IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


හිඟාකාලා ගෙවල් දොරවල් අරගත් යාචකයෝ

  5_SLT_P_24 SLTK-24.qxd

 

දුකකට පිහිට සුළු මිනිසුන්ගෙන් විතර 
ලොකුවට සිටින අයගෙන් නැත කිසිමවර
තිබහට වතුර බීමට සුළු ළිඳ විතර 
කිසිවිට පිහිට නැත ගැඹුරැති මහ සයුර

 


පැද්දෙමින්, ගැස්සෙමින් අවට සිහිල් සුළං රෝද කවුළු පියන් අතරින් හොරෙන් හොරෙන් රිංගමින් ගත සීතල කරන කෝච්චි පෙට්ටි අසුනේ කොනකට බරවී මද නින්දට වැටුණු මා තිගැස්සී ඇහැරුණේ හිගමන් යදිමින් කෝච්චි පෙට්ටියෙන් පෙට්ටියට යන හිඟන්නිය තාලයට ගායනා කළ කවියේ ශබ්දයෙනි.
කෑ දේ ගඳයි දුන් දේ සුවඳයි සත්තේ දානය තමයි කවුරුත් ගරු කළ යුත්තේ. 

SLTK-24.qxd
පසුම්බියෙන් කීයක් හෝ රැුගෙන දෙන තෙක් දන්නා වචන වලින් කවි පද ගොතනා ඇයට මම රුපියල් දහයක් අත තැබුවෙමි. මා මෙන්ම කෝච්චි පෙට්ටියේ සිටි කිහිප දෙනෙකුම රුපියල් පහ, දහය ඇය අත තැබූවත් ඉන් සෑහීමකට පත් වූ බවක් දක්නට ලැබුණේ නැත.


ඇය තවත් කෝච්චි පෙට්ටියකට මාරු වූවාය.


‘‘නුදුනත් පොහොසත් දනන් කෙරේ මසිතේ හටගන්නේ නෑ කෝපයක්.’’ 


වෘත්තියට සම්බන්ධ කවි සෑහෙන ගණනක් මතකයෙන් ගායනා කළ ඇස් නොපෙනෙන යුවළක් සැරයටියේ ආධාරයෙන් සිඟමන් යදිමින් අප ඉදිරියෙහි වූහ.
ඉල්ලාගෙන කෑම වෘත්තිය කරගත් යාචකයන්ගේ, නොපෙනෙන ජීවිත ගැන සොයා බලන්නට අපි උත්සාහ ගත්තෙමු. සොයා ගිය තොරතුරු අනුව සිඟා කෑම ව්‍යාපාරයකි. තවත් විටෙක අමිහිරි කටුක අත්දැකීම් සමගින් ඉදිරියට යන ජීවිතයට පුංචි තල්ලූවක් දෙන රැකියාවකි.


කොළඹ කොච්චිකඬේ පල්ලිය අසල සිගමන් යදින දහපහළොස් දෙනෙකුගෙන් යුතු සිගන්නන්ගෙන් එක් අයෙකු තොරතුරු විමසීමට කැමති කර ගත්තෙමු.
‘‘මෙතන හිඟා කන අයගෙන් ගොඩක් අය අවුරුදු පහළොවක් විස්සක් විතර කාලයක ඉඳලා මෙතන හිඟා කනවා. ඒ අයගෙන් වැඩිපුරම හම්බ කරන්නේ අබ්බගාත අය. රෝද පුටුවල ඉන්න අයටයි, ළමයි තියාගෙන ඉන්න අයටයි දවසට අනිවාර්යෙන්ම රුපියල් පන්දහසකට වඩා ලැබෙනවා. පල්ලි මංගල්‍ය කාලේට මිනිස්සු දාහේ, දෙදාහේ, පන්දහසේ කොළ තමන්ට පුළුවන් විදිහට බෙදනවා. පිට රටවලින් එන අය හිඟන්නන්ට දෙන්නේ ඩොලර්, එහෙම දවසට නම් සමහර දාට රුපියල් විසිපන්දාහ තිස්දාහ දවසට හොයපු කාල තිබුණා.


සල්ලිවලට අමතරව ඇඳුම්, චීත්ත රෙදි, බනිස්, කිරිපිටි පැකට්, සීනි, තේ කොළ, පොල්තෙල්, දුරු පහේ, බත් පැකට්, බිස්කට්, වතුර බෝතල්, බීම බෝතල් ඒ වගේ දේවලූත් ගෙනත් දෙනවා. ඇය කියාගෙන ගියාය.


තමාගේම කියා ඉන්න සිටින්නට බිම්කඩක අයිතියක් නැති බොහෝ සිඟන්නන් රැුය පහන් කරනුයේ මහාපාරේ පදිකවේදිකාවේ හෝ, රාත‍්‍රියේ වසා දමා තිබූ කඩපිල්වලය. කෙසේ නමුත් නිල් අහසත්, මහ පොළොවත් කවුරු නැතත් ඔවුන්ට පිහිටට ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.


‘‘ හිඟා කන ගොඩක් අයට ගෙවල් දොරවල් තියෙනවා. සමහරු කුලියට ගෙවල් අරං ඉන්නවා. ඒ අය රෑ දහයට විතර ගෙවල්වලට ගිහින් පහුවෙනිදා උදේ පහට විතර ආයේ හිඟා කන තැනට එනවා. හම්බවෙන ඒවා ගෙවල්වලට අරං යනවා. සමහර පිරිමි හම්බ වෙන ඒවා විකුණලා සුරුට්ටු, කසිප්පු බොනවා.
පේමන්ට් එකේ නිදා ගන්න අය අව්වට වේළෙනවා. වැස්සට තෙමෙනවා. ඒක ගානක් නෑ. උදේට රුපියල් දහයක් දීලා ළඟ තියෙන පොදු වැසිකිළියට යනවා. රුපියල් විස්සක් දීලා බාල්දි ළිඳෙන් නා ගන්නවා. සමහරු හැමදාම නාලා කරලා පිරිසිදුව ඉන්නවා. සමහරු ඉන්නේ පෙරේතයෝ වගේ. වැසිකිළි කැසිකිළි කරන්නෙත් පාරේ. ගින්නට දැම්මත් රෙදි පිච්චෙන්නෙ නැති තරමට හඩුගැහිලා.


දරු තිදෙනෙකුගේ මවක් වන ඇය, තාරුණ්‍යයේ සිටින අයෙකි. ඇගේ මවගේ රැුකියාව වන්නේත් මෙම සිඟමන් යැදීමය. මවගෙන් ලැබුණු රැුකියාව ඇය සතුටින් කරගෙන යන්නේ ද යන්න මම හරියට දන්නේ නැත.


‘‘ළමයි ළඟ තියා ගත්තාම ගොඩක් සල්ලි හම්බ වෙනවා. ඒත් පොලිසියෙන් ඇවිත් කෑ ගහනවා ළමයි ළඟ තියා ගන්න එපා කියලා. ඒක එහෙම වෙලා තියෙන්නේ කුලියට ළමයි අරං ඇවිත් හිඟන අය නිසා. ඇය යළිත් හඬ අවදි කළාය.’’


‘‘හිඟා කාලා දවසකට රුපියල් දහක්, දෙදහක් විතර හම්බ කරනවා. ඒකෙන් තමයි ළමයින්ට කන්න බොන්න දීලා, ඒ අයව පාසල් යවන්නේ. අපි විඳින දුක දරුවන්ට දෙන්න බෑ නෝනා.


 ඕනෑම සෙනෙහේ බර මවක් තමන්ගේ දරුවන් වෙනුවෙන් දකින සිහිනය, ඇය දකිනා බව නොඅනුමානය. වැඩිපුර සිඟමන් ලබා ගැනීමට දරුවන් යොදා ගත්තද, එසේ ලැබෙන සෑම රුපියලක්ම වියදම් කරනුයේ අසරණ දරුවන් වෙනුවෙනි. 


ඉල්ලාගෙන කෑම වෘත්තිය කරගත් තැනැත්තන් සිගන්නන් ලෙස හැඳින්වුවද සිඟාකෑම අප දකින තරම් පහසු නැත. හිඟන්නෙකු සුපුරුදු පරිදි, බාධාවකින් තොරව සිඟමන් යදින්නට නම්, නගරයේ යාචකයන් භාර හයිකාරයෙකුගේ අනුගාමිකයෙකු බවට පත් විය යුතුය. එසේ නොමැතිව නැති බැරි කමට හෝ සිඟමන් යැදීමට තම බලප‍්‍රදේශයට, සිඟා කන්න එන සිඟන්නන් පලවා හැරීමට පැරණි සිඟන්නන් පියවර ගන්නේ ඔවුන් යටත්ව සිටිනා හයිකාරයින්ගේ සහ මුදලාලිලාගේ හයිය පෙන්වමිනි.


‘‘ඒ, තමුසෙට කවුද ලයිසන් දුන්නේ මෙහේ හිඟා කන්න. අපේ රස්සාවට ගහන්නේ නැතුව මෙතනින් ගියොත් හොඳයි. නැත්තං කරදර වෙන්න වෙයි.’’
එලෙස අලූතෙන් පැමිණෙන සිඟන්නන් ටික කාලයක් යන තෙක් සිටිය යුත්තේ සැඟවී ගෙන වාගේය. පරණ අයට වඩා මුදල් ඉපයීමත්, මහජනයාගෙන් විවෘතව මුදල් ඉල්ලීමත් ඔවුන්ට කළ නොහැකිය. මෙලෙස ක‍්‍රමයෙන් ලොකු කුඩා සෑම කෙනෙකුගේම බැණුම් අවලාද අසා අවසානයේ ඔවුන්ටද හිඟමන් සංවිධානවලට බැඳෙන්නට පුළුවන. එය විධිමත් පුහුණුවකින් පසු කළ යුත්තකි. කෙසේ නමුත් හිඟන සංවිධානයේ හයියකාරයෙකු හෝ හිඟන නායකයෙකුට දෙන ආධාර මත හෝ ආධුනික හිඟන්නෙකුට හිඟන බජාර් එකේ පොරක්වීම අභියෝගයක් වන්නේ නැත. එහිදී හිඟන්නාට නායකයන්ගේ කොන්දේසි ගණනාවකට යටත්වීමට සිදුවන අතර එහිලා පිළිපැදිය යුතු ප‍්‍රධානම කරුණක් වන්නේ එක් භූගෝලීය ප‍්‍රදේශයක රැඳී සිටීමය.


ඔවුන් භාර හිඟන මුදලාලිටත්, ඔවුනගේ ආරක්‍ෂාව සලසන හයියකාරයන්ටත්, වැඩිහිටි හිඟන්නන්ටත් ගරු කිරීම, ඔවුන් පිළිපැඳිය යුතු දෙවැනි කරුණය.
අනෙක් ප‍්‍රධානම කරුණක් වන්නේ උපයනා සිඟමන් මුදලින් කොටසක් අනිවාර්යෙන්ම මුදලාලිවරුන්ට දිය යුතු වීමය. එසේ නොමැතිව නායකයන්ගේ අණසක ඉක්මවා ගියහොත් වන්නේ හිඟමන් රැුලෙන් ඉවතට යෑම සිදුවීමය.


යාචකයන් හිඟා කෑමට අමතරව මත්ද්‍රව්‍ය අලෙවි කිරීම, සමාජ විරෝධී කි‍්‍රයා, සුළු සුළු සොරකම්, ගණිකා වෘත්තිය ආදිය ද සිදු කරන අතර, ඒ සියල්ල ආරක්‍ෂිතව කරනුයේ හයියකාරයින්ගේ ආරක්‍ෂාව යටතේය. මෙයට නොමිලේ ආරක්‍ෂාව සැලසීමත් උපදෙස් ලබා දීමත් සිදු නොවන අතර ඔවුනට උපයන කොටසින් කියන ප‍්‍රමාණය දිය යුතුය.


නූතන ලෝකයේ යාචකයන්ගේ අලූත්ම අලූත් උපක‍්‍රම යොදාගෙන ඇත්තේ ආරෝග්‍ය ශාලාවකින් නිකුත් කළ බෙහෙත් තුණ්ඩුවක් පෙන්වමින් බෙහෙත් ගැනීමට මුදල් ඉල්ලීමය. 

1


තවත් විටෙක දවල් කන්නට බත් පැකට් එකක් ගන්න, උදේට පාන් කෑල්ලක් කන්න, ප්ලෙන්ටියක් බොන්න කියා බඩ විකුණා සල්ලි හම්බ කර ගන්නා හිඟන්නන්  ඕනෑ තරම් අපි දැක ඇත්තෙමු. එලෙස උපයන වැඩි මුදලක් ඔවුන් වියදම් කරන්නේ මත්ද්‍රව්‍යවලටය. 


ලෝකය කාලා වතුර බී සිටින හිඟන ලෝකයේ සිදුකරන කපටි වැඩ, විටෙක නිවැරදිව හඳුනා ගැනීමට බැරි තරම්ය.


‘‘අගනුවරට පැමිණි පසු මුදල් පසුම්බිය සොරකම් කළ බව කියා, ගෙදර යෑමට බස් ගාස්තුව ඉල්ලන වැදගත් සේ ඇඳපැළඳගත් යාචකයන් ද  ඕනෑ තරම් ඇත. මේ අය අතර සිත්ගන්නා පෙනුමැති නෝනා මහත්වරුද දක්නට පුළුවන.


තවත් විටෙක කොළඹට නුදුරු දුෂ්කර පැතිවල නම් කියා ළමා නිවාසවල දරුවන්ට කන්න දෙන්න විදිහක් නැහැයි කියාත්, වෙහෙර විහාර අලූත්වැඩියාවට කියාත් ව්‍යාජව ටිකට් පොත් ගසා මුදල් ඉපැයීම් සිදු කරති.


මෑතකදී සිදු වූ සත්‍යම සිදුවීමකි මෙය. දිනක් අප පත්තර කන්තෝරුවට ආ මවක් හැඬූ කඳුළින් කියා සිටියේ මීට මාස කිහිපයකට පෙර සුවකළ නොහැකි රෝගයකින් පෙළී මිය ගිය තම සැමියාගේ ඡුායාරූපය සහිතව නම, ගම, ලිපිනය සහිතව ටිකට් පතක් මුද්‍රණය කර විකුණන පිරිසක්, ඇයටද ටිකට් පතක් ගන්නා ලෙසට ඉල්ලා සිටීමය. මෙම අවාසනාවන්ත, ඛේදනීය ඉරණම හමුවේ ඇය අසරණ වූ අන්දම මා ඔබට අමුතුවෙන් සඳහන් කළ යුතු වන්නේ නැත. මෙලෙසින් සිඟමන් යදින්නන්ගේ මූලික පරමාර්ථය එදාවේල සරිකර ගැනීමට කීයක් හෝ සොයා ගැනීම නොව, රුපියල් ලක්‍ෂ ගණනක් මිනිසුන් රවටා ඩැහැ ගැනීමය.


අප රටේ යාචකයන් වර්ධනය වන්නේ ‘‘පින’’ පිළිබඳ සංකල්පය නිසා බව මහාචාර්ය රැුල්ෆ් පීරිස් මහතා වරෙක ප‍්‍රකාශ කර ඇති බව මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා ප‍්‍රකාශ කර තිබේ.


මහාචාර්යවරයාගේ හිඟමන් ගැන කියන පොතේ සඳහන් වන්නේ බොහෝ යාචකයන් තමා අබ්බගාතයෙකු බව පෙන්වීමටත් සුව නොවන තුවාලයක් ඇති බව පෙන්වීමටත් අනුගමනය කරනුයේ කරවල කැබැල්ලක් ගෝස් පටියකින් ඔතා පාදයේ බැඳ ගැනීම හෝ, මැස්සන් වැඩිපුර ගෙන්වා ගැනීමට කකුල වෙළා ගත් වෙළුමට පැණි වර්ගයක් වක්කර ගැනීමය.


සබන් කැබැල්ලක් කටේ දමාගෙන පෙණ නංවමින් බිම පෙරළී මී මැස්මොරය සෑදුණු බව අඟවන්නට නම් ඒ ක‍්‍රියාව රඟ දක්වන සැටි යාචක ජනශ‍්‍රැතියෙන් දැක ගත හැකි කරුණුය. 


උදෑසන කාර්යාල වෙලාවේදී දුම්රියට ගොඩවුණ මාගේ හිත වේදනාවෙන් කීරිගසන්නට වූයේ මාගේ මිත්තණියගේ වයසේ කාන්තාවක් කඳුළු සලමින් සිඟමන් යැදූ ආකාරයය.


‘‘අනේ පුතේ, වයසක මාව බලා ගන්න කවුරුත් නෑ. මට බත් කටක් දෙන්න කවුරුත් නෑ පුතේ. අනේ මට වෙච්ච දෙයක්.’’


සෑම කෙනෙකුම තම අම්මා මතක් වූ සෙයින්, තමාට තිබෙන පරිදි රුපියල් දහයේ, විස්සේ සහ පනහේ නෝට්ටු දිගු කළහ.


කඳුළු සලමින් දුක කියූ මිත්තණිය, ඇය අතෙහි රඳවා තිබූ බෑගයට පිං කැමති වූවන් දුන් මුදල් දමාගෙන, නැවතත් අනෙක් කෝච්චි පෙට්ටියට ගොඩ වී, ‘‘අනේ මට කන්න, කීයක්වත් ඉල්ල ගන්න කෙනෙක් නැතැයි කියමින් පෙර ලෙසම මුදල් රැුස් කරන්නට වූවාය.’’


මරදාන දුම්රිය ස්ථානයට ළඟා වූ දුම්රියෙන් බොහෝ පිරිසක් ලහි ලහියේ බැස, පදිකය දිගේ දිව යන අයුරු දුටු මට හැඟුනේ වීඩියෝ පටයක් වේගයෙන් ඉදිරියට පසුපසට යැවීමට දුරස්ථපාලක යන්ත‍්‍රයක, බොත්තමක් එබුවා මෙනිය.


කොටුව දුම්රිය ස්ථානයෙන් බසින්නට නියමිත නිසා, මම ඒ වෙනුවෙන් සැරසුනෙමි. එකවරම කෝච්චි පෙට්ටි දෙකක් එකතු වෙන සම්බන්ධතා දොරින් රෝද පුටුවකින් තරුණයෙකු පැමිණියේය. ඔහු කඩවසම්ය. කාගෙත් අවධානය ඔහුට යොමු විය. ඒ මෙතෙක් සිඟමන් ඉල්ලා පැමිණි පිරිසට වඩා ඔහු පැමිණි විදිහ වෙනස් නිසා විය හැක.‘‘මට සමාවෙන්න ඔයාලාට කරදරයක් කරන්න ආවාට. ඔයාලා වාගේ රස්සාවක් කරලා ජීවත් වෙන්න මමත් ආසයි. ඒත් මගේ කකුල කැඩිලා. කෘතිම කකුලක් දාන්න රුපියල් ලක්‍ෂ එකහමාරක් යනවා. ඒ සල්ලි හොයා ගන්නයි මම ඔයාලගේ කකුල් දෙක ගාවට ආවේ. දරුවයි බිරිඳයි, බත් කටක් හරි කන්නේ ඔයාලාට පිං සිද්ධ වෙන්න.


ඔහු ප‍්‍රාණවත් හඬින් කියාගෙන යද්දී එතෙක් වෙලා කතාවට ඇහුම්කන් දුන් බොහෝ දෙනෙකු රුපියල් 20, රුපියල් 50, රුපියල් 100 අත දිග හැර පිරිනැමුවේ කිසිදු ලෝභකමකින් තොරවය.


කොටුව දුම්රිය ස්ථානයෙන් බැස කඩිමුඩියේ දුම්රිය වේදිකාව දිගේ පිටත් වීමේ දොරටුව වෙතට යන විට මට ඇහුණේ ‘‘මචං අර රෝද පුටුවේ එන එක්කෙනාට දැන් කකුල් දහයක් දාන්න සල්ලි හම්බ කරගෙන ඇති.’’ ඒත්් තාම ඌ කකුල දාගන්නේ නැතුව සල්ලි එකතු කරනවා.


ඊට පිළිතුරු දුන් අනෙකා, උඹට පිස්සුද බං ඌ කකුල දා ගත්තාම ජීවත් වෙන්නේ අල විකුණලාද?


ගෝලාකාර ලෝකයේ, විවිධාකාර මිනිසුන්ගේ වැඩ අපූරුය.


‘‘මහත්තයා ගහෙන් වැටිලා, රැකියාවක් කර ගන්න බෑ අසනීපයි, රස්සාව නැති වුණා. ආදී කතා කියමින් අන් අයගේ අනුකම්පාව දිනා ගැනීමට උත්සාහ ගත්තේ අපූරුවටය. 


මිනිසුන් ජීවත් වෙන්න වෙර දරන හැටි. මම මදකට මෙතෙක් පැමිණි සිඟමන් යදින්නන් ගැන කල්පනා කළෙමි.


පොත් වෙළෙන්දන්, දොඩම්, ඇපල්, රටකජු, මුරුක්කු, සීත කළ වතුර බෝතල්, බීම බෝතල්, පත්තර විකුණා ගන්න උගුර ලේ රහ වෙනකම් කෝච්චි පෙට්ටිවල කෑ ගසන වෙළෙන්දන් තම දහඩිය මහන්සියෙන් කීයක් හෝ සොයා ගන්නට උත්සාහ ගන්නන් අතර, හිඟමනද වෘත්තිය කරගත් මිනිසුන් කොපමණ නම් සිටිනවාද? 


කැලණි විහාරය, බෙල්ලන්විල රජමහා විහාරය, කතරගම කිරිවෙහෙර, අනුරාධපුර රුවන්වැලි මහා සෑය, ශ්‍රී මහා බෝධිය, කළුතර බෝධිය, කන්දේ විහාරය, ආදී බැතිමතුන් දහස් ගණනක් මහත් බැතියෙන් පුද පූජාවන් පැවැත්වීමට පැමිණෙන පුණ්‍ය භූමිවල සහ ඒ අවට සිටින සිඟන්නන් තම වෘත්තියේ නියැලෙන්නේ අපූරුවටය.


පන්සල් හෝ දේවස්ථාන අසල සිටිනා යාචකයින් කිසිම විටෙක මල්, සුවඳ, පළතුරු වට්ටි රැුගෙන යන විට සිඟමන් ඉල්ලන්නේ නැත. ඔවුන් සියලූ දෙනා සිඟමන් ඉල්ලන්නේ ආපසු එන විටය.


‘‘අනේ ඔබ තුමාගේ හිතේ තියෙන කාරණාව ඉෂ්ට කර පිහිට ලැබෙනවා, ලැබෙනවාමයි කියා මිනිසුන්ගේ අවශ්‍යතාව හඳුනා ගන්නන්, ඒ මගින් විශාල මුදලක් හරි හම්බ කරන්නේ බඹරුන් මල නොතලා රොන් ගන්නා අයුරිනි.


විධිමත් පුහුණුවකින්, හිඟන ලෝකයේ වසර ගණනාවක් පුරාවට සිඟමන් යදින්නන් ඔබ  ඕනෑතරම් මඟ තොටෙදී දැක ඇතුවාට සැක නැත. නමුත් කිසිවෙකු ඉන් මිදීමට උත්සාහ නොගන්නේ ඉපැයීම් ක‍්‍රමය සරල නිසා විය හැකිය.


ගෙවල් දොරවල් හදාගෙන, යාන වාහන තියාගෙන, දරුවන් දීගතලග දී, හොඳින් ජීවිකාව ගෙනියන පුද්ගලයන් මෙන්ම, හිඟන්නාගේ තුවාලය කිසිදා සුව නොවන්නා මෙන්, හම්බවෙන මුදල් කිසිවක් යහපත් ලෙස ප‍්‍රයෝජනයට නොගන්නන් ද  ඕනෑ තරම් අපට හමුවී ඇත. 


මේ සියලූ කරුණු හමුවේ වෘත්තිකයන් ලෙසට හිඟමන් යදින්නට අමතරව, සැබෑවටම කාගෙවත්, පිහිටක්, රැකවරණයක් නැති වැඩිහිටියන්, දරුවන් නඩත්තු කළ නොහැකි විවාහක මෑණිවරු, මහමග සිඟමන් යදිනා බව සැබෑම කරුණකි.


වැඩිහිටි ජනගහනය වැඩිවීමත්, එයට සාපේක්‍ෂව වැඩිහිටියන්ගේ ජීවිතවලට රක්‍ෂණයක් සැලසීමට ක‍්‍රමයක් නැති වීමත්, රෝගී වීමත් යන කරුණු මූලික කොටගෙන ඔවුන් සිඟමනට වැටී තිබේ.


විශේෂයෙන්ම ආරෝග්‍යශාලා අවට සිඟමන් යදින බොහෝ වැඩිහිටියන්, කොළඹින් බොහෝ දුර බැහැර සිට පැමිණ, රෝගය සුව වුවද නැවත ගම්බිම්බලා යෑමට නොහැකි තරම් ගිලන් වූවෝ වෙති. තවත් විටෙක රෝගී වුවහොත් ඉක්මනින් රෝහල්ගතවිය හැකි නිසාද. ඔවුන් එලෙස රැඳී සිට කීයක් හෝ සොයා ගනිති.

m



අදහස් (0)

හිඟාකාලා ගෙවල් දොරවල් අරගත් යාචකයෝ

රාජා Wednesday, 16 September 2015 04:27 AM

මම නම් ඉල්ලන හැමකෙනාටම සල්ලි දෙන්නේ නැහැ කවදාවත්. ඒ වුණාට සමහර අයට දෙනවා. එයාලත් බොරු කරනවා ඇති. (නි)

:       0       0

රොලෙක්ෂා Tuesday, 15 September 2015 09:10 AM

නම්බුව ! ධම්ම දන්නා බම්බුව (අ)

:       0       0

පද්මේන් Tuesday, 15 September 2015 09:31 AM

රංග මටත් ඔය වගේ දෙයක් වුණා.ත්‍රී වීලර් එකක් පැට්‍රල් ඉවරයි කියල රුපියල් සීයක් ඉල්ලුව.මම දුන්නා.ආයිත් මම පැයකට විතර පස්සේ යනකොට මිනිහ අනික් අයගෙනුත් ගන්නවා.(බ)

:       0       0

ධම්ම Tuesday, 15 September 2015 05:50 AM

හිඟාකාලා ගේදොර ගන්න එක නම්බුයි පාගා ගහලා ගේදොර ගන්නවාට වඩා. (ම)

:       0       0

සුනිල් Thursday, 10 September 2015 03:48 AM

එක්තරා මහලු කාන්තාවක් හවස දුම්රියේ ඉතා අමාරුවෙන් ඇවිදිමින් හඬමින් පිළිකාවක් ඇති බවත් වේදනාව දැරිය නොහැකි තරම් කියමින් යනවා. තව කෙනෙක් පිළිකා රෝහලේ සිට ආ බව කියමින් මුත්‍රා පිටකරන බෑගයක් එල්ලාගෙන එනවා. තව කෙනෙක් මුහුණ විරූපි වුණ දරුවෙක් අරගෙන එම දරුවා වසර ගණනක් තිස්සේ එකම වයසේ ශරීරයත් එකම ප්‍රමාණයේ කවදාවත් අවදියෙන් ඉන්නවා දැකලා නැහැ කියමින් එනවා. මේ වගේ නානාප්‍රකාර අය අපිට හැමදාම මුණගැහෙනවා (නි)

:       0       0

රංග Saturday, 12 September 2015 03:31 PM

දිනක් මා විදියක පයින් යන විට තරුණයෙක් බෙහෙත් තුන්ඩුවක් පෙන්වා එම බෙහෙත් ගැනීමට රු. 100/= ක් අඩු බව පවසා කියක් හෝ දෙන ලෙස ඉල්ලා සිටියා. පසුව මම රු. 100/= ක්ම දී ඉදිරියට ගියා. අදාල ස්ථානයට ගොස් මාගේ කාර්යය කරගෙන ආපසු එම විදිය දිගේම ආවා. ඒ එනවිට එම තරුණයා තවත් අයකුගෙන් ඒ විදිහටම බෙත් තුන්ඩුව පෙන්නා මුදල් ඉල්ලබව මා දුටුවා. මෙය සිදුවුයේ අනුරාධපුර නගරයේ ප්‍රධාන තැපල්හල ඉදිරිපිට මාර්ගයේදියි. කපටියකුට මා හසුවුන බව ඒ මොහොතේ මට වැටහි කණගාටුවුනා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3394 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 384 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1026 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 92 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 180 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site