IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


හිර ගෙදරට කුඩු ගේන හැටි

ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව 1844 පනවන ලද බන්ධනාගාර ආඥා පනත යටතේ පිහිටුවනු ලැබූ දීර්ඝ ඉතිහාසයක් ඇති ඒ ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවකි.අධිකරණයක් මගින් බන්ධනාගාරගත කරන ලද හෝ රිමාන්ඞ් භාරයට පත් කරන ලද හෝ සෑම තරාතිරමකම සිරකරුවන් පිළිගැනීම ඔවුන්ට ආරක්ෂාව, පෝෂණය හා නඩත්තුව සැළසීම එහි මූලික කාර්යභාරය බවට සඳහන්වේ. එසේ වුවද මේ රටේ වැඩියෙන්ම කතාබහට ලක්ව ඇති දෙපාර්තමේන්තු අතර ඉහළින්ම සඳහන් වන්නේද මෙම දෙපාර්තමේන්තුවේ නමයි. කෝප් කමිටු වාර්තාවේ සඳහන් පූජිත රාජ්‍ය ආයතන ගොන්නටද එක්වූ මෙම දෙපාර්තමේන්තුව ඒ නරා වළෙන් ගොඩගන්නට අදටත් හැකිවී නැත. වත්මන් පාලන ක‍්‍රමයේ පවතින මෙවැනි දුර්වලකම් හේතුවන් නීති ගරුක නිළධාරීන් මෙන්ම අහිංසක සිරකරුවන්ද අසරණව සිටිනුයේ වෙන කළ හැකි දෙයක් නොමැති නිසාය. මෙවැනි දූෂිත වාතාවරණයක් නොතිබූ අතීතයක් මෙම දෙපාර්තමේන්තුව තුළ තිබූ බවද අමතක කළ නොහැකි වනුයේ, ජේ.පී. දෙල්ගොඩ, සී.ටී. ජෑන්ස්, එච්.ජී. ධර්මදාස යන කොමසාරිස්වරුන් සතුවූ දැනුම, අවබෝධය හා අත්දැකීම් කොතරම්ද යන්න සිතෙන විටය.ඉකුත් වසර තුළ පමණක් රිමාන්ඞ් භාරයට පත් කරන ලද සැකකරුවන් හා දඬුවම් ලැබූ සිරකරුවන් 1,08858ක් බන්ධනාගාරවල රඳවා සිට ඇතැයි එහි නවතම වාර්තා අනාවරණය කර ඇත. එයින් 27,018 ක්ම සිරදඬුවම් විඳින්නෝ වේ. 800 ක්ම පෝරකයට නියමවූවන්ය. බන්ධනාගාර ආයතන සංඛ්‍යාව 61 කි. පාලනයට සිටින සේවකයින් සංඛ්‍යාව 5000 කඩ වඩා නැත. වත්මන් අවශ්‍යතාවයට අනුව සේවකයින් 3000 ක්වත් වුවමනා බවට ගණන් බලා ඇත. බන්ධනාගාර තුළ ඉඩකඩද නැත. පහසුකම්ද නැත. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 1683 ක් තැබිය යුතු තැන 5722 ක් රඳවා සිටින බව ඊට දිය හැකි හොඳම උදාහරණයයි. මෙහි රැඳවියන් 400කටම ඇත්තේ වැසිකිළි 4ක් පමණි. දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් කීපදෙනෙකුට ඉහළ තනතුරු ලැබුණේද මේ අතරතුරදීය. දූෂණ චෝදනා මත වැලිකඩින් මහරට මාරු කෙරුනු මෙම එක් නිලධාරියකු එහි මීතිරිගල හා නන්දෙවත්ත වැඩ කඳවුරු දෙකේ පොල් ටිකටත් ගස් ටිකටත් තට්ටු කළේ ”ඉබ්බා දියට දැම්මාම ඇන්නෑවේ” කියන්නාක් මෙනි. එසේ වුවද, කිසිදු පරීක්ෂණයක් හෝ චෝදනාවක් නොමැතිව ඊටත් වැඩි උසස්වීමක් ලබා පාලන කටයුතු මෙහෙයවයි. ඒ අනුව මීතිරිගල හා කන්දෙවත්ත වැඩ කඳවුර භාරව සිටින ජේලර්වරයාගෙන් එහි පොල් ඵලදාව ගැන සෙවීම සඳහා ජේලර්වරුන් දෙදෙනෙකු හා සහකාර අධිකාරිවරයෙකු පත්කර ඇතැයි සඳහන් වේ. පරිපාලනයේ පවතින මෙවැනි තත්ත්වයන් හමුවේ පාතාල කල්ලි විවිධ අපරාධ සැළසුම්කරණයට හිරගෙවල් යොදා ගැනීම පුදුමයට කරුණක්ද නොවන්නේය. අද මෙය එකම මාෆියාවක් බවට පත්ව ඇත්තේ ඇතැම් සිරගෙවල් පවා පාලනයට නතුකර ගනිමිනි. මෙම කල්ලි ජංගම දුරකතන මගින් බන්ධනාගාරය තුළ සිට  ඕනෑම අපරාධයක් කිරීමට සූදානම්ය. කප්පම් ගැනීම්, මත්කුඩු ජාවාරම් පමණක් නොව ඝාතන සැළසුම්, පැහැර ගැනීම් පවා අද එහි සිට කි‍්‍රයාත්මක වන බවද නොරහසකි. දූෂිත බන්ධනාගාර නිළධාරීන්ගේ ගේදොර, වතුපිටි, යානවාහන, ව්‍යාපාර සහිත ඇතැම් බැංකු ගිණුම් කරවන්නේද මෙම කප්පම් මුදලිනි. මෙම සියලූ කි‍්‍රයාකාරකම් සඳහා ජංගම දුරකතනයට බන්ධනාගාර තුළ හිමිවනුයේ මිල කළ නොහැකි වටිනාකමකි. එනිසාම ජංගම දුරකතනයට ඇති ඉල්ලූම මෙන්ම එහි අලෙවි වටිනාකමද මෙතෙකැයි කිව නොහැකි තරම්ය. මෙවැනි නීති විරෝධි උපකරණ මෙන්ම භාණ්ඩ බන්ධනාගාරවල පරිහරණය වනුයේ කලක සිටය. ඒවා මැඩලන්නට බලධාරීන් විධිමත් කි‍්‍රයා මාර්ග ගත් බවක් පෙනෙන්නට නැත. ජංගම දුරකතන භාවිතය වැළැක්වීම සඳහා ඒවාට ලැබෙන පණිවුඩ අකි‍්‍රය කෙරෙන ජැමර් යන්ත‍්‍රයක් වැලිකඩ බන්ධනාගාරයේ තාප්පයට පිටතින් සවිකර වැඩි දවසක් නැත. එමගින්, චැපල් අංශයේ හොර රහසේ භාවිත වන ජංගම දුරකතවලට බාධා සිදුකිරීම අරමුණු කර ඇතැයිද සඳහන්ය. මෙටල් ඩිවෙක්ටර් ස්කෑනර් යන්ත‍්‍ර කීපයක් මිලයට ගෙන කොළඹ බන්ධනාගාරවලට බෙදාදීමට පියවර ගැනුනේද මේ අතරය. එසේ වුවද බන්ධනාගාරවල නීති විරෝධි භාණ්ඩ හා උපකරණ භාවිතයේ අඩුවක් දක්නට නොවීමද අරුමයකි. කෙසේ වෙතත් නිරන්තර සෝදිසි කිරීම් හා වැටලීම් නොකරන බන්ධනාගාර අධිකාරිවරුන්ට එරෙහිව තදින් කි‍්‍රයා කිරීමට අමාත්‍ය චන්‍ද්‍රසිරි ගජදීර මහතා තීරණය කිරීමත් සමගම සිය බන්ධනාගාර තුළින් නීති විරෝධි ජංගම දුරකතන හමුවීමේ සිද්ධියකින් මීගමුව හා ගාල්ල බන්ධනාගාර අධිකාරිවරුන් දෙදෙනාට ගෙදර යාමට පවා සිදුවූයේ බන්ධනාගාර ඉතිහාසයේ ප‍්‍රථමවරටය. මේ නිසාම අනෙකුත් බන්ධනාගාර තුළ වැටලීම් හා සෝදිසි මෙහෙයුම් වැඩිවූ අතර දැඩි නීති රීතිද පැනවිණි. එය එසේ වෙද්දී නීති විරෝධි  ඕනෑම දෙයක් බන්ධනාගාර වෙත රැුගෙන ඒමේ ක‍්‍රමෝපායන්ද සූක්‍ෂම අයුරින් සිදුවන්ටන පටන් ගත්තේ සිකැනර් යන්ත‍්‍රවලට පවා අභියෝග කරමිනි. දූෂිත නිලධාරීන්ද සිය ජාවාරම් එලෙසම පවත්වාගෙන යාම සඳහා නවතම විධි ක‍්‍රම අනුගමනය කරන්නට වූයේ නීතියේ ඇසට පවා වැලි ගසමිනි. එවැනි නිලධාරීන් කීප දෙනෙකුම ඉකුත් කාලය තුළ වැඩ තහනමට ලක්වූයේ මත්ද්‍රව්‍ය හා ජංගම දුරකතන සිරකරුවන්ට රැගෙන යාමේ චෝදනාව මතය. හෙරොයින්, ගංජා, චරස්, ජංගම දුරකතන, සිම් කාඞ්පත් මෙන්ම  ඕනෑම නීති විරෝධී උපකරණයක් ස්කෑනර් යන්ත‍්‍රවලට හසුනොවී අධෝ මුඛයේ සඟවාගෙන රැුගෙන යාමේ නවතම ක‍්‍රමය බිහිවූයේද ඒ සමගය. බීඩි මිටි, සිගරට් පැකට් හා දුම්කොළද එකවර ගණනාවක් හසුනොවන බව දැනගත් සිරකරුවෝ ඒවා අධෝමුඛයේ සඟවා රැුගෙන ඒමට සමත් වූහ. ජංගම දුරකතන සිම් කාඞ්පත් බීඩි සිගරට් දුම්කොල වැනි නීති විරෝධි භාණ්ඩ අධෝ මුඛයේ සඟවා රැගෙන යාමේ ක‍්‍රමය ඉතා සාර්ථක වූ නිසාම අධිකරණය වෙත රැගෙන එන සිරකරුවන්ගේ මාර්ගයෙන් ඒවා අවශ්‍ය පුද්ගලයින්ට ලබාදීමේ ජාවාරම දිගින් දිගටම කි‍්‍රයාත්මක වන්නට විය. ඒ අනුව, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙක් ජංගම දුරකතන 5ක් එකවර අධෝ මුඛයේ සඟවා රැගෙන යාමට තැත් කළ අවස්ථාවකදී එක් ජංගම දුරකතනයක් බඩවැල් පලා ඇතුළට යාම නිසා අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව රෝහල් ගතකර ශල්‍ය කර්මයකින් එය ඉවතට ගත් පුවත තවමත් කතාබහට ලක්වී ඇත. රැඳවියන්ට රැගෙන යන බත් පාර්සල්වල ඇති කරි වර්ග හා කුකුළු මස් කටුවල වැලි බොකුවල සොසේජස් තුළ හා මාළු මිරිස් කරල්වල මත්කුඩු හා ගංජා සඟවා රැගෙන යාමට උත්සාහ ගත් අවස්ථා ගණනාවක්ම අනාවරණය වූයේ නොබෝදාය. මෙගා සිසිල්බීම බෝතල්, ෂැම්පු බෝතල් හා අයිස්ක‍්‍රීම් මූඩිවල සඟවා මත්කුඩු රැගෙන යාම දිගින් දිගටම වාර්තා විය. මෙම දැඩි සෝදිසි කිරීම් හේතුවෙන් බන්ධනාගාර තුළ හොරොයින්, ගංජා, චරස් මෙන්ම ජංගම දුරකතන ඇතුලූ නීති විරෝධි හැම භාණ්ඩයකම මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර විශාල ඉල්ලූමක්ද පවතී. ඒ අනුව, ජංගම දුරකතනයක් රුපියල් 15000ක මුදලට විකිණෙන බවටද තොරතුරු වාර්තා විය. බීඩි මිටියක් රුපියල් 200ටද සිගරට්ටුවක් රුපියල් 300ටද චරස් (කේ.ජී.) කරලත් රුපියල් 1000ටද, හෙරොයින් ග‍්‍රෑම් 1ක් රුපියල් 8000 ටද, දුම්කොළයක් රුපියල් 800ටද අළෙවි වන බව සඳහන් වේ. එසේ වුවද, බන්ධනාගාර තුළ මෙම නීති විරෝධි ජංගම දුරකතන හා මත්ද්‍රව්‍ය භාවිතය මෙන්ම ජාවාරම මහ ඉහළින් සිදු කෙරේ. ඒ සඳහා ඇතැම් දූෂිත නිළධාරීන්ගේ සහාය ලැබීම. මීට හේතුවී තිබේ. මේ අතර ජංගම දුරකතන සිම් කාඞ්පත් හා බැටරි තොග පිටින් ලැබෙන අවස්ථාද නැත්තේ නොවේ. බැටරියක් චාජ් කිරීම සඳහා රුපියල් 200 අයකරන කාන්තා රැඳවියන් ගණනාවක් කාන්තා අංශය තුළ සිටින බවට ඇතැම් කාන්තා නිළධාරීන් මෙම ජාවාරම් මෙහෙයවන බවටද තොරතුරු පවතී. වැලිකඩ මැගසින්, කොළඹ රිමාන්ඞ් හා කළුතර බන්ධනාගාරවල ”ටෙනිස් බෝල” සෙල්ලම හෙරොයින් ප‍්‍රවාහනයේ අලූත්ම උපක‍්‍රමයයි. එවැනි ටෙනිස් බෝල කීපයක්ම අත්අඩංගුවට ගෙන ඇත. කොතෙකුත් වැටලීම් කළද ”ටෙනිස් බෝල” සෙල්ලම තවමත් නතරවී නැත. බන්ධනාගාර තාප්පයෙන් පිටත කොතැනක හෝ සිට බන්ධනාගාරයේ තැනක් ඉලක්කකොට ටෙනිස් බෝල විසිකිරීම මහපාරේ ති‍්‍රරෝද රථවල ගමන් කරද්දී සිදුවෙයි. මෙම සෙල්ලමට ඇතැම් දූෂිත බන්ධනාගාර නිලධාරීන් මෙන්ම බන්ධනාගාර පිටත ආරක්‍ෂාවට සිටින ආරක්ෂක අංශ නිලධාරීන්ද සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වූයේ දැනට සති කිහිපයකට පෙරය. මැගසින් බන්ධනාගාරයේ නිරීක්ෂණ මුරකුටියේ රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබළකුට එරෙහිව පසුගියදා මේ පිළිබඳව චෝදනා එල්ල වීමත් සමගම එම හමුදා අනුකණ්ඩය මාරුකර යැවූ බවක්ද හෙළිවිය.වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ නීති විරෝධී ජංගම දුරකතන භාවිතය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමේ ඉහළින්ම සිදුකෙරෙන ප‍්‍රධානතම මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බවද කියති. මෙහි කාන්තා රැුඳවියන් 600ක් පමණ රඳවා සිටින අතර ඉන් අඩක්ම මත්කුඩු චෝදනා ලැබුවෝ වෙති. රැකවරණයට සිටින කාන්තා නිලධාරිණින් සංඛ්‍යාව 90 කි. දිවා කාලයට බන්ධනාගාරය තුළ රාජකාරියට සිටිනුයේ එක් නිලධාරිණියක හෝ දෙදෙනෙක බවටද දැනගන්නට ඇත. එනිසාම මෙහි තාප්පයට පිටතින් වනාතමුල්ල සීවලී පටුමග දෙසින් සිදුවන දෙහිගෙඩි සෙල්ලම ඒ අතර ප‍්‍රධානය. කාන්තා අංශයේ වැටලීම් සිදුකිරීම බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂක අංශ මගින් සිදු නොකිරීම මෙම නීති විරෝධී කටයුතු ඉහළ යාමට හේතුවක් වී තිබේ. යම් යම් පනවා ගත් නීතිරීති ඉදිරියට දමා කාන්තා අංශයට කලින් දැනුම් දීමකින් තොරව එහි අධිකාරිවරයාටත් අවේලාවේ ඇතුළුවීමට තහනම්ය. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාද පැමිණිය යුත්තේ කාන්තා අංශය භාර ජේලර්වරියට දැනුම්දීමෙන් පසුවය. කාන්තා අයිතීන් පිළිබඳව මතුකර ඇති මෙම තත්ත්වය එම අංශයේ නීති විරෝධී කටයුතුවලට ”වෙස්වලාගත් ආශිර්වාදයක්” වැනිය. පසුගිය කාලය පුරාම බුද්ධි අංශයේ කිසිදු කාන්තා නිලධාරිණියකට මෙහි වැටලීම් කිරීමට ඉඩ දී නැත. එහිදී පහරදුන් අවස්ථාද නැත්තේ නොවේ. වව්නියාව බන්ධනාගාරයේ එල්.ටී.ටී.ඊ. රැඳවියන් චන්‍ද්‍රිකා දුරකතන පවා පරිහරණය කළේ මෙලෙසිනි. බන්ධනාගාරය තුළ ජංගම දුරකතන භාවිතයට ඇති ඉල්ලූම කොතෙක්ද යන්න ති‍්‍රවිධ හමුදා ආරක්ෂාව පවා ඇති මැගසින් බන්ධනාගාරයේ නිලධාරීන් ගතවූ මාස කීපයේ කරන ලද වැටලීම්වලින් අත්අඩංගුවට ගෙන ඇති ජංගම දුරකතන සංඛ්‍යාව 400කට අධිකය. පසුගිය මාස කීපය තුළ අනුරාධපුර, මැගසින්, වැලිකඩ, වව්නියාව යන බන්ධනාගාරවල ඇතිවූ ගැටුම්වලට මූලික හේතුව වූයේද නීති විරෝධී භාණ්ඩ හා උපකරණ පරීක්ෂාව හා ඒවා වැළැක්වීමට ගත් දැඩි කි‍්‍රයාමාර්ග බවටද පරීක්ෂණ කමිටු වාර්තා පවා හෙළිකර ඇත. එහෙත් චන්‍ද්‍රිකා දුරකතන ආ හැටි අදටත් අභිරහසකි.කොතෙකුත් නීතිරීති දැඩි රැකවරණ දැමුවද නීති විරෝ ධි හැම දෙයක්ම බන්ධනාගාර තුළට රැගෙන එන ක‍්‍රම හා විධි හැමදාමත් අලූත් වනු ඇත. කොතරම් හසු වුවද ඒවා නතර නොවන්නේද එබැවිනි.

සටහන: ජයන්ත සමරකෝන්
පියරු බෝතලයේ මත්කුඩු කුඩුගෙනෙන ක‍්‍රමයක්



අදහස් (0)

හිර ගෙදරට කුඩු ගේන හැටි

ජීවා Sunday, 26 August 2012 12:37 PM

ඔය වගේ අපරාධකරුවන්ට අමතක නොවන දඩුවම් දිය යුතුයි. එසේ නැත්නම් මොවුන් කවදාවත් හදන්න බැහැ. (නි)

:       0       0

ප්‍රගීත් Wednesday, 29 August 2012 06:31 PM

ඔක්කොටම පිස්සු. (නි)

:       0       0

බුද්ධික Thursday, 30 August 2012 01:16 PM

ආමි එකට බාර දෙන්නකෝ. (නි)

:       0       0

ඩී.එච්.උපුල් Saturday, 01 September 2012 09:21 AM

මට දුන්නනම් බන්ධනාගාරය බලාගන්න මම දවසින් හදනවා ඔය හැමෝම..!!(නු)

:       0       0

අජී Monday, 27 August 2012 08:18 AM

කුඩුවෙන්න දෙන්න තියෙන්නේ...(ස)

:       0       0

ප්‍රදීප් කුමාර Saturday, 01 September 2012 10:43 AM

බන්ධනාගාර නිලධාරීන් මාරැ කළ යුතුයි.. අඩුම ගණනේ මාස හයෙන් හයවත් ..(නු)

:       0       0

පතිරණ Tuesday, 28 August 2012 03:06 PM

මෙහෙම ගියොත් කුමට මෙරටට අදිකරණය, නීතිය සහ විනිසුරන් ?????????

:       0       0

සිංහ Saturday, 01 September 2012 10:09 PM

ජේලර් මහත්වරුන් වරින් වර මාරු කළ යුතුයි..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 119 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5948 3

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 882 6

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1474 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 135 1

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 213 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39212 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site