IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


උගතුන්ගේ මැද පන්තියේ බොඳවූ ආශා

සමාජ මාධ්‍යවල ඊයේ පෙරේදා හුවමාරු වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කිහිප දෙනකුගේ පඩිපත් කීපයක් ඔස්සේ ලංකාවේ මධ්‍යම පන්තියේ මූල්‍ය භාවිතය හා මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ කදිම සිතුවමක් නිර්මාණය වී  තිබුණි. ඔවුන් ඒවා සාමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කිරීමෙන් අපේක්ෂා කළේ තමන්ගෙන් මෙවර වැටුපෙන් අය කළ නව බදු මුදල් ගැන දැනුවත් කොට ඒ ගැන සමාජ විරෝධයක් හැදීමය. එහෙත්, සිදු වූයේ සපුරා එහි අනෙත් පැත්තයි. එම පඩිපත් තුළ රුපියල් ලක්ෂය ඉක්මවමින් මාසිකව ගෙවන නිවාස හා වාහන ණය වාරික ගැන බොහෝ දෙනා අසතුට හා විමතිය පළ කළහ.

සාමාන්‍ය සේවකයකුගේ මුළු මාසික වැටුපට වඩා වැඩි මුදලක් මේ ඉහළ ආදායම් උපයන්නෝ සිය නිවාස හෝ වාහන ණයට ගෙවමින් සිටිති. එක් ආචාර්යවරයකු මෙවර ගෙවන බදු මුදල ලෙස සටහන් වූයේ රුපියල් 76500කි. නව බදු සූත්‍රයට එම මුදල අයවීමට නම් අදාළ පුද්ගලයාගේ දළ වැටුප රුපියල් ලක්ෂ 4 ඉක්මවා යා යුතුය. විශ්වවිද්‍යාල ආචාර්යවරයකුට එවන් මුදලක් වැටුපක් ලෙස ලැබීම අප පුදුම විය යුතු කරුණක් නොවේ. මන්ද ඔවුන් ඊට සරිලන අධ්‍යාපන සුදුසුකම් හා පුහුණුව ලබා ඇති අය වීම නිසාය.  

ප්‍රශ්නය ඇත්තේ අන් තැනකය. එනම් මේ ආචාර්යවරුන්ගේ පරිභෝජන රටාව තුළ ය. නිවාස ණය හා වාහන ණය ගෙවා දැමූ පසු තමාට ඉතිරි වන්නේ රුපියල් 14000ක් පමණක් බව එක් පඩිපතක් ප්‍රසිද්ධ කරමින් ආචාර්යවරයකු කියා තිබිණ.

 මූල්‍ය විනය හා සාක්ෂරතාව පිළිබඳ ප්‍රශ්නය මතු වන්නේ මෙහිදීය. ලක්ෂ ගණනින් නිවාස ණය මාසික වාරිකයක් හිමි වීමට නම් මිලියන දහය ඉක්මවූ මුදලක් නිවාස ණය ලෙස මේ අය ගෙන තිබිය යුතු ය. වාහන ණය ද එසේමය. පළමු ප්‍රශ්නය වන්නේ තමාගේ වැටුපෙන් සියයට60ක උපරිමයක් ඉතිරිවන ලෙස පමණක් ණය ලබා දියයුතු බවට බැංකු නීති තිබෙන විට ලක්ෂ 4 ඉක්මවූ වැටුපකින් රුපියල් 14000ක් පමණක් ජීවත්වීම සඳහා ඉතිරි වන ලෙස ණය ලබා දුන්නේ කෙසේ ද යන්නයි. බොහෝ විට මේ ණය ගන්නේ තමාගේ ස්ථිර අමතර ආදායම් ලෙස වැටුපට අමතර ආදායම් ලේඛන ඉදිරිපත් කරමිනි. එවන් ලේඛන මත ණය ලබාදීමට බැංකු එකපයින් කැමැති වේ. ඒ කෙසේ වෙතත්, දෙනු ලබන ණය ලබාගත යුත්තේ සුපරික්ෂාකාරීව බව අපට නොවැටහෙන්නේ ඇයි?  සියලු‍ දෙයෙහි විචක්ෂණශීලී විය යුතු විශ්වවිද්‍යාල ආචාර්යවරයා තුළ අවාසනාවට ගොඩනැගී ඇති මානසිකත්වය නම් “දිවි ඇතිතුරු හොඳින් ඉන්න ණය වී හෝ ගිතෙල් කන්න“ යන බුද්ධ කාලයේ ඉන්දියාවේ විසූ චාර්වක නම් චින්තකයාගේ දර්ශනය නොවේ ද?     

චාර්වක මානසිකත්වය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පමණක් හිමි ස්වභාවයක් නොවේ. වෛද්‍යවරුන්ගේ, ඉංජිනේරුවරු සහ ගණකාධිකාරිවරුන් ආදී මෙකී නොකී සියලු‍ දෙනාගේ පරිභෝජන රටාව එය වේ. ඔවුහු තම වැටුප යන්න සපුරා ණය ගෙවීමට යොදවා රැකියාවට අමතරව කරන උපදේශන, පෞද්ගලික සායන හා අමතර පන්ති හරහා ලබන ආදායමෙන් ජීවත් වෙති. එහෙත්, අමතර ආදායම් මාර්ග රඳා පවතිනුයේ තාවකාලික පදනමින් බව මේ අය නොදනිති. විශේෂයෙන් අද වැනි ආර්ථික අර්බුදයක් තුළ ඒවා සිඳී යයි.

මේ පරිභෝජන රටාවට ඇතිවීමට හේතුව කුමක්ද? එනම් මැද පන්තිය තුළ ස්වභාවයෙන්ම ඇති සමාජ තත්ත්ව සංකේත (status symbol) ලෙස විසල් නිවාස හා සුඛෝපභෝගී වාහන භාවිතයට ඇති පෙළඹවීමයි. වාහනයක් හා නිවසක් යනු හුදු උපයෝගිතාවෙන් එහා ගොස්, එය තම තත්ත්වය හඟවන ප්‍රදර්ශන භාණ්ඩයක් වී ඇත. ව්‍යාපාරිකයන් වැනි අයට නිවස හෝ වාහනය තම ව්‍යාපාරික බලය සඳහා මෙවලමක් වූවද, උගතුන්ට එය එසේ විය හැකිද?

වෘත්තිකයන්ගේ ගැටලුව මතින් අපට පෙනී යන තවත් සමාජ දේශපාලන යථාර්ථයක් තිබේ. එනම් මේ ආචාර්යවරුන්ම මීට මාස කීපයකට පෙර අරගලය නම් දේශපාලන සිදුවීම සමග සමීපව වැඩ කළ පිරිසක් වීමයි. එසේ කිරීමේ අයිතිය පූර්ණ වශයෙන් පිළිගන්නා අතරම, එවර ඔවුන්ගේ සටන් පාඨය වූයේ ගෝඨාභය ආණ්ඩුව බදු සහන ලබා දීම වැරදි බවත් තමාගෙන් බදු අයකළ යුතු බවත්ය.

ඇත්ත වශයෙන්ම, ගෝඨාභය ආණ්ඩු විසින් 2019 දෙසැම්බර් මස විශාල බදු සහන ලබාදීමකට ගියේය. එවක වසංගතය නොපැවති අතර, බදුසහනවල අරමුණ ලෙස එම ආණ්ඩුව කියා සිටියේ, ඒ වෙනකොටත් සියයට 2කට වඩා අඩුවෙන් වර්ධනය වෙමන් තිබූ ආර්ථිකය ඉන් ගලවා ශීඝ්‍ර වර්ධනයකට ඔසවා තැබීමය. එය සාර්ථක ආර්ථික න්‍යායකි. එහෙත් ඉන් ටික කලකට පසු පැමිණි වසංගතය විසින් එහි ප්‍රතිලාභ විකෘති කරනු ලැබීය. වසංගතය පැමිණි පසු නැවත බදු පැනවීමට ද පියවර නොගෙන තිබුණේ, ගහෙන් වැටුණු මිනිහාට ගොනා අනින ලෙස වසංගත බර මතට බදුබර ද පැටවීම ආචාර්ධාර්මික නොවන හෙයිනි. ඇරත් රාජ්‍යයක මුදල් ආණ්ඩුව සතුව තිබුණ ද ජනතාව සතුව තිබුණ ද වෙනසක් නැත. ආණ්ඩුව බදු ලෙස ගෙන නැවත වියදම් කරන්නේ ද ජනතාව වෙනුවෙන්මය. කෙසේ වෙතත්, වසංගතය පැමිණීමත් සමග ඊට මුහුණ දෙන අතරතුර ලෝකයේ සියලු‍ රටවල පාහේ ආර්ථික හැකිලු‍ණු අතර, ලංකාවේ ද එය සිදුවිය. විශේෂයෙන් ම විදේශ විනිමය ගලා ඒම සැලකිය යුතු ලෙස පහත බැස්සේ ය. ඒත් සමගම මහ බැංකුව තුළ වූ සංචිත යොදාගෙන අත්‍යාවශ්‍ය ඉන්ධන, ගෑස්, ඖෂධ ආදිය ආනයනය කිරීමට සිදුවූ අතර, එම සංචිත මත දැඩි පීඩනයක් එල්ල වී භාණ්ඩ හිඟයක් නිර්මාණය විය. තෙල් හා ගෑස් පෝලිම් ඇති වන්නේ මේ නිසාය. පැවති ඉතා කුඩා සංචිත ප්‍රමාණය, දිගින් දිගටම පැවති ලොක්ඩවුන් මත ආර්ථිකය හැකිලීම හා සංචාරක ඉපැයුම් ශීඝ්‍ර ලෙස පහළ යෑම ආදියේ සමස්ත ප්‍රතිඵල ලෙස ඉහත කී පෝලිම් නිර්මාණය වන විට, එය දේශපාලන අර්බුදයක් බවට පත් කිරීමේ සැලසුම් ක්‍රියාත්මක විය.

වෘත්තික කණ්ඩායම් අර්බුදය අවස්ථාවේ කටයුතු කළ ආකාරය ඇත්ත වශයෙන්ම කනගාටුදායකය. ප්‍රශ්නය නොතේරෙන සාමාන්‍ය ජනතාවට වඩා ඉහළ උගත්කමක් ඇති බව අප සිතන මේ කණ්ඩායම්, සැමවිටම බැලු‍වේ අර්බුදය විසඳා ගැනීම නොව ආණ්ඩුව පන්නා හැරීමය. උද්ඝෝෂණ, පා ගමන් හා අඛණ්ඩ විරෝධතා මත රට තව තවත් අඩපණ වූ අතර දුර්වල ආර්ථිකය කබලෙන් ළිපට වැටුණි. ඇතැම් විට ඔවුන් සිතුවේ අරගල කිරීම ඔස්සේ තමාට වඩාත් ප්‍රශස්ත ජීවිතයක් ලැබෙනු ඇති බවය. ඇතැමුන් කොළඹ ආවේ දුක්විඳින අවසන් පැය යනුවෙන් සිංහනාද කරමිනි. එහෙත් සිදු වූයේ ඔවුන් ඉල්ලා සිටි පරිදිම ලංකාවේ ණය ගෙවීම් නවතා (default) දැමීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ විදේශ ව්‍යාපෘති සියල්ලම පාහේ නැවතුන අතර විනිමය ගලා ඒම තවත් අඩුවිය. අනෙත් පැත්තෙන් ණය ගෙවීම් පැහැර හැරි රටකට අන් සියලු‍ විකල්ප අහිමි වන අතර අන්තර් ජාතික මූල්‍ය අරමුදල යටතට සියල්ල පත් වේ. අද අප සිටින්නේ එම අදියරේ බව උගතුන්ට පවා නිනව්වක් නැති බව පෙනේ.

මූල්‍ය අරමුදල යටතට යාම යනු තවදුරටත් අපට සිතු සේ තීරණ ගත නොහැකි තැනකි. සියලු‍ සාර්ව මූල්‍ය පාලන එම ආයතනයේ ඍජු අධීක්ෂණය යටතේ කිරීමට ද, ඔවුන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ද සිදුවේ. 1997 වසරේ නැගෙනහිර ආසියානු රටවලට අපට සේම මුල්‍ය අර්බුදයක් පැමිණි විට මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් මුල්‍ය අරමුදල සපුරා බැහැර කොට යාම නිසා මැලේසියාවට අන් සියලු‍ රටවලට වඩා කලින් අර්බුදයෙන් ගොඩ එන්නට හැකි විය. හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් 2022 අයවැය ගෙන ආවේ ද එවැනි මහතීර් පන්නයේ විසඳුමක් වෙනුවෙනි. අතමාරුවට ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4ක් ගන්නා ඔහු, මධ්‍ය කාලීන විසඳුමක් ලෙස මූල්‍ය අරමුදලට යන්නේ ය. එහෙත් ණය ගෙවීම් පැහැර නොහරිමිනි. විශේෂය එයයි. කෙසේ වෙතත්, දිගු කාලීන විසඳුම ඒ කිසිත් නොව, අපගේ ආනයන අපනයන පරතරය අඩුකර ගැනීමය. මේ අනුව, අපට 2021 වසරේ ලංකාවේ වැඩිම වෙළඳ භාණ්ඩ අපනයන ආදායම වූ ඩොලර් බිලියන 12.5 ලැබුණි.

එවන් තත්ත්වයක් තුළ, වෘත්තිකයන් හා සෙසු පිරිස් විසින් විනාශකාරි ක්‍රියාමාර්ගවලට යොමු වීමෙන් සිදු වූයේ අප විකල්ප රහිත තැනකට යොමුවීමයි. ලංකාවේ උගතුන් කළ යුතුව තිබුණේ තත්ත්වය පිළිබඳ මහජනතාවට ඉදිරියෙන් සිට අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය මතවාදී තලය නිර්මාණය කිරීමයි. එහෙත්, ඉහත මධ්‍යම පන්තිය දැනුමෙන් හා රට පිළිබඳ සාකල්‍යවාදි දැක්මෙන් කොතරම් දිළිඳු ද යත් ඔවුහු පොදු ජනයාට වඩා ඉක්මනින් ගාල කඩාගෙන ගියෝය.

ඒ අනුව, දැන්වත් අප මේ අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය දැනුමින් සන්නද්ධ විය යුතුය. බදු අය කිරීම් පමණ ඉක්මවන බව අපි කවුරුත් දනිමු. වත්මන් බදු වැඩිකිරීම් මගින් ඇත්ත වශයෙන් සිදුවන්නේ මුදල් සංසරණය අඩු වී ආර්ථිකය තවත් හැකිලීමයි. එහෙත්, අපට එම තැනට ඒමට අපගේම හදිස්සිය නිසා දැන් එය සිදුව ඇත. දැන් එම ළිං කටින්ම ගොඩ ඒම හැර අන් විකල්ප නැත. ඒ නිසා, අර්බුදයේ බර නැතිබැරි අයට පමණක් දරා ගැනීමට ඉඩ නොදී, නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන ඉහළ වැටුප් තලවල සිටින අය ද එය සම සමව බෙදාගැනීමට අවශ්‍ය සහානුකම්පාව දල්වා ගත යුතුය.

(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ

 



අදහස් (5)

උගතුන්ගේ මැද පන්තියේ බොඳවූ ආශා

ධනුශ්ක Friday, 27 January 2023 12:25 PM

කාලකණ්ණි දේශපාලුවන් හොරා කාපුවාට මහජනතාව පලි නැත. හොරාකාපු ධනය හොරුන්ගෙන්ම අයකරගත යුතුයි...

:       7       16

chamila Friday, 27 January 2023 06:14 PM

රටට වී ඇති හෙනේ අපට හොඳින්ම තේරේ. ප්‍රශ්නය ඇත්තේ අපි පටි තදකරගෙන වියදම් අඩුකරගෙන කරන දේ ආණ්ඩුව නොකිරීමයි. මුදල් අර්බුදයක් ඇති ඕනෑම කෙනෙක් කරන පළමු දේ වියදම් අඩු කිරීම මිස අදායම් වැඩිකිරීම් නෙමේ. පාඩු ලබන ආයතනවලට බෝනස් දෙන්න තවතවත් කැබිනට් ඇමැතිවරු පත් කරන්න... එක එකාට ආතල් ගන්න අපි බදු ගෙවන්න ඕනෑද?

:       2       22

chamila Friday, 27 January 2023 06:24 PM

රෝහලට මෘදුකාංගයක් මිලට ගන්න නිලධාරින් 15ක් ඉන්දියාවට ගිහින් ටුවර් එකට ලක්ෂ 50...

:       0       1

Nuwan Saturday, 28 January 2023 07:54 AM

බදු වෙනුවට හොරාකාපු සල්ලි නැවත අයකරගන්න. දේශපාලකයින් කරන අමතර වියදම් අඩුකරන්න. හොරාකාපු ඩොලර් ප්‍රමාණය කොපමණද? 225ට කරන අනවශ්‍ය වියදම් රජයේ ආදායමෙන් කුමන ප්‍රතිශතයක්ද? කවුද මේවා දන්නේ?

:       3       7

Jothi Saturday, 28 January 2023 03:31 PM

කනවිට තනියෙන්, ගෙවන විට පොදුවේ...!

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

කිවිදා දැක්ම

ජනමතය උරගා බැලීමක්
2025 මාර්තු මස 28 275 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම


හොරුන් ඇල්ලීමේ නාටක
2025 මාර්තු මස 21 397 1

අත්අඩංගුවට ගැනීම ම දඬුවමක් වන තැනට අද ලංකාවේ නීති පද්ධතිය පහත වැටී තිබීම අප බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි. පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනා


සතුරු දඩයමේ දේශපාලනය
2025 මාර්තු මස 14 1100 4

මේ දිනවල රටේ මතුවෙමින් පවතින දේශපාලනය තේරුම් ගැනීමත් තරමක් අපහසුය. ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන්නේ පුදුම සහගත ගැටලුවලටය. අය – වැය පිළිබඳ පාර්ලිමේන්තු


ආණ්ඩුවේ ගමන් මග නිවැරැදිද?
2025 මාර්තු මස 07 528 4

ආණ්ඩුවේ ජනප්‍රියත්වය කොතරම් අඩුවී ඇතිදැයි කිවහොත් සහ එය ආණ්ඩුවට ද කොතරම් දැනී ගොස් ඇතිදැයි සිතුවොත්, ජනාධිපති අනුර කුමාර මහතා දළදා ප්‍රදර්ශනයක් තැබී


ආණ්ඩුවේ මග කියන අයවැය
2025 පෙබරවාරි මස 28 182 0

වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයාගේ රට කරවීමේ ක්‍රියා කලාපය පිළිබඳව මූලික විමර්ශනයක් කිරීමට තරම් කාලයක් මේ වනවිට ගතවී ඇත. වසර 05ක ආණ්ඩු කාලයක් ඔවුන්ට තිබෙ


දැක්මක් නැති ආණ්ඩුවේ අයවැය
2025 පෙබරවාරි මස 21 2121 12

ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 317 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 863 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 806 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site