පෙබරවාරි මාසය ආරම්භයේ සනිටුහන් කරන ලද පසුබෑම ආපසු හරවමින් දිනය තුළ කොළඹ කොටස් වෙළෙඳ පොළ නැවතත් ප්‍රගතියක් පෙන්නුම් කළේය. ඊයේ (පෙබ 13) ගනුදෙනුවල දී මිලදී ගැනීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය කළ හැකි විය. නැවතත් සියලු කොටස් මිල 16,500 දක්වා සමිප විය. මෙදින සමාගම් 32 ක් 2024 අවසාන කාර්තුවේ මුල්‍ය වාර්තා විනිමය හා සුරැකුම් කොමිසමට ඉදිරිපත් කරන ලද අතර ඉකුත් දිනදෙක තුළ වාර්තා 54ක් නිකුත්වීම ද දැක්විය හැකිය.
ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය 16,578.22 ක් වශයෙන් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 232.92 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,946.60 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 54.14 ක වර්ධනයක් සේ දැක්විය හැකිය.
මෙහෙයවන ලද ගනුදෙනු 18,280 ක් වාර්තා වූ අතර එහි දී සමාගම් 192 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහතට වැටුණ සමාගම් ගණන 45 කි. දිනයේ පිරිවැටුම රු. බිලියන 3.58 ක් විය. විදේශ සහභාගීත්වය ද එපමණ දියුණ තත්වයක නොතිබුණි. වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය (පෙබ 12) රු. බිලියන 5,821 ක් බව සටහන්ව තිබුණි.
ඇම්බයන්ස් කැපිටල් රු. මිලියන 408 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 172 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 131 ක්, සියෙරා කේබල් රු මිලියන 116 ක්, සී. අයි. සී. නිශ්ඡන්ද රු. මිලියන 111 ක් සහ රීල් ප්‍රොපටීස් රු. මිලියන 95 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වීය.
ඉන්ඩස්ට්‍රිය ඇස්පරගස් ශත පනහක් දක්වා සියයට 25.00 කින්, මුලර්ස් රු.1.40 දක්වා සියයට 16.67 කින්, පැරගන් රු. 11.20 තෙක් සියයට 13.57 කින්, ඊස්ට් වෙස්ට් රු. 15.60 දක්වා සියයට 12.23 කින්, ප්‍රින්ට් කෙයා රු. 68.00 දක්වා සියයට 12.03 හා ලංකා සිලොන් ප්‍රින්ටර්ස් රු. 317.00 දක්වා සියයට 11.22 කින් කොටස් මිල වැඩිම ප්‍රතිශතයකින් ඉහළ ගිය සමාගම් අතර ඉදිරියෙන් සිටියේය. නේෂන් ලංකා ශත විස්සක් දක්වා සියයට 33.33 කින්, එස්.එම්.බී. ෆිනෑන්ස් ශත විස්සක් දක්වා සියයට 33.33 කින්, ඔඩෙල් රු. 11.00 දක්වා සියයට 5.17කින්, මඩොල්සිම වැවිලි රු. 14.50 දක්වා සියයට 3.40 කින්, ආසිරි සර්ජිකල් රු. 12.00 දක්වා සියයට 3.31 කින් සහ බෝගල ග්‍රැපයිට් රු.59.00 දක්වා සියයට 3.28 කින් මිල පහළ ගියේය.
කොටස් මිල තව දුරටත් වර්ධනය විය හැකි බව පෙනේ. අය වැය පුර්ව විචල්‍යයක් අපේක්ෂා කළ හැකි නමුත් සලකා බලන පසු කෙටි හා දීර්ඝ කාලීන මිල දී ගැනීම් වශයෙන් ආයෝජනයට අවස්ථා තිබේ.
කොටස් වෙළඳපොළේ නැවතත් ප්‍රගතියක්