ඕනෑම වෘත්තියක ගරුත්වය ආරක්ෂා වීමට වෘත්තීය අයිතිවාසිකම් සුරක්ෂිත විය යුතුය. වෘත්තීය අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීම සඳහා ඒ ඒ වෘත්තිකයන් විසින් ගනු ලබන විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සමාජයට ද හොඳ අත්දැකීම් තිබේ. එහෙත් වෘත්තීය අයිතීන් රැක ගැනීම සඳහා යොදාගනු ලබන අවන් තුරුම්පුව ලෙස සැලකෙන වැඩවර්ජන ආදිය ක්‍රියාත්මක කළ යුතු පිළිගත් සම්මත ක්‍රමවේදයක් ඇත. එම ක්‍රමවේදය අනුගමනය නොකර ක්ෂණික ආප්ප බාන්නා සේ සිදු කරන වැඩවර්ජනවලින් රටේ පොදු මහජනතාව විශාල පීඩාවකට පත්වන බව පසුගියදා සිදු කළ හදිසි දුම්රිය වැඩවර්ජනයේදී නැවත වරක් සනාථ විය.
එම දුම්රිය වර්ජනය පැය හතරකට සීමා වූ අතර ගිය බදාදා දහවල් දුම්රිය ගමන් වාර 30ක් පමණ අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. සාමාන්‍ය මගීන් දහස් ගණනක් පාසල් දරුවන් මෙන්ම මෙරට සංචාරය සඳහා පැමිණි විදේශීය සංචාරකයෝද හදිසි දුම්රිය වර්ජනය නිසා අතරමං වූ පිරිස අතර වූහ. එයින් වඩාත් අපේක්ෂා භංගත්වයට පත් විදේශීය සංචාරක පිරිසක් සිය කෝපය පළ කරමින් සඳහන් කළේ ලංකාවේ සංචාරයකට එන අය දුම්රිය ගමන් කෙරේ විශ්වාසය නොතබා වාහනයක් කුලියට ගෙන සංචාරය කිරීමට සූදානමින් පැමිණිය යුතු බවය.
තමන් දිනපතා දුම්රියෙන් ගමන් කරන්නේ සීසන් ටිකට් පත් උපයෝගී කර ගනිමින් බැවින් බසයක යන්නට අතේ මුදලක් නැති බව අපහසුතාවට පත් පාසල් දරුවෝ ප්‍රකාශ කළහ. අනතුරුව ඒ ගැන කම්පාවට පත් මගීන් හා පොලිස් නිල දරුවෝ ඒ දරුවන්ගේ නිවෙස්වලට දුරකථන පණිවුඩ දී ඔවුන් අස්වැසූහ. ඒ දරුවන් සිටින මවුපියන් කවුරුත් සංවේගයට පත් කළ සිදුවීමකි.
මේ ක්ෂණික දුම්රිය වර්ජනය නිසා පීඩාවට පත්ව කෝප වූ මගීන් වර්ජකයන්ට සුද්ද සිංහලෙන් මේවා කළ යුතු ආකාරය කියා දෙන අන්දම ද අපි දුටිමු. විශේෂයෙන්ම මෙරට මහජනතාව මෙන්ම දුම්රියෙන් ගොස් රට තොට නරඹන්නට ආ යුරෝපා සහ රුසියානු සංචාරක කණ්ඩායම් මෙලෙස දුරු රටක දී අසරණ තත්ත්වයට පත් කිරීම රටේ යහපත් ප්‍රතිරූපය අකා මකා දමන සිද්ධියකි.
සුන්දර ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම සංචාරක ආකර්ෂණයක් බවට ‘ලෝංග්ලි ප්ලෑන්ට්’ වැනි සඟරාවලින් සහතික දෙද්දී සංචාරකයන්ට මෙවන් අත්දැකීම් ලබන්නට සැලැස්වීම කොරෝනා වසංගතයෙන් කඩා වැටුණු සංචාරක කර්මාන්තය යළි පණ ගසන අවධියේ සිදු වූ නොහොබිනා වැඩක් බව කීම යුක්ති සහගතය. සංචාරක ව්‍යාපාරය යහපත් ලෙස ක්‍රියාත්මක වූ අවධියේ වසරකට සාමාන්‍යයෙන් අමෙරිකානු ඩොලර් කෝටි පන්සීයත්, හයසීයත් අතර ආදායමක් රටට හිමි විය. එහෙත් 2020 සිට කොරෝනා වසංගතය ලෝ පුරා ව්‍යාප්ත වීමත් සමඟ ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම සීමා විය.
2018 වසරේ ශ්‍රී ලංකාවට සංචාරකයන් විසිතුන් ලක්ෂයක් පැමිණි අතර ඒ අයගෙන් රටට ලැබුණු ආදායම අමෙරිකන් ඩොලර් කෝටි හාරසිය තිස්අටක් පමණ විය. 2020 දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව පන් ලක්ෂයක් පමණ විය. ඒ අයගෙන් ලද ආදායම අමෙරිකානු ඩොලර් කෝටි හැට අටකට සීමා වූ බව නවතම මහ බැංකු වාර්තා පෙන්වා වෙයි.
එසේ පැවති සංචාරක ව්‍යාපාරය නැවත ප්‍රවර්ධනය වීම ආරම්භ වූයේ ශ්‍රී ලංකාව කොරෝනා වසංගතයට මුහුණ දීම සඳහා දියත් කළ සාර්ථක දීප ව්‍යාප්ත එන්නත්කරණ වැඩසටහනට ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි වූ බැවිනි. ඒ සමඟ කොරෝනාව මධ්‍යයේ සංචාරයට සුදුසු රටක් ලෙසත් ශ්‍රී ලංකාව නම් කෙරුණි.
එම නිර්දේශය නිසා 2021 අවසන් භාගය වනවිට ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම සෑහෙන තරම් වර්ධනය විය. ලොව පුරා ගුවන් සේවා ගණනාවක් කටුනායක ගුවන් තොටුපොළ සිය ගමනාන්තය ලෙස තෝරා ගත්තේය. මෙම පසුබිමේ මෙරටට පැමිණෙන සංචාරකයන් ශ්‍රී ලංකාවේ දී අපේක්ෂා කරන්නේ පීඩාවකින් සහ බාධාවකින් තොරව මේ සුන්දර දේශය නරඹා ආශ්වාදයක් විඳ ගැනීමටය.
එහෙත් ඔවුන් අපේක්ෂා කළ සුන්දර දේශයේ අනපේක්ෂිත අසුන්දර දේ සිදුවන විට කැළැල් වන්නේ අප රටේ හොඳ නම හා කීර්තියයි. එදා දුම්රිය වර්ජනය පැවති අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ සංචාරකයන් සිය ආවේග පිට කළ ආකාරයෙන්ම ඔවුන්ගේ අපේක්ෂා භංගත්වය කදීමට නිරූපණය විය.
අප මුලින් සඳහන් කළ ආකාරයට වැඩවර්ජන යනු වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමේ අවසන් තුරුම්පුවයි. ඒ සඳහා ඕනෑම වෘත්තියක නියුතු වෘත්තිකයකුට නීතිමය හිමිකමක් තිබේ. එහෙත් වර්ජනය සඳහා ප්‍රවේශ වීමේ දී අනුගමනය කළ යුතු පූර්ව පියවර ගණනාවකි. තමන්ට බලපාන වෘත්තීය ප්‍රශ්න ගැන පාලකයන් සමග මූලික සංවාදයක් පැවැත්වීම, ඉල්ලීම් ඉදිරිපත් කිරීම, එම ඉල්ලීම්වලට ලැබෙන විසඳුම් සම්බන්ධව අතෘප්තියට පත්වන්නේ නම් පමණක් වෘත්තීය සටන්වලට පිවිසීම පිළිගත් ක්රමවේදයයි.
වර්ජනයක් පැවැත්වීමේදී පාලක පන්තිය මුලින් දැනුවත් කර වර්ජනයට කල් දිය යුතුය. එසේ නොකොට ක්ෂණිකව සිදු කරන වර්ජන ජාතික ආර්ථිකයට මරු පහරක් එල්ල කරන්නා සේම සංචාරක ක්ෂේත්‍රය වැනි වෙනත් ආදායම් මාර්ගවලට දැඩි බලපෑමක් එල්ල කරනු ලැබේ. එසේම සංචාරකයන් විසින් කටින් කට ගෙන යනු ලබන අහිතකර ප්‍රචාරද රටේ හොඳ නම කැළැල් කරයි.
සංචාරකයන්ට අමතරව මෙවන් වර්ජන නිසා දුර පළාත්වල සිට පැමිණෙන රෝගීන්, පාසල් දරු දැරුයන්, එදිනෙදා දුම්රියේ රැකියාවලට පැමිණෙන දහස් ගණන් ජනතාවට සිදුවන පීඩාව අපමණය. ඒ නිසා වර්ජනයක් දියත් කිරීමට පෙර සම්මත ක්‍රමවේදයට අනුගතව ක්‍රියා කිරීමත් දැනටත් කොරෝනාවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව තවත් අගාධයට තල්ලු නොවන තැනට වගබලා ගැනීමත් වර්ජන සංවිධායකයන්ගේ යුතුකම සහ වගකීම් වන බව අපි අවධාරණය කරමු.
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිටිඅඩියේ වර්ජනවලින් බැටකන ජනතාව