අනුරාධපුර නගරයේ එක්තරා ශ්‍රද්ධා සම්පන්න උපාසිකාවක වූවාය. ඇය නිතර නිතර මල් නෙළාගෙන අවුත් අභයගිරි චේතියට පූජා කරන්නීය. ඉමහත් ශ්‍රද්ධාවෙන් සහ ගෞරවයෙන් තුනුරුවන් කෙරෙහි ඇතිකර ගත් අව්‍යාජ ශ්‍රද්ධාවෙනුත් මේ පින්කම නිතිපතා කරන්නීය. දිනක් ඇය බාල දුව සමග මල් පූජාව පිණිස අභයගිරියට ගියාය. මල් පූජාකිරීම සඳහා මල් ආසනය දෙස බැලූ ඇය දුටුවේ මල් අසුන අපිරිසිදු වී ඇති බවයි. එය දියෙන් සෝදා පිරිසිදු කළ යුතු යයි ඈ සිතුවාය.
ඒ අනුව ඇය මල් පූජා කිරීමට පෙර මල් ආසනය සෝදා පවිත්‍ර කිරීම සඳහා දිය ගෙන ඒමට ඉවතට ගියාය. ඇය යන විට මල් පැස සිය බාල දුව අතට දුන්නාය. බැහැරට ගිය අම්මා තරමක් වෙලා ප්‍රමාද වෙනු දුටු යෞවනිය මල් පැසින් මල් දෝතක් අතට ගෙන අපිරිසිදු මල් ආසනය මතම පූජා කළාය. මල් දෝත පූජා කොට මෙසේ ප්‍රාර්ථනා කළාය. මේ මල් පූජාවෙහි අනුහසින් මතු සංසාරයේ මම උපනුපන් ජාතියේ යහපත් රූ අසිරි ඇති මනෝඥ වූ ආරෝහ පරිණාහ දේහයෙන් යුක්ත වෙම්වා. දිලිසෙන සූර්ය මණ්ඩලය පරිද්දෙන් මාගේ සියොළඟින් රශ්මි මාලා නිකුත් වේවා. මා දකින දකින පුරුෂයෝ කාමයෙන් මූර්ජා වෙත්වා. මියුරු ඇසුවන් මන බඳනා කටහඬක් ඇති වෙම්වා යනුවෙනි. ඇය මෙසේ මල් පුදා ප්‍රාර්ථනා කරන විට ආසනය සේදීම සඳහා දිය කළයක් ද රැගෙන ඇගේ අම්මා ඒ අසලට ආවාය. අපිරිසිදු මල් අසුන පිරිසිදු කරන්නේ නැතිව නෙළු මල් බුදුරජාණන් වහන්සේට පූජා කිරීම ගැන ඇය නොමනාපය පළ කළාය. ඔබ කළේ බරපතළ වරදක්. ආසනය නොසෝදා අපිරිසිදු තැන මල් පූජා කිරීම වැරදියි. එම්බල චණ්ඩාල කෙල්ල අත්‍යන්ත නිර්මල වූ බුදුරජාණන් වහන්සේට මලසුන නොසෝදා කුමක් පිණිස මල් පූජා කළෙහි දැයි ශ්‍රද්ධාසම්පන්න ගතිගුණ සහිත අම්මා දුවගෙන් විමසා සිටියාය. අම්මා පෙන්වා දුන් වරද තෝරා බේරාගෙන එය පිළිගනු වෙනුවට කේන්තිය සිතට අරගත් දුව චණ්ඩාල කෙල්ල මම නම් ඔබත් එසේම නේදැයි පෙරළා කීය.
මවට නොකටයුතු වචනයෙන් කතා කළ නිසාත්, මල් පූජා කිරීම යහපත් දෙයක් වුණත් එය කළ විදිහ වැරදි නිසාත් යන අකුසල කර්ම හේතුවෙන් ඒ දියණිය උත්තර මධුරා නුවර වීණා ගායනා කරන එක්තරා චණ්ඩාල බ්‍රාහ්මණයකුට දාව පහත් කුලයක උත්පත්තිය ලැබුවාය.
චණ්ඩාල කුලයක උත්පත්තිය ලැබූවත් ඇයගේ පෙර සංසාරේ මල් පුදා කළ ප්‍රාර්ථනා බල මහිමය සහිත කුසල කර්මය බලවත් නිසා උපතින්ම ඈ මනා රූ සිරි පිරි සිරුරක් ද ලැබුවාය. ඈ දෙස බලන වුන්ට ඇගේ සියොළඟින් රශ්මි මාලා පිට වෙන්නා සේ පෙනෙයි. ඈ ඉන්නා තැන කොතනක වුවද ඒ තැන ආලෝකයෙන් පිරෙන්නා සේ පෙනෙයි. ඇය කතා මුඛයෙන් මහනෙල් මල් සුවඳ වහනය වෙයි. ඈ දුටු දුටු පුරුෂයන් උමතු වූවන් සේ කාමයෙන් විසඥ වෙයි. ඇගේ දෙතන මැද රන්වන් වූ තිලකයක්ද පිහිටියේය. ඉන් රශ්මි මාලාවෝ නික්මෙති. ශරීරයේ පිහිටා ඇති මේ අසිරිමත් බව නිසාම ඈ ස්වර්ණතිලකා නමින් ප්‍රකට වූවාය.
ස්වර්ණතිලකා උත්තම ජනයන් විසින් පිළිකුල් කරනු ලබන චණ්ඩාල කුලයෙහි උපත ලැබුවේ පෙර ආත්මයේ තම මව කෙරෙහි ක්‍රෝධයක් ඇතිකර ගැනීම, තම මවට චණ්ඩාල කෙල්ල යනුවෙන් කියා ගැරහීම සහ මල් අසුන පිරිසිදු නොකර මල් පූජා කළ නිසාත් යන අකුසලකර්ම නිසාය. කයින් කරන අකුසල ක්‍රියාව පමණක් නොව වචනයෙන් කරන අකුසල ක්‍රියාව ද බරපතළ වන බව කර්මය පඩිසන් දෙන විදිහ අනුව පෙනෙයි. ස්වර්ණතිලකා පන්සලේ ඉඳගෙනම කුසල් ද සිද්ධ කර ගත්තාය. ඇය අකුසල් කරගනු ලැබුවේ ද පන්සලේ සිටගෙනමය. ඇය සැඩොල් කුලයේ උපත ලැබුවේ එම අකුසලය නිසාය. අසිරිමත් සිරුරක උරුමකාරිය වූයේ කළ කුසල කර්මය නිසාය. ඉන් පෙනෙන්නේ තමා සිටිනා ස්ථානත් එතැන සිටගෙන තම තිදොර මෙහෙයවන විදියත් යන දෙකම එකසේ ඉතාමත් වැදගත් වන බවය. පින් තිබෙන්නේ පන්සලේ තිබෙන ගස්වල හෝ පස්වල නොවන හෝ බවය.
වර්තමාන සමාජයේ වුවද ස්වර්ණතිලකා වැනි අය දකින්නට ලැබෙයි. එනම් ඉතා හොඳින් සතුටින් පින්කම් කොට ඒ පින් ක්‍රියාදාමයේ කුඩා වරදක් දැක හිත අමනාප කර ගැනීමයි. ඇතැම් විට තමා විසින් කරනු ලබන විශාල යහපත් දෙයට වඩා කුඩා අයහපත් දෙය විශාල කොට හිත අවුල් කර ගන්නෝද වෙති. ඇතැම් විට පන්සලේ මල් පූජාවක් සිදුකරනු ලබයි. එය මහත් ශ්‍රද්ධා ගෞරවයෙන් සිදු කරයි. පසුව එම ක්‍රියාදාමයේ එක්කෝ තමා අතින් හෝ ඥාතිකම් වෙන කෙනෙකු අතින් හෝ සිදුවූ කුඩා වරදක් දැක එය මහ විශාල දෙයක් ලෙස සිතා මනස අවුල් කර ගනියි. ඇතැම් විට අවුල් වූ මනසින් යම් යම් එතැනට අනවශ්‍ය දෙය ප්‍රකාශ කොට අනෙක් අයගේත් සිත් සතන් අවුල් කර දමයි. තමන් කරනු ලබන යහපත් කටයුත්ත පිනක් හෝ කුසලයක් බවට පත් වන්නේ තම සිතෙහි ඇති කර ගන්නා අමනාපය නිසා නොව මනාපය නිසාය. හිතේ අසහනය හෝ අපිළිවෙළ බව සහිත ව කරන යහපත් ක්‍රියා වුවද ඇතැම් විට මනස තුළ අකුසල කර්ම දියුණු වීම පිණිස ම හේතු ද වෙයි. තමා කළ යහපත් හෝ අයහපත් හෝ ක්‍රියාවේ අර්ථය වැඩි ලෙසින් තමන්ටම අධ්‍යයනය කර බැලිය හැක්කේ ඒ පිළිබඳ තමාම කරන පසු විපරමකින් පසුවය.
පින්දහම් වලදී වඩාත් වැදගත් වන අනෙක් කාරණය වන්නේ තමා කරන ඒ පින්කම කෙරෙහි තමා තුළ පවතින අවබෝධයයි. කර්මය සහ කර්මපල පිළිබඳ වැටහීමයි. අවබෝධයෙන් තොරව කරන යහපත් වැඩවල ලැබෙන විපාකය ද අවමය. එයට හේතුව කළේ යහපත් ක්‍රියාවක් වුවද ඒ පිළිබඳව අර්ථවත් ලෙස මානසික ඒකාග්‍රතාව නැතිවීමයි. සම්මත ලෝකයේ යම් යම් ඇතැම් ක්‍රියා කරන විට මානසික ඒකාග්‍රතාව එතරම් අත්‍යවශ්‍ය නොවේ. සහභාගීත්වය තිබීම පමණක් වුවද ප්‍රමාණවත්ය. පින්දහම්වලදී එසේ විය නොහැකිය. සහභාගීත්වය ද අත්‍යවශ්‍යය. අවබෝධ පූර්වක මානසික ඒකාග්‍රතාවය ද අත්‍යවශ්‍යය. මේ දෙකම සම්පූර්ණ වූයේ නැත්නම් පින් හෝ කුසලය හෝ නොවැඩෙයි. සිත සතුටු වීම පමණක් පින යයි ඇතැම්හු කියති. කෙනෙකුගේ සිත සතුටු වන ක්‍රියා විවිධය. ප්‍රාණගාතයක් කිරීමෙන් ද සොරකමක් කිරීමෙන් ද කාමයේ වරදවා හැසිරීමෙන් ද මුසා බිණීමෙන් ද සුරා පානයෙන් ද සිත සතුටු කර ගන්නෝ සිටිති. නමුත් එම ක්‍රියා පින් හෝ කුසල් හැටියට ගණන් ගනු ලබනවාද? එම ක්‍රියා පින් හෝ කුසල් ලෙස නොසලකනු ලබන්නේ හිත සතුටු වීම පමණක් යහපත් ක්‍රියාවක් මිනීමෙහිලා වන බෞද්ධ නිර්ණායකය නොවන නිසාය.
තම කළ ක්‍රියාව පින්කමක් හෝ කුසලයක් හෝ සිදු වූවාදැයි තමාට ම විමසා බලා දැනගත හැකි නිර්ණායක බුදු සමයේ උගන්වනු ලබයි. එනම් අත්තහිත සහ පරහිත යන සංකල්පයයි. අත්තහිත යනු තම හෘද සාක්කියට එකඟව තමන්ගේ අර්ථය පිණිස වන්නේදැයි විමසා බැලීමයි. ඒ සිතුවිල්ලේම තිබිය යුතු අනෙක් අංශය පරහිත බවයි. එනම් තමා කළ හෝ කියූ හෝ සිතූ සිතුවිලි අන්‍යයාගේ අර්ථය පිණිස හේතු වන්නේ දැයි තම හර්ද සාක්කියට එකඟව විමසා බැලීමයි. පරාර්ථ චර්යාව නොමැති මිනිසකු තුළ ධර්මය තිබිය නොහැකියි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලබන්නේ පරාර්ථ චර්යාව නොමැති අයට තමන් වහන්සේගේ සුළඟවත් වැදී නොමැති බවයි.
ස්වර්ණතිලකා බුදුරදුන්ට මල් පූජා කිරීම නිසා පහත් කුලයක උපන්නා යයි කෙනෙක් තර්ක කරනවා නම් එය තර්කයට අනුව සත්‍යයක් මිස සත්‍යයට අනුව ගොඩනැගුණු තර්කයක් නොවේ. බුදු දහමේ වුවද උගන්වනු ලබන්නේ තර්කානුකූලව හැම දෙයම සත්‍ය ලෙස පිළිනොගත යුතු බවයි. සත්‍යයනම් එය තර්කානුකූල විය යුතු නමුදු තර්කානුකූල හැම දෙයම සත්‍යය නොවේ.
ස්වර්ණතිලකා පහත් කුලයේ උපන්නේ බුදුරදුන්ට මල් පූජා කිරීම නිසා නොව මල් ආසනය පිරිසිදු නොකර මල් පූජා කළ නිසාය. පන්සල් භූමියේ සිට ගෙන කෝප සිතිවිලි වලින් වචන කතා කළ නිසාය. කෝප සිතුවිල්ලෙන් මවට චණ්ඩාල වාදයෙන් බැන්න නිසාය. විපාකය ලැබෙන්නේ ද තමා කළ අකුසලයට අනුරූප ලෙසය. ඒ අනුව ස්වර්ණතිලකා කළ පින් දහම්වල හා ප්‍රාර්ථනාවේ විපාකය එලෙස ද කළ අකුසල කර්මවල විපාකය එලෙස ද උරුම කරණු ලැබුවාය.
අපිළිවෙළට වැඩ කිරීම ද ඇතැම් විට කෙනෙකුගේ අකුසල කර්ම විපාකයක පල හැටියට දැක්විය හැකිය. ඇතැම් අපිළිවෙළට වැඩ කරන්නෝ තම අඩුපාඩුව හදා ගනිති. ඇතැම්හු ඒවා හදා නොගනිති. ඒ වරද නිසා ඇතැම්විට අපිළිවෙළ බව එබඳු අයගේ ජීවිතයේ පුරුදු බවට පත්වේ. පුරුද්ද නිසා පසුව එය ඇබ්බැහියක් බවට පත්වෙයි. යහපත් ඇබ්බැහි යහපත්ය. අයහපත් ඒවා අයහපත්ය. ජීවිතය හරි පරිස්සමින් ගොඩනගා ගත යුතුය. එසේ කිරීමට උනන්දු වන කෙනෙකු අනිවාර්යයෙන්ම දහමෙහි උගන්වන කර්ම විපාක කෙරෙහි ද දැඩි උනන්දුවක් දැක්විය යුත්තේය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හැඩකාර සිරුරින් යුත් ස්වර්ණතිලකා චණ්ඩාලියක වුණේ කවර අකුසලයකින්ද?
කරු Sunday, 21 February 2016 07:08 PM
කාලෝචිත ඉතාමත් හොඳ ලිපියකි. (නි)
කන්කානම්ගේ Wednesday, 02 March 2016 03:49 AM
උසස් කුල සහ පහත කුල ඇති කරගත්තේ මින්ස්සුන්ගේ මෝඩ අදහස් නිසා..... කුල බේදය හොද දෙයක් නෙවෙයි. මෙම ලිපිය මගින් කුල බේදය සදරනීකරණය කරලා තියෙනවා.. කලින් ආත්මයේදී පව් කරපු හින්දලු මේ ආත්මෙදි පහත් කුලයේ ඉපදුනේ... මේක වැරදි... (බ)