IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


සත්‍යය වටා ඒකරාශිවීමේ අවශ්‍යතාව

මෙවර මා ලියන්නේ නව වසරේ පළමු කිවිදා දැක්මය. 2024 වර්ෂය රටේ පාලනයේ බරපතළ වෙනසක් සිදු වූ වසරකි. රටේ පාලන බලය රැක ගැනීමට එවකට බලයේ සිටි SLPP + UNP ආණ්ඩුවට හැකියාවක් නැති විය. එසේම ප්‍රධාන විපක්ෂයේ සිටි ස.ජ.බ. පක්ෂයටත් බලය ගැනීමට බැරි විය. විපක්ෂයේ ඈත කොනක සිටි ජ.වි.පෙ. බලවේගය ජාතික ජනබලවේගය ලෙසින් රටේ බලය ලබා ගත්තේය. මේ දේශපාලන වෙනස සිදු වූයේ කෙසේද යන ප්‍රශ්නයට විවිධ අය බොහෝ පිළිතුරු දෙමින් සිටිති.

මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නේ 2024 රටේ පාලන බලය වෙනස්වීමේ ක්‍රියාදාමයට බලපානු ලැබූ ප්‍රධාන කාරණා පිළිබඳවය. ඒ සමහර කරුණු තවදුරටත් සමාජයේ සාකච්ඡා අවකාශයේ තිබෙන ඒවාය.

ඊට පෙර සඳහන් කළ යුතු ප්‍රධාන කාරණයක් වන්නේ 2025 වර්ෂය වන විට අලුත් ආණ්ඩුවේ තත්වය පිළිබඳවය. මේ ආණ්ඩුවේ සමස්ත ක්‍රියාදාමය පිළිබඳව විමසීමක් කිරීමට තවමත් කල් මදිය. මා මුලින් කියූ පරිදි මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන කේන්ද්‍රීය කාරණයත් එය නොවේ. එහෙත් ‘‘පෙනෙන ටිකෙන්’’ කිව හැකි කාරණයක් වන්නේ ආණ්ඩුව ආර්ථික ක්ෂේත්‍රයේ විශාල ගැටලුකාරීත්වයකට යමින් සිටින බවය. රනිල් වික්‍රමසිංහ මහතාගේ ආකෘතියෙන් පිට පනින්නේ නැතිව IMF එකේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කරන්නට ආණ්ඩුවට සිදු වූයේත් ආර්ථික ක්ෂේත්‍රයේ ගැටලුකාරීත්වයට ආරම්භයක් ලෙසය. දැන් ආර්ථිකයේ ‘‘අලුත්’’ දේවල් කරන්නට හැකි වටපිටාවක් නිර්මාණය කිරීම ඉතාමත් අපහසුය. වික්‍රමසිංහ මහතා ද විශේෂ ප්‍රකාශයක් කරමින් කියා තිබුණේ ‘‘ඔහොම යං’’ කියාය.

තවත් පැත්තකින් මේ ආණ්ඩුව බලයට පත් කරන්නට මහන්සි වුණු මධ්‍යම පන්තියේ බලවේගවලට ආර්ථිකයේ වෙනසක් අවශ්‍ය බවක් පෙනෙන්නේ නැත. ඒ හුඟක් අයට වික්‍රමසිංහ මහතාගේ ආර්ථිකය එතරම් වැරැද්දක් නැති ගානය. ආණ්ඩුව බලයට පත් කරන්නට සමාජ මාධ්‍යවල ලියූ එක් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් කියා තිබුණේ ‘‘හාල් නැතිකම – පොල් නැතිකම’’ වගේ ඒවා ප්‍රශ්න නොවන බවය. ඒ අයගේ ප්‍රධාන ප්‍රශ්නය ‘‘තමන්ගේ සුජාතභාවය ගැලවෙන කථානායකගේ උපාධි හොරකම’’ වගේ දෙයක් විසඳීම මිස හාල්, පොල් ප්‍රශ්න විසඳීම නොවේ.

මගේ මිතුරකු කීවේ ‘‘මූඩි ශ්‍රේණිගත කිරීමෙන් ඉහළට ගියාට නාඩු ටිකක්වත් නැති තත්වයක් හැදී ඇති වුණත් ආණ්ඩුව පාඩුවේ ඉන්න’’ බවය.

මේවා පිළිබඳව ඉදිරියේදී කථා කිරීමට අවශ්‍යය. දැන් නැවතත් මා යෝජනා කළ මාතෘකාව සාකච්ඡා කරන්නෙමි.

 

2015 සිට වෙනස්වන ඡන්දදායක භූමිකාව

අපේ රටේ දේශපාලනයේ බරපතළ වෙනසක් ව්‍යුහාත්මකව සිදුවන්ටන පටන් ගත්තේ 2015 සිටය. ඒ වසරේ පැවති ජනාධිපතිවරණය යනු මෙරට සමාජයේ නව මාධ්‍ය සංස්කෘතිය විසින් මහා පරිමාණයෙන් අත්පත් කරගත් ප්‍රථම මැතිවරණය විය. මා කියන්නේ 2015ට පෙර මැතිවරණවලට ඩිජිටෙල් අවකාශ තිබෙන මාධ්‍ය සම්බන්ධ වූයේ නැත කියා නොවේ. ඩිජිටෙල් අවකාශය බරපතළ ආකාරයෙන් අත්පත් කරගත් ප්‍රථම මැතිවරණය 2015 ජනාධිපතිවරණය බවය.

එතැන් සිට මේ වන විට ජනාධිපතිවරණ 03ක් පවත්වා ඇත. ඒ 2015, 2019 සහ 2024 වර්ෂවලය. මේ ජනාධිපතිවරණ 03 තුළ ජයග්‍රාහකයා තීරණය වුණේ ඒ ඒ පක්ෂ යාන්ත්‍රණයට තිබෙන ‘‘හයිය’’ මත නොව සමාජ මාධ්‍ය අවකාශයේ ඒ ඒ අපේක්ෂයා සහ ඔහුට අයත් ‘‘නැරටිව් එක’’ (narrative) ලබා ගත් ස්ථානය අනුවය.

මේ කාරණය තවත් පැහැදිලි කළ හැකිය. මේ ජනාධිපතිවරණ තුන තුළම ජයග්‍රහණය තීරණය කළේ ඩිජිටෙල් අවකාශය තුළ ස්වකීය ‘‘නැරටිව් එක’’ හෙවත් ‘‘විවේචන සහ විසඳුම සහිත කථාව’’ සමාජගතවීමේ ප්‍රමාණයටය.

එපමණක් ද නොවේ. මේ අවස්ථා තුන තුළදීම පක්ෂ යාන්ත්‍රණයට වඩා ඉහළට පැමිණි නව බලවේගයක් ඒ ඒ අපේක්ෂකයා සමග ගොඩනැගී තිබුණි. මෛත්‍රීපාල සමග එ.ජා.ප. සිටියාට එළියට පැමිණියේ සෝභිත හිමිගේ සාධාරණ සමාජයක් ව්‍යාපෘතියයි. ගෝඨාභය සමග පොහොට්ටු පක්ෂය සිටියාට එළියට පැමිණියේ වියත්මග ව්‍යාපෘතියයි. අනුර දිසානායක සමග ජ.වි.පෙ. සිටියාට එළියට පැමිණියේ ජාතික බලවේග ව්‍යාපෘතියයි. ඒ අනුව ඩිජිටෙල් අවකාශයේ ස්ථාපිත වන ‘‘කතාන්දරය’’ හෙවත් නැරටිව් එක සමගින් ඍජුවම පෙනී සිටියේ සාධාරණ සමාජය (2015), වියත් මග (2019) සහ ජාතික ජනබලවේගය (2024) යන ව්‍යාපාරයක් මිස එ.ජා.ප.ය, පොදු ජන පෙරමුණ සහ ජ.වි.පෙ. යන පක්ෂ නොවේ.

තවත් පැත්තකින් මේ තත්වය විමසා බැලිය හැක. ඒ කියන්නේ සමාජ මාධ්‍ය යුගයක දේශපාලන පක්ෂයක අදාළත්වය කුමක්ද යන කාරණය විමසීමෙන් ද මෙය පැහැදිලි කළ හැකි බවය.

සමාජ මාධ්‍ය සහ පක්ෂය

අපේ රටේ මේ වන විට ගොඩ නැගී ඇති වැදගත් වර්ධනයක් වන්නේ දේශපාලන පක්ෂවල සාමාජිකත්වය හා සම්බන්ධතාව ලබා ගන්නා ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩු වෙමින් තිබෙන බවයි. මේ තත්වය පටන් ගන්නේ 2015 සිටය. මෛත්‍රීපාල ජනාධිපති කිරීමට ඡන්දය දුන් බහුතරය එ.ජා.ප. + ශ්‍රීලනිප පාක්ෂිකයන් නොවුණා පමණක් නොව ඊළඟ ඡන්දයේ ඒ පැත්තේ සිටියේවත් නැත. 2019 ගෝඨාභය ජනාධිපති කිරීමට ඡන්දය දුන් බහුතරය පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් නොවුණා පමණක් නොව ඊළඟ ඡන්දයේ දී ඒ පැත්තේ සිටියේවත් නැත. 2024 දී අනුර ජනාධිපති කිරීමට ඡන්දය දුන් බහුතරය ජ.වි.පෙ. පාක්ෂිකයන් නොවෙනවා පමණක් නොව ඊළඟ ඡන්දයේ දී ජ.වි.පෙ. පැත්තේ සිට ගන්නවා යැයි කීමේ කිසිදු පදනමක් නැත.

සරළව කිවහොත් රටේ ඡන්දදායකයන් මිලියන 17 අතරින් මිලියන 10කට ආසන්න ප්‍රමාණයක් සිටින්නේ නිර්පාක්ෂිකයන් ලෙසින්ය. ඔවුන් එක ස්ථාවරයක හෝ එක පක්ෂයක සිටින බවක් පෙනෙන්නේ නැත. සමාජ මාධ්‍ය අවකාශය තුළ ස්වකීය ස්ථාවරය ගොඩනගා ගන්නා ආකාරයේ දේශපාලන සක්‍රීයත්වයක් මේ වන විට ගොඩනැගී ඇත.

ආර්ථිකය ද? අලංකාරිකය ද?

මෙවර ජනාධිපතිවරණයේ දී මෙන්ම මහ මැතිවරණයේදී ද සමාජයේ සිදුවූ සාකච්ඡාව විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ වී තිබූ බව පැහැදිලිය.

2022 රටේ ප්‍රධාන ප්‍රශ්නය වුණේ ආර්ථික කඩා වැටීමය. 2023 වර්ෂය තුළ රටේ සාකච්ඡාව ඇති වුණේ ඒ ආර්ථික කඩා වැටීමට හේතුව කුමක්ද සහ එයට පිළිතුර කුමක්ද යන කාරණාවත්ය. මම මුලින් සඳහන් කළ ‘‘කතාන්දරය’’ හෙවත් ‘‘දේශපාලන නැරටිව්’’ එක සම්බන්ධ වෙන්නේ මෙතැනටය.

ආර්ථිකය කඩා වැටීමට හේතුව හොරකම සහ දූෂණය බව මාලිමාවේ කතාන්දරය විය. වසර 76 පුරාම පාලනයේ සිටි හැමෝම මෙයට සම්බන්ධ බවත් ඒ නිසා ඒ කිසිම පක්ෂයකට ‘‘ගෑවුණු’’ කෙනකුට බලය නොදිය යුතු බවත් එහි ඊළඟ කොටස විය.

රනිල්ගේ ජනාධිපතිවරණ වේදිකාව තුළ මතු වුණේ ආර්ථිකය කඩා වැටීමට හේතුව ‘‘වෙලාවට IMF එකට ගොස් ණය ගෙවන්නට පුළුවන් තත්වයක රට තියා ගන්නට ගෝඨාභයට බැරි වුණ නිසා’’ බවය. ඒ කතාන්දරයම අඩු වැඩි වශයෙන් ස.ජ.බ. වේදිකාවේත් ඉදිරිපත් විය. මේ කතාන්දර දෙක අතරින් ජනතාව බහුතරයක් (එක් පක්ෂයක් ලෙසින් ගත් විට) මාලිමාවේ මතය පිළිගත් අතර සියයට 50 ක් නොමැති වුවද ජනාධිපතිධුරය නියමාකාරව වත්මන් පාලනයට ලැබුණි.

දැන් මාලිමාවට ඡන්දය දුන් ජනතාව සිතන්නේ ආර්ථිකය කඩා වැටුණේ හොරකම නිසා බවත් එය නවත්වන්නට අලුත් ආණ්ඩුවක් පත් කර ඇති නිසා දැන් ආර්ථිකය හොඳ වෙනවා කියාත්ය. හාල් නැතිකම, පොල් ගණන් යාම වැනි ප්‍රශ්න තවදුරටත් ප්‍රශ්න නොවන බවත්, කථානායකගේ උපාධි සම්බන්ධ ප්‍රශ්නය මේ ආණ්ඩුව සම්බන්ධයෙන් ඇත්ත ප්‍රශ්න බවත් අපේ හිතවත් එහෙත් මාලිමාවට උදව් කළ විශ්වවිද්‍යාල ආචාර්යවයෙක් ස්වකීය මුහුණු පොතේ ලියා තිබුණේ මේ නිසාය.

ඒ අනුව දැන් සමාජ මාධ්‍ය අවකාශයේ විසඳිය යුතු ගැටලුව වගේ පේන්නේ ‘‘මෙතෙක් කාලයක් පුරා ආණ්ඩුවේ තිබූ හොරකම්’’ නැවැත්වීම මිස ආර්ථික ක්ෂේත්‍රයේ උඩු දුවා ඇති ණය තිරසාරභාවයට පත් ආර්ථිකයක් ගොඩ නැගීමට අදාළ ප්‍රතිපත්ති සහ සැලසුම් නොවේ.

මට පෙනෙන ආකාරයට මේ අලංකාරිත දේශපාලනය සහ ඇත්ත දේශපාලනයේ වෙනස වත්මන් ජනාධිපතිවරයාට මේ වන විට තේරුම් ගොස් ඇති අතර ඔහු විසින් සමහර කරුණු සම්බන්ධයෙන් ගෙන ඇති තීරණවලින් පෙනී යන්නේ එම කාරණයයි. IMF සංවිධානය සමග ණය තිරසාරභාවය සම්බන්ධ විශ්ලේෂණය හෙවත් DSA ලියවිල්ල සඳහා ඔහුගේ අනුමැතිය මගින් පෙන්නුම් කරන්නේ අලංකාරිත දේශපාලනයට වඩා ඇත්ත දේශපාලනයට ගමන් කිරීම අවශ්‍ය බවයි. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඇතිකරගත් ණය තිරසාරභාව විශ්ලේෂණය (DSA) පිළිගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ආණ්ඩුවේ ස්ථාවරය වී ඇති බව මේ වන විට ඉතාමත් පැහැදිලිය.

මේ වගේ වෙනස් වෙමින් ගමන් කරන ක්ෂේත්‍ර තවත් ගණනාවක් ඉදිරියේ දී මතුවන්නට නියමිතය. බලය ගැනීමට ඉදිරිපත් කරන අලංකාරිතය සහ ඇත්ත බලය ක්‍රියාත්මක කිරීම අතර වෙනස ලෙසින් එය මතුවීම වැළැක්විය නොහැකිය.

ඒ අනුව මේ සතියේ මගේ කිවිදා දැක්ම වන්නේ මීළඟ දේශපාලන වෙනස්වීමේ මූලිකාංග මේ වන විටත් සමාජ මාධ්‍ය අවකාශය තුළ නිර්මාණය වෙමින් පවතින බවයි.

(*** මහාචාර්ය චරිත හේරත්)



අදහස් (2)

සත්‍යය වටා ඒකරාශිවීමේ අවශ්‍යතාව

ගාමිණී Sunday, 05 January 2025 12:50 PM

දැන් ඉදිරි අනාගතය පිළිබඳ විග්‍රහයන් ඉදිරිපත් කරන මෙවැනි බුද්ධිමත් ආචාර්ය, මහාචාර්ය වරුන්ට ඔවුන් බලයේ සිටියදී රටේ අනාගතයට සිදු වූ විනාශය (රට බංකොලොත් බාවයට පත්වන තුරු නොදැකීම) අප හට ප්‍රශ්නයකි. ඉදිරිය හොඳින් පෙනෙන්නේ බලය නැති විටද...?

:       0       5

sunil Friday, 10 January 2025 09:26 PM

මේ මහාචාර්යතුමාට එයා ඉල්ලපු වෙලාවේ NPP ෆිකට් එක දුන්නා නම් ඔයිට වඩා වෙනස් දෙයක් කියාවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

කිවිදා දැක්ම

ජනවරම රැකීමේ අභියෝගය
2025 ජනවාරි මස 31 393 1

මෙවර කිවිදා දැක්ම ලියන්නේ රටේ දේශපාලනයේ කිසියම් වෙනස් තත්වයක් පෙනෙන්නට තිබෙන පරිසරයකය. ‘‘වෙනස් තත්වයක්’’ යැයි මා කියන්නේ දේශපාලන බලයේ වෙනසක් සිදු වෙ


ජනාධිපති ආරක්ෂාවේ අපේක්ෂාව
2025 ජනවාරි මස 24 777 5

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධ තීරණය සපුරාම දේශපාලන තීන්දුවක් බව ජනාධිපති අනුර පසුගිය දා කටුකුරුන්දේ රැස්වීමක දී කළ


දවස් සියයේ විපරමක්
2025 ජනවාරි මස 17 440 0

වත්මන් ආණ්ඩුව බලයට පත්වී දින සියයක් ගතවී හමාරය. මේ කාලයේ ප්‍රගතිය පිළිබඳව විවිධ සාකච්ඡා මේ දිනවල මතු වෙමින් තිබේ. ඒවා අතරින් වැඩියෙන් තියෙන්නේ ආණ්ඩුව


එක රැයේ තීන්දුවෙන් අසරණවීම
2025 ජනවාරි මස 10 1131 16

ආණ්ඩුව රටට දැනෙන යමක් කිරීමේ දැඩි අවශ්‍යතාවකින් පෙළෙන බව පෙනේ. ඒ, සාමාන්‍යයෙන් අලු‍තින් පත් වූ ඕනෑම ආණ්ඩුවක ස්වභාවයයි. විශේෂයෙන්ම මාලිමා ආණ්ඩුව පත් වූ


සත්‍යය වටා ඒකරාශිවීමේ අවශ්‍යතාව
2025 ජනවාරි මස 03 402 2

මෙවර මා ලියන්නේ නව වසරේ පළමු කිවිදා දැක්මය. 2024 වර්ෂය රටේ පාලනයේ බරපතළ වෙනසක් සිදු වූ වසරකි. රටේ පාලන බලය රැක ගැනීමට එවකට බලයේ සිටි SLPP + UNP ආණ්ඩුවට හැකියාවක්


ජනපති ඉන්දීය නිලගමනේ ප්‍රතිඵල
2024 දෙසැම්බර් මස 20 903 0

රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site