සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්තෙන් හමු වී ඇති ලොව විශාලතම යැයි කියන මැණික් පොකුර ගැන ආරංචිය මේ වනවිට සැලකිය යුතු සමාජ කථිකාවකට හේතු වී ඇත. ඔය කියන පළාත හෝ එහි දිස්ත්‍රික්ක සහ ගම් පමණක් නොව සබරගමුවේ වෙනත් ඕනෑම දෙයක් ගැන අසනවිට කිතියක් වැනි අමුතු ගතියක් ඇති වන්නේ මා කලක් එහි ආණ්ඩුකාරයා ලෙස වැඩකළ නිසා විය හැකිය. එසේම ඒ කළ වැඩ අමතක වන්නට නොදී පළාතේ අයත් වෙනත් පැතිවල අයත් විටින් විට මතක් කරන නිසා වන්නටත් ඇති. කෙසේ වෙතත් සබරගමු මතකය මියෙන තුරු මටත්, ඉන් පසු අනෙකුන්ටත් අමතක නොවන මූලික කාරණා අතරට ශ්‍රී පාද භූමිය නිල පූජා භූමියක් බවට පත් කිරීමට සහ වසර හත්සිය ගණනක් පැවැත්වුණු රත්නපුර මහ සමන් දේවාල පෙරහැර ජාතික උත්සවයක් බවට පත් කිරීමට දුන් මූලිකත්වය සේම 1980 අහාර පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු අංශ ආවරණය වනසේ ප්‍රාදේශීය ආණ්ඩු සඳහා අතුරු ව්‍යවස්ථා සම්පාදනය කළ ප්‍රථම පළාත බවට සබරගමුව පත්කිරීම, රටේ පළමු වරට ජාතික සහ පළාත් කිතුල් සංවර්ධන අධිකාරියක් පිහිටුවීම සැලසුම් කොට සමාජ ගත කිරීම වැනි ක්‍රියා හේතු වනු ඇති.
ලියමන පෞද්ගලික ආත්ම කථනයකට යන හැඩකි. ඒ නිසා ඉන් මිදී අගතියකට නො වැටී මැණික් පොකුර ආශ්‍රිත කථිකාව මුල් කරගෙනම මෙවර ‘කිවි දා දැක්ම’ පෙළ ගැස්සවීමට උත්සාහ කරමි.
මැණික් පොකුර මුල් කරගෙන මතු වී ඇති කථිකාවේ මා සිත් ගත්ම තේමාව වන්නේ එහි අයිතිය පිළිබඳ කතාබහය. මා මිත්‍ර නිර්මාල් රංජිත් දේවසිරි සමාජ මාධ්‍ය හරහා මතුකොට තිබුණේ මෙම මැණික් පොකුරේ අයිතිය පෞද්ගලික වීම සාධාරණ ද යන්නය. ඊට ප්‍රතිචාර දැක්වූ බොහෝ අයගේ මතය වී ඇත්තේ එය පොදු නැතහොත් රාජ්‍ය අයිතියට පත්විය යුතුය යන්නය. මා ද ඒ මතය දරන්නෙකි. අප සිටින්නේ, වසර මිලියන ගණනක්, එනම් හෝමෝසේපියන් මානව පරම්පරාව බිහිවීමටත් වසර මිලියන ගණනකට පෙර, විශ්වයේ සහ පෘථිවියේ විවිධ හේතුඵල හෝ දයලෙක්තික විපර්යාසවල ඵලයක් ලෙස නිර්මාණය වූ බොහෝ දේවලට මිලක් සහ පෞද්ගලික අයිතියක් කියාපාන, පසුගාමිත්වය ප්‍රගතිය යැයි උත්කර්ෂයට නංවන සමාජ මොහොතකය. එසේම සියලු පොදු දෑ පෞද්ගලික අයිතියේ නාමයෙන් අව-භාවිතා වන සමාජයකය. බොහෝ සමාජ පීඩන සහ අර්බුදවලට හේතුව මෙයය. මේ ගැටලුව යම් පමණකට හෝ විසඳිය හැක්කේ රාජ්‍යයටය. එහෙත් රාජ්‍යය දැන් රඟපාන්නේ ඕනෑම පොදු දෙයක් පෞද්ගලික අයිතියට පත් කරන අතරමැදියාගේ, තැරව්කරුවාගේ සහ පහසුකාරකයාගේ භූමිකාවය.
ලෝකයේ හැම තැන ම එහෙම නැත. පෞද්ලිකත්වය භුක්ති විඳිය යුත්තේ පොදු බව යටතේය යන රාජ්‍ය ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක වන රටවල් ලෝකයේ ඇත. ඇත්තටම ඒවා නූතන රාජ්‍යයන්ය. ඒවායේ ජනතාව සමාජීයවත් පෞද්ගලිකවත් සතුටින්ය. එහෙත්, “මහරජ ඔබ මේ පොළොවේ භාරකරු මිස අයිතිකාරයා නොවේ” යන බෞද්ධ දේශනාව වසර දහස් ගණනකට පෙර අසා ඇති, සහ එතැන් සිට යළි යළි පුනරුච්ඡාරණය කරන මෙරට එවැනි රාජ්‍යයක් බවට තවම පත් වී නැත්තේ පොදුබව යටකොට, අව-භාවිතාකොට පෞද්ගලිකත්වය අශිෂ්ට ලෙස උත්කර්ෂයට නැංවීම නිසාය.
රාජ්‍යයක කාර්යභාරය විය යුත්තේ පොදු යහ පැවැත්ම සඳහා භෞතික සහ මානව සම්පත් නිසි ලෙස කළමනාකරණයය. එවැනි පසුබිමක පුද්ගලභාවය ද ආරක්‍ෂිතය. මෙවැනි මතවාදී පදනමක සිට මා යෝජනා කරන්නේ මහ පොළොවේ ඛනිජ සම්පත් පොදු අයිතියට පත් විය යුතුය යන්නය. එම මතය අන්තවාදයකට ගෙන යන්නේ නැතිව මා ඉදිරිපත් කරන අතරමැද යෝජනාව වන්නේ ඛනිජ සම්පත් මිල කරන්නේ නම්, අලෙවිකරන්නේ නම් ඉන් වැඩි ප්‍රතිශතය හිමිවිය යුත්තේ රාජ්‍යය නම් වූ භාරකාර ආයතනයටය යන්නය. එනම් රාජ්‍යයටය, පොදු සමාජයටය. මේ යෝජනාව මැණික්වලට පමණක් නොවේය. වැලි, ගල්, ගස්, පස්, ජලය, වෙනත් ඛනිජ යනාදී සියල්ල මීට අදාළය. ඉන් ලබන ආදායම පොදු ජන සුබ සිද්ධිය සඳහාය. එය එසේ වන්නේ නම් මහපොළොවට එරෙහි නින්දිත සහ විනාශකාරී ක්‍රියා බොහොමයක්ම නවතිනු ඇත. රාජ්‍යයත් පෞද්ගලිකව අපත් මේ ස්වභාව ධර්මයේ භාරකාරයෝ මිස අයිතිකරුවෝ නොවෙති.
මැණික් පොකුර අරබයා මතු වී ඇති තවත් කතා බහක් වේ. එය මතු වන්නේ අනෙකුත් මැණික් වෙළෙන්දන් සහ මැණික් ගැන ප්‍රමාණවත් දැනුමක් ඇත්තන් අතුරින් ය. ඔවුන්ට අනුව මෙය ලක්ෂ හතරක පහක මිල වටිනාකමක් ඇති මැරුණු මැණික් (පාෂාණ) එකතුවකි. ඇතැමෙකුට අනුව එහි ඇත්තේ ලක්ෂ දහයක පමණ කෞතුක වටිනාකමක් පමණි. තවකෙකුට අනුව මේ සිදුවන්නේ එම පොකුරට බොරු වටිනාකමක් දී වෙන මැණිකක් රටින් පැන්නවීමට දරන උත්සාහයකි. ඔය සියල්ල මැද මැණික් ගැන නොදන්නා මට නම් ඒ පොකුරේ පෙණුමෙන් කිසිම වටිනාකමක් දැනෙන්නේ නැත. එහෙත් ඒ නොදැනුම පදනම් කරගෙන එය නොවටී යැයි කීමට මා හදිසි වන්නේ නැත.
ඔප නො දැමූ මැණික් උපමාවක් ලෙස ගෙන බොහෝ කලකට පෙර එවක ‘රාවය’ පුවත්පතේ කතෘ වික්ටර් අයිවන් මහතා කියූ කතාවක් සිහියට නැගේ. මගේ මතකයේ ඇති ආකාරයට නම් ඔහු කීයේ මහින්ද රාජපක්ෂ යනු කපා ඔප නොදැමූ මැණිකකි. එය කපා ඔප දැමුවොත් වටිනාකම අති මහත්ය. එහෙත් ඔහු වටා සිටින අය ඒ මැණික කපා ඔප දැමීමට ඉඩ දෙන්නේ නැත’ යනුවෙනි. 2000 මැද භාගයේ කියූ ඒ කතාව අදාළද නැත්ද යන්න ගැන විමසීම ජනතාව බාර කරමින් මා එම උදාහරණය රටේ දේශපාලනය සහ දේශපාලකයන් පිළිබඳ විමසීමට යොදා ගැනීම ගැන කෘතහස්ත මාධ්‍යවේදියකු වන අයිවන් මහතා උරණ නොවෙතැයි සිතමි.
කපා ඔප දැමිය හැකි සහ එසේ කළහොත් වටිනාකමින් ඉහළ මැණික් අද දේශපාලනයේ තිබේ ද යන්න ප්‍රශ්නයකට එහා ගිය මහා අර්බුදයකි. පවත්නා දේශපාලන කණ්ඩායම් අතුරිනුත් එවැනි පුද්ගල මැණික් සොයා ගැනීම ඉතා අපහසුය. මන්ද කොයිතරම් කැපූවත් ඔප දැමුවත් මතුවන්නේ, (මැණික් පිළිබඳ විශේෂඥයකු වන ආචාර්ය දුනිල් පාලිත ගුණසේකර දක්වන ආකාරයේ) මැරුණු ස්පටිකය. දේශපාලන පක්ෂ ද ඒ ඝණයට අයත් ය. එහෙම සිතන විට සහ දකින විට අනාගතය බියකරුය, අසරණය. පෞද්ගලික පැවැත්ම සඳහා වූ සමූහ ගත වීම් අපමණය.
එහෙත් සමාජ ප්‍රගතිය සඳහා සමුහ ගත වීම් අතිශයින්ම අල්පය. සමහර පක්ෂ යැයි කියාගන්නා ඒවාට මධ්‍යම කාරක සභාවක් වත් නැත. දේශපාලන මණ්ඩලත් නැත. තියෙන මණ්ඩලත් දෙපත් නයින්ගෙන් සහ මහ සුපින ජාතක කතාවේ එන දෙපැත්තෙන් ම කන අශ්වයන්ගෙන් පිරිලා ය. ඇතැම් තැන්වල කට අරින්නටවත් බැරි අකාරයට ‘ප්‍රජාතන්ත්‍රවාදය’ ය. පක්ෂ යනු පාර්ලිමේන්තුවට යෑම සඳහා වූ විවාහ සහතිකයක් පමණක් බවට පත්කරගත් අයගේ කතා සාප්පුය. එවැනි පසුබිමක ඔප දැමුවොත් වටිනාකම ඉහළ යන මැණික් තිබිය හැකි නොවන බව අප තේරුම් ගත යුතුය. වියතුන් යැයි කියාගත් අය තම දේශපාලන ව්‍යාපාරය පමණක් නොව රටම රවටා ඇති බව සහ ඔවුන් දලන් කෑල්ලක් තරම්වත් වටින්නේ නැති බව දැන්නම් එළිපිටම කීම රටට පාඩමක්ය. නොකීවත් රට ඒ බව තේරුම් ගෙන හමාරය.
දැන් රටට අවශ්‍ය පරණ අය අලුත් යැයි කියාගෙන එන ආණ්ඩුවක් වත් පරණ නායකයන්ම අලුත් යැයි කියාගෙන එන නායකයකු වත් නොව ජාතික වැඩපිළිවෙළක් සහිත විධිමත් මහජන ව්‍යාපාරයක්ය. ඒ ව්‍යාපාරය මඟ හැර දේශපාලනය කිරීමට සහ ඒ ව්‍යාපාරය හරහා පිරිපහදු නොවී දේශපාලනය කිරීමට කිසිවකුට ඉඩ නොලැබෙන ජාතික දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීමට ස්වදේශික ප්‍රගතිශීලීන් සමූහ ගත විය යුතුය. මැණික් කපා ඔප දැමීම ඒ ව්‍යාපාරය මගින් සිදුවිය යුත්තකි. එවිට නායකයන් මතුවනු ඇත. රට අපේක්ෂිත ගමනාන්තය කරා ගෙනයන කප්පිත්තන් නිර්මාණය වනු ඇත. එවිට මහපොළොවේ අයිතිකාරයන් නොව එහි භාරකාරයන් බලවත් වී ගෞරවාන්විතව ප්‍රීතිමත්ව නිදහසින් සිටින මනුෂ්‍යයන්ගේ පමණක් නොව සියලු සතුන්ගේත් සොබාදහමේත් පරිපූර්ණත්වය සහිත සමාජයක් නිර්මාණය කළ හැකිවෙනු ඇත. මා මිතුරු චරිත හේරත් වෙළඳපොළ සිදුරකින් හෝ මේ දෙස බලනු ඇත යන්න මගේ බලාපොරොත්තුවය.
කොළඹ විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ,
ධම්ම දිසානායක
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු
අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ
ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගත් පාලනයක් මේ වන විට ආරම්භ වී ඇත. ලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලය තමන්ගේ ආණ්ඩුව විසින් පත්කරනු ලැබ ඇතැයි පවසන සමහරුන් වත්මන් ජ
මේ දවස්වල රටේ බොහෝ අය කතා කරන්නේ ජනාධිපතිවරණය ගැන නොවේ. එළැඹෙන මහ මැතිවරණය ගැනය. ඒ නිසා මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට බලාපොරොත්තු වන්නේ ‘‘හොඳ පාර්ලිමේන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඔප නොදැමූ නිල් මැණික්
Raveendra Friday, 30 July 2021 11:09 AM
අප රටේ පවතින අසූචි දේශපාලනය පිළිබඳව කර ඇති විග්‍රහය ඉතාමත්ම නිවැරදිය. ඇත්තෙන්ම අප රටේ තිබෙන සියලුම පක්ෂවල ඉන්නේ දේශපාලඥයින් නොව. එය ඉතාමත්ම අවාසනාවකි. "ඉන්නා තරමක්ම ඉන්නේ දේශපාලුවන්ය". මෙය රටේ තිබෙන සියලුම පක්ෂවලට අදාලයි. දේශපාලුවන් යනු රට විනාශ කරන "පාහරයින්ය". මෙම අදහස් අප රටේ තිබෙන සියලුම පක්ෂවල ඉන්නා දේශමාමක, දේශ හිතෛෂී යයි කියාගන්නා හරකුන් සියල්ලන්ටම කියවීමට හැකි වේවා...!!!
විජිත් Friday, 30 July 2021 05:04 PM
මේ මැණික් පොකුර ගැන මහත් වූ ප්‍රශ්න රැසක් ඇතිවෙලා තියෙනවා. මේ රටේ සිටින මැණික් පිළිබඳ හසල දැනුමක් ඇති "මැණික් විශේෂඥයින්" ඒ වගේම මැණික් මුදලාලිලා කියන්නේ මේ "පණු ගලක්" කියයි. එහි අරුත මිය ගිය මැණික් පොකුරක් යන්නයි. මගේ ඉතාම හිතවත් මිතුරෙකුගේ නිවසේ සාලයේත් මෙවැනිම ගලක් තියෙනවා. ඒකත් කිලෝ 10ක් විතර ඇති. ඔවුන් කියන්නේ මෙහි ආර්ථික වටිනාකමක් නැති බවයි. නමුත් සමහරු, කෞතුකාගාර, ප්‍රදර්ශනාගාර අලංකාර කිරීමට යොදාගන්නා බව කියනවා. ඒ වගේමයි මේ මැණික අයිති මහත්මයත් කියන්නේ " මේකේ වටිනාකමක් නැහැ .." කියලයි. ඔහුත් මැණික් ගැන දන්නා කෙනෙක්. මට නම් හිතෙන්නේ මේ (වටිනාකමක් නැතැයි පවසන) මැණික පිටුපස සැඟවුණු ලොකු කතාවක් තියෙනවා කියලයි. මෙට්‍රික් ටොන් 1/2 පමණ බර මේ ගල විද ඒ තුල වටිනා මැණික් ඇතුළුකොට රටින් පිට කිරීමට "රාජ්‍ය අනුග්‍රහයෙන්ම " කරන වැඩක්ද මේ...? හොර රැලක් විසින් පාලනය කරන රටක එවැනි දෙයක් නොවිය හැකිද...? පොලිසියේ, ඒවගේම රේගුවේ කොන්ද පණ ඇති, කාටවත් නොනැමෙන, අවංක නිලධාරී මහත්වරුන් තවමත් ඉන්නවා නම්.. ඒ අයට මෙන්න අවස්ථාවක්....