මෙවර අලුත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑම අවුරුදු උළෙලකදීම අප දුටුවේ රටේ ජනාධිපතිවරයා අවුරුදු නැකැත්වලට ඉතා උනන්දුවෙන් සහභාගී වීම ය. එහෙත් මෙවර ජනාධිපති අනුර කුමාර දිසානායක එසේ කළ බවක් අපි නොදුටුවෙමු. ආණ්ඩුව පාර්ශ්වයෙන් නිලනොලත් ලෙස නිවේදනය කර තිබුණේ මුදල් ඉතිරි කිරීම සඳහා ජනාධිපතිවරයා අවුරුදු චාරිත්‍ර නොකරන බවයි.
කැපී පෙනෙන විශේෂය වන්නේ, ජනාධිපතිවරයා මාර්තු 14 වැනි දා මුස්ලිම්වරුන්ගේ ඉෆ්තාර් උත්සවය අරලියගහ මන්දිරයේ ඉතා ඉහළින් සැමරීම ය. විශාල පිරිසක් ඊට සහභාගී වී සිටිනු දැකගත හැකි වූ අතර, එම උත්සවයට රුපියල් මිලියන ගාණක් වැය වන්නට ඇත. කෙසේ වෙතත්, උපරිමයෙන් රුපියල් 250ක් වැය විය හැකි කිරී ඉතිරීමේ නැකත සිදුකිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබුණේ නැත. ජනාධිපතිවරයා තම පාර්ලිමේන්තු මංගල සැසියට සහභාගී වන අවස්ථාවේ දී ජයමංගල ගාථා කීම ද කිසියම් හේතුවක් මත අතහැර දැමූ බව අපි දුටුවෙමු.
සිංහල අලුත් අවුරුද්ද යනු මෙරට විශාලතම සංස්කෘතික උළෙලය. මිලියන ගණනාවක් මෙරට ජනතාව මතු නොව විදේශවල සිටින සිංහල ජනතාව ද මෙය සමරති. එහි විශේෂය නම් සියලුදෙනා එකම අවස්ථාවක, එකම වේලාවක එකම නැකතක මේ චාරිත්‍ර ඉටු කිරීමයි. ඒ තුළ සුවිශේෂ සංකේතීය වැදගත්කම් රැසකි. ගම් නගර, දේශ විදේශ සියලු භූගෝලීය විෂමතා කිසිදු භේදයකින් තොරව එකම වේලාවක එකම සිතිවිලි සහිතව ඒකාත්මික කරන මෙවැනි උත්සවයක් ලොව නැති තරම් ය.
මෙය ඈත අතීතයේ සිට ලංකාවේ සිංහලයන් සිදුකළ චාරිත්‍රයක් බව ඉතිහාසගත කරුණුවලින් ද තහවුරු වේ. එවක එම උත්සව සඳහා රටේ නායකයා ලෙස රජු සහභාගී විය. එදා අද වැනි මාධ්‍ය නොතිබූ අතර අඬබෙර ආදිය ගැසීමෙන් නැකත් වේලාව සඳහා ජන සමූහ ඒකාරාශී කරගත් බව කියැවේ. මෑත කාලයේ රූපවාහිනී, ගුවන්විදුලි ආදිය පැමිණීමත් සමගම පැරැණි මාධ්‍ය තවදුරටත් අවශ්‍ය නොවූ අතර, රූප සහ ශබ්ද සහිතව රටේ නායකයා ද අදාළ අවුරුදු නැකත් සිදුකරන ආකාරය රට පුරා ලොව පුරා දැකගත හැකි විය.
ජනාධිපතිවරයා රටේ ප්‍රධාන ජන සමූහයේ ප්‍රමුඛතම සංස්කෘතික උත්සවයට සම්බන්ධවීම මගින් කියා සිටින්නේ තමන් මේ සංස්කෘතියේ ප්‍රධාන ධජය දරන්නා බවයි. රටක ජනතාවක් විසින් එම රටේ නායකයා පත්කරනු ගනු ලබන්නේ දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික වශයෙන් රටක් සංවිධානය කිරීම සඳහා ය. මේ සියල්ල එකට බැඳී තිබෙන පුරවැසි ජීවිතයේ අවියෝජනීය අංශයෝය. උදාහරණයක් ලෙස අවුරුදු උළෙල ආර්ථික සහ සංස්කෘතික වශයෙන් එකිනෙකින් වෙන්කළ නොහැකි ය. බක් මාසයේ හෙවත් අවුරුදු මාසයේ ඔබ අවට පරිසරය දෙස බැලුවහොත් එය මනාව පෙනී යනු ඇත.
ගස් වැල් පලින් බර වී තිබෙන අතර ගොවිජනයා තම අස්වැන්න නිවසට ගෙන අටුකොටු පුරවා තිබෙන කාලයකි. සියලුදෙනාගේ සිත් තුළ යම් සතුටු හැඟීම් ඇතිව තිබෙන සමයකි. සතා සිව්පාවාට පවා එය වෙනසක් නැත. ඒ අනුව, අවුරුදු යනු කෘත්‍රිම පනවා ගැනීමක් නොව, ස්වභාවධර්මය සමග තාර්කිකව ඒකාත්මික වීමකි. එවන් සංස්කෘතික සහ ආර්ථික තාර්කිකවත්වයක් තුළයි රටේ නායකයා සහ පුරවැසියා මේ ක්‍රියාදාමය තුළ එකම වර්ගයේ සිතිවිලි සමග එක්වන්නේ.
රටේ නායකයා මෙම උත්සවයට සහභාගී වීම තුළ තිබෙන තවත් වැදගත් පණිවුඩයක් තිබේ. ඒ නම්, මේ සංස්කෘතික වටිනාකම් පද්ධතිය පෙර දවස මෙන්ම ඉදිරි අනාගත පරම්පරාවලට ද රැගෙන යාම සඳහා විශාල උත්තේජනයක් වීමයි. ජනාධිතිවරයාම එම ආදර්ශය ලබාදීමෙන් එය තවදුරටත් ශක්තිමත් වේ.
එහෙත් මෙවර රුපියල් 250ක් වියදම් කර නැකතට කිරි උතුරුවා මේ මාහැඟි අවුරුදු සිරිත ඉටුකිරීම ජනාධිපතිවරයා අතහැර දැමීම අප තේරුම්ගත යුත්තේ කෙසේ ද? වියදම් පක්ෂය ගැන සිතා අන් කාලවල පරිදි රූපවාහිනිය ඔස්සේ සජීවී ව ජනාධිපතිවරයාගේ ක්‍රියාව විකාශය නොකර සිටීමට අපට යම් සමාවක් දිය හැකි ය. කෙසේ වෙතත්, වියදම් සාධකය මීට කිසිසේත්ම හේතු වූ බව අපි නොසිතමු. එසේ සිතීමට තරම් මෝඩයෝ මෙරට නොවෙසෙති.
ජනාධිපතිවරයා රටපුරා ගොස් දේශපාලන වේදිකාවල කරන ප්‍රකාශ දිනපතා රූපවාහිනී තිර මත විනාඩි ගණන් දිගහැරෙන අවස්ථාවක, වසරකට වරක් කෙරෙන ළිපගිනි මෙළවීමක් එක තප්පර තිහක් පමණ පෙන්වීමෙන් ආණ්ඩුවට රුපියල් කෝටි ගාණක පාඩුවක් වන්නේ නැත. අවම වශයෙන් අවුරුදු සිරිත කරන ආකාරය ඡායාරූපගත කොට මාධ්‍යට නිකුත් කළ හැකිව තිබුණි. මාධ්‍යට බැරිනම් තම සමාජ මාධ්‍ය පිටුවේ එසේ කළ හැකිව තිබුණි. ඒ කිසිවක් මේ ලිපිය ලියැවෙන මොහොත දක්වා පළ කර නැත. ඉන් කියැවෙන්නේ ජනාධිපතිවරයා සිංහලයාගේ මහා සංස්කෘතික උත්සවය මගහැරි බවයි. අන් කිසිදු සාධාරණ නිගමනයකට ඒමට තරම් අපට සාධක නැත.
එක් අතකින් චිර සාම්ප්‍රදායික ජයමංගල ගාථා කීම අතහැරි ඔහු ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවෙන්ම වගන්තිගත කර තිබෙන බුදුදහමට තිබෙන සුවිශේෂත්වය පිළිබඳ අයිතිය උල්ලංඝනය කළේය. අනෙත් අතින්, සිංහලයාගේ මුඛ්‍යතම සංස්කෘතික රිද්ම නියෝජනය කරන සිංහල අවුරුද්ද සැමරීම අතහැර දැමුවේ ය.
මේවා නොකරන ජනාධිපතිවරයා, ඒ වෙනුවට පසුගිය මාස 7 ඇතුළත මහා විශ්වකර්ම වැඩක් රට වෙනුවෙන් කර තිබේදැයි අපි ප්‍රශ්න කරමු. කිසිවක් කර නැත. කළ එක ම දෙය වූයේ වරින් වර බදුබර වැඩිකොට ජනතාවගේ ජීවිතය තව තවත් දුෂ්කර කිරීම පමණි. එහෙත් දිනපතා රූපවාහිනි තිර මත කියැවෙන මහප්‍රාණ බොරුවල නම් අඩුවක් නැත. පුරසාරම්වල නම් නිමක් නැත.
දැන් දැන් ආණ්ඩුවට අවශ්‍ය වන්නේ තවදුරටත් මෙරට බෙදුම්වාදීන්ට අවශ්‍ය ලෙස ඔවුන්ගේ වෛරී සිතිවිලි සංතර්පණය කරන ක්‍රියා සිදුකිරීම බව පෙනේ. අලුත්ම එක නම්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තාවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් තබාගෙන ප්‍රශ්න කිරීමය. මීට වසර 18කට පෙර, එනම් 2006 වසරේ සිදුවූ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා කොළඹ දී අතුරුදන්වීමට සැක ලෙස ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. මේ පිළිබඳ පැමිණිල්ල පවා සිදුකර ඇත්තේ 2025 වසරේ ය. ඊට පෙර එවැනි චෝදනාවක් පවා හිටපු මහඇමතිවරයාට එරෙහිව එල්ල කර නැත. ඇරත් පුද්ගලයකු අතුරුදන් කිරීම ත්‍රස්තවාදය සම්බන්ධ ක්‍රියාවක් ලෙස කෙසේ අර්ථ දැක්වූවාදැයි අපි නොදනිමු. සමස්තයක් ගත් විට පෙනී යන්නේ, පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම සඳහාම පැමිණිල්ලක් ගෙන්වාගෙන ඔහු කොටු කර තිබෙන බවයි.
උත්ප්‍රාසජනක කාරණය වන්නේ, අද බලයේ සිටින ආණ්ඩුව කරන ප්‍රධාන දේශපාලන පක්ෂ වන ජනතා විමුක්ති පෙරමුණ 1991 මාර්තු 08 වැනිදා එවක කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ඔහුගේ කාර්යාලයේදීම වෙඩිතබා ඝාතනය කිරීම පිළිබඳ ස්ථාපති චෝදනාවයි. නැගෙනහිර උපකුලපති අතුරුදන්වීම සහ කොළඹ උපකුලපති ඝාතනය කිරීම අතර වෙනස බැලුවහොත් වඩාත් වැඩි තීව්‍රතාවෙන් යුතු චෝදනාව වන්නේ කොළඹ උපකුලපති ඝාතනය කිරීමය. නැගෙනහිර උපකුලපතිවරයාට කුමක් සිදුවිණිදැයි අපට තීරණය කළ නොහැකි ය. ඔහු අතුරුදන්ය. එවක ඇතැම් පිරිස් විදේශගත වී අනවර්ථ නම්වලින් ජීවත්ව සිට තිබේ.
අප මේ උපකුලපතිවරයා ගැන දන්නේ නැත. එහෙත් ඝාතනය කළ මහාචාර්ය විජේසුන්දර ගැන අපි දනිමු. ඔහු ඝාතනය කළේ ද ජනතා විමුක්ති පෙරමුණ බව බැහැර කිරීමට හේතු නැත. එවන් තත්වයක දී, සමාන සිදුවීම් දෙකක්, සමාන නොවන චෝදනා තීව්‍රතා දෙකක් සහිත මේ චෝදනා දෙකට පිල්ලෙයාන්ට සේම, නැතිනම් පිල්ලෙයාන්ට වඩා චෝදනා එල්ල වන්නේ ජනතා විමුක්ති පෙරමුණ වෙතයි. කෙසේ වෙතත්, ස්ටැන්ලි විජේසුන්දර ඝාතනය ගැන ආණ්ඩුව සහ පොලීසිය නිහඬ අතර නැගෙනහිර උපකුලපති අතුරුදන් කිරීම ගැන උනන්දු ය.
අප අවධාරණයෙන් විමසා සිටින්නේ, පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන මේ ආකාරයෙන් රඳවා තබා ගන්නේ, ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් කැඩී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සමග එක්වී මෙරට ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියා කිරීම නිසා ද යන්න ය. කරුණා සහ පිල්ලෙයාන් නොමැතිව ලංකා හමුදාවට නැගෙනහිර පළාත මුදා ගැනීම මහත් දුෂ්කර වන්නට ඉඩ තිබුණි. නොහැකි වන්නට ද ඉඩ තිබුණි. එසේ වූයේ නම් උතුර කොහොමත් බේරා ගැනීමට නොහැකි වේ. මෙන්න මේ කාරණය නිසා පිල්ලෙයාන් ගැන බෙදුම්වාදී කණ්ඩායම් අද ද පසුවන්නේ වෛරයෙනි. යහපාලන ආණ්ඩුව පැමිණි විගස කළේ ද පිල්ලෙයාන් වසර 5ක් පමණ රැඳවුම් භාරයේ තබා ගැනීමයි. පසුව නඩු නොමැතිවම ඔහු අධිකරණය මගින් නිදහස් කෙරුණි. අද ද සිදුවන්නේ එදා ක්‍රියාදාමයම බව පෙනේ. මේ සම්බන්ධයෙන් මෙරට සාමයට ළැදි ජාතිමාමක පුරවැසියන් සහ සංවිධාන පෙළ ගැසිය යුතු බව අපි අවධාරණය කරමු.
මේ සියල්ලෙන් පෙනී යන්නේ, එක් පැත්තකින් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මෙරට සංස්කෘතික මූල විනාශ කිරීම සඳහා සූක්ෂමව ක්‍රියා කරමින් සිටින අවස්ථාවක අනෙක් පැත්තෙන් ශ්‍රී ලාංකේය ජාතිය නැවත වරක් ඔසවා තැබීම සඳහා ඉතා දුෂ්කර අභියෝග කරට ගත් දේශප්‍රේමීන්ගෙන් පිළිගැනීමට ද කටයුතු කරමින් සිටින බවය. මේ සියල්ල සිදු කරන්නේ, ජන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය යොදාගෙන කරන මහා මුසාවාද රැල්ලක් නිර්මාණය කරමින් ජනතාව එම මුසාවන් තුළ හිරිවට්ටවා තිබෙන පසුබිමක ය. මෙය ඉවසිය යුතු ද? ඒ අනුව, ජාතියට අන්කවරදාකටත් වඩා සූක්ෂම අභියෝග එල්ල වී තිබෙන බව තේරුම් ගෙන මේ මුළාවෙන් මිදී නැවත වරක් එකාසේ නැගී සිටිය යුතු කාලය මේ බව මේ නව වසරේ අධිෂ්ඨාන කරගනිමු.
(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ
මෙවර අලුත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ
සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම
අත්අඩංගුවට ගැනීම ම දඬුවමක් වන තැනට අද ලංකාවේ නීති පද්ධතිය පහත වැටී තිබීම අප බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි. පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනා
මේ දිනවල රටේ මතුවෙමින් පවතින දේශපාලනය තේරුම් ගැනීමත් තරමක් අපහසුය. ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන්නේ පුදුම සහගත ගැටලුවලටය. අය – වැය පිළිබඳ පාර්ලිමේන්තු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉහළින් ගිලිහුණු උළෙල