IMG-LOGO

2025 පෙබරවාරි මස 23 වන ඉරිදා


සහල් පිළිවෙතේ විකෘතිය

ආණ්ඩුව දිගින් දිගටම බත පිළිබඳ ගැටලුව අනා ගනිමින් සිටින බව පෙනේ. සහල් ප්‍රශ්නය අනාගත් ආණ්ඩුව දැන් වී ප්‍රශ්නය ද එසේ වන තැනට කටයුතු කරමින් සිටී. පසුගිය බදාදා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූ කෘෂිකර්ම ඇමතිවරයා වී මිලට ගැනීම සඳහා සහතික මිලක් දෙනු වෙනුවට කළේ ආණ්ඩුව වී මිලට ගන්නා මිල ප්‍රකාශ කිරීමය. එහෙත් ගොවියන් ඉල්ලා සිටින්නේ එවැන්නක් නොවේ.

ඔවුන් කියන්නේ සහතික මිලක් ප්‍රකාශයට පත් කරන ලෙසයි. එවිට පෞද්ගලික අංශයට ද එම මිලට අනුගතව වී මිලට ගත හැකිය. එහෙත් කෘෂිකර්ම ඇමතිවරයාගේ ප්‍රකාශයට අනුව එවැන්නක් දැන් සිදු නොවේ. දැන් සිදුවන්නේ පෞද්ගලික අංශය විසින් කමතටම ගොස් කුණු කොල්ලයට ගොවියාගේ අස්වැන්න මිලට ගැනීමයි.

මේ අතර, කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත ඍජුවම ප්‍රකාශ කළේ වී අලෙවි මණ්ඩලය තෙත වී නොගන්නා බවයි. ඒ නිසා නියමිත බරින් යුතු වී පමණක් තමා වෙත ගෙනෙන ලෙස ඔහු ගොවීන්ට දැනුම් දුන්නේ ය. එම කොන්දේසිය තවදුරටත් ගොවියාට පල නොකියා පලා බෙදීමකි. බොහෝ ගොවියන්ට වී වේළා ගැනීම සඳහා පහසුකම් නැති අතර, ඔවුන්ට මිල කීය වුවද පෞද්ගලික වෙ​ෙළඳුන්ගේ මිලට විකිණිය යුතු ය. ඇරත් විශාල ප්‍රවාහන වියදමක් දරමින් ගොවීයන් වී අලෙවි මණ්ඩල ගබඩාවලට එතැයි සිතිය නොහැකි ය. ඒ සියල්ලෙන් පෙනී යන්නේ මෙය සපුරාම මහා පාරිමාණ සහල් වෙෙළඳුන් සමග එකතු වී ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගයක් බවයි.

මීට සතියකට පමණ පෙර කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රසිද්ධ මාධ්‍යයට විත් ප්‍රකාශ කළේ තමන් හිතාමතාම වී සඳහා සහතික මිලක් නියම නොකරන බවයි. ඊට හේතුව ලෙස ඔහු සඳහන් කළේ මේ වන විට වී විකුණා ගැනීම සඳහා ගොවීයන්ට ගැටලුවක් නැති බව ය. එහෙත් එය සත්‍යයෙන් තොර බව ගොවි සමිති පසුගිය සතිය පුරාම කළ ප්‍රකාශවලින් පැහැදිලි වේ. ඔවුන් කීවේ තම අස්වැන්න ඇතැම් තැන්වල රුපියල් 85ක් වැනි සොච්චමකට පවා මිලට ගන්නා බවයි. ඒ අනුව, රජයේ සහතික මිල නියම කර තමාට සාධාරණය ඉටුකරන ලෙස ඔවුහු ඇයැද සිටියහ.

ගොවියන්ගේ ඉල්ලීම වන්නේ, තමන්ගේ ප්‍රාග්ධන වියදම හෝ සරි කර ගැනීමට නම් වී රුපියල් 140ටවත් විකිණිය යුතු බවයි. ඊට අඩු මුදලකට විකිණිම යනු කණකර පවා උගස් කර අධික වියදම් මත කළ තම කර්මාන්තය අතින් පාඩුවන බවයි. දැන් පවතින තත්වය අනුව, ගොවියන් ඉල්ලන 140ක මිල තියා රුපියල් 100ක මිලවත් ලබාගත නොහැකිය. 

මේ අතර, ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයකු වූ සුනිල් හඳන්නෙත්ති මහතා පසුගියදා කළ ප්‍රකාශයකින් පැහැදිලි වන්නේ ආණ්ඩුවේ ඉහළ සිට පහළටම වී සහ සහල් ගැටලුව පිළිබඳ නිසි අධ්‍යයනයක් හෝ අවබෝධයක් නැති බවයි. ඇමතිවරයා ප්‍රකාශ කළේ මෙවර රජය විසින් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 29ක් මිලට ගැනීමට සැලසුම් කර ඇති බවයි. ලංකාවේ වසරක පරිභෝජනය සඳහා අවශ්‍ය සහල් ප්‍රමාණය සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 24කි. ඒ අනුව, ආණ්ඩුව රටේ වසරක සමස්ත වී අවශ්‍යතාව වන මෙට්‍රික් ටොන් ලක්ෂ 41න් තුනෙන් එකක් පමණ වී ලෙස මිලට ගත යුතුය. අප සියලු‍ දන්නා පරිදි ආණ්ඩුව මිලට ගන්නේ ද සමස්ත අස්වැන්නෙන් ඉතා සුළුතරයක් පමණි. කෘෂිකර්ම ඇමතිවරයා පසුගියදා වී මිල ඉදිරිපත් කළ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේ තමන්ට ගඩඩා පහසුකම් ඇත්තේ වී කිලෝ ලක්ෂ තුනක් පමණ මිලට ගැනීමට බවයි. ආණ්ඩුවේ වී සහල් කතා ගැන යළි කුමන කතා ද?

මේ සියල්ල සිදුවන්නේ ආණ්ඩුව ගොවීයන්ට ඉතා වැරෙන් ලබාදුන් පොරොන්දුවලට පිටුපාමිනි. සහල් ප්‍රශ්නය ඇතිවන විට ආණ්ඩුව ප්‍රකාශ කළේ එය මෙවර පමණක් සිදුවන දෙයක් බවත් ඉදිරියේ දී එවැන්නක් සිදු නොවීමට වගබලා ගන්නා බවත් ය. ආණ්ඩුව ප්‍රකාශ කළේ මෙවර තමන් සහල් මාෆියාව බිඳ දැමීම සඳහා වී තොග ආණ්ඩුව විසින් මිලට ගන්නා බවයි. කෙසේ වෙතත්, එම පොරොන්දුව කිසිසේත්ම මෙවර ඉටුකිරීමට ආණ්ඩුවට සැලසුමක් නැති බව පෙනේ. ඒ මන්ද යත්, ඉහත තත්වය යටතේ මෙවර ද වෙළෙඳපොළ පාලනය කිරිම සඳහා අවශ්‍ය වී තොග මිලට ගනු ඇත්තේ පෞද්ගලික අංශය විසිනි. 

වත්මන් ආණ්ඩුව බලයට ඒමට පෙර ශපථ කර සිටියේ තමාට රටේ ප්‍රශ්න පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබෙන බවයි. එම අවබෝධය මතින් තම “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යටතේ “පුනරුද යුගය” සැලසුම් කළ බව ද ප්‍රකාශ විය. එහෙත් දැන් දැන් ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ, “තමන් අරක දැනගෙන හිටියේ නැ මේක මෙහෙම කියල දැනගෙන හිටියෙ නැ” වැනි කතාය.

බලාගෙන යනවිට ආණ්ඩුවට ආණ්ඩුකරණය පිළිබඳ අවම අවබෝධයක් හෝ තිබී නැති බව සහල් ප්‍රශ්නය පැනනැගී අවස්ථාවේ ඊට මැදිහත් වූ ආකාරයෙන් පැහැදිලි විය. ආණ්ඩුව නිරන්තරව තමා ගැන කියන්නේ, තමා නිර්ප්‍රභූ ගොවි කම්කරු පන්තිය නියෝජනය කරන බවයි. එවැනි සමාජමය පන්තියක් නියෝජනය කරන බව කියන ආණ්ඩුවට රටේ ගොවිකම ගැනවත් නිසි අවබෝධයක් නොමැති වීම අප කෙසේ තේරුම් ගන්නද?

සහල් ප්‍රශ්නයේ දී ආණ්ඩුව එක් අතකින් ක්ෂේත්‍රය ගැන වන අනවබෝධය ද, අනිත් අතින් මහාපරිමාණ වීමෝල් හිමියන් සමග වන ගජමිතුරුකම් ද මතින් ඉතිරි නොකරම අනාගෙන ඇත්තේය. මුලින්ම ආණ්ඩුව ප්‍රකාශ කළේ රටේ ඇති තරම් වී තොග තිබෙන බවයි. එම වී තොග මෝල් මාෆියාව  සඟවාගෙන කෘත්‍රිම සහල් හිඟයක් නිර්මාණය කර තිබෙන බව ද ආණ්ඩුව ප්‍රකාශ කළේ ය. ඒ අනුව, ජනාධිපතිවරයා සෑම සහල් මෝලකටම පාරිභෝගික අධිකාරියේ කණ්ඩායමක් යැවීමට කටයුතු කළේ ය. එසේ කිරීමෙන් පසු ද සහල් ප්‍රශ්නය නොවිසඳුණු අතර එවිට ජනාධිපතිවරයා සෑම සහල් මෝලකටම එක් නියෝජිතයකු පත් කළේ අදාළ මෝලෙන් දිනකට පිටවන සහල් ප්‍රමාණය ගණනය කිරීමට ය.

 අවාසනාවට එයින් ද සහල් ප්‍රශ්නය විසඳුණේ නැත. පසුව ජනාධිපති අනුර කුමාර කළේ නැවතත් සහල් මෝල් හිමියන් කොළඹට කැඳවා ඒතාක් පැවති පාලන මිල තවත් රුපියල් 20කින් වැඩිකර දීම ය. සහල් මෝල් හිමියන් ජනාධිපතිවරයා විසින් තමන්ට කිලෝවකට දුන් රුපියල් 20ක ත්‍යාගයෙන් මහත් සතුටට පත් වූ අතර, පාරිභෝගිකයාට නම් ඉන් සෙතක් වූයේ නැත. තාමත් අද වන තුරුම නාඩු සහ රතු කැකුළු වෙළෙඳපොළේ සොයාගත නොහැකි ය. ඇත්ත වශයෙන් ම ඉන් සිදු වූයේ හාල් හිඟය වෙෙළඳපොළේ උග්‍ර වීම ය. දැමූ තොග සහ සිල්ලර මිල අතර තිබෙන නොගැළපීම නිසා සිල්ලර කඩ හිමියන් සහල් අලෙවිය නතර කළේ ය. ඒ අදාළ තොග මිල වූ 220 සහල් ගෙනැවිත් 225ක සිල්ලර මිලට කිලෝවක් අලෙවි කළ නොහැකි බැවිනි. අප මේ සමස්ත ක්‍රියාවලිය ඔබට සිහිපත් කළේ මේ තුළින් පැහැදිලි වන සැබෑ සහල් ප්‍රශ්නය පිළිබඳ ආණ්ඩුවට තඹ දොයිතුවක අවබෝධයක් නොතිබුණු බව පෙන්වා දීමටය.

අනිත් අතින් සහල් ආනයනය කිරීමේ දී ද ආණ්ඩුව එය හොඳටම අනා ගත්තේ ය. වෙළෙඳ ඇමතිවරයා ම පිළිගත් ආකාරයට, ආණ්ඩුව දමන ලද සහල් ටෙන්ඩර් 4 වරක්ම අවලංගු වී තිබේ. අද හෙටම සහල් ආනයනය කරන බව කීවද ආණ්ඩුව සහල් තොග ගෙනාවේ ම නැති තරම් ය. මෙය ද හිතාමතා පෞද්ගලික අංශයට සහල් ගෙන්වීමට ඉඩ දී කොමිස් ගැනීම සඳහා කළ උප්පරවැට්ටියක් බවට ද අනුමාන කළ හැකි ය.

අනිත් ගැටලුව නම් සහල් ආනයනය ගාල කඩාගත් සේ කිරීමට ඉඩ දීම විනා හැර එහි කිසිදු නියාමනයක් සිදු නොවී ය. විශේෂයෙන් රටට අවශ්‍ය සහල් වර්ග ගැන අවබෝධයක් ඇති ව එය නොකළ බව පැහැදිලිව පෙනී ගියේ දැඩි හිඟයකට ලක් වූ රතු සහල් ගෙන්වීම සම්පූර්ණයෙන්ම මගහැර තිබූ නිසා ය. ඒ ගැන පසුව පාර්ලිමේන්තුවේ විපක්ෂය පෙන්වා දීමෙන් පසු පමණක් රතු සහල් ද ගෙන්විය හැකි බව වෙළෙඳ ඇමතිවරයාට තේරුම් ගියේ ය. මොවුන් පසුගිය කාලය පුරා මේ රටේ ආණ්ඩුකරණය පිළිබඳ ගෙනා තොග ගණන් විවේචන සමග සසඳා බලන අපගේ පුදුමය ඉස්මොළේ යන තරම්ය.

අවසන් වශයෙන් ඇසිය යුත්තේ, ආණ්ඩුව ම කියන ලෙස ඔවුන්ගේ පහසුම පිටියේ ද ඔවුන්ට ක්‍රීඩා කර රට වෙනුවෙන් ජයග්‍රහණ අත්කර ගත නොහැකි නම් ඔවුන්ට වඩාත් දුරස්ථ අන් කලාපවල කෙසේ නම් ක්‍රීඩා කරනු ඇති ද යන්නය. විශේෂයෙන් ම ඩොලර් උපයන සංචාරක කර්මන්තය, අපනයන කර්මාන්තය හා ඩිජිටල්කරණය වැනි ප්‍රදේශවල වත්මන් ආණ්ඩුවට ක්‍රීඩා කරනු තබා පිටියට ඇතුළු වීමටවත් දැනුමක් සහ ආත්ම විස්වාසවක් ඇතැයි සිතිය නොහැකිය.

(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ



අදහස් (5)

සහල් පිළිවෙතේ විකෘතිය

Mr. J.R.Randeniya Friday, 07 February 2025 11:20 AM

රාජපක්ෂලාගේ අසූචි බුදින කෙනෙක්ගෙන් මොන ස්වාධීන මතයක්ද?

:       5       24

Chaminda Friday, 07 February 2025 12:18 PM

වී 140 ට අරන් හාල් විකුනන්නේ කීයටද?

:       1       17

wije Tuesday, 11 February 2025 01:31 PM

රටක් ජාතියක් මෙපමණ විනාශයකට පත් කල රාජපක්ෂලා කල්ලිය

:       0       5

kamal Koyrala Thursday, 13 February 2025 04:27 PM

පත්තරවලට ලියනවට වඩා නිබන්ධන කටයුතු කර ඉහළට යන්න බලන්න. නමුත් ඒවා ළමයින්ගේ නිබන්ධන වලින් කොපි කළ ඒවා නොවිය යුතුයි.

:       0       2

වික්‍රම විදුර Friday, 14 February 2025 08:12 AM

ආණ්ඩුව අනාගන්නේ නැහැ. මේ හැමදෙයක් ගැනම ජනාධිපති අවධානයෙන්. ආණ්ඩුව මේ හැමදෙයකින්ම ඉගෙන ගන්නවා දත්ත රැස් කරනවා. බොරු නං පොඩ්ඩක් ඉදලා බලන්න. 100% ස්ථාවර නැහැ. ඒ්ත් 1% ඉදන් ඒවා පටන් ගන්නේ... ඒ හැම දත්තයක්ම එළියට එනකොට ඔයාත් පුදුම වේවි. මේ දත්ත හැමදෙයක්ම එකම තැනකට ගත්තාම ඒවා විශ්ලේෂණය කරලා වේගයෙන් දියුණු වෙන රටක් වේවි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

කිවිදා දැක්ම

දැක්මක් නැති ආණ්ඩුවේ අයවැය
2025 පෙබරවාරි මස 21 1089 9

ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප


ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍ය ඇයි?
2025 පෙබරවාරි මස 14 162 2

මෙවර කිවිදා දැක්මක් ලියන්නේ රටේ පාලනයේ සමහර ක්‍රියා නිසා ආණ්ඩුව විවේචනයට පත් වෙමින් පවතින වෙලාවකය. මේ සතියේ ආරම්භයේදීම සිදුවූ විදුලි විසන්ධිය මේ විව


සහල් පිළිවෙතේ විකෘතිය
2025 පෙබරවාරි මස 07 527 5

ආණ්ඩුව දිගින් දිගටම බත පිළිබඳ ගැටලුව අනා ගනිමින් සිටින බව පෙනේ. සහල් ප්‍රශ්නය අනාගත් ආණ්ඩුව දැන් වී ප්‍රශ්නය ද එසේ වන තැනට කටයුතු කරමින් සිටී. පසුගිය බද


ජනවරම රැකීමේ අභියෝගය
2025 ජනවාරි මස 31 438 1

මෙවර කිවිදා දැක්ම ලියන්නේ රටේ දේශපාලනයේ කිසියම් වෙනස් තත්වයක් පෙනෙන්නට තිබෙන පරිසරයකය. ‘‘වෙනස් තත්වයක්’’ යැයි මා කියන්නේ දේශපාලන බලයේ වෙනසක් සිදු වෙ


ජනාධිපති ආරක්ෂාවේ අපේක්ෂාව
2025 ජනවාරි මස 24 792 5

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධ තීරණය සපුරාම දේශපාලන තීන්දුවක් බව ජනාධිපති අනුර පසුගිය දා කටුකුරුන්දේ රැස්වීමක දී කළ


දවස් සියයේ විපරමක්
2025 ජනවාරි මස 17 448 0

වත්මන් ආණ්ඩුව බලයට පත්වී දින සියයක් ගතවී හමාරය. මේ කාලයේ ප්‍රගතිය පිළිබඳව විවිධ සාකච්ඡා මේ දිනවල මතු වෙමින් තිබේ. ඒවා අතරින් වැඩියෙන් තියෙන්නේ ආණ්ඩුව


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 139 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 399 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 170 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site