IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


මැතිවරණ දේශපාලනයේ බුද්ධිමහතුන්

මෙවර ලිපිය බුද්ධිමතුන්ගේ මැතිවරණ අපේක්ෂක දේශපාලනය පිළිබඳව ය. මෙරට දේශපාලනය ගැන කලකිරුණු ජනයා කලක සිට ප්‍රතික්ෂේප කිරීමක් සහ යෝජනාවක් සමාජ ගත කළේය. දෙසිය විසි පහම එපා යනු ඒ ප්‍රතික්ෂේප කිරීමය. බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවමු  යනු ඒ යෝජනාවය. මේ මොහොතේ මේ දෙකම ප්‍රබලය. දීර්ඝ කාලයක් වාර කීපයක් පාර්ලිමේන්තුවේ සිටි අය අර බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවමු යන යෝජනාව ඉදිරිපත් වූ මොහොතේ සිට මේ දක්වා ප්‍රබල ප්‍රහාර එල්ල කිරීම ඊට උදාහරණයකි.

එහෙත් දේශපාලන පක්ෂ ඊට වඩා උපායික විය. සැරසිලි ලෙස සහතිකපත්‍ර බුද්ධිමතුන් තම පක්ෂවල අපේක්ෂක ලැයිස්තුවලට එකතු කළේ ඒ නිසා ය. දැන් හැම පක්ෂයකටම ඒ ආකාරයේ බුද්ධිමත්හු සිටිති. එහෙත් මේ බුද්ධිමතුන් වනාහි ජනතාව අර එපා කියූ දෙසිය විසිපහට අයිති අයගේ බුද්ධියෙන් අනුමැතිය ලැබූ අය ය. එසේම ඒ දෙසිය විසිපහට අවනත අය ය. ඒ අනුව බුද්ධිමත්භාවය යනු ධුර-ලාභ අපේක්ෂාවෙන් අවනතවීමේ ගුණයක් විය යුතුය?.

ඒ අතර, අසරණ ජනයා කෙරෙහි  වූ හෘදසාක්ෂියක් සහිත අය කීපදෙනකුද සිටින බව සඳහන් කළ යුතුය. එහෙත් එවැන්නන්ට පවා තමන්ලාට අපේක්ෂකත්වය ලැබුණු පක්ෂයේ ගති ලක්ෂණ සහ චරියාව නම් වෙනස් කළ නොහැකිය. බොහෝවිට ඔවුන් එවැනි උත්සාහ ගන්නේද නැත. මන්ද ඒවා සිදුවුණේ හතළිහ පනහ හැට දශකවලය. බුද්ධිමතුන්ට ද ආසන කීපයක් වෙන්කර තිබුණාට ඉන් පලක් නොවන්නේ ඒ නිසාය. මන්ද ඇන් ඇම්ලා, කොල්වින්  ලා, එස් ඒලා, කන්නන්ගරලා, මුත්තෙට්ටුවේගමලා එස්.ඩබ්ලිව්.ආර්.ඩීලා නැවත ඒ ආසනවලට එන්නේ නැති නිසා ය. සමහරවිට ලෝක තත්ත්වයද මේ ආකාර විය හැකිය.  

ඒ අතරම ඇතැම් බුද්ධිමතුන්’ තමන්ට අපේක්ෂක වරම් නොලැබීම ගැන තවමත් කනස්සල්ලෙන් පසුවෙති. ඇතැම්හු ස්වාධීනව ඉල්ලති. දිස්ත්‍රික් නායකයෝ තම ලැයිස්තුවල ඉන්නා බුද්ධිමතුන්ට එරෙහිව වාචික සහ සැඟවුණු සටන්වල නිරත වෙති. බුද්ධිමත්හුද දවල් මිගෙල් රෑ දනියෙල් චරිත රඟපාති. එනම් එළිපිට දෙසිය විසිපහම වර්ණනා කරමින් ඒ අය හරහා මනාපයක් ලබා ගැනීමට කටයුතු කරන අතර රහසේ තමා පමණක් ප්‍රවර්ධනය/ප්‍රමෝට් කර ගනිති. මෙය අපූරු නාටකයකි.

හුදු බුද්ධිමතුන් පක්ෂවලින් ඉල්ලු‍වාට ඒ අය අතුරින් කීපදෙනකු තේරීපත් වූවාට පක්ෂ, සහ පාර්ලිමේන්තුව බුද්ධිමතුන්ගේ පාලනයට නතු වන්නේ නැත. නතුවුණා යැයි සිතමු. එහෙත් ඒ බුද්ධිමතුන්ට ජනයා කෙරෙහි වූ ප්‍රගතිශීලී හෘද සාක්ෂියක් නැත්නම් ඔවුන්ගෙන් ඔවුන්ටම මිස ජනසමාජයට සිදුවන සෙතක් නැත.

අද බොහෝ අයට ඇත්තේ බුද්ධිය’ පමණය. එය උත්තරාරෝපිත බුද්ධියකි. එහෙත් මනුෂ්‍යයකුගේ මනුෂ්‍යත්වය පරිපුර්ණවීම සඳහා අවශ්‍ය වන අංග සතරකි. එය මනා අයුරින් ප්‍රත්‍යශතකයේ සඳහන් වන්නේ මෙසේය. එහි සංස්කෘත ශ්ලෝකයේ සරල තේරුමට අනුව නරයාට (මනුස්සයාට) ආභරණය රූපයයි, රූපයට ආභරණය ගුණයයි, ගුණයට ආභරණය ඥානයයි, ඥානයට ආභරණය ඉවසීමයි. දැන් ගැටලුව වන්නේ ගුණය, ඥානය සහ ඉවසීම නොමැති එහෙත් රූපයෙන් පමණක් බුද්ධිමහතුන්’ බුද්ධිමතුන් ලෙස පෙනී සිටීමයි. මහ බැංකු සිද්ධිය එවැනි බුද්ධිමහතුන්ගේ ප්‍රහාරයක් ලෙස තේරුම් ගත්තොත් මා කියන දෙය ඔබට යසට පැහැදිළිවනු ඇත. අප බුද්ධිමතුන්ගෙන් අපේක්ෂා කළ යුත්තේ රූපය නොව ගුණය, ඥානය, ඉවසීම සහ පොදුජන සමාජය වෙනුවෙන් වූ හෘදසාක්ෂිය ය.

දාර්ශනික බුද්ධිමත් පාලකයන් පිළිබඳ යුරෝපීය අදහස ඉතාම විධිමත්ව මුලින්ම ඉදිරිපත් කළේ ප්ලේටෝය. ඒ අපේ (ඉන්දියාවේ) ප්‍රත්‍යශතකකරුවාට, බුදුහාමුදුරුවන්ට, චානක්‍ය කෞටිල්‍යයට සියවස් තුන හතරකට පමණ පසුව ය.ඔහු කියූ ආකාරයට දාර්ශනිකයෝ පාලකයෝ විය යුත්තෝය, නැතහොත් පාලකයන් දාර්ශනිකයන් විය යුතුය. දෙවැන්න ඉටුකර ගැනීම ඉතා අපහසු නිසා දාර්ශනික පාලකයන් නිර්මාණය කරගැනීම පිණිස වූ අධ්‍යාපන ක්‍රමයක් ද හෙතෙම ඉදිරිපත් කළේය. දාර්ශනික පාලකයන්ගේ පාලනයකින් තොරව මානව වර්ගයාට දුක් කම්කටොලු‍වලින් නම් ගැලවීමක් නොමැති බව පහදා දුන්නේ ප්ලේටෝය. මේ අදහසින් පෙනී යන්නේ පාලකයන් හුදු බුද්ධිමතුන් වීම පමණක් නොව ඔවුන් මානව වර්ගයාගේ යහපත සලසන්නන් විය යුතු බවය. එසේ නැතුව තම තම නැණ පමණින් තමන්ගේ පමණක් යහපතක් සලසා ගන්නන්ගේ බුද්ධියෙන් පොදු ජනයාට ඵලක් නැත.

ව්‍යවස්ථාවක් තිබේනම් යක්ෂ ජාතියකට වුවත් රාජ්‍යයක් සැදිය හැකිය යනුවෙන් කීවේ එම්මානුවෙල් කාන්ට් ය. එහි සරළ අදහස වන්නේ රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රාජ්‍යයක් ගොඩ නැගීමේ කාර්යයේ දී තීරණාත්මක සහ උත්තරීතර වන බවය. එපමණක් නොව රටක් විධිමත් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමේ දී තීරණාත්මක සාධක වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එය අනුව යන ව්‍යවස්ථානුකූලවාදය ය. ව්‍යවස්ථානුකූලවාදය යනු ව්‍යවස්ථාවට අනුකූලව සියලු‍ දෙනා ක්‍රියාකිරීමය. එනම් එය පිළිපැදීම ය. රාජ්‍යයක සමාජ-දේශපාලන-ආර්ථික ගමනට අදාළ මාර්ග සිතියම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ය.

කවරකුට වුවද ව්‍යවස්ථාවට උඩින් යා නොහැක, එය යටපත් කළ නොහැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටක සියලු‍ ජනයාගේ සම්මුතිය, ගිවිසුම, සහ එකඟතාවවීම ඊට හේතුව ය. ඒ නිසාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු නෛතික ලියවිල්ලක් පමණක් නොවේ. එසේම ව්‍යවස්ථා සම්පාදනය යනු හුදු නීතිවේදීන්ගේ සහ නීතිඥයන්ගේ වැඩක් පමණක් ද නොවේ. 1972 දී සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස කටයුතු කළේ ඒ නිසා සහ පාර්ලිමේන්තුව හරහා සමස්ත ජන සමාජයම නියෝජනය වනවාය යන මූලධර්මය මත පිහිටා ය.

මා මෙතැනට ව්‍යවස්ථා කතාව ගෙන ආවේ හේතුවක් මතය. එනම් බුද්ධිමතුන්ගේ වැඩ සහ අවැඩ ගැන යමක් කීමට ය. අපේ රටේ ව්‍යවස්ථා සම්පාදනය සහ සංශෝධන ඉතිහාසය දිහා බලනවිට පෙනීයන්නේ පක්ෂ, කණ්ඩායම් සහ පුද්ගලයන්ගේ පක්ෂග්‍රාහී බල අරමුණු හේතුකොටගෙන එකී ක්‍රියාවලිය අපවිත්‍රවී ඇති බවය. ඒ අපවිත්‍රතාවට ඒ පාර්ලිමේන්තුවල සිටි බුද්ධිමත්හුද වගකිව යුත්තෝය. ඉන් පෙනී යන්නේ බුද්ධිය තිබුණාට එවැනි අකටයුතුකම්වලින් දේශපාලනය වැළැක්වීමට ඔවුන්ට හැකියාවක් නොතිබුණු බවය. මෙරට බුද්ධිමහතුන් 1972 ව්‍යවස්ථාවට නගන ප්‍රධාන චෝදනා දෙකෙන් එකක් වන්නේ බුද්ධාගමට මුල්තැන දීම සහ පරිපාලන, සහ අධිකරණ සේවා කොමිසම අහෝසි කිරීම පිළිබඳවය. එක්සත් ජනපද ඩොලර්වල මුද්‍රණයකොට ඇති දෙවියන් වහන්සේ විශ්වාස කරන්න’ යන්න නොපෙනෙන සහ තේරීපත්වන ආණ්ඩුවට නිත්‍යානුකූල ලෙස රාජ්‍ය සේවය පක්ෂපාතී විය යුතුය යන බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය දෙස නොබලන අයගේ 72 ගැන චෝදනා කෙසේ වෙතත් නිදහසින් පසු මා දකින හොඳම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එය ය. එම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපති ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාය.

තවත් ගැටලුවක් වන්නේ ජනහිතකාමී බුද්ධිමතුන් තේරීමට ජනතාව බුද්ධිමත් ද යන්නය. ඊයේ උදෑසන පහයි පනස් අටට රේඩියෝ නාලිකාවකින් ඇසුණු උදා ගීතය වුණේ ‘‘ඔබ ඇසිපිය නොසොලා බැලු‍වා මගෙ දෑස් දිහා’ යන්න වූ අතර ඊට පසුව ඇසුණේ’’ පනන් අටින් මට වැඩිකර දුන්න හැකිවුණත් බත් මිටක් දරුවට කවන්න’ යන ගීතය ය. මේ ගීත දෙකට මමත් කැමතිය. ඒත් උදෑසන පහට හයට ඇසීමට නම් නොවේ. රේඩියෝ සහ ටෙලිවිෂන් චැනල වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ සිදුකර ඇති සංස්කෘතික සංහාරයෙන් පාන්දර, උදෑසන, දහවල, මධ්‍යහනය, හැන්දෑව සහ රාත්‍රිය යන කාලසීමා අතුරුදන්කොට ඇත. ඒ සංස්කෘතික සංහාරයට ගොදුරුව බොල්වී ඇති සමාජයෙන් මනාපය ලැබෙන්නේ බුද්ධිමතුන්ට නොව අර සංස්කෘතික සංහාරයට දායකවන සහ අනුග්‍රහය දක්වන අයට ය. ඒ අනුව බුද්ධිමතුන්ටත් කලියුග කාලේ සංස්කෘතික සංහාරකයන්ගේ සරණ සහ පිහිට මිස වෙන පිහිටක් හෝ සරණක් නොමැත.

මේ පසුබිම තුළ බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවන්න කියා මනාප දුන්නාට යැවෙන්නේ බුද්ධිමහතුන්’ ය. ඒ බුද්ධිමහතුන්ට කටයුතු කරන්නට සිදුවන්නේ ස්වකීය බුද්ධියට අනුව නොව තමන්ට අපේක්ෂක වරම දුන් පක්ෂවලට අවනතවය. කීකරුව ය. ඇත්තටම බුද්ධිමහතුන්ට එය ගැටලුවක් නොවන්නේ මුල සිටම ඔවුන් එයට සූදානම් නිසා ය. එසේවන බව ඔවුන් දන්නා නිසාය. ඔවුන්ට අවශ්‍ය මැතිකම, ඇමැතිකම මිස පොදු ජනයාට වැඩ කිරීමේ ඉඩකඩ නොවේය. ඒ නිසා බුද්ධිමතෙකි’  යන හැඳුනුම් පත්‍රය යොදාගෙන ක්‍රමයේ දැත්තක් වීමේ ඉඩකඩ සලසා ගන්නවා මිස ක්‍රමයක් තැනීමේ යන්ත්‍රයක් වීමට මොවුන් උත්සාහ නොකරනු ඇත.  

එසේ නොවන බුද්ධිමතුන්ගේ වගකීම වන්නේ බුද්ධිමහතකු නොවී පක්ෂයක කණ්ඩායමක දාසයකු හෝ ප්‍රවේණි දාසයකු නොවී ලද මැතිකම හෝ ඇමැතිකම රටේ ජනයා වෙනුවෙන් රැඩිකල් ලෙස භාවිතාවේ යෙදවීමය. එවිට ඒ බුද්ධිමතා වටා එළියේ සිටින බුද්ධිමතුන් රැස්වනු ඇත. පාර්ලිමේන්තුවට යාමට සැරසෙන මගේ බුද්ධිමත් මිතුරන්ගෙන් ඉල්ලා සිටින්නේ බුද්ධිමතකු වීමේ රෝගයට දැන්ම සිට ප්‍රතිකාර ගන්නා ලෙසය.


***
කොළඹ විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​යේ,
ධම්ම දිසානායක

 



අදහස් (2)

මැතිවරණ දේශපාලනයේ බුද්ධිමහතුන්

gaminiabe Friday, 10 July 2020 06:12 AM

හොරුන්, වංචාකාරයින්, බොරුකාරයින්.... හොඳට බලන්න, මෙතන උසාවියක නම නැති කෙනෙක් එහෙම ඉන්නවද කියලා...?

:       0       33

vinivida Saturday, 11 July 2020 02:28 AM

දේශපාලනයේ බුද්ධිමතුන් සහ උගතුන් සිටිය යුතුවේ. උගත්කම සහ බුද්ධිමත්කම සහ අවංකකම එකම පුද්ගලයකු හට තිබේ නම් ඉතාම වටින්නේය. එවැනි පිහිටීම් තිබෙන පුද්ගලයින් වර්තමානයේ ලංකාවේ සිටියි. නමුත් ඔවුන්ගෙන් ප්‍රයෝජන ගැනීමට තරම් ලංකාවේ ජනතාව බුද්ධිමත්ද? බුදුදහමට අනුව බුද්ධිමත්කම යනු යම් කෙනෙකු පෙර භවයන්වලදී කරනලද යහපත් කුසල්වල ප්‍රතිඵලයක් වන්නේය. බුද්ධිමත්කම යනු පුද්ගලයකු ඉපදෙනවිට එම පුද්ගලයා ගෙන එන්නාවූ පෙර අාත්මවල කුසල කර්මයේ ප්‍රතිඵල වේ. උගතෙකු යනු යම්කිසි පුද්ගලයකු අධ්‍යාපනයෙන් හෝ නිපුණත්වයෙන් ලද අවසාන ප්‍රතිඵලය වේ. පුද්ගලයාගේ මොලයේ ක්‍රියාකාරීත්වය අඩු වැඩි වශයෙන් උගත් කමට දායකවේ. කුඩා කාලයේම අධ්‍යාපනයට උනන්දු නොවන දරුවන් පසුකාලයේ උගතුන් වීමත් කුඩාකාලයේ දක්ෂ දරුවන් පසුකාලයේ මන්දගාමී වන්නේත් ඔවුන්ගේ මොලයේ ක්‍රියාකාරීත්වය අනුව වෙන්නට ඇත. පාර්ලිමේන්තුවට බුද්ධිමතුන් පත්කළද ඔවුන් සැබෑවටම ඔවුන්ගේ බුද්ධිමත්කම යොදවන්නේ රට සහ මනුෂ්‍යත්වය වෙනුවෙන්ද නැතහොත් ඔවුන්ගේ පුද්ගලික වුවමනාවන් වෙතද? බුද්ධිමතෙකු වුවද අවංකත්වය, කැපවීම සහ ඉවසීම නොමැතිනම් කොතරම් බුද්ධිමත් වුවද දේශපාලනයට පැමිණීමෙන් ඵලක් නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

කිවිදා දැක්ම

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1125 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එදා - මෙදා දේශපාලක අමුතු කතා
2024 නොවැම්බර් මස 15 964 5

මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු


අලුත් මැතිසබේ නව මන්ත්‍රීන්ගේ අභියෝග
2024 නොවැම්බර් මස 08 445 0

පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු


මැතිවරණ පොරොන්දු සීමා නීතියක්
2024 නොවැම්බර් මස 01 2405 7

අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ


දේශපාලන ආර්ථික අභියෝග
2024 ඔක්තෝබර් මස 25 251 0

ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගත් පාලනයක් මේ වන විට ආරම්භ වී ඇත. ලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලය තමන්ගේ ආණ්ඩුව විසින් පත්කරනු ලැබ ඇතැයි පවසන සමහරුන් වත්මන් ජ


රටට ඔබින පිරිසක් මැතිසබේට
2024 ඔක්තෝබර් මස 11 452 1

මේ දවස්වල රටේ බොහෝ අය කතා කරන්නේ ජනාධිපතිවරණය ගැන නොවේ. එළැඹෙන මහ මැතිවරණය ගැනය. ඒ නිසා මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට බලාපොරොත්තු වන්නේ ‘‘හොඳ පාර්ලිමේන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 564 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2153 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site