හදිසියට අතමාරුවකට ඉල්ලාගත් මුදලක් ආපසු ගෙවීම ප්‍රමාද වන්නේ නම් එම මුදල ලබාදුන් පුද්ගලයා ඒ පිළිබඳ සොයා බැලීම සහ එය ආපසු ගෙවන ලෙසට ඉල්ලීමක් කිරීම ස්වභාවික යුක්ති ධර්මයට එකඟ ය. මුදල කෙතරම් සුළු වුවත් ඒ ගැන සොයා බලා එය ආපසු අයකර ගැනීමට සුදුසු පියවරක් ගැනීමට කිසිවකුත් පැකිලෙන්නේ නැත. ඒ අතින් මේ රටේ සමෘද්ධි සංවර්ධන අධිකාරිය වාර්තාවක් පිහිටුවා තිබෙන බව ජාතික විගණන කාර්යාලයේ නවතම හෙළිදරව්වෙන් පෙන්වාදී තිබේ. 2023 සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු වාර්ෂික වාර්තාව උපුටා දක්වමින් මේ හෙළිදරව්ව සිදුකර ඇත.
එම වාර්තාවට අනුව ලබාදුන් මුදලින් ආපසු අයකර නොගෙන තිබෙන මුදල රුපියල් කෝටි 5329ක් බව සඳහන්ය. රජයේ විවිධ අවශ්‍යතා සඳහා සමෘද්ධි ඉතුරුම් ගිණුම්වලින් ලබාදී තිබූ රුපියල් කෝටි 5329කින් ආපසු අයකරගෙන ඇත්තේ රුපියල් කෝටි 30ක් පමණක් බව ඒ අනුව පැහැදිලි වෙයි. මෙම අතිවිශාල මුදල් ප්‍රමාණය මුදාහැර ඇත්තේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අරමුණුවලින් බැහැරව බවද එහි වැඩිදුරටත් සඳහන්ය. එසේ නම් සිදුවී ඇත්තේ වෙනත් පුද්ගලයන්ගේ අරමුණු වෙනුවෙන් මේ රටේ දිළිඳු ජනතාව ඉතුරු කළ රුපියල් කෝටි 5329ක මුදලක් අතදිගහැර වියදම් කිරීමයි. මෙය හෙණ ගහන අපරාධයක් නොවන්නේද?
සමෘද්ධි ව්‍යාපාරය අරඹනු ලැබුවේම මේ රටේ අන්ත දිළිඳු ජනතාවට ආදායම් මාර්ග සකස් කරදී ඔවුන්ගේ අනාගතයට සවිමත් අඩිතාලමක් දැමීම සඳහාය. සමෘද්ධිලාභීන් තමන්ට ලැබෙන ආදායමෙන් කොටසක් අනිවාර්යයෙන්ම ඉතුරුම් ගිණුමකට යොමුකළ යුතුය. සමෘද්ධි බැංකුව එම ඉතුරුම් ගිණුම්වලින් විශාල වත්කම් සහිත බැංකුවට බවට පරිවර්තනය වී ඇත්තේ සමෘද්ධිලාභීන් දීර්ඝ කාලයක් තිස්සේ කළ එම කැප කිරීම් නිසාය. ඒ කිසිවක් සැලකිල්ලට නොගෙන එකී ඉතුරුම් ගිණුම්වලින් බැංකුවේ අරමුණුවලින් බැහැරව මේ ආකාරයට මුදල් ලබාදීමට කටයුතු කළේ කවුදැයි දැන ගැනීමට මේ රටේ ජනතාවට අයිතියක් තිබේ. එසේ කටයුතු කළ පුද්ගලයන් සිදුකර ඇත්තේ බරපතළ අපරාධමය වරදක් බව අපගේ විශ්වාසයයි. ඔවුන් කවුදැයි වහාම හෙළිකර ගැනීම සමෘද්ධියට සම්බන්ධ සියලු බලධාරීන්ගේ වගකීමකි.
අදාළ මුදල රජයේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් මුදාහැර තිබෙන බවද සඳහන් වෙයි. එකී විවිධ අවශ්‍යතා රජයේ බැවින් දේශපාලන අධිකාරියේ නියෝගවලින් තොරව මෙසේ මුදල් ලබාදීමක් සිදුකළ නොහැක. මුදල් නිකුත් කළ අවශ්‍යතා සඳහන් ලිපිලේඛන පරීක්ෂා කළහොත් ඒ සඳහා බලපෑම් කළ දේශපාලකයන් කවුදැයි හඳුනා ගැනීම අපහසු නැත. අප දන්නා හැටියට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැඩකටයුතුවලට ඇඟිලි ගැසීමට ඉහළ පෙළේ මැති ඇමැතින්ට හැර වෙනත් අයට පහසු නැත. එසේ නම් ලබාගත් මුදල ආපසු නොගෙවීමට වගකිවයුතු මැති ඇමැතිලා සිටිත් නම් ඔවුන්ගේ නම් ගම් ද හෙළි කළ යුතුය. එසේ නොවුණොත් පහත් තැනින් වතුර බසින තත්වයට අනුව සමෘද්ධියේ කෝටි 5359 ක අක්‍රමිකතාව සමෘද්ධි ඉතුරුම් ගිණුම් භාරව සිටි නිලධාරීන්ගේ කරපිටට වැටෙනු ඇත.
මේ රටේ මහජනතාව සතු මුදල් මේ ආකාරයට පිල්ලි යැවීමේ කතා අපට අසා පුරුදු ය. එහෙත් කරුමය වී ඇත්තේ ඒ අක්‍රමිකතාවලට වගකිව යුතු බලවතුන් කවදාවත් හෙළි නොවීම ය. තමන්ගේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් රටේ ඉතා දිළිඳු මට්ටමේ සිටින සමෘද්ධිලාභීන්ගේ ඉතුරුම් මුදල් යොදාගත් දේශපාලන බලවතුන් සිටී නම් ඔවුන් ඒ පිළිබඳව ලජ්ජා විය යුතුය. ඒ සමග කිව යුත්තේ මේ මුදල් ලබාගෙන ඇති රජයේ විවිධ අවශ්‍යතා ලැයිස්තුවේ රටේ සංවර්ධන වැඩසටහන් ද ඇතුළත් දැයි සොයා බැලිය යුතු බව ය. එසේනම් එම වැඩසටහන් රටට ප්‍රයෝජනවත් ආකාරයට අවසන්වී තිබිය යුතුය. එහෙත් ලබාගත් මුදල් ආපසු නොගෙවීමට එය හේතුවක් කරගත යුතු නැත.
රුපියල් කෝටි 5329ක මුදලක් ආපසු ලබා නොගැනීම සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීහු මේ සිද්ධියට වගඋත්තරකරුවන් වී සිටිති. තමන් මේ සඳහා වගකිව යුතු නැතිනම් එයට වගකිව යුත්තන් හෝ රජයේ ආයතන හෝ කුමක්දැයි හෙළි කිරීම ඔවුන්ගේ වගකීම වන බව ද පෙන්වා දිය යුතු ය.
(*** මහාචාර්ය චරිත හේරත්)
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම
අත්අඩංගුවට ගැනීම ම දඬුවමක් වන තැනට අද ලංකාවේ නීති පද්ධතිය පහත වැටී තිබීම අප බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි. පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනා
මේ දිනවල රටේ මතුවෙමින් පවතින දේශපාලනය තේරුම් ගැනීමත් තරමක් අපහසුය. ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන්නේ පුදුම සහගත ගැටලුවලටය. අය – වැය පිළිබඳ පාර්ලිමේන්තු
ආණ්ඩුවේ ජනප්‍රියත්වය කොතරම් අඩුවී ඇතිදැයි කිවහොත් සහ එය ආණ්ඩුවට ද කොතරම් දැනී ගොස් ඇතිදැයි සිතුවොත්, ජනාධිපති අනුර කුමාර මහතා දළදා ප්‍රදර්ශනයක් තැබී
වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයාගේ රට කරවීමේ ක්‍රියා කලාපය පිළිබඳව මූලික විමර්ශනයක් කිරීමට තරම් කාලයක් මේ වනවිට ගතවී ඇත. වසර 05ක ආණ්ඩු කාලයක් ඔවුන්ට තිබෙ
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
ඡන්දයෙන් රට හැරෙන දිසානතිය