IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


මැතිවරණ පොරොන්දු සීමා නීතියක්

අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එසේ කරගත නොහැකි වී ඇති බවයි. එම අවශ්‍යතාව තම ආරක්ෂාව බාර නිලධාරීන්ට කී විට ඔවුන් පෙරළා කියා තිබූ බව ඇය සඳහන් කළේ “මැඩම් මේ ස්විට්සර්ලන්තය නෙමෙයි” යන්නයි.

අගමැතිවරියට අනුව ඇගේ ආරක්ෂාව බාර නිලධාරීන්ගේ මතය වී ඇත්තේ, ඇය වඩාත් වැඩි ආරක්ෂාවක් හා ඊට සමාන්තර සම්පත් ද යොදාගත යුතු බවයි. ඇය මේ කතාව කියා තිබුණේ ඍජු දේශපාලනික නොවන මහජන රැස්වීමක ය. ඇය එසේ කියන්නට ඇත්තේ ඒ සඳහා මහජන අවධානය හා අනුමැතිය ලබා ගැනීම සඳහා විය යුතුය. කුමන අරමුණින් ඇය එසේ කීව ද, එය ඉතා සිත්ගන්නා සුළු ප්‍රකාශයකි.

අගමැතිවරියගේ ඉහත ප්‍රකාශය තුළ වන ඉල්ලු‍ම වත්මන් අනුර කුමාර ආණ්ඩුවේ සමස්ත ප්‍රකාශයේ ඉල්ලු‍ම වනවාට සැක නැත. වෙනත් වචනවලින් කිවහොත් වත්මන් ආණ්ඩුව අද පත්ව සිටින්නේ තමා විසින්ම අඹරන ලණු ගිල ගැනීමට නොහැකිව හෝ ගිලින ලද ලණු වැමෑරීමට නොහැකිවය.

අනුර කුමාර මහතා ජනාධිපති වූ සැණින් කළේ ජනාධිපති මන්දිරය ඉදිරිපිට මාර්ගය විවෘත කිරීමය. ඒත් සමගම අගමැතිවරිය ද අනුරට දෙවැනි වන්නට සිතුවේ නැත. ඇය ද අරලිය ගහ මන්දිරයේ මුරකුටි ඇතුළු ගොඩනැගිලි කඩා පාරවල් විවෘත කරනු දක්නට ලැබුණි. දැන් එසේ කොට යාන්තමින් සති දෙක පසුකරන විට ඇය කියන්නේ වෙනත් කතාවකි. ලංකාව ස්විට්සර්ලන්තයක් නොවන බව ඇයට පැහැදිලි කර දී ඇත්තේ ආරක්ෂක නිලධාරියෙකි. ඊට පෙර ඇය සිතාගෙන සිට ඇත්තේ ලංකාව ස්විට්සර්ලන්තයක් බවයි. එවැනි ස්විට්සර්ලන්තයක ජීවත් වන දේශපාලකයන් මේ තරම් ආරක්ෂකයන් හා ආරක්ෂක රථ පාවිච්චි කරන්නේ ඇයි ද යන්න ජනපති අනුර හා අගමැති හරිනි වැනි අය දේශපාලන වේදිකාවේ දී ප්‍රශ්න කර ඇත්තේ එහෙයිනි.

ඇත්ත වශයෙන් ආණ්ඩුවේ නායකයන්ගේ ආරක්ෂාව සහ ඒ ආශ්‍රිත වාහන භාවිතය යනු මාලිමා දේශපාලන වේදිකාවේ ඉතා වැරෙන් ප්‍රශ්න කළ මාතෘකා ය. බලයට පැමිණි පසු ‘මරුතියකින්’ යන තරමට එම කතා අපේක්ෂාසහගත විය. කුල්මත්කාරි විය. පොදු ජනතාව අතර මේ විප්ලවකාරි මත ප්‍රකාශ කරමින් ඔවුන්ට තම දේශපාලන ව්‍යාපාරය වෙත විවිධ සමාජ ස්ථරවල පිරිස් ආකර්ෂණය කර ගැනීමට හැකිවිය. ජනතාව දුක් විඳින්ගේ මේ වැනි භාවිතයන් නිසා බව ඔවුහු ප්‍රකාශ කළහ. ඒ අනුව දුක නැති කිරීමේ අරමුණින් තම දේපළ සිය සුඛ විහරණය සඳහා අවභාවිතා කරන දේශපාලකයන් ඉවත් කර එසේ නොකරන මාලිමා දේශපාලකයන් බලයට ගෙන ඒමට ජනතාව තීරණය කළේය.

අහෝ ඛේදයකි ! දැන් ඔවුන් ද කියන්නේ ආරක්ෂක නිලධාරීන් කියන නිසා තමන්ට ද පෙර දේශපාලකයන් කළ දේම කිරීමට සිදුව තිබෙන බවයි. පෙර දේශපාලකයන්ට ද එසේ කිරීමට සිදු වූයේ ලංකාව ස්විට්සර්ලන්තයක් නොවන නිසා ආරක්ෂක නිලධාරීන් එසේ උපදෙස් දුන් නිසා නොවේ ද යන්න ඇසීමට අද බොහෝ අය මැලිවෙති.

ඉරණම්කාරී සත්‍ය නම්, අදටත් මාලිමා පක්ෂය බලයට නොපැමිණියේ නම්, ඔවුන් සිතාගෙන ඉන්නේ ලංකාව ස්විට්සර්ලන්තයක් බවයි. ජවිපෙ ප්‍රමුඛ කරගත් මාලිමාව බලයට ඒම නිසා ලංකාවේ දේශපාලන දැනුම් කෝෂය පුළුල් වූ බවට තවත් සාක්ෂි කුමකට ද? ඒ අතින් ඇත්තටම ඒවා ඉතා සාධනීය වර්ධනයන් වේ.

මේ අතර, රටේ තාමත් ඇතැමුන් සිතන්නේ ලංකාවේ විදේශ විනිමය අර්බුදයක් මතු වූයේ රාජපක්ෂලා විසින් උගන්ඩාවට ඩොලර් රැගෙන ගිය නිසා බවයි. වත්මනේ ආණ්ඩුව කරන මාලිමා පක්ෂය විසින් එම චෝදනාව 2022 වසරේ සිට පසුගිය මැතිවරණ සමය අවසන් වන තුරුම ප්‍රකාශ කරනු ලැබුණි. මාලිමා අපේක්ෂකයන් ඔවුන්ගේ දේශපාලන වේදිකාවේ සිට ජනතාවගෙන් ඇසුවේ  උගන්ඩා ගිය ඩොලර් ගේන්න ඕනෑද?’ යනුවෙනි. ඕන නම් මාලිමාවට ඡන්දය දෙන්න’ යන තාර්කික ඉල්ලීම කරනු ලැබුණි. බොහෝ අය එය විශ්වාස ද කළහ. ඒ අය සිතුවේ රාජපක්ෂලාගේ ඩොලර් නැවත රටට ගෙනැවිත්, රට ත්‍රස්ත පාර්ශවයෙන් මුදාගත් රාජපක්ෂලාද හිරේ විලංගුවේ දමා සැපෙන් ඉන්න ය. එවන් උස් අපේක්ෂාවක සිටි අය වෙනුවෙන්, අද වන විට එම චෝදනාව එල්ල කළ අයම කියන්නේ එදා රැගෙන ගියේ ඩොලර් නොව ලංකාවේ ක්‍රියාත්මක වන මහාපරිමාණ මුදල් මුද්‍රණය කිරීමේ විදේශ ආයතනයක් විසින් මුද්‍රණය කළ උගන්ඩා මුදල් නෝට්ටු බවයි.  

ණය ගැනීම කරනු ලබන්නේ මාලිමාව හැර සෙසු පක්ෂ විසින් පමණකි යන්න නිර්මාණය වූ තවත් අලු‍ත් දැනුමකි. මේ වන විට මාලිමාව බලයට පැමිණ මාසයක් ගත වන විට ලංකාවේ අන් කිසිදු රජයක් නොගත් ආකාරයට රුපියල් බිලියන ගණනින් ණය ලබාගනිමින් සිටී. ප්‍රශ්නය වන්නේ එන්න එන්නම මෙම ණය ගැනීම් වැඩිවීම ය. එය ඉතා අසුබ තත්වයක් බව කිව යුතු වේ. ආණ්ඩුවට සිය අය වැය පාලනය කිරීම සඳහා විධිමත් සැලැස්මක් නැති බව ඔවුන්ගේ මූල්‍ය මෙහෙයුම් හරහා පෙනී යයි. පසුගිය දා ඔවුහු සාමාන්‍ය ජනතාවගේ ආහාරය වන පරිප්පු සඳහා පවා බදු වැඩි කිරීමට කටයුතු කළහ. උම්බලකඩ කිලෝවක් සඳහා රුපියල් 302කින් බදු වැඩි කළේ ය. මේවා දෛවයේ සරදම් ය. වත්මන් ආණ්ඩුවේ ප්‍රධානතම සටන් පාඨයක් වූයේ බදුබර අඩු කිරීම ය. එහෙත් දැන් එහි සපුරා විරුද්ධ පැත්ත කරගෙන යන බව පෙනේ. ඒ කෙසේ වෙතත්, බදු වැඩි කිරීමෙන් වුව සිය එදිනෙදා වියදම් සඳහා ගන්නා ණය අඩු කර ගැනීමට ආණ්ඩුව සමත් වී නැති බව ඉහත පෙන්වා දුන් පරිදි ඔවුන්ගේ අසීමිත ණය ගැනීම්වලින් පෙනේ.

මේ අතර මූල්‍ය ක්ෂේත්‍රවල හා මහජන වේදිකාවල ද මහත් ආන්දෝලනයට තුඩු දෙමින් ආණ්ඩුව විසින් විවෘත වෙළෙඳපොළ හරහා මුදල් අච්චු ගැසීමට ද අවතීර්ණ වී ඇත. ඒ අනුව රුපියල් බිලියන 100ක් හෙවත් කෝටි දසදහසක් මුදල් අච්චු ගසා ඇත. ආණ්ඩුව පවසන්නේ බැංකුවල ද්‍රවශීලතාව පවත්වාගෙන යාම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි. ප්‍රශ්නය වන්නේ කුමන හේතුවක් හෝ ඉදිරිපත් කරමින් කරන සාධාරණිකරණය නොවේ. මෙහි දේශපාලන කෝණයයි. වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටින විට පැවති ආණ්ඩුවලට එරෙහිව මහජන මතය ගොඩනැගීම සඳහා මුදල් අච්චු ගැසීම විශාල වශයෙන් දේශපාලන වේදිකාවට ගෙන එනු ලැබුණි. කෝවිඩ් කාලයේ ලෝකය පුරාම මුදල් අච්චු ගැසූ පසුබිමක, ලංකාවේ ද එය කළ විට ඔවුන් කළ විවේචන අපට තාමත් හොඳින් මතක ය. කෝවිඩ් සමයේ නම් මුදල් ගනුදෙනු අවම වීම නිසා සහ ඉල්ලු‍ම හා සැපයුම අතර විශාල පරතරයක් නිර්මාණය වීම නිසා මුදල් අච්චු ගැසීමට සාධාරණ හේතුවක් තිබුණි. එහෙත් මේ එවැනි කාලයක් නොවේ. මෙය සාපේක්ෂ අර්බුද රහිත කාලයකි. අර්බුදය තුළ දී මුදල් අච්චු ගැසීමට එරෙහි වී අර්බුද නැතිවිට මුදල් අච්චු ගැසීම අප තේරුම් ගත යුත්තේ කෙසේ ද?

ඒ පසුබිම තුළ අන්තර්ජාතික මූල්‍ය අරමුදල මගින් ලංකාව සම්බන්ධයෙන් කළ යුතුව තිබූ තුන්වැනි විමර්ශනය දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

මේ වන විට ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ඇමති විජිත හේරත් නිරන්තරයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම පිළිබඳ අදහස් පළ කරනු දක්නට ලැබේ. ඒ සෑම අවස්ථාවක දීම ඔහු කියන්නේ ඉදිරි මුදල් තත්වය බලා එසේ කරන බවයි. ජනාධිපති අනුර ද දේශපාලන වේදිකාවක කීවේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට අවධානය යොමු කරන බවයි. මේවා සපුරා ඔවුන්ගේ මැතිවරණයට පෙර දුන් පොරොන්දුවලින් තීව්‍ර ලෙස වෙනස් ඒවා වේ. අනුර කුමාර මහතා එවක ඉතා පැහැදිලිව ප්‍රකාශ කළේ වසරකට දෙවරක් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන බවයි. එහෙත් මේ වන විට ඔවුන්ගේ කතාවලට අනුව දෙවරක් නොව, වරක් හෝ එසේ කිරීම සඳහා සැලසුමක් නැති බව පෙනී යයි. ඇමති හේරත් මේ පිළිබඳ පසුගිය සති 4 තුළ කළ අදහස් දැක්වීම්, ජනපති අනුර කළ අදහස් දැක්වීම් යන සියල්ල එකට තැබූ විට පෙනී යන්නේ, ඔවුන්ගේ උත්සාහය වන්නේ මේ පොරොන්දුව කෙසේ හෝ මගහැර යෑමට කරන හේතු දැක්වීම් ලෙසයි.

මේ සියල්ල සැලකිල්ලට ගත් විට, අපට යෝජනාවක් තිබේ. ඒ නම් මැතිවරණවල දී ඒ ඒ පක්ෂ සහ පුද්ගලයන් විසින් කරනු ලබන වියදම් ගැන සීමාවක් පනවා තිබේ. එය පසුගිය ජනාධිපතිවරණයේ සිට ක්‍රියාත්මක කෙරුණි. අප යෝජනා කරන්නේ එවැනි ම යාන්ත්‍රණයක් මැතිවරණවලදී පක්ෂ සහ පුද්ගලයන් විසින් දෙනු ලබන පොරොන්දුවලට ද තිබිය යුතු බවයි. එනම් දෙනු ලබන පොරොන්දුවලට සීමාවක් සහ එම පොරොන්දුවල ප්‍රායෝගිකත්වය පරීක්ෂා කරන ක්‍රමයක් හඳුන්වා දිය යුතු ය. විශේෂයෙන් ම මූල්‍යමය කාරණය ඇතුළත්වන පොරොන්දු සම්බන්ධයෙන් ජාතික කමිටුවක් පිහිටුවා එම පොරොන්දු ඉටු කළ හැකි ද නැද්ද යන්න බවට අදාළ කමිටුව හරහා පරීක්ෂා කොට ජනතාව දැනුවත් කළ යුතුව තිබේ. එසේ නොමැති නම්, මෙරට ජනතාව විවිධ හිස් පොරොන්දුවලට රැවටීමේ කෙළවරක් අප කිසිදා නොදකිනු ඇත.

 

(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ

 



අදහස් (7)

මැතිවරණ පොරොන්දු සීමා නීතියක්

Sampath Gamage Friday, 01 November 2024 12:56 PM

ඔබ හරි. ඒත් බොරුවේම ගිලී ඉන්නා සමහරක්ට මෙය තේරුණත් නොතේරුණා සේ හැසිරී බුරාගෙන එති...!

:       21       23

Taashi Friday, 01 November 2024 02:35 PM

පච කියන අය ඉක්මණටම දෙන්න

:       4       14

Deepal Nirosh Friday, 01 November 2024 08:34 PM

මෙතුමාගේ කරුණු 100% නොවුණත් 90% ක් පමණ ඇත්ත. ඒත් මේ රටේ ඩොලර් උගන්ඩාවට රැගෙන ගිය බවට මැවූ බොරුව නම් ජවිපෙ හෝ ජාජබ හෝ නිර්මාණයක් නොවෙයි. ප්‍රශ්නය අදත් එම බොරුව තමන්ගේ නොවන බව ප්‍රකාශ කිරීමට ජවිපෙ හෝ ජාජබ හෝ මැළිවීමයි. ආර්ථික ස්ථායීකරණය මොන පැත්තට බර වේද කියන්න තාම කල්මදි. හැබැයි රටේ මෙතෙක් පැවැති ජරාජීර්ණ දේශපාලන සංස්කෘතික වටපිටාව නම් ක්‍රමානුකුලව වෙනස් වෙමින් පවතින බව නම් සක්සුදක් සේ පැහැදිලියි. එය කොතරම් සුභවාදීද? ණය බර දුවන්න හුරු වෙච්චි ආර්ථිකයක් ක්ෂණිකව ණයබරින් මුදවා ගන්න සිතීමත් විහිළුවක්. ඒ වගේම රජයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීම් කරන බවට නම් අනික් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වගේ තරඟකාරී පොරොන්දු නො දුන් බවත් අපට නම් ජනාධිපතිවරණ සමයේ ඇහුණේ නැහැ.

:       10       19

CHINTHANA DHARMADASA Monday, 04 November 2024 10:18 AM

ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක් ලෙස පතිරණ තම පක්ෂය වෙනුවෙන් තම කාර්යය හොඳටම කරනවා.

:       0       0

samantha indika Monday, 04 November 2024 11:45 AM

මෙවැනි ලිපි සමාජගත වෙන්නේ අඩුවෙන්. ඔබතුමන්ගේ අදහස වෙලා තියෙන්නේ අද සමාජේ යතාර්ථය.

:       9       10

Dinesh Friday, 08 November 2024 07:33 PM

ලිපියේ අන්තර්ගතය කොහොම වුණත්, ලියපු කෙනා දැක්කාම තමයි විශ්වාස කරන්න අමාරු...

:       0       4

Upekshika Monday, 11 November 2024 11:01 AM

බුවාව දැක්කේ අන්තිමටනේ. කියෙව්වේත් අපරාදේ කියලා හිතුණා​.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

කිවිදා දැක්ම

පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 797 5

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


ජනමතය උරගා බැලීමක්
2025 මාර්තු මස 28 307 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම


හොරුන් ඇල්ලීමේ නාටක
2025 මාර්තු මස 21 399 1

අත්අඩංගුවට ගැනීම ම දඬුවමක් වන තැනට අද ලංකාවේ නීති පද්ධතිය පහත වැටී තිබීම අප බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි. පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනා


සතුරු දඩයමේ දේශපාලනය
2025 මාර්තු මස 14 1103 4

මේ දිනවල රටේ මතුවෙමින් පවතින දේශපාලනය තේරුම් ගැනීමත් තරමක් අපහසුය. ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන්නේ පුදුම සහගත ගැටලුවලටය. අය – වැය පිළිබඳ පාර්ලිමේන්තු


ආණ්ඩුවේ ගමන් මග නිවැරැදිද?
2025 මාර්තු මස 07 533 4

ආණ්ඩුවේ ජනප්‍රියත්වය කොතරම් අඩුවී ඇතිදැයි කිවහොත් සහ එය ආණ්ඩුවට ද කොතරම් දැනී ගොස් ඇතිදැයි සිතුවොත්, ජනාධිපති අනුර කුමාර මහතා දළදා ප්‍රදර්ශනයක් තැබී


ආණ්ඩුවේ මග කියන අයවැය
2025 පෙබරවාරි මස 28 186 0

වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයාගේ රට කරවීමේ ක්‍රියා කලාපය පිළිබඳව මූලික විමර්ශනයක් කිරීමට තරම් කාලයක් මේ වනවිට ගතවී ඇත. වසර 05ක ආණ්ඩු කාලයක් ඔවුන්ට තිබෙ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 201 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 730 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site