මුළු රැයම ගිනිගනිමින් තිබේ. සියල්ල නිසොල්මනේ මෙහෙයවෙන රැයකි. හමුදාවේ කීප දෙනෙකුත් දේශපාලනයේ කීපදෙනෙකුත් බලාපොරොත්තු දල්වාගෙන සිටියි. ඇතැම්හු ජයපැන් බොති. සටන අවසන් වූ බව ඔවුන්ට හැඟයි.
මේ රාති‍්‍රය දේශපාලන මණ්ඩලයේ ද ඇස වැසුණු රැුයකි. ලයිට් එළි නිවා ලාම්පු එළියෙන් රැුය ගෙවන මිනිසුන්ට මුළුමනින්ම වසන් වූ රාති‍්‍රයකි.
ගන අඳුර කපාගෙන සිරි අයියා (89 දී සෝමවංශ හැඳින්වූ නම) මීගමුවට පැමිණිනි. මරණ ගෙදරක යන මුවාවෙන් දිගු කලක් ගෙවූ මහනුවර පදිංචිය නිමා විය.
දැන් විජේවීර සහෝදරයා මීගමුවට කැඳවා ආ යුතුය. එම වගකීම සිරි අයියා පිට පැටවී ඇත. පක්ෂයේ පණිවුඩකරුවන් සුදුසු මොහොත දන්වන තුරු ඒ ගමන තහනම් වන්නකි.
පෙරදා දහවල් (නොවැ. 12) විජේවීර සහෝදරයා දැන්වූ පරිදි උලපනේ පදිංචිය අලූයම වෙනස් වන්නකි. එහෙත් ඒ සඳහා විජේවීර සහෝදරයා එවන අවසන් පණිවුඩය සිරි අයියාට ලැබුණේ නැත. හෝරා දෙක තුන ගෙවී උදේ 8-9 වශයෙන් දහවල ළඟා විය.
දහසකුත් ප‍්‍රශ්න අතර ඔහු සිරවිය.
විජේවීර සහෝදරයා වෙනත් තැනකට ගියාද? නැත්නම් ස්ථානය වෙනස් නොකරන්න තීරණය කළාද? යන කාරණා දෙක මත සිරි අයියා දෝලනය විය. ඒ අතර ලෙව්වෙගොඩ වත්ත පිළිබඳ සැකය නිසා වෙනසක ලකුණු ද දැනෙමින් තිබිණි.
කෙතරම් අවුල් සහගත මොහොතක් වුවද එය අවුලක් ලෙස භාර නොගත යුතුය.
සවස වනතුරුම සිරි අයියා ගෙදරට වී කාලය ගෙවා දැමීය. අවිනිශ්චිත සිදුවීමක් රූපවාහිනියේ විශේෂ පුවතකින් විකාශය වෙයි. ඒ සිදුවීම අනුව විජේවීර සහෝදරයා අත්අඩංගුවට පත්වී ඇත.
”මෙය සැබෑවක්ද?” සිරි අයියාට දෙලෝ රත්විය.
පෙරදා දහවල් තමා සමග සිටි විජේවීර සහෝදරයාගේ රුව තිරයේ පෙන්වයි. එහි කිසිම වෙනසක් නැත. ඔහු පැය කීපයක් කළ දේශනයක් විනාඩියකට පමණ කෙටි කර පෙන්වයි.
”දැන් සියල්ල සතුරා දැනගෙන අවසන්. සියලූ දේ වෙනස් කරන්න.”
”රට නිරායුධ කිරීමට කටයුතු කරන්න. කවුරුත් නිරායුධ වේවි.”
දුරදක්නාසුළු නායකයකු තමන්ට දුන් පණිවුඩයක් වැනිය. ”සියලූ දේ වෙනස් කරන්න.” සිිරි අයියාගේ හිතට යළි යළි කියන සෙයකි.
මේ සැබෑම විජේවීර බවට සැකයක් නැත. එය විශ්වාස කරන්නට වඩාත් ප‍්‍රබල හේතුවක් ඇත. එනම් රෝහණ විජේවීර සහෝදරයා අත්අඩංගුවට පත්වුවහොත් තමන් ශ්‍රී ලංකාවට වෙලා තියෙන දේ හා විය හැකි දේ ගැන පවසා මරණයට මුහුණ දෙන බව දේශපාලන මණ්ඩලයේදී නොයෙක් විට පවසා ඇත. දේශපාලන මණ්ඩලයේදී තම නායකයා මතක් කළ මරණාසන්න පණිවුඩය ඔහු ප‍්‍රකාශ කළ හැටි...
විජේවීර අත්අඩංගුවට පත්වුණේ කෙසේද? එදා පටන් සිරි අයියා විවිධාකාරයෙන් සෙවුවේය. එම අත්අඩංගුවට පත්වීම ගැන එදා උලපනේ නිවෙසේ සිටි පක්ෂ සාමාජිකයකු හා සාමාජිකාවක ඔහුට කීවේ මෙවැන්නකි.
රෝහණ විජේවීර සහෝදරයා නොවැම්බර් 12 වැනිදා දේශපාලන මණ්ඩලය නිමාවී සවස 3.00 පමණ වන විට නිවසට ආවේය. හෝරාවක් දෙකක් ගත විය. කාර් එකක් උලපනේ බංගලාවට ඇදෙන සෙයකි. සාමාන්‍යයෙන් මේ එන්නේ හමුදාවක් යැයි සැකයට හේතුවක් නැත. එයට හේතුව හමුදාව විජේවීර සොයා මෙහෙයුමක් කරනවානම් ට‍්‍රක්, ජීප් පිරිවරා එය විය යුතුය. ඊට වඩා නිතරම කාර්වලින් නිවෙසට පක්ෂ සාමාජිකයෝ ආවා ගියහ. ගේට්ටුව ළඟ සිට නිවසට යම් දුරක් තිබෙයි.
කාරය ගේට්ටුව අසළ නැවතිණි. හමුදා නිල ඇඳුමින් සැරසුණු දෙතුන් දෙනෙක් ද සිවිල් ඇඳුම් ඇඳගත් දෙතුන් දෙනෙක් ද සිටිති. ඔවුහු නිවස වෙත එනු මිදුලෙහි සිටි විජේවීර සහෝදරයා බලා උන්නේය.
”වැඬේ වැරදීමක්ද?” එහෙත් බිය වීම පසෙකලා ඔහු එදෙස බලා සිටිමින් නිවෙසට හැරී සංඥාවක් කළේය. මේ සංඥාව බංගලාවේ විජේවීරගේ සහායට සිටි සාමාජිකයාට පැනගැනීමට කළ එකකි. ඔහු වහා පිටුපස දොරින් වතුයාය හරහා නොපෙනී ගියේය. ඉතිරි සියල්ල සිරි අයියාට දැනගන්න ලැබුණේ නිවසේ අන්තිමට ඉතිරි වූ හා ගෙදර සහායට සිටි පක්ෂ සාමාජිකාවගෙනි.
විජේවීර සහෝදරයා හමුදාව වෙත මුහුණ දීමට බියක් නොදැක්වීය. ඔහු ඊට පෙරත් හමුදා සහ පොලිස් බාධකවලට හමුවී ඇත. විජේවීර, ගමනායක හා සිරි අයියා යන තුන්දෙනාම එක වාහනේ යද්දී සෝදිසි කළත් හමුදාව සාර්ථක නොවිණි. තවත් අතෙකින් දේශපේ‍්‍රමි ජනතා ව්‍යාපාරයේ සිටි පිරිස අන් ගම්වලදී මෙන් විජේවීර සහෝදරයාගේ නිවෙසට පැමිණ ඔවුන්ගේ හැඳුනුම්පත් පවා එකතු කළහ. ඒ තරමට 1983 පක්ෂ තහනමේ සිට තමා ගෙවූ ”අත්තනායක” ගේ ජීවිතය සාර්ථක විය. ඔහුගේ දරුවෙකුගෙන් ”ඔබේ තාත්තා විජේවීර දැයි” ඇසුවොත් ”නෑ අත්තනායක” යි කියන තරමට හෙතෙම සියලූ පසුබිම සම්පූර්ණයෙන් අත්තනායක බවට පත්කර සිටියේය.
චිත‍්‍රාංගනී හා දරුවන්ද පක්ෂ සාමාජිකාවද ගෙයි සිට එබී බැලූහ.
හමුදා පිරිස විජේවීර සහෝදරයාට ළං විය.
”ඔබ විජේවීර නේද?” නිලධාරියෙකු ප‍්‍රශ්න කරයි.
”නෑ”
”මොකක්ද නම...” නැවත අසයි.
”අත්තනායක”
දැන් අයිඩින්ටිය ඉල්ලයි. එය දෙයි.
”අත්තනායක වුණාට කමක් නෑ. ප‍්‍රශ්න කිරීමක් තියෙනවා. ගිහින් එමු.” නිලධාරියෙක් පවසයි.
”ඒ මොකටද මම යන්නේ. මේක අසාධාරණයි. ඔබට වැරදීමක්. මම වත්තක අයිතිකාරයෙක්.”
”සමාවෙන්න... අපට ඔබෙන් ප‍්‍රශ්න කිරීමක් කරන්නයි තියෙන්නේ”
ටිකින් ටික වචන හුවමාරුව දුරදිග යයි. බහින් බස් වීමක් තරමට හැරෙයි. එහෙත් තනිවම සටන පහසු නැත.
බලපෑම හමුවේ නොයා සිටිය නොහැක. ඊටත් වඩා තොරතුරු නිවැරදි බව විජේවීරට සිත කියයි.
ආපසු හැරී බිරිඳ චිත‍්‍රාංගනී දෙසට යයි.
”මම එනවා. ඔයාලා මෙහෙ ඉන්න. ඇගේ හිස පිරිමැද දරුවන් සිපගනියි.
හැඬුමක් දෙකක් ඇසෙයි. විජේවීර සහෝදරයා කැඳවාගෙන උලපනේ සෙන්ට් මේරිස් වත්තෙන් වාහනය පිටවී යයි. ඒ පසුපස සැඟවුණු තවත් වාහන දෙක තුනක් ඇදෙයි. මේ සියලූ රූප ජාලය චිත‍්‍රාංගනීත්, දරුවෝත්, ජවිපෙ සාමාජිකාවත් වැලපෙමින් බලා සිටිති.
”එන්නම්, ඉන්නැයි” කියා ගියත් එය නැවත පැමිණීමක් වන්නේ කෙසේද?
මේ සිදුවීමට අවුරුදු 10-15 ක් අතර කාලයක එනම් 2000 වසරින් පසු දවසක හිටපු හමුදා ප‍්‍රධානී මේජර් ජෙනරාල් ජානක පෙරේරා ජවිපෙ හි සෝමවංශ අමරසිංහගෙන් (සිරි අයියාගෙන්) පෞද්ගලික සාකච්ඡුාවක් ඉල්ලයි. එය පක්ෂයට ලැබුණේ විජිත හේරත් සහෝදරයා අතිනි.
එවක දේශපාලන මණ්ඩලය ජානක පෙරේරාගේ හමුවට දින නියම කෙරිණි. ඒ අනුව පක්ෂ නායක සිරි අයියා සහ ජානක පෙරේරා අංක 100, පාර්ලිමේන්තු පාර, අපේ ගම පරිශ‍්‍රයට නුදුරු එවක පක්ෂ කාර්යාලයේදී හමු වූහ.
මේ වන විට ජෙනරාල් ජානක එජාපයෙන් ඡන්දය ඉල්ලීමට යන බවට රාවය පැතිරෙමින් ගිය සමයයි.
”මම වේලාව ඉල්ලූවේ දිග කතාවක් කියන්න. ජවිපෙ මම ගැන විශාල වැරදි වැටහීමක ඉන්නවා. ඒක එහෙම නෙමෙයි. එහි ඇත්ත කතාව මට ඔබලාට කියන්නට අවශ්‍යයි.” ජානක පෙරේරා මහතා කියයි.
”මොකක්ද කතාව” සිරි අයියා විමසයි.
1989 නොවැම්බර් 12 වැනිදා මෝටර් රථයෙන් රෝහණ විජේවීර සහෝදරයා අත්අඩංගුවට ගැනීමට උලපනේ නිවසට ගිය කතාව ඔහු කියයි. එම කණ්ඩායමේ ප‍්‍රධානියා ජානක පෙරේරා විය.
”මම විජේවීර මැරුවේ නෑ. මම කළේ අල්ලපු එක විතරයි. ? 10 ට පමණ තිඹිරිගස්යාය ඒකාබද්ධ මෙහෙයුම් කාර්යාලයට ඔහු බාරදුන්නා. එතැනින් එහා දෙයක් මම දන්නේ නෑ.
ජෙනරාල්වරයා වචන දෙක තුනකින් කතාව නිමා කර නිදහස් වීමට දරන හැඩයකි.
”නෑ....ඔය කතාව ඔහොම බෑ....” ඒ අනුව සිිරි අයියා පැය දෙකක් තිස්සේ නානාවිධ සැකැති ප‍්‍රශ්න අසයි. රෝහණ විජේවීර සහෝදරයාගේ ශාරීරික තත්ත්වය වගේම එදා හිටපු පරිසරය ගැනද විමසයි. බරපතළ ප‍්‍රශ්න හමුවේ ජෙනරාල් ජානක පෙරේරා මහතාගේ මුහුණ රතු පැහැ වී කලබල වෙයි.
”එතුමාගේ හමේ පාට අනුව මුහුණ රතු වුණා. කලබල වුණා. ඒත් මම ප‍්‍රශ්න ඇහුවා.” සෝමවංශ මට කියයි.
”මට දැනගන්න ඕනෑ වුණු දෙයක් තිබුණා. විජේවීර සහෝදරයා තිඹිරිගස්යාය ඒකාබද්ධ මෙහෙයුම් කාර්යාලයේ කාටද බාරදුන්නෙ කියලා. එතුමා කියන්නේ ස්ථානයේ නම විතරයි. මොකද බිත්තිවලට කරපු භාර දීමක් නෙවෙයිනේ...”
ඒ අවස්ථාවේදී ඔහු කියාගන්න බැරි තරම් අසරණ වුණා. මුහුණ රතුවෙලා කලබල වුණා. ඔහුට අවශ්‍ය වුණේ කතාව භාර දුන්නා කියල අවසන් කරන්න. ඇත්තටම භාරගත් නිලධාරියාගෙ නම ඔහු කිව්වේ නෑ..”
සිරි අයියා කියයි.
ඒ අනුව නොවැම්බර් 12 රාති‍්‍රය ගලා ගියේ මෙවැනි සිදුවීම් පෙළක් සමගය.
විජේවීර සහෝදරයා පිළිබඳ තොරතුරු ලැබුණු ගමන් සියලූ දේ වෙනස් කිරීමට කාලය උදා විය. ”වහාම ගමනායක සොයා යා යුතුය” සිරි අයියා බණ්ඩාරගම ගමනායකගේ ගෙදරට යන්නට තීන්දු කළේය.
එහෙත් බලාපොරොත්තු වූ පරිදිම ඇඳිරි නීතිය වැටිණි. පසුවදා උදේම සිරි අයියා තනියම බණ්ඩාරගම ගියේය. ඒ යන අතරතුර දේශපාලන කටයුතු වලට සම්බන්ධ පක්ෂ සාමාජිකයෝ හමුවී වහාම නවාතැන් වෙනස් කරගන්නැයි උපදෙස් දුන්හ.
එවැනි විටක නවාතැනක් වෙනස් වීම වහා විය යුතුය. ඊට කම්මැලි හෝ අඩියක් පසුවට තැබුවොත් සිදුවන විනාශය විජේවීර සහෝදරයාට හිමිවී ඇත.
දේශපාලන මණ්ඩලය 12 වැනිදා බලකරද්දී පැය ගාණක් උලපනේ වාසය තෝරාගැනීමෙන් විජේවීරට අවාසනාවන්ත ඉරණමක් අයිති විය. එදා ඔහුද දැඩි තීන්දුවක සිටියානම් හෙවත් එදිනම මීගමුවට ආවානම් තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් පැත්තකට ගලන්නට ඉඩ තිබිණි.
දේශපාලන මණ්ඩලයේ බොහෝ අය එදා ගලහ අරලිය උයනෙන් පිටත් වූයේ නවාතැන් වෙනස් කිරීමේ අදහසිනි. සිරි අයියා එය ක්ෂණිකව කළේය. නමුත් අවසාන සිදුවීම් පෙළ හා බලන විට උපතිස්ස ගමනායක ද පමා වූ බවට රහසක් නැත.
නොවැම්බර් 13 උදේ සිරි අයියා බණ්ඩාරගමට යන විටත් ඔහු ජීවතුන් අතර සිටින බව පමණක් සිතිවිලි පෙළ අතර තිබිණි.
එහෙත් වෙනසක ලකුණක් ඇත. වාහනයෙන් එන සිරි අයියාට මොකක්දෝ වෙනසක් පෙනෙයි.
ගමනායකගේ නිවස ඉදිරිපිට පාරෙහි ළමයි කණ්ඩායමක් කී‍්‍රඩා කරමින් සිටියි.
”වෙනදා නොදුටු දෙයක්...”
ගෙදර වත්ත මැද්දේ ඈතට පෙනෙයි. ඔහු පාරේ ළමයි ආසන්නයෙන් වාහනය නැවැත්වීය. වාහනයේ ”හදිසි ලෙඩක්” ගානට පාරට බැස එහි අභ්‍යන්තර පරීක්ෂාවෙහි යෙදුණි. එසේ යෙදෙන ගමන් ගමනායකගේ ගේ දිහාවට වරක් දෙවරක් එබුණි. ගෙදර කිසිවකු නැති පාළුවට ගිය හැඩක් පෙනෙයි.
”පුතා මේ ගෙදර අය කෝ...”. ළමයි වෙනස් විදිහකට සිරි අයියා දෙස බලයි.
”අපි නම් දන්නෑ අංකල්..” ඒ කීවේද සාමාන්‍ය පරිදි නොවේ.
රෝහණ විජේවීර සහෝදරයාට අත්වූ ඉරණම ගමනායක සහෝදරයාටත් උරුම වීද? එසේ වී නම් ප‍්‍රබල තොරතුරක් බැහැර වී ඇත.
විනාඩියක්වත් එහි නොසිට සිරි අයියා පිටත් විය.
සාමාන්‍යයෙන් ගමනායක සිටින බව හිතා ගෙට ගියේ නම් තවත් විනාශයකි.
එදා හමුදාව ගෙන ගිය එක උපක‍්‍රමයක් වූයේ ජවිපෙ සාමාජිකයා අත්අඩංගුවට ගෙන සිවිල් ඇඳුමින් සැරසුණු හමුදාවේ කීප දෙනෙකු සමග ටික දිනක් ඔහුගේ නිවසේ රහසේ වාසය කිරීමකි.
අත්අඩංගුවට පත් සාමාජිකයා හමුවීමට එන සියලූ දෙනා හමුදාව විසින් ගොදුරු කර ගත්තේ මෙපරිදිය.
ඒ අනුව ගමනායක ගෙදරට එකපාරට ගොඩ වූවා නම් සිරි අයියාගේද ආයුෂ එදාම අවසන් වෙන්නට තිබිණි.
ඔහු ක්ෂණයෙන් එතැනින් පිටත්ව අතුරුගිරිය පැත්තට එන්නට ගමන් ආරම්භ කළේය.
ඒ කවුරු සොයාද?
ලබන සතියේ කියවමු.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හමුදාව දුටු විජේවීර ගේ දෙසට හැරී පණිවිඩයක් දුන්නා
නිවන්තක Friday, 13 November 2015 11:11 PM
හොඳ ලිපියක් (නි)