IMG-LOGO

2025 මාර්තු මස 01 වන සෙනසුරාදා


ආණ්ඩුවේ මග කියන අයවැය

වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයාගේ රට කරවීමේ ක්‍රියා කලාපය පිළිබඳව මූලික විමර්ශනයක් කිරීමට තරම් කාලයක් මේ වනවිට ගතවී ඇත. වසර 05ක ආණ්ඩු කාලයක් ඔවුන්ට තිබෙන බව සැබෑය. එහෙත් ඒ කාලය ගතවන්නේ මොන වගේ වැඩසටහනක් හරහාද යන කාරණය පිළිබඳව විමර්ෂණයක් කිරීමට පසුගිය මාස 04 ප්‍රමාණවත්  බව මාගේ අදහසය.

ආණ්ඩුවේ සම්පූර්ණ ගමන් මග ගැන කෙසේ වෙතත් මේ දක්වා ගෙන ඇති තීරණ හරහා අනාගතය ගැන යමක් පැවසිය හැකිය.

මෙවර කිවිදා දැක්මෙන් උත්සාහ ගන්නේ ඒ ගැන යමක් ලිවීමටය. ඒ කියන්නේ ආණ්ඩුවේ ගමන් මග ගැන මේ දක්වා ඔවුන්ගේ ක්‍රියාදාමය මත යම් අදහසක් පළකරන්නටය.

ආණ්ඩුවේ පළමු අය-වැයත් මේ වනවිට ඉදිරිපත් කර අවසන් නිසා අනාගත ගමන් මග ගැන වඩාත් නිශ්චිත අදහසක් පැවසීම පහසු වී ඇති බවද මෙහිදී පැවසිය හැක.

 

ආර්ථිකය කොයිබටද?

 රටේ ප්‍රධානතම ගැටලුව වන්නේ අප මුහුණදෙන බරපතළ ආර්ථික අර්බුදයයි. 2022 වර්ෂයේ දී පුපුරා ගියත් මේ අර්බුදය කාලයක් තිස්සේ ගොඩනැගුණු එකක්ය. ආර්ථික අර්බුදය පුපුරා ගියේ ක්ෂේත්‍ර 03 ඇති වූ අර්බුදයක් දාමයක් ලෙසින්ය. ඒ ක්ෂේත්‍ර 03 වන්නේ මේවාය. පළමුවෙන් රට  තුළ බරපතළ ගෙවුම්ශේෂ අර්බුදයක් පුපුරා ගියේය. ගෙවුම් ශේෂ අර්බුදය කියන්නේ රටට අවශ්‍ය තරම් විදේශ මුදල් රට තුළ නොමැතිවීමය. එවැනි අවස්ථාවක පාවිච්චියට ගැනීමට විදේශ මූල්‍ය සංචිත තුළ ද මුදල් නොමැතිවීමය. රටේ විදේශ මුදල් තියෙන්නේ සංචිතවල පමණක් නොවේ. සමහරුන් සිතන්නේ 2022 රට කඩා වැටුණේ සංචිතවල මුදල් නැති නිසා පමණක් බවය. එය ඒ ආකාරයෙන්ම නිවැරැදි  තේරුම් ගැනීමක් නොවේ. රට කඩා වැටුණේ රටේ ජංගම ගිණුමේ විදේශ මූල්‍ය ශක්තිය සම්පූර්ණයෙන්ම කඩා වැටුණු නිසාය. එවැනි අවස්ථාවක පාවිච්චි කරන්නට විදේශ මූල්‍ය සංචිත තුළ ආණ්ඩුවේ ඉතුරුම් කිසිවක් නොතිබූ නිසාය. ඒ නිසා ආර්ථිකය පුපුරා යාමේ පළමු අර්බුදය මතු වූයේ රට තුළ ඩොලර්  නොමැතිවීම නිසා සියලුම ආනයනයන් සහ ණය වාරික ගෙවීම් නතරවීම නිසාය. Balance of payment අර්බුදයක් හෙවත් ‘ගෙවුම් ශේෂ අර්බුදයක්’ කියන්නේ ඒකටය.

දෙවැනිව මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ මතු වූ  බරපතළ ගැටලුව වූයේ ආණ්ඩුවේ වියදම් සඳහා අවශ්‍ය ආදායමක් නොමැතිවීමය. අය-වැය හිඟය හෙවත් Budget deficit කියන්නේ ඒකටය. වැඩි වැඩියෙන් රුපියල් අච්චු ගසන්නට වූයේ ඒ නිසාය. උද්ධමනය වැඩිවීමත්, ඩොලරයට සාපේක්ෂව ගෙවන රුපියල් ප්‍රමාණය වැඩිවීමත් සිදුවුණේ ඒ නිසාය.

තුන්වැනුව  රට තුළ මතු වූ ණය අර්බුදය නිසා තත්වය  තවත් බරපතළ විය. ණය ගෙවන්නට නොහැකි රටක් බවට පත්වීම නිසා ‘බංකොලොත්’ බවට පත්වූයේ ඒ අනුවය.

දැන් වත්මන් ආණ්ඩුව හමුවේ තිබෙන ආර්ථික අර්බුදය ඉහතින් සඳහන් කරන 03ටම සම්බන්ධය. රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති ධුරය තිබූ කාලයේ ඔහු ගත්  පියවර සියල්ලම වාගේ පදනම් වුණේ IMF එකෙන් දුන් නියෝගවලට අනුවය. ඔහු එකඟ වූ සමහර කොන්දේසි නිසා ආර්ථිකයේ අනාගත ඉරණම මේ වනවිටත් තීරණය වී හමාරය. ඔහු විසින් එකඟ වෙනලද  කොන්දේසි අතර නව මහ බැංකුව පනත සහ ආර්ථික පරිවර්තන පනත වැනි නීති නිසා රටේ ආර්ථික වර්ධනය සිදුවිය යුත්තේ IMF එක බලාපොරොත්තු වෙන ආකාරයටය.

දැන් වත්මන්  ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ගමන් කරන්නේ ද වික්‍රමසිංහ ආණ්ඩුවේ පීල්ලේ ම ය. මෙවර අය-වැය සහ  වික්‍රමසිංහ රජයේ අවසාන අය-වැය අතර ඇත්තේ පුදුම සමානකමකි. රනිල් වික්‍රමසිංහ  මහතා ජනාධිපති වී සිටියා නම් මේ රජයේ අය-වැයෙන් විශාල ප්‍රමාණයක් ඔහුගේ අය-වැය බවට පත්කර ගන්නා බව ඉතාමත් පැහැදිලිය.

අය-වැය ප්‍රකාශයේ වැයවීම් සඳහා වූ උපකල්පන බරපතළ ආකාරයෙන් ඉදිරිපත් විය. එහෙත් ආණ්ඩුවට මුදල් ලැබෙන්නේ කෙසේද යන්න පිළිබඳව එතරම් පුළුල් අදහසක් එහි ඉදිරිපත් වූයේ නැත.

අනෙක් අතට එක පැත්තකින් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති සහ අනෙක් පැත්තෙන් ජ.වි.පෙ. ප්‍රතිපත්ති අතර දෝලනයක් මෙවර අය-වැය තුළ පෙන්නුම් කරන බව ඉතාමත් පැහැදිලිය. වත්මන් ආණ්ඩුවේ අය-වැය තුළ සම්පූර්ණ වශයෙන්ම තිබෙන්නේ ජ.වි.පෙ. නායකයන් පසුගිය වසර කීපය තුළ කියූ කතාවලට සම්පූර්ණ විරුද්ධ අදහස්ය. මීට පෙර ජ.වි.පෙ. කීවේ IMF එකඟතා සංශෝධනය කරන බවය. දැන් කියන්නේ සංශෝධනය නොකරන බවය. ඒ අය මීට ඉස්සර කීවේ රාජ්‍ය ආයතන වෙනත් පරිපාලන සමාගම් යටතට පත් නොකරන බවය. දැන් කියන්නේ එම රාජ්‍ය  සමාගම් පරිපාලන සමාගම් යටතට පත් කරන බවය. ඒ අය ඉස්සර කීවේ රාජ්‍ය ඉඩම් පෞද්ගලික කොම්පැණිවලට දෙන්නේ නැති බවය. දැන් කියන්නේ රාජ්‍ය ඉඩම් පෞද්ගලික ව්‍යවසායකයන්ට ලබාදෙන බවය.

සරලව කිවහොත් මේ අය-වැයේ  තිබෙන බොහෝ දේවල් මීට පෙර හැමදාම වගේ ජ.වි.පෙ. විසින් විවේචනය කරන ලද හා එරෙහි වූ ඒවාය. තවම කෙලින්ම කියා නැත්තේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වැනි දේවල් කරනවා කියා පමණය. තමන් විරුද්ධ වූ අනෙක් හැම දෙයක්ම පාහේ මේ ලේඛනයේ දක්වා ඇත.

ඒ අනුව මේ ආණ්ඩුවේ ආර්ථික ගමන් මග ‘‘වික්‍රමසිංහ මහතා නොමැතිව යන ඔහුගේම ගමන් මාර්ගයක්’’ බව මගේ අදහසය. වික්‍රමසිංහ මහතා විසින් IMF එකේ සමහර නිර්දේශවලට එකඟ වූ බව පෙනෙන්නේ යම් ආකාරයක විරුද්ධත්වයක්ද සමගිනි. ඔහුගේ අය-වැය තුළ සමහර IMF එකඟතා ගැන කීවේ යම් ආකාරයක ප්‍රශ්නකාරී ආකාරයෙන්ය. එහෙත් මෙවර අය-වැයේ පෙනෙන්නේ වික්‍රමසිංහ මහතාට තිබුණු සැක සංකා කිසිවක් මේ ආණ්ඩුවට නැතිවා වගේය. වික්‍රමසිංහ මහතාටත් වඩා මේ ක්‍රමය  ගැන විශ්වාසයකින් වත්මන් ආණ්ඩුව ඉන්නවා වගේය. වික්‍රමසිංහ මහතා ලැජ්ජාවෙන් වගේ කියූ දේවල් මේ ආණ්ඩුවේ අය කියන්නේ  ආඩම්බරයෙන්ය.

ඒ නිසා මේ ආර්ථික ගමන් මාර්ගය නිමාවිය හැක්කේ IMF එකේ ‘බෙන්ච් මාර්ක්’ ඉටු කරන්නට නොහැකි වන තැනකින් යැයි සමහරුන් නගන තර්කයට පදනමක් තිබේ.

 

දේශපාලනය කොයිබටද ?

ආණ්ඩුවේ දේශපාලනය ගමන් කරන්නේ ඒ අය කියූ ආකෘතිවල නොවන බව මාගේ අදහසය. සමහර ආයතනවල දේශපාලන බළල් අත් එළිපිටම වැඩ කරන බව දැන් දැන් පැහැදිලිය. සමහර විශ්වවිද්‍යාලවල දේශපාලන පදනම මත විෂය දැනුම බලන දිනය වැඩි ඈතක නොවන බව මගේ නිරීක්ෂණය ය.

රජයේ සමහරුන්ගේ කතා ඇසෙන විට සිතෙන්නේ තවමත් රජය කරන්නේ එක්කෝ වික්‍රමසිංහ කෙනෙක් කියාය. නැත්නම් රාජපක්ෂ කෙනෙක් කියාය.

තවත් පැත්තකින් පෙනෙන්නේ වත්මන් රජයේ සමහරුන් ඇත්තටම සිතන්නේ මේ රටේ ආයිත් කවරදාවත් වෙන ආණ්ඩුවක් පත් නොවන ආකාරයෙන්ය. වත්මන් ආණ්ඩුව  වසර 25 තිබෙන  බව කියන සමහරුන්, එසේ වසර 25ක් ආණ්ඩුව තිබිය යුත්තේ ජනතාවගේ කැමැත්ත තිබුණෝතින් බව කියන්නේ නැත.

මෙහිදී අපගේ අවධානය යොමු විය යුතු කාරණයක් වන්නේ මේ රටේ ‘‘විප්ලවයක්’’ සිදු වී නැති බවය. ජාතික ජන බලවේගයට ඡන්දය දුන් බහුතරය ජ.වි.පෙ. පාක්ෂිකයන් නොවන බව ඉතාමත් පැහැදිලිය. ඒ අය වත්මන් ආණ්ඩුවට ඡන්දය දී ඇත්තේ අනෙක් හැමෝම කෙරෙහි තිබෙන විරෝධයට මිස ජ.වි.පෙ. ගැන තිබෙන විශේෂ කැමැත්තක් නිසා නොවන බව මගේ කියවා ගැනීමය. ඒ හුඟක් අය 2015 මෛත්‍රිට ඡන්දය දුන් අතර 2019 ගෝඨාභයට ඡන්දය දුන්නෝය. ඒ අය ගේ දේශපාලනය පදනම් වන්නේ ‘‘කැමැත්ත ප්‍රකාශ කරනවාට වඩා අකමැත්ත ප්‍රකාශ කරන්නට’’ය. ඒ කියන්නේ පරණ පක්ෂ සියල්ලටම අකැමැත්ත පෙන්නීම පසුගිය මැතිවරණයේ පෙනී ගිය එක් වැදගත් කාරණයක් බවය.

දැන් මේ තත්වය තුළ වත්මන් රජයේ පැවැත්ම තීරණය වන්නේ නිර්පාක්ෂික, මධ්‍යම පංතික, සමාජ කණ්ඩායම් මතය. ඒ නිසා ‘එම ජනතාව යනු’ තමන්ගේ පක්ෂයේ අය යැයි සිතීමේ ක්‍රියාදාමයෙන් සිදුවන්නේ ඉහත නිර්පාක්ෂිකයින් වෙනතක් බලා ගැනීමය. එවැනි වෙනස්වීමක් ඉවසන්නට ආණ්ඩුවේ අය පුරුදු විය යුතු බව මාගේ යෝජනාවය.

 

ආණ්ඩුව සහ රජය අතර පරස්පරය

මේ දිනවල ඇසෙන තවත් කතාවක් වන්නේ ආණ්ඩුවේ බලය ජාතික ජන බලවේගයට තිබුණාට රාජ්‍යය තවමත් තිබෙන්නේ පරණ කණ්ඩායම් අතේ කියාය. මේ කියන්නේ මොකක්ද? රාජ්‍යයේ නිලධාරි යාන්ත්‍රණය තමන්ට පාලනය කරගත නොහැකිතාවක් ගොඩනැගී ඇත්නම් එය මට එක් හේතුවක් වන්නේ පවතින නීති- රීතිවලට අනුව තීරණ නොගැනීමය. නිලධාරීන් සහ රාජ්‍ය සේවය වැඩ කරන්නේ දැනට පවතින අණ පනත් හා රෙගුලාසිවලට අනුවය. ඒවාට අකමැති නම් ආණ්ඩුව කළ යුත්තේ තමන්ගේ පාර්ලිමේන්තු බලය පාවිච්චි කර ඒවා වෙනස් කිරීමය. වෙනස් කිරීම හරහා තමන් කැමැති පාලනයක් නිර්මාණය කරමින් ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමය. එසේ නොකොට රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳ දෙස් දෙවොල් කීම තේරුමක් ඇති දෙයක් නොවේ.

මෙවර කිවිදා දැක්මේ අවසානයේ  කිව යුතු තවත් දෙයක් තිබේ. එනම් රාජ්‍ය බදු නීතිය සංශෝධනය කරමින් ඩිජිටෙල් අවකාශයෙන් ව්‍යාපාර  කරන අය සහ සාමාන්‍යයෙන් ඩිජිටෙල් අවකාශයේ සමාජ  මාධ්‍ය හරහා විදෙස් මුදල් උපයන කණ්ඩායම් එල්ල කරමින් සිදුකරන  බදු ගැසීම ඉතාමත් බරපතළ ගැටලුවක් බවයි. මේ කුඩා ව්‍යාපාර කරන අය තමන් විසින්ම නිර්මාණය කරගන්නා ලද අවකාශයක කරන මෙම ව්‍යාපාරවලට සියයට 15ක බද්දක් ගැසීම මේ මොහොතේ සුදුසු නොවන බව මගේ අදහසය. එමගින් සිදුවිය හැකි දෙයක් වන්නේ මේ කණ්ඩායම් උන්ඩියල් වැනි ක්‍රම හරහා ස්වකීය මුදල් ගෙන්වා ගැනීමට යා හැකිවීමය. එය පැති කීපයකින් රටේ ආර්ථිකයට අනතුරුදායක බව පැහැදිලිය. ඒ නිසා ඒ පිළිබඳව අවධානය  යොමු කිරීම වැදගත් බව ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

(*** මහාචාර්ය චරිත හේරත්)



අදහස් (0)

ආණ්ඩුවේ මග කියන අයවැය

ඔබේ අදහස් එවන්න

කිවිදා දැක්ම

ආණ්ඩුවේ මග කියන අයවැය
2025 පෙබරවාරි මස 28 95 0

වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයාගේ රට කරවීමේ ක්‍රියා කලාපය පිළිබඳව මූලික විමර්ශනයක් කිරීමට තරම් කාලයක් මේ වනවිට ගතවී ඇත. වසර 05ක ආණ්ඩු කාලයක් ඔවුන්ට තිබෙ


දැක්මක් නැති ආණ්ඩුවේ අයවැය
2025 පෙබරවාරි මස 21 2079 12

ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප


ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍ය ඇයි?
2025 පෙබරවාරි මස 14 173 2

මෙවර කිවිදා දැක්මක් ලියන්නේ රටේ පාලනයේ සමහර ක්‍රියා නිසා ආණ්ඩුව විවේචනයට පත් වෙමින් පවතින වෙලාවකය. මේ සතියේ ආරම්භයේදීම සිදුවූ විදුලි විසන්ධිය මේ විව


සහල් පිළිවෙතේ විකෘතිය
2025 පෙබරවාරි මස 07 530 5

ආණ්ඩුව දිගින් දිගටම බත පිළිබඳ ගැටලුව අනා ගනිමින් සිටින බව පෙනේ. සහල් ප්‍රශ්නය අනාගත් ආණ්ඩුව දැන් වී ප්‍රශ්නය ද එසේ වන තැනට කටයුතු කරමින් සිටී. පසුගිය බද


ජනවරම රැකීමේ අභියෝගය
2025 ජනවාරි මස 31 440 1

මෙවර කිවිදා දැක්ම ලියන්නේ රටේ දේශපාලනයේ කිසියම් වෙනස් තත්වයක් පෙනෙන්නට තිබෙන පරිසරයකය. ‘‘වෙනස් තත්වයක්’’ යැයි මා කියන්නේ දේශපාලන බලයේ වෙනසක් සිදු වෙ


ජනාධිපති ආරක්ෂාවේ අපේක්ෂාව
2025 ජනවාරි මස 24 793 5

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධ තීරණය සපුරාම දේශපාලන තීන්දුවක් බව ජනාධිපති අනුර පසුගිය දා කටුකුරුන්දේ රැස්වීමක දී කළ


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 59 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 356 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 488 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site