සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සතියේ සිය ළගම හිතවතුන් සමග මූලෝපායික මට්ටමේ සැසියක් පැවැත්වූයේය. පිරිස හමුවූයේ කොළඹ පිහිනුම් ක්‍රීඩා සමාජ ශාලාවේදීය.
ජාතික හෙළ උරුමයේ නායක චම්පික රණවක, එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයෙක් වන තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න සහ හරීන් ප්‍රනාන්දු මෙන්ම හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ ශිරාල් ලක්තිලක යන මහත්වරු එයට එක්ව සිටියහ.
හමුවේ ප්‍රධාන අවධානය යොමුවූයේ පාර්ලිමේන්තු මැතිවරණයටය. පසුගිය ජනපතිවරණයේ දී, මේ හා සමාන මූලෝපායික මැතිවරණ යාන්ත්‍රණයක් දියත් කිරීම සදහා ආරාධනා කෙරුණු තිදෙනා මෙවර මහ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙරමුණ නොගනු ඇති බව මින් පැහැදිලි විය. කබීර් හෂීම්, මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් එම ත්‍රිත්වයයි. පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රේමදාස පාර්ශ්වයට සහාය දක්වන එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ඇයි ඔබ පියවරක් පසුපසට ගෙන තිබෙන්නේ යැයි සමරවික්‍රම මහතාගෙන් විමසුවේ ය.
“පක්ෂය එකට තියාගන්න අපි දැන් ඇති වෙනකම් වැඩ කරලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ තමයි ඒක ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ” යයි ඔහු පිළිතුරු දුන්නේය. ප්‍රේමදාස කදවුරේ කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඉහළම පෙලේ සාමාජිකයන් පවා කොපමණ වෙහෙසට සහ ‘දැන්නම් ඇති‘ ස්වභාවයකට පත්ව සිටින්නේ ද යන්න සමරවික්‍රමගේ අදහස්වලින් මනාව පැහැදිලි වේ.
රවීගෙන් ඉල්ලීමක්
හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා කෝට්ටේ පිහිටි සිය නිවසේ දී, මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂයේ නායක මනෝ ගනේෂන් සහ සිලෝන් ජනතා කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන්ට දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වූයේය. සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් පවතින ගැටලුව නැවත කරළියට පැමිණියේය.
හංසයා ලකුණ, කරුණානායකට සැළකිය යුතු බලයක් හා මැදිහත්වීමක් හිමි, නව සන්ධානය වෙනුවෙන් ලබාදිය හැක්කේ එහි මහලේකම්වරයා ලෙස තමාව හෝ තමා නම් කරන පුද්ගලයෙක් හෝ පත් කැරුණහොත් පමණක් බව ඔහු පැවසුවේය. හංසයා ලකුණ වර්තමානයේ දරන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහලේකම්වරිය ලෙස කටයුතු කරන ෂර්මිලා පෙරේරා මහත්මිය බදාදා මැතිවරණ කොමිසමේ පැවැති රැස්වීමටද පැමිණ සිටියාය.
මේ සම්බන්ධයෙන් ‘සන්ඩේ ටයිම්ස්’ විමසූ අවස්ථාවේ දී හකීම් සහ බදුර්දීන් දෙදෙනම රවී කරුණානායක එවැනි ප්‍රකාශයක් කළේය යන්න බැහැර කළහ.
“මම දන්නේ නැහැ. මොකද මම කලින්ම පිටත්වෙලා ගියා” යයි හකීම් පැවසුවේය. නමුත් ඔහු සංග්‍රහය අවසාන වෙනතෙක්ම සිටියේය.
“කරුණානායක හෝ ඔහු නම් කරන පුද්ගලයෙක් මහලේකම්වරයා ලෙස පත් කිරීම ගැන කිසිම සදහනක් වුනේ නැහැ” යයි බදුර්දීන් කීවේ ය.
පසුගිය අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ පාස්කු ඉරුදින සංහාරයෙන් පසුව මෙම මුස්ලිම් නායක දෙපළට එරෙහිව පොදු ජනතාව අතරින් සැළකිය යුතු ලෙස විවේචන එල්ල විය. සුලුතර ජන කොටස් නියෝජනය කරන ඇතැම් දේශපාලන පක්ෂ දෙස ජනතාව වර්තමානයේ බලන්නේ දැඩි සැකයකිනි.
නව ව්‍යවස්ථාවක සම්පාදන කටයුතුවල දී ආගම මත පදනම්ව තිබෙන දේශපාලන පක්ෂ තහනම් කිරීමට කටයුතු කැරෙනු ඇතැයි රාවයක් ද පැතිර ඇත. මෙසේ කෙරෙන බව පැවසෙන්නේ මෙකී දේශපාලන පක්ෂ ඔවුන්ගේ නාම පුවරුවලට මුවා වී අරමුදල් රැස්කර ගැනීමට (විශේෂයෙන්ම ධනවත් ආසියානු දානපතියන්ගෙන්) සහ එම මුදල් මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් පමණක් යෙදවීමට කටයුතු කරන නිසාවෙන්ය. ව්‍යවස්ථාව හරහා එවන් දේශපාලන පක්ෂවලට එරෙහිව වැට බැඳීමට මුස්ලිම් ප්‍රජාවේම ඇතැම් කොටස්ද කැමැතිය. ඒ මතුවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ එම දේශපාලන පක්ෂ තමන් වෙනුවෙන් පෙනී නොසිටීමත් ඒවා දේශපාලන පක්ෂ ලෙස නොව සමාගම් ලෙස කටයුතු කරමින් සිටීමත් යන කාරණා මුල්කැර ගෙනය.
මේ අතරවාරයේම, නොමිලේ ලැබෙන කිසිවක් (දානයක දී හැරෙන්නට) නැත යැයි පවසන පිරිසක් ද සිටිති.
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් සන්ඩේ ටයිම්ස් හා පවසා සිටියේ මෙවැන්නකි.
“එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන දෙපාර්ශවය අතර ඇතිව තිබෙන ගැටලු විසදාගැනීමට සහ එක්සත් බලවේගයක් ලෙස ඉදිරියට යාමට අවශ්‍ය ශක්තිය ලබාදීමට කරුණානායක අපේ නොමසුරු දායකත්වය බලාපොරොත්තු වුනා. රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ පක්ෂයට ජයග්‍රහණය කළ නොහැකි බවත් වික්‍රමසිංහ යනු ජනතාව හමුවේ උත්කර්ෂයට පත්කළ නොහැකි නායකයෙක් බවත් කරුණානායක පැවසුවා. වෙනසක් සිදුකළ යුතුව තිබෙන බවටත් ඔහු එකඟවුනා”
“හංසයා ලකුණ භාවිතා කිරීම සම්බන්ධයෙන් ඔහු කොන්දේසියක් ඉදිරිපත් කළා. එසේ කිරීමට නම් ඔහුව හෝ ඔහු නම් කරන තැනැත්තා (එනම් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහලේකම් ෂර්මිලා පෙරේරා) නව සන්ධානයේ මහලේකම්වරයා ලෙස නම් කළ යුතුව තිබෙන බව ඔහු කීවා.
“ලකුණ ගැන සාකච්ඡා කැරෙමින් යනකොට, කතානායක කරූ ජයසූරිය මහතා සන්ධානයේ නායකයා ලෙස නම් කළ යුතු බවටත් රංජිත් මද්දුමබණ්ඩාර ඉදිරියටත් සන්ධානයේ මහලේකම්වරයා ලෙස කටයුතු කරනු ඇති බවටත් අදහසක් එක් නායකයෙක් ඉදිරිපත් කළා. මහලේකම්ධූරයේ වෙනසක් සිදුනොවන බව සදහන් කෙරුණේ මද්දුමබණ්ඩාරගේ පත්වීම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමත කර තිබෙන්නක් නිසා. සන්ධානයේ කිසිදු තනතුරක් භාරගැනීමේ සූදානමක් කතානායකවරයාට නොමැති බව මෙම අවස්ථාවේ දී, පෙන්වා දෙනු ලැබුණා.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජන බලවේගය යටතේ තරග කරන්නට අපි තීරණය කළා. කෙසේවුවත්, ලකුණ සම්බන්ධයෙන් වන ගැටලුව අවසානයක් කරගත යුතුව තිබෙනවා”
මුස්ලිම් දේශපාලන පක්ෂ ද්විත්වය ඔවුන්ගේ නායකයින් සහ ආධාරකරුවන් වෙනුවෙන් බලවත් දේශපාලන තනතුරු තානාත්තර ලබාගැනීමෙහි ලා අවධානය යොමුකර තිබෙන බව ගනේෂන්ගේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ.
ප්‍රධාන දේශපාලන පක්ෂ අතර බලතුලනයේ යෙදීම හැරෙන්නට මුස්ලිම් ජනතාව වෙනුවෙන් මෙම දේශපාලන කර තිබෙන දෙයක් නොමැති බව එම ප්‍රජාවේ බලවත් පාර්ශවයන් නැවත නැවතත් පවසන කාරණයකි. ඒ අරබයා ඔවුන් විශේෂයෙන්ම ගෙනහැර දක්වන්නේ පශ්චාත් පාස්කු ඉරුදින සංහාර වකවානුවයි.
සරත් ෆොන්සේකා හංසයා ලකුණ යටතේ 2010 ජනපතිවරණයට ඉදිරිපත් වූයේ රවී කරුණානායක මහතාගේ ආශිර්වාදය යටතේය. ප්‍රේමදාස සැළකීමේදී නව සන්ධානයේ මහලේකම්වරයා ලෙස කරුණානායක මහතා පත්කකර ගැනීම යනු එම තනතුර වික්‍රමසිංහට හෝ එක්සත් ජාතික පක්ෂ මහලේකම් කාරියවසම්ට හෝ දුන්නාක් වැනි වනු ඇත. එය කිසිලෙසකින්වත් ඉටුකළ නොහැකි ඉල්ලීමක් වනවා සේම, කරුණානායක එම තනතුර අපේක්ෂා කරන්නේ ප්‍රේමදාස හමුවේ බාධකයක් නිර්මානය කිරීමටද යන්නත් ගැටලුවකි.
අනෙක් අතට යමක් බලාපොරොත්තුවීමකින් තොරව කරුණානායක තමන් සන්තකයේ පවතින හංසයා ලකුණ ප්‍රේමදාසට ලබාදේයැයි එත්තු ගැන්වීමේ සමත් කිසිදු කාරණයක්ද නැත. ඒ මක්නිසාද ඔවුන් සියලුදෙනාම කරමින් සිටින්නේ ගනුදෙනුවක් බැවිනි.
සිකුරාදා ප්‍රේමදාස මහතා සහභාගීවීමට නියමිතව තිබූ මාධ්‍ය හමුවකට ප්‍රථමයෙන් තිදෙන ඔවුන් කරුණානායක සමග පැවැත්වූ හමුව සම්බන්ධයෙන් ප්‍රේමදාස මහතාව දැනුවත් කළේය. ප්‍රේමදාස සහ ඔහුගේ කණ්ඩායම පෙළමින් සිටින ගැටලු විසඳාදීම සදහා අතරමැදියන් ලෙස කටයුතු කිරීමට කැමැති බව ඔවුහු කීහ.
මෙයත් සමග සාකච්ඡාවේ අවධානය නිසඟයෙන්ම යොමුවූයේ සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුවටය. හංසයා ලකුණේ නෛතික හිමිකරුවා එය සන්ධානයට ලබාදීම අරබයා ගැටලු මතුකරන්නේ නම් ගැටලුව වන්නේ ප්‍රේමදාස ඔහු පෙර ඉදිරිපත් කළ හදවත ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වනු ඇති ද? යන්නය. එය කළ හැකි වන්නේද එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැති ලබාගැනීමෙන් පසුව පමණකි.
පසුව සිකුරාදා සන්ධ්‍යාවේ පැවැති මාධ්‍ය හමුව අමතමින් ප්‍රේමදාස මහතා මෙසේ පැවසුවේ ය.
“ලකුණ ගැන ගැටලුවක් නැහැ .රටේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන කණ්ඩායම් අපිත් එක්ක එකතුවෙනවා. අපේ ලකුණ අනාගතයේදී අපි ප්‍රකාශයට පත්කරනවා. ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ”
හකීම් ප්‍රමුඛ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද, සමගි ජන බලවේගය සමග අත්වැල් බැදගන්නා බව ප්‍රේමදාස මහතා මෙම හමුවේදී නිල වශයෙන් නිවේදනය කළේය. කුඩා දේශපාලන පක්ෂ සමග අත්වැල් බැඳගැනීමට හකීම් මීට පෙර අවස්ථාවක අසාර්ථක උත්සාහයක් දරා තිබිණ මාධ්‍ය හමුවේ දී ඔහු මෙසේ කීවේය.
“ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව නියෝජනය කරන ගරු කටයුතු දේශපාලන පක්ෂයක් හැටියට අප සහ අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සන්ධානය සමග එකතුවීම සදහා ගිවිසුම් අත්සන් කරනවා”
පසුගිය වසරේ ජනපතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්වීමට අසාර්ථක උත්සාහයක් දැරූ රිෂාඞ් බදුර්දීන්ද නව සන්ධානයට සහාය දක්වනු ඇත. පැහැදිලිවම තෝරාගැනීමක් කිරීමට අත තිබූ විකල්පයන් දැන් ඔවුන්ගෙන් දුරස්ව ගොස්ය.
ද සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුව අනුග්‍රහයෙනි
පරිවර්තනය : කෝවිද ගුණසේකර
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
ශ්‍රීධර වින්සන්ට් සුබසිංහයන්ගේ 119වැනි ජන්ම දිනය අදට (29) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
හංසයාව දෙන්න නම් මට දෙන්නේ මොනවාද ?
janahitha Wednesday, 04 March 2020 01:24 AM
එජාපයේ ඡන්ද ලකුණ වන අලියා වෙනත් කිසිදු පාර්ශ්වයක් හෝ දේශපාලන පක්ෂයක් වෙත ලබාදීම කිසි සේත්ම සිදු නොවන දෙයකි. වර්තමානයේ සිදුව තිබෙන්නේ සජිත් අලියාගේ සලකුණින් එජාපයෙන් මැතිවරණයට ඉදිරිපත්නොවී වෙනත් පෙරමුණක් සාදාගෙන එජාපයේ අලියා සලකුණ ඉල්ලනේ කුමටද . වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදුවී ඇති ඉරණම එජාපක්ෂයටත් සිදුකිරීමට බොහෝදෙනා උත්සහ දරනු පෙනේ.
lalithm Wednesday, 04 March 2020 03:17 AM
මැරෙනතුරු පක්ෂ නායකකම හොබවන්න බලා ඉන්න නායකයෙක් එක්ක කවදාවත් තරුණ හෝ රැඩිකල් මත වලට ඉඩක් නැත. බණ්ඩාරනායක මහතාත් මේ න්‍යායට යටත්ව තමයි අලුත් පක්ෂයක් හදාගෙන ගියේ. දැන් පොහොට්ටුවත් එහෙමයි.
Kumar Monday, 09 March 2020 02:36 AM
ලංකාව පාලනය කරන්න බලාපොරොත්තු වන අය කටයුතු කරන්න ටොෆි ඉල්ලා අඬන පොඩි ළමයි වගේනේ... එයට හංසයා දෙනවා නම් ඔයා හංස ධේනුවවත් ඉල්ලා ගන්න. පෙනුම එක වගේනේ.
beau Friday, 13 March 2020 09:37 AM
පිස්සෝ..............මේ ඔක්කොම අංගොඩ යවන්න ඕනේ.
දෙනෙත් Sunday, 15 March 2020 03:28 AM
හංසයා වෙනුවට ආදේශක ලෙස පාත්තයා, තාරාවා, දියකාවා, කොරවක්කා වගේ සතෙක් ලාංජනයට ගත්තනම් හරි.