හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති සමාව හිමිවීමත් සමග දේශපාලන ක්‍ෂේත‍්‍රයේ ඇතිවිය හැකි නව පෙළගැසීම් හා අලූත් තත්ත්වයන් සම්බන්ධයෙන් මෙන්ම එල්ලවිය හැකි අභියෝග සම්බන්ධයෙන් ඉදිකිරීම් ඉංජිනේරුසේවා නිවාස හා පොදු පහුසකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා සමග කළ කතාබහක් මෙසේ සටහන් කර තබමු. ප‍්‍රශ්නය: සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිව සිටියදී ඔහු ඉහළින් වර්ණනා කළ අය අතර ප‍්‍රමුඛයෙක්වූ ඔබ ඔහු දේශපාලනයට පිවිසි පසු ඔහු විවේචනය කළවුන් අතර ප‍්‍රමුඛයෙක්. කෙසේ වෙතත් අද ඔහුට ජනාධිපති සමාව ලැබී තිබෙනවා. ඒ සමාව සම්බන්ධයෙන් විවිධ අර්ථකථන එළිදකිමින් තිබෙන නමුත් මම ඔබෙන් අහන්නේ ඒ සමාව සම්බන්ධයෙන් ඔබ කියන්නේ කුමක්ද යන්න ගැනයි? පිළිතුර: සරත් ෆොන්සේකා මහත්මයාට එරෙහිව නඩු කිහිපයක් විභාගයට ලක්කෙරුණා. එකක් තමයි ඔහුගේ සුදු කොඩි කතාවට අදාළ නඩුව. අනික තමයි යුද හමුදාවෙන් පලාගිය පුද්ගලයන් ළඟ තබාගෙන සිටීමේ නඩුව. ඊට අමතරව යුද අධිකරණයේ ගියා හමුදාවේ සිටියදී දේශපාලනය කළා කියලා නඩුවක්. හයිකෝප් නඩුව තිබුණා. සමහර නඩු තවම විභාග වෙනවා. සමහර ඒවට තීන්දු දීලා තියෙනවා. ඉතින් මෙතැනදී ජනාධිපතිතුමා කළේ බෞද්ධ ශික්‍ෂණය මත හැඩගැසුණු නායකයෙක් හැටියට අධිකරණයෙන් දීපු දඬුවම එතැනින් එහාට කි‍්‍රයාත්මක වන්න නොදී සිවිල් සමාජයට එන්න ඉඩකඩ හදාදීමයි. ඔබ කවුරුත් දන්නවා. පසුගිය ජනාධිපතිවරණයේදී එතුමා දිනුවා නම් අපි කාටත් මොනවගේ ඉරණමකට ද පත්වන්න සිද්ධ වෙන්නේ කියල. ඒ මොක වුණත් ජනාධිපතිතුමා බොහොම සංවේදීව කල්පනා කරලා නිදහස දීලා තියෙනවා. මං හිතන්නේ ඒක නිවැරැදියි කියලයි. ප‍්‍රශ්නය: ඔහුට ලැබිලා තියෙන්නේ කොන්දේසි සහිත සමාවක් බව තමයි පේන්න තියෙන්නේ. ඔහුට ඡන්දයකට ඉදිරිපත් වෙන්න බෑ. ඒ කියන්නේ ප‍්‍රජා අයිතිය අහිමියි. මේ විදියට අතපය බැඳලා සමාව දීමේ තේරුමක් තියෙනවද? පිළිතුර: එයාගේ අතපය බඳින්න ජනාධිපතිතුමාට ඕනැකමක් තියෙනවානම් පසුගිය ජනාධිපතිවරණය වෙලාවේත් එයාගේ අතපය බඳින්න තිබුණා. ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය එව්වා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා එම ලිපිය බාර නොගෙන හිිටියානම් ඔහුට ජනාධිපතිවරණයට ඉල්ලන්න බෑ. එතකොට එයාගේ අතපය බැඳලා පැත්තකින් තියන ඇහැකින් ඔහු දිහා බලනවා නම් ඒක කරන්න තිබුණේ එදා. නමුත් එහෙම අභියෝගයක් මුකුත් නැති නිසා ඉල්ලා අස්වීම බාර ගත්තා. ඒ නිසා තමයි එයාට ජනාධිපතිවරණයට ඉල්ලන්න පුළුවන් වුණේ. අනික් කාරණය තමයි ෆොන්සේකා සාධකය දේශපාලන අභියෝගයක් නම් ඒක අභියෝගයක් වෙන්නේ එදා මිසක් අද නොවෙයි. එදා තමයි ෆොන්සේකා වටා ලංකාවේ ප‍්‍රධාන දේශපාලන දහරාවන් රැසක් එකට එකතු වුණේ. එක්සත් ජාතික පක්‍ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග‍්‍රසය ආදී දේශපාලන කණ්ඩායම් විශාල ප‍්‍රමාණයක් ඒ වටා පෙළ ගැසී හිටියා. ඒ වගේ වෙලාවකදී තමයි තර්ජනයක් එනවානම් එන්නේ. අද ගත්තොත් ඒ මුකුත් නෑ. ප‍්‍රශ්නය: ඉතින් එහෙමනම් ඇයි අතපය බැඳපු නිදහසක් ඔහුට දුන්නේ? එයට දිය හැකි සාධාරණ පිළිතුරක් ඔබට තියෙනවද? පිළිතුර: ඇත්ත තත්ත්වය මේකයි. මෙතැන ඔබ දන්නවා ඔහුට එරෙහිව නඩු තීන්දු කිහිපයක් තිබුණා. සිවිල් අධිකරණවලින් ආපු නඩු තීරණවලින් දීපු දඬුවම් ජනාධිපතිතුමා බල රහිත කරලා තියෙනවා. හැබැයි යුද්ධාධිකරණයෙන් දීපු තීන්දුවට එතුමා අත තියලා නෑ. මොකද මීට කලින් ජනාධිපති සමාව හිමිවෙලා නෑ කවදාවත් හමුදා අධිකරණයෙන් වරදකරුවකු වෙච්ච කෙනෙකුට. දැන් හැමදාම හමුදා අධිකරණයෙන් ගන්න තීන්දු අස්සන් කරන්න එන්නේ සේනාධිනායක හැටියට ජනාධිපතිතුමාටයි. ඒ කවදාවත් හමුදා අධිකරණයකින් දීපු තීන්දුවකට කිසිම ජනාධිපතිවරයෙක් අස්සන් නොකර නෑ. එහෙම නැත්නම් හමුදා අධිකරණයකින් වරදකරුවකු වෙච්ච කෙනෙකුට ජනාධිපති සමාව හිමිවෙලත් නෑ. මේ අවස්ථාවේදී සරත් ෆොන්සේකාට අදාළව මේක කළොත් ඒ කියන්නේ යුද්ධාධිකරණයෙන් දීපු තීන්දුව ජනාධිපතිතුමා බල රහිත කළොත් ඒක හමුදාවට නරක පූර්වාදර්ශයක් වෙනවා. හමුදාවේ විනය පවත්වාගෙන යන්න බැරිවෙනවා. එතකොට හමුදාවේ ඕනෑම කෙනෙකුට හිතන්න පුළුවන් ඕනෑම වරදක් කරලා ෆොන්සේකා බේරුණා වගේම ජනාධිපති සමාව ගන්න පුළුවන් කියලා. ඒ නිසා ඔය යුද්ධාධිකණයෙන් දීපු තීන්දුව නිසා තමයි ඔහුට අවුරුදු හතකට ඡන්දෙ ඉල්ලන්න බැරිවෙලා තියෙන්නෙ. ප‍්‍රශ්නය: කොහොම වුණත් මේ මොහොතේ සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති සමාව හිමිවීමට ජාත්‍යන්තර බලපෑම් හේතු නොවුණේයැයි ඔබට කියන්න පුළුවන්ද? පිළිතුර: ජාත්‍යන්තරයෙන් එන පීඩන අනුව තීන්දු ගන්නවානම් ෆොන්සේකා නිදහස් කරනවා කියන එක සරලම දෙයක්. ජාත්‍යන්තරයෙන් අද තියෙන ලොකුම පීඩනය කුමක්ද? අද අපට එල්ල කරන ලොකුම පීඩනය තමයි ශ්‍රී ලංකාව ඇතුළේ පරීක්‍ෂණයක් කරලා යුද අපරාධ කරලා තියෙන අයට දඬුවම් කරන්න කියන එක. ජාත්‍යන්තරයෙන් බලපෑමට බය නම් ඒකෙන් ගැලවෙන්න තියෙන එකම මාර්ගය ඒක කිරීමයි. ඇත්ත කතාව කිව්වොත් ජාත්‍යන්තර පීඩනය කියන එක ෆොන්සේකා හිරේ දාපු වෙලාවේ ඉඳලම තිබුණනේ. ඉතින් අවුරුදු දෙකහමාරක් ඒක ගණන් නොගත්තු ජනාධිපතිවරයකුට දැනුත් ගණන් නොගෙන ඉන්න බැරිකමක් නෑනේ. දැන් මේ ඔය කතා හරහා කරන්න හදන්නේ ෆොන්සේකා නිදහස් කිරීමේ ගෞරවය බෙදා හදා ගැනීම සඳහා උත්සාහ ගැනීමයි. ජාත්‍යන්තර බලපෑම් නිසා ෆොන්සේකා නිදහස් කළා කියනවානම් මම නම් ඒක කොහෙත්ම පිළිගන්නේ නෑ. ප‍්‍රශ්නය: මානව හිමිකම් පිළිබඳ බරපතළ චෝදනා නොයෙක් පාර්ශ්ව වෙතින් මේ රජයට එල්ල වුණා. දේශපාලන සිරකරුවන් යනුවෙන් අලූත් වචනයකුත් ඒ සමගම මතු වුණා. සුදු වෑන් හරහා තත්ත්වය තවත් බරපතළ වුණා. මේ සියල්ලටම ක්‍ෂණික පිළිතුරක් වශයෙන් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරලා ” ඕන් අපි ඕවාට නෑ” කියන පණිවිඩය දෙන්න ආණ්ඩුව පියවර ගත්තා යැයි කීවොත්? පිළිතුර: එහෙම කෙනෙකුට ඕන්නම් හිතන්න පුළුවන්. ඕවා විතරක් නොවෙයි. තව එක එක දේවල් පවා හිතන්න පුළුවන්. නමුත් වඩාත් වැදගත් වන්නේ එක එක්කෙනා හිතන දේවල් නොවෙයි. ඇත්තටම වුණේ මොකද්ද කියන එකයි. දැන් ඔබ එක දෙයක් හිතයි. තව කෙනෙක් තව දෙයක් හිතයි. නමුත් ඇත්තටම වුණේ මොකද්ද? ඇත්තටම වුනේ ටිරාන් අලස් මහත්මයා සෑහෙන කාලයක් තිස්සේ ජනාධිපතිතුමා හමුවෙලා සාකච්ඡුා කරලා... කරලා.. කරපු ඉල්ලීම්වලට, ෆොන්සේකා මැතිනියත් හමුවෙලා කරපු ඉල්ලීම්වලට අනුව තමයි මේක කළේ. මොකෝ මේක ගැන කතා කරන්න ජනාධිපතිතුමා ඇමරිකන් කාරයන් හම්බ වුණායැ. ප‍්‍රශ්නය: ඊළඟ ජනාධිපතිවරණයේදී විපක්‍ෂයට තවත් අපේක්‍ෂකයෙක් දාලා දෙකොන් සටන තුන්කොන් සටනක් බවට පත් කරලා ඒ තුළ ආණ්ඩු විරෝධී පිත්ත දෙකඩ බෙදලා ඒ වාසියත් අරගෙන ජනාධිපති තරගයෙන් ජයගන්න සැලසුමක් ෆොන්සේකා නිදහස් කිරීම හරහා නැතැයි ඔබ හිතනවද? මම මේ ඔබෙන් ප‍්‍රශ්න කරන්නේ ඔබ කියපු පවිත‍්‍ර අරමුණ යට සැඟව ඇතැයි හිතෙන දේශපාලන අරමුණු ගැනයි? පිළිතුර: ඒක වෙන්න පුළුවන්. ජනාධිපතිතුමා කියන්නෙත් දේශපාලනඥයෙක්නේ. ඕනෑම දේශපාලනඥයෙක් ඕනෑම තීරණයක් ගනිද්දී ඒකේ බලපෑම කොතෙක්ද කියලා සලකා බලනවා. මම දන්නෑ... සමහර විට ජනාධිපතිතුමාට හිතෙන්න ඇති දේශපාලනිකව මේ දිහා බැලූවාම ෆොන්සේකා මහත්මයා ජනාධිපතිවරණයට ආවොත් මට වාසියක් කියලා. අනික් පැත්තෙන් ඔය ඔබ මතු කරන තර්කයට අනුව බැලූවත් ෆොන්සේකා මහත්මයා ජනාධිපතිවරණයට ඉල්ලනවානම් නේ ජනාධිපතිතුමා කැමති. එතකොට විරුද්ධ පක්‍ෂයේ ඡුන්දෙනේ දෙකට බෙදෙන්නේ. තුනට බෙදෙන්නේ. ජවිපෙටත් කොටහක් යනවනේ. පෙරටුගාමීන්ටත් බෙදුනාම හතරට බෙදෙනවානේ. ඒ්කේ වාසිය තියෙන්නේ ජනාධිපතිතුමාටනේ. ඒකෙන්ම පේනවානේ ඡුන්ද ඉල්ලන අයිතිය නැති කරන්න ජනාධිපතිතුමාට අවශ්‍ය නෑ කියලා. ඒ නිසා පැහැදිලියි. මේ නිදහස් වීමෙන් අර්බුදයට යන්නේ විරුද්ධ පක්‍ෂය කියලා ජනාධිපතිතුමාට හිතෙන්න ඇති. ඇත්තටම දැන් ඒක වෙලානේ. දැන් මම හිතන්නෙ නම් තව ටික දවසක් යනකොට ෆොන්සේකා වටා ඉන්න කණ්ඩායම් ටික ටික ගිලිහිලා යන්න පටන් ගනීවි. අවසානයේදි එතුමා තල්ලූවෙන්නෙ කොතැනටද කියලා කවුරුවත් දන්නවනේ. අද එතුමා එළියට ඇවිත් කරන්නෙත් එදා ජනාධිපතිවරණයේදී කරපු දේශපාලන පාපකර්මයම තමයි. මෙතුමා නිදහස් කරනකොට හුඟාක් සතුටට පත් වුණ කෙනෙක් මම. හැබැයි... එළියට ඇවිත් එතුමා කිව්වේ මොකද්ද? යුද අපරාධ චෝදනා ගැන අන්තර්ජාතික පරීක්‍ෂණයකට රජය සහාය දිය යුතුයි කියලයි. ප‍්‍රශ්නය: ඉතින් ඒ ප‍්‍රකාශයේ ඇති වැරැුද්ද මොකද්ද? අන්තර් ජාතික පරීක්‍ෂණයකට ඉඩදීම මගින් චෝදනාවලින් නිදහස් වෙන්න පුළුවන් කියලා ඔබ හිතන්නේ නැද්ද? පිළිතුර: නෑ. ෆොන්සේකාගේ ප‍්‍රකාශය එයට වඩා සාහසිකයි. බරපතළයි. ඇමෙරිකා එක්සත් ජනපදයට සරත් ෆොන්සේකාගෙන් කියවාගන්න ඕනෑ කරලා තියෙන්නේ ඔය වගේ කතා තමයි. මේක ලෝකයට යන්නේ කොහොමද? යුද සමයේ හිටපු යුද හමුදාපතිවරයා කියනවා ”රජය බය විය යුතු නෑ. අන්තර් ජාතික පරීක්‍ෂණයකට ඉඩ දිය යුතුයි” කියලා. ඒ අතරම ඔහු ඔහුගේ ප‍්‍රකාශයේදී කියනවා ඊට සහාය නොදෙන්නේ මොනවාහරි වරදකාරී හැඟිමක් තියෙන අය කියලා. ඉතින් ඒකෙන්ම පැහැදිලියි. ඔහුගේ භූමිකාව මොකද්ද කියලා. ඔහුව ජනාධිපතිවරණයට ගෙනාවේ කවුද? ඒ හරහා කියවගත්තේ මොනවගේ දේවල්ද? සුදුකොඩි කතාව කියවා ගත්තා. යුද්ධයේ අවසන් සමයේ යුද බිමේ හිටපු සියලූ නිලධාරීන්ගේ නාම ලේඛනය ඇමෙරිකානු තානාපති කාර්යාලයට ලැබිලා තියෙනවා. ඒවා දෙන්න පුළුවන් කාටද? කා ළඟද ඒවා තිබුණේ. එතකොට දැන් එළියට ඇවිත් කියන්නෙත් යුද අපරාධ ගැන පරීක්‍ෂණයකට සහාය දෙන්න කියලයි. ඒ වගේම ”මට නම් පෙනී ඉන්නවා.. යුද අපරාධ වුණේ නෑ” කියලත් එතුමා කියනවා. හැබැයි.... මොකද්ද වෙන්නේ? ජාත්‍යන්තර ප‍්‍රජාව යුද අපරාධ චෝදනා ගැන කියන්නේ යුද්ධයේ අන්තිම දවස් කීපය ඉලක්ක කරගෙනයි. ඒ දින කිහිපයේ ෆොන්සේකා මහත්මයා ලංකාවේ නෑ. හිටියේ චීනයේ. එතකොට එයාට තියෙන්නේ අන්තර් ජාතික පරීක්‍ෂණයට ගිහින් කියන්න ”ස්වාමීනි ඒ දවස්ටිකේ මම හිටියේ චීනයේ” කියලා. එතකොට ඔහු ඉබේම නිදහස්. චෝදනාව එන්නේ සේනාධිනායකයාට, ආරක්‍ෂක ලේකම්තුමාට හා සෙසු හමුදා ප‍්‍රධානීන්ට. ඉතින් ඒ නිසා ඒක ඔහු හොඳටම දන්න නිසා මෙහෙම කියනවා. ඉතින් හරි පැහැදිලියි. ඇමෙරිකාවටත් අවශ්‍යයි අපේ රණවිරුවන් අන්තර් ජාතික යුද අපරාධ දංගෙඩියට අරගෙන යන්න. දැන් ෆොන්සේකා මහත්මයා ඒකට බෝලය උස්සලා දෙනවා. එළියට ඇවිත් දවසෙන් දෙකෙන් කොන්ත‍්‍රාත්තුව පටන් අරගෙන තියෙනවා. ඔහුගේ නිදහස්වීම ගැන සතුටු වෙච්ච මිනිස්සු අද තුෂ්ණිම්භුත වෙලා බලාගෙන ඉන්නවා මොකද්ද මේ වෙන්නේ කියලා. ඒ නිසා ෆොන්සේකා මහත්මයාගෙන් අපි එක දෙයයි ඉල්ලන්නේ. ආණ්ඩුවත් එක්ක තියෙන ඕනෑම වෛරයක් පිරිමහ ගන්න. එහෙත් අන්තර්ජාතික පරීක්‍ෂණයකට උඩගෙඩි දීලා යුද්ධයේ අන්තිම දින කීපයේ වුණා කියල කියන බොරු චෝදනාවලට වග උත්තරකරුවන් බවට මේ රටේ රණවිරුවන්, සේනාධිනායකයා පත්කරන්න හදන වැඬේනම් කරුණාකරලා නවත්වන්න.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ෆොන්සේකා මහතා නිදහස් වීමෙන් අරබුදයකට යන්නේ විපක්ෂයයි
ඉන්දික Wednesday, 06 June 2012 06:11 PM
දැන් ඔය ජාත්‍යන්තර කතා දාලා ජනතාව රවට්ටන්න බෑ
සුසිල් Sunday, 03 June 2012 12:51 PM
ඔය කට පණ තිබුන කටක් තමා පංචායුදය බැඳගන්න කලින්. ඒත්.... දැන් ඒක.......
ප්‍රියන්ත ලියනගේ Monday, 04 June 2012 09:04 PM
ඒ.් දැන් සහ හෙට ඒ සේරම ඇත්ත
අචිනි Saturday, 09 June 2012 11:38 AM
අපේ රටේ ඉන්න උගත්ම,බුද්ධිමත්ම සහ කිසිම හොරකමක් නොකරන උතුම්ම ඇමති මෙතුමායි.