IMG-LOGO

2024 සැප්තැම්බර් මස 18 වන බදාදා


​දැක්මක ගමනක ජයග්‍රහණ

හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැමිය නොහැකි උසකින් තැබූ නිසා ය. ඔහුගේ පාලන සමයේ ඔහුට එරෙහිව බටහිර රටවල් හා ඔවුන්ගේ දේශීය ඒජන්තයෝ විසින් වංචාව, දූෂණය වැනි චෝදනා අතොරක් නැතිව එල්ල කළෝය. එහෙත් ජනතාව නොවේ ඒවා පයිසයකට ගණනකට ගත්තේ.

මහතීර්ට අවුරුදු 22ක් තම රටේ පාලනය බාරදීමට මැලේසියානුවෝ කටයුතු කළහ. එහි ප්‍රතිඵලය නම් මැලේසියාව 1981 සිට 2003 දක්වා එක දිගට ආසන්න වශයෙන් සියයට 9 ආර්ථික වර්ධනයක් අත්පත් කරගනිමින් සංවර්ධනය වීම ය. ඒ යටතේ මැලේසියානු සංචිත 1981 දී තිබූ ඩොලර් බිලියන 25 සිට 2003 දී ඩොලර් බිලියන 110ක් බවට පත්විය. මේ වර්ධනය අත්කර ගත්තේ අවුරුදු 22ක් වැනි  කාලයක් ඇතුළතය. අවුරුදු 22කකට ඩොලර් බිලියන 85ක් ආර්ථිකයට එකතූ තිබේ.

එහෙත් 2005-2015 අතර කාලයේ ලංකාව සමග සංසඳනය කර බලන විට මෙය එතරම් විශාල ප්‍රමාණයක් නොවේ. එම වසර 9 තුළ ලංකාවේ ආර්ථිකයට ඩොලර් බිලියන 55ක් පමණ එකතු විය. මහතීර් බිලියන 85ක් එකතු කිරීමට වසර 22ක් ගත්ත ද මහින්ද බිලියන 55ක් එකතු කිරීමට ගත්තේ වසර 9කි. කෙසේ වෙතත්, මැලේසියාවේ මහතීර් හා ලංකාවේ මහින්ද අතර ඉතා සමීප සමානකම් තිබෙන බව ඉහත දත්තවලින් පෙනේ. වෙනස නම් 2015 දී මහින්දට මහතීර්ට වැනි ම චෝදනා එල්ල කොට අවුරුදු 9කින් ඔහු ගෙදර යැවීමයි. ඉහත දත්ත අනුව, තවත් අවුරුදු 10ක් නොව, 5ක් මහින්ද බලයේ සිටියා නම් ලංකාව මැලේසියාවට එහාගොස් සිටිනු නොවනුමාන ය. ආර්ථිකයක් දියුණු කිරීම සුළුපටු දෙයක් නොවන බව ඔබට වැටහෙනු ඇත්තේ මහින්ද වෙනුවට පැමිණි සිරිසේන-වික්‍රමසිංහ පාලනය වසර 5ක පාලනය තුළ හුදු ඩොලර් බිලියන 5ක් පමණක් මෙරට ආර්ථිකයට එකතු වීමයි. මහින්ද 9ක් තුළ 55ක් එකතු කරන විට ඉහත දෙපළ 5ක් තුළ බිලියන 5ක් එකතු කිරීමයි. කතාව හා කෙරුවාව අතර වෙනස තේරුම් ගැනීමට මෙය ම ප්‍රමාණවත් නැතිද?

ලොව දියුණු වූ රටවල් එසේ වී ඇත්තේ ඉහත මැලේසියාවේ හා ලංකාවේ ද වූ පරිදි දළ දේශීය නිෂ්පාදිතය පුළුල් කිරීමෙනි. වෙන අන් කිසිදු මගක් නැත. රටක පුරවැසියන්ගේ ජීවිත සුඛිත මුදිත වන්නේ එම අගය උස් පහත් වන ආකාරය අනුවයි. ආර්ථික අර්බුද එන්නේ එම යාන්ත්‍රණය බාහිර හෝ අභ්‍යන්තර හේතු මත මන්දගාමී වීමෙන් හෝ ඇණහිටීමෙන් ය. කෝවිඩි සමයේ ආර්ථික ක්‍රියාකාරිත්වය මන්දගාමී වී, ආර්ථිකය මගින් උත්පාදනය කළ ඩොලර් අහිමි වීමෙන් අපට සිදු වුණ දෙය හොඳම නිදසුනයි.

එසේ නම් කළ යුත්තේ කුමක්ද යන්න පැහැදිලි ය. කුමන කොන්දේසි යටතේ හෝ සිදුවිය යුත්තේ දළ දේශීය නිෂ්පාදිතය නැවත වරක් වර්ධන මාවතකට ගැනීම ය. 2015ට පසු අපට රටක් ලෙස නොහැකි වූවේ ද එයමයි. අප අදටත් අවධානය යොමු නොකර සිටින්නේ ද එම සාධකයටමයි. අපි විවිධ සුරංගනා කතා කියමු. ලස්සන ජීවිත ගැන පොහොසත් රටවල් ගැන අපි නිරන්තරව කයිවාරු ගසමු. එහෙත් ඇත්ත වශයෙන් ම, අපගෙන් මගහැරෙන කරුණ නම් එය කරන්නේ කුමන ක්‍රමවේදය යටතේ ද යන්න පැහැදිලි නොකිරීම ය. ඊට වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකිරීම ය. ඇතැමුන් කියන්නේ හොරු අල්ලා’ මෙය ක්‍රියාත්මක කරන බවයි. තවෙකෙක් කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ලෝක සංවිධානවලින් තොරතෝංචියක් නැති ණය ගෙන මෙය සිදුකරන බවයි.

2005-2015 මෙය සිදු කළේ ඒ කිසිවකින් නොවන බව ඔබට මතක් කළ යුතු ය. හොරු ඇල්ලීම හෝ හොරකම හා දූෂණය නැවැත්වීම රට සංවර්ධනය කිරීමට එකම විසඳුම බව කියන ඇතැම් පක්ෂ විසින් හොරකම හා දූෂණය පිළිබඳ වැඩිපුරම චෝදනා නගන්නේ ද එම 2005-2015 අවදියටයි. එහි ඉතා තීව්‍ර පරස්පරයක් තිබෙන බව පෙනේ. හොරකම් හා දුෂණය ද කරමින් නිදහසින් පසු මෙරට ආර්ථිකයේ වැඩිම වර්ධන වේගය පෙන්වූ යුගය 2005-2015 නම්, ආර්ථිකය දියුණු වන්නේ හොරකම හා දූෂණය තුළින් බව මේ චෝදනා කරන අය සිතන්නේ ද? එසේ නොසිතන්නේ නම්, ඔවුන්ගේ තර්කයේ එක් අංශයක් නිතරම හරසුන් විය යුතු ය.

ණය ගැනීම ද ආර්ථික වර්ධනය ඇති කිරීම සඳහා ක්‍රමයක් නොවන බව පෙන්වාදිය හැක. 2015-2019 අතර කාලයේ දී ලංකාව ඩොලර් බිලියන 12.5ක් මුදල් වශයෙන් ම ණය ගත්තේ ය. එහෙත් එම කාලය තුළ ඉහත පෙන්වාදුන් ලෙසම දළ දේශීය නිෂ්පාදිතයට එකතු වූයේ ඩොලර් බිලියන 5ක් පමණි. එසේ නම් ණය ගැනීම ආර්ථික වර්ධනය කරන බවට වන මෙම තර්කය එතැනින්ම බිඳ වැටේ. එම කාලයේ ආර්ථික වර්ධන වේගය ද එන්න එන්නම අඩු විය. 2019 වන විට එය සියයට 2 ටත් වඩා පහත යමින් තිබුණි.

ඇත්ත වශයෙන් ම ණය ගැනීමෙන් ආර්ථිකය වර්ධනය කරනු ඇත. ඇමරිකා එක්සත් ජනපදය ලොව විශාලතම ණය සහිත රට ය. ජපානය හා ප්‍රංශය ද එසේ ය. එහෙත් ණය ගැනීම විචක්ෂණශීලීව නොකරන්නේ නම්, එය රටට බරක්ම වනු ඇත. වෙනත් වචනවලින් කිවහොත්, ගන්නා ණය ආර්ථිකයට අගය එකතු නොකරන්නේ නම් එය විනාශයක් ම වේ. මහින්ද රාජපක්ෂ යුගයේ ගත් ණය ඍජුවම ආර්ථිකයට එකතු වූ අතර, යහපාලන සමයේ ගත් ණය එසේ එකතු නොවීමට හේතුව මේ අත්‍යවශ්‍ය අගය එකතු කිරීම සැලකිල්ලට නොගැනීමයි.

ලංකාවේ ආර්ථික රෝගයට පිටින් පත්තු බැඳීම කිසිසේත්ම වැඩ නොකරන බව මේ අනුව ඔබට පෙනී යනු ඇත. එය සිදු කළ යුත්තේ ආර්ථිකයේ අභ්‍යන්තර මාවතට ඇතුළු වී එම මාවත් පුළුල් කිරීම මගිනි. කෘෂි අංශය, සේවා අංශය හා කර්මාන්ත අංශය යන ප්‍රධාන කොටස්වලට අමතරව දැන් දැන් ලෝක තාක්ෂණික දියුණුවත් සමග අලු‍ත් අංශ-විශේෂයෙන් ම ඩිජිටල් වේදිකා පදනම් කරගත් අංශ ලොව ආර්ථිකයන්ට විශාල දායකත්වයක් දෙමින් තිබේ. ඒවා අප රටේ ද ආර්ථිකයට එකතු කොට ජනතාවගේ ධන උත්පාදන මාර්ග විවිධාංගීකරණය වීමට ආණ්ඩුව පසුබිම සකස් කළ යුතු ය. කෘෂි අංශයේ ද පවතින සාම්ප්‍රදායික රටාවෙන් මිදී තාක්ෂණ පෙරළියක් කිරීම ලංකාව වැනි භූමියෙන් කුඩා රටකට අත්‍යාවශ්‍ය කරුණකි. කුඩා භූමි ප්‍රමාණයකින් වැඩි අස්වනු නෙළන තාක්ෂණය ඔස්සේ කෘෂි අංශයේ අප නොසිතන පෙරළියක් කළ හැකි ය. අද ඊශ්‍රායලය වැනි රටවල් කරමින් සිටින්නේ මෙයයි.

සේවා අංශයේ ද අපට දැනෙන වෙනසක් කරමින් ආර්ථිකයට සැලකියයුතු දායකත්වයක් සපයාගත හැකිව තිබේ. විශේෂයෙන් පරිගණක ආශ්‍රිත ක්ෂේත්‍රයේ අපට පුළුල් වීමට ඇති අවස්ථා එමට ය. ඉදිරි කාලයේ දී ලංකාව ඩිජිටල්කරණයට ලක්කිරීම හරහා මේ විභවයන් තවත් පුළුල් වනු ඇත. සේවා අංශයේ ම සංචාරක කර්මාන්තය තුළ විශාල පිම්මක් ගත යුතු ය. එහෙත් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වර්ධනය කිරිම අත්‍යවශ්‍ය දෙයකි. මහින්ද රාජපක්ෂ යුගයේ මත්තල ගුවන්තොටුපොළ නිර්මාණය කළේ ද, කටුනායක අලු‍ත් පර්යන්තය ඉදිකිරීමට පටන් ගත්තේ ද මේ සඳහා ය. අවාසනාවකට මත්තලින් ප්‍රයෝජන නොගෙන එහි වී ගඩඩා කළ අතර, කටුනායක දෙවැනි පර්යන්තයේ ඉදි කිරිම අත්හිටවුන ලැබුණි. මේවායින් රටට වූයේ විශාල හානියකි. තාමත් අපට එම විනාශයෙන් ගොඩ ඒමට නොහැකි ව තිබේ.

ගෝඨාභය යුගයේ කෝවිඞ් වසංගතය නොඑන්නට අපට සමස්ත ආර්ථිකයේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගත හැකිව තිබුණි. ඊට හොඳම නිදසුන නම් මෙරට ඉතිහාසයේ වැඩිම අපයනන ආදායම එම කාලයේ එනම් 2021 වසරේ අත්කර ගැනීමයි. එය ඩොලර් බිලියන 13කි. ඊට පෙර එය 10 හෝ වැඩිම 11 විය. මේ ජයග්‍රහණය අත්කරගත්තේ කෝවිඩි සමයේ බවද අමතක නොකළ යුතු ය. අනිත් අතින් එම කාලයේ ආනයන ආදේශක හඳුන්වාදීම හරහා වෙළෙඳ ශේෂයේ ද සැලකියුතු දියුණුවක් ඇති විය. උදාහරණයක් ලෙස කහ ආනයනය අත්හිටුවීමෙන් විදේශවලට යන ඩොලර් ප්‍රමාණය විශාල වශයෙන් අඩුවිය.

මේ සියල්ලෙන් අපට පැහැදිලි වන්නේ දැක්මක් ඇතිව ගමනක් ගියහොත් අපට නිසි ගමනාන්තයට තිරව ගියහැකි බවයි. මහින්ද යුගයේ ද, අභියෝග මැද වුව ගෝඨාභයගේ වසර දෙක තුළ ද කියාපාන්නේ එම සත්‍යයි. එහෙත් ජාතියේ අවාසනාවට අවස්ථා දෙකම අප අහිමි කරගත්තේ, රංබිජු දමන කිකිළිය මරා බඬේ ඇතිබව අප සිතූ බිජු ඩැහැ ගැනීමට වූ නොතිත් තණ්හාව ඉස්මතු වීමෙනි. දැන්වත් අප මෙය තේරුම්ගත යුතු ය. කෙටි හා ඇස් ගිනිකණ වට්ටන ව්‍යාජ පොරොන්දුවලට නොරැවටී මෙවර බුද්ධිමත්ම තීරණය ඔබ විසින් ගත යුත්තේ මේ නිසා ය. පසුගිය කාලයේ ලංකාවේ ජනාධිපතිවරණය ඉලක්ක කර ඇති වූ සංවාදය තුළ හා ජනාධිපති අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ අතරින් ඉහත දක්වන ලද තිරසාර ප්‍රගතිකයක් සඳහා වන මාවත ඉදිරිපත් කර ඇත්තේ තරුණ, එහෙත් මෙරට ආර්ථික විප්ලවය කළ සම්ප්‍රදායෙන් පැවත එන නාමල් දැක්ම’ තුළ පමණි. ඊට අනුව, වසර 10ක් තුළ මෙරට දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 180ක් කිරීමේ වැඩපිළිවෙළ තිබේ.

 

(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ



අදහස් (4)

​දැක්මක ගමනක ජයග්‍රහණ

ජනරළ Friday, 13 September 2024 12:39 PM

පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබ ඔය කියන නාමල් තමන්ගේ පියාගේ කාලේ ඇමැතිකම් කීයක් කළාද? මට මතකයි මිනිහා ඩිජිටල් කරණය ගැනද මොකද්ද ඇමැතිකමක් කළා. අඩුම තරමින් එයාට පුළුවන් වුණාද ඉලෙක්ට්‍රෝනික ජාතික හැඳුනුම්පත වත් නිකුත් කරගන්න. අන්තිමේදී අසාර්තකයි. ඒවාට වියදම් කරපු ධනස්කන්ධයට මොකද වුනේ? රට වැසියාට ගෙවන්න වෙන ණයක් වුණා විතරයි. ඊළඟට බාප්පා ගාවට ගිහින් ඇමැතිකම් ගත්තා. ආර්ථික සංවර්ධන ඇමැති කියලා. අහවල් දේ හරියට කළා කියලා උදාහරණයකට අරන් පෙන්නන්න ඔබට පුළුවන්ද? දැන් මේ නිකම් ගියගිය තැන්වල ගිරවෙක් වගේ කට පාඩමෙන් කියාගෙන කියාගෙන යන්න නම් එයා කොහෙන් හරි ඉගෙනගෙන තියෙනවා. වැඩක් නම් කරන්න දන්නේ නැහැ. එයා හොඳයි ප්‍රසන්නත් එක්ක ගිහින් කොළඹ වරාය නගරයේ ගෝ කාට් පදින්න නම්...!

:       3       11

බද්රානි Friday, 13 September 2024 07:46 PM

වන්දිභට්ටයින් දෙකට බෙදී, තක්කඩි පාලකයින්ට ආවඩන එක නම් නියමෙටම කරනවා.. මේ වන්දිභට්ටයින්ගේ සංඛ්‍යා ලේඛනවලට අනුව, යම් යම් වකවානුවලදී, අති දියුණුවක් ලබපු රටක්නේ මේ සිරි ලංකාව කියන්නේ..? වන්දිභට්ට න්‍යායට අනුව, මහතීර් මොහොමඩ් ලත් කැළේනේ..? නමුත් මහතීර් මොහොමඩ්ලා බිලියන ගණන් ආදායම් ජනතාව අතරට යවද්දී, රාජපක්ෂලා ඔවුන්ගේ පොකට් තුළට යවාගත් බවට වන්දිභට්ටයින්ට වගේ වගක් නැත... කටුවල රහට වහ වැටී සිටින වන්දිභට්ටයින්ට කටු අමෘතයක් වී ඇත. එක සුනඛයෙකුගේ ඇඟේ වසා සිටින කිනිතුල්ලන් ප්‍රමාණය අධික නිසා, මේ රටේ සුනඛයින්ට වඩා කිනිතුල්ලන්ගේ ප්‍රමාණය අධික බව මේ රටේ බුද්ධිමත් ජනතාව අවබෝධ කරගත යුතුයි. ඒ නිසා, සුනඛයින් කප්පාදු කිරීමෙන් පමණක් නොනැවතී, මේ බලු මැක්කන්වද මර්ධනය කළ යුතුව ඇත.

:       1       20

vis8 Monday, 16 September 2024 04:46 AM

පරම සත්‍යය. මහින්ද රාජපක්ෂ යුගයේ සිදු වූ සුවිශේෂී සංවර්ධනය දරාගත නොහැකි වූ අය ඔවුන්ට එරෙහිව බොරු මත අන්තර්ජාලය හා ෆේස්බුක් තුළ වැඩ කිරීමට පටන් ගත්හ. තවමත් අධිවේගී මාර්ග ඉතිරිව පවතී... ශ්‍රී ලාංකීය ජනතාවට විශාල සේවයක් කරනවා. ඒවා රැගෙන යා නොහැක. "පිහිනුම් තටාකය" දැන් ප්‍රධාන වරායකි

:       8       2

vis8 Wednesday, 18 September 2024 06:24 AM

1948 දී සුද්දා රට බාර දීල යනකොට කිව්වේ වාරිමාර්ග දියුණු කරන්න: ඉබේම රට දියුණු වෙයි කියලා. මහින්ද රාජපක්ෂ පමණක් එය කළා. හයිවේ හැදුවේ ඇඹුල් තියල් ගෙනෙන්නට නෙමෙයි : හැම සංදිස්ථානයක් වටා ගමම දියුණු වෙනවා ... දැන් පෙනෙනවා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

කිවිදා දැක්ම

​දැක්මක ගමනක ජයග්‍රහණ
2024 සැප්තැම්බර් මස 13 622 4

හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 264 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


ඡන්දයේදී ජනතා අපේක්ෂා
2024 අගෝස්තු මස 30 245 0

ජනාධිපතිවරණයක දී සාමාන්‍යයෙන් අප නොදකින තත්වයක් මෙවර දැකගත හැකි ය. එනම් මෙවර ඡන්දදායකයන්ගෙන් අති බහුතරයක් තාමත් තම ඡන්දය ගැන තීන්දුවක් ගෙන නොමැති වී


විකෘති කළ ඉතිහාසයේ යථාර්ථය
2024 අගෝස්තු මස 23 723 2

මෙවර කිවිදා දැක්ම ලියන්ගේ ජනාධිපතිවරණයට දින 30ක් ඉතිරිව තිබෙන පරිසරයකය. මෙවර ජනාධිපතිවරණය ඉතාමත් තීරණාත්මක එකක් බව කාටත් පැහැදිලිය. ඒ තීරණාත්මක බව කථා


ඡන්දයෙන් රට හැරෙන දිසානතිය
2024 අගෝස්තු මස 09 419 0

හදිසියට අතමාරුවකට ඉල්ලාගත් මුදලක් ආපසු ගෙවීම ප්‍රමාද වන්නේ නම් එම මුදල ලබාදුන් පුද්ගලයා ඒ පිළිබඳ සොයා බැලීම සහ එය ආපසු ගෙවන ලෙසට ඉල්ලීමක් කිරීම ස්වභා


ජනමත වාසියේ ඉසව්ව
2024 අගෝස්තු මස 02 715 2

2022 වසරේ පොදුජන පෙරමුණ ඉතාම අභියෝගකාරී දේශපාලන තීන්දුවක් ගත්තේ ය. ඒ පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයකුව සිටි රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්කිරීම


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 106 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2158 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 1008 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site