණා. අපි හිටපු ගෙදරට දුරකතන ඇමතුම් දීලා තර්ජනය කළා. සමහර එතනට ඇවිත් අපි සමඟ තර්ක කරන්න ගත්තා. අපි ඔවුන්ට ඇත්ත පැහැදිලි කළා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලකයකු ඇතුළු පිරිසක් තමයි මේ දේවල් කළේය.  අලින් දෙදෙනා ඉවත් කිරීම වෙනුවට ගත හැකි ක්‍රියාමාර්ග රැසක් තිබෙනවා. අපි ඒ ගැන පසුව ජනාධිපතිට ලිඛිතව දැනුම් දෙන්න බලාපෙරොත්තු වෙනවා.‘‘ ඒ හිමියෝ පැවසූහ.


වනජීවී ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද පැවසුවේ ජනපතිගේ නියෝගය අනුව අලි දෙදෙනා ගෙන යෑම  නතර කළ බවයි. අලි දෙදෙනාගේ හෝ මිනිසුන්ගේ ජීවිත ගැන තමන්ට වග කියන්නට බැරි බව ඇමැතිවරයා කීවේය.


අලින් සහ මිනිසුන් යන කොට්ස දෙකේම ජීවතවල ඇති වටිනාකම වගකිවයුත්තන් හඳුනා ගත යුතුය. පැළැස්තර විසඳුම් වලින් සිදුවී ඇත්තේ අලි මිනිස් ගැටුම වර්ධනය වීම පමණි. පරිසරවේදීන් පෙන්වා දෙන ආකාරයට අලි මිනිස් ගැටුම නතර කිරීමට නම් කළ යුත්තේ වනාන්තර එළි පෙහෙළි කිරීම නතර කිරීම පමණි.  එසේ කරන තෙකේ අලි මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් නොලැබෙනු ඇත.



අදහස් (1)

සිංහරාජයේ අලි කලබලයේ ඇතුල් පැත්ත

dhammika Monday, 18 June 2018 05:23 AM

දේශපාලකයෝ , ජාවාරම්කරුවෝ හා දුෂිත නිලධාරීන් නිසා රටම වැනසිලා. මුලින්ම හේතු විමසන්න ඕනේ ලංකාවේ විශාලතම ප්‍රාථමික වනාන්තරයේ අවේණික අලි ගහණය දෙන්නෙකුට අඩු වුණේ ඇයි කියලා. අනිත් එක සිංහරාජය අවට මිනිස්සුන්ට අලි ඉන්න එක ප්‍රශ්නයක් නොවේනම් වෙනත් පිරිසකට ප්‍රශ්නයක් උනේ ඇයි කියන එක.

:       51       322

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කාශ්මීරයෙන් ඇවිලෙන ඉන්දු - පාකිස්තාන් ගිනිපුපුරු
2025 අප්‍රේල් මස 26 103 0

අප අසල්වැසියන් දෙදෙනා ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වෙමින් පවතී. ඒ, පසුගිය 22 වැනිදා ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගාම් පළා


සෝද සෝදා එළියට අදින පාස්කු දා ප්‍රහාරය
2025 අප්‍රේල් මස 26 65 0

මේ වනවිට 2019 පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාන තුනකට හා සංචාරක හෝටල් තුනකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් පැවැත්වී තිබුණ ද මෙම ප්‍


ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය
2025 අප්‍රේල් මස 25 418 0

කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද


දැන් ඇත්තේ ටියුෂන් පන්ති කාලසටහනක්
2025 අප්‍රේල් මස 25 519 3

මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 464 1

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 12249 4

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 883 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 393 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 548 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site