IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


හුදෙකලාව නැතිකළ කටහඬ

ෂෙරිල් හා ජනිත්ගේ ආදර කතාවට ඉන්දික වැනි අතරමැදියෙකුගේ පැමිණීම ඔවුන්ගේ ජීවිත වෙනස් අතකට පෙරැළීමට හේතු විය. ෂෙරිල් සමාජය ඉදිරියේ වරදිකාරිය වූවාය. ඇයට එල්ලවන චෝදනා සියල්ලකට ෂෙරිල් හා ජනිත් වගකිව යුතුය. මවුපියන්ගේ වැරදි නිසා දුක් දොම්නස් මැද ගවිඳු කුඩා පුතු ජීවිතයට මුහුණ දේ. සමාජය දැන හඳුනාගන්නා අවධිය වන විට ඔහු තම මවුපියන්ට වෛර කරනු ඇතැයිද කතාව අවසන සිතෙනු ඇත. 

 


ඉස්කෝලෙ වැඩ කරන්නෙ නැද්ද? 
සාලයේ වීඩියෝ ගේම් සෙල්ලම් කරමින් සිටි තම පුතුගෙන් ෂෙරිල් විමසන්නට වුණේ මුළුතැන්ගෙයි අස්පස් කරමින් සිටින අතරතුරේය. 
‘‘තව ටිකකින් කරන්න  ඕන අම්මෙ..’’ ගවිඳු මවට එසේ පවසා සිටියේ සිය මව චාටු කරගන්නා අදහසිනි.


‘‘දැන් පැයක් තිස්සේම වීඩියෝ ගේම් එක විතරයි. ඊට පස්සෙ නිදා ගන්නවා. තාත්තා තමයි ඔයාව නරක් කරන්නේ.’’ ෂෙරිල් පැවසුවේ තරමක් කෝපයෙනි. 


අම්මා කෝපවී සිටි අයුරු දුටු ගවිඳු පරිගණකය ක‍්‍රියාවිරහිත කර කනස්සල්ලෙන් මෙන් සිය කාමරය වෙත ඇදුණි. අනතුරුව කාමරයට ගිය පුංචි ගවිඳු සිය මේසය මත තිබූ ඉංග‍්‍රීසි පොත මහ හඬින් කියවන්නට වූයේ සිය මවගේ කෑගැසීම නිසාය. 


මුළුතැන්ගෙයි වැඩ නිමකළ ෂෙරිල් අනතුරුව කාමරයේ ගොඩගසා තිබූ රෙදි කන්ද සේදීමට ගත්තේ ඒ මොහොතේය. 


විවාහවී පැමිණි දිනවල නම් ඇය මෙතරම් වැඩ කළේ නැත. නිවසේ සිටි එකම මෙහෙකාරියත් අස්වී ගිය පසු නිවසේ සියලූම වැඩකටයුතු කරන්නට වුණේ ෂෙරිල්ටය. 


ඇය තම අතට ගත් රෙදි සියල්ල රෙදි සෝදන යන්ත‍්‍රයට දමනවාත් සමඟම ඈත සිට එන වාහනයක නළා හඬක් ඇසිණි. තම සැමියා නිවසට පැමිණි බව ඈට ඉවෙන් මෙන් දැනගන්නට ලැබුණේ ඒ මොහොතේය. ඔහු සවසට ගෙදර එන්නේ කලාතුරකිනි. එසේ පැමිණි දිනයට ෂෙරිල් ඔහු වෙනුවෙන් කෑම බීම සපයා දී ඔහුගේ සතුට වෙනුවෙන් උපරිම කැපකිරීම් කරන්නේ ඉතාමත් සතුටිනි. 


ඇය ඔහුට ඒ තරමට දැඩි ආදරයක් සහ සෙනෙහසක් දැක්වූවාය. ෂෙරිල් සහ ජනිත් විවාහ වූයේ දහසක් බාධක මැදය. 


ජනිත් බෞද්ධයෙකි. ෂෙරිල් ක‍්‍රිස්තියානි ආගම අදහන කාන්තාවකි. ඔවුන්ගේ පෙම් සබඳතාවට නිවෙස් දෙකේම වැඩිහිටියන් තරයේම විරුද්ධ වූයේ ඒ හේතුව නිසාය. එහෙත් ෂෙරිල් සහ ජනිත් ඔවුන්ගේ ආදර සටන අත්හැරියේද නැත.


ඒ කාලයේ ෂෙරිල්ට නිවසින් එළියට බැසීමට පවා ඉඩක් නොලැබිණි. පවුරු වළලූ, මුරකාවල් ඔවුන්ගේ ආදරයට පමුණුවා තිබුණේ හමුවීමට තිබුණු නිදහසද නැති කරමිනි. එහෙත් ඉඩ ලැබුණු සැණින් ෂෙරිල් නිවසේ සියල්ලක්ටම හොරා ජනිත්ට දුරකථන ඇමතුම් ලබාදෙන්නේ ඔවුන් තුළ හටගත් පේ‍්‍රමය නතර කිරීමට අකමැත්තක් දැක්වූ නිසාය. 


පෝටිකාවේ වාහනය නතර කර ජනිත් පැමිණියේ සාලය වෙතය. උදේ පාන්දරම සේවය සඳහා ගිය සිය සැමියා දැකීම සඳහා ඇය සාලය වෙත පැමිණියේ ඉතා සතුටිනි. 


‘‘අද මොකද ඔයා කලින් ඇවිල්ලා?’’ ජනිත් ඉදිරියට ආ ෂෙරිල් පැවසුවේ ඔහු වෙනදාට වඩා වේලාසනින් පැමිණි නිසාය. 


‘‘මට හරි මහන්සියි. ඒකයි ටිකක් කල් ඇතිව ආවේ...’’


‘‘ඔයාට තේ එකක් ගේන්නද?’’


‘‘හ්ම්.. ගේන්න’’ එසේ කියමින් සාලයේ විදුලි පංකාව ක‍්‍රියාත්මක කළ ජනිත් සෝෆාව මත වාඩිවී දෑස් පියාගත්තේය.


ෂෙරිල් මොහොතක් නොසැලී තම සැමියා දෙස බලා සිටින්නට වුණේ ඔහුගේ මුහුණෙහි තිබූ විඩාබර ගතිය හේතුවෙනි. 


මලානිකව හැකිළුණු ඔහුගේ මුහුණ දුටු ඇයට ඇති වූයේ දැඩි වේදනාවකි. එසැණින් ඇය මුළුතැන්ගෙය වෙතට ගියේ සිය සැමියාට තේ පිළියෙල කිරීම සඳහාය. 


ජනිත් සහ ෂෙරිල් වෙන් කිරීමට දෙපාර්ශවයේම මව්පියෝ ලොකු උත්සාහයක් ගත්තද එය සාර්ථක වූයේ නැත. ඒ කාලය වනවිට ජනිත් උසස් පෙළ විද්‍යා අංශයෙන් ඉගෙනුම් කටයුතු කරගෙන සිටියේය. ෂෙරිල් සිටියේ සාමාන්‍ය පෙළ පන්තියේය. පේ‍්‍රමයේ වේදනාවෙන් සිත මිරිකුණද ජනිත් කිසිදා ඉගෙනීම අත්හැරියේ නැත. ඔහුගේ එකම බලාපොරොත්තුව වූයේ කවරදා හෝ වෛද්‍යවරයකු වීමයි. 


‘‘ඔයා නිදිද?’’


‘‘මෙන්න තේ එක ගෙනාවා..’’


තේ කෝප්පය ස්ටූල් එක මත තැබූ ෂෙරිල් ජනිත් ළඟින් වාඩිවී ඔහුගේ හිස පිරිමදින්නට වූයේ දැඩි ස්නේහයකිනි. 


‘‘අද හරිම මහන්සියි අනේ.. මේ දවස්වල ඩෙංගු නිසා ලෙඞ්ඩු පෝලිමේ.’’ ජනිත් ඇස් නොඇරම පවසා සිටියේ ඔහු දැඩි විඩාබර ගතියකින් පෙළුණු හෙයිනි. 
ෂෙරිල්ගේ හිස පිරිමැදීම නිසා ඔහුගේ මහන්සිය සමනය වූවා සේ දැනිණි. ඔහුට එමඟින් දැනෙන්නට වුණේ මහත් සහනයකි. ඇයගේ ආදරයේ උණුසුම ජනිත්ට නිබඳ සුවයක් විය. ඇයත් ඔහුත් වෙන්කිරීමට කිසිවකුට නොහැකි වූයේ මේ බැඳීම හේතුවෙනි. 


ජනිත් ඒ මොහොතේ සැනසිලිදායක නින්දකට පිවිසුණේ ෂෙරිල්ගේ උරහිසට වත්තම් වෙමිනි. පුටුව උඩම කෙටි නින්දකට පිවිසි ජනිත්ගේ හිසට කොට්ටයක් තබා ෂෙරිල් එතැනින් නැගිට ගියේ ඉතිරි වී තිබූ අනෙක් වැඩපළ කිරීම සඳහාය. 


ඉන් ටික වෙලාවකට පසු දෑස් විවර කළ ජනිත් ෂෙරිල් ගෙනැත් තිබූ තේ කෝප්පය අතට ගත්තේ ඉක්මනින් ලකලැහැස්ති වී වෛද්‍ය මධ්‍යස්ථානය වෙත යාමටය. ජනිත් එතැනින් නැගිට ගිය පසු ෂෙරිල් පුටු සැටිය මතට වී මිදුල දෙස බලන්නට වුණේ ඒ මොහොතේය. 


ඈත රෝස ගසේ අතු කීපයක මල් ලස්සනට පිපී තිබෙන අයුරු ඈ දුටුවාය. ඈ ඒ දෙස බලා සිටියේය. මල් අතු අතරෙහි එක් මලක් පමණක් අඳුරු පැහැ ගැන්වී තිබිණි. ඒ පෙරේදා තමා මිදුල අතුගාන විට දුටු රෝසමල බව ඈට සිහිවුණේ එවිටය. 


ඈ මොහොතක් කල්පනා කරන්නට වූවාය. ජනිත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ උසස්පෙළ විභාගය ඉහළින්ම සමත් වෙමිනි. ෂෙරිල්ට විවාහ යෝජනා ගලාගෙන ආවද ඈ කිසිවෙකුටත් බහක් දුන්නේ නැත. පියා කෙතරම් කෑගැසුවද ඈ එය ගණනකටවත් ගත්තේ නැත. තම දියණියගේ හිතුවක්කාරකම ගැන මවුපියන්ට ඇතිවූයේ දැඩි සංවේගයකි. ජනිත්ද හැසිරුණේ ෂෙරිල්ට නොදෙවැනි ලෙසය. අවසානයේ බැරිම තැන නිවෙස් දෙකේම මව්පියෝ ඔවුන් දෙදෙනා විවාහ කර දීමට තීරණය කළහ. 


වෛද්‍ය විභාගය සමත් වූ ජනිත්ට කොළඹ රෝහලකට පත්වීම ලැබිණි. ජනිත් වෛද්‍යවරයකුවී නිවසට පැමිණි දවසේ ෂෙරිල්ට දැනුණේ පුදුමාකාර සතුටකි. එදින ඔහු නිවෙසට පැමිණි පසු ෂෙරිල් ඔහුව වැලඳගෙන සිපගත්තේ දැඩි ආදර භක්තියකිනි. 


‘‘මගෙ දොස්තර මහත්තයා...’’ ඈ තෙපළුවේ ඉතා සතුටිනි. ඇගේ දෙනෙතින් සතුටු කඳුළු දෝරගලා යන්නට වුණේ එවිටය. 


‘‘තව සතුටු හිතෙන කතාවක් තියෙනවා මගෙ දොස්තර මහත්තයට කියන්න.’’


ෂෙරිල් ජනිත්ට ළංවෙමින් පවසන්නට වුණේ ඉහවහා ගිය සතුටකින් යුක්තවය. 


‘‘ඒ මොකක්ද?’’ ජනිත් එසේ අසන්නට වුණේ ෂෙරිල්ව තුරුලූ කරගනිමිනි. 


‘‘දැන් ඔයා තාත්තා කෙනෙක්’’


‘‘මොනවා.... ඔය ඇත්තමද?’’


‘‘ඔව්.. දැන් ඉතින් අපේ දොස්තර මහත්තයට වැඩ වැඩිවෙයි නේ..’’


ඇය එසේ පැවසුවේ සිනාසෙමිනි. දරුවා ඉපදීමෙන් පසුව ජනිත්ගේ මුහුණේ තිබූ සතුට ෂෙරිල්ට අදටත් මතකය. 


විවාහ වී දැන් වසර 9ක් ගෙවී ගොස් තිබුණද ඒ සොඳුරු මතකයන් මතක මන්දිරයේ සිතුවම් අතර තිබෙන්නේ නොමැකෙන සටහන් ලෙසිනි. 


‘‘ෂෙරිල් මම යනවා. අද ඩිනර්වලට මම එන්නෙ නෑ. අද එළියෙන් කෑම ගන්නවා.’’


සිහින ලොවේ සැරිසැරූ ෂෙරිල් පියවි ලොවට පිවිසෙන්නට වුණේ ජනිත්ගේ කටහඬිනි. 


‘‘ඔයා එද්දි කීය වෙයිද?’’ 


‘‘කියන්න බෑ.. සමහර විට දහය විතර වෙයි. දොරවල් වහගෙන ඉන්න.’’


එලෙසට දින සති මාස ගණනක් ගෙවී යන්නට වුණේ ඔවුන්ටත් නොදැනීමය. වෙනදාට තිබුණු විවේකය දැන් ජනිත්ට නැත. 


රෝහලේ වැඩත්, බාහිර රෝගීන් බැලීමත් නිසා දැන් ඔහු සිරගෙයක සිටින සිරකරුවකු මෙනි. නමුත් ෂෙරිල්ගේත් ජනිත්ගේත් කැදැල්ලට සල්ලි වැසි අතොරක් නැතිව වැටෙන්නට ගත්තේ මේ කාලසීමාවේදීය. 


මුදල් කොපමණ ප‍්‍රමාණයක් ගලා ආවද ජනිත්ගේ කාර්යබහුලත්වය සමග ෂෙරිල්ට ආදරය කිරීමටවත් ඔහුට විවේකයක් තිබුණේ නැත. දවසින් දවස ඒ ආදරය පෑලදොරින් පලායන්නට ගතවූයේ කෙටි කාලසීමාවකි. 


‘‘ඔය තරම් මහන්සි වෙන්න එපා ජනිත් ඔයා අසනීප වෙයි.’’ ෂෙරිල් දිනක් කියා සිටියේ ජනිත්ගේ කාර්යබහුලත්වය එන්න එන්නම වැඩිවූ නිසාය. 
‘‘පුළුවන් කාලෙනෙ හම්බ කරන්න  ඕනෑ. මේවා ඉතින් මට නෙමෙයිනෙ.. ඔයාටයි, පුතාටයිනෙ...’’ 


මුදල් නිසා ජනිත්ගේ සිතුම් පැතුම් පවා වෙනස් වී ගොස් ඇති බව ෂෙරිල්ට වැටහෙන්නට ගතවූයේ ටික කාලයකි. 


ඉස්සර කෙතරම් ආදරෙන් සතුටින් හිටියද? ඒ සතුට අද නැත්තෙ ඇයි? එසේ සිතනන්නට වූ ෂෙරිල්ගේ දෙනෙතට කඳුළු නැගෙන්නට වුණේ ඉබේටමය.


තම සැමියා නගරයේ ලොකු ලොකු පවුල්වල කාන්තාවන් සමඟ සම්බන්ධතාවන් පවත්වාගෙන යන බව ෂෙරිල්ට ආරංචි වූයේ මේ කාලසීමාවේදීය. 


මුලදී ඇය මේවා කටකතා ලෙස ඉවත දැමුවාය. එහෙත් දිගින් දිගටම මේ ආරංචි පැතිර ගිය නිසා ෂෙරිල්ටත් එය විශ්වාස නොකර බැරිවිය. පසුව ඒ පිළිබඳ විපරම් කරන්නට වුණේ් ඒ කතා එන්න එන්නම කන වැකුණු බැවිනි. 


තම සැමියා මෙවැනි දෙයක් කරාවියැයි ඇය කිසි කලකත් නොසිතුවාය. 


මේ නිසා ඇතැම් දිනවලදී ෂෙරිල් ජනිත් හා රණ්ඩු කළාය. ඇගේ සිතින් සතුට ඉගිල ගොස් තිබුණේ ටිකින් ටිකය. ජනිත් දැන් නිවෙසට එන්නේත් ඉඳහිටය. තම දරුවා සහ බිරිඳ ගැන සිතන්නටවත් වේලාවක් ඔහුට නොමැති තරම්ය.


ෂෙරිල් ඒ පිළිබඳව කල්පනා කරමින් සිටින අතරවාරයේ දුරකථනය නාද වන්නට පටන් ගත්තේය. ඇඳෙන් නැගී සිටි ඇය දුරකථනය වෙතට ළංවූවාය. ඇයට එම කටහඬ නුපුරුදුය. ඇය කතා කළත් පිළිිතුරු දුන්නේද නැත. රිසිවරය තැබූ ඇය නැවතත් ඇඳට ගොස් කල්පනා සයුරේ ගිලෙන්නට වූවාය. 


එලෙසින් දින කීපයක්ම ෂෙරිල්ලාගේ ගෙදරට නන්නාඳුනන පුද්ගලයකු කතා කරන්නට පටන්ගෙන තිබිණි. ඒ එක් දිනක ඇය බැණ වදින්නට වුණේ දැඩි කෝපයෙනි. 


දිවා කාලයේදී දුරකථන ඇමතුම් දිගින් දිගටම ගලා එන්නට වූ නිසා ඇය දුරකථනය නාදවන්නට ඉඩ හැර පාඩුවේ සිටියි. එහෙත් එය ඇයට මහත් කන්දොස්තිරියාවකි. දින ගණනක්ම ෂෙරිල් ඒ නාඳුනන පුද්ගලයාට බැණ වැදුනාය. කෙතරම් බැණ වැදුනද ඔහු එය තඹ දොයිතුවකට මායිම් කළේ නැත. 


‘‘ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි. බණිනකොට තවත් ලස්සනයි.’’ ඇය බැණගෙන ගිය දවසක ඒ නාඳුනන පුද්ගලයා කියා සිටියේය. 


‘‘කොච්චර බැන්නත් ඔයාගෙ හිත හොඳයි කියලා මම දන්නවා. ඒකනෙ මම මේ කතා කරන්නෙ.’’ ඔහු තවත් දිනක කීය.


අනතුරුව ඇය බැණීම නවත්වා ඒ නාඳුනන පුද්ගලයා හඳුනා ගැනීමේ උත්සාහයක යෙදිණි. පසුව ෂෙරිල්ට ඒ පුද්ගලයාව ටිකින් ටික ප‍්‍රියවන්නට වුණේ ඇයටත් නොදැනීමය. 


එලෙසට කල්ගතවීමෙන් ඒ නාඳුනන පුද්ගලයා ඇයට ළංවන්නට විය. තම සැමියා තමාව අතහැර ඇති මොහොතක නිවසේ තනිව සිටින ඇයට ඔහුගේ පැමිණීම වචනවලින් කිව නොහැකි තරමේ සතුටකි. 


ෂෙරිල්ට සමීප වූ මේ තරුණයා ඉන්දිකය. ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. තමාගේ දුක්ගිනි බෙදාහදා ගන්නට සමීප කෙනෙක් ඈට සිටියේ නැති තරම්ය.

කාලයත් සමඟම ෂෙරිල් තමා විඳින දුක් කරදර ඉන්දික සමඟ බෙදාගන්නට විය. ඒත් ඈ මේ බවක් ජනිත්ට නොකීමට වගබලාගත්තාය. 


සැමියාත්, දරුවාත් නොමැති ඇතැම් දිනක සිය නිවෙසට පැමිණෙන්නැයි ෂෙරිල් ඉන්දිකට කියා සිටි විට ඒ කියමනින් ඉන්දිකගේ සිත පිනායන්නට විය. 


ඉන් අනතුරුව දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙන ඉන්දික ඈ හමුවට ආවේ තම සිතැඟි මනාව සන්තර්පණය කරගැනීමේ අරමුණ ඇතිවය. ඔවුන් දුරකථනයෙන් සමීප වී සිටියද සැබෑ ලෙස සමීප වූයේ එදිනය. ඉන් අනතුරුව ඔවුනොවුන් සතියට දෙතුන් වරක්ම හමුවූහ.


කාලය ගතව ගියේ පවනට බඳු වේගයෙනි. ඉන්දිකගේත් ෂෙරිල්ගේත් මේ සමීප ඇසුර ජනිත්ට දැනුණි. ඒ ඉන්දික ෂෙරිල්ගේ ගතෙහි තැබූ ආදර සලකුණ හේතුවෙනි. 


ජනිත් වියරු වැටුණු සිංහයකු ගොදුරකට පනින්නාක් මෙන් තම බිරිඳ වෙතට කඩා පනින්නට වූයේ මෙය දැකීමට ලැබීමත් සමගිනි. 


‘‘උඹ හිතුවද මම මොකුත් නොදන්න තොත්ත බබා කියලා... උඹ නටන නාඩගම් ඔක්කොම මම දන්නවා...’’


එසේ කියමින් ජනිත් ෂෙරිල්ගේ කෙස් වැටියෙන් අල්ලා ගත්තේය.


‘‘මමත් හොඳට දනන්වා තමුසෙගෙ කෙරුවාව හිතන් ඇති තමුසෙ.....’’


ෂෙරිල්ට කියන්නට හැකිවූයේ එපමණකි. විදුලි වේගයෙන් ආ ජනිත්ගේ අත ඇගේ කම්මුල මත පතිත වන්නට විය. මෙය සිදුවීමෙන් ටික දිනකට පසු ජනිත් තම නිවස වටා කැමරාවක් සවි කරන්නට වූයේ බිරිඳගේ හොර ඇල්ලීමේ බලාපොරොත්තුව ඇතිවය. 


ඔවුන්ගේ රණ්ඩු දිනෙන් දිනම වැඩිවූවා මිස අඩුවක් නම් පෙනෙන තෙක් මානයක නොතිබිණි. 


කාලය එලෙසට ගතවෙද්දි දිනක් හදිසියේම ජනිත් අසනීප විය. ඔහුට වැලඳී තිබුණේ ඩෙංගු උණයි. එහෙත් ඔහු ඒ ගැන එතරම් සැලකිලිමත් නොවුණි. ඔහු පෙර මෙන් තම රාජකාරියේ නිරත විය. එහෙත් ජනිත්ගේ තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරිණි. 


අවසානයේ ඔහු රෝහල්ගත කරනු ලැබීය. එනමුත් ඒ වන විටත් මාරයා ඔහු ළඟට පැමිණ සිටි නිසා රෝහල් ගතකොට වරුවකින් පමණ රෝහල් ඇඳ මතම ඔහු අවසන් සුසුම් හෙළුවේ සිතාගතවත් නොහැකි අන්දමිනි. 


වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වුවත් ජනිත්ට ඩෙංගු රෝගය නිසා ඇතිවූ මාරයා සමග කළ සටන ජයගත නොහැකි විය. ජනිත්ගේ හදිසි වියෝවෙන් ෂෙරිලූත්, ගවිඳුත් අසරණ වන්නට වූහ. ඔහුට මෙවන් අකල් විපතක් සිදුවේ යැයි ෂෙරිල් සිහිනෙකින්වත් නොසිතන්නට ඇත. 


එහෙත් මරුවා ඉස්සර වූයේ සිතන්නටවත් නොහැකි අයුරිනි. ෂෙරිල් සහ ජනිත් අතර කෙතරම් ප‍්‍රශ්න ඇති වුවත් ඇය ඔහුට දැඩි සේ ආදරය කළාය. ඒ නිසා ඔහුගේ වියෝව ඇය දරාගත්තේ මහත් අපහසුවකිනි. 


ඇයට වුණු දුක් කම්කටොලූ වෙනුවෙන් දවස් ගණනක් හඬා වැලපෙන්නට වුණේ එය සිතට දැඩිව බලපෑ නිසාය. ජනිත්ගේ වියෝවෙන් පසු ඔහුගේ මාසික වැටුප ෂෙරිල්ට ලැබිණි. ඇයට මුදල්වලින් කිසිදු අඩුපාඩුවක් තිබුණේද නැත. ඒ ලැබෙන මුදල්වලින් ඉන්දිකගේ අධ්‍යාපන කටයුතුවලටද ඇය මුදල් හදල් ලබාදුන්නේ පැරණි පේ‍්‍රමය සදහටම අමතක කළ නොහැකි නිසාය. 


ඒ සියල්ලක්ම නිසා ඉන්දික ෂෙරිල් සහ ගවිඳු පිළිබඳ නිතර සොයාබලා ඔවුන්ට අවශ්‍ය සියලූ කටයුතු ඉටුකර දෙන්නට වූයේ නොපැකිළිවය. 


ඉන්දික අවිවාහක තරුණයෙක් නිසා ඔහුට කිසිවකුගෙන් තහංචියක් තිබුණේද නැත. එම නිසා කිසිදු හව්හරණක් නැතිව සිටි ෂෙරිල්ට ඉන්දිකගේ සමීප වීම මහමෙරක් තරම් විය. ටික කාලයක් ඒ විදිහට ගතවෙද්දි ඉන්දික විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ලෙසට නවාතැන් ගන්නට පැමිණියේද ෂෙරිල්ගේ නිවසටය. 


ඔහු ඒ නිවසට නවාතැන් ගැනීමට පැමිණියේ ෂෙරිල් සමඟ සම්බන්ධයක් තබාගැනීමට තිබෙන වුවමනාව නිසාය. ෂෙරිල් එක්දරු මවකි. ඉන්දික ෂෙරිල්ට වඩා අවුරුදු හත අටකින් බාල තරුණයෙකි. 


එහෙත් හුදෙකලා වූ තරුණ බිරිඳක වන ෂෙරිල්ගේ හිත පහන් එළිටය ඇදෙන මෙරුවෙක් සේ ඉන්දිකගේ ආදරයට සමීප විය. පරණ ආදරය ඔවුනොවුන් තව තවත් සමීප කරන්නට වූයේ මේ කාල සීමාව තුළදීය. ඒ නිසාම ෂෙරිල් තම ස්වාමියාගේ වැටුපත් ලබා ගනිමින් ඉන්දිකගේ අනියම් බිරිඳ ලෙස ජීවිතය සරි කළාය.


එක් පසෙකින් දරුවකු සමග තනිවූ ගැහැණියකි. ආදරය, කරුණාව, රැකවරණය ඇයට අවශ්‍යය. තවත් පසෙකින් දරුවාත් සමග ජීවන අරගලයේ යෙදිය යුතුය. ඊට මුදල් අවශ්‍යය. මානුෂික අවශ්‍යතා අතර ෂෙරිල්ගේ ජීවිතය දෝලනය වේ. යුක්තිය සාධාරණය හා නීතිය තරාදිය කිරා බැලෙනු ඇත. 

19_page_5-Rs

 

m



අදහස් (0)

හුදෙකලාව නැතිකළ කටහඬ

කපිල Tuesday, 22 September 2015 01:50 AM

කාට කාටත් මේවා හොඳ පාඩම් (නි)

:       0       0

බන්දුල Tuesday, 22 September 2015 01:55 AM

හරිම සංවේදී කතාවක් (නි)

:       0       0

හසිත් Tuesday, 22 September 2015 02:19 AM

මෙහෙම ගැහැණුන්ට අනුකම්පා කරන්න යන අය හරිම මෝඩයි (නි)

:       0       0

නදීකා Tuesday, 22 September 2015 02:29 AM

මහත්තයයි නෝනයි දෙන්නම වැරදියි (නි)

:       0       0

ඉන්දික ක්‍රිෂාන්ත Friday, 25 September 2015 09:06 AM

මෙතැනදී පළමුවෙන්ම වැරද්ද කරලා තියෙන්නේ ස්වාමියා නේද ,ඔහුගේ යුතුකම් මඟ හැරල වෙනම සතුටක් තනියම අරගන නේද ,අද කලේ මේක නේද මුලින්ම වෙන්නේ ,පස්සේ බිරිඳ නොමග ගියාම බිරිදව මරනවා , මේක යුක්ති සහගත නෑ නේද (අ)

:       0       0

රුවනි Monday, 21 September 2015 02:13 PM

මොකක්ද අනේ ඔක්කොම කතා එක්දරු විවාහක බවලතුන්ට හමුවන පෙම්වතුන් ගැන නේද (බ)

:       0       0

අජිත් Monday, 21 September 2015 02:26 PM

මේවා නම් කිසිසේත්ම අනුමත කළ නොහැකිය. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3392 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 383 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1026 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 92 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 180 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site