IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ජාතික සත්ව අර්බුදය.. දඬූ අපිට.. අපි දඬූට

වගා හානිකරන සතුන් ගැන සමහර පැරැණි ගැමියන්ට තිබුණේ බොහෝ සේ අහිංසාවාදී මතයකි. මගේ අම්මා සහ අප්පච්චීද  දැරුවේ ද එවැනි අහිංසාවාදී මතයකි. වියලු‍වේ බදුලු‍ඔය ගොවි ජනපදයේ කරමැටිය ගමේ අපේ කොලනි ඉඩම බොහෝ සතුන්ගේ අභය භූමියකි. ඒ අතරින් දඬු ලේනා විශේෂ වූවෙකි. ඒ ඔහු ජාතික සත්වයා නිසා නොවේ. සමහර විට ඒ අනිත් සතුන්ගේ නැති හුරුබුහුටිකමක් පිරිසුදු ලස්සන වලිගයක් සහිත පාරිශුද්ධ පෙනුමක් ඔහුට ඇති නිසා විය හැකිය.

කෙසේ වෙතත්  අප දඬුලේනාට කැමති වූ හේතුව එය විය හැකිය. මන්ද අපේ දෙමවුපියන් හතර පෝයට හේනට කුඹුරට ගියේ නැති අය ය. සතුන්ට පමණක් නොවේ ගස්වැල්වලටත් පණ තියෙනවා පුතේ කියූ ඒ අය දඬුලේනුන්ට රිලවුන්ට වඳුරන්ට ඌරන්ට ගිරවුන්ට මොනරුන්ට ඉත්තෑවුන්ට උගුල් ඇටෙව්වේ නැත. ඔවුන්ගෙන් වගා පරිස්සම් කරගැනීමට යොදාගත්තේ අහිංසක කෙම්ක්‍රම ය. හබැයි ඉතින් ඔය අවසරයෙන් ඔය කොයි සතාත් කරපු පාඩු නම් සුළුපටු නැත. කොලනි ඉඩමට එන දඬුලේනුන්ට ගමේ කොල්ලන් ගල් ගසන විට අම්මා ඔවුන්ට කීවේ අපේ වත්තට එන සත්තුන්ට හිරිහැර කරන්න එපා, උන් කන්නේ අපේ ගස්වල තියෙන දේවල් නේ කියලා ය. අනිත් එක සත්තු ඉතින් වගාකරගෙන කන්න නෙවේනෙ, උන් කන්නත් ඕනි අපි වවන දේවල් තමයි කියා ය. කොල්ලන් පසු බසිනවා මිස අපේ අම්මා එක්ක අරියාදුවට ආවේ නැත.

ඒ අතීතය මේ මොහොතේ මතක් වුණේ දඬුලේනා පිළිබඳ ප්‍රතිපත්තිමය සහ තීන්දු තීරණ ගැනීමේ ඇමති මට්ටමේ සාකච්ඡාවක් මාධ්‍ය ඔස්සේ ඇස කන වැටුණු නිසා ය. වගාවලට හානි කරන ප්‍රමුඛ සතුන්ගේ ලැයිස්තුවට අපේ මේ කතානායකයා වන දඬුලේනා ඇතුලත් කර තිබීම නැතහොත් දඬුලේනා අසාදු ලේඛනයකට ඇතුළත් කර තිබීම පිළිබඳ ජාතික සංවාදය මගේ අතීත මතකයට හේතුවය. අපේ ගමේ දඬුලේනාත් එසේ මෙසේ එකෙක් නෙවේ ය. ජාතික වීමට  අවශ්‍ය සියලු‍ සුදුසුකම් ඇති දඬුලේනා ජාතික සත්වයා ලෙස උසස් වීම මට නම් ලොකු ආඩම්බරයකි. කොල්ලන්ගේ වැඩිහිටියන්ගේ රැවුම් ගෙරවුම් ඇනුම් බැනුම් පමණක් නොව කැට මුගුරු පහරට ද ලක්ව අත්තෙන්  අත්තට ගහෙන් ගහට පනිමින් දිවි බේරාගත්, ඇතැම් විට මිය යාමටද සිදුවුණ දඬුලේනා ජාතික සත්වයා වීමට ඇති සුදුසුකම කිසිවකුට ප්‍රශ්න කළ නොහැක්කකි. මන්ද ඔහු මේ රටේ ජනයාගේ වගාවලට කරන අති දැවැන්ත හානිය මට අනුව නම් දෙවැනි වන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිදුකරමින් සිටින හානියට පමණි. දෙවැනිවනවා කිව්වාට අලින් ඌරන් ඉත්තෑවුන් රිලවුන් වඳුරන් මොනරුන් කරන හානි පෙනුමින් ඊට වඩා විශාල බව ඇත්තකි. එහෙත් හුරුබුහුටි දඬුලේනා හෙමින් කරන විනාශයද සුළුපටු නැත. ඒ හේතුව උඩ ජාතික සත්වයා විය යුත්තේ ඒ අතරින් වෙන සතෙකි. එහෙත් අපේ දඬුලේනාත් කරන හානිය තරමක් විශාල නිසාත් රට පුරාම වාගේ ඒ විනාශය සිදුකරන නිසාත් අපි කවුරුත් ඔහුගේ ජාතික තනතුර රැක ගැනීමට උදව් කළ යුතු ය යන්න මගේ යෝජනාව සහ ඉල්ලීමය. මන්ද තාවකාලිකව නැවත තනතුර ලැබුණද එය අවිනිශ්චිත වීමට ඉඩ තිබෙන නිසා ය. එනම් අලින් ඌරන් ඉත්තෑවුන් රිලවුන් වඳුරන් මොනරුන් මී මින්නන් මුවන් ගෝනුන් වැනි පරපුටු සතුන් කොයියම් මොහොතක හෝ අපේ දඬුලේනාගේ ජාතික තනතුර උදුරා ගත හැකි නිසා ය. ඇතැම් විට දඬුලේනා උගුල්වලට අසු කිරීමට මේ පිරිස ඒකාබද්ධව කටයුතු කිරීමට ඉඩ ඇති නිසාය.

මෙයින් බේරීමට දඬුලේනා කළ යුත්තේ කුමක් ද? ඔහු කළ යුතු එකම දෙය වන්නේ අනිත් වගා විනාශක සත්තුන්ට වඩා වැඩියෙන් වගා විනාශ කොට තම ස්ථානයට ළඟා වීමට අනිත් අයට ඇති ජාතික සුදුසුකම් අවම කිරීමය. දඬුලේනා අපේ ගමේ එකෙක් නිසා මගේ සහයත් ඔහුට ලැබෙනු ඇත. වෙනත් යෝජනාවක් ද මට ඇත. අනිත් වගා විනාශක සතුන් වන අලින් ඌරන් ඉත්තෑවුන් රිලවුන් වඳුරන් මොනරුන් මීමින්නන් මුවන් ගෝනුන් යන අයට ජාතික ලැයිස්තුවකින් ජාතික සත්ව තනතුර පිරිනැමීම ඒ යෝජනාව ය. එවිට දඬුලේනා සමඟ අනිත් තරඟකාරී සතුන්ට ඇති අරියාදුව අඩුවනු ඇත. තුනී වනු ඇත. ගැටුම් අඩුවනු ඇත යන්න මගේ ඒ යෝජනාවේ පදනමය. ඒ කොයි හැටි වෙතත් දිවියන් බේරීම සඳහා රූස්ස ගස් කපන වනජීවියට නම් මේ කුමන සතෙක්වත් මුණගස්සන්නට හොඳ නැත. එසේ වුවහොත් ජාතික විපත්තියක් අත ළඟ ය. ජාතික වස්තුවක් සහ එසේ වීමට සුදුසුකම් ඇති සහ එසේ වීමට බලාසිටින සතුන් බොහොමයක් අනතුරේය.

මෙහි තවත් පැත්තක් ඇත. අසාදු ලේඛනයෙන් දඬුලේනා පමණක් නිදොස්කොට නිදහස් කළොත් එය අසාධාරණය. මන්ද අනිත් වගා විනාශක සතුන් සේම ඇත්ත වශයෙන්ම නම් දඬුලේනාද වගා විනාශකයකු වන නිසාය. තවත් පැත්තක් වන්නේ මේ පූර්වාදර්ශය අනුව යමින් අලි ඇත්තු වෙනුවෙන් සමන් දෙවියෝ ද මොනරු වෙනුවෙන් කතරගම දෙවියෝ ද රිලව් සහ වඳුරන් වෙනුවෙන් හනුමා අදහන ඉන්දියාවද සටනට බසින්නට ඉඩක් ඇත. ඒ සතුන්ද නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටිය හැක. බල කෙරනු ඇත. එය ආගමික පමණක් නොව කලාපීය හෝ ජාත්‍යන්තර අර්බුදයක් වීමට ද ඉඩක් ඇත. එබැවින් හොඳම දෙය වන්නේ මේ සියලු‍ සතුන්ට වටමාරු ක්‍රමයට කලින් කලට ජාතික සත්ව තනතුර ලබා දීම මිස වගා විනාශකයන් ලෙස නම් කොට අපහාස කිරීම නොවේය යන්න මගේ මතය ය. කළයුතු වන්නේ පොඩිපහේ ප්‍රතිපත්ති සංශෝධනයක් කොට එක්කෝ ඒ සියලු‍ සතුන්ට ජාතික සත්ව තනතුරු උත්සවාකාරයෙන් පිරිනැමීම ය. නැතහොත් කැබිනට්, නියෝජ්‍ය, රාජ්‍ය, මට්ටමේ ආදර්ශය අනුව යමින් ධුරාවලියකට අනුව තනතුරු පිරිනැමීමය. ඒ අනුව වැඩියෙන්ම වගා විනාශක සතාට ඉහළම තනතුරත් දුන් පසු පිළිවෙළින් වගා විනාශක පරිමාව අනුව තනතුරු ලබා දීමත් සිදු කළා නම් යම් කලකට ප්‍රශ්නය විසඳාගත හැකිය. එසේ යම් කලකට කියා මා කියන්නේ වගා හානි වූ වගා හිමියන් යම් මොහොතක නැගීසිටියහොත් ප්‍රශ්නය අවුල් වීමට ඉඩකඩක් ඇති නිසා ය.

දැන් අපි අප දිහාවට හැරෙමු. දඬුලේන් කතාවේ සංඥා අර්ථ පැහැදිලි කර ගනිමු. අපේ රට ලස්සන වුණාට අපට ඇත්තේ කැත රාජ්‍යයකි. මේ බව මා බොහෝ වරක් ඔබට ලියා ඇත. කියා ඇත. අපේ රටේ ජාතික තනතුරු බොහොමයක් ම වගා විනාශක සත්තුන්ට වඩා සමාජ විනාශක මිනිසුන් අතට පත්වූ සහ පත්වන ඉතිහාසයක එක්කෝ අප සාක්ෂිකරුවන් ය. නැතහොත් සම්පත් දායකයෝය. එසේත් නැතහොත් කොටස්කාරයෝය. ඒ බොහෝ දෙනා සමාජයත් අපේ ජාතික රාජ්‍යයත් විනාශයෙන් විනාශයට ඇදගෙන ගියවුන් නොවේ දැයි සිතා බලමු. එහෙත් මේ වනවිට ඒ විනාශයට මවුවරුන් සහ පියවරුන් නැත. අර්බුදයක් තිබුණාට එයට ඉතිහාසයක් නැත. රටේ දස ලක්ෂ ගණන් ජනයා මූලික අවශ්‍යතා සපුරාගත නොහැකිව දහදුක් විඳිද්දී පාලකයන්ට ඒ ගැන වගේ වගක් නැත. වෙළෙන්දන්ට උපරිම නිදහස දී ජනයා මත පවත්වන පීඩනය ට එරෙහිව පාලකයන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත. වැදගත්ම කරුණ වන්නේ රටට වී ඇති ඛේදවාචකයට මේ කිසිම පාලකයෙක් වගඋත්තර බඳින්නට ඉදිරිපත් නොවීමය. පාලකයන් පරිපාලකයන් සහ ඔවුන්ගේ සහචරයන් නිදොස්කොට නිදහස් වන්නේ මේ අර්බුදයේ සහ ඛේදවාචකයේ වගඋත්තරකරුවන් සහ විත්තිකරුවන් බවට අන්ත අසරණ ජනයා පත් කරමින් ය. එහෙත් ජනයා දන්නේ සහ කියන්නේ මේ අර්බුදය ඛේදවාචකය මුළුමනින්ම පාලක පරිපාලක සහ සහචර බලවතුන් විසින් කළ මහා විනාශයක් බව ය. ඉතින් එවැනි විනාශයක් කරන සහ විනාශ කළ අය ජාතික තනතුරු දරන්නේ නම් එවැනිම සුදුසුකම් හෝ ඊට සමාන සුදුසුකම් ඇති වගා විනාශක සතුන් ජාතික සන්නාම බවට පත් වීම ජාතික වීම නිදොස්කොට නිදහස් කිරීම කිසිවකුටත් ප්‍රශ්න කළ නොහැකිය.

ඉතින්, අප දශක ගණනාවක් තිස්සේ ජීවත් නොවී ජීවත් වන්නේ වගා විනාශක සතුන් ජාතික වූ, ජාතික සන්නාම වූ, කළ විනාශයට දඬුවම් නොලැබ නිදොස්කොට නිදහස් වූ, අඳුරු වනාන්තරයක ය. මේ වනාන්තරයෙන් එළියට ඒමට නම් රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට අනුව ජන සමාජය සාමුහික විය යුතුය. වඩා හොඳ සමාජ දේශපාලන  වැඩපිළිවෙළක් සඳහා සංගායනා කළ යුතුය. සමාජ දේශපාලන ඇගයුම් වටිනාකම් තීරණය කළ යුතු ය. එකඟතා ගොඩනගා ගත යුතු ය යන්න  මෙවර මගේ ‘කිවිදා දැක්ම’ය.

 

(***)


කොළඹ විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​යේ,
ධම්ම දිසානායක

 



අදහස් (2)

ජාතික සත්ව අර්බුදය.. දඬූ අපිට.. අපි දඬූට

විනිවිද Saturday, 20 August 2022 02:44 AM

දඬුලේනා ජාතික සත්වයා වශයෙන් හැඳින්වීම හෝ එම තනතුර හෝ නාමය දඬුලේනාගෙන් ඉවත්කර රටට, සමාජයට සේවයක් කරන්නා වූ සහ ආසියානු කලාපයේ සියලු රාජ්‍යයන්ගේ පෙරහැර සහ වෙනත් උත්සව වෙනුවෙන් යොදාගනු ලබන විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මහනුවර දළදා කරඬුව වැඩම කරවීම, කතරගම කරඬුව වැඩමවීම, කැලණිය සහ ගංගාරාම රජමහා විහාරය ඇතුළු බොහෝ විහාරයන්හි කරඬුව වැඩමවීම පමණක් නොව හින්දු ආගමිකයින්ගේද පුජනීයත්වට පත්වූ අලියා හෝ ඇතා පුරාණ රජදවස සිට අද දක්වාම ශ්‍රී ලාංකිකයින්ගේ සංස්කෘතිය සමග බද්ධව සිටියි. එපමණක් නොව මහමායා දේවිය කුස පිළිසිද ගැනීමට පෙර සුදු ඇත් පැටවකු දැක තිබෙනා බව අතීත ජාතක පොත්පත්වල පවා සඳහන් වේ. සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ගෞරවයට සහ පුජනීයත්වයක් ලබන්නා වූ ඇතා ලංකාවේ ජාතික සත්වයා වුවහොත් " හුරුබුහුටිකමක් පිරිසුදු ලස්සන වලිගයක් සහිත පාරිශුද්ධ පෙනුමක් සහිත දඬු ලේනා හැර " වෙනත් කිසිවකු විරුද්ධ නොවනු ඇත. දඬුලේනුන්, රිලවුන්, වඳුරන්, ඌරන්, ඉත්තෑවුන්, මුවන් වැනි වගාවන්ට හානි කරනාවූ නිසා සතුන් මරාදැමීම වෙනුවට වෙනත් විද්‍යාත්මක ක්‍රම භාවිතා කළහැකිවේ.

:       0       0

[email protected] Thursday, 25 August 2022 04:32 PM

සුපිරි විහිළුවක් ඔබතුමා රට විනාශ කරන දේශපාලුවන්ට කරලා තියෙන්නේ... මොනවා කිව්වත්, කළත් වැඩක් නැහැ.. ඉතින් ඔලමොට්ටල ඡන්ද දායකයින් ඉන්නකන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

කිවිදා දැක්ම

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 616 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එදා - මෙදා දේශපාලක අමුතු කතා
2024 නොවැම්බර් මස 15 871 5

මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු


අලුත් මැතිසබේ නව මන්ත්‍රීන්ගේ අභියෝග
2024 නොවැම්බර් මස 08 441 0

පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු


මැතිවරණ පොරොන්දු සීමා නීතියක්
2024 නොවැම්බර් මස 01 2399 6

අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ


දේශපාලන ආර්ථික අභියෝග
2024 ඔක්තෝබර් මස 25 246 0

ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගත් පාලනයක් මේ වන විට ආරම්භ වී ඇත. ලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලය තමන්ගේ ආණ්ඩුව විසින් පත්කරනු ලැබ ඇතැයි පවසන සමහරුන් වත්මන් ජ


රටට ඔබින පිරිසක් මැතිසබේට
2024 ඔක්තෝබර් මස 11 451 1

මේ දවස්වල රටේ බොහෝ අය කතා කරන්නේ ජනාධිපතිවරණය ගැන නොවේ. එළැඹෙන මහ මැතිවරණය ගැනය. ඒ නිසා මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට බලාපොරොත්තු වන්නේ ‘‘හොඳ පාර්ලිමේන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2008 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site