IMG-LOGO

2025 ජනවාරි මස 25 වන සෙනසුරාදා


ජනාධිපති ආරක්ෂාවේ අපේක්ෂාව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධ තීරණය සපුරාම දේශපාලන තීන්දුවක් බව ජනාධිපති අනුර පසුගිය දා කටුකුරුන්දේ රැස්වීමක දී කළ ප්‍රකාශයෙන් මොනවට පැහැදිලි වේ. ජනාධිපති අනුර එහි කියන්නේ, “ආරක්ෂාව 60ට බැස්සුව, කෙඳිරි ගාන්න ආවොත් ඉතිරි ටිකත් අඩු කරනවා” යනුවෙනි. ඉන් ගම්‍ය වන්නේ ආරක්ෂාව අඩු කිරීම සඳහා ගත් තීන්දුව සහ අනාගත තීන්දු ද ජනාධිපතිවරයා විසින් ගත් හා ගන්නා තීන්දු බවයි. ජනාධිපතිවරයකුට එසේ කළ නොහැකි ය.

කිසියම් ප්‍රභූවරයකුට ආරක්ෂක නිලධාරීන් අනුයුක්ත කරන්නේ, ආරක්ෂක විශේෂඥයන් විසින් කරන ලද තක්සේරුවකට අනුව ය. එහෙත් මෙහි දී ජනාධිපතිවරයාම පිළිගන්නේ, එය කර ඇත්තේ ඔහු විසින් බවයි. මෙය ජනාධිපතිවරයාට එරෙහිව නෛතිකව ක්‍රියා කිරීමේ හැකියාව පවා සහිත බරපතළ ප්‍රකාශයකි.

ජනාධිපති අනුර කුමාර මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගැන ද සිතන්නේ තමාගේම මිම්මෙන් බව පෙනේ. රටේ වර්ධනයට කිසිම දිනක කිසිදු ආකාරයකින් දායක වී නැති එහෙත් රට නැගීගෙන ආ අවස්ථා දෙකකම කැරලි ගසා රට ලේ විලක් කොට විනාශය කැඳවීම හැර අන් යමක් කර නැති අනුරලා තමන්ගේ මිම්මෙන් මහින්ද රාජපක්ෂ දෙස බලා තක්සේරු කරන්නේ නම් ඔහුට බරපතළ ලෙස වැරදී තිබේ.

මහින්ද යනු දේශපාලන බේදයකින් තොරව මෙරට ජීවතුන් අතර සිටින අවිවාදිත ජාතික නායකයා ය. කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව සිටි ජාතියකට නැවත පණදුන් නායකයා ය. මහින්ද රාජපක්ෂ මෙරට නායකත්වයට පත් නොවන්නට හා ඔහු කළ කැපකිරීම් නොකරන්නට අද සහතික වශයෙන්ම මෙරට ත්‍රස්තවාදය රජකරනු නිසැක ය. බොහෝ විට ලංකාව නැමැති දිවයින මත රටවල් දෙකක් බිහි වීම නිසැක ය. අනෙත් අතින් මහින්ද සිය වසර 9 තුළ කළ සංවර්ධනය මෙරට නිදහසින් පසු කිසිම දිනක සිදුවී නැති තරමේ ඒවා ය. එවන් නායකයකු මේ භූමිය මත ජීවත්වන තුරු ඔහුට හිමි ආරක්ෂාව හා ඔහුට ව්‍යවස්ථාවෙන් හිමි නිල නිවාසයෙන් ඇද දැමීමට තරම් සැහැසි විය හැකි ද?

මුලින්ම අනුර ජනාධිපතිවරයා කළේ මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව විශාල වශයෙන් කපා දැමීම ය. ඒත් සමගම අදාළ ආරක්ෂාව සඳහා සපයා තිබූ වාහන ඉවත් කළේ ය. දැන් ඔහු සිටින නිවසින් ද දොට්ට දැමීම සඳහා සැලසුම් කරගෙන යන බව පෙනේ. මේවා පළි ගැනීම් නොවන්නේ නම් අන් කුමක් ද?

ජනාධිපති මහින්දට නිල නිවසක් ලැබී ඇත්තේ ආණ්ඩුවේ අනුකම්පාව මත නොවන බව මුලින්ම කිව යුතු ය. ඒ රටේ නීතියයි. 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතේ මෙසේ සඳහන් වේ. ඒ, “සෑම හිටපු ජනාධිපතිවරයකුටම සහ ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකටම ඔහුගේ හෝ ඇගේ ජීවිත කාලය තුළ වාසය සඳහා උචිත නිවාසයක් කුලියෙන් තොරව සැපයිය යුතුය’’ යනුවෙනි. උචිත නිවසක් යන්න පුළුල් ලෙස අර්ථ කථනය කළ හැකි යෙදුමකි. පනත ලේඛනය කළ නිර්මාතෘවරුන් එසේ කොට ඇත්තේ කාලයෙන් කාලයට මතුවන අවශ්‍යතා අනුව අදාළ පහසුකම ජනාධිපතිවරුන්ට ලැබෙන පරිදි ය.

ජනාධිපතිවරුන්ට මෙම හිමිකම ලැබී ඇත්තේ කරුණු කිහිපයක් මතයි. ජනාධිපතිවරයකු යනු සිය ධුර කාලය තුළ විවිධ තීන්දු තීරණ ගන්නා සහ ඒවා ක්‍රියාත්මක කරන පුද්ගලයෙකි. ඇතැම් අවස්ථාවල සිය පෞද්ගලික ජීවිතය පවා අනතුරට හෙළන ආකාරයේ තීන්දු ගත හැකි ය. ඒ කුමන තීන්දුව ගත්ත ද ඇතැම් අවස්ථාවල ඉන් රටේ ඇතැමෙකු නොසතුටු විය හැකි ය. සියලු‍ දෙනා සියයට සියයක් තරමට සතුටු වන තීන්දු පමණක් ගනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි ය. එවන් අවස්ථාවල අදාළ ජනාධිපතිවරයාගෙන් පළි ගැනීම සඳහා කෙනකු ක්‍රියා කළ හැකි ය. බොහෝ විට එසේ කළ හැකි වන්නේ විශ්‍රාම යාමෙන් පසුවයි. මන්ද එවිට ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව බොහෝ සේ අඩුවන හෙයිනි. ඒ නිසා ජනාධිපතිවරුන් සිය පෞද්ගලික ජීවිතය පවා අවදානමට ලක් කරමින් ගත් තීන්දු නිසා අදාළ පුද්ගලයා විශ්‍රාම යාමෙන් පසුව ද ආරක්ෂා කිරීමේ වගකීම ආණ්ඩුව මත පැටවේ. ජනාධිපතිවරුන්ට උචිත නිවාසයක් ලැබෙන්නේ මේ අනුවයි. උචිත යනු අදාළ ආරක්ෂාව හා ජනාධිපති ධුරයේ ගෞරවය ද රැකෙන පරිදි නිවසක් යන්න මින් අදහස් කෙරේ.

මෙරට නිදහසින් පසු යම් ජනාධිපතිවරයකු සිය විධායක බලය යොදාගෙන යම් තීරණාත්මක තීන්දුවක් ගත්තේ නම් ඒ සියලු‍ තීන්දු අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙරට තිස් වසරක ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා ගත් තීන්දුව තරම් අන් කිසිවක් අවදානම් සහගත වන්නේ නැත. ත්‍රස්තවාදය හමුදාමය වශයෙන් පරාජය කොට අද වන විට වසර 15කට ආසන්න වුවද තාමත් එම ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ දේශපාලන ව්‍යාපාරය අවසන් වී නැත. විශේෂයෙන් ම එය විදේශවල සිට අද ද ක්‍රියාත්මක වේ. එවන් පසුබිමක හා ත්‍රස්තවාදය නැති කිරීම සඳහා අවසන් අණ නිකුත් කළ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගෙන් කෙනකු පළිගැනීමට කටයුතු කළ හැකි ය. මහින්ද විසින් කිසිදු වරදක් නොකළ ජවිපෙ මාලිමා ආණ්ඩුව විසින් ම මේ ලෙස ඔහුගෙන් පළිගන්නේ නම්, එල්ටීටීය විසින් පළි නොගනිතියි කෙසේ කිව හැකි ද?

ජනාධිපතිවරයා කියා සිටින්නේ සහ පසුව කැබිනට් ප්‍රකාශක ද ප්‍රකාශ කළේ තමා දැනට තක්සේරු කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවස පමණක් බවයි. මෙම කාරණයෙන් ම පෙනී යන්නේ මෙය පැහැදිලිවම හිටපු ජනාධිපතිවරයා ඉලක්ක කර පළිගැනීමේ චේතනාවෙන්ම සිදු කළ දෙයක් බවයි. ඒ හරහා දේශපාලන වාසි ගැනීමේ අරමුණින් දේශපාලන වේදිකාව මත සිට සිදු කිරීමට ද ජනාධිපති අනුර කටයුතු කළේ ය. පද්ධති වෙනසක් පිළිබඳ පොරොන්දු දෙමින්, දේශපාලන පළිගැනීම් අවසන් කරන බව කියමින් බලයට පැමිණි මාලිමා ආණ්ඩුව ඉතා අවලස්සන ලෙස එම ක්‍රියා සිදුකරමින් සිටින බව කිවයුතු ය.

සාමාන්‍යයෙන් විජේරාම ප්‍රදේශයේ නිවාස යනු ඉහළ රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන නායකයන් සඳහාම වෙන්ව ඇති නිවාස වේ. මුලින්ම කිව යුත්තේ මේ නිවස පිළිබඳ ජනාධිපතිවරයා කළ ප්‍රකාශය දෝෂ සහිත බවයි. මෙය කිසිසේත්ම මසකට රුපියල් ලක්ෂ 46ක් විය නොහැකි ය. බොහෝ විට තක්සේරුකරු විසින් නිවසේ වාර්ෂික කුලිය ලබා දෙන්නට ඇත. ජනාධිපතිවරයා විසින් එය මාසික කුලිය ලෙස පටලවාගෙන සිටින බව පෙනේ. කොළඹ කේන්ද්‍රයේ පිහිටි අතිශයින්ම ව්‍යාපාරික වටිනාකමින් යුතු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කුලියට ද වඩා මෙය වැඩි ය. ඇරත් මෙම නිවාස තිබෙන ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් වන අතර එහි ව්‍යාපාරික ස්ථාන වැනි දේ පවත්වාගෙන යා නොහැක. හමුදාපතිවරුන්, පොලිස්පති, අගවිනිසුරු වැනි ඉහළ නිලධාරීන් සිටින තැනක ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යා නොහැක. ඒ අනුව, මෙම නිවාස කුලියට දී ආණ්ඩුවට මුදල් ඉපයීම ද කළ නොහැකි ය.

මහින්ද සිටින නිවස පමණක් තක්සේරුකරු යවා තක්සේරු කොට එය ප්‍රසිද්ධ වේදිකාවේ ජනාධිපතිවරයකුට තරම් නොවන ආකාරයෙන් ප්‍රකාශ කරමින් මිනිසුන් අතර වෛරය ඇතිවන ලෙස කටයුතු කරන්නේ ජනාධිපති ධුරයේ ගෞරවය පවා කෙලසමින් ය.

මේ අවස්ථාවේ දී ජනාධිපතිවරයාගේ ප්‍රමුඛතාව විය යුත්තේ පළිගැනීම හා වෛරය ක්‍රියාත්මක කිරීම නොව, තමා පොරොන්දු වී පැමිණි දෑ ජනතාවට ලබා දීමට කටයුතු කිරීම ය. ඒ කිසිවක් ඉටුකර ගැනීමට ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව අසමත් වී තිබේ. සියල්ල කතාවලට පමණක් සීමා වී ඇත. අවම වශයෙන් සහල් ප්‍රශ්නය පවා විසඳීමට ආණ්ඩුවට හැකියාව ලැබී නැත.

ජනාධිපතිවරයා තේරුම්ගත යුත්තේ ජන සිත් කුල්මත් කරන කතාවලට වෛරය ඉස්මතු කරන කතාවලට යා හැකි උපරිම දුරක් තිබෙන බවයි. අපගේ තක්සේරුව වන්නේ මේ වන විට මාලිමා ආණ්ඩුව ඒ උපරිමයේ කෙළවරටම පැමිණ ඇත. දැන් දැන් ජනතාව ඉල්ලා සිටින්නේ තවදුරටත් ප්‍රශ්න නොව, ප්‍රශ්නවලට විසඳුම් ය. ප්‍රශ්න ගැන ජනතාවට අවබෝධයක් තිබේ. එහෙත් ආණ්ඩුව කරන්නේම ප්‍රශ්න ගැන කතා කිරීම පමණි. විසඳුම් ද කියනු ඇසේ. එහෙත් විසඳුම් අපට කියා වැඩක් නැත. විසඳුම් මහපොළොවේ ක්‍රියාත්මක කළ යුතු ය. පෞද්ගලික රූපවාහිනි නාලිකාවක පසුගියදා කතා සාප්පුවකට සහභාගී වෙමින් හාල් හිඟවීමට හේතුව ලෙස නිවෙස්වල ඇති කරන සතුන්ට දීම වැනි ප්‍රහසනකාරී තැනකට මේ ‘නැති බැරියාව’ ජනාධිපතිවරයා විසින්ම රැගෙන යනු අපි දුටුවෙමු.

තත්වය එවන් තැනකට සේන්දු වී තිබිය දී එම ප්‍රශ්න කේන්ද්‍රීය සංවාදයට නොඑන ලෙස ආවරණය කිරීම සඳහා වෛරී සිතුවිලි ජනමනස් තුළ පැළ කිරීම අතිශය භයානක බව අපි කියමු. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දැන් යෝජනා කරනු ලබන්නේ මහින්ද රාජපක්ෂ ගෙවල් කුලී නොදෙන නිසා අපට ප්‍රශ්න විසඳීමට නොහැකි බව වැනි මතයකි. නැතිනම් චීනයේ ගොස් ආපසු පැමිණි විගස ජනාධිපති අනුර කටුකරුන්දේ ගොස් මෙවැනි දෙයක් තකහනියේ කියන්නේ නැත. දේශපාලන භේද කුමක් වුවද අනුර කුමාර යනු අප සැමගේ ජනාධිපතිවරයා ය. ඒ නිසා අපි ඔබගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටින්නේ ඔබ දරන මේ ගෞරවනීය ධුරය තුන්වැනි කැලෑසියට’ නොදමන ලෙස ය.

 

(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ



අදහස් (2)

ජනාධිපති ආරක්ෂාවේ අපේක්ෂාව

CC Friday, 24 January 2025 02:12 PM

රටට හා ජනතාවට අවංකව ආදරේ කරන කිසිඳු ජනනායකයෙකු ජනතාවගේ ධනය නාස්ති කරන්නේ නැත. ඒ සඳහා දිරි දෙන්නේ ද නැත. නමුත් මහින්ද මහාතාට උවමනාවක් තිබුණද ඔහුව වටකරගෙන සිටින ඔහුව අමාරුවේ දමපු පිරිස් අද තවදුරටත් ඔහුව ජනතාවගේ පිලිකුලට ලක් කරමින් ඇත. මේ හොරිකඩ දේශපාලුවන්ට වැලේ වැල් නැතිකරගත්තේ ඔවුන් විසින්මය බලය තිබෙන කාලේ කළ කී දෑ ජනතාවට හොදින් මතකයි. එදා යුධ ජයට කැපවුනු යුධ සෙන්පතියා මොහු හිරේ දැම්මේ ය. රට ගැන හිතන අවංක අදූෂිත ධෛර්යය සම්පන්න නායකයෙකු නම් එදා 2010 දී රටේ සියළු පිරිස් වල ශක්තිය එකතු කරගෙන ජනතාවටත් ආරාධනා කරමින් සියළු ජාතීන්ට අයත් ජනතාව සමඟ මේ රට දියුණු සංවර්ධිත රටක් විනය ගරුක නීතිගරුක රටක් ගොඩනැගීමට අවංකව කැපවී, එදා දුක්විදි ජනතාවට සාධාරණය ඉටුකිරීමට සියලුම ධෛර්යය ගනු ඇත. ඒ වෙනුවට කලකී දෑ වල තොරතුරුවලින් මහා පොතක් ලිවිය හැකිය. මේ කතුවරයා එදා හිටපු දේශපාලුවන් තම හෙන්චයියන් සමඟ තම හිතවත් රාජ්‍ය නිලදාරීන් සමඟ කළ වැඩ ප්‍රාදේශිය සභාවල, පළාත් සභාවල සිට අමාත්‍යංශ දක්වා වෝහාරික විගණනයක් කළහොත් කළ සම්පත් අවභාවිතාවන් හා දුෂණ වංචා නිසා මේ රටේ ජනතාව මෙලෙස සිටීමත් මහා ඓශ්චර්යය. ජනතාව අද සත්‍ය තේරුම් ගෙන ඇත.

:       1       7

dileepa1986 Friday, 24 January 2025 02:28 PM

ආචාර්යතුමා උපරිමයෙන් කඩේ ගියාට වැඩක් නැත. සෑම නීතියකටම වඩා උඩින් තිබෙන්නෙ ජනතා පරමාදිපත්‍යයි. ඡන්දයට පෙර මෙම පහසුකම් සියල්ල ඉවත් කරන බව අනුර පැහැදිලිව ප්‍රකාශ කරා . ඒකට තමයි බහුතරයක් කැමැති වෙලා ඡන්දෙ දීල තියෙන්නෙ. දැන් කරන්න දෙයක් නෑ. එහෙම වෙන්න ඕන නෑත්නම් ජනතාව අනුරව ප්‍රතික්ෂේප කරයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 

කිවිදා දැක්ම

ජනාධිපති ආරක්ෂාවේ අපේක්ෂාව
2025 ජනවාරි මස 24 201 2

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධ තීරණය සපුරාම දේශපාලන තීන්දුවක් බව ජනාධිපති අනුර පසුගිය දා කටුකුරුන්දේ රැස්වීමක දී කළ


දවස් සියයේ විපරමක්
2025 ජනවාරි මස 17 414 0

වත්මන් ආණ්ඩුව බලයට පත්වී දින සියයක් ගතවී හමාරය. මේ කාලයේ ප්‍රගතිය පිළිබඳව විවිධ සාකච්ඡා මේ දිනවල මතු වෙමින් තිබේ. ඒවා අතරින් වැඩියෙන් තියෙන්නේ ආණ්ඩුව


එක රැයේ තීන්දුවෙන් අසරණවීම
2025 ජනවාරි මස 10 1120 16

ආණ්ඩුව රටට දැනෙන යමක් කිරීමේ දැඩි අවශ්‍යතාවකින් පෙළෙන බව පෙනේ. ඒ, සාමාන්‍යයෙන් අලු‍තින් පත් වූ ඕනෑම ආණ්ඩුවක ස්වභාවයයි. විශේෂයෙන්ම මාලිමා ආණ්ඩුව පත් වූ


සත්‍යය වටා ඒකරාශිවීමේ අවශ්‍යතාව
2025 ජනවාරි මස 03 394 2

මෙවර මා ලියන්නේ නව වසරේ පළමු කිවිදා දැක්මය. 2024 වර්ෂය රටේ පාලනයේ බරපතළ වෙනසක් සිදු වූ වසරකි. රටේ පාලන බලය රැක ගැනීමට එවකට බලයේ සිටි SLPP + UNP ආණ්ඩුවට හැකියාවක්


ජනපති ඉන්දීය නිලගමනේ ප්‍රතිඵල
2024 දෙසැම්බර් මස 20 901 0

රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරි


කතාවේ භාවිතාවේ පරතරය
2024 දෙසැම්බර් මස 13 719 2

ආණ්ඩුව විවිධ පෙරමුණුවල දැඩි පීඩනයට හසුවෙමින් තිබෙනු දැකිය හැකි ය. මෙහි විශේෂය නම් මෙම පීඩනය අන්කවරෙකු හෝ විසින් එල්ල කරන ලද එකක් නොව, තමන් විසින්ම නිර්


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 18 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 536 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 643 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site