IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


හවුලේ වැඩවලින් අපට වැරදුණා

එ.ජා.ප. යේ වෙන්නේ මොකද්ද? පක්‍ෂ ප්‍රතිසංස්කරණ සැබෑවටම සිදුවේද? බලය තිබෙද්දිත් පක්‍ෂය අර්බුදයට ගියේ ඇයි? වැරැදුනේ කොතැනද? අගමැතිට එරෙහි විශ්වාසභංගය, ශ්‍රී.ල.නි.පය එ.ජා.පයට එරෙහි වෙලාද? ජනාධිපතිගේ කඩුවට සියල්ල කැපී යයිද යනාදී කාරණා පිළිබඳව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා දැක් වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.

ප්‍රශ්නය:- එ.ජා.පයේ දැන් වෙන්නේ මොකද්ද?

පිළිතුර:- පසුගිය මැතිවරණ පරාජයෙන් පසුව එ.ජා.ප යේ ප්‍රතිපත්ති පිළිබඳවත් පක්‍ෂයේ කළමනාකරණය පිළිබඳවත් නැවත සිතා බැලීමක් කරනවා. ඒ වෙනුවෙන් මූලිකව කමිටු කීපයක් පත්කර එම කමිටු හරහා ලිඛිත වාර්තා ලබාගෙන තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණේ පංගුකාර පක්‍ෂත් ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් වෙනස්විය යුතු තැන් ගැන ඔවුන්ගේ අදහස් ලිඛිතව දන්වා තිබෙනවා. මෙම වාර්තා සහ ලේඛන මත පදනම්ව පක්‍ෂයේ සිදුවිය යුතු ප්‍රතිපත්තිමය සහ කළමනාකරණ වෙනස්කම් පිළිබඳව විශ්වාසභංග යෝජනාව ජයගැනීමෙන් පසුව ලබන 5, 6 සහ 9 යන දිනවලදී සාකච්ඡාකර තීරණයකර ප්‍රතිසංස්කරණ කටයුතු සිංහල අවුරුද්දට පෙර අවසන් කරනවා.

ප්‍රශ්නය:- මීට පෙරත් ඔවැනි ප්‍රතිසංස්කරණ ගැන කතා කළා. කමිටු පත්කළා. මොකුත් වුණේ නැහැ නේද? මෙවර කරන ප්‍රතිසංස්කරණ මොනවද?

පිළිතුර:- කිසිවක් වුණේ නැහැ කියා මම පිළිගන්නේ නැහැ. ප්‍රතිපත්තිමය කාරණා අතින් වෙනස්කම් කළා. කළමනාකරණ ක්‍රමවේද ඇති කළා. එයින් සමහර ඒවා සාර්ථක වුණා. සමහර ඒවා අසාර්ථක වුණා. ඒ නිසා අපි නැවත සලකා බලනවා. පක්‍ෂයක් වුණාම ප්‍රතිපත්තිය සහ කළමනාකරණය පිළිබඳව වෙනස්කම් කළ යුතුයි. ඒ අනුව අපි ඒ ගැන කතා කරනවා. වෙනස් විය යුතු ප්‍රතිපත්ති සහ කළමනාකරණය පිළිබඳ කාරණා දැනට ප්‍රසිද්ධියේ කතා කරන්න මම කැමැති නැහැ. මමත් කමිටුවක සාමාජිකයෙක්. ඒ නිසා මගේ මතය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම එකඟතාවක් ඇතිකර ගැනීමට බාධාවක් වෙන්න පුළුවන්. අවසන් එකඟතාවක් ඇතිවන තෙක් මේ කරුණු මාධ්‍ය සමග කතා නොකළ යුතු බව මගේ ස්ථාවරයයි.

ප්‍රශ්නය:- බලය තිබෙද්දී පක්‍ෂයක් අර්බුදයට යාම අර්බුදයක්ම නොවේද?

පිළිතුර:- ඔව්. හවුල් ආණ්ඩුවක් කිරීම නිසා සමහර තීරණ අපට ක්ෂණිකව ගන්න බැරිවුණා. ඕනෑම රජයක් පාර්ලිමේන්තු මැතිවරණයක් ජයගත් පසුව වහාම පළාත් පාලන මැතිවරණ පවත්වනවා. ශ්‍රී.ල.නි.ප සමග ඇති කරගත් හවුල නිසා ඔවුන්ගේ ඉල්ලීම පරිදි වසර දෙකකින් පළාත් පාලන මැතිවරණ කල්දමන්න අපට සිදුවුණා. මේ මැතිවරණ පරාජයට ප්‍රධානතම හේතුව එයයි. ඒක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. ඊට අමතරව ප්‍රතිපත්තිමය කාරණා එක එල්ලේම ක්‍රියාත්මක කිරීමට අපට නොහැකි වුණා. සමහර ප්‍රතිපත්ති වැරැදියි. පොහොර සහනාධාරය පිළිබඳ අපේ ප්‍රතිපත්තිය න්‍යායාත්මකව හරි වුවත් රටේ ජනතාවගේ සිතුම් පැතුම් සමග බලනවිට නොගැළපුනා. පාසල් නිල ඇඳුම් කාරණාව ආර්ථික කළමනාකරණය පැත්තෙන් නිවැරැදි වුණාට මවුපියන්ගේ සහ දරුවන්ගේ ආකල්ප පැත්තෙන් ගත්තාම සාර්ථක වුණේ නැහැ. ග්ලයිෆොසෙට් තහනම් කිරීම ගැන ගොවියා සතුටු වුණේ නැහැ. එවැනි ගැටලු මතුවුණා.

දූෂණයට එරෙහිව පොලිස් පරීක්ෂණ සාර්ථකව කෙරුණා. එහෙත් නඩු ඉක්මනින් විභාගකොට අවසන් කිරීම පිළිබඳ නව කාර්යක්‍ෂම ක්‍රියා පටිපාටියක් සකසන්න අපි අපොහොසත් වුණා. එහෙත් දැන් එවන් වැඩපිළිවෙළක් දියත්ව තිබෙනවා. කෙසේ වුවත් මේවා ප්‍රමාදයි. මේ නිසත් ජනතා බලාපොරොත්තු ඉටුකරන්න අපට බැරිවුණා. තවත් බොහෝ කාරණා ගැන අපට වැරැදීම් තිබෙනවා. සාර්ථක වෙච්ච ඒවත් තිබෙනවා. එහෙත් ජනතා විනිශ්චය ඉතා පැහැදිලියි. ඒවා පිළිබඳව සංවේදී වී නිවැරැදි වීමට කටයුතු කරනවා.

ප්‍රශ්නය:- ඔබලාට වැරැදුණු බව ඔබලා පිළිගන්නවාද?

පිළිතුර:- අනිවාර්යයෙන්ම. සියල්ලම වැරැදිලා නැහැ. ජනතාව අප දෙස බලා තිබෙනවා. අප ඔබගේ වැඩපිළිවෙළට කැමැති නැති බව ජනතාව කියා තිබෙනවා. ඔවුන් කැමති නැත්තේ මොකද්ද කියා බලා එය වෙනස් කිරීමට සහ විකල්ප යෝජනා ඉදිරිපත් කළ යුතුයි. ආණ්ඩු බලය දරන මේ රටේ විශාලතම පක්‍ෂය එ.ජා.පයයි.

ප්‍රශ්නය:- පක්‍ෂ ප්‍රතිසංවිධානයේදී නායකත්වයේ වෙනසක් ගැන අදහස් මතුව තිබුණා. එවැනි වෙනස්කම්වලට අවධානය යොමුවෙලාද?

පිළිතුර:- නායකත්වය වෙනස් කිරීම ඇතුලුව තවත් පක්‍ෂයේ කළමනාකරණ ප්‍රතිසංවිධාන පිළිබඳව අපි සාකච්ඡා කරමින් සිටිනවා.

ප්‍රශ්නය:- පක්‍ෂය විනාශ කරන්නේ ජාතික ලැයිස්තුවෙන් පැමිණි කීප දෙනකු බවට පක්ෂ අභ්‍යන්තරයෙන්ම චෝදනා නැගෙනවා නේද?

පිළිතුර:- ජාතික ලැයිස්තුවෙන් ආපු අයත් මහජන ඡන්දයෙන් තේරී පත්වූ අයත් තමන්ගේ වගකීම් ඉටුකිරීමට අපොහොසත් වී සිටිනවා. තවත් සමහරුන්ට ප්‍රමාණවත් තරම් වගකීම් ඉටු කරන්න නොහැකි වී තිබෙනවා. තවත් සමහරු තම වගකීම ඉහළින්ම ඉටුකර තිබෙනවා. ඒ නිසා එහෙම වර්ගීකරණයක් කරන්න බැහැ. ආණ්ඩු ලැබූ ජයග්‍රහණවල ගෞරවය සියලු දෙනා ලබාගත යුතුයි. ඒවගේම අසාර්ථක වූ ක්ෂේත්‍ර ගැනත් අපි ඒ වගකීම ඒ ආකාරයෙන්ම දරනවා. මේක තනිපුද්ගල ආණ්ඩුවක් නෙමෙයි. විශාල පිරිසක් නායකත්වය දෙනවා. ඒ නිසා සාර්ථකත්වයටත් අසාර්ථකත්වයටත් වගකියන්න එක් අයකුට වඩා වැඩි පිරිසක් ඉන්නවා.

ප්‍රශ්නය:- අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය සම්බන්ධ පැහැදිලි ස්ථාවරය මොකද්ද?

පිළිතුර:- පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගියදා රැස් වුණා. රටට එරෙහි දේශද්‍රෝහී බලවේග මේ විශ්වාසභංගය ඉදිරිපත් කර තිබෙනවා. මේ විශ්වාසභංගය ජය ගත්තොත් ජනතාව ප්‍රතික්ෂේප කළ දූෂිතයන්ට නැවත බලය යනවා. ඒ නිසා සියලු දෙනා එක් වී ලබපු ජය ආරක්ෂා කරගත යුතුයි. ඒ නිසා මේ විශ්වාසභංගය ඒකමතිකව පරාජය කළ යුතුයි කියන ස්ථාවරයට පැමිණියා.

ප්‍රශ්නය:- එ.ජා.ප.යේ හවුල්කාර ඇතැම් පක්‍ෂ ඔය මතයේ නැහැ නේද?

පිළිතුර:- සියලු පක්‍ෂ ඉන්නවා. එ.ජා.පයේ හවුල්කාර පක්‍ෂ සමග ගිය බ්‍රහස්පතින්දා අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්වූවා. එතැනට සියලු පක්‍ෂ නියෝජනයක් ලැබුණා. මේ රජය ආරක්ෂා කර ගැනීමට ඡන්දය පාවිච්චි කිරීමට ඒ සියලු පක්‍ෂ එකඟ වුණා. මේ විශ්වාසභංගය පෞද්ගලිකව අගමැතිට ගෙනාපු එකක් නෙමෙයි. රජයට එරෙහි විශ්වාසභංගයක්. මේක ජයගත්තොත් ආණ්ඩුවම විසිරෙනවා. ආණ්ඩුවම පරාජය වෙනවා. ඒ නිසා ආණ්ඩුවේ සිටින සිහිබුද්ධිය ඇති කිසිවෙක් මේ විශ්වාසභංගයට අත් ඔසවන්නේ නැහැ. ආණ්ඩුවෙන් එළියට යන්න පාරක් සොයන අය පමණක් මෙය පාලමක් හැටියට පාවිච්චි කරාවි.

ප්‍රශ්නය:- හවුල්කාර සියලු පක්‍ෂ සිටියා කිව්වත් රාවුෆ් හකීම්, රිෂාද් බදියුදීන්ලාගේ නියෝජනයක් තිබුණේ නැහැ නේද?

පිළිතුර:- ඒ දෙදෙනාම දුරකතනයෙන් අප සමග සම්බන්ධ වුණා. ඔවුන් දෙදෙනාම සහයෝගය ප්‍රකාශ කළා. ඔවුන් දෙදෙනාම සිටියේ දුර බැහැර. ඒ දෙදෙනාගේම ඒකමතික සහයෝගය ප්‍රකාශ කළා.

ප්‍රශ්නය:- විශ්වාසභංගය පරාජය කිරීම ගැන කිසිම ප්‍රශ්නයක් නැද්ද?

පිළිතුර:- නැහැ මේ මොහොතේ අපි කල්පනා කරන්නේ වඩාත් අලංකාර ලෙස විශ්වාසභංගය ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලයි. ඒ වගේම විශ්වාසභංගය රජය කෙරෙහි විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් බවට පරිවර්තනය කරගත යුතුයි කියන මතයෙන් තමයි අපි කටයුතු කරන්නේ. අප සමග සන්ධානගත වී වෙන්වී සිටි කොටස් මේ විශ්වාසභංගය හරහා නැවත එකතු වුණා. ශ්‍රී.ල.නි.පය තුළ සිටිමින් රජයේ කටයුතු කඩාකප්පල් කරන පිරිසට ඉවත්වී යාමට අවශ්‍ය පසුබිමත් මෙයින් සකස් වුණා. ඒක හොඳයි, ඔවුන්ට මේ දීගය කන්න බැරිනම් විවාහය අවසන් කර ඉවත්ව යා යුතුයි. එය ඔවුන්ටත් අපටත් රටටත් හොඳයි.

ප්‍රශ්නය:- විශ්වාසභංගයට විරුද්ධ වීමේ හැකියාවක් නැති බව එස්.බී. දිසානායක ඇමැතිවරයා කියනවා නේද?

පිළිතුර:- ශ්‍රී.ල.නි.ප මහ ලේකම් දුමින්ද දිසානායක හෝ එ.ජ.නි.ස මහ ලේකම් මහින්ද අමරවීර හෝ කිසිදු නිල ප්‍රකාශයක් කර නැහැ. අපි දන්නා ආකාරයට ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව විශ්වාසභංගය ගැන නිල එකඟතාවක් ඇති කරගෙන නැහැ. හැබැයි එ.ජා.පය ස්ථාවර තීරණයක් ගත්තා. ඒ නිසා එස්.බී. ඇමැතිවරයාගේ මතය ශ්‍රී.ල.නි.ප නිල මතය නොවන බව කාටත් පැහැදිලියි. යම් අය රජයෙන් එළියට යාමට සංදර්ශනාත්මක අවස්ථාවක් සොයමින් සිටිනවා. මේ සිදුවෙන්නේ එයයි. ඒක ඔවුන්ගේ තෝරා ගැනීමක්. අපි මේ අවස්ථාව පාවිච්චි කරන්නේ රජය ශක්තිමත් කර ගැනීමටත් රජයේ සහ පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ඉක්මන් කර ගැනීමට ලැබුණු අවස්ථාවක් වශයෙන්. එහෙම සිතුවාම අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕන. විශ්වාසභංගය නිසා රජය තුළත් එ.ජා.ප.ය තුළත් කළමනාකරණය සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබඳ කතා කරන්න අවකාශය අපට ලැබුණා. එම සාකච්ඡා තීරණාත්මක ලෙස නිශ්චිත කාලයකදී අවසන් කරගන්නත් හැකි වුණා.

ප්‍රශ්නය:- ශ්‍රී.ල.නි.ප නායකයා ප්‍රමුඛ කණ්ඩායම එ.ජා.ප යට එරෙහි පියවරක සිටිනවා කියා සිතෙන්නේ නැද්ද?

පිළිතුර:- නැහැ. දේශපාලනිකව යම් යම් වෙනස්කම් තිබෙන බව පැහැදිලියි. පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන්නේ එ.ජා. පෙරමුණට. එහි ප්‍රධාන පංගුකාර පක්‍ෂය එ.ජා.ප යයි. දෙමළ සන්ධානය, ඩග්ලස් දේවානන්ද වැනි අයත් මේ අවස්ථාවේ අපට සහාය පළකරනවා. ඒ නිසා රජය පවත්වාගෙන යාමේ ගැටලුවක් නැහැ. ජනාධිපතිතුමා ඔය තනතුරට පත් කළේ අපි. එතුමා සහ අපි අතර දේශපාලන වශයෙන් ගිවිසුමක් තිබෙනවා. එහි පරමාර්ථ ඉටු කිරීමට එතුමා කැපවී සිටින බව අපි තවම විශ්වාස කරනවා. ශ්‍රී.ල.නි.ප පරාජයත් සමග එතුමාට යම් දුෂ්කරතා ඇති බව පේනවා. එහෙත් එතුමා ඉතිරි මාස 18 ක කාලයේදී අප සමග සහයෝගයෙන් සහ අවබෝධයෙන් කටයුතු කරාවි. 

ප්‍රශ්නය:- අගමැති යටතේ පැවැති ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන්නේ මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට පවරන්නේ ඔබ කියන එකඟතා නිසාද?

පිළිතුර:- රාජ්‍ය ප්‍රතිපත්තිය විටින් විට සලකා බැලීමේ හැකියාව තිබෙනවා. රජයේ කටයුතු සිදුවන යම් ක්‍රමවේදයක අඩුපාඩුවක් තිබේ නම් එය නිවැරැදි කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබෙනවා. මහ බැංකුව මුදල් ඇමැති යටතට පත්කිරීම සුදුසු තීරණයක්. අගමැතිවරයා දරන්න බැරි වැඩ කොටසක් දරන බව පේනවා. එය අපි පක්‍ෂ ප්‍රතිසංවිධානය තුළත් කතා කරන කාරණයක්. අනෙක් කාරණාවලදීත් සුදුසු වෙනස්කම් රාජ්‍ය පාලනය තුළ කරන්න ජනපතිට අයිතිය තිබෙනවා. ඒවා රටේ යහපතට සිදුවනතාක් ඒවා සමග එකඟව කටයුතු කළ යුතු වෙනවා.

ප්‍රශ්නය:- ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීම එ.ජා.පයට එල්ල කළ පහරක් නොවේද?


පිළිතුර:- ඒ කමිටුව තවම අහෝසිකර නෑ. මෙය අහෝසි කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්ව තිබෙනවා. එය තවම කැබිනට් මණ්ඩලයෙන් අනුමත වී නැහැ. මේ කමිටුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ගැටලුවක් තිබේ නම් එහි අඩු පාඩු සකසාගෙන ඉදිරියට යන්න පුළුවන්. යම් ව්‍යුහයක් රටට අවශ්‍යයි. අතරමැද යම් එකඟතාවකට පැමිණීමට හැකිවේ යැයි අපි සිතනවා. ජනාධිපතිතුමාගෙත් අදහස් සලකා බලා කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා. 

ප්‍රශ්නය:- ඉදිරියට එන්නේ ජනාධිපතිවරණයක්. ඔබලා කියන ප්‍රතිසංස්කරණ හරහා එයට ශක්තිමත්ව මුහුණදිය හැකිද?

පිළිතුර:- ජනාධිපතිවරණයක් අද තිබ්බත් අපි දිනනවා. පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලය අනුව බලනවිට අප සමග 2015 සන්ධාන ගත වූ බලවේග සියල්ල එකතු කළොත් අදත් අපට ජනාධිපතිවරණයක් ජයගන්න පුළුවන්. සම්පූර්ණ රට වශයෙන් සැලකුවොත් විශාල වෙනසක් වෙලා නැහැ. එහෙත් බලයේ සිටින පක්‍ෂයක් හැටියට ලබාගත යුතුව තිබූ දැවැන්ත ජයග්‍රහණයක් අපට අහිමි වුණා. ගැටලුව තිබෙන්නේ එතැනයි. අද ජනාධිපතිවරණයක් තිබ්බොත් අපේ සන්ධානයේ අපේක්ෂකයකුට ජය ගන්න පුළුවන්. අද වෙන්වී යාමට කතා කරන ශ්‍රී.ල.නි.පයේ සුසිල් ප්‍රේමජයන්ත. එස්.බී., තිලංග, ඩිලාන් පෙරේරලා වැනි අය 2015 දී අප සමග සිටියේ නැහැ. ඒ අය අපට එකතු වුණේ 2015 ජනවාරි 08 වැනිදායින් පසුවයි. ඒ අය ඉක්මනින් ඉවත් වී යනවා. අපට අවශ්‍ය එ.ජා.ප අපේක්ෂකයකුට ජනපති වීමේ වාතාවරණය හදන්න. ඊට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි. ඒක මගේ පෞද්ගලික මතයක්. ඒ සඳහා වූ වැඩපිළිවෙළකට යා යුතුයි කියා මම විශ්වාස කරනවා.

ප්‍රශ්නය:- ජනාධිපතිවරයා කඩුව වනන්න ගත්තොත් ඔය සියල්ල වතුරේ යන්න බැරි නැහැ නේද?

පිළිතුර:- අපි හොඳට වැඩ කරනව නම් ජනාධිපතිවරයාට කරන්න පුළුවන් මොනවද? ජනාධිපතිගේ ක්‍රියාවල වලංගුභාවය රඳා පවතින්නේ ඔහුගේ ක්‍රියා ජනතාව අනුමත කළොත් පමණයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ජනාධිපතිව ප්‍රතික්ෂේප කළා. ඔහුගේ පක්‍ෂයත් ප්‍රතික්ෂේප කළා. අපේ එ.ජා.පයත් ප්‍රතික්ෂේප කළා. එහෙත් රටපුරා එ.ජා.පයට විශාල ශක්තියක් තිබෙනවා. ජනපතිට නායකත්වය දෙන ශ්‍රී.ල.නි.ප යට අද මහපොළොවේ බලයක් නැහැ. ශ්‍රී.ල.නි.පය පිරිහිලා. දෙගොල්ල සහයෝගයෙන් වැඩ කළොත් රටට හොඳයි. සහයෝගය නැති වුවොත් එ.ජා. පෙරමුණ හැටියට අපි ඉදිරියට යනවා.



අදහස් (8)

හවුලේ වැඩවලින් අපට වැරදුණා

shan saudi Monday, 02 April 2018 05:47 AM

හවුල් වැඩ වලින් ඔබලාට වැරදුන නෙවේ, ඩබල් ගේම නිසා හොරුන්ට දඩුවම් නොකර උන්ව ආරක්ෂා කරගෙන ගේම ගහන්න ගිය නිසා අද ජනපතිට විදවන්න වෙලා. ජනතාව රට භාර දුන්නේ හොරුන්ට දඩුවම් කරන්න නමුත් කලේ හොරුත් එක්ක බාල් කාපු එක අයට ඔහොම වෙලා මදි

:       3       161

Raveendra Monday, 02 April 2018 08:23 AM

මේ උන්දැට අමතක වෙලා.. අාවේ නම් දිව්‍යලෝකේ ගේනවා කියලා, හොරුන් අල්ලනවා කියලා. පසුවනේ තේරුනේ හොරු අල්ලන්න අාපු "පෙරේතයොත් හිටපු අයට වඩා හොරකම් කරලා කියලා". එ් හොරකම ගැන මේ උන්දැගේ කටින් නම් වචනයක්වත් පිටවුනේ නැත්තේ ෆුට් නෝට් නොහොත්, පාද සටහන් ලියපු හින්දා වෙන්න ඇති. අනිත් වැදගත් දෙය තමයි ඔහෙත් අසීමිත ලෙස ඔහේ ගැන හිතා ගෙන නේද ඉන්නේ? ඕකට ගමේ භාෂාවෙන් නම් කියන්නේ "උද්දච්චකම නොහොත්, හීන මානේ කියලයි". බලය ලැබුණට පස්සේ ඔක්කොම මහෞෂධ පණ්ඩිතයෝ තමා.. මෙයත් එයට හොදම උදාහරණයක්...

:       0       544

Bamunuarachchi Monday, 02 April 2018 06:00 PM

ප්‍රතිපත්ති සාර්ථක වුනාලු ඒතකොට මහජනයාට වුන සෙත මොකක්ද?

:       3       92

Sam Tuesday, 03 April 2018 04:21 AM

හැමදේටම කකුලෙන් අදින හවුලක් තවත් ඕනෙද ?

:       101       4

Senarath Tuesday, 03 April 2018 09:49 AM

වැරදුනේ අපේ රටේ අහිංසක ජනතාවට, තමුන්ලට නෙමෙයි.

:       0       190

Rohana Tuesday, 03 April 2018 10:42 PM

හැමදාම වරදින්නේ ජනතාවට. දේශපාලකයන්ට නොවේ. මොන පැත්තේ හිටියත් ඔවුන් දිනුම්. වරප්‍රසාද මුදල් වලින් ඔවුන්ට අඩුවක් නොමැත. රදවාගන්නත් සල්ලි, පනින්නත් සල්ලි. මේ වගේ රටක් මමනම් දැකල නැත.

:       0       71

Saththaya Wednesday, 04 April 2018 12:49 AM

ඇයි හවුල් වුනු අයගේ ඉතිහාසය ගැන හොයන්නේ නැතුව විස්වාස කලේ . වෙනසක් වුනේ නැත්තේ එකම දේ වෙන්නේ. මහජනතාව දුක් විදිනවා.

:       0       60

Bamunuarachchi Wednesday, 04 April 2018 03:26 AM

කට කහනවාට නොවෙයි අහවලා කෙවට්ටය කීවේ

:       0       31

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 277 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 21 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 154 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 188 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 135 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 195 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38766 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site