සකල ලෝක වාසී ජනයා දරුණු මානසික කම්පනයකින් දිවි ගෙවන මොහොතක මෙරට ජනයා අත් විඳින ඛේදජනක තත්ත්වය වඩාත් ව්‍යාකූල එකකි. ඊට හේතුව, මාරාන්තික වසංගත ව්‍යසනය පිළිබඳ ඍජු ජාතික ප්‍රතිපත්තිමය ස්ථාවරයක් නැතිකම ය. වසංගතවේදය, ප්‍රජා වෛද්‍ය වේදය, සහ වයිරස් අධ්‍යයන විද්‍යාව පිළිබඳ විශේෂ දැනුමක් ඇති අයගේ නිරීක්ෂණ, නිගමන, අනාවැකි සහ යෝජනා එක පැත්තකය.
රටේ මහජන සෞඛ්‍ය පිළිබඳ කාලාන්තරයක් තිස්සේ ප්‍රායෝගිකව සහ ක්‍රියාකාරීව නිරත වන අයගේ දැනුම, අත්දකීම්, යෝජනා, සහ අනාවැකි තවත් පැත්තකය. පොදු මහජනයාගේ මරණීය අත්දැකීම්, දුක් අදෝනා, වැළපීම් මත පදනම් වූ ඉල්ලීම් සහ යෝජනා තව පැත්තක ය. ඒ සියල්ල දැන දැන රටකර වන අයගේ සහ ඊළඟට රටේ පාලනය ලබා ගැනීමට බලා සිටින අයගේ වාදවිවාද, චෝදනා කරගැනීම්, පුරසාරම් දෙඩවීම් තවත් පැත්තක ය. ඒ සියල්ල මැද රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට තම දිවි දෙවැනි කොට වැඩකරන සෞඛ්‍ය අංශවල සියලු මට්ටම් හි සහෝදර සහෝදරියන් ය. එහෙත් කළ යුත්තේ කුමක්දැයි කවුරු කවුරුත් දැන සිටියත් ඒ යුත්ත සිදුවන බවක් පෙනෙන්නට නැත. අසාදිතයන් වාර්තා වීම දහස් ගණනින් ය. මිය යන සංඛ්‍යාව සිය ගණන් ය. අපි අපේ දුක අපටම කියාගන්නා අතිශයින් ම අසරණ තැනකට ඇද වැටී ඇත. මෙවර ‘කිවි දා දැක්ම’ ලියැවෙන්නේ එවැනි පසුබිමක ය.
මේ රට ගැන, මේ රාජ්‍යය ගැන තවමත් ලේ නෑකමක් බැඳීමක් දැක්මක් කැක්කුමක් තිබේ නම් ඒ අපේ පරම්පරාවට ය. මේ මොහොතේ තරුණ පරම්පරාවට ලෝක දැක්මක් තිබිය හැකි වුවත් ඔවුන්ට ජාතික දැක්මක් ඇත්නම්, ඒ ඉතා අඩු නොසැලකිය යුතු තරමේ පිරිසකට ය. ඊට හේතු බොහෝය. 56 පියවරුන්ගේ දරුවන්ටත් ඒ දරුවන්ගේ දරුවන්ටත් තිබූ ජාතික විමුක්ති දැක්ම සහ හැඟීම අලුත් පරම්පරාවට නැත.
එසේම අලුත් යැයි අප කියන පරම්පරාව යනු 77 පියවරුන්ගේ දරුවන්ගේ පරම්පරාව ය. එසේම එය ගුණාත්මක නියාමනයක් රහිත වෙළඳපොළ විසින් සමාජානුයෝජනය කළ නැතහොත් හීලෑ කළ පරම්පරාවකි. ජාතික විමුක්ති භාව රහිත පරම්පරාවකි. ඇතැම් ජාතිකවා දී යැයි කියාගන්නා වුන් පවා ගල් පිළිම නොව බොල් පිළිම ය. ඒ ගැන ඒ පරම්පරාවට දොස් නගා පලක් නැත. මන්ද ඒ පරම්පරාව වනාහි හේතුවල ප්‍රතිඵලයක් මිස අර්බුදයේ මුල් හේතුව නොවන නිසා ය.
වෙළඳපොළ බලවේග සහ ඊට අවනත වූ රාජ්‍යය විසින් විමුක්තිකාමී පරම්පරාව අඩපණ කොට, ඒ පරම්පරාවේ අය අලුත් පරම්පරාවේ වීරයන් සහ පරමාදර්ශ බවට පත් වීමේ සියලු අවස්ථා සහ ඉඩකඩ වළක්වාලී ය.
දැන් අලුත් පරම්පරාවේ වීරයන් සහ පරමාදර්ශ වී ඇත්තේ වෙළඳපොළ විසින් යෝජනා කරන අය සහ දේවල් වෙති. එම නිසා වැටි වැටී නැගිටින අප කළ යුත්තේ මේ අලුත් පරම්පරාව බරසාර වැඩක කොටස්කරුවන් කර ගැනීම මිස එවැනි වැඩක් තනිවම ඔවුන් කරනු ඇතැයි සිතා පාඩුවේ සිටීම නොවේ ය. මන්ද ඔවුන්ට ඇත්තේ ද අපේ පිහිට ම ය.
ජාතියක් සහ රාජ්‍යයක් ලෙස අප මුහුණ දෙමින් සිටින්නේ ඉතිහාසයේ දරුණුතම ව්‍යසනයකට ය, මාරාන්තික අනතුරකට ය. මෙය ජාතික ව්‍යසනයක් මිස ශ්‍රීලනිප හෝ පොහොට්ටු හෝ එජාප හෝ සජබ හෝ ජවිපෙ හෝ පෙරටුගාමී හෝ වෙනත් දේශපාලන කණ්ඩායම්වල තනි වගකීමකට හෝ වගවීමකට හෝ භාර දී අන් අයට අහක බලාගෙන සිටිය හැකි අර්බුදයක් නොවේ ය. ඒ බව අප කවුරුත් වටහා ගත යුතුම ය. එසේම එය බල දේශපාලන ක්‍රීඩාවේ පිට්ටනියක් සහ වෙළඳපොළ ජාවාරමක් බවට පත් නොකරගෙන සමගිව අර්බුදය ජය ගැනීමේ මාවතකට අප යා යුතුම ය.
එය ආණ්ඩුව ට විපක්ෂයේ අය දමා ගසන, විපක්ෂයට ආණ්ඩුව දමා ගසන, ජනයා ආණ්ඩුව ට දමා ගසන, ආණ්ඩුව ජනයාට දමා ගසන අවියක් බවට පත් වී ඇති සැටියක් පෙනේ. ව්‍යසනයෙන් සමාජය ආරක්ෂා කරගැනීමට බාධා කරන නරකම හේතුව එය ය. පළමුව අප මේ ව්‍යසනය වාසි අවාසි දේශපාලනයේ ආයුදයක් වීමෙන් ගලවාගත යුතු ය. අප මේ විනාශ කරගනිමින් සිටින්නේ අනාගතයේ දී නිරෝගී තරඟකරුවන් ලෙස තරග වැදිය හැකි ක්‍රීඩා පිට්ටනියක් ය යන්න වත් මේ සියලු පාර්ශව තේරුම් ගත යුතු ය.
අනිත් කාරණය වන්නේ අදාළ කාරණාවල දී ඒ ඒ ක්ෂේත්‍ර සඳහා වූ ප්‍රාමාණික විශේෂඥයන්ගේ සහ දැනුවත් මැදිහත්කරුවන්ගේ අදහස් සහ යෝජනා ආණ්ඩුව විසින් ගණනකට නොගන්නා බවට සමාජගත වී ඇති මතයයි. ආසාදිත සංඛ්‍යාව දිනෙන් දින වැඩිවීමත්, මිය යන පිරිස දිනෙන් දින වැඩි වීමත් නිසා ඒ මතයට විශාල සමාජ ඉඩක් ලැබී ඇත. එසේම එවැනි ප්‍රමාණික විශේෂඥයන් සහ දැනුවත් නිල මැදිහත්කරුවන් සිය දැනුම සහ නිරීක්ෂණ මත පදනම්ව මාධ්‍ය හරහා මුදා හරින අදහස්, පණිවිඩ සහ යෝජනාවලට සමාජය තුළ ඇත්තේ විශාල පිළිගැනීමකි, විශ්වාසයකි. එසේ නම් අප ඉදිරියේ ඇති තීරණාත්මක ප්‍රශ්නය වන්නේ කළ යුත්තේ කුමක් ද යන්න ය. අපේ සම්භාව්‍ය කියමනක් සිහියට නැගේ. එනම් “දෑසත් පෙනේ නම්, මඟ හොඳට තියේ නම්, කිම බැදිවල යන්නේ, මං මුළා වූ අයකු සේ”යනු ඒ කියමන සහිත කවිය ය. ජීවිතය යනු මූලික අයිතියකි. ජීවත්වීම යනු මූලික නිදහසකි. ඊට රැකවරණය සහ ආරක්ෂාව ලබාදීම රාජ්‍යයක පරම වගකීමකි, යුතුකමකි.
මේ සඳහා අවශ්‍ය වන්නේ සමඟියකි. නිකම්ම නිකන් සමගියක් නොව ජාතික සමඟියකි. එවැනි සමගියක් නැතිව මේ ව්‍යසනය පරාජය කළ නොහැකි ය. මෙහි දී ඉහත කී සියලු පාර්ශව එක ජාතික සභාවක් විය යුතු ම ය. රටක ජාතිකත්වය ගොඩ නැගිය හැක්කේ සමගි සම්මුතියකින් මිස බෙදී වෙන් වී නොවේ ය. ජපාන ජාතිකත්වය ගොඩ නැගුණු හේතු අතර ප්‍රමුඛ වූයේ භාහිර සහ අභ්‍යන්තර කාරණාවලට සමගි සම්මුතිව මුහුණ දීම ය. ජපාන අධිරාජ්‍යය ගොඩ නැගුණේ බාහිර බලවේග යටත් කර ගැනීමෙනි. එය එරට ජාතිකත්වය ගොඩ නගා ගැනීමට අදාළ ප්‍රබල හේතුවක් විය. ඉන් පසු ඔවුන්ගේ ජාතිකත්වය ගොඩනැගුණේ මහා සහ ඛේදනීය අභ්‍යන්තර විනාශයක් පදනම් කර ගනිමිනි. දෙවැනි ලෝක යුද්ධයේ දී අමෙරිකා එක්සත් ජනපදය ජපානයට සිදුකළ මහා ජන සංහාරක විනාශය අද ජපානයේ ශක්තිමත් ජාතිකත්වයේ පදනම ය. එසේ වූයේ ඒ විනාශය නිසා ඉන් ගොඩ ඒම සඳහා ජපානය තුළ ඇති වූ ජාතික සමගි සම්මුතියයි.
අපට එයින් පාඩමක් ඉගෙනගත හැකිය. අපට අධිරාජ්‍යවාදය හරහා ජාතිකත්වයක් ගොඩනැගිය නොහැකි බව ඇත්තකි. එහෙත් අධිරාජ්‍යවාදයට මුහුණ දීම හරහා ජාතිකත්වයක් ගොඩ නැගිය හැකිව තිබුණා. එහෙත් අපට එය කළ නොහැකි විය.
එහෙත් අපට මේ අභ්‍යන්තරික ව්‍යසනය නිසා, ඊට සමගි සම්මුතියකින් මුහුණ දීම හරහා එදා බැරි වුණ ජාතිකත්වය ගොඩනගා ගත හැකිය. ඒ අනුව මේ මොහොත අපට වගකීම් දෙකක් පවරා ඇත. පළමු වැන්න වන්නේ බෙදී නොසිට, එකිනෙකා සමඟ නො ගැටී මේ මොහොතේ රට වෙළාගෙන ඇති ව්‍යසනයෙන් ගැලවීම සඳහා ජාතික සමගි සම්මුතියකින් යුතුව තීන්දු තීරණ ගැනීම ය. ඒ සඳහා දේශපාලන බේදයකින් තොර, රාජකාරිමය බේදයකින් තොර, වෘත්තීයමය බේදයකින් තොර, සමාජ බේදයකින් තොර, සහ පන්ති බේදයකින් තොර ජාතික සම්මුති සභාවක් ස්ථාපිත කරගත යුතුමය. ඒ මත දේශපාලන බේදයට හෝ වෙනත් බේදවලට ඉහළින් පිහිටන ජන ජීවිත රකින ජාතිකත්වයක් හෝ ජාතික සමගියක් ගොඩ නැගෙනු ඇත. දෙවැනි වගකීම වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිරුණු සම්මුතික ශක්තිමත් ජාතික රාජ්‍යක් ගොඩ නගා ගැනීම සඳහා මේ ව්‍යසනය ආධාරකයක් කර ගැනීමය. එහෙත් සිහිතබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ මේ දෙකින් එකක්වත් වෙන් වෙන්ව සිදු කළ නොහැකි බව ය. එය එකම කාසියක දෙපැත්ත ය. මේ රටේ, විශේෂයෙන් ම පාලකයන් මේ කටයුත්තට සූදානම් නොමැති නම් සමස්ත ජන ජීවිතයම අනතුරේ ය.
ගත යුතු නිවැරදි තීරණ නොගෙන සිටීමට අදාළව තර්ක විතර්ක ගෙන එන මා මිත්‍ර චරිත හේරත් වැනි අයට ඒ තර්කවලින්ම මේ ව්‍යසනය ජයගත හැකිනම් එහි ඇති වැරැද්දක් නැත. චරිත මා ප්‍රිය මිතුර, තර්කයෙන් ජයගත හැක්කේ අදහස් ලෝකය මිස දත්ත ලෝකය නොවන බව ඔබගේ හයහතර නොදත් සගයන්ට කියා දෙන්න. මේ ව්‍යසන වයිරසයට ඒ තර්ක ලෝකය අවඥාවට ලක්කොට හමාරය. දැන් අපට සිදුවන්නේ දත්ත, නිරීක්ෂණ, විශ්ලේෂණ, නිගමන සහ ඒ මත පදනම් වන යෝජනා සහ තීන්දු තීරණ මත මේ ව්‍යසනයට මුහුණ දීමට ය. ඒ සඳහා අප කුඩා කල තුන හතර පන්තිවල දී කියවූ, හෙට සිට ඉර පායන්නේ නැතිලු යන ආරංචිය නිසා කළ යුත්තේ කුමක් දැයි සාකච්ඡා කොට තීරණ ගැනීම සඳහා කැලේ කුරුල්ලන් රැස් වූ කුරුලු සභාව ගැන පාඩමේ කවියක් මතකයෙන් දක්වමි. “මේ පොදු විපතෙ දී කවුරුත් එක්වෙමු, පරණ කෝන්තර නොම’ වුස්සා, සැපතට හරවමු මෙ විපත, සමඟිය අවියෙකි. එ පිණිස”. සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා.
(***)
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ
රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ,
ධම්ම දිසානායක
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු
අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ
ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගත් පාලනයක් මේ වන විට ආරම්භ වී ඇත. ලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලය තමන්ගේ ආණ්ඩුව විසින් පත්කරනු ලැබ ඇතැයි පවසන සමහරුන් වත්මන් ජ
මේ දවස්වල රටේ බොහෝ අය කතා කරන්නේ ජනාධිපතිවරණය ගැන නොවේ. එළැඹෙන මහ මැතිවරණය ගැනය. ඒ නිසා මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට බලාපොරොත්තු වන්නේ ‘‘හොඳ පාර්ලිමේන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එකම විසඳුම ජාතික සම්මුතියක්
Raveendra Friday, 13 August 2021 09:29 PM
ඉතාමත්ම හරවත් ලිපියක්... තරුණ පරම්පරාව තමන් උපන් තමාගේ මාතෘභූමිය පිළිබඳව දේශානුරාගය මෙන්ම දියවන්නාව පට්ටියේ "225ම" බලය වෙනුවෙන් "උඩුබුරන" ආකාරය මනා ලෙස විග්‍රහ කර ඇත. එමෙන්ම මෙහි සඳහන් “දෑසත් පෙනේ නම්, මඟ හොඳට තියේ නම්, කිම බැදිවල යන්නේ, මං මුළා වූ අයකු සේ” සහ “මේ පොදු විපතේ දී කවුරුත් එක්වෙමු. පරණ කෝන්තර නොම’ වුස්සා, සැපතට හරවමු මෙ විපත, සමඟිය අවියෙකි. එ් පිණිස” කවි වල නියම අර්ථයන් පට්ටියේ "225ම" දන්නේද යන්නත් ගැටලුවකි. කෙසේ වෙතත් මාගේ මතෘභූමිය ඉක්මණින් මෙම ව්‍යවසනයෙන් මිදේවා යන්න හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමි. ලංකා මාතාවට යහපතක්ම වේවා...!!!