IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


රටට ඔබින පිරිසක් මැතිසබේට

මේ දවස්වල රටේ බොහෝ අය කතා කරන්නේ ජනාධිපතිවරණය ගැන නොවේ. එළැඹෙන මහ මැතිවරණය ගැනය. ඒ නිසා මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට බලාපොරොත්තු වන්නේ ‘‘හොඳ පාර්ලිමේන්තුවක් හැදීම’’ තර්කය පිළිබඳවය.

මිථ්‍යා මත රාශියක්

මෙහිදී මුලින්ම කිවයුතු කාරණයක් වන්නේ මේ වනවිට රටේ පාර්ලිමේන්තුව පිළිබඳව මිථ්‍යා මත රාශියක් සමාජ ගත වී තිබෙන බවය. ඒ මිථ්‍යා මත නිසා සමහරුන් සිටින්නේ පාර්ලිමේන්තුවත් සමග විශාල තරහකින්ය. 225ම එපා යන කථාව මතු වුණෙත් මේ ‘‘බොරු තරහ’’ නිසාය. හොඳ පාර්ලිමේන්තුවක් හදන්නට අවශ්‍ය නම් මුලින්ම කළ යුත්තේ පාර්ලිමේන්තුව පිළිබඳව තිබෙන බොරු අලංකාරික අදහස්වලින් ඉවත්වීමය.

මේ බොරුවලින් එකක් වන්නේ රටේ විධායක බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටය. යන අදහසය. අපේ රටේ ව්‍යවස්ථාව 1978 වෙනස් වූ අතර රටේ පාලන බලය (විධායක බලය) පාර්ලිමේන්තුවෙන් ඉවත් කර වෙනමම ඡන්දයකින් පත්වන ජනාධිපතිවරයකු අතට පත් කළේය. ඒ කියන්නේ විධායක ජනාධිපතිවරයා යනු පාර්ලිමේන්තුවේ කෙනකු නොවන ආකාරයට නව ව්‍යවස්ථාවක් ගොඩ නැඟූ බවය. දැන් රටේ විධායක බලයේ ප්‍රධානියා පත් වන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වැඩි කැමැත්තක් ඇති පුද්ගලයා වශයෙන් නොවේ. ඔහු පත් වන්නේ රටේ ජනතාවගේ වැඩි කැමැත්තක් ඇති  පුද්ගලයා ලෙසින්ය.

ඔහුට අවශ්‍ය කැබිනට් මණ්ඩලය තෝරා ගත යුත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතරින්ය. එය ව්‍යවස්ථාවෙන්ම පිළිගෙන ඇති කාරණයක්ය. එහෙත් ඒ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනතාවගේ ඡන්දයෙන් කෙළින්ම පත්වන ජනාධිපතිවරයා මිස අැමැතිවරයා නොවේ. මේ තත්වය තුළ රට පාලනය කරනු ලබන්නේ පාර්ලිමේන්තුවෙන් නොව පාර්ලිමේන්තුවට පිටින් සිටින ජනාධිපතිවරයකු විසින්ය. එහෙත් රටේ විවේචනය ගොඩ නැගී තිබෙන්නේ විධායක බයලය හෙවත් රට පානය කිරිමේ බලය තිබෙන්නේ 225ක්  අතේ කියාය. සමහරුන් 225 ටම බනිමින් සිටින අතර ඒ අතර සිටි ජ.වි.පෙ. මන්ත්‍රීවරුන් පමණක් ‘‘හොඳ ළමයින් ගොඩට’’ දමමින් විවේචනය කරන අවස්ථාවක්ද ඇත. 225ම වැරදි නම් ඒ අතර කීප දෙනකු පමණක් හොඳ වන්නේ නැත. එහෙත් ඇත්තම කාරණය  වන්නේ ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලයේ 30 දෙනා හැර වෙනත් කිසිම මන්ත්‍රීවරයකු රටේ විධායක  බලයක් හසුරුවන්නේ නැති බවය. එය තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍යය.

පාර්ලිමේන්තුව සම්බන්ධ තවත්  මිථ්‍යා මතයක් වන්නේ එහි සිටින 225 දෙනාටම රජයෙන් වාහන සහ නිවාස ලබාදී  ප්‍රතිලාභයක්  ලබාදෙන බවයි. මේ කතාවේද සත්‍යයක් නැත. කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තමන් මන්ත්‍රීවීම නිසාම ලැබෙන වාහන හෝ නිල රථ නැත. ඇමැතිවරුන්  30 දෙනාට ලබාදෙන වාහන හැරුණු විට රටේ ලොකුම වාහන පාවිච්චි කරන්නෝ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ප්‍රධානීහුය. එහෙත් ‘‘සියලු කුණු බේරුවල බොක්කට’’ කියන්නාක් මෙන් 225 වගකිව යුතු තත්වයට  කතා විශ්වාස හැඩ  ගැසී ඇත.

තුන්වෙනුව මේ දිනවල තිබෙන මිථ්‍යාවක් වන්නේ ජ.වි.පෙ. මන්ත්‍රීවරුන් 03 හැර අනෙක් කවුරුවත් උගත් නැත. දූෂණ විරෝධි නැත. වැනි කතාය. පාර්ලිමේන්තුවේ සිටි සමහර මන්ත්‍රීවරුන් උගත්කම සහ අදුෂිතභාවයෙන් විශිෂ්ට අය වන අතර ‘‘එක්  පක්ෂයකට පමණක් හොඳ අය සිටිනවා’’ යන කතාව මිථ්‍යාවකි.

ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණය අසළ අපගේ අවධානයට ලක්විය යුතු කරුණු අතර මේ මිථ්‍යා වෙතින් වෙනස්වීමත් අත්‍යවශ්‍යය.

 ව්‍යවස්ථාදායකය විධායකයට යටත්ද?

වත්මන් මැතිවරණ සංවාදයේ වැදගත් අනෙක් කාරණය වන්නේ පාර්ලිමේන්තුව විධායකට යටත් කළ යුතුද යන්නය. 2010 සහ 2019 ජනාධිපතිවරණවලින් විශාල ජයක් ඒ ඒ ජනපතිවරුන් ලබා ගත් බව ඔබට මතක ඇත. ඒ අවස්ථා 02 තුළම මහින්ද හා ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉතාමත් විශාල ගණනක් ලැබුණු බවද ඔබට මතකය. 1989 පැවති ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සම්බන්ධයෙන්ද තත්වය එසේමය. 

ඒ අවස්ථාවේදීත් ප්‍රේමදාස ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ විශාල බලයක් හිමිවිය. ඒ අවස්ථා තුනේදීම පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වයට බරපතළ බාධා පැමිණි බව අපට තිබෙන අත්දැකීම් වලින් පෙනී යන කාරණයකි. ඒ නිසා රටේ අත්දැකීම් කියන්නේ ජනාධිපතිධුරය සමග සාමාන්‍ය බහුතරයක් මිස තුනෙන් දෙකක බලයක් ලබාදීමෙන් අතිශයෙන් බරපතළ ප්‍රශ්න ඇතිවිය හැකි බවයි. තුනෙන් දෙකක බලයක් ආසන්නයට වත් ළඟාවිය හැකි බලයක් සමග විධායක ජනාධිපතිධුරය එක් පක්ෂයකට ලැබීම රට පැත්තෙන් ගැටලුකාරිත්වයකට තල්ලු විය හැකි බව මගේ අදහසය. එසේ නොසිතන අයත් සිටින බව සත්‍යයක්ය. එහෙත් මේ බලතල දෙකම විශාල වශයෙන් එක් පක්ෂයක් වෙතට ලැබීම ගැටලුකාරී තත්වයක් නිර්මාණය කිරීමට හේතුවිය හැක.

මෙවර මැතිවරණයේදී අවධානයට ගත යුතු කරුණු අතර ඒ කාරණය ද තිබෙන බව මාගේ අදහසය. එසේම විධායක ජනාධිපතිකමට එරෙහිව අතීතයේ බොහෝ පක්ෂ කටයුතු කළේම ඒ තනතුරේ තිබෙන බරපතළ බල අධිකාරීමය තත්වය නිසාය. එය ‘‘රජ කෙනෙක් ගානට බල සම්පන්න එකක්’’ යැයි පිළිගැනීමක්ද තිබේ. ‘‘ගෑනියෙක් මිනිහෙක් කරන්නට හෝ මිනිහෙක් ගෑණියෙක් කරන්නට පමණක් නොහැකි’’ බලයක් අපේ රටේ ජනාධිපති ධුරයට තිබෙන්නේ යැයි කියන්නේ මේ හේතුව නිසාය. එවැනි තනතුරකට පාර්ලිමේන්තුවේ බරපතළ බලයක් (සාමාන්‍ය බහුතරයකට වැඩි බලයක්) ලබා නොදීම ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් වැදගත් බව මගේ අදහසය.

 

අලුත් පාර්ලිමේන්තුවක්

මේ දිනවල ඇසෙන තවත් කතාවක් වන්නේ සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුව අලුත් විය යුතු බවයි. එයද කිසිදු පදනමකින් කියන කථාවක් නොවේ. පාර්ලිමේන්තුව අලුත් විය යුත්තේ හුදු අලුත්වීම යන අර්ථයෙන්ම නොවේ. පාර්ලිමේන්තු ක්‍රමය තුළ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට රැගෙන යාමේ හැකියාව  තිබෙන සහ පළපුරුද්ද තිබෙන පිරිස් පාර්ලිමේන්තුවට යැවීම ඉතාමත් අවශ්‍යය. සමහර තරුණ අයගේ සමාජ මාධ්‍ය හැසිරිම් මගින් පෙන්නුම් කරන්නේ රටේ කිසිදු ආකාරයක ශක්තිමත්  පාර්ලිමේන්තු භාවිතයක් ඔවුන්ට  තේරෙන්නේ නැති බවයි.

තමන් පිළිගන්නා අදහස් හැර අනෙක් සියලුම පුද්ගලයන්ට හා අදහස්වලට අපහාස කිරීම සමාජ මාධ්‍යයේ දැන් තිබෙන විලාසිතාවක්ය. මේ සමාජ මාධ්‍ය භාවිත  කරන අය අතරින් සමහරුන් රටේ ජාතික වර්ධනයට කිසිදු ආකාරයේ එකතු කිරීමක් කර නැති කණ්ඩායමක් වන අතර ඔවුන් රටේ බරපතළ  තීරණ සලකන්නේ සරල දේවල් වශයෙනි. එසේම තමන් හැර ලෝකයේ අන් කවරෙක්වත් තමන්ට නොතේරෙන දේවල් තේරුම් ගත  හැකි යැයි ඔවුන් විශ්වාස කරන්නේ නැත. ඒ නිසාම අලුත් පාර්ලිමේන්තුවක් තෝරා ගැනීමේ මේ මැතිවරණය හුදු විරෝධා කල්ප හා මෝඩ තීරණ ගැනීමේ අවස්ථාවක් බවට පත්වීමේ ඉඩක් ද එහි තිබේ.

 ඒ නිසා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී පදනම් විය යුත්තේ හුදු අලංකාරික මත නොව පාර්ලිමේන්තු ක්‍රියාදාමය ශක්තිමත්ව ඉටුකළ හැකි චරිත සොයන්නටය.

 

(***)
මහාචාර්ය
චරිත හේරත්



අදහස් (1)

රටට ඔබින පිරිසක් මැතිසබේට

ජනරළ Saturday, 12 October 2024 08:19 AM

100% එකගයි අර අපහාස කතාවට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

කිවිදා දැක්ම

පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 155 1

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


ජනමතය උරගා බැලීමක්
2025 මාර්තු මස 28 286 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම


හොරුන් ඇල්ලීමේ නාටක
2025 මාර්තු මස 21 397 1

අත්අඩංගුවට ගැනීම ම දඬුවමක් වන තැනට අද ලංකාවේ නීති පද්ධතිය පහත වැටී තිබීම අප බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි. පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනා


සතුරු දඩයමේ දේශපාලනය
2025 මාර්තු මස 14 1101 4

මේ දිනවල රටේ මතුවෙමින් පවතින දේශපාලනය තේරුම් ගැනීමත් තරමක් අපහසුය. ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන්නේ පුදුම සහගත ගැටලුවලටය. අය – වැය පිළිබඳ පාර්ලිමේන්තු


ආණ්ඩුවේ ගමන් මග නිවැරැදිද?
2025 මාර්තු මස 07 528 4

ආණ්ඩුවේ ජනප්‍රියත්වය කොතරම් අඩුවී ඇතිදැයි කිවහොත් සහ එය ආණ්ඩුවට ද කොතරම් දැනී ගොස් ඇතිදැයි සිතුවොත්, ජනාධිපති අනුර කුමාර මහතා දළදා ප්‍රදර්ශනයක් තැබී


ආණ්ඩුවේ මග කියන අයවැය
2025 පෙබරවාරි මස 28 183 0

වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයාගේ රට කරවීමේ ක්‍රියා කලාපය පිළිබඳව මූලික විමර්ශනයක් කිරීමට තරම් කාලයක් මේ වනවිට ගතවී ඇත. වසර 05ක ආණ්ඩු කාලයක් ඔවුන්ට තිබෙ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 135 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 380 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 906 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site