දඹානේ ආදිවාසීන්ට විශේෂ හැඳුනුම්පතක් ප‍්‍රදානය කිරීමේ පුවතක් විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍යවල පළවිය. දඹානට ගිය ගොවිජන සේවා හා වනජීවී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා නිලවශයෙන් මෙම හැඳුනුම්පත වැදි නායක ඌරුවරිගේ වන්නියල ඇත්තන්ගේ පුත‍්‍ර නියෝජ්‍ය වැදිනායකයාට පැළඳවූයේය. වැදි නායකයා හැඳුනුම්පත අතට ගත්තේය. ඔහුටම හිනා ගියේය. දේශපාලනයේ හා දේශපාලනඥයන්ගේ හැටි හොඳටම දන්නා වැදි නායකයා උපහාසයෙන් සිනා සී බලා සිටියත්, පැමිණ සිටි පිරිස අගේට රූපරාමු ගෙන මාධ්‍යවලට මුදා හැරියෝය. මේ හැඳුනුම්පත මුලින්ම යෝජනා වූයේත් ලබා දුන්නේත්, චන්ද්‍රිකා රජය කාලයේය. මෙය එතරම්ම ප‍්‍රායෝගිය දෙයක් නොවූවත් වන්නියලැ ඇත්තෝ ඊට එකඟවීමට ප‍්‍රධාන හේතුව වූයේ එම හැඳුනුම්පතට නෛතික බලයක් ලබාදෙන බවට වූ පොරොන්දුවයි. රැහේ ගැටලූ හඳුනාගෙන විසඳුම් ලබාදීමේ අරමුණින් මහනුවර ජනාධිපති ලේකම් නිල නිවාසයේ දී 1998 ජූලි 12 වැනිදා සාකච්ඡාවක් පැවැත්විණ. ජනාධිපති ලේකම් කුසුම්සිරි බාලපටබැඳි මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මේ සාකච්ඡාව සඳහා මාධ්‍ය සගයෙකු ලෙස සහභාගිවන්නැයි මා හට ආරාධනා කළේ වැදිනායක වන්නියලැ ඇත්තන් හා එවකට බදුල්ල දිස්ති‍්‍රක් ලේකම්වරයාව සිටි ඩබ්ලිව්.එම්.ඒ. විජේකෝන් මහතාය. ඒ මහනුවර ගමනට දිස්ති‍්‍රක් ලේකම්වරයා මෙන්ම එවකට මහියංගනය ප‍්‍රාදේශීය ලේකම්වරයාව සිටි සුමිත් සුරවීර මහතා ද එක්ව සිටියේය. ඒ ගමන ද හරි අපූරුය. මහනුවර ගිය හැටියේ, දළදා මාලිගාව වැඳ පුදාගත යුතු යැයි යෝජනා කළේ වන්නියලැ ඇත්තන් ය. කොටි ප‍්‍රහාරයකට ලක්ව තිබූ දළදා මාලිගාව ඒ වනවිට ප‍්‍රතිසංස්කරණය කෙරමින් තිබිණ. සුදෝ සුදු මල් වට්ටි මිල දී ගත් අපි එක පෝලිමට ගමන් කරමින් සිටියෙමු. ඉදිරියෙන්ම ගියේ වන්නියලැ ඇත්තන් ය. දළදා මාලිගාව ඉදිරියේ වූ සෝදිසි කපොල්ලේ සේවය කළ පොලිස් නිලධාරියා එකවරම මග අවහිර කළේය. ”කරුණාකරල පොරව තියල යන්න. නැතිනම් ඇතුලට යන්න දෙන්න බැහැ.” ඔහු කියා සිටියේය. ”මම වැදි නායකයා මේ පොරව මගේ ආභරණයක්....” වන්නියලැ ඇත්තන් කියා සිටියත්, පොලිස් නිලධාරියාගෙන් බුරුලක් නොවීය. දිස්ති‍්‍රක් ලේකම් විජේකෝන් මහතා ද කතාවට පැටලූනේය. තවත් පොලිස් නිලධාරියෙක් අප දෙසට දුවගෙන ආවේය. මහත්තයා, මේක අපිට දීපූ උපදෙස්. කිසිම ආයුධයක් අරන් මාළිගාවට යන්න දෙන්න බැහැ..” ”මේක ආයුධයක් නෙවෙයි, මේක ආභරණයක්. රජතුමා මාලිගාවට ගියේ කඩුව ගලවල තියලද? තරමක් කේන්ති ගිය වන්නියලැ ඇත්තෝ ඇසුවේය. ”මම නම් පොරව ගලවන්නේ නැහැ. රාළහාමි ගිහින් දියවඩන නිළමේට මේ බව කියන්න. බැහැ කියනවනම් මම ආපහු යන්නම්.” වැදි නායකයා කීවේය. රාළහාමි එතැන සිටියදීම සාජන් මහත්තයා ආපසු මාළිගාව දෙසට දිව ගියේය. සිදුවන දේ කුමක්දැයි නොදැන අපි බලා සිටියෙමු. ටික වේලාවකට පසු පොලිස් පරීක්‍ෂකවරයෙක් මාලිගාවේ සිට වේගයෙන් අප දෙසට ආවේය. ඔහුගේ මුහුණේ සිනාවක් රැඳී තිබිණ. වන්නියලැ ඇත්තන්ට සිය ආචාරය පිළිගැන්වීය. එන්න නායකතුමා, පොරව ගලවන්න එපා දියවඩන නිළමේ තුමා කිව්වා ඉක්මනට එක්ක එන්න කියලා... පොලිස් නිලධාරියා ඉතා ආචාරශීලීව පවසා සිටියේය. කොටි දළදා මාලිගාවට කළ විනාශය දෑසින් දුටු වැදි නායකයා ඉතා සංවේගයෙන් ඒ ගැන කතා කරමින් පිය ගැට පෙළ නැග්ගේය. එවකට, දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතා වැදි නායකයා පිළිගත්තේය. දළඳා වහන්සේට මල් පූජා කර හිතේ හැටියට වැඳ පුදාගත් පසු, දියවඩන නිළමේවරයාගෙන් ආරාධනයක් ලැබිණ. ඒ තේ පැන් සංග‍්‍රහයක් සඳහාය. දියවඩන නිළමේ සමග වැදි නායකයා සල්ලාපයේ යෙදුණේය. ඉන්පසු, සාම්ප‍්‍රාදියක සමුගැනීම සිදු වූයේ නිළමේවරයාගේ දෑත මත වන්නියලැ ඇත්තන්ගේ දෑත තැබීමෙනි. ඒ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේ එළිමහනේ සිහිල් තුරු වදුලේ සාකච්ඡාවට කටයුතු සූදානම් කරන්න ජනාධිපති ලේකම් කුසුම්සිරි බාලපටබැඳි මහතාට අමතරව කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශයේ උපදේශක (වගා ලංකා) ඞී.එම්. ආරියරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජී. දිසානායක, වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ බර්ටි ජයසේකර, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් විජය රණසිංහ, බදුල්ල දිස්ති‍්‍රක් ලේකම් ඩබ්ලිව්.එම්.ඒ. විජේකෝන් යන මහත්වරු රාජ්‍ය අංශය නියෝජනය කළහ. ”වැදි රැහේ අයට කැලයේ ඇති උරුමය... දේශපාලන තීන්දු නිසා එය අහිමිව ගිය අයුරු හා වනජීවි නීතිරීති නිසා රැහේ සංස්කෘතික ජීවන රටාවට ඇති බාධා ආදිය වන්නියලැ ඇත්තෝ අපූරුවට විග‍්‍රහ කළේය. වනජීවී අංශයෙන් කියැවුණේ... කැලෑ විනාශය මෙන්ම නීතිවිරෝධී වනසතුන් දඩයම් වැළැක්වීම සඳහා පනවා ඇති නීති වෙනස් කිරීම අපහසු බවය. වන්නියලැ ඇත්තන්ගේ කතා ස්වරූපය දැඩිවිය. ”ඔව් මහත්තයා, කැලේ මහා ගස් කපාගෙන යනවා. ඉවක් බවක් නැතිව සතුන් දඩයම් කරගෙන යනවා. කව්ද ඒවා කරන්නේ කෝ ඔය නිලධාරීන් ඒවාට විරුද්ධව පියවර අරන් තියෙනවාද? මහත්තයල එන්න මාත් එක්ක කැළේට යන්න. මගේ අත්දෙකෙන් බදන්න බැරිතරම් වට ප‍්‍රමාණයේ සහිත වටිනා ගස් එදා තිබුණා. අද තියෙන්නේ මුල් විතරයි. අපේ වැද්දෝ නෙවෙයි දඩයම් කරන්නේ මස් වැද්දෝ. අපේ අනන්‍යතාවයට අයිතිවාසිකම්වලට නීතිදාන නිලධාරින් ඇයි මේ විනාශයන් වළක්වන්නේ නැත්තේ. හේතුව මම කියන්න ඕන නැහැනේ... වන්නියලැ ඇත්තෝ බාලපටබැඳි මහතාගේ දෑස දෙස බලාගෙනම කියාගෙන ගියේය. බාලපටබැඳි මහතා බොහොම සන්සුන්ව වන්නියලැ ඇත්තන්ගේ හිත නිවෙන අයුරින් කතා කළේය. මෙහිදී පහත සඳහන් එකඟතාවයන් ඇතිවිය. ”කෑරගොඩෙයි, කන්දේගම් ගම්වල යි වැව් දෙක හදලා දෙන්න පුළුවන්. වැව් ළඟ පදිංචිවෙලා වගාවක් කරන්න ඉඩ දෙන්න පුළුවන්, වැව්වල මාළු ඇති කරන්න පුළුවන්. කැමතිනම් සත්තු ඇති කරන්න පුළුවන්. කැලේ ආරක්‍ෂා කරන්න වරිගේ තරුණයන්ට රැුකියා දෙන්න පුළුවන්.
අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
ශ්රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි
ශ්රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
හැඳුනුම්පත් එකතු කරන රැහේ ඇත්තෝ
ලියොන් ගුණවර්ධන Saturday, 27 December 2014 04:52 PM
අපේ ආදී වාසීන්ගේ තොරතුරු අලලා පාලිත ආරියවංස මැතිදුන් විසින් සකස් කර පළකර ඇති අගනා සටහන් පෙළ මා විසින් මෙයට පෙරද යෝජනා කල ඇති පරිදි සිංහල සහ ඉංග්‍රීසි බසින් පොතක් සේ පල කලොත් අපේ ආදී වාදිසින්ගේ අගනා සංස්කෘතිය , මුළු ලෝ වැසියන්ම දැනගන්නවා ඇත. (ම)