‘’සියුම් ඉඳුරන් ඇතුව සිටියෙන්, මම මගේ ජීවිතය නැති නාස්ති කර ගත්තෙමි.’’යි කවියකුට තමන් ගැනම කියන්නට සිදුවේ නම් එය කවරාකාර ජීවිතයක් විය හැකි ද? ප්‍රංශ සාහිත්‍යයේ බරපතළම කවියකු ලෙස සැලකෙන ආචූ රම්බෝගේ කෙටිකාලීන කාව්‍යක්කාර සමයත් ඔහුගේ සමස්ත ජීවිතයත් වූ කලි කියවා -අසා දැන -ගවේශනය කර අවසන් කළ නොහැකි උභතෝකෝටිකයකි. ඒ සියල්ල එසේ තිබියදී වුව සමස්ත ලෝකයට උරුම කර ගිය රමණීය ගද්‍ය-පද්‍ය කාව්‍යාවලිය පරම්පරාවෙන් පරම්පරාවට නැවත නැවත කියැවෙමින් පරම්පරා හරහා ද, දේශ දේශාන්තර හරහා ද, සෞන්දර්ය ධාරාවක් සේ ගලා යන සජීවී සාහිත්‍යයික වස්තුවකි.
සංකේත බාහුල්‍යය මෙන්ම රූපක බාහුල්‍යය ඔහුගේ කෙටි කවි සැරියේ වන සකලවිධ රචනා මතුකෙරෙන සියලුම කාව්‍යය ගුණාංග අතරින් වෙන් කර පාදා ගත හැකි ප්‍රධානම භාවයන් ද්විත්වය ලෙස ‘ලාලසාමය නව යෞවනය’ සහ ‘චණ්ඩභාවය’ ප්‍රකට කෙරෙයි. අද තව වන තුරු පරම්පරා ගණනාවක් තිස්සේ සහෘදයන් ඔහුගේ කාව්‍ය පඨිතයන්ට ආසක්ත බරපතළම ගුණයන් වන්නේ මෙම සංකේතවාදී,එමෙන් ම රූපක ගහන අපූර්වතර කාව්‍ය විශ්වය ය; ඔහුට ම අතිශය අනන්‍ය කාව්‍ය තාක්ෂණයයි.
රම්බෝගේ කාව්‍ය වනාහි ඔහුගේ චිත්තාකර්ෂණීය වූත්, ළයාන්විත වූත්, ශෝභමාන වසඟකාරී ජීවිතයේ පරාවර්ථනයකි; ප්‍රකාශනය; පරිකල්පනයකි; ප්‍රතිනිර්මාණයකි. තවත් පසෙකින් ඔහුගේ කවිය වූ කලි තමන්ගේ ම වූ අභ්‍යන්තර ලෝකයක් විනිවිද යාමටත්, එයා විදාරණය කිරීමටත් නිර්භිතව පෙරට පැමිණි ගැටවරයකුගේ වීර චාරිකාවකි; එමෙන් ම එය සෛද්ධාන්තික අභ්‍යාසයක නියැලුණු කාව්‍යකාරයකුගේ කාව්‍යමය පරිචය සනිටුහන් කරන්නකි.
ආචූ රම්බෝ වනාහී නිසැකව ම, ප්‍රතිභාව පෙරටු කොට ගත් නිසඟ කවියෙකි. ඔහු ජාති කවියෙකි; කොටින් ම ඔහු ‘ජාත-කවියෙකි.
එසේ වන්නේ වුව ඔහු පුබ්බර තරුණයෙකි. අද්දැකීම් විසින් ජීවිත පරිඥානය පාදා දීමට පෙර ම කලාත්මක කාව්‍යමය ජීවිතය අත්හැර දැමුයෙන් ඇතැම් කාව්‍ය විචාරකයන් විසින් අපරිසමාප්ත කවියෙකි ලෙස හදුන්වනු ලබන අන්වර්ථ නාම රැසක හිමිකරුවකු වූ රම්බෝ විටෙක ‘’උදහස්කාමී ළමයා’’ ය. යළි ‘‘ශාපලත් තරුණයා’’ය. තවත් තැනක ඔහු ‘අපාගත වල්ලභයා’ ය. කවර නාමකරණයක් මධ්‍යයේ වුව 19වැනි සියවසේ නූතනවාදී ලේඛනයේ ශ්‍රේෂ්ඨතම ගැටවරයා ලෙස ඔහු හැඳන්වීම, කවර වරදක් ද? ආචූ රම්බෝ වනාහී එදාමෙදාතුර බිහිවූ ප්‍රතිභාසම්පන්නම, වැදගත්ම, බලවත්ම කවියකු බව කීම යනු ඔහු අධිනිෂ්චය වීමක්ද?
ගිනිකොන දිග ප්‍රංශයේ ආදෙන් පළාතේ ෂාල්විල් නම් කුඩා නගරයේ 1854 ඔක්තෝබර් 20 ඉපදුණු ෂොන්-නිකොලා-ආචූ රම්බෝගේ තාත්තා වූයේ ප්‍රංශ හමුදාවේ පාබල සේනාංක කපිතාන්වරයකු වූ ෆ්‍රෙදෙරික් රම්බෝ ය. අම්මා ආදෙන් පළාතේ කෘෂිකාර්මික පවුලක විතලි කුයිෆ් ය. තාත්තා කුටුම්භයෙන් අභිනික්මන් කළ පසු ආචූ රම්බෝ ඇතුළු දරුවන් හතර දෙනකුගේ සකල වගකීම් තනි අතට ගත්තී අම්මා, දැඩි කතෝලික හික්මීමක් සහිත ආඥාදායක ගති පැවතුම් ඇති ස්ත්‍රියක වූවා ය. වැන්දඹු රම්බෝ’ ලෙසින් ප්‍රදේශවාසීන් අතර ප්‍රකටව සිටි ඇය, දරුවන් දැඩි විනයකට යටත් කළ අතර, අධ්‍යාපන කටයුතු මුල් තැන්හි තැබුවා ය.
ඉගෙනීම පරම ආරම්මණය කරගත් රම්බෝ පාසල තුළ වූ සියල්ලන් අතරින් කැපී පෙනෙන ශිෂ්‍යයකු වූයේ ඔහුගේ නොසංසිඳුණු හැදෑරීම් පිපාසාව නිසා ය. මෙකල, පාසලේ ගුරුවර පුරප්පාඩුවක් ඇතිවිය. එය පුරවනු පිණිස, වාග්වේදය, සාහිත්‍යවේදය මෙන්ම සෞන්දර්යවේදය උගන්නන්ටට පැරිසියේ සිට ආයේ කාව්‍යකරණයේ නියුතු කවියකු වූ ජෝජ් ඉසම්බා ය. රම්බෝගේ කෞෂල්‍යය දුටුයෙන් නොබෝ දිනකින්ම, ගුරුවරයාගේ ප්‍රියයතම ශිෂ්‍යා වූයේ රම්බෝ ය. ගුරුවරයා විසින් ශිෂ්‍යයා සතුටට පත් කෙරෙමින් ඔහුගේ පෞද්ගලික පුස්තකාලය පරිහරණයට අවසර දුන්නේ ය. නමුත් ‘වැන්දඹු රම්බෝ’ හෙවත් ගැටවර කවියාගේ අම්මා ඊට අවසර දුන්නේ නැත. මන්දයත් එහි වන පොත් තමන්ගේ පුත්‍රයා දූෂ්‍ය කරනු ඇතැයි ඇය සිතුව බැවිනි. ඇය කොහොමත් ස්වමාසක්ත ස්ත්‍රියකි. රම්බෝ පුස්තකාලයට ගියේ අම්මාට හොරෙන් ය. අධ්‍යාපනයෙහි ඇලීම සහ ගැලීම ගැටවරයාට නියතයකි. තර්ක විතරක් නැත. ඇගේ අණසක පමණක් ම විය. තනි මවක් වූයෙන් සහ ගෙවිලියක් වීම නිසා දරුවන්ට ගොඩ යාමට ඇති එකම මඟ ඉගෙනීම බව ඇය සිතන්නට ඇත.
සියලු දරුවන් අතුරින් ආචූර් වෙත ඇගේ ඇල්ම වැඩි වූයේ දරුවා කෙරෙහි පාසල් බලධාරීන් තුළ තිබුණු ගෞරවය, ය අම්මා තුළ ද ආඩම්බරය ඇති කළ නිසාවෙනි. කොල්ලා සකල විෂයන්හි පෙළහරපාන්නකු විය. ගුරුවරු විස්මයට පත් කළ කොල්ලෙකි.
විශේෂයෙන්ම සාහිත්‍යය විෂයෙහි අග්‍ර ශිෂ්‍යයකු විය.
ඔහු, තමන්ට පෙරකල විසූ කවියන් ලියූ සියලු කාව්‍ය මෙන්ම කෘතීන් කියවා හමාර කළ අතර සමකාලීන ලේඛයන් ද කියවා ඒ සියල්ලන් ගැන වෙන වෙනම අවබෝධය ලබා ගත්තේය. 1870 දි ඔහු ලතින් පද්‍යය - පළමු ස්ථානය දිනා ගත්තේ ය. ඉක්බිති දිනූ තවත් භාෂා සහ සාහිත තෑගි රැසකි.
ප්‍රංශ පෲසියානු යුද සමයේ සියල්ල ව්‍යාකූලත්වයට පත්වුණු අතර රම්බෝගේ සමීපතම ගුරුවරයා වූ ඉසම්බා ප්‍රංශයේ ‘දූආයි’ ප්‍රදේශයට සංක්‍රමණය වූයේ තමන්ගේ පෞද්ගලික පුස්තකාලයේ පරිහරණය රම්බෝට පවරමිනි. ගුරුවරයාගේ සමීපයේ නොවීමෙන් ආචූ වඩා ඒකාකාරී ජීවිතයකට ප්‍රවිශ්ටව සිටියෙන් ඔහු නගරයේ නිරර්ථකභාවයෙන් පීඩා විදින්නට වූයේය.
‘’ආසන්නයේ වන සියලු කුඩා නගර අතරින් තමන්ගේ නගරය මුග්ධයන්ගෙන් පිරුණු නගරය බව’ ඔහු ගුරුවරයාට ලියා යැව්වේ ය. ගැටවර රම්බෝගේ සිහිනය වූයේ සංස්කෘතික නගරය ලෙස ස්ථාපිත වූ පැරීසියේ බින්න බැසීමයි.
පාසලේ දිදුළ ශිෂ්‍යයෙකු වූ රම්බෝගේ විඩාප්‍රාප්ති නොවූ, නිදිවර්ජිත අඛණ්ඩ හැදෑරිම් නිසා පැරීසි ගමන ඉක්මන් විය. විටින් විට පැරීසියට පලා ගිය රම්බෝට පළමු වතාවේ ද, කෝච්චියේ හොරෙන් යාම නිසා බලු කූඩුවේ ලගින්නට සිදුවිය. ඔහු එළියට දැම්මේ ගුරුවරයාගේ මැදිහත්වීම නිසා ය. තමන් දැන හඳුනාගත් හිත මිත්‍රාදීන් වෙත තමන් ලියන කවි යැවීම පුරුද්දක් කර ගත් රම්බෝ, ගුරුවයාගේ මඟපෙන්වීම මත ප්‍රකට සංකේතවාදියකු වූ පොල් වෙර්ලෙන්ට ද (Paul Verlaine) කවි කිහිපයක් තැපැල් කළේ ය.
වැර්ලෙන් විස්මය ගන්වන්නට ගැටවරයාගේ කාව්‍ය ශක්තියට පුළුවන් විය. පැරිසියට ඒමට නිල වශයෙන් කැඳවීමක් ලැබුණේ එහෙම ය. රම්බෝ වෙර්ලෙන් බැහැ දකින්නට එන්නේ හිස් අතින් නොවේ.
ඔහුගේ දීර්ඝ ම ඒකල කාව්‍යයක් වන ‘බේබදු බැතෝව’ නම් අරුත් ගෙනෙන ‘ලු බැතෝ ඊව්‍ර’ (Le bateau ivre) සමඟින් ය.
‘ප්‍රඥාවේ දොරගුළු විවර කෙරෙන යතුර හිමිවන්නේ දිව්‍යමය ප්‍රේමය හරහා පමණකි.’’ රම්බෝ ලිවී ය. රම්බෝ, පොල් වෙර්ලේන්ගේ ආතුරසහගත ප්‍රේමයේ පංගුකාරයා වන්නේ එහෙම ය. එය සැබැවින්ම කලකෝලහල ගහන කාව්‍ය පෙම් පළහිලව්වකි. දෙදෙනාගේ මත් දියරපේමී - මත් ධූමකාමී විකාරරූපී ප්‍රේම සෙයියාවන් එකල පැවති සාහිත්‍යය කවයන්හි පවා ගර්හාවට පාත්‍රවන්නට විය. මෙම මරු විකාර ප්‍රේමය අවසන් වූයේ වෙර්ලෙන්ගෙන් පිස්තෝලෙන් උණ්ඩ දෙකක් තරුණ සහකරුවාටගේ අත හරහා ගමන් කිරීමෙනි.
වෙඩිකෑමෙන් ඉක්බිති ‘අපාගත ඉර්තුවක්’ යන අරුත් දෙන ‘උන්න සෙයිසොං ඔන් ඔන්ෆේ (Une saison en enfer) බඳු කාව්‍යාවලි සම්ප්‍රදානයක් කළ අතිශය තරුණ රම්බෝ වසර පහක් බඳු අතිශය සජීවී, අතිශය සකර්මණ්‍ය කෙටිකාලීන කාව්‍යමය ජීවිතය අවසන් කර දැමුවේ ය.
ඉක්බිත්තේ උදාවුණු ජීවන සමය ‘සාහිත්‍යයිකව’ නොහොත් කාව්‍යයිකව ගත් කළ ‘සද්දෙ වසා’ තැබුණු සමයකි. පාද යාත්‍රාවෙන් ම ‘ඇල්ප්ස් කඳු හරහා දේශ සීමා තරණය කළ රම්බෝ පළමුව, කුලී භටයකු ලෙස ලන්දේසි යටත්විජිත හමුදාවට බැඳුණේය. සුපුරුදු පරිදිම එයින් පලා ගිය හිටපු කවියා, යළි සිය රට පැමිණි අතර පසුව ජර්මනියේ, හැම්බර්ග් නුවර සර්කර්ස් කණ්ඩායමක අයකැමියකු ලෙසත්, එතනින් සයිප්‍රසයට පිවිසී. එහි ගොඩැනැඟිලි ඉදිකිරීම් සමාගමක, කම්කරුවන් බාර ෆෝමන්වරයකු ලෙසත් වැඩ කළේය.සයිප්‍රසයේදී, කායිකව අබල දුබලව ගිය, අසනීප පීඩාවන්ගෙන් හික්මුණ පරිපීඩිත රම්බෝ නම් තරුණයා යළි කායික ජවය පතා සිය රට පැමිණ, ප්‍රතිකාර අතරතුර සිතන්නට වූයේ ජීවිතයේ මීළඟ වීර චාරිකාව වූ අප්‍රිකානු මහපොළොවට පිවිසෙන අන්තදමයි. සිතුවා සේම ඔහු ඒඩ්න් වෙත පිවිස කෝපි කරුමාන්තයට සමීපව කරක් ගසන්නට වූයේය. කෙමෙන් අප්‍රිකානු මහද්වීපයට සමීප වෙමින් සිටි රම්බෝ කෝපිකරණය හරහා ඉතියෝපියාවට සංක්‍රමණය විය. මෙකල ඔහු කළ ජීවිත ගවේශනය සහ අද්දැකීම පසුකාලීනව ප්‍රංශ භූගෝල විද්‍යා ජාතික සංගමය හරහා ප්‍රකාශයට පත්විය.
රම්බෝ නම් ප්‍රංශ සුද්දාගේ භාෂා ඥානය මෙන්ම ඔහු ඉතියෝපියානුවන් සමඟ සමඟ පවත්වාගෙන ගිය හිතෛෂී සුහද මිත්‍රශීලී ගනුදෙනු ව නිසා ඔහු ජනප්‍රිය චරිතයක්ව සිටියේ ය. රම්බෝගේ ප්‍රගතිය දුටු ඔහු සේවය කළ සමාගමේ ප්‍රධානීන් විසින් ඓතිහාසික ඔහු හරාර් නුවර දක්වා යන තවලමක ප්‍රධානියා කොට පත් කෙරිණ. ඒ ගමන සැබැවින්ම ඔහු තුළ සිහිනයක්ව පැවතණු ගමනකි.
රම්බෝ ජීවත්ව සිටි සමයේ හරාර් වනාහි මක්කමට, මදීනාවට, ජෙරුසලම පසුව ඉස්ලාම් බැතිමතුන්ගේ ශුද්ධවර නගර අනුපිළිවෙලේ සිව්වැනි ශුද්ධවූ නගරයයි. ගනුදෙනු පිණිස ප්‍රකටව තිබෙනා අතර ම, සූෆී ඉගැන්නුම් වරනැඟුණු අධ්‍යාත්මික කේන්ද්‍රස්ථානය වූයේ ද හරාරයයි.
රම්බෝ අද හරාර් හි ප්‍රකට ය. ඔහු පිළිබඳ බොහෝ පුරාවෘත්ත ද නිමැවී තිබේ. ඔහුගේ ජීවිතය පාදක කර ගනිමින් හජී ජබීර් විසින් ප්‍රබන්ධගත කෙරුණු ‘ඇබිසීනියානු රම්බෝ’ (The Abyssinian Rimbaud) හරහා ඔහුගේ ජීවිතයේ වෙනත් මානයක් මතුකරලන්නට නවකතාකරුවා උත්සුක වෙයි.
ආචූ රම්බෝ පොදුවේ ව්‍යාපාරික කටයුතු වලදී අරාබි බස චතුරව කතා කළ බවත්, තමන්ගේ සේවකයා සමඟ හරාරි බසින් කතා කළ බවත්, තවත් ප්‍රාදේශිය භාෂා ඔහු දැන සිටි බවටත් කියැවුණු පුරාවෘත්ත අද වන විට ඇත්තක් ලෙස පිළිගැනේ.
යුනෙස්කෝ සංරක්ෂිත හරාර් නගරයේ ඔහු නිවැසී යැයි සැලකෙන ගොඩනැඟිල්ල අද යෞවන සංචාරක ඇල්ම සහිත වපසරියකි. ‘’ඔහුට නියත වශයෙන්ම උපශමනය අත් විඳන්න ඇති. අභ්‍යන්තර ශාන්තිය අත්පත් වෙන්න ඇති.’’ ඔහු ගැන දන්නා කිසිවකුත් නැතත් නගරවාසී අලුත් පරපුර රම්බෝ ගැන සිතන්නේ එහෙම ය.
ක්‍රමයෙන් ඉතියොපියානු රාජධානියේ එම්ප්‍රදෝරු රජ වූ දෙවැනි මෙනිලෙක්ට සමීප වූ ආචූ රම්බෝ නම් වූ තරුණ කවියා ආයුද වෙළෙන්දකු බවට රූපාන්තරණය වෙමින් සිටියේ ය. ඒ වනාහී සරුවට සල්ලි ගලා ආ කරුමාන්තයක් වන්නට ඇත. නමුත් කවියකු ආයුධ වෙළෙන්දකු බවට පත් වී ම කලා සංස්කෘතික සමාජය සලකන්නේ නරුමභාවයේ ප්‍රකාශනයක් ලෙසට ය. නමුත් මෙකී භෘවිතය ගැඹුරින් විශ්ලේෂණය කළ ඇතැම් ඉතිහාසඥයන්ගේ මතය වන්නේ දෙවැනි මෙනිලෙක්ට ආයුධ සම්පාදනය කර දීම වූ කලි රම්බෝ විසින් නූතන අප්‍රිකානු ඉතිහාසයට සිදුකළ විශිෂ්ටතම සම්ප්‍රදානය බවයි. ඉතාලිය විසින් සිදුකරන්නට කැස කැවුණු ඉතියෝපියානු ආක්‍රමණයට ශක්තිමත්ව මුහුණ දෙන්නට හැකිවූයේ මෙම සන්නද්ධභාවය නිසාය යන තර්කය මේ අනුව මතුකෙරෙයි.
ජීවිතයේ අප්‍රිකානු සමය සන්නද්ධ සමයේ ගෙදර ඇත්තන් සමඟ ලිපි ගනුදෙනු කරමින් රම්බෝ කියා සිටියේ තමන් කෙරෙහි පවතින ශාරීරික මෙන්ම මානසික පීඩාවන් ගැන ය. ඔහුගේ එකම පරමාර්ථය වූයේ සල්ලි මලු ටිකක් පොදි බැඳගෙන යළි සිය රට පැමිණ ඉසිඹුසහගත දිවියකට අවතීර්ණ වීම ය.
රම්බෝගේ ස්වයං පිටුවහල් සමයේ දී ඔහු කෙමෙන් සිය රටතුළ ප්‍රකට කවියකු බවට පත් වෙමින් උන්නේ ය. සන්නිවේදනය මෙතරම් දියුණු නොවුණු සමයක් වූ බැවින් ඇතැම් විට ඔහු එය නොදැන සිටියා වන්නට ද පිළිවන. පොල් වැර්ලෙන් විසින් සමකාලීන කවියන් පිළිබඳව ලියැවුණු රචනා සංගෘහිත ‘ලෙ පොයෙත් මොදි’ (Les Poètes maudits) එක වෙලුමක ඔහු සිය ප්‍රේම හිතෛෂියා වූ රම්බෝ ගැන රචනාවක් ඇතුළත් කළ අතර රම්බෝගේ කාව්‍ය නිර්මාණ කිහිපයක්ද ඊට එකතු කළේ ය. රම්බෝ විසින් ලියැවුණු බොහෝ කවි ඇතැම් විට සියල්ලම පාහේ වැර්ලේන් සන්තකයේ තිබිණ. තමන්ට වධ දුන් කරදරකාරී වල්ලභයකු වූ තරුණ කවියා සදහටම අතුරුදන් කිරීමට වැර්ලෙන්ට ඉතා පහසුවෙන් කළ හැකිව තිබූ දෙයකි. නමුත් රම්බෝ නම් ආශ්චර්යමත් කවියා ඉතිහාසය තුළ ඔහුට හිමි ස්ථානය අත්පත් විය යුතු බව විශ්වාස කළ සංකේතවාදී වැර්ලෙන් රම්බෝගේ ගද්‍ය කාව්‍යාවලිය ‘ඉලුමිනස්ස්‍යෙං’ (Illuminations) මැයෙන් සංගෘහිත කරන ලද අතර පද්‍ය කාව්‍ය විටින් විට එකල ප්‍රකාශයට පත් වූ සංකේතවාදී කවියට ආලෝකයක් වූ ‘ල වොග්’ ( La Vogue) වාර සඟරාව හරහා ප්‍රංශ සහෘද සමාජයට මුදාහරින ලදි. වාර සඟරාවේ සඳහන් වන පරිදි රම්බෝ යනු ජීවතයෙන් නික්ම ගිය කවියකි.එහෙත් අවසානයේ රම්බෝට තමන්ගේ කවි ප්‍රචලිත වෙමින් පවතින බව දැනගන්නට ලැබිණ. ඒ තමන්ගේ පාසල් මිත්‍රයකු වූ පොල් බූද් (Paul Bourde) එවු ලියමනකිනි. මිත්‍රයා සඳහන් කළේ රම්බෝගේ නම පෙරටුගාමී කවින් අතර බුහුමන් ලබමින් පවත්නා බවකි. මේ අතර රම්බෝ ඉතියෝපියාව තුළ සැලකිය යුතු තරමේ ධනයක් රැස්කරගෙන සිටි නමුත් 1981දී දණහිසේ හටගත් තඩිස්සිවීමක් මත යළි ප්‍රංශය බලා එන්නට සිදුවිය. ඒ ගමන අවසන් වූයේ මාසේයි හි (Marseille) කෙරුණු සැත්කමකින් දකුණු කකුල කපා ඉවත් කරලූ වේදනාව සමඟිනි. නමුත් වේදනාව යටපත් නොවුණු අතර අවසන් රෝග විනිශ්චය වූයේ රම්බෝට ඇත්තේ පිළිකාවක් බව යි. එ් සොයාගැනීම 37 හැවිරිදි වියේ සිටි රම්බෝ නම් අපූර්ව වූත් අසාමාන්‍ය වූත් සදාතනික ගැටවර කවියාගේ වීර චාරිකාවේ අවසානය බවට පත් විය.
අනවධානී ඔලමොට්ටලකම් හා ලෝකාපවාද මෙන් ම, අහේතුකව කාව්‍යකරණයෙන් බිදී යෑම ඔස්සේ සිදුකළ තෘෂ්ණාධික ධන ලුහුබැඳීම් ඇතුළු ගර්හිත පාදඩ ජිවිතයක් ගෙවා දැමී යයි කීවද, මේ කවර පසුබිමක් යටතේ වුව රම්බෝ සතුවූ ඩයිනෝසියානු ජව සම්පත්තිය නිසා ඔහු කෙරෙන් මතුව ආ නිර්මාණ නූතවාදී ප්‍රංශ කාව්‍යයේ පූරෝගාමී පීතෘවරයකුගේ තත්වයකට ඔහු ඔසවා තබා ඇත.
ඔහුට කාව්‍ය ඉතිහාසය තුළ ලබා දී ඇති තැන සැබැවින්ම ඔහුගේ කාව්‍ය භාවිතය නිවැරදිව තක්සේරු කිරීම මත පදනම්ව සිදුවී ඇත්තක්ද නො එසේ නම් ඔහුගේ විස්මකුරු ජීවන චර්යාව මත විමෝහනය විමක් ද යන්න තවමත් නො නිමි අඛණ්ඩ සංවාදයකි.
ෆ්‍රන්ස විප්ලව සමයේ ගිලටීනගත කොට මරා දැමුණු ඔන්ද්‍රෙ ෂෙනියේ (André Chénier) යනු, කොටින්ම, අද දක්වා ෆ්‍රන්ස කාව්‍ය ඉතිහාසයේ අතිශය අනන්‍ය, විශිෂ්ට මෙන්ම අද්විතී
අටසිය පනස් හත ෆ්‍රන්ස සාහිත්‍යයට මෙන් ම ලෝක සාහිත්‍යයට අතිශය වැදගත් වසරක් වන හේතු දෙකක් ඇත. පළමුවැන්න තාත්විකවාදී සාහිත්‍යයේ මහා පරාවර්ථනය වූ ‘මදාම්
‘’මට අනුව, ගරු කටයුතු සත්තාවන් තුනයි පවතින්නෙ. ඒ් තමයි පූජකයා. හේවායා සහ කවියා. ඒ් මොකටද? හඟින්න, මරන්න සහ මවන්න.’’
වික්තෝරිඋගෝගේ කාව්‍යම පෞරුෂය ගැන මා ලියූ රචනාව කියවූ බොහෝ දෙනකු මෙම මහා කවියගේ කවියක් සිංහලෙන් කියැවීමේ වුවමනාව පළ කළ බැවින් ඔහුගේ වඩාලාත් ප්‍රකට ම ක
වික්තොර් ඉඋගෝ නොහොත් ඉංග්‍රීසි උච්ඡාරණයට අනුව වික්ටර් හියුගෝ ලෙසින් නම් කරන ලද මහා ෆ්‍රන්ස පෞරුෂය සිංහලෙන් සාහිත්‍ය කලාව රසවිඳින ශ්‍රී ලාංකික හදවත්
’’හදවත් වලින් ආදරය කරන්නට කලියෙන් ම දෙදෙනෙක් ආදරයෙන් බැඳෙන විදිහක් තියෙනවා. ඒ් තමයි පරිකල්පනය.’’ යැයි ලියූ බරපතළ ෆ්‍රන්ස කිවිඳිය ලුයිස් කොලේ ගැන ඔබ දැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අකලට මහලු වූ තරුණ කවියා ’’රම්බෝ’’