IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


තනිවූ ගසට අම්මා කෙනෙක්


නිදහස සමරා හුස්මක් ගන්නටත් පෙර, ලෝකයේ ම ඉතිරි වී ඇති තනි වී ඇති ගලවා දැමීමට නියමිත එකම ගසක ජීවත් වීමේ අයිතිය සහ නිදහස වෙනුවෙන් හඬ නඟන ගැහැනියක් පිළිබඳ සමාජ මාධ්‍ය දක්වන උනන්දුව කාටත් ආශ්වාදයක් යැයි සිතේ. “තම හුස්ම ගැන නො සිතූ එක යකඩ ගැහැනියක්, වෙර දරයි රැක ගන්න තනිවෙච්ච මහ ගහක්, නූපන් මිනිසුන්ට හුස්ම ගන්නට හෙටක්, පතන නුඹ දේවානි ලොවට වාසනාවක්” යනු ෆේස්බුක් හි මාලක අමිල විසින් පළ කර තිබූ කවියකි. එය ලියැවී තිබුණේ ගම්පහ වන නිලධාරිණී දේවානි ජයතිලක ගේ පාරිසරික මැදිහත් වීම වෙනුවෙනි.

අධිවේගී මාර්ග ලෝකයේ හැම රටකම තිබුණත්, ලෝකයටම ඇත්තේ එකම ගසක් නම් ඒ ගස ඇත්තේ අපේ රටේ නම් එය රැක ගැනීමට අප සැවොම විතරක් නොව මුළු ලෝකයම දේවානිලා බවට පත් විය යුතු යැයි මට සිතේ. ‘දේවානි’ නිමිති කරගෙන එනම් මීට කලකට පෙර කඩොලාන පරිසරය රැක ගැනීමට ඇය කළ අරගලය පිළිබඳව දි ‘කිවි දා දැක්මක්’ ලියා ඇති මා මෙවර ලියන්නේ ද ඇයගේ පාරිසරික මැදිහත් වීම උත්තේජනයක් කර ගනිමිනි. මා මේ ලිපිය නම් කරන්නේ ගස වෙනුවෙන් දේවානි යනුවෙන් නොව ‘සොබා දහම වෙනුවෙන් සොබා දහම’ යනුවෙනි. නැතහොත් ‘තනිවූ ගසට අම්මා කෙනෙක්’ යනුවෙනි. ඒ දෙකම ඇය වැන්නියන්ට උපහාරයකි.

ජන ජීවිතයේ යහපැවැත්ම සඳහා ස්වභාවධර්මය මිත්‍රශීලීව කළමනාකරණය කරනවා වෙනුවට 1950 ගණන්වල සිට ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ඒවායේ පරිවාර සංවිධාන, ණය උගුල් අටවන්නන් සහ ජාවාරම්කාර බහුජාතික බහු ව්‍යාපාරික වෙළෙන්දන් විසින් නියම කරන ‘සංවර්ධන බෙහෙත් තුණ්ඩු’ භාවිතයට ගැනීමේ බයාදු පුරුද්ද නම් කිසිම ආණ්ඩුවක් විසින් නවත්වන්නේ නැත. තම පිටේ හිසට මදක් ඉදිරියෙන් සහ ඉහළින් පෙනෙන සේ බඳින ලද කෝටුවක කෙළවරෙහි එල්ලන ලද කැරට් අලය දැන් කමි යි දැන් කමි යි සිත සිතා හාම්පුතුන්ගේ බර අදින ඔටුවකු සේ, අප වැනි රටවල ආණ්ඩු සිදු කරන්නේ ‘සංවර්ධන කැරට් අලය’ කෑමේ අරමුණින් අර ඉහත කී සංවිධානවල, බලවත් රටවල සහ වෙළෙන්දන්ගේ බර ඇදීමය. නමුත් කෑ ‘සංවර්ධන අලයක්’ නම් නැත.

අජන්ත සෙනෙවිරත්න මගේ මිතුරෙකි. පසුගිය දිනක ඔහු දූපත් 150 කින් යුත් සීෂෙල්ස් (Seychelles) රටේ වෙරළවල පිරිසුදුකම ගැන මා හා කළ කතාබහක දී කළ සඳහන ඉතා වැදගත් ය. ඒ පිරිසුදුකමට හේතු වී ඇත්තේ එ රට පූර්ව ළමාවිය සංවර්ධන ආයතනවලත් ප්‍රාථමික අධ්‍යාපන ක්‍රමය තුළදීත් ළමයින්ට උගන්වන සහ පසක් කරවන පිරිසුදුකම පිළිබඳ අධ්‍යාපනය ය. ඒ නිසා ඒ රටේ පිරිසුදුකම සංස්කෘතික පුරුද්දක් වී ඇතැයි මට සිතේ. අපේ රටේ පාසල් පද්ධතිය ඇතුළු අධ්‍යාපන ක්‍රමයට විනීත, සොබාදම්වාදී, ශීලාචාර සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ සාමාජිකයන් බිහි කිරීමට හැකියාවක් වත් උනන්දුවක් වත් නැත. ඒ නිසා ඊට අදාළ සංස්කෘතියක් බිහිවන්නේ ද නැත. සුනාමි මහා ව්‍යසනයෙන් පසුව රටවටා වෙරළබඩ තීරය මීටර 200කින් නිදහස් කරගැනීමේ ආණ්ඩුවේ තීරණය යටගිය ආකාරය ඊට උදාහරණයක්ය.
තව ද ගොවිතැනින්, හස්ත කර්මාන්තවලින්, ගෘහස්ථ කර්මාන්තවලින් සහ භාණ්ඩ නිෂ්පාදනයෙන්, ස්වදේශීය සංස්කෘතියෙන් සහ සොබාදහමින් වියෝ වූ  විෂය නිර්දේශ සහ අධ්‍යාපන ඇවතුම් පැවතුම් උපකාර වී ඇත්තේ වෙළඳපොළෙන් රැකියා සිඟාකන නිකමුන් බිහි කිරීමට සහ රට නො රටක් විකාරයක් කිරීමට ය.

සමාජ සුබසාධක සෞඛ්‍ය පද්ධතිය යට කරගෙන සහ අඩපණ කරමින් කළුකඩ සෞඛ්‍ය වෙළෙඳාම බලවත් වී ඇත. ජනසතු මගී ප්‍රවාහන ක්‍රමය විනාශයට යවමින් කළුකඩ මගී ප්‍රවාහන වෙළෙඳාම විසින් මගියා කෑල්ලක් බවට පරිවර්තනය කොට ඇත. එළවළු සහ මාංශ නිෂ්පාදන වස විසෙන් යුක්ත ඒවා වී ලෝකයේ වැඩිම වස සහිත සහ කල් ඉකුත්වූ ආහාර අලෙවිකරණ සහ පරිභෝජනය කරන රට බවට පත් වී ඇත. ඒ එළවළු පවා නිසි කලට-ලෙසට රට පුරා බෙදාහැරීමේ විධිමත් යාන්ත්‍රණයක් හෝ වැඩපිළිවෙළක් නැත.

නිදහසින් පසු ජාතික ආර්ථිකය ණය උගුලකට හසු කරමින් තල්ලු‍ කරමින් දියත් කළ ‘මහා සංවර්ධන ව්‍යාපෘති’ අත්කරදී ඇති සමෘද්ධියක් වේද යන්න දැන්වත් දැඩි අවධානයට ලක්විය යුත්තකි. මහවැලියට යටකළ සුන්දර ගම්මාන, සුළු පරිමාණ වාරි ව්‍යාපෘති, වනාන්තර, භූගත අවකාශයට කළ හානි, ගිලා බසින ගම්මාන, ජල උල්පත් වියළී යෑම් සහ මේ වනවිට මහවැලි ජනපද පුරා පැතිරී ඇති කෘෂිකාර්මික වකුගඩු රෝගය, ඉඩම් නැති දෙවැනි සහ තුන්වැනි පරම්පරා අනාථ වීම්, එහි දී අවධානයට ලක්විය යුතු ප්‍රමුඛ කාරණා ය.

එසේම ඔරොත්තු දීමේ හැකියාවක් තිබූ මිනිස්-වනජීවී සම්බන්ධතාව මහා ගැටුමක් බවට පත් වීම ද සංවර්ධන උගුලේ වැටීම නිසා ම සිදු වූවකි. අලි, රිළා, වඳුරු, මුව, ඌරු, මොනර, දඬුලේන් යන සතුන් උන්හිටි තැන් අහිමිව නව ජනපද පමණක් නොව පැරණි කුඩා ජනපද ද  ආක්‍රමණය කරන්නේ ජනජීවිත අඩාල සහ විනාශ කරමිනි. පැරණි සම්බන්ධතා බිඳවැටී වන සතුන් සහ මිනිසුන් අතර මහා ගැටුම් ඇති කරමිනි. හිතන්න, ලැබී ඇති අස්වැන්න කැපකළ දේවල්වලට වඩා ඉතා ම අඩු ය. අධිවේගී මාර්ග නිසා වූ හානියට වඩා පොදු ජනයාගේ ප්‍රවාහන පහසුකම්වල ඇතිවූ මහා ප්‍රගතියක් වේ ද? එහෙත් අධිවේගී මාර්ග පාවිච්චි නොකරන මිලියන ගණනක් වූ පොදු ජනයාද ඒවාට ගිය වියදමේ වගඋත්තරකරුවෝ සහ ණයකරුවෝ වෙති. සියල්ල මෙනෙහි කරන විට පෙනීයන්නේ සංවර්ධනය නාමයෙන් සිදුකර ඇත්තේ මිනිසුන් සහිත ස්වභාව ධර්මය අසරණකමින් අසරණකමට විනාශයෙන් විනාශයට ගෙන යාම නොවේ ද?

කාර්මීකරණය, ජනපදකරණය, කෘෂිකාර්මීකරණය, යටිතල පහසුකම් සම්පාදනය, වගා සංරක්ෂණය, අස්වනු වැඩිකිරීම යන ක්‍රියාවලියේ දී ස්වභාවධර්මය ගැන සිතමින් එය සිදුකළ නොහැක යන මතය වැරදි එකකි. දියුණුවේ ඉහළට ගොස් දැවැන්ත මහජන සුබසාධන ක්‍රම නඩත්තු කරන රටවල ‘පුහුණු වැඩසටහන් ‘නිල සංචාර’ ‘තානාපති සේවා’ යැයි කියාගන්නා ඒවා සඳහා නිතර නිතර සැරිසැරූ සහ කල් ගෙවූ බලවත්තු සහ තීරකයෝ ඒ මතය වැරදි බව හොඳාකාරවම දන්නෝය. එම රටවල දියුණුව සහ ස්වභාවධර්මය රැකීම එකම කාසියක දෙපැත්ත මිස එකිනෙකට සතුරු බලවේග නොවේ ය. එහෙත් ඒ රටවල්වල සරන්නන් සතුටින් සිටීම සහ විනෝද සමයක් ගත කිරීම හැර ඒ ක්‍රම මේ රටට ගෙනෙන්නේ නැත. ගැටලු‍ව වනාහි ඒ නාස්තිකාර වැඩවලට ඉඩදෙන, දශක ගණනාවක් තිස්සේ නඩත්තුවන සහචර දේශපාලනය ය.
ආර්ථිකය සහ දේශපාලනය අතර සාමකාමී ගනුදෙනු පවතින්නේ ඒ කලාප දෙකම එකම පිරිසකට හෝ පන්තියකට අත්පත් වී ඇති පසුබිමක ය. එහෙත් ඒ සාමකාමී බව නිසා පොදු ජනයාට ලැබෙන විශේෂ වාසියක් නැත. පොදු ජනයාට වාසි ලැබෙන්නට නම් ආර්ථිකය සහ දේශපාලනය අතර ගැටුමක් අවශ්‍යමය. මහා කාර්මික විප්ලවය පටන් ගැනුණු කාලයේ එංගලන්තයේ දේශපාලන බලය තිබුණේ සම්ප්‍රදායික ප්‍රභූන් අතේ ය. ආර්ථික ශක්තිය තිබුණේ ද ඔවුනට ය. එහෙත් නව කාර්මික ධනපති පන්තියක් නිර්මාණය වීමත් සමඟම ආර්ථික බලය ඔවුන් සතු වී දේශපාලන බලය සම්ප්‍රදායික ප්‍රභූන් අතෙහි ම රැඳුනි. එයින් ආර්ථිකය සහ දේශපාලනය අතර ඇති වූයේ පරස්පරයකි. සාමකාමී නොවන තත්ත්වයකි. කලකට පසු සිදුවූයේ නව කාර්මික ධනපතීන් විසින් දේශපාලන බලයද අත්පත් කර ගැනීම ය. එනම් නැවත ආර්ථික බලය හිමි සහ ශක්තිය ඇති පන්තියටම දේශපාලන බලය හිමි වීමය. එවිට සිදුවන්නේ ආර්ථිකය හුදු ආර්ථික ක්‍රියාවලියක් නොවී දේශපාලන ක්‍රියාවලියක් බවටම පත් වීම ය. මේ වනවිට නව ලිබරල් ආර්ථික ක්‍රියාවලිය ඉන් එහාට ගිය දේශපාලන ක්‍රියාවලියක් බවට පත් වීමේ තාක්ෂණය එය ය. දැන් නව ලිබරල් වාදය නැතහොත් නව ලිබරල් භාවිතාව ආර්ථික ක්‍රමයක් නොව දේශපාලන ක්‍රමයක් ය. එනම් ආර්ථිකයම දේශපාලනයකි. දේශපාලනය කියා වෙනම කලාපයක් නැත.

මේ ක්‍රියාවලිය ලෝකයටම අදාළ වුවත් දියුණු ප්‍රජාතන්ත්‍රීය ධනවාදී රටවල් දේශපාලනය සහ ආර්ථිකය අතර යම් පරතරයක් නඩත්තු කරනු ලබයි. ඒ පරතරය යොදා ගැනෙන්නේ පොදුජන යහපැවැත්ම අරබයා දේශපාලනය විසින් ආර්ථිකය යම්තාක් දුරකට නියාමනය කිරීම සඳහා ය. නව ලිබරල් වාදය පැවතියත් ඒ රටවල සාමාන්‍ය වෙළඳපොළ, ආහාර නිෂ්පාදනය සහ බෙදාහැරීම, ඖෂධ නිෂ්පාදනය සහ බෙදාහැරීම, රාජ්‍ය සේවය, අධ්‍යාපන නිදහස, මගී ප්‍රවාහනය, විවේකය, රාජ්‍යයේ සාමාජිකයන්ගේ රැකවරණය සහ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම, රාජ්‍ය තාන්ත්‍රීය සහ තානාපති සේවාවල විධිමත් සහ මූලෝපායික බව යනාදිය ඉහළ ගුණාත්මක බවක් ගන්නේ ඒ ආර්ථිකය සහ දේශපාලනය අතර ඇති අත්‍යවශ්‍ය පරතරය නිසා ය. දේවානි ජයතිලක විසින් රකින්නට යන මේ ගස එවැනි රටක තිබුණේ නම් ඔවුන් එය රකින්නේ අපට සිතා ගන්නටවත් බැරි තරමේ විශිෂ්ටතම ආකාරයකට ය. ඒ තරමටම හැම කරුණකදීම ඔවුන් සොබදම්වාදී ය. එවැනි රටක පැළවෙන්නට මේ ගස පින්කොට නැත. එහෙත් එවැනි රටක් හදාගන්නට අපිට ශක්තියක් නැත කියා ඉන් කියවෙන්නේ නැත.


(***)
කොළඹ විශ්වවිද්‍යාලයේ  
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​යේ,
ධම්ම දිසානායක

 



අදහස් (12)

තනිවූ ගසට අම්මා කෙනෙක්

විජිත් Friday, 12 February 2021 02:04 PM

මෙවර ධම්ම දිසානායක මහත්මයාගේ සටහන ඉතාමත්ම සාධාරණ සහ නිර්දේශපාලනිකව, ඇත්ත ඇති සැටියෙන්ම ලියා තිබීම මට ටිකක් විශ්මයක් වුණා. ඒනිසා මම නැවත වරක් සටහන කියෙව්වේ මගේ මනසේ අබාධයක් දැයි සැක හැර දැනගැනීමට අවශ්‍ය වූ නිසයි. දිසානායක මහත්මයාණෙනි, ඔබ වැනි උගත්, බුද්ධිමත් රටට ආදරේ මිනිසුන් සිටිය යුත්තේ රටේ මිනිසුන් සමග මිස එක එක කාලයට තාලය වෙනස් කරන, එකිනෙකාගේ පිට කසාගන්නා හොර රංචුවක් වූ අපේ රටේ දේශපාලුවන් සමග නොවෙන බව දැන් දැන් ඔබතුමාට වැටහී ඇති බව නම් ස්ථිරයි. ඒ වුණත් තමන් කැමති දේශපාලනයක් කිරීමට ඔබතුමාට ඇති ශුද්ධ වූ අයිතියට මම ගරු කරනවා. මම ගරු කරන දේශපාලනය අපේ රටේ තවම බිහිවෙලත් නැහැ. මගේ ජීවිත කාලයේදී බිහිවේ යයි සිතීමටත් අපහසු එකක්. ඒ නිසා අපේ රටේ මෙතෙක් බිහිවූ සියලුම දේශපාලකයන් මට පෙනෙන්නේ අපේ රටේ ජාතින් අසමගි කළ, රටේ මිනිස් කැල පමණක් නොව රටේ පරිසරයම කාබාසිනියා කරපු ද්‍රෝහීන් ලෙසයි. ඒ නිසා මල ජරා දේශපාලනය කතාකිරීම මම නවත්වලා.. යලිත් ඔබතුමාගේ සටහනේ මගේ සිත් ගත් කොටස් අතරින් ඉදිරියෙන්ම තිබෙන්නේ මාතෘකාවයි.. .." තනිවූ ගසට අම්මා කෙනෙක්..." නියමයි. දේවානි ජයතිලක මහත්මියට කළ හැකි උතුම්ම උපහාරය එයයි.

:       2       30

pakeer Friday, 12 February 2021 02:18 PM

ඔක්සිජන් කන්නදැයි අසන සමාජයක ජීවත් වෙන අපිට මොන පරිසර ද මහත්තයෝ? අපි උපන්නේ වැරැදි කාලයේ. අනේ මටත් පස්මහ බැලුම් බලන්න පුළුවන් වුණා නම්...

:       2       21

සකීර නායක Friday, 12 February 2021 10:49 PM

කීයෙන් කීදෙනෙක්ද ඔය වගේ ලිපි කියවන්නේ... වැඩි දෙනෙක් රට වැස්සෝ රට වස්සෝය.. එක් කණෙකින් අසා අනිත් කණෙන් පිට කරන්නා සේ ඔවැනි ලිපිද එසේය...

:       1       12

නිහාල් Saturday, 13 February 2021 08:45 AM

ලෝකයේ ඉතිරි වී ඇති එකම ගසේ වටිනාකම දර වලට පමණකැයි කියන රටේ කරුමයට පහළ වූ උද්භිද විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරියක් සිටින රටක ජනතාවට දෙයියන්ගේම පිහිටයි.

:       2       13

Deepal Nirosh Saturday, 13 February 2021 11:11 AM

නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව ඉවක් බවක් නොමැතිව අධිවේගී මාර්ග වැනි යටිතල පහසුකම් ලෝකයාට ණය වී ඉදිකිරීම නම් පරිසර විනාශයක් පමණක් නොවෙයි, අනාගත පරපුරත් අගාධයේ හෙළීමක්...

:       4       11

Saman Saturday, 13 February 2021 04:46 PM

මෙම ශාකය මෙම වර්ගයේ ඉතිරිව ඇති එකම ශාකය නෙවේ නේද? බොරුවට දඟලන පරිසර වේදිනියක්...

:       6       3

lakshman Sunday, 14 February 2021 12:16 AM

මේ සම්පූර්ණ ක්‍රමය වෙනස් කිරීමට අපි කොහෙන් හෝ පටන් ගත යුතුයි. පඩි නොගන්න, පෙන්ෂන් නොගන්න වරප්‍රසාද නොලබන පාලකයින් කොටසක් රට බාරගත යුතුයි.

:       2       3

dakune buddimatha Monday, 15 February 2021 03:35 AM

දැන් හම්බන්තොටටම අධිවේගී මාර්ග තියෙන නිසා තවදුරටත් අධිවේග අවශ්‍ය නැහැ.

:       1       6

api hambanthotaMonday, 15 February 2021 10:04 AM

අනිවාර්යයෙන් නුවර, කුරුණෑගල අයට කම්මැලි නැතිව ටිකක් කළින් එන්න කියන්න.

:       2       5

deniyaye samanMonday, 15 February 2021 10:32 AM

අනිවාර්යයෙන් අධිවේග තව හදනවා නම් ඇඹිලිපිටිය, කටුවාන, දෙණියාය තමයි හොඳ... නුවර - කුරුණෑගල අධිවේග ඕනෙම නැහැ...

:       3       4

sharm warnTuesday, 16 February 2021 04:13 AM

ඇයි ඒ පැත්තේ වටිනා කියන ගස්කොළන් එහෙම තියෙනවාද? සරුසාරෙට වැඩිච්ච ඒවා...

:       0       1

sharm warn Tuesday, 16 February 2021 04:15 AM

මේ දැක්ම ඉතින් දකින්නේ අපි කීයෙන් කී දෙනාද? මේවත් නිල්, කොළ, රතු කණ්ණාඩිවලින් බලන්න හදන අය කොච්චර ඉන්නවද? මේ රට තව ටික කාලෙකින් ඉන්දියානු කොලනියක් වෙන්න යන්නේ...

:       1       1

ඔබේ අදහස් එවන්න

කිවිදා දැක්ම

​දැක්මක ගමනක ජයග්‍රහණ
2024 සැප්තැම්බර් මස 13 761 4

හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 268 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


ඡන්දයේදී ජනතා අපේක්ෂා
2024 අගෝස්තු මස 30 249 0

ජනාධිපතිවරණයක දී සාමාන්‍යයෙන් අප නොදකින තත්වයක් මෙවර දැකගත හැකි ය. එනම් මෙවර ඡන්දදායකයන්ගෙන් අති බහුතරයක් තාමත් තම ඡන්දය ගැන තීන්දුවක් ගෙන නොමැති වී


විකෘති කළ ඉතිහාසයේ යථාර්ථය
2024 අගෝස්තු මස 23 724 2

මෙවර කිවිදා දැක්ම ලියන්ගේ ජනාධිපතිවරණයට දින 30ක් ඉතිරිව තිබෙන පරිසරයකය. මෙවර ජනාධිපතිවරණය ඉතාමත් තීරණාත්මක එකක් බව කාටත් පැහැදිලිය. ඒ තීරණාත්මක බව කථා


ඡන්දයෙන් රට හැරෙන දිසානතිය
2024 අගෝස්තු මස 09 422 0

හදිසියට අතමාරුවකට ඉල්ලාගත් මුදලක් ආපසු ගෙවීම ප්‍රමාද වන්නේ නම් එම මුදල ලබාදුන් පුද්ගලයා ඒ පිළිබඳ සොයා බැලීම සහ එය ආපසු ගෙවන ලෙසට ඉල්ලීමක් කිරීම ස්වභා


ජනමත වාසියේ ඉසව්ව
2024 අගෝස්තු මස 02 718 2

2022 වසරේ පොදුජන පෙරමුණ ඉතාම අභියෝගකාරී දේශපාලන තීන්දුවක් ගත්තේ ය. ඒ පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයකුව සිටි රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්කිරීම


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16875 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 264 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site