පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ වැලිකන්ද ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ළමා මව්වරුන්ගේ සංඛ්‍යාව මේ වන විට වැඩිවීමක් වාර්තා වන බවත් එය ගෙවීගිය යුදමය වාතාවරණයට පසු ප‍්‍රදේශයේ සියලූම ගම්මානවල තොරතුරු නිසි පරිදි ලබාගැනීමට හැකිවීමත් සමගම අනාවරණය වූ බවත් වැලිකන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප‍්‍රධාන හෙදි නිලධාරිනි ඞී.කේ. ජයසිංහ මහත්මිය පවසන්නීය.
ඒ පාසල් යා යුතු වයස් වල සිටින ගැහැනු දරුවන් වයස අවුරුදු 13 න් පසු විවාහ වීමට පෙළඹීම වැඩි වශයෙන් මේ ප‍්‍රදේශයේ සිදුවන හේතුවෙන් බවද ඈ හෙළි කළාය. පසුගියදා වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවනාගාරයෙදි පැවති රැස්වීමකදී ජයසිංහ මහත්මිය මෙලෙස පැවසුවාය.
|
වැලිකන්ද ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චරිත් නුගවෙල |
|
ප‍්‍රධාන හෙදි නිලධාරිනී ඞී.කේ. ජයසිංහ |
|
වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් එච්.එස්.කේ.ජේ. බංඩාර |
මෙලෙස අඩු වයසින් විවාහ වන ගැහැනු දරුවන් වයස අවුරුදු 15, 16 වන විටම මව්වරුන් වීම බරපතළ ප‍්‍රශ්නයක් වන බවත් එලෙස උපදින දරුවන් මන්දපෝෂණයට ලක්වන බවත් මව්වරුන්ද එලෙස නීරක්්තයට මන්ද පෝෂණයට ලක්වන බවත් මෙහිදී ප‍්‍රධාන හෙදි නිලධාරිනිය හෙළි කළාය. එලෙසම උපදින දරුවන් අංගවිකල වීම ළදරු මරණ ඉහළ යාම මෙහි අයහපත් ප‍්‍රතිඵල බව ඇය පෙන්වා දුන්නාය.
මීට විසඳුමක් ලෙස සෞඛ්‍ය අංශ සමග සාකච්ඡුා කර අඩු වයස් වල විවාහ වී සිටින අඹු සැමියන් දැනුවත් කර උපත් පාලන ක‍්‍රමවේද වෙත ඔවුන් යොමු කිරීමට වැලිකන්ද ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් කටයුතු කරන බවද ඈ කීවාය.
දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නොයෙල් උඩුගම මහතාගේ උපදෙස් මත වැලිකන්ද ප‍්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරී එරික් නුගවෙල මහතාගේ මෙහෙයවීමෙන් මේ වන විට අඩු වයසින් විවාහ වී සිටින කාන්තාවන් දෙසීය දෙනකුට පමණ හෝර්මෝන තැම්පන් (උපත් පාලන කරල්) කර තිබෙන බවත් ඒ එම අඩු වයසින් විවාහ වී සිටින කාන්තාවන් දරු පිළිසිඳ ගැනීම ප‍්‍රමාද කර ගැනීමට සායන වලින් දැනුවත් වීම මගින් මෙලෙස මේ ක‍්‍රමයට යොමුවී සිටින බවද ප‍්‍රධාන හෙදි නිලධාරිනී ඞී.කේ. ජයසිංහ මහත්මිය ඉරිදා ලංකාදීප හමුවෙ පැවසුවාය.
පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ මඩකළපුව, ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කවලට මායිම්ව පිහිටි වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ග‍්‍රාම සේවා වසම් 29 කි. ග‍්‍රාම සේවා වසම් 29 තුළ ගම්මාන 45 ක් පිහිටා තිබේ. මෙම ගම්මාන 45 අතර දෙමළ ජාතිකයන් වෙසෙන ගම්මාන ගණන 02 කි. ගම්මාන 4 ක මුස්ලිම් පවුල් දිවි ගෙවති. අනෙක් බොහෝ ගම්මාන වල සිංහල, දෙමළ, මුස්ලිම්, පවුල් සාමූහිකව දිවි ගෙවති. වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන පිහිටීම අනුව මේ ගම්මාන හුදෙකලා වීමට ලක්ව තිබේ.
ඇතැම් ගම්මාන අතර පරතරය කිලෝමීටර් 10 ත් 12 ත් අතර පවතින අතර කැලෑ, වගුරු බිම් වලින් සහ මුඩු බිම් වලින් මේ ගම්මාන වෙන්වී තිබේ. ප‍්‍රධාන නගරය වැලිකන්ද වන අතර රාජ්‍ය ආයතන සියල්ල මෙහි පිහිටා තිබේ. සියලූ අවශ්‍යතා සඳහා වැලිකන්ද නගරයට ජනතාව පැමිණිය යුතු අතර ඒ සඳහා ගෙවා දැමිය යුතු දුර ප‍්‍රමාණය කිලෝමීටර් 25 කටත් වඩා වැඩි දුරක් වෙයි. මේ සඳහා ක‍්‍රමවත් ප‍්‍රවාහන සේවාවක් නොමැති අතර බොහෝ පිරිස් ගම්මාන වලටම සීමාවී සිටිති.
මෙම ගම්මාන වල ජනතාවට රාජ්‍ය සේවාවන් ලැබුනේද ඉතා අඩුවෙනි. ඇතැම් ගම්මාන වලට රාජ්‍ය නිලධාරීන් ආවේ ගියෙවත් නැති තරම්ය. යුද්ධය මේ සියල්ල අරාජික කර තිබුණි. වැලිකන්ද නගර මධ්‍යයට දහවල් දොළහටත් ෂෙල් වෙඩි වැටෙද්දි උදේ 10 ට එකොළහට වැලිකන්දෙ රාජ්‍ය ආයතන වලට පැමිණෙන නිලධාරීහු සවස දෙකට පමණ ඉන් පිටත්ව පොළොන්නරුව බලා පිටව ගියහ. ගම්මු හුදෙකලාව දිවි ගෙවූහ. ආරක්ෂක අංශ සමග පමණක් ඔවුන්ට කටයුතු කිරීමට සිදුවිය. ඒ මීට වසර 4 කට 5 කට පමණ ඉහතදීය.
දැන් ඒ තත්ත්වය වෙනස් වී තිබේ. යුදමය තත්ත්වය නිමාවී රාජ්‍ය සේවා දැන් මේ ගම්මාන වෙත ලැබෙමින් පවතී. සංවර්ධනය යම් ප‍්‍රමාණයකට හෝ ලැබෙමින් යටිතල පහසුකම් වැඩිදියුණු වෙමින් පවතී. එහෙත් අඩු වයසින් විවාහ වීම තවමත් මේ ගම්මාන වලදී වැඩි වශයෙන් දක්නට ඇත.
වැලිකන්ද ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චරිත් නුගවෙල මහතාගෙන් ඉරිදා ලංකාදීප මේ සම්බන්ධව විමසීමේදී ඔහු මෙලෙස කීවේය.
අඩු වයස් විවාහ වැඩිවෙලා නෙමෙයි තියෙන්නෙ. මේවා වාර්තා නොවී තිබුණේ. දැන් මේවා සියල්ල වාර්තා වෙනවා. ඒ අනුව දක්නට තිබෙනවා අඩු වයස් මව්වරු ඉන්න බව. මීට කලින් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ හිටපු නිලධාරීන් මේ සම්බන්ධව මේ තත්ත්වය අවම කරගන්නට විශාල සේවාවක් කළා. ඔවුන් කළ සේවාවේ ප‍්‍රතිඵල ලැබෙමින් පවතින්නෙ. මීට වසර 04 කට පෙර වාර්තා වූ ළමා මව්වරුන්ගෙ සංඛ්‍යාවෙන් සියයට අටක අඩුවීමක් දැන් මේ වෙනකොට දක්නට ලැබෙනවා. මේක හොඳ තත්ත්වයක්. අපි අපට කරන්න පුළුවන් හැමදේම කරනවා.
දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නොයෙල් උඩුගම මහතාගේ උපදෙස් මත ලැබෙන සේවා මත අපි අපට කරන්න පුලූවන් හැමදේම කරලා තිබෙනවා. කලින් වාර්තා නොවී තිබුණ දේ දැන් නිසි පරිදි වාර්තා වෙනවා. ඒ අනුව මෙලෙස ළමා මව්වරුන්ගේ සංඛ්‍යාව 2013 වෙනකොට සියයට 8 දක්වා අඩුවෙලා තිබෙනවා. 2010 ට පෙර මේ තත්ත්වය සියයට අටයි දශම අටක්. මෙලෙස ළමා මව්වරුන්ගෙ ප‍්‍රමාණය පාලනය කර ගන්නට ලැබුනෙ උපත් පාලන හෝර්මෝන තැන්පතු (උපත් පාලන කරල්) වයස අවුරුදු 14, 15, 16 වගෙ අඩු වයස් විවාහක දැරියන් දෙසීය දෙනෙකුට පමණ තැන්පත් කිරීමත් සමඟම.
වැලිකන්ද ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා බල ප‍්‍රදේශයේ බොහෝ ගම්මාන වල ජීවත්වෙන ජනතාව ඉතා දිලිඳු අසරණ පවුල්. ඒ වගේම මේ අයගෙ අධ්‍යාපන මට්ටම ඉතා අඩුයි. අම්මලා විදේශ ගතවෙලා ඉන්න ප‍්‍රමාණය වැඩියි. මේකෙන් දරුවන්ට රැුකවරණය අඩුවෙලා තිබෙන්නෙ. ඔවුන් මෙතැනින් එහා ලෝකයක් දකින්න උත්සාහ කරන්නෙ නෑ. මහා ලොකු බලාපොරොත්තු මේ අයට නෑ. ආච්චි අම්මත් තවම මැදි වයසේ අම්මත් තරුණයි දුවත් තරුණයි. අම්මා බැන්දෙත් අවුරුදු 13 න් 14 න් දුවත් අවුරුදු 13 න් 14 න් විවාහ වෙනවා. මේකට ගෙවල් වලින් (දෙමාපියන්ගෙන්) විරෝධතාවක් එල්ල වෙන්නෙත් නෑ. මේ හැමෝම ජීවත් වෙන්නෙත් එකට පුංචි ගේ කෑල්ලක. තවත් ළමා මවක් මෙතැනින් බිහිවෙනවා. ඒ උපදින දරුවා මන්දපෝෂණයෙන් පෙලෙනවා. අම්මත් ඒ වගේමයි.
පවතින මේ තත්ත්වය අවම කරගන්න පුලූවන්. අපි අපේ කාර්යය හරියට කරනවා. හැමෝගෙම සහයෝගය මේ සඳහා අවශ්‍ය වෙනවා. හැමෝම එකතුවෙලා වැඩ කළොත් වැලිකන්ද ප‍්‍රදේශයේ ළමා මව්වරු ඇතිවීම ඉදිරියේදී නවත්වාගන්න පුළුවන්. ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චරිත් නුගවෙල මහතා එලෙස පවසයි.
වයස අවුරුදු 5 ට අඩු දරුවො ඉන්න අම්මලා 100 කට වැඩිය පිරිසක් මේ ප‍්‍රදේශයෙන් විදේශ ගතවෙලා ඉන්නෙ. මේ අයගෙ දරුවන්ට මව් සෙනෙහස ලැබෙන්නෙ නෑ. මේ පවුල්වල ගැහැනු දරුවො තමන්ගෙම පවුල්වල අයගෙන් ලිංගික අතවර වලට ලක්වෙනවා. ඉක්මනින්ම විවාහ වෙනවා. ළමා කාලයේම අම්මා කෙනෙක් වෙලා.
මට බලන්න තිබෙනවා වර්ග කිලෝමීටර් 160 ක භූමි ප‍්‍රමාණයක පදිංචි පවුල් පිළිබඳව. මම දවසක් මෙහෙම එක ගමක ගෙදරක අඩු වයසින් විවාහ වූ දියණියක් ගැන තොරතුරු ලැබිලා බලන්න ගියා. ඒ ගමට යනකොට මේ වයස 15 ක දැරිය පිට්ටනියේ බෝල ගහනවා. තරුණයෙක් එක්ක. කථා කරලා බලන කොට මේ දැරිය විවාහ වුණ තරුණයා ඒ ඉන්නෙ. බෝල ගහපු දැරිය ඒ වෙනකොටත් ගැබ් අරගෙන. ඉතිං මේ ළමයි බෝල ගහන වයසෙ තවමත් ඉන්න දරුවො. මේක හරිම කනගාටුදායක තත්ත්වයක්. වැලිකන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප‍්‍රධාන හෙදි නිලධාරිනී ඞී.කේ. ජයසිංහ මහත්මිය එලෙස කීවාය.
අඩු වයස් විවාහ සහ අඩු වයස් මව්වරුන් වාර්තා වීම අතර ඉදිරියෙන්ම මුස්ලිම් ගම්මානවල (වැලිකන්ද ප‍්‍රාදේශීය සෞඛ්‍ය බල ප‍්‍රදේශයේ) දැරියන් වන බවද කී ජයසිංහ මහත්මිය පසුගිය වසර කිහිපයේ වාර්තා වූ ළමා මරණ 5 ම මුස්ලිම් හා දෙමළ ගම්මාන වලින් බවද කීවාය.
මේ වන විට වැලිකන්ද සෞඛ්‍ය බල ප‍්‍රදේශයේ පවුල් සෞඛ්‍ය කොට්ඨාස 12 තුළම මසකට ළදරු හා මව්වරුන් සඳහා සායන 12 ක් පවත්වන අතර වැලිකන්ද එම්. ඕ.එච්. (M.O.H) කාර්යාලයේ මසකට ප‍්‍රධාන සායන දෙකක්, මෙන්ම සෑම සෙනසුරාදාවකම ළදරු හා පවුල් සංවිධාන සායන පවත්වන බවත් මේ සඳහා මසකට මව්වරුන් 400 ක් පමණ දෙනා සහභාගි වන බවත් මොවුන් අතරින් වසරකට දරු උපත් 700 ත් 800 ත් පමණ ප‍්‍රමාණයක් සිදුවන බවත් ප‍්‍රධාන හෙදි නිලධාරිනි ජයසිංහ මහත්මිය පැවසුවාය.
එලෙසම සායන වලට පැමිණෙන ළදරුවන්ට හා මව්වරුන්ට සියලූම දෙනාට ත‍්‍රිපෝෂ ලබාදීමට ක‍්‍රියා කරන බවද ඈ වැඩිදුරටත් කීවාය.
ගම්වල යටිතල පහසුකම් අවම ඔවුන් ජීවත්වන්නේ මෙතැනින් එහාට තවත් ලොවක් නැතැයි සිතන්නන් විලසටය. ගම්මාන වලට යාමට හොඳ පාරක් තොටක් නැත. ප‍්‍රවාහන පහසුකම් අවමය. පාසල්වලට පහ 5 ශ්‍රේණියෙන් පසු ඉගෙන ගන්නට පන්ති නොමැතිය. පාසල් වල ගුරුවරු ප‍්‍රමාණවත් නැත. සාරවත් පසක් නොමැති මෙහි බිම වැල්ල පිරුණු නිසරු බිමකි. ජනතාව දුප්පත්ය.
නගරයේ පාසලට යන ගැහැණු දරුවා 2.30 ට බස් රථය නොආවොත් සවස 5.30/6.00 පමණ වනතෙක් බස්නැවතුම්පොළ වලය. දරිද්‍රතාව හමුවේ අම්මා විදේශ ගතවෙලාය. අම්මා නැති ගෙදර තාත්තා බීමතින්ය. වැඩි වියට පත්වෙන ගැහැණු දරුවාට රැුකවරණයක් නොමැතිය. වැලිකන්දෙ ළමා මව්වරු ඇති වන්නට මේවා හොඳටම ප‍්‍රමාණවත්ය.
පවුල් සෞඛ්‍ය සේවිකාවන්, ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, හෙදියන්, තම ශක්තියෙන් වැලිකන්දෙ ”ළමා මව්වරු” අවම කිරීමට වෙහෙසෙති. ප‍්‍රදේශයේ පිහිටීම මත ඔවුන්ද අසරණය. ඔවුන්ට ගමන් පහසුකම්, ඉඳුම් හිටුම් නැත. ආරක්ෂාවක් නැත. අලි විදුලි වැටවල් අතරින් කැඞී බිඳී ගිය පාරවල් ඔස්සේ ගම්මාන වලට නාඳුනන බයිසිකලයක නැගී ගොස් ඔවුන් සිය කාර්යය ඕනෑවටත් වඩා ඉටු කරති. මේ සියල්ල ජයගත යුතුය.
වැලිකන්ද ප‍්‍රදේශීය ලේකම් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතාගෙන් මේ පිළිබඳව විමසුවෙමු. හෙතෙම මෙලෙස පැවසුවේය.
”වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ළමා මව්වරු පිළිබඳව ගොඩක් වාර්තා වෙනවා. මේවා බරපතළ ප‍්‍රශ්න. රාජ්‍ය නිලධාරීන් ලෙස මේ පිළිබඳව අපට ලොකු වගකීමක් තිබෙනවා. මම මෑතකදී මෙහාට ආවෙ මේ තත්ත්වය හඳුනාගෙන. අපි දැනටමත් විවිධ වැඩසටහන් මගින් මේ දරුවන් අඩු වයසින් විවාහ වෙන එක වළක්වා ගන්න උත්සාහ ගනිමින් ඉන්නෙ. රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශ, රාජ්‍ය නොවන සංවිධාන මෙතනදි එකතු වෙන්න ඕනෑ. අපි හොඳට හොයලා බලලා වැඩ කළොත් අපිට මේ ප‍්‍රශ්නෙ ජයගන්න පුළුවන්.” බංඩාර මහතා එලෙස කීවේය.
වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාම සේවා වසම් 29 ම පිහිටුවා ඇති ළමා අයිතීන් ප‍්‍රවර්ධනය හා සුරක්ෂිත කිරීමේ කමිටු හරහා ජනවාරි මාසයේදී පිරිස් දැනුම්වත් කිරීමේ පෝස්ටර් ව්‍යාපාරයක් පාසල් වල යොවුන් සමාජ ඇතිකර ඒ හරහා වැඩසටහන්, අන්තර් ග‍්‍රාම සේවා වසම් වල ක‍්‍රීඩා තරඟ, ජනවාරි 16 දා සේනපුර විද්‍යාලයේදී දෙමළ සාහිත්‍ය උළෙල පෙබරවාරි 14 දා පාසල් සිසු සිසුවියන් සම්බන්ධ කරගෙන සීල ව්‍යාපාරයක් පැවැත්වීමට මේ වන විටත් කටයුතු කර තිබෙන බවද කී ප‍්‍රාදේශීය ලේකම් බංඩාර මහතා 2009 වසරෙන් පසු මනම්පිටිය පාලමෙන් මෙපිටට තවත් ලෝකයක් තිබෙන බව වැලිකන්දෙ තරුණ පරපුරට අවබෝධ කරදෙන්න ක‍්‍රියා කරන බවද කීවේය.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමා, අඩුවසයේ දරුවන් දෙමව්පියෝ කරන්න හදන ඔයාල කව්රුවත් තමුන්ගේ දුව හෝ පුතා අවරුදු 14 න් විවාහ කරල දෙනවද සිංහල ජාතිය සුළු ජාතිය වෙන එක වලක්වන්න. බොරු ජාතිවාදයක් හිතට අරගෙන අනුන් කුලප්පු කරන්නයි ඔය කෑගහන්නේ ඔයාලා.(නදී)
මේවා දේව සාප (දී)
මේවා අහස නුහුලන අපරාධ (දී)
චාමික මමත් ඔයාගේ කතාව හරියටම හරි ඔය කියන කිසිම කෙනෙක් තමන්ගේ ළමයි අඩු වයසෙන් බන්දලා දෙන්නේ නෑ (දී)
මේ ප්‍රශ්නයය දිහා බුද්ධිමත්ව බලන්න. මේ නිලදාරින්ට සිංහලයා නැති කරන්න උවමනා නැහැ. අපි අපේ ළමයි 14න් බැඳලා දෙනවද? මම පත්තරේක දැක්කා, මේ වගේ පළාතක ආච්චිට 29 කියලා. මට පුදුම හිතුනා. මම කැම්පස් අවුට්වෙලා ,බදින්න මනමාලයෙක් හොයනවා- 29දි.(නදී)
මේ කතාව හරිම දුක්බරයි. මේ දරුවන්ට පිහිටවිය යුතුයි.(නදී)
කසුන්ගේ කතාව පිළිගන්න බෑ. ඔස්ට්‍රලියා වල පවුලක අඩුගානේ ළමයි හතරක් වත් ඉන්නවා. ළමයි හය හත ඉන්න පවුල් ඕනෑතරම්. භුමියේ විශාලත්වයෙන් රටක ජනගහනය මන්නින්න බෑ. මොකද ජීවත් විය නොහැකි ප්‍රදේශ කාන්තාර ඕනෑතරම් තියන නිසා. (දී)
ජාතිය බේරගන්න වැඩියෙන් ළමයි හදන එකෙන් වෙන්නේ අන්තිමට ලංකාවත් බංගලාදේශය වගේ වෙන එක. දැනටමත් අපේ රටේ ජන සංගණනය ඉතා ඉහළයි. මම නම් හිතන්නේ ලංකාවේ ආණ්ඩුව පවුලක ළමයින් ගණන දෙකකට සීමා කළ යුතුයි. බොහෝ දෙනෙක් මා සමග එකග නොවෙනු ඇති. නමුත් දියුණු බටහිර රටවල භුමිය විශාල උනත් ඉතා සුළු ජනගහනයන් සිටින්නේ (දී)
ජාතිය බේරගන්න වැඩියෙන් ළමයි හදන එකෙන් වෙන්නේ අන්තිමට ලංකාවත් බංගලාදේශය වගේ වෙන එක. දැනටමත් අපේ රටේ ජන සංගණනය ඉතා ඉහළයි. මම නම් හිතන්නේ ලංකාවේ ආණ්ඩුව පවුලක ළමයින් ගණන දෙකකට සීමා කළ යුතුයි. බොහෝ දෙනෙත් ම සමග එකග නොවෙනු ඇති. නමුත් දියුණු බටහිර රටවල භුමිය විශාල උනත් ඉතා සුළු ජනගහනයන් සිටින්නේ. (දිල්)
උපත් පාලනය කල ජාතීන් අනුව සංඛයා ලේඛන ඉදිරිපත් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද ? (නදී)
චාමික හරි, මේ සමහර අය කතාකරන්නේ මොන බුද්ධියකින්ද? ලංකාවේ 18 වැඩි අයට විවාහ වෙන්න පුලුවන්. මෝඩ විදිහට කතා කරන අය ළමා තාත්තලා වෙන්න ඕනේ. කමල්, ලසිත්, නුවන් මනස හදාගන්න බලන්න.(නදී)
යථාර්තය දැකල නිසි ක්‍රියාමාර්ග ගත්ත රාජ්‍ය සේවකයන්ට පැසසුම් ලැබිය යුතුයි.(නදී)
වැලිකන්ද ගැන මෙහෙමත් බොරු කියන්න එපා සමන්ත. ඔබ සදහන් කරපු වයස් සීමාවන් තව අවුරුදු දෙක තුනකින් වැඩි කරොත් නම් හරි. නගරෙට යන ළමයින් 2.30 එන්නේ නැත්තේ එයාලට අමතර පන්ති තියන නිසයි (දී)
මේ කිරි දරුවන්ට පවුල් ජීවිතයක් ගත කරන්න,දරුවෝ හදන්න තේරෙන්නේ නැහැ. ටික දවසකින් දරුවෝ දාලා හොර හැදුනුම්පත් හදාගෙන රට යනවා. ඒකෙන් වෙන්නේ හැමෝම අනාත වෙන එක. හොඳ සිංහල ජාතියක් හැදෙන්නේ නැහැ.(නදී)
චාමික කුමාරි , මෙහෙම තමයි සිංහල ජාතිය සුලු ජාතියක් වෙන්නේ 2020 දි. ඒ ගැන ගණන් හදපු ලිපි අපි දැක්කා. දැන් මේ පවුල් පාලන උවදුර ආයිම අලුත් කට්ටියක් පටන් අරන්. මේ නිලධාරි කරන්න ඕනේ ආණ්ඩුවට කියල ළමයි ලැබෙන්න ඉන්න අයවලුන්ට පෝෂණ කෑම ලබාදීමයි. ඒ අයට කොළ වර්ග අල බතල කොස් වගේ ඒවා වවලා මන්ද පෝෂණය නැතිකරගන්න හැටි පුහුණුවක් දෙන්න. ඔය උපත් පාලනේ සිංහල මිනිස්සු විතරයි කරන්නේ. (නදී)
හැම දෙයක් දිහාම ජාතිවාදය හිතේ තියන් බලන්න එපා. මට ඒ දරුවෝ මැවිලා පෙනුනා. ඒ මහත්වරු කරන කැප කිරීමෙන් ඒ දරුවන්ට යහපත් ලෝකයක් දැක,දියුණුවන ලෝකය ගැන අවබෝදයක් ලැබිල ලංකාවාසීන් වශයෙන් ලස්සනට ජිවත් වෙන්න හැකි වේවා! ඒ මහත්ම මහත්මීන්ටත් ඔවුන් ගොඩ නැගීමට සැමගේ ශක්තිය ලැබේවා! (නදී)
කමල්, ලසිත්, නුවන්, බළලා මැටියෙන් වුනත් මීයෝ අල්ලනවා නම් කමක් නැ කියල හිතන එක එක්කෙනාගේ වැරදි ප්‍රචාර වලට අහුවෙන්න එපා. අඩු වයසේ මව්වරුන් බිහි කරන දරු පරපුරක් ලවා අහිමානවත් ජාතියක් පවත්වාගෙන යාහැකියි කියල කෙනෙක් හිතනවා නම් ඒක විහිළුවක්. උපත් සංඛ්‍යාව වැඩි විය යුතු නම් එයට දායක විය යුත්තේ සමාජීය හා මානසිකව පරිණත දෙමව්පියන් මිස නොදරුවන් නොවෙයි. අපි කල යුත්තේ මේ රාජ්‍ය නිලධාරීන්ට වචනයකින් හරි උදව් කරන එක. (නදී)
කසාදය සඳහා ලංකාවේ අවම වයස කීයද ? මේවා අපරාධ.(දිල්)
නිදහස ලබල අවුරුදු 60 ක් වෙද්දී අපේ දේශපාලකයෝ රට ගෙනාපු තත්වය.(නදී)
බාලවයස්කාර විවාහ සිදු වෙන්නේ කොහොමද? ප්‍රාරදේශීය ලේකම් හිනාවෙලා ඉන්නේ එයත් මේවා වෙන්නේ කොහොමද කියලා දන්නවා වගේනේ.(නදී)
අපේ සමහර අය උපත් පාලන ලංකාවට ගෙනත් සිංහල අපේ අම්මලට දෙනවා. අපි බොහොම නුවනින් කටයුතු කරන්න ඕන කාලයක්.(නදී)
කමල් හරි. මේක අපේ ජාතිය වඳ කිරීමේ යටිකූටු ක්‍රමය. වැලිකන්ද විතරක් නෙමෙඉ ලංකාවේ අනිත් ප්‍රදේශ වලත් වෙන්නේ මේකනේ (දී)
සිංහල ජාතිය වද කිරීමේ තවත් එක් ක්‍රමයක් (දී)