පසුගිය දිනවල මෙරට මාධ්‍ය ලෝකය තුළ නව මාතෘකා කීපයක් ම ඇවිළී ගියේ එක පෙළට සහ එකකට එකක් දෙවැනි වෙන්නේ නැතිව ය. වන්දි ලබා දීමේ අරමුණින් මෙරට ප්‍රධාන නැව්තොට අසලට පැමිණ ගිනිබත්ව මුහුදුබත් වූ නැව පිළිබඳ පුවත ඉන් එකකි. එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය තුළ නගරාධිපතීන් ඇතුළු පිරිස් අශිෂ්ටව හැසිරීම පිළිබඳ පුවත තවත් එකකි. නිරෝධායන නීති එක එක අයට එක එක විධියට ක්‍රියාත්මක කරනවා යැයි කියමින් නගරාධිපතියකුත්, ඇන්දිලි ක්‍ෂේත්‍රයට අදාළ පිරිමියකු සහ ගැහැනියකුත්, පොලීසිය භාර ඇමති සමඟ පොලීසියත් මුල් කරගත් පුවත තවත් එකකි. කාබනික පොහොර ආනයනය පිළිබඳ කාරණය මුල් කරගෙන ගොඩනැගුණු තවත් පුවතකි. පාර්ලිමේන්තුකාරයන් සඳහා අධි සුඛෝපභෝගී ජීප් රථ ගෙන්වීම තවත් පුවතකි. ඉන්ධන මිල ඉහළ දැමීම ඊළඟට ගිනිගත් පුවතය. මේ කරුණ අරබයා පොදුජන පෙරමුණේ ලේකම් සහ බලශක්ති ඇමැති අතර වූ ගැටුම තවත් පුවතකට පදනමකි. බස් එකෙන් එන පාර්ලිමේන්තුකාරයන් ද සිටින නිසා සුඛෝපභෝගී වාහන ගෙන්වීම ගැන ද්වේශයෙන් තොරව දයාවෙන් බලන්න යැයි කියන උගත් ඇමතියකු මුල් කරගත් තවත් පුවතකි.
මුද්‍රිත, රේඩියෝ සහ රුපවාහිනී මාධ්‍යවල මේ පුවත් දවසින් දෙකින් ගැලවී ගියත් සමාජ මාධ්‍ය තුළ දිනපතා රැව් පිළිරැව් දෙන්නේ මේ පුවත් අරබයා මතුකරන නිර්දය විවේචන ය. සමාජ මතය මතුකිරීම සහ හැසිරවීම සඳහා ඒ විවේචන අදාළවන ආකාරය තීරණාත්මක වන්නේ සමාජ මාධ්‍ය පරිහරණය කරන්නන්ගේ සංඛ්‍යාව සහ එහි බලපෑම ශීඝ්‍රයෙන් වර්ධනය වන නිසා ය. 2010 සහ 2015 අතර කාලයේදීත් 2015 සහ 2019 අතර කාලයේදීත් සමාජ මාධ්‍ය හැසිරීම සහ එහි බලපෑම පිළිබ ඳ අත්දැකීම් සහ මතකය ඇති බොහෝ අය මා කියන දෙය සැකයකින් තොරව පිළිගනු ඇත. අගතියකට නොවැටී කිව හැකි දෙයක් වන්නේ මේ මොහොතේ සමාජ මාධ්‍ය ප්‍රතිචාර අති බහුතරයක් ආණ්ඩුවට අවාසිදායක ඒවා බවය. පෙර කී කාලවල තත්ත්වය ද මේ හා සමානය.
මේ සමාජ මාධ්‍ය ප්‍රතිචාරවල මා දකින ප්‍රධාන ගැටලුවක් වන්නේ, ඒවා ප්‍රබල සහ දැඩි ක්ෂණික ප්‍රතිචාර මිස රටකට වැරදීමේ නියම මූලයන් හඳුනාගෙන සිදුකරන ඒවා නොවීමය. මන්ද ඒ ඇවිළෙන ප්‍රතිචාර ආණ්ඩු මාරුවකින් පසු ටික කාලයකට නිවී ගොස් නැවත ඇවිළෙන්නේ තවත් ආණ්ඩු මාරුවකට පාර කපමින් මිස මෙරට සමාජ දේහය මත රජයන දේශපාලන ක්‍රමයට අබමල් රේණුවකින්වත් හානියක් නොකරය. ඒ නිසා කප්පිත්තන් වෙනස් වූවා මිස නැවේ ගමන වෙනස් වූයේ නැත. අබලන් නැව පිළිසකර වූයේ ද නැත. ඒ මත පදනම්ව මා මෙවර ‘කිවි දා දැක්මෙන්’ උත්සාහ කරන්නේ මේ ජරබර නැව් ගමනේ ඉතිහාසය ට අදාළවන එක් සාධකයක් පිළිබඳව විවරණයක් කිරීමට ය. ඒ සඳහා මෙතැන් සිට මේ ලිපිය ‘ඇන්දිල්ලේ සහ ඇඳ ගැනීමේ දේශපාලන ඉතිහාසය’ නමින් නම් කිරීමට මා කැමති ය.
මෙරට පාලකයන්ට සියයට හැත්තෑවක බලයක් සහ වැඩිහිටි ජනයාට ඡන්ද අයිතිය සහිත ලංකාවේ නියෝජන දේශපාලන ඉතිහාසය ඇරඹෙන්නේ 1931 වීම නිසා දැන් වනවිට එහි වයස අවුරුදු අනූවකි. සමහර අමාත්‍යාංශවල වයස ද ඒ හා සමානය. එනම් කෘෂිකර්ම සහ ඉඩම්, පළාත් පාලන, සෞඛ්‍ය, කම්කරු, කර්මාන්ත සහ වෙළඳ, අධ්‍යාපන යන ක්ෂේත්‍රවලට අදාළ අමාත්‍යාංශවල වයස ද අවුරුදු අනූවකි.
ලංකාවේ ඇන්දිල්ලේ දේශපාලනයට ද ඒ හා සමාන වයසක් ඇත. 1953 හර්තාලයට හේතු වුයේ ලෝක බැංකුව විසින් ඩඩ්ලි සේනායක සහ ජේ. ආර්. ජයවර්ධන ඇන්දවීමේ හේතුව නිසා ය. ජන සමාජයට වන පීඩනය නොතකා ලෝක බැංකු නියෝග ක්‍රියාත්මක කරන්නට යෑමේ ප්‍රතිඵලය වුණේ ඩඩ්ලි සේනානායකට අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන තැනට වැඩ සිදුවීම ය. එසේම 1956 දී එජාපය අන්ත පරාජයකට පත්වීම ය. 56 ජයග්‍රහණය කළ බණ්ඩාරනායක අගමැතිට වෙඩි උණ්ඩයකින් ජීවිතය අහිමි වුණේ ස්වදේශික යැයි කියාගත් බලවේගවල ඇන්දිලිවලට හසුවී ඔවුන් අනවශ්‍ය ලෙස විශ්වාස කළ නිසා ය. 1970 සමගි පෙරමුණු ආණ්ඩුවේ අගමැති ධූරය දැරූ ජාත්‍යන්තර දේශපාලන චරිතයක් වූ සිරිමා බණ්ඩාරනායක වැඩ වරද්දා ගත්තේ ප්‍රතිගාමී බලවේගවල ඇන්දිලිවලට හසුවී ඇන්. ඇම්. පෙරේරා සහ කොල්වින් ආර් ද සිල්වා ඇතුළු වාමාංශික නායකයන් ආණ්ඩුවෙන් එළවා දැමීම නිසා ය. එය සිදු වූයේ 1975 දී ය. ආණ්ඩුව පරාජයට පත් වී එජාපය ආණ්ඩු බලය ලබා ගන්නේ 1977 දී ය.
1977 ආණ්ඩුවේ නායකයා කලක සිට අපමණ පාඩම් උගත් අයකු වූ ජේ. ආර්. ජයවර්ධනය. නැවත නම් තමාව අන්දවන්නට කිසිවකුට නොහැකි බව ඔහු ඔප්පු කළේ සිය පළමු කැබිනට් මණ්ඩලය පත්කිරීමේ දී කාර්යශුර සහ අදාළ ක්ෂේත්‍ර පිළිබඳ බුද්ධිමය සහ විශේෂ දැනුමක් ඇති නවකයන් ඊට පත් කිරීමෙනි. කැබිනට් මණ්ඩලය සඳහා වූ කාර්ය ක්ෂේත්‍ර නැවත සංශෝධනය කිරීමෙනි. වෙළඳ ඇමති වූ ලලිත් ඇතුලත්මුදලි ට නාවික කටයුතු ද වාරිමාර්ග, බලශක්ති සහ අධිවේගී මාර්ග ඇමති වූ ගාමිණී දිසානායකට මහවැලි කටයුතු ද පැවරෙන්නේ ඒ අනුව ය. තම බෑනෙකු වූ රනිල් වික්‍රමසිංහට ලබා දුන්නේ කැබිනට් ඇමති ධූරයක් නොව නියෝජ්‍ය විදේශ ඇමතිකම ය. ජේ. ආර්. ඇඳ ගත්තෙත් නැත, තමාව අන්දවන්නට කිසිවකුට ඉඩ දුන්නෙත් නැත. එහෙත් ඔහු අනිත් අයට අන්දවා ඔවුන් සනසවා නිහඬ කොට තැබුවේ තම ආර්ථික, දේශපාලන දැක්මට කරදරයක් නොවන පරිදි ය. ඒ නිසාම 1977 සිට 1989 දක්වාම එනම් වසර දොළහක් පුරා ඔහු පක්ෂයේ කෘතහස්ත නායකයා ද රටේ බලවත් ම නායකයා ද ක්‍රම වෙනසක පුරෝගාමියා ද විය.
ජේ. ආර්. ගේ ආර්ථික දේශපාලන දැක්මට සහ වැඩපිළිවෙළට මූලධාර්මිකව මා විරුද්ධය. එහෙත් තමා අගය කළ අරමුණක් ඔස්සේ රාජ්‍යය මෙහෙයවීම සඳහා සුදුසු පිරිසක් තෝරා ගැනීමට සහ පත් කළ අය මත නායකත්වය පිහිටුවීමට ඔහු දැක් වූ උපායශීලිත්වය අගය කිරීමට මා පැකිලෙන්නේ නැත. 53 දී ඇඳගත් සහ ඒ නිසාම පරාජය වූ ජේ. ආර්. 77 සිට 89 දක්වා නම් ඇඳගත්තේ නැත. අදටත් ජේ. ආර්. ව්‍යාපෘතිය ජීවමාන වී තිබෙන්නේ ඒ නිසා ය.
එහෙත් ඉන් පසුව බලයට පත් සියල්ලෝම එක එක අය විසින් අන්දවනු ලැබූහ. ඒ නිසාම ජේ. ආර්. ගෙන් පසු ලංකාව වනාහි අන්දවන්නන්ගේ සහ ඇඳගන්නන්ගේ රජදහනක් ය. ඛේදවාචකය වන්නේ රට ගොඩ නැගීමට අරමුණක් සහිතව පොදු ජන ප්‍රසාදයක් සහිතව බලයට පත් වූ නායකයන් කීප දෙනකුම මෙම ඇන්දවීමේ දේශපාලනයට හසු වී අපේක්ෂිත අරමුණු ඉටුකරගත නොහී අසරණ වීම සහ ඒ නිසාම රට අසරණ වී අපේක්ෂා භංගත්වයට පත්වීම ය. එහෙත් අන්දවන්නන් කල් ගෙවන්නේ සතුටින්ය. නියෝජිතවරණ ප්‍රචාරක සමයේ දී අන්දවන්නන්ට අනුව ඇඳගත් බව පෙන්වීම උපායශීලීව අවශ්‍යය ය. එහෙත් ඉන් පසුව ඒ අන්දන්නන්ගෙන් ගැලවී රටේ පාලනයට ඔවුන් ගාවා නොගෙන සහ තරහා නොකරගෙන උපායශීලීව ඔවුන් ඈත් කළ යුතු ය. එසේ නොකොළොත් ඒ කල්ලි යහපත් අරමුණකින් රට මෙහෙයවන්නට දෙන්නේත් නැත. එසේම අන්දවමින් ලබා ගත් තනතුරු සහ නියෝජිතකම් යොදවා රටට වැඩකරන්නට ඔවුන් දන්නේ ද නැත. අර රට ගැන යහපත් අරමුණකින් වැඩ කරන නායකයන්ට උදව් කරන්නේ ද නැත. බලය සහ තනතුර ගැන අර්චනකාමයකින් දිවි ගෙවා ඊ ළඟට කවරෙකු හෝ ඇන්දවීමට මාන බලනවා පමණි.
වෙළෙන්දන්, උගතුන් (වියතුන්) වෘත්තිකයන්, ආගමික නියෝජිතයන්, වාර්ගික ඡන්ද පදනම් ඇතැයි කියාගත්තවුන්, ඡන්ද මැෂින් යැයි කියාගන්නා වුන් පෞද්ගලිකව සහ විවිධ සංවිධාන පිහිටුවා ගනිමින් මේ ඇන්දවීම කරන ආකාරය ඉතාම සුක්ෂ්මය. ජේ ආර් ගෙන් පසු සියලුම නායකයෝ මේ අන්දවන්නන් විසින් මුළාවේ දමා විවිධ උපක්‍රම යොදාගෙන අන්දවනු ලැබූහ. එහි ප්‍රතිඵලය වූයේ රට හැදීමට ආ බොහෝ අයට වැඩ වැරදී යාමය. එසේම විවිධ සුදුසුකම් කියාගෙන මැතිවරණ වේදිකා සැරසූ උගතුන් (වියතුන්) වෘත්තිකයන් යනාදී අන්දවන්නන් මෙලෝ දෙයක් නොදන්නා නිකමුන් ය කියන කාරණය ඔප්පුවී ඒ නින්දාවත් අවංක වුවමනාවක් සහිත නායකයන්ගේ කරපිටින් යාමය.
බොහෝ නායකයන්ට අවංක වුවමනාවක් තිබුණත්, රට හැදීමට දැනුමක් සහ වුවමනාවක් තියෙන සහ රටට ආදරය කරන ඇමතියන් සහ ඉහළ සුදුසු තනතුරු දරන්නට පිරිසක් නොසිටීම බරපතළ ප්‍රශ්නයක් විය. පුරුද්දට සහ ධන බල නිල ආර්චනකාමය සහිත රංචුල ඇමතීන් බවට පත්වුණා මිස ඔවුන් සතුටින් සිටියා මිස ජාතික අභිලාෂ අනුව රටක් හැදීමට සිය නායකයාට සහය වීම ඔවුන් අතින් සිදු වුණේ නැත. දැන් සිදුවන්නේ ද නැත.
එහෙත් නායකයන් ඇන්දවීමට නම් මොවුහු උපන් හපන් රුසියෝ ය.
මේ මොහොතේ ඇමති මණ්ඩලය ගත්ත ද ඊට ගැළපෙන සුදුස්සෝ නම් අතක ඇඟිලි ගණනටත් වඩා අඩුය. ඉතින් නායකයකුට මොවුන් සමඟ ජනතාවා දී ගමනක් යා හැකි ද යන්න විමසිය යුත්තක්ම ය.
ජේ. ආර්. ගෙන් පසු ශ්‍රී ලංකාව වනාහි ඇන්දවීම සහ ඇඳ ගැනීම නිතර ප්‍රතිනිෂ්පාදනය වන රටකි. රට හැදීමට අවැසි නායකයකු වේ නම් මේ අන්දවන්නන්ගේ උගුල්වල නො වැටී ඇඳගන්නේ නැතිව විචක්ෂණශීලී මනසකින් අලුත් පියවරකට යා යුතුය. ‘ඇමතිවරු නැති පාර්ලිමේන්තුවක්’ යන ශීර්ෂය යටතේ පෙර දිනක මා ලියු කිවි දා දැක්මක’ සඳහන් වූයේ ඒ එක පියවරක්ය. හොඳ හමුදාවක් නොමැතිව හොඳ හමුදාපති කෙනෙක් සිටියාට එය ඵල රහිතය.
අන්දවන්නන්ගෙන් ගැලවීමට නම් මේ ගැන නැවත නැවත සිතන්න. සෙස්ස පස්සට.
(***)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු
අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ
ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගත් පාලනයක් මේ වන විට ආරම්භ වී ඇත. ලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලය තමන්ගේ ආණ්ඩුව විසින් පත්කරනු ලැබ ඇතැයි පවසන සමහරුන් වත්මන් ජ
මේ දවස්වල රටේ බොහෝ අය කතා කරන්නේ ජනාධිපතිවරණය ගැන නොවේ. එළැඹෙන මහ මැතිවරණය ගැනය. ඒ නිසා මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට බලාපොරොත්තු වන්නේ ‘‘හොඳ පාර්ලිමේන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇන්දවීමේ ඇඳගැනීමේ දේශපාලනය
hesa Saturday, 19 June 2021 04:49 PM
ඔබතුමා හරි.. තමා අවංක නම්, තමාට අවංකමයි සිතෙන අය ලං කර ඒ අන්දවන්නන් නොමැතිව, රට පාලනය කල හැකි බව, ඔබතුමා අදහස් කරනසේ.මේ රට පාලනය කල හැකිද..
NM Saturday, 19 June 2021 05:27 PM
ඇන්දවීමේ ඇඳගැනීමේ දේශපාලනයට යට නොවු නායකයන් අතර ජේ ආර් ජයවර්ධන සහ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛස්ථානයේ සිටි. නමුත් ඔවුන් දෙදෙනාගේ එම දේශපාලන ක්‍රමවේදය අනුගමනය කරන නායකයන් වර්තමාන දේශපාලනයේ නැත. ජනතාවට සමීප වූ සෑම දේශපාලකයකු යැපෙන්නෙත්, විනාශ වන්නේත් අන්දවන්නන් නිසායි. ලංකාවේ දේශපාලකයින් ඔවුන්ට සියල්ල කලහැකිබව යන මතයේ රැඳී සිටියි. ඇන්දවීමේ ඇඳගැනීමේ දේශපාලනය නිසා ලැබෙනුයේ තවකාලික දේශපාලන සුවයක් ලබා අවසානයේ විනාශවීම පමණි. බුද්ධිමත් නායකයින් ඇන්දවීමට නොහැකියි. මක්නිසාද යත් ඔවුන් ප්‍රතිපත්ති මතම දේශපාලනය කිරීම සහ ඔවුන් අදහස් ලබාගනු ලබන්නේ සහ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනු ලබන්නේ විස්ලේශකයින්ගේ උපදෙස් මත මිස අන්දවන්නන්ගෙන් අදහස් අනුව නොවේ..