×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
කඩා වැටෙන උළු කර්මාන්තය
කතෘ මණ්ඩලය 2025 පෙබරවාරි මස 17
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
එදා 600 කට ආසන්න වූ
උළු කල්මාන්ත ශාලා අද
වන විට 200 ත් 225 ත්
අතර ගණනකට
අඩුවෙලා
කර්මාන්තයට අවශ්‍ය
ඛනිජ ලබාගැනීමත්
ගැටලුවක්.
මැටි කැණීමේ
බලපත්‍ර සීමා කරලා
මැටි කියුබ් එකක මිල
අධික නිසා මැටි ගබඩා
කරගැනීමත් ප්‍රශ්නයක්
කර්මාන්තය
පවත්වාගෙන යෑමේ
ගැටලුවකට මුහුණ
දෙන්න සිදුවෙලා
ආනයනික සෙවිලි
කර්මාන්තයට තර්ජනයක්
නවීන තාක්ෂණය
අවශ්‍යවුවත් ආයෝජනය
කරන්න සල්ලි නෑ
පුහුණු ශ්‍රමිකයන්
නොමැතිකම
කර්මාන්තයට
විශාල පාඩුවක්
සඳලංකාව හේමලතා ඩී හේවගේ
සියවස් ගණනාවකට හිමිකම් කියන මැටි ආශ්‍රිත සෙවිලි උළු 1865 වර්ෂයේදී ඉන්දියාවේ කල්කටා ප්‍රදේශයේදී නිෂ්පාදනය කිරීමෙන් පසු මෙරටට ආනයනය කර ඇති බවට ඉතිහාස තොරතුරුවලින් අනාවරණය වී ඇත.
මහනුවර, පොලොන්නරුව, අනුරාධපුර ආදී යුගවල සිට පැවත එන ශරීර සෞඛ්‍යයට හිතකර මෙම මැටි ආශ්‍රිත සෙවිලි උළු වෙනුවට විදේශීය රටවලින් විවිධ ආදේශික සෙවිලි වර්ග ආනයනය කිරීම සහ පැවති ආණ්ඩු ඒ ඒ කාලවලදී ගනු ලැබූ තීන්දු තීරණ නිසා මෙරට උළු කර්මාන්තය කඩා වැටීමේ තර්ජනයට මුහුණ දීමට සිදුවිය.
පාරම්පරික කර්මාන්තයක් ලෙස දිවයින පුරා ව්‍යාප්තව තිබූ 600 කට ආසන්න මෙම උළු කල්මාන්ත ශාලා පසුකාලීනව ක්‍රම ක්‍රමයෙන් වැසී යාමත් සමඟ එය අද වන විට 200ත් 225ත් අතර ගණනකට අඩුවී ඇති බව දත්ත තොරතුරුවලින් අනාවරණය වී ඇත.
උළු කර්මාන්තශාලා බොහොමයක් පිහිටා ඇත්තේ මා ඔය දෑලේ සහ කැලණි ගංගා දෑලේ වන අතර පුත්තලම් දිස්ත්‍රික්කයේ වෙන්නපුව මැතිවරණ බල ප්‍රදේශයේ හා ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන මැතිවරණ බල ප්‍රදේශයේ මෙම මහා පරිමාණ උළු කර්මාන්තශාලා බොහොමයක් ස්ථාපිතකර ඇත.
වෙන්නප්පුව මැතිවරණ බල ප්‍රදේශය ආවරණය වන අයුරින් වයික්කාල, දංකොටුව, තෝප්පුතොට, බෝලවත්ත, මැටිකොටුව, යෝගියාන, ඇතුළු ප්‍රදේශවල ස්ථාපිත කර ඇති මෙම උළු කර්මාන්තශාලා බොහොමයක් අතුරින් අද වන විට ඉතිරිව ඇත්තේ කිහිපයක් පමණක් බව සමස්ත ලංකා මැටි සෙවිලි උළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බැක්ටිස් ප්‍රනාන්දු මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ බැක්ටිස් ප්‍රනාන්දු මහතා මෙසේද කීය.
පසුගිය වසරේ (2024) සැප්තැම්බර් මාසයේ සිට මෙම වසරේ පෙබරවාරි මුල වෙනකන් පැවතුණේ වර්ෂාව අධික දේශගුණික තත්වයක්. ඒ කාල සීමාව තුළ අපි එක්රැස් කරගෙන සිටි සියලු ඛනිජ (මැටි) ඉවර වුණා. උළු නිෂ්පාදනයට අවශ්‍ය මැටි අපි ගබඩා කරලා තියාගන්නේ වියළි කාලගුණික තත්වයක් පවතින අවස්ථාවේ. ඒවා වර්ෂාව පවතින කාල සීමාවේදී නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා.
දැන් මේ වියළි කාලගුණික තත්වයක් ආරම්භ වුණාට අපිට අවශ්‍ය ඛනිජ ලබා ගැනීමේ අපහසුතාවක් පවතිනවා. මොකද රජය මේ වෙද්දි මැටි කැණීමේ බලපත්‍ර සීමා කරලා නිසා. ඒ තත්වය තුළ අපි කර්මාන්තයට අවශ්‍ය ඛනිජ ලබාගැනීමේ ගැටලුවකට මුහුණ දීලා තියෙන්නේ. මැටි කියුබ් එකක මිල අධික නිසා විශාල වශයෙන් මැටි ගබඩා කරගන්න කර්මාන්ත කරුවන් ළඟ මුදල් නැහැ. බොහෝ විට මාස දෙක තුනකට අවශ්‍ය මැටි තමයි එකතු කරගන්නේ. ඒක නිසා අද වෙද්දි උළු නිෂ්පාදනයට අවශ්‍ය මැටිවල විශාල හිඟයක් පවතිනවා.
කර්මාන්ත කරුවන් විදියට අපි රජයෙන් ඉල්ලන්නේ විධිමත් ක්‍රමවේදයක් යටතේ මේ වියළි කාලගුණික තත්වය පවතින අවස්ථාවේ කඩිනමින් කැණීම් බලපත්‍ර ලබා දෙන්න කියලා භූවිද්‍යා හා පතල් කාර්යාංශයෙන් ඉල්ලා සිටිනවා. මොකද අද වෙද්දි උළු කර්මාන්තකරුවන් ළඟ නිෂ්පාදනයට අවශ්‍ය ඛනිජ නැහැ. ඒ නිසා කර්මාන්තය පවත්වාගෙන යෑමේ ගැටලුවකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. අපේ උළු කර්මාන්තශාලාවල සේවය කරන සේවකයන්ට රැකියාව අහිමිවෙනවා නිෂ්පාදනය නතර වුණාම.
අපි පසුගිය දෙසැම්බර් මාසයේ 30 වැනිදා කර්මාන්ත අමාත්‍යවරයාව මුණගැහිලා අපේ කර්මාන්තය ගැන තියෙන ගැටලු ඉදිරිපත් කළා. එතුමා කිව්වා මාස හයක් ඇතුළත අපේ ගැටලු නිරාකරණය කරලා දෙනවා කියලා. ඒ විශ්වාසය ඇතිව අපි සිටිනවා. විශේෂයෙන් අපි ඒ අවස්ථාවේ අමාත්‍යවරයාගන් ඉල්ලීමක් කළා රජයේ අලුතෙන් ඉදිකරන නිවාසවලට සහ ගොඩනැගිලිවලට සියයට සීයක් දේශීය නිෂ්පාදනයක් වන, ශරීර සෞඛ්‍යයට හිතකර, මැටි ආශ්‍රිත සෙවිලි උළු යොදා ගන්න කියලා.
සමස්ත ලංකා මැටි සෙවිලි උළු නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් ජෝන්ස්
ඇක්වයිනාස්
ප්‍රනාන්දු :
අසූව දශකයේ දිවයින පුරාම උළු කර්මාන්තශාලා
600 ක් විතර ක්‍රියාත්මක වුණා. ඒක අද වෙද්දී 200 කට ආසන්න ගණනකට අඩුවෙලා. ඒ කාලයේ උළු හැර වෙනත් ආදේශක සෙවිලි විශේෂ තිබුණෙ නැහැ. විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමඟ තරඟකාරී සෙවිලි වර්ග අපේ රටට ආවා. ඒ සෙවිලි වර්ග වලට ලැබෙන ලාබය වැඩියි.
ඒ ලාබය ඔවුන් පාරිභෝගිකයන් ග්‍රහණය කරගන්න වෙළෙඳ ප්‍රචාර කටයුතු සඳහා යොදා ගත්තා. ඒ හරහා සැලකිය යුතු පාරිභෝගිකයන් පිරිසක් ඒ ආදේශක සෙවිලි භාවිතයට යොමු වුණා.
එවන් තත්වයක් තුළ වෙළෙඳපොළ සීමා වීම නිසා උළු අලෙවිය අඩුවීම නිසාත් කර්මාන්ත කරුවන් පාඩු ලැබීම නිසාත් අර 600 ක්ව තිබුණු උළු කර්මාන්තශාලා ගණන 200 කට අඩුවෙලා තියෙනවා. ඕක තමයි යථාර්ථය.
ඒක නිසා රජයට අපි කියන්නේ නැවත කර්මාන්තශාලා ආරම්භ කරනවා වෙනුවට මේ තියෙන උළු කර්මාන්ත ශාලා ටිකවත් ආරක්ෂා කරගන්න ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා.
ඒ වගේම එදා උළු කර්මාන්තයේ යෙදුණේ තරුණ ජවය. එහෙත් අද වෙද්දි රටේ පවතින ආර්ථික තත්වය මත අපේ තරුණයෝ රැකියා සඳහා විදේශ රටවලට ගිහිල්ලා තියෙනවා.
දැන් අපේ කර්මාන්තයේ යෙදෙන්නේ වයෝවෘද්ධ පිරිසක්. හොඳ ශ්‍රම බලකායක් නැතුව කර්මාන්තයක් කරගෙන යන්න බැහැ. එහෙම නම් අපි නවීන තාක්ෂණයට යා යුතු වෙනවා. ඒ සඳහා විශාල ආයෝජනයක් කළයුතුයි. එවැනි ආයෝජනයක් කරන්න වෙළෙඳපොළ ගැන විශ්වාසයක් තිබිය යුතු වෙනවා. මේ වෙද්දි සෑම උළු කර්මාන්ත කරුවෙක්ම රුපියල් මිලියන 300 ත් 350 ත් අතර මුදලක් ආයෝජනය කරලා තියෙන්නේ.ඒ තත්වය තුළ නැවත මුදල් යොදන්න කර්මාන්ත කරුවන්ට හැකියාවක් නැහැ. පුහුණු ශ්‍රමිකයන් හිඟකමත් අපේ ව්‍යාපාරය පවත්වාගෙන යෑමට විශාල ගැටලුවක් වෙලා තියෙනවා. රජය මැදිහත් වෙලා මේ කර්මාන්තය ආරක්ෂා කරගන්න යම් වැඩපිළිවෙළක් යොදනවා නම් අනාගත පරපුරට දකින්න හරි උළු කැටයක් ඉතුරු වේවි.
ඛනිජ හිඟකම, වෙළෙඳපොළ කඩා වැටීම සහ සේවක සහාය නොමැතිකම නිසාද මේ වන විට උළු කර්මාන්ත හිමියන් දැඩි ගැටලුවකට මුහුණ පා ඇත. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උළු කම්හල් හිමියෙකු වන රුක්මන් ප්‍රනාන්දු මහතාද මෙසේ පැවසීය.
අපේ මේ උළු කර්මාන්තශාලා
පවත්වාගෙන
යෑමේදී මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි සේවකයන්ගේ හිගකම. අද වන විට පුහුණු ශ්‍රමිකයෝ හිගය විශාල ලෙස නිෂ්පාදනයට බලපා තියෙනවා. මම මේ කරගෙන යන්නේ පරම්පරාවෙන් මට හම්බ වුණා උළු කර්මාන්තශාලාවක්. ඉස්සර අපේ ළඟ සේවකයෝ එකසිය පනහක් විතර වැඩ කළා. අද අපේ ළඟ ඉන්නේ සේවකයන් පහළොවකටත් අඩු ගානක්. ඒ පිරිසෙනුත් දෛනිකව වැඩට එන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහර අවස්ථාවලදී අපිත් ඔවුන් සමග හරි හරියට වැඩ කරනවා.
එහෙම තමයි මේ උළු කර්මාන්තය පවත්වාගෙන යන්නේ. සීමිත සේවකයන් පිරිසක් සිටීම නිසා අද ඔවුනුත් අපිට ගණන් උස්සනවා. අපි සේවකයන්ට අවශ්‍ය පහසුකම් සියල්ලම සපුරලයි ඔවුන්ගෙන් මේ සේවය ලබා ගන්නේ. ඉන්න තැන දෙනවා, වතුර ටික, විදුලිය, වැටුප් මේ සියල්ලම ලබාදීලා රඳවා ගන්න උත්සාහ කළත් බොහෝ පිරිසක් දීර්ඝ කාලීනව එක තැනක වැඩ කරන්නේ නැහැ.
පුහුණු ශ්‍රමිකයන් නොමැතිකම අපේ කර්මාන්තයට විශාල පාඩුවක්. ඒ සියලු බාධක මැද තමයි අපි මේ කර්මාන්තය කරගෙන යන්නේ. දුෂ්කරතා රැසක් මැද පවත්වාගෙන යන මේ උළු කර්මාන්තය ආරක්ෂා කරගන්න රජයේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා.
අදහස් (0)
කඩා වැටෙන උළු කර්මාන්තය
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
කඩා වැටෙන උළු කර්මාන්තය