නූතන ලාංකික සාහිත්‍යයෙහි ප්‍රතිභාසම්පන්න ලේඛිකාවක වන ශමෙල් ජයකොඩී පාඨක ආකර්ෂණයට හා කතාබහට ලක් වූ අගනා නවකතා රැසක් මෙරට සාහිත්‍ය යට දායාද කළ විදෙස්ගතව ජීවත්වන ශ්‍රී ලාංකික ලේඛිකාවකි. නිරුවත් හදවත් , මගේ චිකාගෝ හදවත , කුමර කොබෙයි , ප්‍රංශ පෙම්වතා , පියාපත් ලද දෝණී , රෝසමාලි , වීනස් ගේ උපත , වැනීසියේ බණ්ඩාර , කෝමල මානවක , ඇමෙරිකා , බොහීමියන් දැරියෝ , ආදිය ඉන් කීපයකි .
කොස්මොපොලින්ටන් ජීවිත ඇගේ අලුත්ම නවකතාවයි. මේ ඒ පිළිබදව අප කළ සංවාදයක සටහනකි .
ඔබ මේ නවකතාවෙන් කොස්මොපොලිටන් නගරයක සමාජ සංස්කෘතික ජීවිතයේ අපූර්වත්වය විදහාපානවා. මේ කියන සමාජ සංස්කෘතික පරිසරය තුළ ඔබ කියවන මිනිස් ජීවිතය කොයි වගේද?
මම දකින ලොකුම දේ, හැම සංස්කෘතියක් කෙරෙහිම හෘදයංගමබවක් ඇති කරගත් ජීවන රටාවක් ඉබේම ගොඩනැඟී තිබීම. එවැනි තැනක සහජීවනයෙන් වාසයට හැම කෙනෙක් තුළම ගිවිසුමක් තියෙනවා වගේ හැඟීමක් දැනෙනවා. අපේ පෞද්ගලිකත්වය පිළිගැනීමට ලක්වෙනවා, ජාති, ආගම් ආදී වෙනස්කම් නොතකා සමානව සැලකීමට පෙළඹෙනවා. තවත් සංස්කෘතියකින් ආව අංග රසවිඳීමට ඇති හැකියාව උරුම කරගන්නවා. ඇත්තම කතාව, ලෝකයම එක මිටට ගත් තැනක් සේ එවැනි නගරයක් රස විඳීමට හැකියි, ගෝලීය ජීවිතයක් හිමි කරගත්ත සතුට විඳිය හැකියි. ලෝක පුරවැසියන් ලෙස සිතීමට පුරුදු පුහුණු වීම, සීමාවක් නැති අත්දැකීම්, දැනුම හා අපේක්ෂා ඇති කරන්නක්.
ජාති, ආගම් එකට කැටි වුණු තැනක ‘විවිධත්වයේ ප්‍රතිලාභ’ කියා දෙයක් තිබෙනවා. අන් අයගේ සංස්කෘතික අංගවලට අසීමිතව ඉඩ දීම හිත් කලකිරවන දෙයක් විය හැකි මුත් එහි ප්‍රතිලාභ නිසාම අපි එහි ඇති කරදර බැහැර කරනවා. එකට ජීවත්වීමේ වාසිය ඔවුන් ඉවෙන් මෙන් හඳුනනවා. එය තදබදය වැඩියි, රැකියා ඉල්ලුම ඉහළයි. ඒත් තරගකාරී වාතාවරණය, නොදැනීම අපව දියුණු හැදියාවක් දෙසට, බුද්ධිමත් උරුමයක් දෙසට කැඳවගෙන යන්නක්.
ජීවිතය නිශ්චිත අරමුණක් ඉලක්කයක් සීමාවක් නැති රස්තියාදුවක් බව ද ඔබ කියන්නේ?
නවකතාවේ චරිත එලෙස අයාලේ යැවීමට හැකි නම් මාත් කැමතියි. ඒත් එවැනි නගරයක, තියෙන දෙයින් යැපෙන, ලැබෙන දේට ඔරොත්තු දෙන කෙනෙක් වෙලා හිඳීම ලේසි නැහැ. හැමතැනදිම තෝරාගැනීම් කියන සංකල්පය අනිවාර්යය සාධකයක් බවට හැරෙනවා. හැම භාණ්ඩයක්ම පරිභෝජනය කළේ නැතුවට, හැම කලාවකම නියැළුණේ නැතුවට, දාහක් දේ අතරින් අපට ඕනෑ දේ තෝරාගැනීම කියන්නෙ භාවනාවක් වගේ. ඒ අවබෝධයම කෙනෙක් උසස් තැනකට ඔසවලා තියන්න සමත් දෙයක්.
එවැනි තැනක ඉන්නා මිනිසුන් ළඟ අාධ්‍යාත්මික දේවල්, විවිධාකාර විශ්වාස තියෙනවා, ඒවා හරි සියුම්ව අපේ නහරවලට එන්නතක් විදිනවා. මෙවැනි නගරවලට එන අය අතර විවිධ අසීරුතා මැද ජීවිතය ගලවා ගත්ත පිරිසක් ඉන්නවා. ඔවුන් පැමිණි රටවල වීරයන් වුණාට, මේ වගේ නගරයකදි සමානාත්මතාවය මැදට වැටුණු කරබාගත් අය බවට පත් වෙනවා. එහෙම වෙන්නෙ කොහොමද? ජීවිතයේදීත්, සාහිත්‍යයේදී වගේ කතාව එකමයි. තමන්ගෙ සංස්කෘතියෙ සීමා මායිම්වලින් එළිය දකින්න හදන ඕනෑම කෙනෙක් දාර්ශනිකයෙක් වෙනවා වගේම, තමන්ගේම අඩුපාඩු පවා දකින්න ගන්නවා. ජීවිතය රස්තියාදුවේ යාමක් වෙනුවට සිදුවෙන්නෙ ජීවිතය සීමා මායිම් නැති, විශ්වීය පෙදෙසක් වෙත නිර්භීතව දැක්කීමක්, ජීවිතයේ වපසරිය ප්‍රසාරණය කර ගැනීමක්.
ප්‍රේමය, මානව බැඳීම්වල ප්‍රකෘතිතා හා විකෘතිතා, හුදෙකලාව වැනි තේමා සමඟ පාඨකයා රොමෑන්තික ලෝකයක් වෙත රැගෙන යාමද ඔබ උත්සාහ කරන්නේ?
අපේ හැඟීම් වඩාත් හෘදයංගමව, උෙදHdaගිමත්ව කතාවට බඳුන් කළ හැක්කේ ආදරය හමුවේදී. මගේ කතාවල ආදරය කියන්නේ කෙනෙක්ගේ ජීවිතය උඩුයටිකුරු කරන, ජීවිතයේ මංසන්ධි, හැරවුම් ලක්ෂ්‍ය ඇති කරන දෙයක්. මං ආදරය දකින්නේ අපි තුළම හඳුනාගත යුත්තක් විදිහට. මගේ කතා තුළ රොමෑන්තික ආදරය තාවකාලිකයි. එකිනෙකාට සහයෝගය දක්වන, බැඳීම්වල ඉහළම ස්වරූපය වෙන මිත්‍රත්වය මං උලුප්පා දක්වනවා. තමන්ට පරමාදර්ශයක් වෙන, තමන් තුළ නැති ගතිගුණ අනෙකාගෙන් සොයා ගත හැකි මිත්‍රත්වයක් ගැන. ඒ වගේමයි, මගේ කතාවලදී හුදෙකලාව අප වේදනාවට පත් නොකර, අප බොහෝ දෙයින් ආරක්ෂා කරන දෙයක්. හුදකලා දිවියක ගැබ් වෙලා ඇති හැකියාවන් ගැනයි මං කියන්නෙ. කොටින්ම, හුදෙකලාව වටිනා සාධකයක් විදිහට පෙනී සිටින්නෙ.
යථාර්ථය ලිවීම වෙනුවට, කෙනෙක්ගේ ආත්මයේ කතාව ලිවීමටයි මම කැමති. ආත්මභාෂණ නවකතාවකින් අපේ හදගැස්ම ඒ ආකාරයෙන්ම පාඨකයාට දිය හැකියි කියලා මට දැනෙනවා. එක අතකට, ලිවීමෙදි අපි විඳපු වද වේදනා, අපි දුටු සුන්දරත්වය හා එකට මුසු වෙනවා. දේශපාලනය, රටේ ආර්ථිකය වැනි කාරණා අපේ පෞද්ගලික ජීවිතය ආක්‍රමණය කරමින් ඉන්නා අතර, එය ආදරයෙන්, මිත්‍රත්වයෙන් පුරවා ගැනීමටයි, අාධ්‍යාත්මිකව පරිපූර්ණත්වයට ළඟාවීමයි මං ප්‍රබන්ධයකින් ඉල්ලන්නෙ. නවකතාවකින් ජීවිතයට වඩා විශාල චරිත මවන්න හැකියි. පාඨකයාගේ විශ්වාසය දිනාගන්න නම් අපි ඇත්ත විදිහට ලියන්න ඕනෑ, ඒකට අවංක වෙන්න වෙනවා, හිත ඇතුළෙ තියාගෙන ලියලා බැහැ, සියල්ල එළියට ඇද දමන්න වෙනවා.
බටහිර නවකතාවේ නව ප්‍රවණතා ඔබ නිතරම හඳුනාගන්නා කියවන කෙනෙක්. නූතන විශ්වීය නවකතාව තුළ ඇති හැඩය ඔබ හඳුනාගන්නේ කොහොමද?
ජීවිතයත්, මරණයත් අතර කතා අපි දැන් කියවන්නෙ. එහෙම බලද්දි, සිවිල් යුද්ධ එක්ක, ජනතා මර්දන එක්ක, මාරාන්තික රෝග එක්ක ජීවිතය හා මරණය අතර ගත කළ කාලයේදී, අපි හැමෝම නවකතාවක් වගේ ජීවිත ගෙවා දාපු අය කියලයි මට හිතෙන්නෙ. අවශ්‍ය එකම දේ ඒ ගැන ලියන එක. හුදෙකලා ජීවිතයක අරුත හෙවීමත් බටහිර නවකතාවල පොදු තේමාවක්. අද දවසේ ලෝක සාහිත්‍යයේ උඩින්ම තියෙන්නෙ අපේ බිමේ උපන් වස්තුබීජ හන්දා අපට තේමාවලින් නම් අඩුවක් පේන්න නැහැ. සංකීර්ණ නවකතාවකට යෑමට තරම් දේශපාලන ඝට්ටන අපට තියෙනවා කියලා ඔප්පු වෙලා.
නව ප්‍රවණතා මොනවා වුණත්, කොයි රටක ඉඳන් ලීවත්, සාහිත්‍ය කෘතියක් තුළ අපට කරන්න තියෙන්නෙ මනුෂ්‍ය ජීවිතය එළිදරවු කිරීම. ඒක කරන ආකාරයෙයි වෙනස. විශේෂයෙන් ආකෘතිය, චරිතවල ආත්මය එළියට දැමීමේ තීව්‍රතාව, හදවත වැමෑරීමට හැකි තරම. අප කළ යුත්තෙ තමන් ළඟ තියෙන හැකියාව, ප්‍රතිභා ශක්තිය උපරිමයෙන් උරගා බැලීමයි කියල මට හිතෙන්නෙ. මං නූතන ප්‍රවණතා ගැන හිතන්නෙ නැහැ, අත්දකින ටික දේ හරි පරිකල්පනයට ලක් කරලා ප්‍රබන්ධයක් ගොඩනගන්න මං උපරිම උත්සාහය දරනවා. කතාවක් හරහා අවිඥානයට කතා කරන්න ඇති හැකියාව අනර්ඝ දෙයක් විදිහටයි මං බාරගන්නෙ. හැංගී තිබෙන මිනිස් ස්වභාවයන් එළියට ගැනීමට තරම් අපි සූක්ෂම විය යුතුයි. හොඳ පොතක් බිහි වෙන්නේ ‘කිසි දෙයක් හංගන්නෙ නැතිව කියන’ තත්වයට අපි ආවහම විතරයි. මොකද එතැනදි තමයි අපේ කම්පනය සංඛ්‍යාතය කියවන කෙනාට ඒ විදිහෙන්ම ඇතුළු වෙන්නෙ. හරියටම ඒක විද්‍යාත්මකව කියන්න දන්නෙ නැහැ. ඒත් ප්‍රායෝගිකව දැනෙනවා. එහෙම ස්ථානයකට ළඟා වෙන්න ලේසි නෑ, අපිව මුළුමනින්ම විවෘත කරන්න පුළුවන් කාටද?
ලංකාවේ නවකතා බොහොමයක් තවමත් පොදු විශ්වීය මානව බැඳීම්වලින් ඈත් වූ සංස්කෘතික සීමා තුළ සිරවී තිබෙන බවක් පෙනෙනවා. මේ ගැන අදහස කුමක්ද?
උපන් සංස්කෘතිය අපට පැත්තකට විසි කරන්න බැහැ. ඒක අපේ ශරීරය තුළ නිදන්ගතව තිබෙනවා. මම කොයි රටේ රැකියාව කළත්, කන්නෙ බොන්නෙ, අඳින්නෙ, කතා කරන්නෙ ලංකාවෙ විදිහට, හිතන්නෙ සිංහලෙන්. චින්තන රටාව, ජීවන රටාව හැඩගැහෙන්නෙ ඒ අනුව. ඒ ගැන මං ආඩම්බර වෙනවා. ඒත්, මගේ මේ සංස්කෘතිය ගතික දෙයක්, සංස්කරණයට බඳුන් වෙන, කාලයත් සමඟ වෙනස් වෙන දෙයක් කියලා පිළිගන්න ඕනෑ. අපි අයත් සංස්කෘතිය යමෙකු විසින් එක තැන තියලා, ඇණ ගහනවා නම් අපේ නිදහස සීමා වෙනවා, මනුෂ්‍යත්වය තුළ අපව සිර කරනවා.
හික්මවීම ලේඛකයෙකුට හරි භයානක දෙයක්. සිතීමේ රාමුව කොටු කරගත්ත ගමන් අපි පටු අවකාශයක ජීවත්වෙන්න ගන්නවා, පරිකල්පනයෙන් බැහැර වෙනවා, අන් අයගේ දුක වේදනාව නොදැනෙන අය වෙනවා. ලේඛකයෙක් විදිහට එකම රාමුවක හිඳිමින්, අපේ නිදහස හා අයිතීන් නැති කරගන්නවා නම් ඒක අපරාධයක්. ගුවන්විදුලිය, රූපවාහිනිය, ජනමාධ්‍ය, දේශපාලනය, මේ හැමදේම ගමන් කරන පාරක් තියෙනවා. ලේඛකයාට තියෙන්නෙ ඒ පාරේ නැතිව අනික් පැත්තට හැරිලා යන්න.
සමාජයේ හා පුද්ගලයන්ගේ සාම්ප්‍රදායික සංස්කෘතික සීමා කඩා බිඳ දමා නව ලෝකයක් වෙත පාර පෙන්වන ලේඛක භූමිකාවක් ලංකාව වගේ රටකට අවශ්‍ය ඇයි?
අපි හැමෝම ඉන්නෙ අන්ධකාරයක තමා. ඒත් කීයටවත් ඒ අන්ධකාරයට අපි ඇතුළට එන්න ඉඩ දීලා බැහැ. අපි කොහොමද ජීවත්වෙන්න ඕනෑ කියන එක ඉතාම ගැඹුරු විදිහට විමසා බලන ලේඛක භූමිකාවක් අපට ඕනෑ කරනවා. රටක් සංවර්ධනය වීමට ආණ්ඩුවේ මැදිහත්වීම තිබ්බාට මදි, එය සිදු වන්නේ පුද්ගල කේන්ද්‍රීයව කියලා මං විශ්වාස කරන්නෙ. එතැනදි තමයි සාහිත්‍ය අප ගලවාගැනීමට එන්නෙ. කවුරුවත් ඒක විශ්වාස කරන එකක් නැහැ. අපි කලක් ආයුධ සන්නද්ධ දේශපාලනය අත්වින්දා, දැන් ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා ඇති කර තිබෙන බලපෑම, ලෝකයම තමන් වටේම ඉන්න විට පවා මුහුණ දෙන හුදෙකලාව සුලුපටු නැහැ. එතැනදි හැමෝටම අවශ්‍ය වෙනවා තව තවත් තමන් තුළට හැරෙන්න. ලේඛකයන්ට අලුත් වරමක් ලැබිලා තියෙනවා මේ උඩුයටිකුරු වෙච්ච සමාජ සබඳතාවල ස්වරූපය තුළ, හුස්ම ගන්න හැකි වාතාවරණයක් හදන්න. ඇරත්, ඉන්දියාව චීනය වගෙ තාක්ෂණය භාවිත කරන, අභ්‍යවකාශය තරණය කරන රටවල් දෙකක් මැද්දෙ ඉඳගෙන, අපට සංස්කෘතික රාමුවක සිරවී හිඳීමට ලෝකය ඉඩ තියන්නේ නැහැ. අනෙක් අතට සමාජ ජාලා භාවිතය තිබ්බාට අපේ අධ්‍යාත්මය වර්ධනය වෙන්නෙත් නැහැ. අතීතයේ සිර වී සිටින්නේ නැතිව අලුත් ලෝකය වෙත යෑමට ආත්ම විශ්වාසය අප වඩවා ගත යුතුයි.
සංස්කෘතික රාමුවක ඉඳගෙන, දේශපාලනය හොඳ වෙන තෙක්, ආර්ථීකය යහපත් වෙන තෙක් බලාගෙන ඉඳිල්ල තව තවත් අපව කොටු කර ගැනිල්ලක්. අඩු ගාණේ අප තුළට හැරිලා අප සතු හැකියාවන් හොයාගැනීම, ඒ හැකියාවන් එළියට ගැනීම තමා අපට දැන් ඉතිරි වෙලා තියෙන එකම අවිය.
(*** සංවාද සටහන - ගාමිණී කන්දෙපොළ)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හික්මීම ලේඛකයකුට භයානකයි
අපකීර්ති වර්ණකුලසූරිය Thursday, 16 May 2024 07:24 AM
වැදගත් වගෙම හිතීමට යමක් ඉතිරි කරන ලිපියක්.