මෙවර කිවිදා දැක්ම ලියන්නේ රටේ දේශපාලනයේ කිසියම් වෙනස් තත්වයක් පෙනෙන්නට තිබෙන පරිසරයකය. ‘‘වෙනස් තත්වයක්’’ යැයි මා කියන්නේ දේශපාලන බලයේ වෙනසක් සිදු වෙමින් තිබෙනවා කියා නොවේ. වෙනස් වෙමින් තිබෙන්නේ මේ ආණ්ඩුව බලයට පත් කළ ජනතා කණ්ඩායම්වල සිතන ආකාරයයි.
රටේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය යන දෙපැත්තෙන්ම පෙනෙන්නේ ආණ්ඩුවේ ජනප්‍රියභාවය ඉතාමත් වේගයෙන් කඩා වැටෙමින් තිබෙන බවය. මගේ මෙම නිරීක්ෂණයට ආණ්ඩුවේ අය එකඟ නොවෙන්නට පුළුවන. එහෙත් ‘‘බිම දේශපාලනය’’ දෙස බලන විට පෙනෙන්නේ ආණ්ඩුව වේගයෙන් ‘‘පල්ලම් බසමින්’’ තිබෙන බවයි.
ඒ නිසාම මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ ආණ්ඩුවට ජනවරම රැක ගත හැකිද යන කාරණය ගැනය.
ජනවරමේ තරම
මෙහිදී මුලින්ම කිවයුතු කාරණයක් වන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත් වුණේ ‘‘නොසිතූ විරූ’’ බල සම්පන්න ජනවරමක් සහිතව බවයි. ජනාධිපතිවරණයේදී සියයට 50 ක් ගැනීමට ජාතික ජනබලවේගයට නොහැකි වූ බව සැබෑවක්ය. එහෙත් පසුගිය නොවැ. 14 දින පැවති මහ මැතිවරණයෙන් NPP ආණ්ඩුව අතිවිශාල ජයග්‍රහණයක් ලබා ගත්තේය. පාර්ලිමේන්තුවේ 225 මන්ත්‍රීවරුන් අතරින් 159 ක් කියන්නේ අනුපාත මැතිවරණ ක්‍රමයක කවුරුවත් හිතන්නේ නැති ආකාරයේ විශාල ජයග්‍රහණයක්ය. ඒ අනුව තේරුම් යන කාරණය වන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත් වන්නේ අතිවිශාල ජනවරමක් හෙවත් Mandate එකක් සහිතව බවය. ජ.වි.පෙ. දේශපාලනය උඩු යටිකුරු කළ මේ ජයග්‍රහණය සඳහා වෙහෙසුණු සමහර මධ්‍යම පාන්තිකයන් හැසුරුණේ ‘‘පිස්සුවෙන්’’ වගේය. මෙතැන මා ‘‘පිස්සුවෙන් වගේ’’ කියන්නේ ඒ අය මානසික රෝගීන් කියන තේරුමකින් නොවේ. තමන් සියලු වැර යොදා දිනවන්නට හදන්නේ රාජ්‍ය පාලනයේ කිසිදු හැකියාවක් පෙන්වා නොතිබුණු ජ.වි.පෙ. යැයි කියා නොසිතෙන තරමට ඔවුන් මේ ජයග්‍රහණයට කැපවී සිටි බව ඉතාමත් පැහැදිලි විය.
ජාතික ජනබලවේගයේ මේ ජයග්‍රහණය ගැන තවත් ගැඹුරින් විමර්ශනය කරන විට තේරුම් යා යුතු කරුණක් වන්නේ මේ ජයග්‍රහණයට හේතුව ජ.වි.පෙ. ඡන්ද දායක ප්‍රවණතාව ප්‍රසාරණය වීමක් නොව වෙනත් ඡන්දදායක ප්‍රවණතාවක් ජ.වි.පෙ. නොවෙමින් ජා.ජ. බලවේගයට ඡන්දය ලබා දුන් බවයි. මගේ මේ නිරීක්ෂණයට අවශ්‍ය නම් ජ.වි.පෙ. අයට එරෙහි විය හැකිය. එහෙත් ඉතාමත් පැහැදිලි කාරණය වන්නේ මීට පෙර වෙනත් දේශපාලන බලවේග රාශියකට ඡන්දය දුන් රටේ බහුතරය මෙවර මේ ජනවරම නිර්මාණය කළ බවයි.
ඒ අනුව පෙනී යන කාරණයක් වන්නේ වත්මන් ආණ්ඩුව (විශේෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයේ ජනවරම සමගින්) විශාල වගකීම් දාමයකට ගැටගැසෙන ජනවරමක් සහිතව බලයට පැමිණි එකක් බවය. ඒ ජනවරමේ පදනම සහ අපේක්ෂා නිවැරදිව තේරුම් ගැනීම මෙහිදී ඉතාමත් වැදගත් කාරණය වේ.
ජනතා අපේක්ෂා කවරේද?
වත්මන් ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාවගේ අපේක්ෂා විවිධාකාර බව සැබෑවක්ය. එහෙත් ඒ අතර ප්‍රමුඛතා ගණනාවක් තිබෙන බවද පිළිගත යුතුය. එහි එක් අපේක්ෂාවක් වන්නේ වසර 76 (1948 වර්ෂයේ සිට) කාලයට වඩා ශක්තිමත් හා ඵලදායක ආර්ථික උපාය මාර්ගයකට රට ගමන් කරවීමය. හොරකම, දූෂණය තුරන් කරමින් නිවැරදි ආර්ථික ක්‍රමවේදයක් රට හඳුන්වා දීම තමන්ගේ ප්‍රධාන වගකීම යැයි ජ.ජ. බලවේගය සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සටහන් කරන්නේ ඒ නිසාය.
මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු සහ අවධාරණය කළ යුතු කාරණයක් වන්නේ ‘‘හොරකම සහ දූෂණය ඉවත් කිරීම’’ යන සටන් පාඨයෙන් පමණක් රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් කළ නොහැකි බවයි. ආර්ථික වර්ධනය සඳහා ගත යුතු මූලධාර්මික තීරණ රාශියක් පවතින අතර ඒවා පිළිබඳව අවධානයකින් තොරව හුදු දූෂණය පිළිබඳව කතා කිරීම එතරම්ම ප්‍රයෝගිකත්වයක් නැත.
ආර්ථික ක්ෂේත්‍රයේ වර්ධනය හෙවත් රටේ Economic Growth එක පිළිබඳව අවධාරණයට ගැනීම මෙහිදී ඉතාමත් කේන්ද්‍රීය කාරණයකි. එසේම රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය තවත් පැත්තකින් අත්‍යාවශ්‍යම කාරණයකි. රටේ ගෙවුම් ශේෂ අර්බුදය කළමනාකරණය විය හැකි ආකාරයට විදේශීය ඉපයීම් (අපනයනය, විදේශ ප්‍රේෂණ සංචාරක ව්‍යාපාරය වර්ධනය, නව ආයෝජන සහ විදේශීය ණය සහ ප්‍රධාන යන) ක්ෂේත්‍රය වර්ධනය කිරීම ඉතාමත් අත්‍යාවශ්‍ය කාරණයකි. එසේම රට අභ්‍යන්තරයේ ආර්ථික යටිතල පහසුකම් සහ වර්ධනය සාධාරණ ආකාරයෙන් බෙදී යන්නේ කෙසේද යන ප්‍රශ්නයත් මෙහිදී අවධානයට ගත යුතු කාරණයකි. තවත් පැත්තකින් ආණ්ඩුවේ ආදායම් වැඩි කර ගැනීම සහ වියදම් කළමනාකරණය කර ගැනීම ප්‍රමුඛතම අවශ්‍යතාවකි.
ඉහතින් දැක්වූ ආර්ථික ක්‍රියාකාරකම් සංක්‍ෂිප්තව දැක්වුවහොත්, (1) ආර්ථික වර්ධනය, (2) හොරකම දූෂණය තුරන් කිරීම, (3) විදේශ මූල්‍ය වර්ධනය, (4) ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සාධාරණ ලෙස සමාජය තුළ බෙදීයාම, (5) රජයේ ආදායම වර්ධනය කරමින් වියදම් පාලනය කිරීම යන කාරණ ඒ තුළ ඇත.
මගේ නිරීක්ෂණය වන්නේ වත්මන් ආණ්ඩුවට ජනතාව ලබාදී ඇති ජනවරම ඉහත සඳහන් පළල් පැකේජ් එක මිස හුදු පරණ ආණ්ඩුවලට දොස් කීම නොවන බවයි. මෙම තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍ය වන්නේ ජා.ජ. බලවේගයේ ජනවරමේ අපේක්ෂාව ලෙසින් සමහරුන් ඉදිරිපත් කරන ස්ථාවරවල බොළඳ තත්වය පෙනෙන විටය.
සමහරුන්ට අනුව ඒ ජනවරමේ අපේක්ෂාව පැරණි ආණ්ඩුවල සිටි දේශපාලනඥයන් චෝදනා හරහා රිමාන්ඩ් කිරීමය. තවත් සමහරුන්ට අනුව ඒ ජනවරමේ අපේක්ෂාව රාජපක්ෂ පවුලට දඬුවම් කිරීමය. තවත් කණ්ඩායම් කියන්නේ තමන්ගේ ජනවරමේ අපේක්ෂාව ‘ආණ්ඩුවේ නිවාසවල වාසය නොකරන + ආණ්ඩුවේ සැප වාහනවල නොයන’’ වැනි සිල්ලර ප්‍රමාණයේ වැඩ කටයුතු කිරීම කියාය.
මේ සියල්ල – විපක්ෂයේ රිමාන්ඩ් කිරීම, ආණ්ඩුවේ නිවාසවල නොවිසීම වැනි දේවල් සිදු කරන්නට දරන උත්සාහය තුළ ජනවරම ලබා දුන් ජනතාව සිටින්නේ සතුටින් නොවේ.
සමුපකාර ‘‘බෝම්බය’’
රට පුරා සමුපකාරවල වාර්ෂික නිලවරණ දැන් පටන්ගෙන තිබේ. මේ දක්වා පැවති බොහෝ සමුපකාර නිලවරණ ජයග්‍රහණය කළේ මාලිමාවට විරුද්ධ කණ්ඩායම්ය. එසේ වන්නේ ඇයි? යන ප්‍රශ්නයට පිළිතුර මවිසින් ඉහතින් ලබා දුන් වත්මන් ආණඩුව පත් කළ අයගේ අපේක්ෂා බිඳ වැටීම සමග සම්බන්ධ වී ඇත.
2018 වර්ෂයේදී ද මෙවැනිම තත්වයක් ඇතිවූ බව සමහරුන්ට මතකය. එවකට පැවති සමුපකාර මැතිවරණ සියල්ලම පාහේ යහපාලන ආණ්ඩුවේ අය පරාජයට පත් කරමින් නිමා වූ අතර එයට පසුව පැමිණි 2018 පළාත් පාලන මැතිවරණය නිමා වූයේ එවකට පැවති ආණ්ඩුවට බරපතළ පරාජයක් අත්කර දෙමින්ය. සමුපකාර නිලවරණයක් යනු සාමාන්‍ය ජනතාව සම්බන්ධ වී සිදුකරන ඡන්දයක් මිස පක්ෂ යාන්ත්‍රණය දැඩි ලෙසින් කළමනාකරණය කරන මැතිවරණයක් නොවන බවද මෙහිදී සඳහන් කිරීම වැදගත්ය.
නඩුවලින් ගොඩ යමුද?
මේ දිනවල තරගයට මෙන් මීට වසර 10-15 පෙර කාලවල සිදුවීම් මත පදනම්ව අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාදාමයක් ආරම්භ වී ඇත. බැලූ බැල්මට පෙනෙන්නේ මේවායේ බරපතළ දේශපාලන සම්බන්ධතාවක් තිබෙන බවයි.
ආණ්ඩුවේ ජනමතය ඉවත්වී යාම වළක්වා ගැනීම සඳහා පැරණි නඩු නැවත විභාග කිරීම එතරම් බුද්ධිමත් වැඩක් නොවේ. වැරදිවලට දඬුවම් කිරීම පිළිබඳ පළල් සංවාදයක් සමාජයේ මතුවී තිබීම හේතුවෙන් පසුගිය ජනාධිපතිවරණයේ සහ මහ මැතිවරණයේ වත්මන් ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට විශාල ශක්තියක් ලැබුණු බව සත්‍යයක්ය. එහෙත් රටේ වත්මන් ආර්ථික තත්වය දෙස බලන විට පෙනී යන්නේ ජනතාවගේ ගැටලු හා අපේක්ෂා ප්‍රධාන වශයෙන් ගැටගැසී තිබෙන්නේ ආර්ථික ක්ෂේත්‍රයට බවයි.
ආර්ථික වර්ධනය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ උපක්‍රමවලින් එහාට ගිය නව දැක්මක් සහ ආර්ථික වර්ධනයේ ප්‍රතිඵල සමාජය තුළ සාධාරණ ආකාරයෙන් බෙදීයාමේ යාන්ත්‍රණයක් ගොඩනැගීම ඉතාමත් අවශ්‍යය.
එවැනි මැදිහත්වීමක් නොමැතිව හුදු නඩුවලින් ගොඩ යන්නට දරන උත්සාහය (2015 යහපාලන ආණ්ඩුව මෙන්) පමණක් දැරීමෙන් මේ ආණ්ඩුවේ ජනවරම නිමාවට පත්වන බව මගේ අදහසය.
(***)
මහාචාර්ය චරිත හේරත්
මෙවර කිවිදා දැක්ම ලියන්නේ රටේ දේශපාලනයේ කිසියම් වෙනස් තත්වයක් පෙනෙන්නට තිබෙන පරිසරයකය. ‘‘වෙනස් තත්වයක්’’ යැයි මා කියන්නේ දේශපාලන බලයේ වෙනසක් සිදු වෙ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධ තීරණය සපුරාම දේශපාලන තීන්දුවක් බව ජනාධිපති අනුර පසුගිය දා කටුකුරුන්දේ රැස්වීමක දී කළ
වත්මන් ආණ්ඩුව බලයට පත්වී දින සියයක් ගතවී හමාරය. මේ කාලයේ ප්‍රගතිය පිළිබඳව විවිධ සාකච්ඡා මේ දිනවල මතු වෙමින් තිබේ. ඒවා අතරින් වැඩියෙන් තියෙන්නේ ආණ්ඩුව
ආණ්ඩුව රටට දැනෙන යමක් කිරීමේ දැඩි අවශ්‍යතාවකින් පෙළෙන බව පෙනේ. ඒ, සාමාන්‍යයෙන් අලුතින් පත් වූ ඕනෑම ආණ්ඩුවක ස්වභාවයයි. විශේෂයෙන්ම මාලිමා ආණ්ඩුව පත් වූ
මෙවර මා ලියන්නේ නව වසරේ පළමු කිවිදා දැක්මය. 2024 වර්ෂය රටේ පාලනයේ බරපතළ වෙනසක් සිදු වූ වසරකි. රටේ පාලන බලය රැක ගැනීමට එවකට බලයේ සිටි SLPP + UNP ආණ්ඩුවට හැකියාවක්
රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ජනවරම රැකීමේ අභියෝගය