මහාචාර්ය සිරි ගුනසිංහයන්ගේ චරිතාපදානය මවිසින් සම්පාදනය කරන ලද්දේ 2012 වසරේදීය. සිරිගුනසිංහ මහතා මට ප්‍රථම කොට මුණ ගැහුණේ 1965 වසරෙදී එතුමා මගේ “ඉරට උඩින් ගිරව් ගියා” නාට්‍යයේ ප්‍රධාන අමුත්තා ලෙස මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලය ශ්‍රවණාගාරයේ දී වේදිකාගත වූ අවස්ථාවේදීය.
1925 පෙබරවාරි 25 වෙනිදා රුවන්වැල්ලේ පනාපිටියේ උපත ලබන සිරි ගුනසිංහ මහතා අභාවප්‍රාප්ත වන්නේ 2017 මැයි මස 24 වෙනිදා කැනඩාවේ වික්ටෝරියා හිදීය.
සිරිගුනසිංහ මහතාගේ පියා කරනෝලිස් ගුනසිංහ අප්පුහාමි විය. අම්මාගේ නම පොඩි නෝනා විතාන වූ අතර සරණවර්ධන, ප්‍රේමවර්ධන, ලීලාවතී ඥානවතී, ධම්ම යන පිරිස එතුමන්ගේ සහෝදර සහෝදරියෝ වූහ. බාල සොහොයුරු ධම්ම ගුනසිංහ කොළඹ නාලන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා බවට පත්විය. සිරි ගුනසිංහ ජීවිතය පුරාම නව මං සොයන පෙරළිකාර චරිතයකි. මහින්දයෙන් කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණි ඔහු විභාගය සමත්ව එහි කථිකාචාර්යවරයකු බවට පත් වෙයි. ඔහුගේ පෙරළිකාර ලක්ෂණය ප්‍රථම වතාවට ප්‍රදර්ශනය වන්නේ එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති ඇඳුම් සම්ප්‍රදාය වෙනස් කිරීම නිසාය. එවකට උපකුලපතිවරයා වූයේ සර් අයිවෝ ජෙනිංස් නම් දැඩි පාලකයාය. ශ්‍රී ලංකා රජයේ ව්‍යවස්ථාව සම්පාදනය කළේ ද එතුමන්ය.
ඇඳුමේ වෙනසක් කිරීම
එදා නීතිය වූයේ කථිකාචාර්යවරුන් ජාතික ඇඳුම හෝ සම්පූර්ණ බටහිර ඇඳුම හැඳිය යුතු වීමයි. සිරි ගුනසිංහගේ විශ්වවිද්‍යාල ජීවිතයේ ඔහු අගය කළ මහාචාර්යවරයා ගුණපාල මලලෙස්කර විය. එතුමන් ද ඉතා නිර්භීත ප්‍රබල චරිතයකි.
දින කීපයක් කථිකාචාර්යවරයකු ලෙස වැඩ කිරීමෙන් පසු එතුමා බටහිර ඇඳුම තමන්ට මහත් හිරිහැරයක් බව සලකා අත්කොට කමීසයක් සහ කලිසමක් ඇඳ සෙරෙප්පු දෙකක් දමාගෙන සේවයට වාර්තා කළේය.
පැය කිහිපයක් තුළ එතුමා උපකුලපතිවරයා වෙත කැඳවන ලදී. ඒ සාකච්ඡාවේ දී ගුනසිංහ මහතා කීවේ, ඝර්ම කලාපීය රටකට බටහිර ඇඳුම කෙසේවත් නොගැළපෙන බවත් තමන්ට එය හිරිහැරයක් නිසා මේ ඇඳුම ඇඳීමට තමා කැමති බවත්ය.
“ඔබ කියන කතාව සත්‍යයක්ද? ඊට එහා දෙයක් නැද්ද?” සර් අයිවෝ ජෙනිංස් විමසා ඇත.
“ඒ ඇරෙන්න මට කිසිම හේතුවක් නැහැයි” සිරි ගුනසිංහ මහතා පිළිතුරු දුන්නේය.
ඒ ප්‍රශ්නය එතකින් සමාප්ත විය. කාටත් නිදහසේ ඇඳීමේ භාග්‍ය උදාවිය.
පාලි සංස්කෘත හා සිංහල භාෂා පමණක් නොව ප්‍රංශයේ දී ප්‍රංශ හා ජර්මන් ද ඉගෙන ගත් ගුනසිංහ නම් උගතා ආචාර්ය උපාධිය සමාප්ත කර ප්‍රංශයේ සිට ආපසු පැමිණි දවසේ සර් අයිවෝ ජෙනිංස් ශ්‍රී ලංකාවෙන් පිටත් වී ගිය දවස විය.
පේරාදෙණි යුගය
ගුනසිංහ මහතා පේරාදෙණිය ප්‍රබල චරිත දෙකක් සමග එකතු විය. ඒ මහාචාර්ය සරච්චන්ද්‍ර සහ දොස්තර ගුණදාස අමරසේකර මහතා සමඟය.
මේ වන විට මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමෙ නාට්‍යයේ වැඩකටයුතු ආරම්භ කර තිබුණේය. සිරිගුනසිංහයන් එම නාට්‍යයේ ඇඳුම් නිර්මාණය කිරීමට එකතු විය. මනමේ නාට්‍යය ලංකාවේ නාට්‍ය කලාව උඩු යටිකුරු කළේය.
නිසඳැස් කවි ලිවීම
නිසඳැස් යනුවෙන් කව් සම්ප්‍රදායක් ලංකාවේ ප්‍රථම වතාවට හඳුන්වා දුන්නේ සිරි ගුනසිංහ මහතාය. බටහිර ලෝකයේ පද්‍ය කලාව මැනවින් ප්‍රගුණ කර තිබුණු සිරිගුනසිංහ මහතා ඒ ආරට කවියෙන් අදහස් ප්‍රකාශ කිරීම ආරම්භ කළේය. තමා විසින්ම සකස් කළ කවරයකින් මස් ලේ නැති ඇට පද්‍ය සංග්‍රහය ප්‍රකාශයට පත් කළ විට කොළඹ යුගයේ කවියන් විසින් විශාල කලබැගෑනියක් සිදුකරන ලදී. සිරිගුනසිංහයන්ට මේ අවස්ථාවේ සහායට හිටියේ ගුණදාස අමරසේකර මහතාය. කාලයාගේ ඇවෑමෙන් නිසඳැස් කවි සම්ප්‍රදාය ජනගත වී තිබෙන ආකාරය අපට දැක බලා ගත හැකිය.
පෙරැළිකාර නවකතාව හෙවනැල්ල
පියදාස සිරිසේන සහ මාර්ටින් වික්‍රමසිංහ නවකතාතා කලාව ජනප්‍රියව තිබුණු සමයක සිරි ගුනසිංහ මහතා තමන්ගේ පළමුවැනි නවකතාව ”හෙවනැල්ල ”සම්පාදනය කරමින් දෙවැනි සාහිත්‍යය කලබැගෑනිය රට තුළ ඇති කළේය. මේ විවේචනය සහ විචාරය ලංකාවේ නවකතා කලාවේ ශීඝ්‍ර සංවර්ධනයකට දායක විය. සිරි ගුනසිංහ කතා කලාව රටේ ස්ථාපිත විය.
සත් සමුදුරු චිත්‍රපටය
ඊළඟට සිරි ගුනසිංහ මහතා චිත්‍රපටි කලාවට අත ගැසුවේය. ඒ සත් සමුදුර චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමිනි. ප්‍රංශයේ සිට ඇමෙරිකාවට ගිය සිරි ගුනසිංහ මහතා කෙටි කාලයක් චිත්‍රපටි කලාව හැදෑරුවේය. ගතානුගතික සිංහල චිත්‍රපටියේ වෙනසක් කිරීමේ අවශ්‍යතාවක් එතුමන්ට තිබුණි. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාවෙන් පසු චිත්‍රපටි කලාවේ ලොකු වෙනසක් කළ චිත්‍රපටය වූයේ සත් සමුදුරයි. සිංහල සිනමාවට සමීප රූප කලාව හඳුන්වා දුන්නේ සිරි ගුනසිංහ මහතාය.
සත් සමුදුර නිෂ්පාදනයට ඔහු තෝරා ගත්තේ ප්‍රබල කණ්ඩායමකි. කැමරා ශිල්පියා ඩීබී නිහාල්සිංහ විය. වසන්ත ඔබේසේකරගේ සහය ද ලබා ගත්තේය. සෝමදාස ඇල්විටිගල සංගීත ශිල්පියාය. මහගමසේකර ගීත රචකයා විය. ගීත ගායනය අමරදේව ය.
(*** නිමල් සේදර)
කුඩා කල සිටම මගේ ප්‍රියතම සිංහල චිත්‍රපට නළුවා වූයේ ගාමිණී ෆොන්සේකාය. ගාමිණී මගේ ජීවිතයට පිවිසියේ මට වයස අවුරුදු අටේදී පමණය. ඒ මරදානේ ඔහුගේම නම රැගත් “
බටලන්දේ වධකාගාරයක් පවත්වාගෙන යෑම පිළිබඳව කරුණු සොයා බැලීමට පත් කරන ලද කොමිසම සිය වාර්තාව නිකුත් කර වසර විසිහතක් ගතවූ පසු එම වාර්තාව නැවත පාර්ලිමේන්ත
මෙරට සාහිත්‍ය විචාරකයන් ගේ විග්‍රහය අනුව සිංහල පද්‍යයෙහි නූතන අවධිය කොළඹ කවිය, හෙළ හවුල් කවිය, නිසැඳැස් කවිය ආදී වශයෙන් බෙදේ. මේ ඉතා දළ, රළු බෙදුමක් සේ ප
මහාචාර්ය සිරි ගුනසිංහයන්ගේ චරිතාපදානය මවිසින් සම්පාදනය කරන ලද්දේ 2012 වසරේදීය. සිරිගුනසිංහ මහතා මට ප්‍රථම කොට මුණ ගැහුණේ 1965 වසරෙදී එතුමා මගේ “ඉරට උඩින්
මේ දිනවල රටපුරා පාස්පෝට් කන්තෝරුවල මහ පාන්දර ‘‘රැකෙම්වා මියෙම්වා” න්‍යායෙන් රටින් පැන ගන්නට පොර බදන තරුණ පිරිස දකින විට රටේ ජනතාවට ඇතිවන්නේ කම්පනයකි
ඉතිහාසයේ ආරම්භයේ සිටම ශිෂ්ටාචාර වේගයෙන් වෙනස්වන තත්වය සහ ප්‍රමුඛතා හරහා සමාජයේ මූලික අවශ්‍යතා දෙකක් වන ආරක්ෂාව සහ නිදහස යන දෙක අතර නිවැරදි සමතුලිතතා
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සිංහල සාහිත්‍යයේ විප්ලවවාදියා
Nickon Wednesday, 19 March 2025 12:50 PM
අයිලින් සරච්චන්ද්‍ර සමඟ අනියමින් නොබැඳුනා නම් ඔහු ලංකාවේ ඉතිරි වෙන්න තිබුනා.