ආණ්ඩුව විවිධ පෙරමුණුවල දැඩි පීඩනයට හසුවෙමින් තිබෙනු දැකිය හැකි ය. මෙහි විශේෂය නම් මෙම පීඩනය අන්කවරෙකු හෝ විසින් එල්ල කරන ලද එකක් නොව, තමන් විසින්ම නිර්මාණය කරගන්නා ලද එකක් වීමය. එක් අතකින් ආණ්ඩුවට සහල් ප්‍රශ්නය විසඳා ගැනීමට නොහැකි වී තිබේ.
විසඳනු වෙනුවට එය තවත් උග්‍ර කර ඇති සෙයකි. මේ අතර, අනපේක්ෂිත ලෙස කතානායකවරයාගේ උපාධි ප්‍රශ්නය අන් ප්‍රශ්න ඉක්මවා පෙරට පැමිණ ඇති සෙයකි. ඒ මැද ආණ්ඩුව පසුගිය තෙමස තුළ සමරමින් සිටි ජයග්‍රාහිත්වය නොදැනීම පළාගොස් තිබෙන බව පැහැදිලි ය. මේ තත්වයට ආණ්ඩුව කෙසේ මුහුණ දේදැයි ඉඳුරාම කිව නොහැකිය. මන්ද මේ තරමේ ආණ්ඩුවක් අප ඉතිහාසයේ අත්දැක නැති හෙයිනි. ඇතැම් විට පමණ ඉක්මවා ප්‍රචණ්ඩ ලෙස වත්මන් තත්වයට ප්‍රතිචාර පවා දැක්වීමේ සම්භාවිතාවක් ඇත. මන්ද විපක්ෂයේ සුවයහන්වල අනුන්ගේ වැරදි පමණක් දකිමින්, තමන් පිළිබඳ මහේශාඛ්‍ය ලෙස අත්තුක්කංසනයක යෙදුණු ඔවුන්ට මේ පීඩනය බර වැඩි තරම්ය.
සහල් ප්‍රශ්නයේ දී ආණ්ඩුව කටයුතු කළේ මහාපරිමාණ මෝල් හිමියන්ගේ අවශ්‍යතා අනුව බව පැහැදිලිව පෙනී යන්නකි. මුලින් ම මෝල් හිමියන් කළේ වෙළෙඳපොළ තුළ සහල් හිඟයක් නිර්මාණය කිරීමයි. එම කාර්ය සඳහා මෙම මෝල් හිමියන් ඉතා දක්ෂ ය. හිඟය නිර්මාණය වීමට අවශ්‍ය ලෙස වෙළෙඳපොළට නිකුත් කළ යුතු සහල් ප්‍රමාණය ගැන ඔවුහු මනාව දනිති. ඒ අනුව පසුගිය මාස 4 පමණ තුළ ක්‍රමයෙන් සහල් හිඟ වූ අතර, එසේ වන විට ඉල්ලුම හා සැපයුම අතර නොගැළපීම මතින් මිල ඉහළ යාම සිදු වේ. මේ අතර යමක් හිඟ වන විට පාරිභෝගිකයා නිසඟයෙන් කරන්නේ ඒවා වැඩිපුර මිලට ගෙන රැස්කර තැබීමයි. එවිට පවතින හිඟ තව තවත් වැඩි වේ.
සහල් හිඟ වන විට සමාජය කැළඹිලිසහගත වන අතර ආණ්ඩුව මැදිහත් වීම සිදුවේ. මහා පාරිමාණ වෙළෙඳුන් නෙත් අයාගෙන සිටින්නේ මේ අවස්ථාව එනතුරු ය. එය අනිවාර්යයෙන්ම එන බවද ඔවුහු දනිති. මෙවර තම කූට අරමුණු ඉතා හොඳින් ඉටු කර ගැනීමට හැකි බව ඔවුන් දැන සිටියේය. මන්ද ප්‍රායෝගික දැනුම හා අත්දැකීම් නැති ආණ්ඩුව තමන්ට රිසි සේ හැසිරවිය හැකිය. එය එලෙසම වූ බව අපි දුටුවෙමු.
ඒ අනුව, ජනාධිපති අනුර කුමාර මහතා සහල් මෝල් හිමියන් සමග පසුගිය දා සාකච්ඡාවක් පවත්වන ලද අතර, එම සාකච්ඡාවේ හැඩයෙන් පෙනී ගියේ එය පූර්ණ ලෙස මෝල් හිමියන් සමග කලින් එකඟ වී මාධ්‍ය ඉදිරියේ කළ රංගනයක් බවයි. ජනාධිපතිවරයා මවාගත් දැඩි ස්වරයකින් කියන්නේ, දැන් සෙල්ලම් කළා ඇති බවත්, හෙට සිට අහවල් සහල් තොග මෙච්චරයි සිල්ලර මෙච්චරයි කියා නොසිටිය යුතු බවත්ය. එහි දී නාඩුවලට තොග මිල ලෙස රුපියල් 225ක් ද සිල්ලර මිල ලෙස රුපියල් 230ක් ද නියම කෙරේ. ප්‍රශ්නය මතුවන්නේ මෙහිදීය. ඒ හේතු කීපයක් නිසාය.
මීට මාස තුන හතරක පෙර වෙළෙඳපොළේ නාඩු සහල් තිබුණේ රුපියල් 190-200 අතර ය. එහෙත් ඒවා 240-50 වූයේ මේ හිඟය නිසාය. කෙසේ වෙතත්, ජනාධිපවරයාගේ සාකච්ඡාවෙන් පසු සිදු වූයේ අර කෘත්‍රිමව නිර්මාණය කළ හිඟය නිසා මිල ඉහළ ගිය සහල්වලට නීත්‍යානුකූලභාවයක් හිමි වීමයි. ඒ අනුව රුපියල් 200ට මිල කළ හැකි සහල් කිලෝවකට ජනාධිපතිවරයා විසින් අවම වශයෙන් රුපියල් 20ක අමතර මිලක් ලබා දුන්නේය. අප අමතක නොකළ යුත්තේ මෙම සහල් යනු වැඩිපුර මුදල් ගෙවා ගොවීන්ගෙන් මිලට ගත් ඒවා නොව, රුපියල් 190-200ට දෙනවිටත් තිබුණ සහල්ම ය. ඒ අනුව කිසිදු පරිශ්‍රමයකින් තොරව රුපියල් කෝටි ගණනක් එක් රැයකින් උපයා ගැනීමට මෝල් හිමියන්ට හැකි විය. ඇත්ත වශයෙන්ම එය ඔවුන් ලද විශාල ලොතරැයි දිනුමකි.
මෙහි අනෙක් පැත්ත කුමක්ද? එනම් මෙම නියම කළ තොග සහ සිල්ලර මිල සිල්ලර කඩ හිමියාට විශාල අසාධාරණයක් කිරීමයි. රුපියල් 225ට නාඩු කිලෝවක් ගෙන එය රුපියල් 230ට විකිණිය නොහැකිය. මන්ද රුපියල් 5 කින් සියලු පිරිවැය දරාගෙන ලාබයක් ලැබිය නොහැකි නිසාය. ප්‍රවාහන ගාස්තු, කම්කරු ගාස්තු ආදී බොහෝ අමතර ගාස්තු එම රුපියල් 5න් ආවරණය කරගත නොහැකි හෙයිනි. තවද පාරිභෝගිකයා වෙනුවෙන් මල්ලක් ද ලබාදිය යුතු හෙයිනි. මේ කිසිවක් සැලකිල්ලට නොගෙන මෝල් හිමියන් සමග පමණක් සාකච්ඡා කොට මිල නියම කිරීම විසඳුමක් වෙනුවට නිර්මාණය කළේ අර්බුදයකි.
මෙහි ප්‍රතිඵලය වන්නේ සිල්ලර වෙළෙන්දා වෙළෙඳාමෙන් ඉවත් වීමයි. මන්ද ඔවුන්ට අතින් පාඩු කරගෙන ව්‍යාපාර කිරීමේ අවශ්‍ය නැති නිසා ය. ඒ අනුව පාරිභෝගිකයාට වැඩි මිලට හෝ සහල් මිලට ගැනීම මේ නිසා අහිමි වේ.
ජනතාවගේ ජීවිතවල ඍජුව බලපාන ප්‍රශ්න විසඳීම මේ ආකාරයෙන් ආණ්ඩුව අසමත් වන විට වෙනත් පෙරමුණුවල ද ආණ්ඩුවට අභියෝග එල්ල වී තිබේ. ඒ විශේෂයෙන්ම කතානායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පාදක කරගෙන ය. මේ වනවිට තම ආචාර්ය උපාධිය ඔප්පු කරන ලෙස කතානායකවරයාට අභියෝග එල්ල කර තිබේ. කෙසේ වෙතත්, ඔහුගේ ප්‍රතිචාරය වී ඇත්තේ එම අභියෝගයට පිළිතුරු දියයුතු නැති බවයි. ආණ්ඩුවේ සෙසු පිරිස් ද එම ස්ථාවරයේම සිටින බව පෙනේ.
මෙය බරපතළ තත්වයකි. විශේෂයෙන්ම මේ හරහා අභියෝගයට ලක් වන්නේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවයි. එහි විස්වසනීයත්වය දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද එය යහපත් තත්වයක් නොවේ. කතානායක යනු රටේ තුන්වැනි පුරවැසියා ලෙස ගැනෙන තනතුරකි. ජනාධිපති, අගමැති හා අනතුරුව එන්නේ කතානායකය. ඒ අනුව එය අසෝක රංවල නමැති ජවිපෙ සාමාජිකයාට වඩා බොහෝ උසස් ය. එය ජවිපෙ නමැති දේශපාලන ව්‍යාපාරය පිළිබඳ ප්‍රශ්නයක් නොව, රටේ රාජ්‍ය හා ජනතා පරමාධිපත්‍ය පිළිබඳ ප්‍රශ්නයකි. අනෙක් කාරණය නම්, 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පසු පාර්ලිමේන්තුව අන් කවදාකටත් වඩා රාජ්‍ය සමග සමීපව බැඳී තිබේ. ඒ ව්‍යවස්ථාදායක සභාව පදනම් කරගෙනයි. රටේ අගවිනිසුරුගේ සිට පහළට පත් කිරීම් සියල්ල කරනු ලබන්නේ මෙම සභාවේ අනුමැතිය සහිතවයි. එවිට අදාළ උත්තරීතර ආයතනයේ ප්‍රධානියා වංචනිකයකු නම්, සිය පෞද්ගලික අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ බොරු කියා ඇති පුද්ගලයකු නම් එය බරපතළ තත්වයකි. ඒ හරහා මෙම තනතුර පිළිබඳ තිබෙන ගෞරවය හා විස්වාසය මතු නොව, එමගින් ගන්නා තීන්දු තීරණ ගැනද විශ්වාසය කඩවීම සිදුවේ.
එම තත්වය තුළ ආණ්ඩුව කළ යුත්තේ කතානායකවරයාට තම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ තහවුරු කරන ලෙස ඉල්ලා සිටීමය. එසේ තහවුරු කළ නොහැකි නම් ඔහුට ධුරයෙන් ඉල්ලා අස්වීමට බල කළ යුතු ය.
මෙහි දී අවධාරණය කළ යුත්තේ කතානායක ධුරය දැරීමට උපාධි අවශ්‍ය බව නොවේ. ඒවා කිසිසේත්ම අවශ්‍ය නැත. ජනතා නියෝජිතයකු වීම හොඳටම ප්‍රමාණවත්ය. එහෙත් මේ ප්‍රශ්නය ඒ ගැන නොවේ. තමන්ට ආචාර්ය උපාධියක් තිබෙන බව කියාපා එය ඇත්ත වශයෙන්ම නොතිබීමයි. මුල දී පාර්ලිමේන්තු වෙබ් අඩවියේ කතානායකවරයාගේ නමට ඉදිරියෙන් ආචාර්ය යන්න පැහැදිලිව සඳහන් විය. එහෙත් මේ අභියෝගය එල්ල වීමත් සමග දැන් එය ඉවත් වී තිබේ. කෙසේ වෙතත්, මෙම ලියුම්කරු පාර්ලිමේන්තු වෙබ් අඩවිය බ්‍රහස්පතින්දා දින පරීක්ෂා කරන විටත් එහි ඇතැම් ලේඛනවල ආචාර්ය ලෙස සටහන් වී තිබුණි.
මේ අතර, කතානාකවරයා සම්බන්ධ තොරතුරු පළ වී තිබෙන විකිපීඩියා පිටුවේ ද මීට පෙර ආචාර්ය ලෙස සටහන් ව තිබූ අතර දැන් මේ වන විට එය එතැනින් ද අතුරුදන්ව ඇත. ඉන් අදහස් වන්නේ කතානායකවරයාට තම සුදුසුකම් තහවුරු කිරීම සඳහා සාක්ෂි නොමැති බව ද? තම ආචාර්ය උපාධිය ලබා ගත්තේ ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයෙන් බව අශෝක රංවල මහතා කියා ඇත. එහෙත් එම විශ්වවිද්‍යාලයෙන් එම නමින් කිසිවකු ආචාර්ය උපාධි ලබා ගෙන නැත. මුල් උපාධිය ලබාගත් බව කියන මොරටුව විශ්වවිද්‍යාලයෙන් බව ඔහු සඳහන් කර ඇත. එහෙත් එම කාරණය ද මේ වන විට අභියෝගයට ලක්ව තිබේ.
මේ සියල්ල මගින් කියා පාන්නේ මාලිමා ආණ්ඩුවේ කතාව හා භාවිතාව අතර පරතරය දැන් එන්න එන්නම වැඩිවෙමින් තිබෙන බවයි. ජවිපෙ මාලිමා ආණ්ඩුව සෙසු සියලු ආණ්ඩුවලට සහ ඒවායෙහි නායකයන්ට චෝදනා කළේ හොරුන්, වංචනිකයන් හා වැඩ බැරි මිනිසුන් ලෙසය. ඒ අනුව තමාට බලය දෙන ලෙසත් එසේ දුන්නොත් මේ සියල්ල වෙනස් කරන බවත් ඔවුහු ශපථ කළහ. පොරොන්දු ඉටු කිරීම පිළිබඳ ප්‍රශ්නය මදකට පසෙක තැබුව ද අවම වශයෙන් තම පෞද්ගලික ජීවිතවල සුජාතභාවය පවා දැන් ප්‍රශ්න කිරීමට ලක්ව තිබේ. එසේ ප්‍රශ්න කරන විට දැන් ඔවුන් තෝරාගෙන ඇත්තේ ඒවාට පිළිතුරු නොදී පළා යෑම ය. ඒ පසුබිම තුළ ඇතැමුන් චෝදනා කරන්නේ, ඇත්ත වශයෙන්ම 76 වසරක ශාපය රට වෙලාගෙන ඇත්තේ දැන් බවයි.
(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම
අත්අඩංගුවට ගැනීම ම දඬුවමක් වන තැනට අද ලංකාවේ නීති පද්ධතිය පහත වැටී තිබීම අප බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි. පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනා
මේ දිනවල රටේ මතුවෙමින් පවතින දේශපාලනය තේරුම් ගැනීමත් තරමක් අපහසුය. ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන්නේ පුදුම සහගත ගැටලුවලටය. අය – වැය පිළිබඳ පාර්ලිමේන්තු
ආණ්ඩුවේ ජනප්‍රියත්වය කොතරම් අඩුවී ඇතිදැයි කිවහොත් සහ එය ආණ්ඩුවට ද කොතරම් දැනී ගොස් ඇතිදැයි සිතුවොත්, ජනාධිපති අනුර කුමාර මහතා දළදා ප්‍රදර්ශනයක් තැබී
වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයාගේ රට කරවීමේ ක්‍රියා කලාපය පිළිබඳව මූලික විමර්ශනයක් කිරීමට තරම් කාලයක් මේ වනවිට ගතවී ඇත. වසර 05ක ආණ්ඩු කාලයක් ඔවුන්ට තිබෙ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
කතාවේ භාවිතාවේ පරතරය
sene Friday, 13 December 2024 03:56 PM
මහජන නියෝජිතයන් වගකීම් සහ වගවීම් රහිතව හැසිරීම්, සිතෙන දේ ජනතාවට ප්‍රකාශ කිරීමෙන් ඇති වන අවිනිශ්චිතතාව ප්‍රචණ්ඩත්වය තුලින් ඉදිරියට පැමිණිය හොත් අපේ රටේ මලගම . එසේ නොවීමට කතාවට සෑම දේ සීමා නොකොට පොරොන්දු දුන් ලෙස ක්‍රියා කිරීම අරඹන්න.
Asitha Sunday, 22 December 2024 04:32 PM
ඕන පචයක් කියලා මිනිස්සුන්ට ඕනේ බලය ගන්න. ඊට පස්සේ කරන්නේ ඒකම නේ... යන්නේ එකම පාරේ. දැන්නම් යන්නේ පාරෙ නෙවේ කාණුවේ...