IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


හිමිනම පැරණි චිත්‍ර කලාවට පණ දෙයි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිවුවැනි වසරේ සිංහල විශේෂවේදි උපාධිය  හදාරන හාඟිලිඇල්ලේ ඤාණවිමල හිමියෝ ස්වභාවික අමුද්‍රව්‍ය ඇසුරෙන් සිතුවම් ඇදිමේ පැරණි කලාව ප්‍රගුණ කරති.

‍ඓතිහාසික යටිහලගල ශ්‍රී සුමනාරාම මහා විහාරයේ විහාරාධිපති වල්ගොවුවාගොඩ අමරවංශ  හිමියන්ගෙන් ඒ සදහා විශාල සහයක් ලැබෙන බව ඤාණවිමල හිමියෝ පැවැසුහ.

හිමියන්ගේ මා පියන් ගොවිතැන් කටයුතු කරන අතර සහොදරයින් දෙදෙනෙක් හා එක් සහොදරියක් සිටිති.හාඟිලිඇල්ල විද්‍යාලයෙන් මූලික අධ්‍යපනය හදාරා වයස 13 දි පැවිදි දිවියට පිවිසුණු ඤාණවිමල හිමියෝ දික්කාපිටිය ශ්‍රී විද්‍යාභුමි පිරිවෙනෙන් ඉගෙනුම ලැබූහ.ගවරම්මාන විදුරපොල ශ්‍රී පියතිස්ස පිරිවෙනින් උසස්පෙළ අධ්‍යාපනය හැදැරු හිමියෝ 2013 වසරේදි පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් වුහ.

සිතුවම් කලාව සේම නවකතා,කෙටි කතා හා කවි රචනා කිරිමට සහඡ දක්ෂතාවයක් ඇති ඤාණවිමල හිමියෝ වයස 13 දි මුල්ම කෙටි කතාව රචනා කළහ. එය මුද්‍රණය කිරිමට නොහැකි වුවත් වයස 16 දි ‘පාළුව‘ නමි කෙටි කතාව එළි දක්වුහ.

මේ දක්වා කෙටි කතා හා නව කතා 10 ක් පමණ මුද්‍රණය කර ඇත.  

“මම කැළනිය පන්සලට ගිය දවසක එහි සෝලියස් මහතා ඇඳ තිබු චිත්‍ර දැක මා ඒ සම්බන්ධව කරුණු රැස් කළා.ඒ චිත්‍ර දැකීමෙන් පසු තමයි මට හිතුනේ ඒ වගේ චිත්‍ර අඳින්න.ඒ චිත්‍ර ස්වභාවික මැටි ගස්වල කොළ,පොතු ,මල් වැනි දේ වලින් ගන්නා ඉස්ම භාවිත කර චිත්‍ර නිරිමාණය කර ඇති බව දැනගත්තා.මා වැලිමඩ , මහනුවර , හා තවත් ප්‍රදේශ වලින් මැටි එක එක වර්ණ වලින් සොයා ගත්තා. කහට ගතියෙන් යුක්ත ගස්වල කොළ,පොතු,මල් සොයාගෙන ඒවයින් ඉස්ම අරගෙන මම එක එක පාට වර්ණ හදාගෙන තමා මම මේ චිත්‍ර නිර්මාණය කරන්නෙ.ස්වභාවික දේ උපයෝගි කරගෙන චිත්‍ර කලාව කරන අය අඩුයි මට අවශ්‍ය ස්වාභාවික දේ අරගෙන චිත්‍ර නිර්මාණය කරන්න. “ යැයි හිමියෝ පැවසූහ.

“ස්වභාවික දේ වලින් පමණක් නොවෙයි මා දියසායම්,තෙල් සායම්, ඇක්ක්‍රලික්, අගුරු,පෙන්සිල් ආර්ට්, වලින් චිත්‍ර නිර්මාණය කර තියෙනවා.මැතකදි මම ඒ සියලු වර්ණ උපයෝගි කරගෙන අමරදේව ශුරින්ගෙ චිත්‍රයකුත් නිර්මාණය කළා.මා විහාර වල සිතුවම් අඳිනවා.ලබන වසරේ සිතුවම් ප්‍රදර්ශනයක් පැවැත්වීමට  බලාපොරොත්තු වෙනවා “යැයි ඤාණවිමල හිමියෝ පැවැසුහ

 Untitled-6 Untitled-1 (2) Untitled-8 Untitled-9 Untitled-10 (ඤාණවිමල හිමියන් රචනා කළ කෘතින් කිහිපයක්)

Untitled-11 Untitled-12 Untitled-13 Untitled-14 Untitled-15



අදහස් (0)

හිමිනම පැරණි චිත්‍ර කලාවට පණ දෙයි

යසන්ත Monday, 12 December 2016 11:09 PM

ඉතාම හොඳ උත්සාහයක් (නි)

:       0       0

දමයන්ති Thursday, 15 December 2016 08:28 PM

හරිම සතුටුයි මේවා දකිනකොට (නි)

:       0       0

ශශික Friday, 16 December 2016 03:41 PM

අපේ රටේ හිමිවරුන් ඉතා දුප්පත් පවුල් වලින් පැවිදි වෙන්නේ. බොහෝ උපැවිදිවීම් වලටත් හේතුව එයය. උන්වහන්සේලා සතු දක්‍ෂතාද අපමණයි. විශේෂයෙන්ම මෙබඳු කලා කුසලතා ඇති හිමිවරුන්ට ඒවා ඉහළ නංවන්නට අතදීමක් වෙනවා නම්... ප්‍රංශය ඉතාලිය වගේ රටවල දක්ෂ චිත්‍ර හා මුර්ති ශිල්පීන්ගේ ඇසුර ලැබෙනවා නම්... සෝලියස් මෙන්ඩිස්ලා හෙන්රි ධර්මසේනලා පමණක් නොව, ලියනාඩෝ ඩාවින්චිලා ෆැබ්ලෝ පිකාසෝලාත් ඔය අතරින් බිහිවේවි. (නි)

:       0       3

ටෙහාන් Monday, 12 December 2016 11:20 AM

මෙවන් හිමිවරු රටට වාසනාවක් (නි)

:       0       0

රන්දික Tuesday, 13 December 2016 10:03 AM

වාසනාවන් ! (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 482 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 85 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 994 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 125 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 169 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 432 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 711 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 353 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 502 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site