2012 දී ‘සුපර් සික්ස්’ නම් අති දැවැන්ත සිංහල චිත්‍රපටය නිර්මාණය කරමින් සිනමාවේ පෙරළියක් ඇති කළ උදාර පල්ලියගුරු අද වනවිට එම භූමිකාවෙන් තවත් ඔබ්බට යමින් ලංකාවේ දැවැන්තම චිත්‍රපට නිෂ්පාදකවරයකු බවට පත්ව සිටී. ඉදිරියේදී තිරගත කිරීම සඳහා චිත්‍රපට කීපයක්ම නිර්මාණය කර තිබුණත් කොරෝනා අර්බුදය ඊට හරස් වී තිබෙන්නේ සෑම ක්‍ෂේත්‍රයකටම එම ප්‍රශ්නය බලපා තිබෙන නිසා ය.
කෙසේ වුවත් කුමන අභියෝග පැමිණියද ඔහු සිංහල සිනමාවේ අනාගතය දෙස සුබවාදී දැක්මකින් යුතුව බලා සිටින තරුණ සිනමාකරුවෙකි. නිෂ්පාදකවරයෙකි. තිර කතා රචකයෙකි. සිංහල සිනමාව කොරෝනාවට යට කළ නොහැකි බව ඔහු අදහන සත්‍යයයි. මේ කතාබහ තිරගත වීමට නියමිත ඔහුගේ නවතම චිත්‍රපට හා කොරෝනා හමුවේ සිංහල සිනමාව මුහුණ දී තිබෙන අභියෝග පිළිබඳව ය. සිනමාව කියන මාධ්‍යයට ඔබේ සමීපතාව ඇති වුණේ කොතැනින් ද කියන තැනින් අපි කතාබහ ආරම්භ කරමු.
මගේ මවුපියන් කලාවට සම්බන්ධයි. ගෙදර පසුබිම එක්ක තමයි මටත් කලාව පිළිබඳ මුලින්ම ආසාවක් ඇති වුණේ. කැලණි ගුරුකුල විද්‍යාලයේදී දේශප්‍රිය බණ්ඩාරතිලක ගුරුතුමා හමුවීම හරහා රංග කලාවට මුලින්ම යොමු වීමට අවස්ථාව ලැබුණා. ඒ යොමු වීමත් එක්ක සිනමාවට එන්න පාර කැපුණා. ඊට කලින් රූපවාහිනී ආයතනයක සේවය කිරීම හරහා මාධ්‍ය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට හැකි වුණා. ඒ කාලේ තමයි මම තේරුම් ගත්තේ අපි කැමති දෙයක් කරන්නත් අපේ ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙන්න ඕන කියන එක. අද කලාව යම් හැකිළීමකට ලක්වෙලා තිබෙනවා නම් ඒ ආර්ථිකය ශක්තිමත් නැති නිසා කියලා මට හිතෙනවා. ඒ හේතු මත තමයි මම 2003 දී මුලින්ම වෙළඳ ප්‍රචාරණ ආයතනයක් ආරම්භ කළේ. ඒ ලැබුණු පදනම එක්ක මට සිනමාවට එකතු වෙන්න අවස්ථාව ලැබුණා. ඒ 2012 දී ‘සුපර් සික්ස්’ චිත්‍රපටය හරහා. ඒ චිත්‍රපටය ලංකාවේ ජනප්‍රියම චිත්‍රපටයක් බවට පත් වුණා. ඉන් පස්සේ මම කල්පනා කරනවා චිත්‍රපට නිෂ්පාදනයට එකතු වෙන්න ඕන කියලා. ඒ මගේ තිබුණු මාර්කටින් දැනුමත් එක්ක. මටම නිෂ්පාදන ආයතනයක් තිබෙන නිසා පසු නිෂ්පාදනය, දෙබස් කැවීම ඇතුළු හැමදේම මටම කර ගැනීමේ හැකියාව ලැබුණා. අනිත් කාරණය මට අලුත් අය එක්ක වැඩ කිරීමේ ලොකු උවමනාවක් තිබුණා. හොඳ කණ්ඩායමක් මා වටා එකතු වී සිටිනවා. කොම්පැනි මට්ටමින් චිත්‍රපට නිර්මාණය කෙරෙන නිසා දර්ශන තල සෙවීමේ සිට සියලු දේට නිෂ්පාදකවරයා ලෙස මා මැදිහත් වෙනවා.
ඔබ නිෂ්පාදනය කරන චිත්‍රපට පිළිබඳ ප්‍රේක්‍ෂකයා වෙනසක් දකිනවා. ඒ වෙනස ඔබ කරන්නේ හිතාමතාම ද?
මම 2017 දී ‘පැණි මකුලුවෝ’ චිත්‍රපටය නිෂ්පාදනය කළා. ඒ සඳහා ගීත රචනයෙනුත් මම දායක වුණා. 2018 දී ‘සාම කුමරු කතාව’ත් , 2019 ‘සූස්ති’ චිත්‍රපටයත්, 2020 දී ‘ආලේ කොරෝනා’ චිත්‍රපටයත් නිර්මාණය කළා. මගේ චිත්‍රපටවල විශේෂත්වය තමයි මම කොපි චිත්‍රපට කරන්නේ නැහැ. ඒ නිසා තමයි මගේ චිත්‍රපට සාර්ථකත්වයට පත් වන්නේ. මගේ චිත්‍රපටවලින් සමාජ ප්‍රශ්න මම කතා කරන්න කැමතියි. ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘සැඟවෙන කිරිල්ලියෝ’, ‘රුහිරේ’, ‘පියාඹන්න ආයෙත්’ යන චිත්‍රපටවලත් තිබෙන්නේ ඒ ගුණයමයි. ෂර්ලි සමරසිංහ, නජිනි දික්ඕවිට යන අලුත් නිර්මාණකරුවන් ඉදිරියේදී මම සිනමාවට හඳුන්වා දෙනවා. මේ වනවිට මම චිත්‍රපට අටකුත් ‘තුත්තිරි’ හා ‘ක්‍රයිම් සීන්’ නමින් ටෙලිනාට්‍ය දෙකකුත් නිර්මාණය කර තිබෙනවා. කලාව නිසා මම අද ජීවිතය ජයගෙන තිබෙනවා.
සිනමාවට ඔබ අලුත් අධ්‍යක්‍ෂවරු හඳුන්වා දෙනවා. විශාල මුදලක් වියදම් කරන කර්මාන්තයකදී මේ අවදානම ගන්න බය නැද්ද?
අලුත් අධ්‍යක්‍ෂවරු අපේ සිනමාවට අද අවශ්‍යයි. ගොඩක් නිෂ්පාදකවරු ඒ අවදානම ගන්න බය වුණාට මම එහෙම බය නැහැ. ගොඩාක් නිෂ්පාදකවරු චිත්‍රපටයට මුදල් යොදවා පසෙකට වී සිටිනවා. එහෙත් මම එහෙම නැහැ. හොඳ නිෂ්පාදන සැලසුමක් මට තිබෙනවා. බොහෝ විට චිත්‍රපටයේ කතාව, තිර රචනය මගේ. මම අධ්‍යක්‍ෂවරයා පිටුපසම සිටිමින් ඔහුට සහාය දක්වනවා. අනවශ්‍ය වියදම් මම චිත්‍රපටයට කරන්නේ නැහැ. සමහරු කෙටි චිත්‍රපටයක් කළ පමණින් චිත්‍රපට කරන්න පුළුවන් යැයි සිතනවා. මගේ චිත්‍රපටවලින් මම අධ්‍යක්‍ෂවරු වගේම අලුත් නළු නිළියොත් හඳුන්වා දෙනවා. පරණ අයට වඩා අලුත් අය එක්ක වැඩ කිරීම ඇත්තටම ලේසියි. ඒ අය නිෂ්පාදකවරු අමාරුවේ දාන්නෙ නැහැ. සමහරු චිත්‍රපටකරණයට එන්නෙම බිස්නස් එකක් කරන්න බලාගෙන.
සිනමාව ඇතුළු සියලුම කලා මාධ්‍යය ලෝකයේ දැන් වෙනස්කම්වලට භාජන වෙමින් යනවා. ඒ වෙනස ලංකාවටත් අවශ්‍යයි නේද?
අන්තර්ජාලය හරහා චිත්‍රපට බලන විශාල පිරිසක් සිටිනවා. ඒ වෙනුවෙන් මමත් Lanka Flifex හා D සිනමා නමින් වැඩපිළිවෙළ දෙකක් ආරම්භ කළා. මේ හරහා චිත්‍රපට සිය ගණනක් මාසෙකට නැරඹීමට ප්‍රේක්‍ෂකයාට හැකියාව ලැබෙනවා. මේ සඳහා ප්‍රේක්‍ෂකයන්ගෙනුත් හොඳ ප්‍රතිචාර තිබෙනවා. කොරෝනා නිසා සිනමා ශාලාවලට යා නොහැකි ප්‍රේක්‍ෂකයන්ට මෙය හොඳ අවස්ථාවක්. සිනමාවේ හැඩය ලෝකයට සාපේක්‍ෂව වෙනස්විය යුතුයි. ඒ වගේම සිනමාව තාක්‍ෂණිකවත් වෙනස් විය යුතුයි. ලංකාවේ චිත්‍රපට සංස්ථාව තවම ඒ වෙනසට මුහුණ දෙන්න සූදානම් නැහැ. එහෙම වෙනස් වුණා නම් සිනමා ශාලා ඇරෙනකන් කට ඇරගෙන බලාගෙන ඉන්න ඕන නැහැ. රජය පනතක් මගින් දැන් තිබෙන යල් පැන ගිය නීති වෙනස් කළ යුතුයි. චිත්‍රපටයක් විදියට සංස්ථාව පිළිගන්න නම් ඒ චිත්‍රපටය එක දිනක් හෝ සිනමා ශාලාවක පෙන්විය යුතු යැයි නීතියක් තිබෙනවා. ඒවා වෙනස් කර අන්තර්ජාලයේ චිත්‍රපට පෙන්වීමත් සංස්ථාව පිළිගන්නවා නම් අපට දැනට තිබෙන පෝළිම අවසන් කළ හැකියි.
සිනමාවේ අර්බුදය අපි හැමදාම කතා කරන දෙයක්. කුමන පාලකයෝ බලයට ආවත් මේවාට විසඳුම් නැත්තේ ඇයි?
ඒක අපේ රටේ කලාකරුවන්ගේ තිබෙන අවාසනාව. ලංකාවේ මෙහෙම වුණාට ඉන්දියාව, ඇමරිකාව වගේ රටවල චිත්‍රපට පෝළිම් නැහැ. සිනමාව, නව තාක්‍ෂණය පිළිබඳ දැනුම තිබෙන පුද්ගලයන් සංස්ථාවට තේරී පත්විය යුතුයි. අපි තේරුම් නොගත් දේ තමයි සිනමාව කියන්නේ සංස්කෘතික අංගයක් පමණක් නොවෙයි කියන එක. මේක කර්මාන්තයක්. සංස්කෘතිය, කලාව රටක ගොඩනැඟී තිබෙන්නේ හොඳ ආර්ථිකයක් තිබෙනවා නම් පමණයි. ආර්ථිකයට අතිරික්තයක් ඇති වුණාම තමයි කලාවට ආයෝජනය සඳහා නිෂ්පාදකවරු පෙළඹෙන්නේ. 70, 80 දශකවල හොඳ සිනමා ප්‍රබෝධයක් තිබුණේ ඒ යුගයට සාපේක්‍ෂවයි. කලාවේ තිබෙන අර්බුදය පාලක පක්‍ෂය තේරුම් නොගන්නා තාක් කල් මේ අර්බුදය මේ විදියටම පවතිනවා.
ඔබ ටෙලි නිර්මාණ දෙකක් නිෂ්පාදනය කළත් ඔබේ වැඩි කැමැත්ත සිනමාවට නේද?
ඇත්තටම කිවුවොත් සිනමාවේ මාෆියාවක් නැහැ. ටෙලි නාට්‍යය කලාවේ මාෆියාවක් තිබෙනවා. කොටසකට ගාණක් පගාව විදියට දීලා ටෙලිනාට්‍ය විකාශය කරගන්න මම කැමති නැහැ. ටෙලිනාට්‍යය කලාව අල්ලස මගින් එක දිගට එක පිරිසක් අල්ලගෙන. මම ටෙලිනාට්‍යවලින් බැහැර වුණේ මට එහෙම කරන්න බැරි නිසා. සමහරු කියනවා චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න අමාරුයි කියලා. මට එහෙම එකක් නැහැ. ප්‍රදර්ශන මණ්ඩල වුණත් තමන්ට දුවා ගන්න පුළුවන් චිත්‍රපටයක් විතරයි ප්‍රදර්ශනයට එකඟ වෙන්නේ. සමහරු වෙළඳපොළ තේරුම් ගන්නේ නැතුව තමන්ගේ දුක කියන්න චිත්‍රපට හදනවා. හොඳ චිත්‍රපටයක් හැදුවොත් ඒ ගැටලුව කවදාවත් ඇති වෙන්නේ නැහැ.
චිත්‍රපටයකට ලක්‍ෂ 100-200 වියදම් කරද්දී ඔබ ‘ලෝ බජට් ෆිල්ම්’ කිරීම සමහරුන්ගේ දෝෂ දර්ශනයට ලක් වී තිබෙනවා නේද?
මගේ ‘සුපර් සික්ස්’ චිත්‍රපටයට ලක්‍ෂ 100ක් වියදම් කළා. ඒක මම දළ සේයා පටවලින් කළේ. ඒ සල්ලි අද ඉතුරුයි. එදාට වඩා හොඳ කැමරා අද තිබෙනවා. ලොකු මිලක් නැහැ. එදා අපි DTS කරන්න ඉන්දියාවට යනවා. අද ඒ සියලු පහසුකම් අපේ ආයතනයේම තියෙනවා. සමහරු ෆිල්ම් එකට ලොකු වියදම් කියන්නේ හොරකම් කරන්නත් බලාගෙන. මේ හැමදේටම වැඩිය වටින්නේ චිත්‍රපටයේ තේමාව. ඒ වගේම චිත්‍රපටයකට මාර්කටින් උපරිමයෙන් තිබිය යුතුයි. චිත්‍රපටයකට යොදවන මුදල නැවත උපයා ගැනීමට හැකි විය යුතුයි. චිත්‍රපටයකට යන වියදම චිත්‍රපටයේ ඇතුළේ පෙනිය යුතුයි. කළමනාකරණ දුර්වලතා තිබුණොත් හොඳ චිත්‍රපටයක් කරන්න බැහැ.
කොරෝනා අන් කවරදාකටත් වඩා ලාංකීය සිනමාව පහළට ඇද දමා තිබෙනවා. අධ්‍යක්‍ෂවරයකු හා නිෂ්පාදකවරයකු ලෙස මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොම ද?
කොරෝනා කියන්නේ සිංහල සිනමාවට දීපු අවවාදයක්. අපි සිනමාව විදියට පරිණාමය විය යුතු තැන අපූරුවට පෙන්වා දී තිබෙනවා. සංස්ථාව තේරුම් ගන්න ඕනේ නිකන් බෝඩ් ලෑල්ලකට සීමා වෙන්නේ නැතුව සිනමාව නඟාසිටුවන්න කළ යුත්තේ කුමක් ද කියලා. චිත්‍රපට ප්‍රදර්ශනයේ තිබෙන නව ප්‍රවණතා සංස්ථාව තේරුම් ගත යුතුයි. මේක තේරුම් නොගන්නා තාක් කල් අපට රටක් විදියට ගොඩ ඒමක් නැහැ. ලාංකීය සිනමාවේ නව අදියරකට යා යුතු කාලය දැන් එළඹී තිබෙනවා.
(*** සංවාද සටහන - අමිල චින්තක ගමගේ)
ආණ්ඩුවට කිසිදු දෙයකට සැලසුමක් නැති බව එහි හැසිරීම දෙස සාමාන්‍ය බැල්මක් හෙළන කෙනකුට පවා පෙනී යන්නකි. ලොකු ලොකු දේවල් නොව, පසුගිය දා විශාල මාධ්‍ය ප්‍රචා
ශ්රී ලංකාවේ දැනට පවත්නා ආර්ථික අර්බුදයට මුහුණදිය හැකි තිරසාර විසඳුම් කවරාකාරද යන්න පිළිබඳ සංවාදය සමාජයෙහි නිරන්තර සාකච්ඡාවට ලක්වන්නකි. මේ කාරණා කෙ
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිනමාවේ හැඩය වෙනස්විය යුතුයි
විජේ Friday, 27 August 2021 05:27 PM
අදහස හොදයි