අලුත් ශ්‍රී ලංකා මහබැංකු පනත යටතේ මහබැංකුව එහි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමෝපායන් ලෙස උද්ධමන ඉලක්කකරණය භාවිත කළ යුතුවේ. මිල ස්ථාවරත්වයට පැමිණීම හා මිල ස්ථාවරත්වය පවත්වා ගැනීමට මහ බැංකුවට බලය පැවරී තිබෙන අතර ඒ සඳහා වූ මහ බැංකුවේ මෙහෙයුම් යාන්ත්‍රණය වනුයේ උද්ධමනය ඉලක්ක කිරීමයි. මහබැංකුවේ ප්‍රධාන අරමුණ එය වන අතර අනෙක් අරමුණ වන්නේ මූල්‍ය ක්‍රමයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමයි.
ඒ ආකාරයට මිල ස්ථාවරත්වය මූල්‍ය ක්‍රමයේ ස්ථාවරත්වයට වඩා වැදගත් කමින් වැඩිවේ. කෙසේ වුවද මෙම අරමුණු දෙකම එකිනෙක හා සම්බන්ධ ඒවා වන අතර එක් අරමුණක් ජය ගැනීමට අනෙකද අවශ්‍ය වේ. එහි ප්‍රතිඵලයක් ලෙස මහ බැංකුව පොදුවේ ඉහළ උද්ධමන අපේක්ෂා පාලනයකට නතුකර ගෙන එයින් මූල්‍ය ක්‍රමයේ ස්ථාවර භාවයටද දායක විය යුතුය.
මහ බැංකුව උද්ධමන ඉලක්ක පවත්වා ගැනීම කළ යුත්තේ හුදෙකලාව නොව රජයේ අනුමැතියද ඇතිවය. ඒ අනුව මූල්‍ය ප්‍රතිපත්ති සැලසුම් ගිවිසුම මුදල් අමාත්‍යවරයා සමග අත්සන් කොට ඊළඟ කාල පරිච්ඡේදය සඳහා නියම කරගත් උද්ධමන ඉලක්කය නිවේදනය කිරීම කෙරේ. මෙම ගිවිසුම 2023 ඔක්. 03 වැනිදා මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ සහ මහ බැංකු අධිපති පී. නන්දලාල් වීරසිංහ එක්ව අත්සන්කොට අතිවිශේෂ රජයේ ගැසට් සමූහයකින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය. ශ්‍රී ලංකා මහබැංකුව කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ මිනුම් අනුව ඍණ හෝ ධන සියයට 2ක විචල්‍යතාවක් ඇතිව සියයට 5ක සාමාන්‍ය උද්ධමන ඉලක්කයක් පවත්වා ගැනීම කළ යුතු බවට මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමෝපාය ගිවිසුමෙන් නියම කර තිබේ. එම නිසා මහබැංකුව ඉදිරි කාර්තුව උදෙසා සාමාන්‍ය උද්ධමන අනුපාතය සියයට 7 ඉක්මවා නොවන ඉහළ සීමාවක හා සියයට 3 ට වඩා පහත නොවැටෙන සීමාවක රඳවා තබා ගත යුතුය.
එම සීමාව තුළ උද්ධමනය රඳවා ගැනීමට මහබැංකුව අසමත් වන අවස්ථාවල එසේ අසමත් වූයේ ඇයිද යන්න සහ එම ගැටලු විසඳීමට කිනම් පියවර ගත යුත්තේද යන්න පැහැදිලි කරමින් මුදල් අමාත්‍යවරයා හරහා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.
2024 දෙවැනි හා තුන්වැනි කාර්තුවල සැබෑ උද්ධමනය බලාපොරොත්තු වූ ඉලක්කයට වඩා පහළ වැටී තිබුණු නිසා මහබැංකුව විසින් පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවේය. අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම පිණිස එම වාර්තාව මහජනයා වෙතද නිකුත් කෙරිණි. 2024 හතර වැනි කාර්තුවේද උද්ධමනය ඍණ අගයක් ගත් නිසාත් ඒ හේතුවෙන් රටේ ආර්ථික වර්ධනය එක තැන ඇණසිටින පහත් මට්ටමක රෝගී තත්වයට පත්වූ නිසාත් මහබැංකුව අතිශය සංකීර්ණ ගැටලුවකට මුහුණ පෑවේය. 2025 ජනවාරියෙත්, අවධමනය සියයට 4ක් තරම් පහතට වැටුණ නිසා රට විනාශකාරී උගුලකට හසුවී ද යන බිය හටගැනීමෙන් තත්වය තවත් දරුණු අතට හැරිණි. මෙය හදිසි ජාතික අවශ්‍යතාවක් පිළිබඳ කාරණයක් වූ නිසා පාර්ලිමේන්තුවේ මහජන මුදල් කාරක සභාවේ පරීක්ෂාවට එම වාර්තාව ලක් කෙරිණි.
සමස්ත පාර්ලිමේන්තුවට ඒ ගැන පරීක්ෂා කිරීමට විශේෂඥ දැනුමක් හෝ කාලයක් නොතිබීම නිසා මහබැංකුවේ උද්ධමන අපගමන වාර්තාව මහජන මුදල් කාරක සභාවේ පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කළේ ඇයිද යන්න වටහාගත හැකිය. එම වාර්තාව විවේචනය කරන්නන් උද්ධමන ඉලක්ක කර ගැනීම මිථ්‍යාවක් යැයිද රට අවධමන උගුලකට හසුව තිබියදී එම රෝගී තත්වය මගහැර යාමේ වගකීම දැරීම මහ බැංකුවට කළ නොහැකි යයිද චෝදනා නගද්දී COPF කමිටුවට ඉදිරිපත් කළ එම වාර්තාව සැකසීමේදී මහ බැංකුවේ තාක්ෂණික කාර්ය මණ්ඩලය ප්‍රශංසාත්මක කාර්ය භාරයක් ඉටුකර තිබිණි.
විවේචනකයන් විසින් යම් යම් වැදගත් කාරණා මතු කළේ වුවද මගේ අදහස වන්නේ එම වාර්තාව කමිටුවේ සාමාජිකයන්ට කල්තියා ඉදිරිපත් කර තිබුණේ නම් ඔවුන්ගේ (බැංකුවේ) කාර්ය සාධනය ඉටු නොවීමේ සැබෑ හේතු මහජනයා වෙනුවෙන් සියල්ල හාරා අවුස්සා බලා දැඩි පරීක්ෂාවට ලක් කිරීමේ අවස්ථාව COPF කමිටු සාමාජිකයන්ට ලැබෙන්නේය යන්නයි.
කමිටුවේ දැඩි පරීක්ෂාවට ලක්වෙද්දී මෙම සාමාජිකයන් නුහුරු නිහැඬියාවක පසුවුවද මහබැංකු අධිපති වීරසිංහ පැය දෙකහමාරක් තිස්සේ තනිව සටනකට එළෙඹෙමින් බැංකුව හා එහි ප්‍රතිපත්ති ස්ථාවරවලට සාධාරණය ඉටු කරමින් COPF කමිටුවේ නොමැති විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයකුගේ පවා ප්‍රශංසාව දිනා ගනිමින් හේතු ඉදිරිපත් කළේය.
මගේ මතය අනුව අධිපතිවරයා අදාළ කාරණය සම්බන්ධයෙන් විශ්වාසයෙන් යුතුව සංගත භාවය නිබඳව තබා ගනිමින් කතා කළේය. මුළු විස්තර කිරීමෙන්ම ඔහු අඛණ්ඩව තමන් කී කාරණාවල තුලිත භාවය රඳවා ගනිමින් කරුණු සංයෝජනය කළේය. කෙසේ වුවද COPF කමිටු උපකාරය පිණිසත් මහජනයා උදෙසාත් මහ බැංකුවේ පාලන මණ්ඩලයේ සාමාජිකයන් උදෙසාත් එහි තාක්ෂණික කාර්ය මණ්ඩලය උදෙසාත් ඇතැම් තැන් අවධාරණය කිරීමේ අවශ්‍යතා පැන නැගිණි.
මහ බැංකු කරණයේ මෙම දර්ශනය එහි මූලික විධි විධානයන්ටද අලුත් මහ බැංකු පනතෙන් අන්තර්ගත කොට තිබේ. මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී ඊට ඉහළින් මුදල් අමාත්‍යවරයාගේ අදිසි හස්තය ක්‍රියාත්මක වීම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පාලන මණ්ඩලයේ සාමාජිකයකු බවට පත් නොකිරීමෙන් (8 (2) වගන්තිය යටතේ) ඉවත් කර ඇත. මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලයටද ඔහුගේ සහභාගිත්වය (12 වන වගන්තිය අනුව) ඉවත් කර තිබේ. එසේ වුවද පාලන මණ්ඩලයට සාමාජිකයන් 7 දෙනෙකු නිර්දේශ කිරීමෙන්ද විශේෂඥයන් දෙදෙනකු මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලයට පත් කිරීමෙන් සහ (15 (8) (a) වගන්තිය අනුව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනකු පත් කිරීමෙන්ද මුදල් අමාත්‍යවරයාට තවමත් එම කාරණයට අතපෙවිය හැකිය. කෙසේ වුවද එකී නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනා අමාත්‍යාංශ ලේකම්වරයා මෙන් ඍජුවම අමාත්‍යවරු යටතේ සේවයේ යෙදෙන දෙදෙනකු නොවේ. මේ ආකාරයට අමාත්‍යවරයාගේ බලපෑම දියාරු වී යතැයි උපකල්පනය කෙරේ. අමාත්‍යවරයා සිය අදිසි හස්තය මහ බැංකුවේ ප්‍රතිපත්තිමය කාර්යයන් මෙහෙයවීම සඳහා භාවිත කිරීමට උත්සාහ කළද ඉහළ තනතුරුවලට පත්කළ අයගේ ප්‍රමුඛත්වය නිසා අමාත්‍යවරයාගේ අතපෙවීම වැළකේ.
මහබැංකුව ණය උත්පාදනය කරනුයේ අළුතෙන් මුදල් නිර්මාණය කිරීමෙනි. මුදල් නිර්මාණය කොට මූල්‍ය යෙදවුම් කිරීම මහ බැංකු පනතේ 86 වගන්තියෙන් තහනම් කර ඇත. ඍජුවම හෝ වක්‍රව රජයට හෝ රජයට අයත් අධිකාරියකට හෝ රාජ්‍ය ආයතනයකට මෙසේ මුදල් නිර්මාණය කොට සැපයීම තහනම් වුවද ද්‍රවශීලතා ගැටලු විසඳා ගැනීම පිණිස රාජ්‍ය බැංකුවලට එසේ මුදල් නිර්මාණය කරදීම එම තහනමට අයත් නොවේ.
මූල්‍ය නීති පනත වෙනුවට නව මහබැංකු පනත ගෙන ඒමේදී ඉවත් කරනු ලැබූ එක් කාරණයක් වන්නේ එයයි. පැවති එම පනත යටතේ මහබැංකුවට ප්‍රාථමික වෙෙළඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් මූල්‍ය සැපයුම් ප්‍රදානය කිරීමේ හැකියාවක් රජයේ ද්‍රවශීල ගැටලු අයිරා පහසුකම් සැපයීමෙනුත් සපුරා දිය හැකිව තිබිණි.
ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ඇත්තේ උද්ධමනය ඉලක්ක කිරීමට පමණක් වුවද නම්‍යශීලී උද්ධමන ඉලක්ක අනුගමනය කරන බව මහබැංකුව නිවේදනය කර තිබෙන්නේ එයට පාර්ලිම්න්තුවෙන් පවරා තිබෙන නීතිමය බලයෙන් ඔබ්බට ගොසිනි. උද්ධමන ඉලක්කයට නම්‍යශීලී යන ලක්ෂණය එක් කර ගැනීමෙන් මහබැංකුව උද්ධමන ඉලක්කය වෙනස් කර ගැනීමේ අවකාශයක් අයුතු ලෙස ආරූඪ කර ගෙන තිබෙන්නේ ආර්ථිකය තුළ මතු විය හැකි විශේෂ තත්වයන්ට මුහුණ දීම සඳහා ඉලක්කය ඉගිල් කර ගැනීමේ හෝ සීමා කර ගැනීමේ අභිප්‍රායෙනි. දැඩි නිශ්චිත උද්ධමන ඉලක්ක පවත්වා ගැනීමෙන් බලාපොරොත්තු වන්නේ සැබෑ ආර්ථිකයේ සිදුවන දේ නොසලකා උද්ධමනය ස්ථාවර කිරීම පමණකි. මෙය අසීරු කාර්යයක් වනුයේ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ඒවා මූල්‍ය අංශයට සම්ප්‍රේෂණය කිරීම හා එහි බලපෑම එම අංශයේ සැබෑ ක්‍රියාකාරකම්වලට අනුගතවීම යන ක්‍රියා අතර කාල පමාවක් තිබෙන බැවිනි.
මූල්‍ය සම්පාදනය හා උද්ධමනය අතර මාස 18ක 24ක පමණ කාල පමාවක් සහිත වූ ඍජු සම්බන්ධතාවක් පවතී. අංක 1 රූප සටහනෙන් 1979 සහ 2021 කාලයේදී එම කල්පමාව සිදුවූ ආකාරය සංඛ්‍යා දර්ශක ප්‍රස්ථාරයෙන් දක්වා තිබේ. එම නිසා නම්‍යශීලී උද්ධමන ඉලක්ක ආර්ථිකයේ වෙනස් වන ස්වභාවය පිළිබඳව හා රජයේ ප්‍රතිපත්ති මෙන්ම ගෝලීය තත්වය පිළිබඳව ඉදිරි දැක්මක් ඇතිව අවම වශයෙන් අවුරුද්දක්වත් කල්තබා අනුගමනය කළ යුතුවේ.
මහබැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩල වාර්තාවේ කාර්ය සාධනය නිසි ලෙස නොවීම උදෙසා දොස් පවරන්නේ සැපයුම් පැත්තේ උද්ධමනය ලෙස නිර්වචනය කෙරෙන සංක්‍රාන්තීය සැපයුම් පාර්ශ්වයේ සාධක වෙතය. එයින් පෙනී යන්නේ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලය ඉදිරිපස දර්ශනය බැලීමෙන් වැළකී සිදුවන දෑ ගැන අවධියෙන් තොරව ඒවා පාලනය කරගත නොහැකිව සැඟවී පැවති අනතුර කරා ගමන් කළ බවයි. මෙම සැඟවුණු අනතුර කෙතරම් විනාශකාරීද යත් එම බියකරු අවධමනය දැන් සියයට 1.7 සිට 2024 අවසානයේ හා 2025 ජනවාරියේ සියයට 4 දක්වා ඉහළ නැග තිබේ.
සැපයුම් පැත්තෙන් උද්ධමනය ලෙස මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලය වැරදි ලෙස හඳුනාගෙන ඇත්තේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ප්‍රධාන පාරිභෝගික භාණ්ඩ රැස ලෙස සලකන ඉන්ධන, මුළුතැන්ගේ භාවිත ගෑස් ආදියේ මිල අඩුවීම සහ විනිමය අනුපාතිකය ඉහළ යාම නිසා, ආනයන භාණ්ඩවල මිල පහත වැටීමයි. මූල්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේදී ඉල්ලුම් කළමනාකරණය යනුවෙන් හැඳින්වෙන කාරණයේදී සැපයීම් පාර්ශ්වයේ උද්ධමනය යනුවෙන් හඳුන්වන යමක් නැත. දල දේශීය නිෂ්පාදනයේ ක්ෂණික අඩුවීමක් හෝ බලාපොරොත්තු නොවූ වැඩිවීමක් සිදුවීමේදී නිෂ්පාදන හිඟයක් හෝ නිෂ්පාදන අතිරික්තයක් බිහිවේ. එවැනි සැපයුම් ක්ෂණික වෙනස්වීමක් සිදුවූ විට සාමාන්‍ය මිල මට්ටම් ඉහළ යාම හෝ පහළ යාම සිදුවේ. එහෙත් මෙය එක් වරක් මිල ඉහළ යාමක් පමණක් වන අතර ඒ හේතුවෙන් උද්ධමනය හෝ අවධමනය ජනිත වේ. ඒ අනුව මහබැංකුව ඊට එරෙහි මූල්‍ය ප්‍රතිපත්ති පැකේජයක් අනුගමනය කළ යුතුවේ.
ශීඝ්‍රයෙන් උද්ධමනය පහළ යාමේ ලකුණු පහළ වන විට බැංකුව ඊට තිරිංග යොදා දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරයක සිට එය පසු බැස්සවිය යුතුව තිබිණි. බැංකුව එසේ කළ මුත් ඒ ප්‍රමාණවත් තරමින් නොවේ. එහි ප්‍රතිඵලයක් ලෙස රෝගියාට දෙන ලද්දේ ඖෂධයේ අවශ්‍ය ප්‍රමාණයට වඩා ප්‍රමාණවත් නොවන මාත්‍රාවකි. මෙම කාර්යයේදී මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලය දුර්වල වූයේ මතුවන අස්ථාවර භාවය කල් ඇතිව දැකිය හැකි විශේෂඥ දැනුමක් ඊට නොතිබූ බැවිනි.
ආර්ථික ප්‍රතිඵල ලැබෙන්නට නම් වර්තමාන මූල්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග අවුරුද්දකට දෙකකට පෙර ගත යුතුව තිබුණු නිසා අද පවතින අස්ථාවර භාවය සමනය වීමට අවම කරමින් වසරක්වත් ගතවනු ඇත.
මෙයින් අදහස් කෙරෙන්නේ උද්ධමනය ඉලක්ක කිරීමේදී මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලය තබාගත් උද්ධමන ඉලක්ක පීලි පන්නන හිටිහැටියේ මතුවන තත්ත්වයන් ගැන නිරන්තර අවධියෙන් පසුවිය යුතු බවයි. එම නිසා මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලය ඉදිරි වින්ඩ්ස්ක්‍රිනයෙන් ඉදිරිය බලාගෙන මතුවන අහිතකර තත්වයන් නිවැරදිව හඳුනා ගැනීමට අමතර රේඩාර් පහසුකම් සවිකර ගත්තාසේ හිතකර හෝ අහිතකර කුමන තත්වයන් මතු වුවද කල් තියා නිවැරැදි කිරීමේ පියවර ගැනීමට සූදානමින් වාහනය පැදවිය යුත්තේය.
වෙනත් රටවල තබා ගනුයේ සියයට 2-3 ක පමණ උද්ධමන ඉලක්කයක් වුවත් ඊට හාත්පසින් වෙන්ව යමින් මහබැංකුව සියයට පහක උද්ධමන ඉලක්කයක් තබා ගැනීම නිසා දෝෂ දර්ශනයට ලක් විය. එම සියයට පහක ඉලක්කයද සියයට 7ක් තරමට ඉහළ යාමට හා සියයට 3ක අවම පහළ යාමකට ඉඩදෙන නිදහස් අවකාශය වැඩි ඉලක්කයකි. මෙම ගැටලුවද COPF විමර්ශන කමිටුවේදී ප්‍රශ්නයක් ලෙස මතු කරන ලද නමුත් මහබැංකු අධිපති වීරසිංහගේ ප්‍රතිචාර එය සැක කරන මන්ත්‍රීවරුන්ගේ බිය පහ කිරීමට තරම් විස්තරාත්මක නොවූයේය. මගේ මතය අනුව එවැනි ඉහළ ඉලක්කයක් පවත්වා ගැනීම සාධාරණීකරණය කිරීමට හේතු ඇත්තේය. බැංකුව අලුත් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමෝපා සමග ඉදිරි ගමනක් යමින් තිබෙන බැවින් තවමත් එය ඇත්තේ ඉගෙන ගන්නා අවධියේය. එම නිසා පළමුව ඉහළ උද්ධමන ඉලක්කයක් තබා ගැනීම හිතකර වේ. මෙම අලුත් ව්‍යායාමයේ ප්‍රමාණයක් අත්දැකීම් ලැබුණු පසු ඊට එම ඉලක්කය ක්‍රමයෙන් පහළ දමා ගත හැකිය.
ශ්‍රී ලංකාව ඉහළ උද්ධමනයෙන් යුතු රටකි. ඓතිහාසික වශයෙන් ශ්‍රී ලංකාව ඉහළ උද්ධමනයෙන් යුතු රටක් ද වන්නේය. 2 වැනි රූප සටහනෙන් පෙනෙන පරිදි 1979 සිට 2024 කාලය තුළ රටේ උද්ධමනය ආණ්ඩුවේ මර්දනයෙන් තොරව නිදහසේ පැවති උද්ධමනයක් වේ. වසරකදී සාමාන්‍ය වේගය ඒ අනුව සියයට 11 ක අනුපාතයකින් තිබිණි. එම නිසා තනි ඉලක්කමක මට්ටමේ උද්ධමන අඩු කොට තබා ගැනීම යෝධ කර්තව්‍යයකි. එම නිසා රටේ උද්ධමනය ඉලක්ක කිරීමේදී මැද හරියකින් පටන් ගැනීම නිතරම විචක්ෂණ ශීලී වේ. එහෙත් දැන් බැංකුව, ආර්ථිකය එක තැන ඇණහිටින තත්වයකට ගෙන යමින් එහි ඉලක්කය අධි විනාශයකට ගෙන ගොස් ඇත. දැනට පවතින අවධමන තත්වය තාක්ෂණික හා සංක්‍රාන්තික තත්වයක් බවත් වසර මැද වන විට එය නිවැරදි කර ගත හැකි බවටත් බැංකුවට විශ්වාසය. එහෙත් දැනට පවතින අවධමන තත්වයෙන් අවශ්‍ය මට්ටමට ඉහළ එසවෙන්න තරමට නිෂ්පාදන ඉහළ නොයන බව පෙනෙන්නට තිබේ.
සංඛ්‍යාලේඛන වලට අදාළවද ඇස්තමේන්තු ගත වී නිෂ්පාදනයේ හිඟයක් පවතින බව අනාවරණය වී තිබේ.
මේ අනුව මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලයේ දුර්වලතාව මූල්‍ය ප්‍රතිපත්තිවල ප්‍රමාදය නිසා පමණක් නොව නිෂ්පාදනය පිළිබඳ විශ්වාසදය තැබිය නොහැකි දත්ත කෙරේ මෙම තත්ත්වය නිසා ඉදිරිය බලාගෙන වාහනය පැදවීම මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලයට මෙම ගැටලුව විසඳා ගැනීමට රටට තවත් කාලයක් ගත වන අතර උද්ධමන ඉලක්ක කිරීමේ අරමුණු වෙත යාමට මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලය අත්හදා බලමින් සදොස් බව නිදොස් කිරීමේ ක්‍රියාමාර්ගයකට අනුගත විය යුතුය.
උද්ධමන වැරදි නිවැරදි කිරීම