ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉදිරි දවස් කීපයේදී එම දිනය ප්‍රකාශයට පත් කිරීමේ නෛතික ඉඩ මැතිවරණ කොමිසමට ලැබී ඇත. මෙවර ජනාධිපතිවරණය අන් කවරදාකටත් වැඩියෙන් වැදගත් හා තීරණාත්මක එකක් වනු ඇතැයි බොහෝ අයගේ අදහසය.
මේ සතියේ කිවිදා දැක්මෙන් ලියන්නේ මෙවර ජනාධිපතිවරණයට රට සූදානම් වන මේ මොහොතේ අවධානයට ගත යුතු වැදගත් කාරණා කීපයක් පිළිබඳවය. ජනාධිපතිවරණ සටනට පෙර අපේ අවධානයට යොමුවිය යුතු කරුණු කීපයක් පිළිබඳවය.
ජනමතය විමසීමේ අවශ්‍යතාව
මේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ රටේ දේශපාලනයේ බරපතළ සිද්ධීන් ගණනාවක්ම වාර්තා වී තිබෙන වාතාවරණයකය. 2022 සිට මේ දක්වා වසර 02 කාලයක් තිස්සේ රටේ පාලනය සිදු කරමින් සිටින්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවයකු යටතේය. ඔහු පත්කරනු ලැබුවේ ජනතාව විසින් නොව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 134 විසින්ය. ඒ ජනාධිපතිවරයාත් ඇතුළුව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයක් වන්නේ ‘අරගලයට පසු කාලය’ හෙවත් අර්බුදයට පසු කාලයේ පළමු වරට ජනතාව හමුවේ අනුමැතියක් ලබා ගැනීමටය.
මෙහිදී අපගේ අවධානයට යොමු විය යුතු කාරණයක් වන්නේ මෙවර ජනතාවගේ මතය විමසීමට සමහර දේශපාලන නායකයන් දක්වන උදාසීන ස්වභාවයයි. සමහරුන් ජනාධිපතිවරණය පැවැත්වෙනවාද? නැද්ද? යන්න පිළිබඳව අභිමාර්ථයක් ගොඩ නගන්නේ ඒ නිසාය. මගේ අදහස වන්නේ ජනාධිපතිවරණය යනු හුදු මැතිවරණයක් නොව ඉතාමත් තීරණාත්මක අර්බුදයකින් පසුව රටේ ජනතාවට තමන්ගේ අභිමතය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබෙන වැදගත් අවකාශයක් ඒ තුළින් විවර වන බවයි.
ජනාධිපතිවරණයේ මාතෘකාව
මෙවර ජනාධිපතිවරණයේ මාතෘකාව පිළිබඳව විවිධ අය විවිධ ප්‍රකාශ කරන්නට පටන්ගෙන තිබෙන බව පැහැදිලිය. සමහරුන් කියන්නේ රටේ නීතිය හා යහපැවැත්ම නිර්මාණය කිරීම රටේ අවශ්‍යතාව කියාය. ‘‘හොරකම ඇල්ලීම ප්‍රධාන වැඩේ’’ යැයි සමහරුන් කියන්නේ ඒ නිසාය. හොරුන් ඇල්ලීම ඉතාමත් අවශ්‍ය දෙයක් බව සැබෑය. එහෙත් හොරුන් ඇල්ලීම රටේ ප්‍රධානතම කාර්ය බවට පත් කර ගැනීමේ වටපිටාවක් රටේ ආර්ථික ක්ෂේත්‍රයෙන් පෙන්නුම් කෙරෙන්නේ නැත.
මගේ තේරුම් ගැනීමට අනුව මෙවර ජනාධිපතිවරණයේ මාතෘකාව වන්නේ ආර්ථිකය යළි ගොඩ නැගීමය. ඒ සමග සම්බන්ධ මාතෘකා කීපයක් මෙවර ජනාධිපතිවරණයේ තේමාව බවට පත් වන බව මගේ අදහසය.
එයින් එකක් වන්නේ අප ධනය නිර්මාණය කරන්නේ කෙසේද යන කාරණයයි. ධනය නිර්මාණය කිරීම යනු රජය විසින් පමණක් කරනු ලබන දෙයක් නොවේ. රජයේ ප්‍රතිපත්තිය සකස් කිරීමේ දී රටේ ධනය නිර්මාණය කිරීම සිදු කරන්නේ කුමන පදනම් මතද යන්න පිළිබඳව සිතිය යුතුව ඇත. පෞද්ගලික අංශය රටේ වර්ධනයේ ප්‍රධාන යාන්ත්‍රණය බවට පත් කළ හැක්කේ ඒ සඳහා සුදුසු ප්‍රතිපත්ති රාමුවක් රට තුළ තිබුණහොත් පමණක්ය. ඒ අනුව මේ ජනාධිපතිවරණයේ දී ගතයුතු තීරණයක් වන්නේ රටේ ආර්ථිකය ගොඩ නැගීමේ ක්‍රියාමාර්ගය පිළිබඳවය.
එහිදී පහත සඳහන් අංශ කෙරෙහි අවධානය යොමු කිරීම ඉතාමත් අවශ්‍යය.
(1) ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය කිරීම සඳහා ගත යුතු ක්ෂණික තීරණ කවරේ ද?
(2) අපනයනය වඩාත් වේගවත් කිරීමේ පැත්තෙන් හඳුන්වා දිය යුතු ප්‍රතිපත්ති හා රෙගුලාසි කවරේ ද?
(3) සේවා ආර්ථිකය නව මාවත් ඔස්සේ රැගෙන යා හැක්කේ කෙසේද?
(4) සම්පත් හා අවස්ථා බෙදීයාම වඩාත් සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී බවට පත් කරන්නේ කෙසේද?
(5) විරැකියාව අඩු කිරීමේ උපාය මාර්ග කවරේද?
(6) රාජ්‍යයේ වියදම පාලනය කිරීමේ ක්‍රමෝපාය කවරේද වැනි කාරණා පිළිබඳ මේ ජනාධිපතිවරයාගේ අවධානය මූලික වශයෙන් ලබාදිය යුතු ක්ෂේත්‍රයෝය.
අපේක්ෂකයන්ගේ තත්වය
මේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් සම්බන්ධයෙන් මේ වනවිට විවිධ කතා සමාජයේ මතු වෙමින් පවතී, ජනාධිපතිතුමන් ඒ සඳහා ඉදිරිපත් වන්නේ පොහොට්ටුව හරහා ද නැතිද යන කාරණය තවමත් කවුරුවත් දන්නේ නැත. පෙනෙන විදියට ඔහු (වත්මන් ජනාධිපතිතුමා) තවමත් සිටින්නේ අස්ථාවර තැනකය. ඔහු ඉදිරිපත් වන්නේ නම් ඒ හරහා රටට යෝජනා කෙරෙන්නේ IMF ආයතනයේ න්‍යාය පත්‍රයට අනුව වැඩ කටයුතු කෙරිය යුතු බවයි. එම න්‍යාය පත්‍රය යටතේ තිබෙන්නේ අලුත් අදහසක් නොව මේ රට අගාධයට වැටුණු ආර්ථික උපාය මාර්ගයම බව සමහරුන් දන්නේ නැත. නව ලිබරල් ආර්ථිකය වශයෙන් ජනප්‍රිය වී ඇති වොෂින්ටන් සම්මුතිය යටතේ කළමනාකරණය වන ආර්ථික උපාය මාර්ග මේ රටේ පැළ කරන්නට උත්සාහ ගත්තේ 1980 දශකයේ සිටමය. ඒ උපාය මාර්ය පරාජයට පත් වූයේ මුළු රටේ බරපතළ ගැටලු ගණනාවක්ම ගොඩ නගමිනි. එම ගැටලු අතර බරපතළ ගෙවුම් ශේෂ අර්බුදයක් සහ බරපතළ අය - වැය හිඟයක් මතු වූ බවත් එයින් අත මිදිමට ගත් ණය හේතුවෙන් මේ වනවිට රට බංකොලොත් වී ඇති බවත් අප සැම දන්නා කරුණුය. මේ බංකොලොත්භාවයට හේතු වූ උපාය මාර්ගයට එම අර්බුදයෙන් එළියට ගමන් කිරීමේ මාර්ගය වීමේ හැකියාවක් ඇතැයි මා සිතන්නේ නැත.
මේ ජනාධිපතිවරණයේ දී ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන්නේ විපක්ෂ නායකතුමාය. එතුමන්ගේ ප්‍රතිපත්ති පදනම වන්නේ රාජ්‍යයේ වපසරිය නව ප්‍රතිසංස්කරණයක් සඳහා යොමු කරමින් විශාල ආර්ථික වර්ධනයක් ගොඩ නගා ගැනීමය. එහිදී ඉදිරිපත් කෙරෙන ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව වීමසා බැලීමට ඉදිරි කිවිඳා දැක්මකින් බලාපොරොත්තු වෙමි.
විපක්ෂයේ අනෙක් කණ්ඩායම වන්නේ ජාතික ජනබලවේගයේ අපේක්ෂකයායි. එතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තවමත් පැහැදිලි නැත. විශේෂයෙන්ම රටේ ප්‍රධාන ප්‍රශ්නය වශයෙන් එතුමන්ලා පිළිගන්නේ ආර්ථික ගැටලුව නොව වෙනත් කාරණයක් යැයි සමහරුන් තර්ක කරනු දැකිය හැකිය. හොරු ඇල්ලීම වැනි සටන් පාඨ ඉතාමත් වැදගත් බව සැබෑවක්ය. එහෙත් හොරු අල්ලන පොලිසියට පඩි නඩි ගෙවන්නට වත් මුදල් භාණ්ඩාගාරයේ නොමැති නම් හොරු ඇල්ලීමවත් හරියට කරන්නට හැකියාවක් නැත. මේ පිළිබඳව හරිහමන් තේරුම් ගැනීමක් ගොඩ නගා ගැනීම ඒ අයගේ දේශපාලනයට ඉතාමත් වැදගත්ය.
පොහොට්ටුවේ අය මේ ජනාධිපතිවරණයේ දී කරන්නේ කුමක්දැයි තවමත් කියන්නේ නැත. සමහරුන්ට රනිල් හොඳය. සමහරුන්ට රනිල් නරකය. මේ තත්වය පසුගිය වසර 02 පුරාවටම පැවතිනි. දැන් ඒ පිළිබඳව ස්ථාවරයක් කියන්නට සිදුවන බව ඉතාමත් පැහැදිලිය.
මෙහිදී මගේ මතය වන්නේ පොහොට්ටුව තමන්ගේ පක්ෂයේ දේශපාලන අනාගතය පිළිබඳව සිතා බැලිය යුතු බව නිවැරැදි බවයි. ඔවුන්ගේ කෝණයෙන් බැලූ විට 69 ලක්ෂයක ඡන්දයෙන් බහුතරය දැන් යන්නේ ජාතික ජනබල වේගයට විය හැකිය. අනෙක් අතින් රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වන බව පෙනෙන්නේ 69 ලක්ෂයේ ඡන්දයේ බහුතරය ගැනීමටය. ඒ නිසා පොහොට්ටුව මේ පිළිබඳව විමසිලිමත්ව බැලීමට ඉතාමත් වැදගත්ය.
මට පෙනෙන ආකාරයට මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් 03 දෙනකු මුල් වටයේ පෙනෙන නමුත් අවසාන වටය වනවිට බලවේග දෙකක් වීමේ ප්‍රවනතාවක් ද ඇත.
මේ තත්වය සැලකිල්ලට ගත්විට පෙනී යන ප්‍රධාන කාරණය වන්නේ මෙවර ජනාධිපතිවරයාගේ මාතෘකාව - ආර්ථිකය වන බවත් අවසාන විග්‍රහයේ දී මෙය සජිත් - අනුර අතර තරගයක් වීමේ විභවයක් පවතින බවයි.
මේ සතියේ මගේ කිවිදා දැක්ම වන්නේ ජනාධිපති සටනේ ප්‍රධානත්වය ආර්ථිකය සම්බන්ධ මාතෘකාවට යටත් විය යුතු බවය.
(*** මහාචාර්ය චරිත හේරත්)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු
අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ
ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගත් පාලනයක් මේ වන විට ආරම්භ වී ඇත. ලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලය තමන්ගේ ආණ්ඩුව විසින් පත්කරනු ලැබ ඇතැයි පවසන සමහරුන් වත්මන් ජ
මේ දවස්වල රටේ බොහෝ අය කතා කරන්නේ ජනාධිපතිවරණය ගැන නොවේ. එළැඹෙන මහ මැතිවරණය ගැනය. ඒ නිසා මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට බලාපොරොත්තු වන්නේ ‘‘හොඳ පාර්ලිමේන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?