ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනුරාධා සුධම්මිකා භික්ෂුණීන් වහන්සේ ශාස්ත්‍රීය පරිවර්තන හා සංස්කරණ කෘති කිහිපයක්ම මෙරට සාහිත්‍යයට දායා ද කොට තිබේ. සිංහල සාහිත්‍යගත සුරලොව, බඹලොව සහ අපාය (බෞද්ධ සාහිත්‍ය සම්මාන) පැරණි විනය සික හා වත්මන් තරුණ භික්ෂුව, අනුබුදු මහරහත් තෙරණිය ප්‍රජාපතීගෝතමී යන ශාස්ත්‍රීය කෘති ද භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය (රාජ්‍ය සම්මාන – අවසන් වටයට නිර්දේශීත) ශාක්‍යමුනි අපදානය වැනි පරිවර්තන කෘතිද සිරි දළදා වරුණ සහ වෙනත් ලිපි, මවුපිය උපස්ථානය, බෝ විසිතුරු බණ සහ බුදු සමය වැනි සංස්කරණ කෘති ද මෙහෙණින් වහන්සේගේ කෘති අතර කැපී පෙනේ.
නාවලපිටියේ අනුරාධා සුධම්මිකා භික්ෂූණීන් වහන්සේගේ නවතම ප්‍රබන්ධ රචනය ‘‘ඒ නුවණැස ලැබුවාය’’, කෘතියයි. එය එළිදුටුවේ සරසවි ප්‍රකාශනයක් ලෙසිනි. මතු දැක්වෙන්නේ එය නිමිත්තක් කොටගෙන මෙහෙණින් වහන්සේ සමඟ අප කළ සංවාදයක සටහනකි.
• බෞද්ධයන්ට අතීශයින්ම වැදගත් වෙසක් පුන් පොහෝ දිනය ගෙවී ගියා පමණයි. ඔබ වහන්සේ විසින් රචිත “ඕ නුවණැස ලැබූවාය” වැනි කෘතියක් ගැන මේ කාලයේ සාකච්ඡා කිරීම වඩාත් කාලෝචිත බවයි අපගේ හැඟීම. මේ ප්‍රබන්ධ කෘතියට පදනම් වූ කරුණූ කාරණා ගැන මුලින්ම කතා කරමු.
මේ පොත උත්කෘෂ්ඨ ආධ්‍යාත්මික ශක්ති ධාරාව මතු කරගත් ස්ත්‍රි රත්නයක් ගැන නිර්මාණාත්මක රටාවෙන් රචනා වූවක්. මීට පදනම් වන්නේ මහා ප්‍රජාපතී ගෝතමී චරිතයයි. එතුමිය පැමිණි ගමන සංසාර කුසල් ශක්තිය වඩා වර්ණවත් කරගත් ආකාරය චරිතයක පරිණාමික අවස්ථා, චිත්ත සංකල්පනා ආදිය මෙහි මතු කෙරෙනවා. එසේම ආධ්‍යාත්මික ජයග්‍රහණ සඳහා කැපවීමේදී මුහුණ පෑමට සිදුවූ ගැටලු ඒවා ජයග්‍රහණය කරන්නට කළ කැප කිරීම් ලොව්තුරු සුවය ලැබීමෙන් ලද සැනසිල්ල ආදිය ද මේ කතාවේ චරිතය තුළ ගොඩනැගනෙවා
මෙහි අන්තර්ගත වන්නේ බුදුන් වහන්සේ අවසන් ආත්ම භාවයේ දී හැදු වැඩු ආදරණීය මවුතුමිය ගැනයි. මෙය තමන් බිහි නොකළ දරුවකුට මවු වෙමින් උත්කෘෂ්ඨ ජීවිතයකට පදනම සකස් කළ උත්තම කාන්තා චරිතයේ අංශුමාත්‍රයක් මෙම කෘතිය කියවන ඕනෑම කෙනකුට නුවණැස ලැබීමේ ඉඩ කඩ තිබෙනවා. එය තම තමන්ගේ දැනුමේ ප්‍රමාණයට අනුව සිදුවිය හැකියි. පුද්ගලයා ඉන්නා තැනින් ඉහළට ඔසවා තබන්නට අවශ්‍ය කරුණූ මේ කෘතියේ කොහෙන් ගත්තත් කෙනකුට හමුවනු ඇතැයි මම විශ්වාස කරනවා.
• මේ ප්‍රබන්ධය කිසියම් ආකාරයක නිර්මාණාත්මක පර් යේෂණයක් හා අත්හදා බැලීමක් ලෙසත් සලකන්න පුළුවන්, ඔබ වහන්සේ ඒ සඳහා යොදා ගන්නා නැවුම් ආකෘතිය අපූරුයි. කොහොමද මෙබදු පෙළඹවීමක් ඇති වුණේ.?
ඇත්තෙන්ම මේ ප්‍රබන්ධයේ අංශ කීපයක අත්හදා බැලීම් දකින්න පුළුවන්. අපි විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට ප්‍රබන්ධ ගැන උගන්වනවා. ඒත් ප්‍රබන්ධ රචනය ගැන ඉගැන්වෙන්නේ අඩුවෙන්. මේ කෘතියට ඇතුළත් වන්නේ එබදු මෙහෙයවීමක් නිසා ශිෂ්‍ය කණ්ඩායමක් එක්වී සිදු කරන නිර්මාණාත්මක ලියැවිල්ලක්.
ඒ නිසාම නැවූම් ආකෘතියක් මතුවෙනවා ඇති. අන්තර්ගතයේත් කිසියම් පර් යේෂණ ගුණයක් මතුවෙනවා ඇති. අපදාන පාළි, ථේරි ගාථා, පූජාවලිය, සද්ධර්ම රත්නාවලිය, ආදි ග්‍රන්ථ ආශ්‍රයෙන් වගේම කිසිවක නැති කරුණූ පරිකල්පනය භාවිතයෙන් ප්‍රබන්ධ කිරීමක් මෙහි තිබෙන්නේ.
ප්‍රබන්ධය කියන්නෙම කල්පිතයක්, සත්‍යයත් මුසුවුණූ අත්දැකීම් සමුච්චයක්, ඇත්තටම මේ කාලයේ දරුවන් චරිත කතා කියවනවා අඩුයි. නිර්මාණාත්මක ලේඛනයක් මගින් ශිෂ්‍ය ජීවිතවලට වගේම වැඩිහිටි ජීවිතවලටත් මේ වටිනා චරිතවල අභ්‍යන්තර ගුණ සුවඳ සම්ප්‍රේෂණය කරවීමත් මේ කෘතියේ එක් අරමුණක්
• බෞද්ධ සාහිත්‍යයේ මතුවන කාන්තා චරිත පිළිබඳව ඔබ වහන්සේ මීට පෙරද කෘති මගින් මතුකොට දක්වා තිබෙනවා. ස්ත්‍රීත්වය පිළිබඳ ගැඹුරු කියැවීමකට එම චරිතවලින් කෙරෙන බලපෑම් කෙබඳු ද?
ඒ සඳහා බොහෝ උදාහරණ තිබෙනවා. ප්‍රජාපති ගෝතමී දේවියගේ චරිතය විශීෂ්ට වෙන්නේ රජෙකුට සිදුවන අහිමිවීම් ජයග්‍රහණය ආදී හැම තැන්හී ඉවසීමෙන් කටයුතු කරන්නට ශක්තිය ලබාදීම නිසයි. දුරදර්ශී නුවණක් ඈ සතු වූ බව මා කියවා තිබෙනවා.
ඒ වගේම යශෝධරා දේවි වැනි රූමත් ඥනවන්ත, රාජකීය පවුලකට අයත් දේවියක් සතුව පැවැති සිල්වත්කම ගුණ ගරුක බව නිසා සමස්ත සමාජයට ආදර්ශ සැපයු බවත් පැහැදිලියි. බෞද්ධ සාහිත්‍යයේ විවිධ කාන්තා චරිත ලෙස අපට හමුවන්නේ අප්‍රමාණ දුක් පීඩා විඳි ජීවිත අභියෝග හමුවේ බුද්ධිමත්ව කටයුතු කළ පිරිසක් නුවණැස අවදි කරගෙන මේ දුක් සමූහය මුලිනුපුටා දමා නැවත නූපදින තත්ත්වයට සිත මෙහෙයවීම අතීත කාන්තාවන්ගේ විශේෂත්වයයි.
අනෙක් අතට ස්ත්‍රීත්වය කියන්නේ මේ ලෝකයේ උපත ලබන මිනිස් වර්ගයාගේ එක් භාගයක් වගෙයි. අනෙක් භාගය පුරුෂ පාර්ශ්වයයි. මේ දෙකින් කිනම් භාගය නැති වුණත් මේ ලෝකයේ සම්පූර්ණ බව හෝ පැවැත්මට අදාළ සෞන්දර්යය දැකිය නොහැකියි. ඒ නිසා ආචාර්ශීලීව සහ නුවණැතිව ක්‍රියාකරන ස්ත්‍රී රත්නයක් බවයි බෞද්ධ ඉගැන්වීම, ඒ බව බොහෝ දෙනෙක් තේරුම් ගෙන නැහැ.
• නිර්මාණ රචනය ඇතැම් සාහිත්‍යකරණයේ යෙදෙන භික්ෂුණීන් වහන්සේලා වර්තමානයේ අපට හමුවන්නේ කලාතුරකින්. අතීත සාමාජයේ අපේ සාහිත්‍යයට දායකත්වය සැපයු එබදු භික්ෂුණීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා පිළිබඳව තොරතුරු මොනවාද? වර්තමාන සමාජයේ මේ දායකත්වය දුර්ලබවීමට හේතු මොනවාද?
සිංහල සාහිත්‍යයට මෙහෙණින් වහන්සේලාගේ දායකත්වය අති විශිෂ්ට මට්ටමක තිබුණත් ඒ ගැන කතා කෙරෙන්නේ නෑ. අද වගේම එදත් රාජ්‍යයට සම්බන්ධ වෙලා වැඩිපුර කටයුතු කළේ පුරුෂ පාර්ශ්වය. එසේම භික්ෂුන් වහන්සේලා, ඒ නිසාම මෙහෙණින් වහන්සේලාට ඒ අවස්ථාව තරමක් දුරස්ථයි.
සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේගේ වැඩමවීමෙන් අනුලා බිසව ඇතුළු පන්සියයක් රාජකීය කාන්තාවක් පැවිදි වූ විට එම පන්සියයක් වූ මෙහෙණි පිරිසට විනය උගන්වා තිබෙන බව මූලාශ්‍රවල සඳහන් වෙනවා.
එහිදී ඉගැන්වීම් කටයුතු ලේඛනයෙන් තොරව කළ නොහැකියි. ඒත් ඒවා සුරක්ෂිත වූ බවක් පෙනෙන්නට නැහැ. ඒවා අප්‍රකටයි. ක්‍රි.ව. 4 වැනි සියවසේ දී අභයගිරි විහාර පාර්ශ්වයට අයත් භික්ෂුණින් වහන්සේලා විසින් දීපවංශය ලියා ඇති බව විද්වත් මතයක් මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහත්මා ඔහුගේ පර් යේෂණයේ මේ ගැන සඳහන් කර තිබෙනවා. මහාවංශයත්, දීපවංශය පදනම් කරගෙන රචනා වූවක් ඒ ගැන වැඩිපුර කතාබහට ලක්වෙන්නේ නෑ
එයින් පසු අපට හමුවන සීගිරි ගී සමුච්චයේ මෙහෙණින් වහන්සේ ලා සාමණේරයන් වහන්සේලා ලියු ගී හමුවෙනවා. එබඳු නිර්මාණාත්මක ලේඛනයක් සඳහා අධ්‍යාපනය විශාල පිටුවහලක් වෙනවා. අනුරාධපුර යුගය සලකා බලන විට එබඳු ශේෂවීම් හඳුනාගත හැකියි. ඒත් අනුරාධපුර යුගය අවසන් වෙද්දි දේශපාලනික බල අරගල හේතුවෙන් මෙහෙණින් වහන්සේලාට නිසි නායකත්වය නැතිවීම, රාජ්‍ය අනුග්‍රහය නොලැබීම වැනි හේතු නිසා උන්වහන්සේලාගේ දැනුමත් සමඟම එක්කො පිරිනිවන් පානවා නැත්නම් අපවත් වෙනවා.
වර්තමානයේ මේ තත්ත්වය දුර්ලභවීමට හේතුව අධ්‍යාපන පහසුකම් අඩුවීම, ග්‍රන්ථ රචනා කළත් ඒවා මුද්‍රණය කරවා ගැනීමට ඇති දුෂ්කරතා ආදියයි. ගිහි ජීවිතයේ දී අධ්‍යාපනයක් ලබා රැකියාවක් සිදුකර පසුව පැවිදි වන පිරිසට දැනුම ඇති නිසාත් ග්‍රන්ථ රචනා කළ හැකි නම් එම පහසුකම තිබෙන බවයි මගේ හැඟීම.
උදාහරණයක් වශයෙන් 2019 වසරේ බෞද්ධ සාහිත්‍ය සම්මානය හිමිවුණේ ගුරුවරියක ලෙස කටයුතු කර පැවිදි වූ මෙහෙණින් වහන්සේ නමකට ඒ ‘භවාන්තර’ නම් නවකතාව ඒ හැරුණු විට ග්‍රන්ථ රචනා කළ මෙහෙණින් වහන්සේලා ලෙස කුසුමා භික්ෂුණිය, පානදුරේ වජිරා සිල් මාතාව, වෑකඩ භද්‍රා, බෝධි චින්තා, බොරලන්දේ සුබෝධා, ලක්ෂපතියේ සමාධි ආදි මෙහෙණින් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා සඳහන් කළ හැකියි.
• අතීත සාහිත්‍ය සලකා බැලුවොත් මේ සඳහා වැඩි වශයෙන් පදනම වැටෙන්නේ බෞද්ධ සාහිත්‍යයෙන්. ඒත් වර්තමානයේ මේ තත්ත්වය වෙනස් වෙලා පුළුල් වෙලා. එහි වාසි අවාසි ඔබ වහන්නේ දකින්නේ කොහෝම ද?
අතීත සාහිත්‍යයට බෞද්ධ පදනම වගේම හින්දු ආගම මුසු සංස්කෘත සාහිත්‍යයක් බලපෑවා. එම නිසා ශේෂ වූ ලෞකික සාහිත්‍යය සීගිරි ගී වලින් හඳුනාගත හැකියි. ඒත් ක්‍රි.ව. 9 වැනි සියවසේ අගභාගයේ ලියු ‘සියවස්ලකර’ කාව්‍යෝපදේශ ග්‍රන්ථය නිසා බෞද්ධ සාහිත්‍යයකට සීමා වුවත් විවිධ කාලයන්හි දේශපාලනික බල අරගල නව අත්හදා බැලීම්, අධ්‍යාපනයේ වර්ධනීය අවස්ථා නිසා විවිධ පැතිකඩ මතු වූ සාහිත්‍ය කෘති තවත් අපට හමුවෙනවා.
කුමාරදාස රජු ජානකී හරණය නමින් මහා කාව්‍යයක් පවා අනුරාධපුර යුගයේදී ලියා තිබුණා. අග්බෝ රජ දවස දොලොස් මහා කවීන් සිටි බවට මුලාශ්‍රයන්හි තොරතුරු තිබෙනවා.
ක්‍රි.පු. 6,7,8,9 සියවස්වල දී සීගිරි ගී ලියැවුණා. එම ලෞකික සාහිත්‍ය නිර්මාණ අතර රසවාහිනිය, සාහස්සවත්ථුප්පකරණය ,බෝධි වංශය, ආදි කෘති ලියැවෙද්දි සියබස්ලකරින් බුදු සිරිත සහ බෝසත් සිරිත නිර්මාණවලට යොදාගන්නට උපදෙස් දෙන්නට ඇත්තේ ඊට වෙනස් නිර්මාණ සිදුවූ නිසා විය හැකියි.
කෝට්ටේ යුගයේ සාහිත්‍යයෙහියි මෙන්ම සීතාවක සහ මහනුවර යුගවල දී බෞද්ධ සාහිත්‍යය ඉක්මවා ගොස් තිබෙනවා. දේශපාලනික බලපෑමෙන් පෘතුගීසි ලන්දේසි, ඉංග්‍රීසි ජාතීන් අපේ රටෙ ආක්‍රමණය කිරීම සාහිත්‍යයක් ආක්‍රමණය කළා වගෙයි. ඒ අයගේ සාහිත්‍යය අපට දීලා අපේ බෞද්ධ පොතපත ඒ අය ඒ රටවලට රැගෙන ගියා. මේ නිසා නිර්මල බුදුදහම බටහිර රටවලට ව්‍යාප්ත වුණා.
පාලියෙන් රචනා වූ ධර්මය රීස් ඩේවිඩ්ස් මහතා සහ එම මැතිණිය බටහිරට ගෙන ගියා. ජර්මන් ජාතික අනාලයේ හිමි ඤාණාපෝනික හිමි, අමරිකන් බෝධි හිමි ආදි අය පාලි සාහිත්‍යය ඔවුන්ගේ භාෂාවෙන් රචනා කළා. බුදුන් වහන්සේ ගැන The Light of Asia නමින් මහා කාව්‍යයක් සර් එඩ්වින් ආර්නෝල්ඩ් නැමැති කවියා ඉංග්‍රීසි බසින් ලිව්වා.
ඒ නිසා සාහිත්‍යයේ හුවමාරුව හරිම අපූරුයි. සාහිත්‍යය පුද්ගලයකුට වෙනම ලෝකයක් විවර වීමක්. අපේ සිත් හදාගත හැකි බොහෝ දේවල් සාහිත්‍යයේ තිබෙනවා. දෙමළ බසින් ලියැවෙන උපදේශ කෘතිවලින් අපට ලැබී ඇති උපදේශ එක් උදාහරණයක්. වැලිවිට සරණංකර සංඝරාජ හිමිගේ බලපෑමෙන් පුනරුද යුගයක සාහිත්‍යයක් මහනුවර යුගයේ දී ඇති වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ ග්‍රන්ථ අතර බුද්ධ චරිතය ඉක්මවා විවිධ චරිත කතා කාව්‍යයට නැඟෙනවා. සංදේශ කාව්‍ය, හටන් කාව්‍ය, රණ කාව්‍ය ආදි විවිධ කේෂ්ත්‍ර නිසා පුද්ගලයා බෞද්ධ පරිසරයෙන් ඈත් වුණා කියලා මට හිතෙනවා. ඉංග්‍රීසීන්ගේ ආභාසය නිසා නවකතා, කෙටිකතා අපේ සාහිත්‍යයේ බහුල වූ බවයි පෙනෙන්නේ. දැන් නවකතා ලිවීම තරගයක් වෙලා. අන්තර්ජාලය නිසා සාහිත්‍ය කෘති කියැවීම අඩුවෙලා. ඒත් සාහිත්‍ය කෘතියක් කියන්නෙ ලෝකයක්.
• අද අප සිටින්නේ සංකීර්ණවලින් පිරුණ අර්බුදකාරි සමාජයක. එබඳු යුගයක නිර්මාණකරුවාට පැවරී ඇති වගකීම කෙබඳුද?
මුලිකම දේ තමයි හැඟීම් ප්‍රකෝප නොකොට පුද්ගල මනස තැනීම සාහිත්‍ය කරුවාගේ වගකීමක්. මිනිසුන් පීඩාවට පත්වූ යුගයක මනසට සහනයක් දීමයි කළ යුත්තේ. අන්තර්ජාල භාවිතය නිසා අද බොහෝ දෙනා කාලය අපතේ යවනවා.
අර්බුදකාරි සමාජයකට තවත් එක් වගකීමක් වන්නේ බුදු දහමින් උගන්වා ඇති යථාර්ථවාදී ධර්මය සාහිත්‍ය රසයේ තවරා එන්නත් කිරීමයි. අර්බුදකාරී සමාජයකට හොඳම එන්නත සාහිත්‍යයයි. සාහිත්‍යයට ළං වෙන්න නම් රූපවාහිනිය ජංගම දුරකතනය ඈත් කරන්න වෙනවා. මේ යුගයේ අපි වැඩිපුරම රාජකාරි කරන්නේ මාර්ගත ක්‍රමයට. එය කවදා වෙනස් වේවිද?
(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හැඟීම් ප්‍රකෝප නොකොට පුද්ගල මනස තැනීම සාහිත්‍යකරුවන්ගේ වගකීමක්
කමල් Tuesday, 01 June 2021 05:56 AM
සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය? අහෝ බුද්ධ ශාසනය කෙලෙසන හැටි...!
Ajith Wednesday, 02 June 2021 01:49 PM
අධ්‍යාපනය සහ භික්ෂුව අතර පැවති අවියෝජනීය සම්බන්ධය ගැන නොදත් පාපතරයින්ට ධර්ම තියා ලෞකික ධර්මතාවත් කෙසේ නම් අර්ථ ගන්වන්නද?
කමල්Wednesday, 02 June 2021 04:00 PM
රක්ෂා කිරීම සහ භික්ෂුව අතරත් අවියෝජනීය සම්බන්ධයක් තියෙනවැයි...
සුධීර Wednesday, 02 June 2021 12:36 AM
මන්ද බුද්ධිකයින්ට නොතේරෙන නැණවතුන්ට පමණක් තේරෙන ඉතාම ලස්සන විග්‍රහයක්... බොහොම ස්තුතියි ඔබතුමියට.
Raveendra Thursday, 03 June 2021 02:05 AM
ඉතාමත්ම හරවත් විග්‍රහයක්...