පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු ඇත. දශක හතක ඉතිහාසය තුළ පැවැති ප්‍රධාන ධාරාව ප්‍රතික්ෂේප කළ ජනතාව මාක්ස්වාදී නැඹුරුවක් සහිත පක්ෂයක් තෝරා ගෙන තිබේ.
පසුගිය කාලය තුළ අත්විඳින ලද අපහසුතා මෙම තීන්දුව පිටුපස ඇත. මහ මැතිවරණය ආසන්න නමුත් තියුණු තරගයක් නැත. ජාතික ජනබලවේගය හැරුණුකොට අනෙක් ප්‍රධාන දේශපාලන පක්ෂ නිහඬය. ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා විශාල වියදමක් අවශ්‍ය කෙරේ. මහජනතාව හා සමානව දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකයන්ටද ආර්ථික ප්‍රශ්න ඇත. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා වශයෙන් තෝරා ගත් අතර ඔහුට ආණ්ඩුබලය ද පැවැරීමෙන් ඉනික්බිතිව සැනසිලිදායක තත්වයක් බලාපොරොත්තු වන බව නිරීක්ෂණය කළ හැකිය.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු දෙසැම්බර් මාසය සුපුරුදු රිද්මයට එළඹෙනු ඇත. එහෙත් 2025 වසර තුළ ව්‍යවස්ථාදායකය හා විධායකය සියුම් අභියෝග ගණනාවකට මුහුණපාන්නට සිදුවෙයි. අසාර්ථක, ජන ජීවිතය පීඩාවට පත්කළ මෙතෙක් පැවැති ක්‍රමය පරිවර්තනය කරන්නට සිදුවේ. සිස්ටම් වෙනස් කිරීම වශයෙන් අරමුණු කරන ලදී. හතළිස් අටේ සිට හැත්තෑ හත දක්වා මිශ්‍ර ක්‍රමවේද හා හැත්තෑ අටට පසු අද දක්වා විවෘත ආර්ථික ක්‍රමය තුළ ජීවත් වූ පසුබිම තුළ අනෙක් ක්‍රමවේදයක් සොයාගත යුතුව ඇත.
ජීවත්වන තැන කෙසේ වෙතත් පීඩනයෙහි අඩුවක් නැත.
අමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵලය සමග ජගත් ප්‍රජාව ආර්ථික ක්‍රමෝපායයෙහි පැති දෙකක් අපේක්ෂා කරති. ඇමරිකාව, බ්‍රිතාන්‍යය, යුරෝපය ඇතුළු කඳවුර හා චීනය අතර තියුණු බෙදීමක් ඇති විය හැකිය. ආසියාවේ සහ අප්‍රිකාවේ රටවල් ගණනාවක් චීනය සමග සම්බන්ධවීමට ඉඩ තිබේ. කොවිඩ් වසංගත තත්ත්වය සමග නැවතත් වර්ධනය වන ලෝක ආර්ථිකය මෙම දෙපැත්ත සමග තරගකාරී තැනකට තල්ලු වනු ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් කිරීම තුළ ජාතිකවාදී පැත්තක් තිබේ. දූෂණය හා දේශපාලන අකටයුතුකම් ගැන සමාජ විරෝධයක් ජපානයේ මැතිවරණ ප්‍රතිඵලය තුළ ඇත. කිසිම පක්ෂයකට බහුතරය නැත. මෑතකාලය තුළ තිබුණ ප්‍රවණතා අනුව ස්ථාවර දේශපාලනයක් බ්‍රිතාන්‍යයේ දැකිය නොහැක. අප්‍රිකානු රටවල් ගණනාවක් දරුණු ආර්ථික අර්බුදයක පසුවේ. මැද පෙරදිග තත්ත්වය උණුසුම්ය. ඉරානය හා ඇෆ්ගනිස්ථානය අතර ගැටුම්වලට වසරක් සම්පූර්ණ වී තිබේ. ඉරානය හා ඊශ්‍රායලය අතර යුද්ධය ද අවසානයක් නොපෙනෙන තැනක පවතී. ආහාර සුරක්ෂිතතාව, බලශක්ති මිල හා ආයෝජන පැතිරීම සම්බන්ධ ගැටලු තව දුරටත් සංකීර්ණ මුහණුවරක් ගන්නට ඉඩ තිබේ. බලවත් රටවලට වඩා කුඩා සහ නැගී එන ආර්ථිකයක් සහිත රටවලට මෙහි බලපෑම ප්‍රබල විය හැක.
ශ්‍රී ලංකාව මෙකී පසුබිම ගැන සංවේදී විය යුතුව තිබේ. ආර්ථික විශේෂඥයන් හා භූ දේශපාලන ප්‍රවණතා කෙරෙහි අධ්‍යයනය කරන පිරිස් දක්වන අදහස් නොසලකා හැරිය යුතු නැත. ස්වදේශික තත්වය පාලනය කිරීම පමණක් නොගැළපෙන්නට ඉඩ තිබේ. තරුණ පිරිස් ලෝකයේ සිදුවීම් සමග ගැටෙමින් සිටී. අවස්ථා ජාත්‍යන්තරයෙන් සොයන බව අවධාරණය කළ යුතුය. දූපත තුළ පමණක් නොව එයින් ඔබ්බට සිදුවන සිද්ධි පසෙක තැබිය නොහැක.
තාක්ෂණය හා බලශක්ති අංශය ගැන පියවරක්
ලෝක ඉතිහාසය දෙස බලන පසු යුද ගැටුම් සහිත කාලවකවානුවල දී ආර්ථික ප්‍රශ්න ව්‍යාකූලවන නමුත් අලුත් ප්‍රවණතා හේතු කොටගෙන කාර්යක්ෂමතාව වර්ධනය වී තිබේ. තාක්ෂණික යුගය තුළ එය තවත් වේගවත් විය හැකිය. තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ දියුණුව හා බලශක්ති අංශයේ ඇතිවන පුනර්ජණනීය උත්පාදන ව්‍යුහය තරගකාරීත්වය වේගවත් කරනු ඇත. තොරතුරු හුවමාරුව, කෘත්‍රිම බුද්ධිය, පස්වැනි පරම්පරාවේ තාක්ෂණය සමග බලශක්ති අංශයේ සිදුවන වෙනස්කම් හේතු කොටගෙන නිෂ්පාදන හා ප්‍රවාහන පිරිවැය තවත් අඩුවීමට ඉඩ තිබේ. සම්ප්‍රදායික ක්‍රම අනුව නිෂ්පාදනය කරන සහ අපනයන ආර්ථිකයකින් යැපෙන රටවලට මෙම තත්වවලට අනුගත විය යුතුව ඇත.
තේ රබර් සහ පොල් අපනයනයෙන් යැපුණ යුගය අවසන්ය. විනිමය අංශ සම්බන්ධයෙන් මෑත කාලය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රවණතා විගමනික ශ්‍රමය, ඇඟළුම් හා මෘදුකාංග අපනයනය යන පැතිවලට හැරවී ඇත. එහෙත් රටට අවශ්‍ය ප්‍රමාණයට විනිමය ලැබෙන්නේ නැත. විනිමය උත්පාදනය කළ හැකි අලුත් අංග සඳහා සැලැස්මක් වුවමනා කෙරේ. පර්යේෂකයන් ඒ සඳහා නැඹුරු කළ යුතුවේ.
ජනාධිපතිවරයා පත් කරගත් අතර පාර්ලිමේන්තුව තෝරාගැනීමෙන් පමණක් ප්‍රශ්න විසඳෙන්නේ නැත. ආණ්ඩුවකින් අපේක්ෂා කළ හැකි සීමාවක් තිබේ. ප්‍රතිපත්ති සකස් කරන අතර අවශ්‍ය යටිතලය නිර්මාණය කිරීමෙන් පසු කැපවීම සෑම පුද්ගලයකුගේම වගකීමක් වේ. නිෂ්පාදනය, සේවා අංශ වැඩි දියුණු කරන ව්‍යාපෘති සෑම පළාතකින්ම අවශ්‍යය. ආණ්ඩුවෙන් දෙන තෙක් බලාසිටීම සුදුසු නැත. ධනය උත්පාදනය කරන්නේ නැති ආණ්ඩුව ලබාදෙන සහන සඳහා මහජනතාවගෙන් බදු අය කරන අතර බදු වැඩි කර සහන බලාපොරොත්තුවීමෙන් ආර්ථිකයක් ප්‍රසාරණය වෙන්නේ නැත.
අය වැය ප්‍රමාද කිරීම ද සුදුසු තත්ත්වයක් නොවේ
2025 මාර්තු මාසයේ පමණ එම වසර සඳහා අය වැය ලේඛනය ඉදිරිපත් කරනු ඇති බව ප්‍රකාශ වී ඇත. වැඩි වැටුප්, අඩුමිලට බඩු භාණ්ඩ, අධ්‍යාපන, සෞඛ්‍ය හා ප්‍රවාහනයට සහන, විදුලිය, ඛනිජ තෙල් හා ජලය වැනි අංශවල ගාස්තු අඩුකිරීමක් කෙරෙහි බලාපොරොත්තු තබා තිබේ. දූෂණය හා වංචා තුරන් කිරීමෙන් පසු තත්වය යහපත් කළ හැකි බව සමාජයට ඒත්තු ගන්වා ඇති කරුණකි. අනෙක් අතට දේශපාලනඥයන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට දෙන වරප්‍රසාද අඩු කිරීමෙන් සෑහෙන ධනයක් ඉතිරි කරගත හැකි වෙතැයි ප්‍රකාශ වේ. අලුත් ආණ්ඩුවේ සාධක හේතු කොටගෙන වෙනස්වන ස්වභාවය මත ජනතාවට ලැබෙන කොටස ප්‍රසාරණය වනු ඇති බවට මතයක් තිබේ.
එහෙත් ආර්ථිකය වර්ධනය කිරීමෙන් හැර බෙදාගන්නට තරම් වත්කමක් දැනට රට තුළ නැත. නිෂ්පාදනය සඳහා අයෝජනය අවශ්‍යය. ආයෝජනය කළ වහාම උත්පාදනයක් සිදුනොවේ. ආණ්ඩුව සතු වත්කම් සලකා බලන පසු ආයෝජනය කළ හැකි ප්‍රමාණය සීමිතය. පෞද්ගලික අංශය, විදේශ ව්‍යවසායකයන් පෙළඹවිය යුතුවේ. එහි දී ස්ථාවරභාවය හා ප්‍රතිපත්ති වැදගත්වේ. එහි දී අය වැය මගින් අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගැන කියැවීම තීරණාත්මකය.
2025 වසරේ දී පවා මාස තුනක කාලයක් දක්වා ප්‍රතිපත්ති ප්‍රකාශනය කල් දැමීමෙන් ජාත්‍යන්තරයේ වේගයෙන් සිදුවන පැතිකඩ හා ශ්‍රී ලංකාවේ අවකාශය සම්බන්ධ පරතරය දැකිය හැකි වනු ඇත. මෙතෙක් පැවැති ආණ්ඩුවලට වඩා වෙනස් හා යුක්තිසහගත ආකාරයකට ආයෝජන පසුබිමක් සහිත බව පෙන්වීම අවශ්‍ය කෙරේ. එයින් ඇති කරන විශ්වාසය ධනය යෙදවීම සඳහා ව්‍යවසායකයන් පොළඹවනු ඇත. ලෝකයේ අනෙක් රටවලට වඩා වාසිදායක තැනක් බව ප්‍රකාශ වුවහොත් සෘජු විදේශ ආයොජන රටට ලබාගැනීම ඉතාමත් පහසු විය හැකිය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා මැතිවරණ
මාස හතළිස් අටක කාලයක් තුළ ක්‍රමිකව පවත්වාගෙන යන සැලැස්මක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් හඳුන්වා දී තිබේ. ඉන්පසු අර්බුදයකට පත් වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කරන්නට හැකිවිය. මුල්‍ය අරමුදල අලුත් ආණ්ඩුවේ තීරණයට හිස නැමීමට සූදානම්ය. සැලැස්මක් සකස් කරගෙන තමන් හමුවට එන තෙක් කල් දෙන්නට කැමැත්ත පළ කර ඇත. රජයේ ආදායම තරකර ගැනීම, අය වැය හිඟය පාලනය, මුදල් අච්චු ගැසීම වළක්වන අතර එයින් උද්ධමනය පාලනය, විදේශ ණය ආපසු ගෙවීමේ වැඩ පිළිවෙළ, ආනයන හා අපනයන අංශ සඳහා යෝජනා ඇතුළු විශාල පරාසයක වෙනස්කම් කළ යුතුවේ. මේවා පැත්තකට දමා ආණ්ඩුව විශ්වාස කරන අලුත් ක්‍රමවේදයකට ඇතුළුවිය හැකිය. එයට බාධාවක් නැත. එහෙත් විදේශ රටවල් හා ආයෝජකයන් ශ්‍රී ලංකාවේ තත්වය සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල නිකුත් කරන සහතිකය තරයේ සලකා බලන බව මතක් කළ යුතුවේ.
තාවකාලිකව ස්ථාවර වී තිබෙන ආර්ථිකය වර්ධනයක් කරා ගෙන යා යුතු අතර අවම වශයෙන් සියයට හයක් ළඟාකරගත යුතුවේ. 2024 වසරේ වර්ධනය සියයට හතරක් පමණ විය හැකි බවට ප්‍රකාශ වී ඇත. එය තවත් සියයට දෙකකින් නංවාගැනීම සඳහා පියවර ගැනීම අවශ්‍යය. ආණ්ඩුව, පෞද්ගලික අංශය සහ ජාත්‍යන්තර ප්‍රජාව සම්බන්ධ කරගත යුතුව ඇත.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පළාත් පාලන ඡන්දයක් තිබේ. අධිකරණය පළාත් පාලන ඡන්දය ප්‍රමාද කිරීම ගැන මැතිවරණ කොමිසමට අවවාද කර ඇත. අනෙක් අතට පළාත් සභා ජන්දයත් අවශ්‍යය. ආණ්ඩුව දකුණ ගැන පමණක් නොව උතුරු නැගෙනහිර ජනතාව ගැන ද සංවේදීය. දෙමළ හා මුස්ලිම් ජනතාවගේ කැමැත්ත දිනාගැනීමේ අවශ්‍යතාව ප්‍රබල අතර එය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැන අවබෝධයක් ආණ්ඩුවට ඇති බව පෙනේ. ආර්ථිකය සකස් කරන ප්‍රතිපත්ති වෙනුවට ජනතාව දිනාගැනීම අරමුණු කරගෙන සහනශීලී ප්‍රතිපත්තිවලට පමණක් යොමුවිය නොහැක. එකක් අත හැර එකක් කිරීම වෙනුවට දෙපැත්තම සමබර කරන ක්‍රමවේද ගැන ගැඹුරු සාකච්ඡාවක් ආණ්ඩුව තුළ තිබිය යුතුවේ. එම සැලැස්ම ජනතාවට අවබෝධ කර දීමත් අවශ්‍යය. දැනට පවතින වටපිටාව අනුව මහජනතාව ජනාධිපතිවරයාට ළෙන්ගතුය. අලුතින් පත්වන මැති ඇමැතිවරුන් වෙත නතුවනු ඇත. එහෙත් මෙම වටපිටාව අඛණ්ඩව නඩත්තු කිරීම පහසු නැත. ආර්ථික රාමුව සමග ජනතා ප්‍රසාදය අරමුණු කොට ගෙන පුළුල් සංකල්ප, දුර දක්නා පියවර අවශ්‍ය කෙරේ. පරිනතභාවය තීරණාත්මකය.
(*** සාරා කන්දෙගොඩ)
ආණ්ඩුවට කිසිදු දෙයකට සැලසුමක් නැති බව එහි හැසිරීම දෙස සාමාන්‍ය බැල්මක් හෙළන කෙනකුට පවා පෙනී යන්නකි. ලොකු ලොකු දේවල් නොව, පසුගිය දා විශාල මාධ්‍ය ප්‍රචා
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු
අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ
ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගත් පාලනයක් මේ වන විට ආරම්භ වී ඇත. ලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලය තමන්ගේ ආණ්ඩුව විසින් පත්කරනු ලැබ ඇතැයි පවසන සමහරුන් වත්මන් ජ
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
අලුත් මැතිසබේ නව මන්ත්‍රීන්ගේ අභියෝග