හිරගෙවල්වල කාන්තා පිරිමි කියා වැඩි වෙනසක් නැත. වෙනස ඇත්තේ ගොඩනැගිලිවල මිස ක්‍රියාකාරකම්වල නොවේ. ඒ දෙපැත්තේම සිදුවන්නේ එකම දෙය නිසාය. නීති විරෝධී ක්‍රියා, ජාවාරම්, අපචාර මෙම බන්ධනාගාර දෙකේම සිදුවන්නේ එක ගාණටය.
කාන්තා බන්ධනාගාර තුළ හොඳ හොඳ දේවල් හැමදාමත් සිදුවන්නේය. ඒත් ඒවා එළියට එන්නේ ද නැත. එළියට දෙන්නේ ද නැත. මෙරට බන්ධනාගාර තුළ සිරදඬුවම් විඳින හා රිමාන්ඞ් භාරයේ පසුවන රැඳවියන් සංඛ්‍යාව 18,284කි. ඒ අතරින් 834ක්ම බන්ධනාගාර 17ක රඳවා සිටින සිරකාරියන් බව වැඩි දෙනෙක් දන්නේ නැත.
2015 බන්ධනාගාර වාර්ෂික වාර්තාව හෙළිකරන අන්දමට මෙම සිරකාරියන් අතරින් 95 දෙනෙක් කිසි දිනෙකවත් පාසල් ගොස් නැත.
5 වන ශ්‍රේණිය දක්වා පාසල් ගොස් ඇත්තේ 219ක් පමණෙකි. 8 ශ්‍රේණිය සමත්ව ඇත්තේ 191 දෙනෙකි. අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්ව ඇති පිරිස 78ක් වන අතර උසස් පෙළ සමත් 24 දෙනෙක් තවමත් හිරගෙදර සිර බත් කති. උපාධිධාරි කාන්තාවන් තිදෙනෙකු ද මේ වන විට හිරගෙදරය.
වයස අවුරුදු 16-22 අතර තරුණ කාන්තාවෝ පිරිසක් මත්කුඩු වැරදි මත හිරගෙදර ජීවිතයට හුරුවෙද්දී අවුරුදු 22-30 අතර තරුණ කාන්තාවන් 161ක් විවිධ වැරදි මත හිරගෙදර කම්බිකූරු ගණිමින් සිටිති.
මිනීමැරුම්, මංකොල්ලකෑම්, සොරකම්, මුදල් වංචා, මත්කුඩු ජාවාරම්, ගණිකා වෘත්තිය, දරුවන් විකිණීම හා පාතාල ක්‍රියාකාරකම් මත කාන්තා අංශය නියෝජනය කරන පිරිස අතිවිශාල ය.
2015 බන්ධනාගාර වාර්ෂික වාර්තාවට අනුව රිමාන්ඞ් භාරයට පත්ව ඇති කාන්තාවන් සංඛ්‍යාව 5733ක් බව හෙළි කරයි. මරණ දඬුවම නියම වී සිටින කාන්තාවන් සංඛ්‍යාව තිදෙනෙකි. මරණ දඬුවමට එරෙහිව ඇපීල් කර ඇති කාන්තාවන් සංඛ්‍යාව 25ක් බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කරයි.
ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින කාන්තාවෝ ගණනාවක් ද මේ අතර වෙති.
රිමාන්ඞ් බාරයේ පසුවන කාන්තාවන්ගෙන් සියයට 40ක්ම අයාලේ යාමේ චෝදනාවට ලක්වූවෝ වෙති. ඉන් සියයට 75ක්ම ගම්බදින් සිදාදියේ රැකියාවට පැමිණි අහිංසක තරුණියෝ ය. රැඳවියන් 200කට පමණ ඉඩ පහසුකම් ඇති කාන්තා අංශයේ මේ වන විට එවැනි දෙගුණයක් හිර කර ඇත්තේ සිර වාට්ටු තුනක ය.
එක්ස් (ඞ), වයි (ශ) රිමාන්ඞ් සිර මැදිරි වන අතර ඒවායේ ඇඟිල්ලක් ගහන්නට ද බැරි බවට තොරතුරු ඇත. සිරගත කළ කාන්තාවන් “ආර්” සිර මැදිරියේ විශේෂ ගණයේ සිරකාරියන් ලෙස රඳවා සිටිනුයේ දැඩි ආරක්ෂාව යටතේය.
මෙහි රිමාන්ඞ් සිර මැදිරි දෙකේ පවතින අධික තදබදය විවිධ දූෂිත ක්‍රියාවන්ට පමණක් නොව අයථා ක්‍රියාවලට ද මග පාදන්නකි.
වැලිකඩ (පිරිමි) බන්ධනාගාරයේ සිදු වන නීති විරෝධී ක්‍රියා මෙහි සිදුවන්නේ ද කිසිදු වෙනසකින් තොරවය. ඒ සඳහා ඇතැම් දූෂිත නෝනලාගේ සහාය ද නොඅඩුව නොලැබෙනවා නොවේ.
කාන්තා අංශයට නීති විරෝධී ද්‍රව්‍ය එන්නේ ද වෙනස්ම අයුරිනි. ඒ වැලිකඩ බන්ධනාගාරයටත් නොදෙවෙනි ලෙසිනි. වැලිකඩ බන්ධනාගාරය මගින් පාලනය වන කාන්තා අංශය පිහිටා ඇත්තේ වනාතමුල්ල සීවලී පටුමග හා තාප්පයකින් වෙන්වෙලාය.
වනාතමුල්ල දෙසින් මත්ද්‍රව්‍ය, ජංගම දුරකතන ඇතුළු ආම්පන්න තොග පිටින් එන්නේ පියඹලා ය. ඒ නිසාම කාන්තා අංශයේ තරම් මත්ද්‍රව්‍ය, ජංගම දුරකතන, බැටරි, චාජර්, සිම්පත් හුවමාරු වන තැනක් තවත් නැත.
මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාරගතව සිටින කාන්තාවන්ගේ සිර වාට්ටු පිරීයාම මෙහි මත්ද්‍රව්‍ය ජාවාරම ඉහළ යාමට තවත් එක් ප්‍රධාන හේතුවක්ව ඇති බවට සාක්ෂි ඕනෑ තරම්ය. කුමන ක්‍රමයකට හෝ සිදුවන මෙම නීති විරෝධී ජාවාරම අද මුළු බන්ධනාගාර පද්ධතියටම හිසරදයක් වී හමාරය. කුඩු බෙදන මධ්‍යස්ථානයක් ලෙසට වර්ධනය වී අවසන්ය. මෙම නීති විරෝධි ජාවාරම් සඳහා රැඳවියන් අනුගමනය කරන ක්‍රම හා විධි පුදුමය දනවන සුළු ය.
ජාවාරමට වැඩි ඉඩකඩක් ලැබී ඇත්තේ වනාතමුල්ල මැගසින් පාරේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කාන්තාවන් වැඩි පිරිසක් හිරගෙදර නිවහන කරගෙන ඇති නිසාය.
ජාවාරම් සැලසුම් කිරීම රාත්‍රී කාලයේදී සිදු කෙරේ. දිවා කාලයේදී සීවලී පටුමග දෙසට ගලක් විසි කර මුල්ම සංඥාව පිටතට ලබාදීමෙන් සියලු “ජාවාරම්” ඇරඹේ. පිටතින් පිළිතුරු ගල්කැටය එන්නේ ද ඒ සමගිනි.
ජංගම දුරකතන මගින් රහසේ බඩු ඇනවුම් කිරීමෙන් පසු මුල්ම ගල් කැටයෙන් කරන්නේ තමන් බන්ධනාගාරයේ සිටින ස්ථානය පිටත සිටින ජාවාරම්කරුට දැනුම් දීමය. ඒ අනුව අවශ්‍ය බඩු පාර්සලය සකස් වී සබන් බෝල, දෙහි ගෙඩි, වියලුණු අඹ ඇට හා ටෙනිස් බෝල ලෙසින් බන්ධනාගාරය තුළට වැටෙන්නේ අහම්බෙනි.
දිවා කාලයේ සිදු කෙරෙන මෙම “ගනුදෙනුව” වැඩියෙන්ම ඇරඹෙන්නේ නෝනලා “පිටත ඩියුටියට” ගිය විටය. ගෙඩි පිටින් පාර්සල් වැටෙන සද්දය “ඩියුටි නෝනලාට” නොඇසෙන්නට පිරිසක් රෙදි සෝදති. ඒවා ගලේ ගසති. පිටතින් සබන් කැට වැටෙන්නේ මේ අතරය.
මුලින්ම සබන් කැටයක් ගෙන වතුරේ දමන ජාවාරමුන් ඒ තුළට ජංගම දුරකතන හා මත්කුඩු පුරවා සබන් බෝලය වැලි පොලොවේ දමා ගල් කැට බෝලයක් ලෙස සකස් කර එල්ලය බලා ඇතුළට දමති. ඇතුළේ සිට ගල් කැට සංඥාව දුන් තැනට සබන් බෝලය වැටෙන විට එම ස්ථානයේ සිට එය අහුලාගන්නා ජාවාරම්කාර කාන්තාව එය රැගෙන වහා සිර වාට්ටුවට දිව යන්නීය. නෝනලා දැක්කොත් කිසිවකුත් එය අහුලා ගන්නේ නැත. “දෙහි ගෙඩි සෙල්ලම” හා “අඹ ඇට සෙල්ලමත්” සිදුවන්නේ ද එලෙසිනි.
ඕනෑම බන්ධනාගාරයක “සුපිරිම භාණ්ඩය” ජංගම දුරකතනය වන අතර “සුපිරිම ජාවාරම” මත්කුඩු ය. මත්කුඩුවලට මරා ගන්නා කාන්තාවන් මෙන්ම කෙහෙවලු පටලවා ගන්නා කාන්තාවන්ද කාන්තා අංශය තුළ නැත්තේ නොවේ. පිරිසක් ජංගම දුරකතන චාජ් කර මුදල් උපයන අතරම පිරිසක් ජංගම දුරකතන කුලියට දෙති.
වනාතමුල්ල පැත්තෙන් කාන්තා අංශයට වැටෙන නීති විරෝධි ද්‍රව්‍යවලට අමතරව අමුත්තන් ආහාරපානවල සඟවා රැගෙන එන නීති විරෝධී ද්‍රව්‍ය ද අඩුවක් නැත්තේ අසුවන තරමට වඩා රැගෙන එන සංඛ්‍යාව වැඩි නිසා ය.
හිරගෙදර සිට උසාවියට හෝ රෝහලට රැගෙන ගොස් ආපසු ඇතුළට ගෙන එන කාන්තාවන් රහසඟෙහි සඟවා රැගෙන එන නීති විරෝධී ද්‍රව්‍ය ප්‍රමාණයද වළක්වන්නට බැරි තරමට ඉහළ ගොස් ඇති බව බුද්ධි අංශ සඳහන් කරයි.
මානව හිමිකම් ගැටලු, සදාචාරාත්මක ප්‍රශ්න මුල්වීම මීට හේතු වී තිබේ. පරීක්ෂා කිරීම සඳහා නවීන පහසුකම් ද නැත. කෝටි ගණනක තාක්ෂණික උපකරණ කිහිපයක්ම ගරාජයක දමා ඇති බවට ද තොරතුරු ඇත.
රහසඟෙහි සඟවාගෙන ජංගම දුරකතන දෙකක් රැගෙන ආ සිර කාන්තාවක සිරකුටිය තුළට වී අනෙකුත් සිරකාන්තාවන්ගේ සහයෙන් එම දුරකතන දෙකෙන් එකක් පිටතට ගෙන ඇතත් අනෙක් ජංගම දුරකතනය හමු වී නැති හෙයින් එය බඩ තුළට ගොස් ඇති බව කියමින් කෑගසන්නට පටන් ගෙන තිබේ.
මේ නිසා ඇය රෝහල්ගත කිරීමේ සිද්ධියක් අසන්නට ලැබුණේ කලකට පෙරය. කාසල් රෝහලේදී ඇගේ බඩ තුළ ජංගම දුරකතනයක් නොමැති බව තහවුරු වී ඇතත් සිදු වී ඇති දේ අනාවරණය වූයේ ඉන් පසුවය.
රහසඟෙහි සඟවා ගත් ජංගම දුරකතනය සෙවීමට උත්සාහ කළ කාන්තාවන් එම ජංගම දුරකතනය සොරකම් කර එවැන්නක් නොමැති බව පැවසීම නිසා බියට පත්ව ඇය කෑ ගසා ඇති බව ලොකු නෝනලා හෙළි කරගෙන ඇත්තේ ඊට පසුවය.
“ආර්” සිර වාට්ටුවේ ඉකුත් දා හදිසි මෙහෙයුමක් කර ඇත්තේ, අලුතින් කාන්තා අංශයට පැමිණි අලුත් ලොකු නෝනාට බන්ධනාගාර ලොක්කෙකු දුන් උපදෙසට අනුවය.
මෙහිදී සිර වාට්ටුවේ පොළොවේ එක් ස්ථානයක සබන් ගා ඇති බවට ඇති වූ සැකය මත එම ස්ථානය හාරා බැලීමේදී නිධානයක් ලෙස මතු වී ඇත්තේ ජංගම දුරකතන 20ක්, චාජර් 58ක්, සිම්පත් 12ක් හා රුපියල් 1000කි.
කාලයක පටන් මෙම භූගත අභිරහස් බංකරය ක්‍රියාත්මක වී ඇති අතර එය හෙළිවීම වැළැක්වීම සඳහා බංකරයේ පිටත පොලොව මතුපිට පාන්වලින් ගුලියක් සාදා වසා දමා තිබිණැයි හෙළි වී තිබිණි. එම පාන් ගුලිය පිටතට දර්ශනයවීම වැළැක්වීම සඳහා ඒ මතුපිට සිමෙන්ති පොලොවේ සබන් තවරා තිබීමද විශ්මයට කරුණකි.
මේ අතර “සුපිරි සිරකාරියන්ට” කලක් නිවහනක් වූ කාන්තා රෝහල් වාට්ටුව භාරව සිටි සිරකාරියන් දෙදෙනකු ජංගම දුරකතන චාජ් කර දීමේ රාජකාරිය ඉටු කර ඇති තවත් ඒ සඳහා රුපියල් 3000ක් අය කර ඇති බවටත් නොබෝ දා හෙළි වීම නිසා ඔවුන් දෙදෙනා එම ස්ථානයෙන් ඉවත් කර බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවටද තොරතුරු ඇත.
මෙම දෙදෙනා ජංගම දුරකතන දෙකක් ද සමග අත්අඩංගුවට ගැනීමට වැටලීම් කණ්ඩායම සමත්වීම පැසසිය යුත්තකි. කාන්තා බන්ධනාගාරයේ පවතින නිලධාරි හිඟයද බරපතළ තත්ත්වයකදී මෙතෙක් පළපුරුදු ජ්‍යෙෂ්ඨ ජේලර්වරියන්ගේ පාලනය යටතේ පැවති කාන්තා බන්ධනාගාරය මේ වන විට “පිරිමි ජේලර්වරුන්” විසින් පාලනය කරන තැනට වැටී තිබීමද බැහැර කළ හැක්කක් නොවේ.
බන්ධනාගාර ආඥා පනත්වලට අනුව පිරිමි නිලධාරින් කාන්තා අංශයට පිවිසීම පවා තහනම් වුවත් මේ වන විට එම නීති රීති යටපත් වී සියල්ල උඩු යටිකුරු වෙමින් පවතින බවද රහසක් නොවේ.
කාන්තා අංශයේ ජ්‍යෙෂ්ඨ ජේලර්වරියන් දෙදෙනකුම වැඩ තහනමට ලක්වීමද ඊළඟට පැමිණි කනිෂ්ඨ ජේලර්වරිය කෙටි කලකින් වෙන ස්ථානයකට මාරුකර නැවතත් එවැනිම කනිෂ්ඨ ජේලර්වරියන් එහි ප්‍රධාන නිලයට පත් කිරීමද පරිපාලනයේ පවතින අඩුපාඩු මොනවාට කියාපාන්නක් බඳු ය. කාන්තා නිලධාරින්ගේ හිඟය නිසාම බොහෝ කාන්තා නිලධාරිහු වැඩට නොඑති. දෛනික රාජකාරි කටයුතු ගණනාවක් 80ක් වැනි සුළු පිරිසකට ඉටු කිරීමට සිදුවීම නිසා ඇතැම් දිනවල කාන්තා අංශය තුළ ඉතිරිවෙන පිරිස දෙතුන් දෙනකුට වඩා නැත.
ජාවාරම්කාර කාන්තාවන් ක්‍රියාත්මක වෙන්නේ මෙවැනි අවස්ථාවල දී ය. කාන්තා අංශය තුළ රාත්‍රී කාලයට වෙන් වූ ලෝකයක සිදුවන අපචාර ක්‍රියා ද ප්‍රකට රහස් ය. ඒ අනුව කලක් තිස්සේ ජෝඩු පිටින් ජීවත් වන සිරගත කාන්තාවන්ට මෙය අරුමයක් නොවන්නේ ඒවා හිරගෙවල්වලට පමණක් සීමාවූ රහස් නිසාය.
මේ වන විටත් වැලිකඩ කාන්තා අංශය තුළ පමණක් ජෝඩු 15ක් පමණ කල් ගත කරන්නේ කිසිවක් නොදන්නා අයුරිනි. සිර වාට්ටු තුළ බෙදා දී ඇති කොටුවේ (බිම්කඩ) ජීවත් වන මෙම ජෝඩු ගෙවන ජීවිත සැබෑ පවුල් ජීවිතවලට සමාන නොවන්නේ යැයි කාටනම් කිව හැකිද?
එහි සැබෑ තත්ත්වය අනාවරණය වන්නේ තම “ප්‍රියාදරිය” වෙනත් අයෙකු හා සම්බන්ධකම් පවත්වන බව දැනගත් විටය. රාත්‍රී 10න් පසු කාන්තා අංශය පාලනය වනුයේ ගණන්කාර ජාවාරම්කාරියන් විසින් බවට තොරතුරු නෝනලාද නොදන්නවා නොවේ. මෙම සිපිරිගෙය තුළ මව්වරුන් සමග නොදරුවන් 15 දෙනකු පමණ සිරබත් කන බවද අප අමතක කළ යුතු නොවන්නේ නොකළ වරදකට ඔවුන් දඬුවම් විඳින නිසාය.
මේ වන විට විශ්‍රාම සුවයෙන් පසුවන හිටපු බන්ධනාගාර කොමසාරිස් පී.බී. කුලතුංග මහතා වරක් කියූ දෙයක් සිහිපත් වෙයි.
“එන්න එපා කවදාවත් මෙතැනට. මේක අපායක්”
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිර ගෙදරට පියඹා එන මත්කුඩු
චාරුණි Monday, 05 June 2017 08:37 PM
මම වයස 32ක ගෑණු ළමයෙක්... මම වසර අටක් හිර දඩුවම් විදලා තියෙනවා. මම දැක්කා හිරගෙදර කාන්තාවන් ගත කරන ජීවිත වල කටුක බව....
සේනානායකSunday, 24 December 2017 09:41 AM
චාරුනි මොනවටද ගියේ?