වළගම්බා රජුට පසඟ පිහිටුවා වැඳ නමස්කාර නොකිරීම නිසා රජුගේ නියමයෙන් ඔහුගේම ඇමැතිවරයකු මරණීය දණ්ඩනයට ලක් වූ පුවතක් අපේ ඉතිහාසයේ සඳහන් වේ. එදා විධායක ව්‍යවස්ථාදායක හා අධිකරණ යන බල පරාක‍්‍රමයන් තුනම පැවැතියේ රජු යටතේය. මේ වළගම්බා න්‍යාය අදට වලංගුවන්නේ නැත. ඊට හේතුව අවධියෙන් අවධිය, යුගයෙන් යුගය ලෝකය ඉදිරියට යන නිසාය. නැත්නම් ශීලාචාර වන නිසාය. වැඩවසම් යුගය බිඳගෙන ධනේෂ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවධිය එළඹීමත් සමගම රාජාණ්ඩු සතු බලය ක‍්‍රමයෙන් රජුගෙන් මිදී ජනතා ඡන්දයෙන් තෝරාපත් කර ගනු ලබන සභාවක් අතට පත් විය. මේ අනුව ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ යනුවෙන් බල අධිකාරී ආයතන තුනක් නිර්මාණය විය. එහි සාධනීය ආරම්භය සිදුවන්නේ මහා බි‍්‍රතාන්‍යයෙනි. නැතිනම් අප අධිරාජ්‍යවාදී යැයි හැම විටම හෙළා දකින බි‍්‍රතාන්‍යයෙනි. එය සීරුමාරුවට සිදුවූයේ නැත. රජුගේ බලය විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය සතු වූයේ කාලාන්තරයක් තිස්සේ සිදුවූ සාධනීය අරගලයක ප‍්‍රතිඵලයක් වශයෙනි. මේ සම්බන්ධයෙන් අපට ඇති හොඳම පරමාදර්ශය සැපයෙන්නේද මහා බි‍්‍රතාන්‍යයෙනි.
හරි හෝ වැරදි රජුගේ නියමය රටේ නීතිය බවට පත් වූ යුගය අවසන් වී එය ජනතා ඡුන්දයෙන් පත්වන ප‍්‍රජාතන්තී‍්‍රය ආයතනය වන ව්‍යවස්ථාදායකයේ හෝ පාර්ලිමේන්තුවේ අණසකට යටත් වුවද කලක් ගත වනතුරුම මේ පිළිබඳ ගැටුම යම් යම් අවස්ථාවල ඉස්මතු වී තිබේ. ඊට අපේ රට පැත්තෙන් ඇති හොඳම උදාහරණය ”බ්‍රෙස්ගර්ඩල්” සිදුවීමයි. අපේ රටේ අධිරාජ්‍යවාදී යුගයේ බ්‍රෙස්ගර්ඩල් නමැති වතු පාලකයා පිටුවහල් කිරීමට ආණ්ඩුකාරයා නැතිනම් විධායකය ගනු ලැබූ තීන්දුව අත්හිටවනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණය මගිනි.
අවසානේ රජු නාමමාති‍්‍රක ගණයට වැටී ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ බලය ජනතාව තෝරා පත් කර ගනු ලැබූ ආයතන සතුවීමත් සමඟම මේ ආයතන තුලනයක් ඇතිකර ගැනීමට ශීලාචාර ලෝකය කල්පනා කර තිබෙන බව පෙනේ. මෙහිදී කාගේත් වැඩි අවධානයකට ලක්ව තිබෙන්නේ ”මොන්ටෙස්කියු සිද්ධාන්තය” යි. ඊට අනුව නීති පැනවීම, නීති කි‍්‍රයාත්මක කිරීම හා යුක්තිය පසිඳලීම එක් පුද්ගලයකු හෝ මණ්ඩලයක් අතට පත්වීම (වැඩවසම් යුගයේ මෙන්) යුක්තිසහගත වන්නේ නැත. අද භාවිතයට අනුව නම් එය විධායක ජනාධිපති, පාර්ලිමේන්තුව හෝ අධිකරණයයි. මේ නිසා මෙම බල කේන්ද්‍ර අතර තුලනයක් ඇතිවීම සාධාරණත්වය රජයන ක‍්‍රමවේදයක් සේ සැලකේ. අද ලෝකයේ සෑම තැනකම වාගේ විවිධ මාදිලියේ පාලන තන්ත‍්‍ර පැවැතිය හැකි වුවද ඒවා නිර්මාණය වී තිබෙන්නේ පොදුවේ විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බල කේන්ද්‍ර තුනේ බල අධිකාරිත්වය එකිනෙකාට අභිබවා යන තත්ත්වයක් උද්ගතවීම වැළැක්වීමටය. නැතිනම් ස්වාධීනත්වයක් සහිතවය.
විනිසුරුවරුන් පත්කිරීමේ බලය විධායක ජනාධිපතිට ඇතත් ඔවුන් අස්කිරීමට නොහැකිව තිබෙන්නේ එ් නිසාය. පාර්ලිමේන්තුවට අධිකරණ බලය ඇතත් නඩු විභාග කිරීමට නොහැකි වී තිබෙන්නේ මේ සිද්ධාන්තයට අනුවය. විධායක ජනාධිපතිවරයා දෝෂාභියෝගයක් මගින් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට හැකියාවක් ඇතත් අවසානයේ ඔහු පිළිබඳ තීන්දුව ගැනෙන්නේ අධිකරණමය කි‍්‍රයාදාමයකින් පසුවය. ඒ අනුව විධායක ජනාධිපති ඉවත් කිරීමේ පරම අධිකාරී බලය පාර්ලිමේන්තුවට නැත. එසේම තනි අයිතියක් සේ එය අධිකරණයටද දී නැත. මේ දිනවල උත්තරීතර යැයි කෑ ගැසුවද යම් යම් අණපනත් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවටද ඕනෑ ඕනෑ විදියට කටයුතු කිරීමට නොහැකිය. ඒවා අධිකරණයේ පරීක්‍ෂාවට ලක්කර රටේ මූලික නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එකඟදැයි විමසීමට ජනතාවට හැකිය.
වරක් කලවාන මැතිවරණ කොට්ඨාසය සඳහා බහු ආසනයක් නිර්මාණය කිරීමට පාර්ලිමේන්තුව සූදානම් විය. ඊට හේතුව කලවාන ආසනය සඳහා අතුරු මැතිවරණයකින් ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සරත් මුත්තෙට්ටුවේගම පත්වන විට කලවාන අසුනේ මන්තී‍්‍රවරයෙක් සිටීමයි. 1978 ජේ. ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාව අනුව එය සිදුවිය. මේ සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් තුනෙන් දෙකේ අනුමැතියෙන් පාර්ලිමේන්තුව ලවා එය අනුමත කරවා ගැනීමට එවකට පැවැති ජේ. ආර්. ජයවර්ධන රජය සූදානම් විය. මෙය සම්පූර්ණයෙන්ම වාගේ පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කි‍්‍රයාදාමයක් බව හිටපු කතානායක බාකීර් මාකර් පැවසීය. එහෙත් එක් ආසනයක් වැඩි කිරීමකට වුවද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ප‍්‍රමාණවත් නොවන බවත් ජනමත විචාරණයකට යා යුතු බවත් අධිකරණයේ නිගමනය වීය. අවසානයේ එය අතහැර දැමීමට ජේ. ආර්. රජයට සිදුවිය.
එක් ආයතනයකටවත් හිතුවක්කාර නොවන සේ මෙසේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර බලය තුලනය වී තිබෙන්නේ අවසාන විග‍්‍රහයේ දී ජනතාවගේ යහපත හා පරමාධිපත්‍යය සුරැකීම වෙනුවෙනි. මෙම ආයතන තුනම නිර්මාණය වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් වුවද විධායකය හා ව්‍යවස්ථාදායකය පමණක් ජනතා ඡන්දයෙන් පත්වේ. එහෙත් අධිකරණය එසේ වන්නේ නැත. අපේ ව්‍යවස්ථාවේ හැටියට අධිකරණය බලය අන්තර්ගත වී තිබෙන්නේ ව්‍යවස්ථාදායකයටය. එහෙත් පාර්ලිමේන්තුවට නඩු විභාග කළ නොහැක. ඒ සඳහා පාර්ලිමේන්තුව එම බලය අධිකරණයට ලබාදී ඇත. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට හා උපරිමාධිකරණයට විනිසුරුවන් පත් කිරීම පමණක් ජනාධිපතිගේ අනුමැතියට යටත් කර ඇති අතර පත්කළ කිසවකු අස්කිරීමට ඔහුට නොහැක.
පාර්ලිමේන්තුව හා විධායක ජනාධිපති අවසානයේ ජනතාවට වගකිවයුතු අතර පාර්ලිමේන්තුවෙන් බාහිර කටයුතුවලදී හා නඩුහබවලදී මන්තී‍්‍රවරුන් වුවද අධිකරණය ඉදිරියට යා යුතුය. විධායක ජනාධිපතිවරයා වුවද සිය ධුරයෙන් විශ‍්‍රාම යෑමෙන් පසුව නඩු කටයුත්තකදී උසාවියට කැදවීමේ බලය අධිකරණය සතුවේ. මෙහිදී ඔහු ධුරය හොබවන කාලයේ කළ කී දෑ වුවද අධිකරණයක් ඉදිරිපිට අභියෝගයට ලක් කළ හැකිය. බලතුලනය සැකසී තිබෙන්නේ මෙසේය.
එහෙම නම් විනිසුරුවරයකු පරීක්‍ෂාවට ලක්වන්නේ කොතැනදී ද යන ප‍්‍රශ්නය නිතැතින්ම මතුවේ. එසේ නොවන්නේ නම් එතැන වෙනම බල අධිකාරියක් ගොඩනැඟේ. විනිසුරුවරයකු හෝ වරියක අතින් සිදුවන වරදක් සොයා බැලීම සිදුවන්නේ මේ ක‍්‍රමවේදයේ කොතැනද? නිතැතින්ම ඒ පිළිබඳ බලය පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවටය. ලෝකයේ කොතැනත් මේ ප‍්‍රතිපාදනය පාර්ලිමේන්තුව සතුවන අත්හැරිය නොහැකි බලයකි.
එහෙම නම් අග විනිසුරුවරියගේ ප‍්‍රශ්නයේ දී අධිකරණය, නීතිඥ ක්ෂේත්‍රයේ හා විපක්ෂය මේ තරම් විරෝධතාවක් දක්වන්නේ ඇයි? ආණ්ඩුව ඉතා සරලව ඒ පිළිබඳව සඳහන් කරන්නේ එය දේශපාලන අරමුණකින් සිදුවන බවයි. කුමක්ද එම දේශපාලන අරමුණ? කෙසේ හෝ ආණ්ඩුව අස්ථාවර කිරීමට යන්න රජයේ මතයයි. අගවිනිසුරුවරිය ඇතුළු නීති ක්ෂේත්‍රයේ සමහරුන් මේ දේශපාලන කි‍්‍රයාදාමයට සම්මාදන් වී සිටින්නේ එතුමිය අතින් වරදක් සිදුවී තිබෙන නිසා, එය වසා ගැනීමටය. ආණ්ඩුව සඳහන් කරන්නේ එහෙමය.
ආණ්ඩුව මෙසේ සඳහන් කළත් වත්මන් දෝෂාභියෝග කි‍්‍රයාදාමයට එරෙහි නීති ක්ෂේත්‍රය හා විපක්ෂය නඟන තර්කය දෝෂාභියෝගයක් ගෙන ඒම සඳහා වූ පාර්ලිමේන්තුව සතු අයිතිය ගැන නොවේ. ඒ සඳහා අනුගමනය කරන ක‍්‍රමවේදය ගැනය. ”ක‍්‍රමවේදය හරි නෑ. හරි ක‍්‍රමවේදයකට ගේන්න.” ඔවුහු තර්ක කරති.
එහෙත් මේ ක‍්‍රමවේදය හඳුන්වා දුන්නේ වත්මන් විපක්ෂය ආණ්ඩුවේ සිටියදීය. එතකොට විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩුවේ අය මෙම ක‍්‍රමවේදයට විරුද්ධ වූහ.
එදා එහෙම වෙලා දැන් මෙහෙම වෙන්නේ කොහොමද? දැන් මෙහෙම වෙන්නේ අපේ රටේ දේශපාලනයේ හැටියටය.
”දෝෂාභියෝග ක‍්‍රමවේදයේ යම් යම් අඩුපාඩු තිබෙන්න පුළුවන්.” - අමාත්‍ය ඩලස් අලහප්පෙරුම
”සංශෝධනය නොවුණ නිසා තවදුරටත් අපට කි‍්‍රයාකිරීමට සිදුවී තිබෙන්නේ පවතින පදනම තුළයි. ඒකට සියලූ දේශපාලකයන් වගකිවයුතුයි.” - අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න
මේ සංවාදය තුළ ප‍්‍රශ්නය විනිවිද දැකීමට ආණ්ඩුව තුළ සිටින කීර්තිමත් වමේ නායකයකු වූ වාසුදේව නානායක්කාර ඇමැතිවරයාට නොතිබුණ කශේරුකාවක් ජෝන් සෙනෙවිරත්න හා ඩලස් අලහප්පෙරුම වැනි ඇමැතිවරුන්ට තිබීම ද මෙහිදී වැදගත්ය.
එහෙම නම් උසාවිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 78‘ඒ’ වගන්තියට නව අර්ථකතනයක් දෙන්නේ දැන්වත් මේ ක‍්‍රමය වෙනස් කරන්න කියලාය. එම අර්ථකතනය බාරගැනීමට ආණ්ඩුව සූදානම් නැත. එය වරදක් සේ විපක්ෂය දකී. ”දිවි නැඟුම” පනතට දුන් අර්ථකතනය බාර ගැනීමටත් මේ අර්ථකතනය බාර නොගැනීමටත් හේතුවක් තිබෙන බව පෙනේ. ”දිවිනැඟුම” දුන් අර්ථකතනය බාර ගැනීම නිසාද ආණ්ඩුවට තමන්ගේ මුල් ස්ථාවරය වෙනස් කර ගැනීමට සිදුවිය. එහෙත් එකක් පිළිගැනීමත් අනෙක නොපිළිගැනීමත් සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායකය කල්පනා කරන්නේ එය පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කි‍්‍රයාදාමයකට එරෙහිව කටයුතු කිරීමකටත් වඩා යමක් මෙහි තිබෙනවා යන නිගමනය සහිතවය.
මේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අර්ථකතනයක් දිය හැක්කේ අධිකරණයට පමණක් බව එහි සඳහන් වේ. එය සත්‍යයකි. එහෙත් මේ මොහොතේ නව නියෝගය වුවද අධිකරණය මගින් නිකුත් කරන්නේ, ‘නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ’ සම්ප‍්‍රදායටය. චෝදනාවට ලක් වූ අග විනිසුරුවරිය ධුරයේ සිටිමින්ම ඇගේ මෙහෙයවීමට යටත් අධිකරණ මඬුල්ලක් මගින්ය. කෙස් පැලෙන තර්ක කෙසේ වෙතත් මෙතැන ප‍්‍රශ්නයක් තිබේ. 78‘එ්’ වගන්තියට වසර 25කට පසුව හිටි හැටියේ අර්ථකතනයක් ඉල්ලා සිටින්නේ අග විනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයක් පැමිණීමත් සමඟය. ඒ ගැන විමසීමත්, තීන්දුවත් දෙකම ”සෙට්වෙලා” දුන්නා වාගේ දැයි කෙනෙකුට සිතීමට ඉඩ තිබේ. මෙමගින් උසාවියක් දෙනු ලබන තීන්දු සාධාරණ මෙන්ම එහි සාධාරණ බව ජනතාවට හැඟී යා යුතුය යන මූලධර්මය බිඳවැටෙනවා යැයි කෙනකුට තර්ක කළ හැකිය. එය එම තීන්දුවටත් අධිකරණයටත් හොඳ මදිය.
පවතින නීති රීති යටතේ වුවද වෙනත් නීතිරීති ගෙන එනු ලැබුවද දෝෂාභියෝගයකට ලක්වූ විනිසුරුවරයකු පිළිබඳව අවසාන තීරණය ගනු ලබන්නේ පාර්ලිමේන්තුවයි. ප‍්‍රශ්නය ඇත්තේ මෙතැන නොවේ. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර බලය බෙදී යෑමේ එකිනෙකට වගකියන සමබරතාව නොමැති වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේය. මේ ව්‍යවස්ථාව යටතේ උත්තරීතර වන්නේ විධායකයයි. ”මට කළ නොහැකි ගෑනියෙක් මිනිහෙක් කරන එක විතරයි. අනෙක් හැම දෙයක්ම කරන්න පුළුවන්.” එදා ජේ. ආර්. මෙවන් උද්ධච්ච උදාන වාක්‍යයක් පැවසුවේ විධායකය සතු මේ අසමසම බලය මුල් කරනකොට ගෙනය. මේ නිසා පත් වී වසරක් ඇවෑමෙන් තම අභිමතය පරිදි විසුරුවා හැරිය හැකි පාර්ලිමේන්තුවක් උත්තරීතර වන්නේ කෙසේ දැයි කියන්න දන්නේ නැත.
අපේ බොහෝ අය පුරුදු වී සිටින්නේ මේ ව්‍යවස්ථාවේ කෑලි කෑලි තමන්ට වාසි අවාසි පිළිවෙළට විග‍්‍රහ කිරීමටය. සත්‍ය වශයෙන්ම මේ බහුබූත ව්‍යවස්ථාවම වෙනස් කළ යුතුය. එමඟින් විධායකයේ ප‍්‍රධානියාට නීතියටත් වඩා උඩින් සිටිය හැකි බලය සමබර කළ හැකිය. විනිසුරුවරුන් පත්කිරීමේ නිදහස ඇමෙරිකානු ව්‍යවස්ථාවෙන්ද තහවුරු කර තිබෙන්නේ එරට ජනාධිපතිවරයාට ය.
එහෙත් එම පත්කිරීම් සෝදිසි කිරීමේ හා නුසුදුසු අය අනුමත නොකිරීමේ බලය ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලය සතුය. මෙය එක් උදාහරණයක් පමණි. මෙවන් ප‍්‍රතිපාදන මඟින් බලතුලනය සමබර කර ඇත. එහෙත් අපේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බලතුලනය පිළිබඳ ප‍්‍රශ්නය දිගින් දිගටම පවතී. මේ ව්‍යවස්ථාව වෙනස්විය යුතුය කියන්නේ ඒ නිසාය. එ්තාක් දුරට මෙම අර්බුදය නොනවතින අරගලයක් සේ පවතිනු ඇත.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හරි කවුද?