IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


අර්බුදය ඡන්දයට ඈඳීම

පසුගිය 2 වැනි දා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මෙහෙයවන ලද විරෝධතාව මැඩ පැවැත්වීමේ දී පොලීසිය කොළඹ විශ්වවිද්‍යාල භූමියට ඇතුළුවීම ඇතැමුන් විසින් අභියෝගයට ලක් කර තිබුණි. ඔවුන් පවසා සිටින්නේ පොලීසියට විශ්වවිද්‍යාලයට ඇතුළුවීම නීතියෙන් තහනම් බවයි. මෙය මිථ්‍යාවකි.

එවන් නීතියක් ලංකාවේ කිසිදු නීති පොතක නැත. මෙම මිථ්‍යාවට පදනම වැටෙන්නේ 1953 අගෝස්තු මාසයේ දී පොලීසිය හා විශ්වවිද්‍යාල සිසුන් අතර පේරාදෙණිය ගලහ පාරේ ජයතිලක ශාලාව අසල ඇතිවූ ගැටුමකි. එම ගැටුමින් පොලිස් නිලධාරියකු තුවාල ලැබූ අතර, ඒ සිදුවීම මත එවකට පේරාදෙණිය විශ්විද්‍යාලයේ වැඩ බැලුූ ශ්‍රීමත් නිකලස් ආටිගල හා පොලීසිය වාචික එකඟතාවකට එන්නේ මින් පසු පොලීසිය විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නේ නම් ඒ බව තමාට දැනුම් දිය යුතු බවයි. ඒ මෙම සිදුවීමට අදාළවය. කෙසේ වෙතත්, ඉන් දෙමසකට පමණ පසු විශ්වවිද්‍යාලයේ ස්ථිර උපකුලපති ශ්‍රීමත් අයිවෝ ජෙනිංග්ස් ලිඛිතවම ඉහත එකඟතාව අහෝසි කරන අතර, විශ්වවිද්‍යාල තුළ ද රටේ පොදු නීතිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බව ප්‍රකාශයට පත් කරයි. ඒ අනුව, පොලීසිය විශ්වවිද්‍යාලයට ඇතුළු විය නොහැකි බවට වන මතය මිථ්‍යාවකි.

විශ්වවිද්‍යාල ගැන ජෙනිංග්ස් කියූ දේ

ජෙනිංග්ස් මෙම ලිපියේ දී සටහන් කරන විශේෂ කරුණක් නම් විශ්වවිද්‍යාල තුළට පොලිසිය ගෙන්වා නොගැනීමට ඇති එකම ක්‍රමය සිසුන් රටේ නීතිය උල්ලංඝනය නොකර සිටීම බවය. ඒ හැර, විශ්වවිද්‍යාල ආයතන නීතියෙන් මුක්තිය ලද ආයතන නොවන බව ඔහු අවධාරණය කරයි.    

සතිපතා සිදුවන ඉහත සිදුවීම අපට සිහිපත් කිරීමට සිදුවන්නේ රටට සුබදායක තත්ත්වයක් උදාවන විටම එය කඩාකප්පල් කිරීම සඳහා විවිධ බලවේග ක්‍රියාත්මක වන පසුබිමක ය. විදේශ විනිමය අර්බුදය ගැඹුරු ආර්ථික අර්බුදයක් බවට පත් කළ අරගලය මෙහෙය වූ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් දැන් නැවතත් සතිපතා කොළඹ එමින් අර්බුදයක් නිර්මාණය කිරීමට තැත් කරන බව පෙනේ. රටට කියන ඔවුන්ගේ සැඟවුණු සටන් පාඨය වී තිබෙන්නේ “පුළුවන් නම් නැගිටල පෙන්නපන්” යන්නයි. මේවන් අතොරක් නැති විරෝධතා ආදියෙන් ලොකුම පහර වදින්නේ යාන්තම් නැගිටිමින් එන සංචාරක කර්මාන්තයටයි. ඒ අතර, ව්‍යාපාරික විශ්වාසය ද අඩාල වන අතර එය ආර්ථික වර්ධන වේගයට බෙහෙවින් බලපෑම් කරයි. රට නැගිටින විට තමා ද තම පවුල ද නැගිටින බවත් අමතක කරන මේ පිරිස් ජන දුක තම දේශපාලන ආයෝජනය බවට පත් කර ගැනීමට කරන උත්සාහය තේරුම්ගත නොහැකි ය. 

සුබ පණිවුඩය

එළඹෙන මාර්තු 20 වැනිදා ලංකාවට ලැබීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ණය මුදල ගැන යෝජනාව එම අරමුදලේ විධායක කමිටුවට ඉදිරිපත් වනු ඇත. මේ වන විට ලංකාවට ණය දුන් සියලු‍ රටවල් එම යෝජනාවට සහාය ලබා දීම ලිඛිතවම ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක එම යෝජනාව සම්මත වී ණය මුදල අනුමත වීමට නියමිතය. අනුමත වූ සැණින් එහි පළමු වාරිකය වහා ලැබෙනු ඇති අතර ඒ හරහා ලංකාවට නැවත වරක් ලෝක මූල්‍ය වෙළඳපොළ විවෘත වනු ඇත. එය සුබ පණිවුඩයකි. කෙසේ වෙතත්, මෙම අනුමැතිය ද සමග එන අභියෝගය නම් අපට නැවත වරක් සුපුරුදු පරිදි අපගේ විදේශ ණය ගෙවීමේ ක්‍රියාදාමය ද පටන් ගැනීමට සිදුවීමයි. අප අමතක නොකළ යුත්තේ වත්මනෙහි ගෙවී යන්නේ ණය නොගෙවන සංක්‍රාන්තිමය කාලයක් බවයි. විදේශ ණය ගෙවන තැනට අප නැවත පත් වූ විට අපට නැවත වරක් මහන්සි වී වැඩ කර විදේශ මුදල් ඉපැයීම කළ යුතු වේ. දිගින් දිගටම අපට ණය මත කාලය ගෙවිය නොහැකි ය. ඒ අනුව, මූල්‍ය අරමුදල් ණය යනු අවස්ථාවක් මෙන්ම අභියෝගයක් ද වේ.

යථාර්ථවාදි විසඳුම්

ලංකාවේ විදේශ මුදල් අර්බුදය පැනනැගීමත්ම සමගම ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම/නොයෑම පිළිබඳ ප්‍රශ්නය පසුගිය කාලය පුරාම රටේ විවිධ මාධ්‍යවල දැඩි ලෙස කතා බහට ලක් වූ මාතෘකාවකි. “ගෝඨාභය ආණ්ඩුව අයි එම් එෆ් නොගිය නිසා ආර්ථිකය වැටුණා” වැනි කතා කනින් කොනින් ඇසෙමින් තිබුණි. ඇත්ත වශයෙන්ම මූල්‍ය අරමුදලට යන්නේ ද ගෝඨාභය ආණ්ඩුවයි. 2021 ජූලි මස බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති ධුරයට පත් වූ සැණින් ඔහු ක්‍රියාදාම තුනක් එකවර ආරම්භ කළ බව මුදල් අමාත්‍යාංශ ලේඛනවල සටහන් වේ. පළමුවැන්න වහා අවශ්‍ය වූ ඩොලර් ඉන්දියාවෙන් ලබා ගැනීමය. ඒ අනුව, ඩොලර් බිලියන 4ක් පමණ ලබා ගැනීමට ඔහුට හැකිවන අතර, අප තාමත් බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරන්නේ එම ඩොලර්වලිනි. අංක දෙක වී ඇත්තේ, මධ්‍ය කාලීන විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ ක්‍රියාවලියට මුල පිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස 2022 අප්‍රේල් 12 වැනි දින හිටපු මුදල් ඇමතිවරයා ඇමරිකාවේ වොෂින්ටන්හි මූල්‍ය අරමුදල් මූලස්ථානයේ පැවති අවසන් සාකච්ඡාවට යෑමට නියමිතව සිටියේය. කෙසේ වෙතත්, ඊට දින 7කට පමණ පෙර ඔහු ධුරයෙන් ඉවත් කළ නිසා අදාළ ණය මුදල ලබා දීම දින නියමයක් නැතිව ම කල් යන්නේ ය. නව මුදල් ඇමති ලෙස අලි සබ්‍රි මහතා පත් වන අතර, ඔහු පත් වී සති කිහිපයකින් රට බංකොලොත් බව ප්‍රකාශයට පත් කරයි. ඒත් සමගම අයි එම් එෆ් ක්‍රියාදාමය වෙනස් ම මුහුණුවරක් ගන්නේ, බංකොලොත් බව ප්‍රකාශ කළ රටකට ණය දීමට පෙර අදාළ ණය කොන්දේසි වෙනස් වන බැවිනි. බැසිල් රාජපක්ෂගේ තුන්වැනි ක්‍රියාදාමය ව තිබී ඇත්තේ රටේ අපනයන ආදායම් වැඩි කරගනිමින් රට තුළම දිගුකාලීන විසඳුමක් සොයා ගැනීමයි. එම ක්‍රමය සාර්ථක වන අතර 2021 වසරේ ලංකාවේ අපනයන ආදායම ඉතිහාසයේ වැඩිම එක බවට පත් කරමින් බිලියන 12.5 ඉක්මවා ගිය බව මහබැංකු වාර්තා පෙන්වා දෙයි. වසංගතයක් මැද පවා මේ සාර්ථකත්වය ලබා ගෙන තිබූ බව අප අමතක නොකළ යුතු ය.

උන්මාදය නීතිය බවට පත්වේ

ඉහත ක්‍රියාදාමය සපුරා කඩාකප්පල් වන්නේ පසුගිය වසරේ මුල සිට ලංකාවේ සිදු කළ අරගලය නම් දේශපාලන ක්‍රියාදාමය හේතුවෙනි. එම ක්‍රියාදාමය මගින් ලංකාවේ පැනනැගි අර්බුදය පිළිබඳ ව්‍යාජ කතිකාවක් නිර්මාණය කළ අතර සත්‍ය හා විචක්ෂණශීලීබව පලාගොස් උන්මාදය දවසේ නීතිය බවට පත් විය. අර්බුදය හටගත්තේ රාජපක්ෂලා විසින් ඩොලර් උගන්ඩාවට ගෙන ගිය නිසා වැනි කතා පවා නිර්මාණය කරමින් ජනතාව කුලප්පු කර තිබුණි. ආණ්ඩුවට මේවාට නිසි අයුරින් ප්‍රතිචාර දැක්වීමට නොහැකි වූ අතර, ජනතාවගෙන් බහුතරයක් මේ ව්‍යාජ කතාවල ගොදුරු බවට පත්විය. මේවා ගැන නැවත නැවතත් සමාලෝචනය කිරීම අප රාත්‍රි වැටුණු වළවල්වල මහදවල් නොවැටී සිටීමට උපකාරී වනු ඇත.

කුමන බොරු කතා කීවද, මේ වන විට විද්‍යාත්මක කරුණු මත හෙළිව තිබෙන ආකාරයට කොවිඩ් වසංගතයට පසු ලංකාව දැඩි විදේශ විනිමය හිඟයකට යන්නේ වසංගතය නිසා ඇති වූ පසුකම්පන නිසා බව පැහැදිලි වී ඇත. වෙනත් වචනවලින් කිවහොත් 2019 වසරේ ලංකාවට පැමිණි ඩොලර් බිලියන 33 වෙනුවට 2020 වසරේ දී ලංකාවට එන්නේ බිලියන 21ක් පමණි. සංචාරක කර්මාන්තය කඩා වැටීම, අපනයන හා සේවා ආර්ථිකයෙන් රටට එන ආදායම් කඩා වැටීම ඇතුළු වසංගතය නිසා හටගත් සියලු‍ ආකාරයේ ආර්ථික හැකිලීම් නිසා ලංකාවේ විදේශ ගිණුම දැඩි බලපෑමට ලක්වුණි. ඩොලර් බිලිය 33 කින් 2019 දිවූ රට 21 පැමිණි විට ඇතිවන තත්ත්වය ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. ඉන්ධන, ගෑස් ආදිය ආනයනය කිරීම සඳහා මුදල් හිඟවන්නේ මේ විදේශ මුදල් හිඟය නිසාය. කෙසේ වෙතත්, මේ හිඟය ආශ්‍රයෙන් පැමිණි විනිමය අර්බුදය ආර්ථික අර්බුදයක් වූ හැටිය.

ඒ අනුව පැහැදිලි වන්නේ, ලංකාවේ විදේශ විනිමය ගැටලුව ගැඹුරු ආර්ථික අර්බුදයක් හා පසුව දේශපාලන අර්බුදයක් ද බවට පත් කිරීමට කටයුතු යෙදෙන්නේ අරගලය නම් දේශපාලන ක්‍රියාදාමය නිසා බවය. එසේ නොවන්නට අප මේ වන විටත් අර්බුදයෙන් එළියට විත් තිබෙනු ඇති අතර, මුලින් පාස්කු ප්‍රහාරයෙන්ද පසුව කොවිඩ් වසංගතයෙන් ද කඩාවැටුණු සංචාරක කර්මාන්තය නැගිටින බව සංඥා කරමින් 2022 මාර්තු මස මෙරටට පැමිණි මුළු සංචාරක ප්‍රමාණය පමණක් එක් ලක්ෂ හයදාහක් වී ඇත. එහෙත් අරගලය ද සමග ඉන් පසු එය දිගින් දිගටම නැවතත් කඩා වැටුණු අතර වර්තමානයේ නැවතත් සුබ ලකුණු දෙමින් පසුගිය මස සංචාරක පැමිණීම මසකට ලක්ෂය ඉක්මවා ගියේය.  

විශ්වවිද්‍යාල ගුරු සංගම් නැවත වැඩ වර්ජනයක් කැඳවා තිබේ. ඒ බදුවලට එරෙහිවය. මේ ආචාර්ය සංගම්ම අරගලයට විත් කීවේ ගෝඨාභය බදු කැපීම නිසා ආර්ථික අර්බුදය ඇති වූ බවය. එසේ නම් දැන් බදු අය කිරීමට ඔවුන් විරුද්ධ වන්නේ කුමක් නිසාද? කවුරු කුමක් කළ ද අර්බුදය දේශපාලන ආයෝජනයක් කරගෙන මේ අවස්ථාවේ දී ඡන්දය දිනා ගැනීම සඳහා කෙනකු උත්සාහ කරන්නේ නම් එය සැබැවින්ම නරුමවාදයකි. ඇතැම් පක්ෂ මුළු ඉතිහාසය පුරාම සිදු කර ඇත්තේ විවේචනය පමණක් ම වන අතර, දැනුද කරමින් සිටින්නේ ඊට වෙනස් දෙයක් නොවේ. ප්‍රශ්නවලට විසඳුම් තිබෙන කිසිවකු ඒවා ඉදිරිපත් කරනු විනා විවේචනය පමණක් කරමින් සිටින්නේ නැත. ඒ අනුව, දේශපාලන භේදයකින් තොරව අප සැමගේ වර්තමාන වගකීම හා යුතුකම විය යුත්තේ මේ මොහොතේ ලැබෙන සියලු‍ අවස්ථා මග නොහැර රට අර්බුදයෙන් ගොඩ ගැනීමට ශක්තිය යෙදවීම පමණි.

(***)
 සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
මහින්ද පතිරණ



අදහස් (2)

අර්බුදය ඡන්දයට ඈඳීම

Senaka Saturday, 11 March 2023 09:33 AM

ඔය ජේවීපී කාලකන්නි සෙට් එක මේ විනාශයට කෙලින්ම වග කියන්න ඕනෑ. රටේ දියුණුවට සමහර වෙලාවට ගන්න තියෙනවා ජනප්‍රිය නොවන තීරණ. උදාහරණයක් විදියට අපිට තව ගල්අඟුරු බලාගාරයක් ඕනෑ. මොකද අපිට සුපිරි ඉන්ධන ක්‍රමවලට වියදම් කරන්න ලොකු ආදායමක් නෑ. ලෝකේ සියලුම දියුණු රටවල් තාමත් ගල් අඟුරු බලාගාර පාවිච්චි කරනවා. මේ කාලකන්නි එක බලාගාරයක් එන එක නතර කළා. ඒ නිසා අපි ඩොලර් මිලියන ගාණක් වැඩිපුර ගෙවනවා ඩීසල්වලට. එතකොට බෙහෙත් ගන්න, ඉගනුමට වියදම් කරන්න තියෙන සල්ලි යනවා ඒවාට. ඒ ඩීසල් විදුලියෙත් වැඩි හරිය පෞද්ගලික සමාගම් වලින් ගන්නේ... ජෙප්පොන්ගේ වෘත්තීය සමාගම් වල ලොක්කො ටික තමයි ඒවයෙන් කොමිස් ගහන්නේ. ඒ කොමිස් වලින් කොටසක් ජවිපේ නඩත්තු කරන්න යනවා. ඒ සල්ලි වලින් තමයි ජෙපි නායකයෝ කෝටි ගණන් වියදම් කරලා ඔවුන්ගේ පුත්තු පිටරටවල් වල උගන්නන්න යවන්නේ. කෝටි ගණන් බිල්ඩින් අරන් ගෑනිගේ නමට ලියාපදිංචි කරන්නේ. ඔය එක පැත්තක් විතරයි කිව්වේ. රටේ හරක් හිතන් ඉන්නේ උන් ඇවිත් රට හදයි කියලා. පව් ඉතින්. බදු කතාවත් ඔය වගේම තමයි.

:       6       17

nimesh. Tuesday, 14 March 2023 03:17 PM

සබරගමුවේ බයියගෙන් සුපුරුදු එක පාර්ශ්වික විග්‍රහයක් , මේ මනුස්සය හිතන් ඉන්නේ රටේ මිනිස්සු අමාරුවක අරගලයට සහබාගි උනා කියල ,අරගලය පටන් ගන්න සමයේ රට සම්පුර්ණයෙන්ම කඩාවැටිලා , පැය 13 කරන්ට් කපනවා ,තෙල් නැහැ ගෑස් නැහැ ( ඉන්දියාවෙන් ගෑස් ගන්න ණයක් දීමට ලෑස්තිවෙලා සිටියත් කපුටා ඇතුළු නඩය එය ගැනීම දිගින් ගිද්ටම මග හැර සිටිය ) සංචාරකයන් එන එක අඩුවුවෙන්න පටන් ගත්තේ ඔන්න ඒ හේතු හින්ද , අනිත් කරනය 2021 දී අපනයන අදායම වැඩි උනේ අපනයන භාණ්ඩ වල ( උදා : නිමි ඇඳුම් ) මිල ඉහල ගියනිසායි , නමුත් එම කාලයේ අපේ රටේ අපනයන ප්‍රමාණය 50% පමණ කඩාවැටිලා තිබුනේ .

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

කිවිදා දැක්ම

පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 161 1

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


ජනමතය උරගා බැලීමක්
2025 මාර්තු මස 28 286 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම


හොරුන් ඇල්ලීමේ නාටක
2025 මාර්තු මස 21 397 1

අත්අඩංගුවට ගැනීම ම දඬුවමක් වන තැනට අද ලංකාවේ නීති පද්ධතිය පහත වැටී තිබීම අප බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි. පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනා


සතුරු දඩයමේ දේශපාලනය
2025 මාර්තු මස 14 1101 4

මේ දිනවල රටේ මතුවෙමින් පවතින දේශපාලනය තේරුම් ගැනීමත් තරමක් අපහසුය. ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන්නේ පුදුම සහගත ගැටලුවලටය. අය – වැය පිළිබඳ පාර්ලිමේන්තු


ආණ්ඩුවේ ගමන් මග නිවැරැදිද?
2025 මාර්තු මස 07 528 4

ආණ්ඩුවේ ජනප්‍රියත්වය කොතරම් අඩුවී ඇතිදැයි කිවහොත් සහ එය ආණ්ඩුවට ද කොතරම් දැනී ගොස් ඇතිදැයි සිතුවොත්, ජනාධිපති අනුර කුමාර මහතා දළදා ප්‍රදර්ශනයක් තැබී


ආණ්ඩුවේ මග කියන අයවැය
2025 පෙබරවාරි මස 28 183 0

වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයාගේ රට කරවීමේ ක්‍රියා කලාපය පිළිබඳව මූලික විමර්ශනයක් කිරීමට තරම් කාලයක් මේ වනවිට ගතවී ඇත. වසර 05ක ආණ්ඩු කාලයක් ඔවුන්ට තිබෙ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 138 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 380 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 906 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site