මම ගෙදර ඇවිත් ටික දවසක් ගෙදරට වෙලා හිටියා. මේ අතරේ දාසන් අයියලගේ ගෙදරත් මම ගිහිල්ලා ඇවිත් තියෙනවා. මේ අතරතුරේ දවසක දාසන් එක්කලා මැල්සිරිපුර අපේ අක්කලාගේ ගෙදරත් ගිහිල්ලා තියෙනවා. එහෙම මම ගෙදර ඉද්දී දවසක් දාසන් මට කෝල් එකක් දීලා කිව්වා එල්.ටී.ටී.ඊ සංවිධානයේ ශිවා සහ මුහමාලේ චෙක්පොයින්ට් එකේ හිටපු කෙනයි අජිත්ව එක්කගෙන එන්න කියලා කෝල් කරකර කරදර කරනවා. ඉක්මනට අපි ගිහිල්ලා එයාලව හම්බවෙමු කිව්වා. ඒ අනුව අපි දෙන්නා කතා කරගෙන කොළඹට ඇවිත් වව්නියාවට ගිහිල්ලා එතනින් කිලිනොච්චියට ගියා. ඒ ගිහිල්ලා ටවුමේ තිබුණ කොමියුනිකේෂන් එකකින් දාසන් ශිවාට කෝල් කරලා අපි බස් නැවතුම් පලේ ඉන්නවා කියලා කිව්වා. එහෙම අපි ටික වෙලාවක් ඉන්න කොට ශිවා යතුරු පැදියෙන් පැමිණ පෙර අවස්ථාවේ අපිට ඉන්න දුන්න ගෙදරට එක්කගෙන ගියා. එදත් ශිවා අපත් එක්ක විස්තර කතා කරකර හිටියා. ඒ ඉන්න ගමන් පළවැනි දවසේ එයාලට ලියා ගන්න බැරවුණ මාගේ පෞද්ගලික විස්තර එදා අහලා ලියා ගත්තා. ඒ ඉන්න ගමන් ශිවා මට කිව්වා මින් ඉදිරියට අපි ඔයාට කතා කරන්නේ "කනොජි" කියන නමින් කියලා. එල්.ටී.ටී.ඊ නමක් ලබා දුන්නා. ඒ අතරේ දාසන්ගේ විස්තරත් අසමින් ලියා ගත්තා. එහෙම කතාකර කර ඉඳලා කෑම කාලා රාත‍්‍රියේත් එම ස්ථානයේම සිටි අතර ශිවා මට කිව්වා උදේට ඔයාලාව හම්බ වෙන්න තවත් එක්කෙනෙක් එනවා කියලා. පසුදින උදේ ඉන්නකොට තවත් පුද්ගලයෙක් ඇවිත් අපිත් එක්ක සුහදව කතා කළා. එවිට මම එයාගේ නම අහන කොට "සුගන්දන්" කියලා කිව්වා. නමුත් එම නම වෙනස් වෙනවයි කියලත් කිව්වා. එහෙම කතා කරන ගමන් මගෙන් ගාල්ල පදිංචි වෙලා ඉන්න බව දැන ගත්ත නිසා ගාල්ල නාවික හමුදා කඳවුරේ ගාල්ල ටවුමේ පිහිටීම පිළිබඳව ඇඳලා දෙන්න කියලා කිව්වා. ඊට අමතරව නාවික හමුදාවේ ප‍්‍රධාන සුළු නිලධාරී පේ‍්‍රමලාල් ගැනත් යුද හමුදාවේ කපිතාන් වරයෙක් ගැනත් තොරතුරු හොයාගෙන එන්න කියලා ඔවුන් පදිංචි ප‍්‍රදේශය වන නාරම්මල ප‍්‍රදේශයේ විස්තර ලබා දුන්නා. ඊට අමතරව තිඹිරිගස්යාය සමිට් මහල් නිවාස වල සිටින හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බලා තොරතුරු ලබා දෙන්න කියලත් කිව්වා. එහෙම කියලා යන්න ගිය අතර යන්න ඉස්සෙල්ලා කිව්වා නාවික හමුදාවේ තිබෙන බෝට්ටුවල පිංතූර පොත් හොයාගෙන එන්නත් කියලා. ඊට පස්සේ ගාල්ල බස් නැවතුම්පළ පිහිටි ස්ථානය, ක‍්‍රීඩාපිටිය, ඒ අසල ඇති ඉන්ධන පිරවුම්හල, ගාල්ල කොටුව, උසාවිය, කෞතුකාගාරය, පොලිසිය හා නාවික හමුදාව යන මේවා පිහිටා ඇති ආකාරය හා ප‍්‍රධාන මාර්ගයද මුහුදු ප‍්‍රදේශයද ඇඳ ඒවා නම් කර ශිවාට දුන්නා. නාවික හමුදාව පිහිටා ඇති ආකාරය ගැන ඇඳලා දීපු රූප සටහන උපයෝගී කරගෙන පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ මම ලිපියක් ලියලා දුන්නා මට ණය බේරගන්න සල්ලි ටිකක් දෙන්න කියලා. මට මතක මම සිතියම ලකුණු කළෙත් ඉංග‍්‍රීසියෙන් කියලයි. වෙනදා වගේ ශිවා රුපියල් 10,000/= බැගින් අපි දෙන්නට දීලා කොලේ අත්සන් කර ගත්තා. පස්සේ අපි එන්න ඉස්සෙල්ලා ශිවා මමයි දාසන්වයි පැජරෝ ජිප් එකකින් එක්කගෙන ගිහිල්ලා එල්.ටී.ටී.ඊ සාමාජිකයන් මිය ගියාම වළලා තිබුණ ස්ථාන පෙන්වලා එක්කගෙන ආවා. ඒ ඇවිත් අපි දෙන්නව කිලිනොච්චියේ බැස්සුවා. අපි එතනින් වව්නියාවට ඇවිත් ටවුමේ කාමරයක් අරගෙන නැවතිලා ඉඳගෙන රස්සාවල් හෙව්වා. පහුවැනිදා හෝටලයක වැඩ හම්බවුණ නිසා අපි කාමරයේම ඉඳගෙන රස්සාවට ගියා. වැඩට ගිය දවසේ අපට තිබුණ වැඩ ගොඩක් අමාරුයි. ඒක නිසා ආයිත් වැඩට ගියේ නැහැ. එහෙම එන්න ලෑස්ති වුනාම මතක් වුණා කලින් රට හිටපු යාළුවෙක් වව්නියාවේ ඉන්නවා කියලා. එයාගේ එඩ‍්‍රස් එක මා ළඟ තිබුණා. අපි ඒ ගෙදරට හොයාගෙන ගියා. එතකොටත් එයා රට හිටියේ. ඒ ගෙදර තිබුණේ වව්නියාවේ ගුඞ්ෂෙඞ් පාරේ නො. 06 කියන ලිපිනයේ. යාළුවගේ නම කමලාහසන්. අපි එහේ ගියාට පස්සේ එයාගේ අම්මයි තාත්තායි පවුලේ අනික් කට්ටියයි ගෙදර හිටියා. පස්සෙ මම ඒ අයට හදුන්වල දුන්නාට පස්සේ යාළුවා ම ගැන ගෙදරට කියලා තිබුණ නිස ඒ කට්ටිය මාව අඳුන ගත්තා. මා රට හිටිය කාලේ ගෙදරට කථා කරලා තිබුණා. එදින රාත‍්‍රී අප දෙන්නා ඒ ගෙදර ඉඳලා පහුවදා උදේ වව්නියාවේ ඉදන් කෝච්චියෙන් කොළඹ ආවා. ඊට පස්සේ මම ගෙදර ආවා. දාසන් එයාගේ ගෙදර ගියා. එහෙම ඉන්න ගමන් හම්බවෙච්ච කුලී වැඩත් කළා. ඔය අතරේ දාසන්ලගේ ගෙදරත් යනවා. පාස්පෝට් එක බලන්න කොළඹත් එනවා. දවසක් දාසන් මට කෝල් එකක් දීලා මගෙන් ඇහුව්වා ශිවා අහනවා තොරතුරු හෙව්වද කියලා. ඒ නිසා ගිහිල්ලා තොරතුරු හොයන්න කියලා මට කිව්වා. ඊට පස්සේ මම නාරම්මලට ගිහිල්ලා පේ‍්‍රමලාල්ගේ විස්තර හෙව්වා. එයාගේ ගෙදර තියෙන තැන, ගමේ කට්ටියගෙන් යාළුවෙක් විදිහට අහගත්තා. ඒ අනුව මම ඒ ගෙදර ළඟටම ගිහිල්ලා ගෙදර බලාගෙන ආවා. මට දැන්නම් ඒ පාර කියන්න මතක නැහැ. ඒ ගෙදර තිබුණෙ නාරම්මල ටවුමට ටිකක් ඈතින් හංදියක් පිහිටලා තියෙනවා. එතනින් ගොඩක් ඇතුළට යන්න ඕන. ඒ හංදියේ නම මට එල්ටීටීඊයෙන් ලබා දුන්නා. දැන් මට මතක නැහැ. මම මේ ගෙදරට යන්න ඉස්සෙල්ලා ගියේ කැප්ටන්ගේ ගෙදර හොයන්නයි. මට දැන් එයාගේ නම මතක නැහැ. ඒ ගෙදර තියෙන්නේ නාරම්මල ටවුමෙන් ඉස්සෙල්ලාම තියෙන වමට ඇති තාර පාරේ ගොඩක් දුර යනකොටයි. ඒ ගෙදර මට තාම මතකයි. ඒ ගෙදර කවුරුවත් හිටියේ නැහැ. මම ඒ අසල කඩයකින් ඇහුවම කිව්වා ඒ මහත්තයා රට ගියා කියලා. පස්සේ මම ඒ ගෙවල් වලට යන විදිය ගැන හිතේ තියාගෙන හිටියා. පස්සේ කොළඹ ඇවිත් සමිට් ප්ලැට් වලට ගියා. ඒ ගිහිල්ලා වටින් පිටින් විපරම් කරද්දී එහි හමුදාවේ නිලධාරියෙක් නැහැ කියලා දැන ගන්න ලැබුණා. මම වැඩිවෙලා එතන හිටියේ නැහැ. මම විස්තර ටික හොයාගෙන එදින ගෙදර ගියා. පස්සේ දවසක මම දාසන්ට කෝල් කරලා කිව්වා මේ විස්තර ටික ගත්තා කියලා. මම තොරතුරු ටික හොයා ගත්තාට පස්සේ දාසන්ට ඒ බව කියලා ඔහු සමග බෝට්ටු වල පිංතූර හොයන්න කියලා කල්පිටියට ගියා. ඒ ගියේ දාසන් නිතර යන එන ගෙදරකටයි. දාසන් මට කියලා තිබුණා යන ගෙදරත් නාවික හමුදාවේ කෙනෙක් ඉන්නවා. ගෙදර බෝට්ටුවල පිංතූර තියෙන බව දාසන් දන්නවා කියලත් කිව්වා. ඒ ගෙදර විස්තර මම දන්නේ නැහැ. ඒ කට්ටියත් එක්ක දාසන් මාළු බිස්නස් කරනවා කියලා දන්නවා. අපි ඒ ගෙදරට ගිහිල්ලා කතාකර කර ඉන්න ගමන් කාටත් පේන්න නැති වෙන්න ගෙදර කියවන්න වගේ දාලා තිබුණ සඟරා කිහිපයක් බලලා බෝට්ටු වල විස්තර තියෙන සඟරා ටික දාසන් අර ගත්තා. ඊට පස්සේ අපි දාසන්ගේ පුත්තලමේ ඉන්න ඇටිලගෙ ගෙදර ගියා. ඒ ගිහින් එදා රාත‍්‍රි එහි නැවතුනා. ඊට පසුදින කොළඹට ඇවිත් කෝචිචියෙන් වව්නියාවට ගියා. ඒ යන කොට උදේ වෙලා. පස්සේ අපි වව්නියාවෙන් කාමරයක් අර ගත්තා. ඒකෙදී දාසන් මට කිව්වා ඔයා එන්න එපා මම ගිහිල්ලා විස්තර ටික දීලා එන්නම් කියලා. ඊට පස්සේ මම නාරම්මල හමුදා නිලධාරීන්ගේ ගෙවල් වලට යන විදිහ ඇඳලා දුන්නා. දාසන් ඒවාත් අරගෙන කිලිනොච්චි ගියා. ඒ ගිහිල්ලා එදාම සවස් වෙනකොට වගේ දාසන් ආයිත් ආවා. ඇවිත් මට කිව්වා අජිත් ආවේ නැහැ කියලා ගොඩක් දොස් කිව්වා. තොරතුරු ලබා දෙනවා මදි කියලා ශිවා කීවා කියලා. දාසන් අරගෙන ගිය පොත් වලින් කොටසක් ආපහු දීලා එවලා තිබුණා. එදා සල්ලි දුන්නෙත් නැහැ කියලා දාසන් මට කිව්වා. පස්සේ දාසන් කිව්වා ආයිත් අපි මේකට සම්බන්ධ වෙන්න ඕනෑ නැහැ. මේ වැඬේ මෙතනින් නවත්තලා දාමු කියලා තීරණයක් අපි දෙන්නම ගත්තා. එදින අපි කොළඹ එනකොට රෑ වෙන නිසා එදත් අපි ඒ කාමරයේම ඉදලා ඊට පසුදින උදේ කොළඹ ආවා. ඒ ඇවිල්ලා අපි අපේ ගෙවල් වලට ආවා. පස්සේ මම ගෙදරට වෙලා ඉන්න ගමන් කුළී වැඩ කරමින් සිටි අතර පාස්පෝට් එක බලන්න කොළඹට ඇවිල්ලත් යනවා. මේ අතරේ දාසන්ලාගේ ගෙදරත් දවසක් විතර ගියා ඇති කියලා මට මතක තියෙනවා. ප‍්‍රශ්නය - ඔබට එල්ටීට්ඊ සංවිධානයෙන් අංකයක් ලබාදුන් නමට අමතරව ඬේවිට් යන නම ලබා දුන්නාද? උත්තරය - නැහැ මට අංකයක් ලබා දුන්නේ නැහැ. මට ඬේවිඞ් කියලා නමක් කිව්වෙත් නැහැ. කනෝජි කියන නම විතරයි මට කියලා තිබුණේ. ප‍්‍රශ්නය - ඔබගේ විස්තර ලියන ලද එල්ටීටීඊ සංවිධානයට අයත් පෝරමයක් අත්සන් කර තිබේද? උත්තරය - ඔව් මගේ විස්තර පිරවූ කොලයක් මම අත්සන් කළා. ලියලා තිබුණේ දෙමළෙන්. මම කියවන්න දැනගෙන හිටියේ නැහැ. ප‍්‍රශ්නය - ඔබ දෙවෙනි වරට එල්.ටී.ටී.ඊයෙන් ලබාගත් මුදල් වලට කුමක් කළාද? උත්තරය - ඒ ඔක්කොම සල්ලි වලින් කැසිනෝ ගැහැව්වා
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හමුදාවෙ තොරතුරු වලට කොටි හොඳට සල්ලි දුන්නා