අනුර කුමාර දිසානායකගේ භාවිතයට අත්පොතක්
ශ්‍රී ලංකාවේ ණය හා ආර්ථික අර්බුදය කෙතරම් ප්‍රබල ලෙස ගෝලීය අවධානයට පාත්‍රවීද යත් ලන්ඩනයේ පිහිටි ඕවර්සීස් ඩිවලොප්මන්ට් ආයතනය එම විෂය සම්බන්ධයෙන් හදාරා නිබන්ධන සංග්‍රහයක් ඉදිරිපත් කිරීමට විශේෂඥයන් දෙදෙනකු පත් කෙරිණි. ශ්‍රී ලංකාව ගැන උනන්දුවන ලෝකයේ ප්‍රමුඛ පෙළේ අර්ථශාස්ත්‍රඥයෝ කිහිප දෙනෙක් ඒ සඳහා රචනා සම්පාදනය කළහ. එකී විශේෂඥයන් නම් සුප්‍රසිද්ධ ආසියානු සංවර්ධන බැංකුවේ ගනේෂන් විග්නරාජා සහ ඕවර්සීස් ඩිවොලොප්මන්ට් ආයතනයේ (ODI) අධ්‍යක්ෂවරයකු වූ ඩර්ක් විලෙම් ටේ වෙල්ඩේ (Dirk Willem te Velde) යන ජාත්‍යන්තර ආර්ථික සංවර්ධනය සම්බන්ධ ගැටලු සොයා බලන දෙදෙනාය.
ඔවුහු එම විෂය පිළිබඳ විශේෂඥයන් 22කු ඒකරාශිකොට එම ගැටලුවට සම්බන්ධ ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් ආවරණය වන ඒකාබද්ධ රචනා 14ක් ඉදිරිපත් කළහ. එම නිබන්ධන සංග්‍රහය 2024 සැප්තැම්බරයේ පැවැත්වූ ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර නිකුත් කරන ලද්දේ Sri Lanka from debt default to tramsformative browth යන ශීර්ෂය යටතේය. එය මේ වනවිට ODI වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකිය. මෙය මෙරටින් නොඉල්ලන ලද ඔවුන්ගේ කැමැත්තෙන් සකස් කළ වාර්තාවක් වූ අතර ජනාධිපතිවරණයේ තරග කළ ප්‍රධාන තරගකරුවන් තිදෙනාගෙන් කිසිම අයකුට ජනාධිපතිවරණයට පෙර තම ණය හා සංවර්ධන ප්‍රතිපත්ති සකස් කර ගැනීමට එය ලබාගත නොහැකි විය. කෙසේ වුවද ජයග්‍රාහකයා වූ ජනාධිපති අනුර කුමාර දිසානායකට දැන් එහි ඇති රෝග නිධාන විග්‍රහවලට හා නිර්දේශ එම ගැටලුවට කල් පවත්නා විසඳුමක් තහවුරු කර ගැනීමට භාවිතා කළ හැකිය.
ණය උගුල කරා යෑම
නිදහසින් පසු ඉතිහාසයේ ඇතිවූ ගැඹුරුතම ආර්ථික අවපාතය ලෙස මහ බැංකුව විසින් නම් කළ වාර්තමාන ආර්ථික අර්බුදය 2022 දී හිටි හැටියේ හටගත් අර්බුදයක් නොවීය. එම අර්බුදයට මාන කිහිපයක්ම ඇත. පහත් හෝ ඍණාත්මක ආර්ථික වර්ධනය, වර්තමාන ණය සහ අනෙකුත් විදේශ විනිමය බැඳියාවන් සපුරා ගැනීමට නොහැකියාව රාජ්‍ය මූල්‍ය දුර්වලතා සහ විදේශ විනිමය සංචිත හිඟවීම යන තැන් කිහිපයකි. එම නිසා නිදහසින් පසු ඉතිහාසයේ පළමු වතාවට 2022 අප්‍රේල් මාසයේදී ප්‍රමාණවත් විදේශ විනිමය සංචිත ශේෂව නොතිබීම හා විදේශ ණය ගැනුම් ඔස්සේ පරතරය පියවා ගැනීමට ක්ෂණික මූල්‍ය පහසුකම් ගොඩනගා ගැනීමට නොහැකිවීම නිසා ශ්‍රී ලාංකික ද්විපාර්ශ්වික හා වාණිජ ණය හිමියන්ට ගෙවිය යුතුව තිබූ ණය සේවා අත්හිටුවනු ලැබුවේය.
ණය ගෙවා ගැනීමට ප්‍රතිමූල්‍යකරණය උදෙසා විදේශ මූලාශ්‍ර වලින් ණය ගැනීමට නොහැකි වූ කල දෙවැනි ක්‍රමෝපාය රට තීරණාත්මක අවදානම් තත්වයකට ඇද දැමුවේය. මෙම ක්‍රමෝපාය දෙකෙන් හුදෙක් විදේශ ණය කන්දරාව තව තවත් වැඩි කරන ලදී. වඩාත් නිවැරදිව කියන්නේ නම් ආර්ථිකය විස්තාරණය වන අනුපාතයට නැතහොත් දළ ජාතික නිෂ්පාදිතයේ කොටසක් ලෙස ගෙවාගත නොහැකි තරම් වූ ණය උගුලකට රට එයින් ඇද වැටිණි. 2022 දී රට කරා පැමිණි ආර්ථික අර්බුදයේ ආරම්භක ස්ථානය වූයේ එතැනය. එවර අනුගමනය කිරීමට කිසිදු විකල්ප ක්‍රමයක් ඉතිරි නොවීය.
ණය පීඩනය සහ පරිවර්තනීය වර්ධනය සම්බන්ධ විශේෂඥයෝ
මෙම ගැටලුවේ රෝග කාරකය අධ්‍යයනය කර විසඳුම් නිර්දේශ කිරීම සඳහා විග්නරාජා හා වෙල්ඩි තම කණ්ඩායම ඒකරාශි කළහ. ආර්ථිකය එක තැන ඇනහිටීම සහ දේශීය උද්ධමනයෙන් ශක්තිමත්වූ ණය පීඩනයට රට ඇද වැටිණි.
2022 දී සියයට 8කින් පමණ ආර්ථිකය සංකෝචනය වූ කල එයින් එක් පැත්තකින් ආර්ථිකය පුරාම ජනතාවගේ ආදායම් අඩුවී අනෙක් අතට දේශීය වශයෙන් පරිභෝජනය උදෙසා ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය පහත වැටිණි. ඒ අතරතුර අනෙක් අතට දේශීය මිල මට්ටම් සියයට 55කින් පමණ වේගයෙන් ඉහළ ගොස් ජනතාවගේ සැබෑ ආදායම තවදුරටත් අඩු වූයේය. මෙම පරිහානියට පත්වීම් දෙකම නිසා පොදුවේ ශ්‍රී ලාංකිකයෝ තවත් දරිද්‍රතාවට ඇද වැටුණේය. පහළ මැද මට්ටමේ ආදායම් ලබන රටවලට ලෝක බැංකුවේ
පර්ෙය්ෂණ අංශයෙන් යෝජනා කර ඇති පරිදි පුද්ගලයකුගේ දෛනික ආදායම් සීමාව ඩොලර් 3.65 යන නිර්ණායකය භාවිත කොට දරිද්‍රතාව මැන බැලූවිට දරිද්‍රතා මට්ටම සියයට 25ක් දක්වා දෙගුණ වූ බව ඇස්තමේන්තු කෙරිණි. කෙසේ වුවද ශ්‍රීලංකාව ඉහළ මැද ආදායම් ලබන රටක් සීමාවට පැමිණෙමින් තිබූ නිසා දෛනික ආදායම ඩොලර් 6.85යන දරිද්‍රතා රේඛාව අනුව ගණනය කළ විට රටේ ජනතාවගේ දරිද්‍රතා මට්ටම සියයට 66කින් සෑහෙන තරමින් ඉහළ ගිය බව ඇස්තමේන්තු කරන ලදී.
ශ්‍රී ලංකාව අන්ත දරුණු තත්වයේ සිට ඉවසාගත හැකි මට්ටමට කෙටි කාල සීමාවක් තුළ නිවැරදි දිශාවට ගමන් කොට තිබුණද අතීත කාර්ය සාධනය හා සැසඳූ විට එය ප්‍රීති ප්‍රමෝදයට පත්වීම උදෙසා රටට කොහෙත්ම ප්‍රමාණවත් නොවන්නේය.
වර්තමානයේ පවතින පහත් වර්ධන පරාචක්‍රයේ ආර්ථිකයට සදහටම පැවතිය හැකි නොවන්නේය. ආර්ථිකය එහි සිටින ජනතාවට ඉහළ මට්ටමේ සමෘද්ධිමත් භාවයක් ලබාදීම සඳහා පරිවර්තනයට ලක් විය යුතුය. එම නිසා පරිවර්තනීය වර්ධනයක් සිදුවීම මෙම අරමුණට යාම සඳහා අත්‍යවශ්‍යවේ. නිබන්ධනය රචනා කළ අය මේ සඳහා ප්‍රතිපත්තිමය යෝජනා 27ක් ඉදිරිපත්කර තිබේ. එම යෝජනා ඉදිරිපත් කොට ඇත්තේ රට වර්තමාන ණය පීඩනයෙන් මුදාගැනීමට ප්‍රමුඛතාව දෙමින් හා මධ්‍යම කාලයේ හා දිගු කාලයේදී ඉහළ වර්ධනය මාර්ගයකට පිවිසීම උදෙසාය.
ප්‍රතිපත්ති යෝජනා විසි හත
මෙම ප්‍රතිපත්ති යෝජනා විසි හත විග්නරාජා වෙල්ඩි සුසංයෝගයෙන් රචනා වූ නිබන්ධන සංග්‍රහයේ ප්‍රධාන ප්‍රතිපත්තිමය ක්ෂේත්‍ර හයක් යටතේ ලේඛනගත කොට තිබේ. අනුර කුමාර දිසානායක ආණ්ඩුව උනන්දුව දැක්විය යුත්තේ මේවා කෙරෙහිය. මන්දයත් ඔවුන් ජා.මු. අරමුදලෙන් සීමා සලකුණු කළ සාර්ව ආර්ථිකයේ ස්ථාවර භාවයේ නාමික පැත්තට සීමා නොවී මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් ඇතුළු ප්‍රපත්ති සීමාවලින් ඔබ්බට යන බැවිනි. එම නිසා මහ බැංකුවේ උනන්දුව ආර්ථිකයේ නියම දත්ත වූ පරිවර්තනීය වර්ධනය වෙතද යොමු විය යුතුවේ.
ප්‍රතිපත්ති හා එහි දිශාව සඳහා පොදු සම්මුතියක්
ප්‍රතිපත්තිමය ක්ෂේත්‍ර හයේ පළමු වැන්න ලෙස අවධාරණය කර ඇත්තේ දේශපාලන පක්ෂ ව්‍යාපාර නායකයන් වෘත්තිය සමිති, සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගෙන් යුත්ත උනන්දුව දක්වන්නන්ගේ හරස්කඩක් ආවරණය වන පරිදි ආර්ථිකමය ප්‍රතිපත්ති දිශාගතවීම සම්බන්ධයෙන් සම්මුතියක් ගොඩනැගීම සම්බන්ධයෙනි. මේ යටතේ ආර්ථික වර්ධනය හා ආර්ථික පරිවර්තනය උදෙසා සැමටම පිළිගත හැකි දැක්මක් ගොඩනැගීම හුවාදක්වා තිබේ. එයින් ඉල්ලා සිටිනුයේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට මාන බලන්නන් සහ දූෂණ පිළිවෙත් ඉවත් කොට ස්ථාවර ප්‍රතිපත්ති සැලැස්මක් මෙන්ම කාලානුරූප සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාවයි. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට මාන බලනවුන් යනු ප්‍රතිපත්තිමය අස්ථාවර භාවයේදී හා ප්‍රතිපත්ති හේතුවෙන් සිදුවන විකෘති කරණයන්හිදී තම වාසිය තකා එම අවස්ථා සූරාකෑම් කරන අයයි.
උදාහරණයක් ලෙස වැඩි වූ සහල් මිල උදෙසා පාරිභෝගිකයන්ට සහනයක් ලෙස රජය සහල් ආනයනය වෙනුවෙන් පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද අඩු කළේ යයි සිතමු. එහෙත් දැන් වෙෙළඳපොළේ මිල පහළ යාමට මුහුණ දී ඇති ගොවීන්ට මෙම ප්‍රතිපත්තිය අවාසිසහගත වේ. ගොවීන් සාධාරණත්වය ඉල්ලා උද්ඝෝෂණය කිරීම හේතුවෙන් ඔවුන්ට සහයෝගයක් ලෙස රජය නැවත භාණ්ඩ බද්ද ඉහළ දැමුවේ යයි සිතමු. එයින් ආනයනකරුවන්ට අඩු පිරිවැයකින් සහල් ආනයනය කිරීමට දිරිමත් බවක් ලබා දෙනුයේ එම සහල් ගබඩා කරගෙන පසුව වැඩි මිලකට විකිණිය හැකි නිසාය. මෙම ගනුදෙනුවේදී ආනයනකරුවන් විසින් අමතරව උපයා ගන්නා සුපිරි ලාබය ඔවුන් අවස්ථාවෙන් ගන්නා ප්‍රයෝජනයකි.
එවැනි අවස්ථා ආර්ථිකයේ වැඩි වැඩියෙන් සිදුවීමෙන් ආර්ථිකය දුබල වනුයේ ඔවුන් උපයා ගන්නා සුපිරි ලාබය හානි පූර්ණය කිරීමේ සේවාවක් ඔවුන් විසින් සම්පාදනය නොකරන නිසාය. එම නිසා එවැනි අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම් රජයෙන් අදාළ සියලුම කරුණු සැලකිල්ලට ගෙන විනිවිද පෙනෙන සුළු ප්‍රතිපත්ති සමග මුළුමනින්ම අනාවරණය කරනු ලබන ප්‍රතිපත්ති මගින් තුරන් කිරීමට හැකිවේ. නිශ්චිත විනිවිද පෙනෙන සුළු ප්‍රතිපත්තින් නොමැති නිසා අතීතයේදී ශ්‍රී ලංකා ආර්ථිකය බොහෝ සෙයින් පීඩාවට පත්ව තිබේ. අවස්ථාවෙන් අනිසි ප්‍රයෝජන ගැනීම් සහ දූෂණ පිළිවෙත් නිමාවට පත් කිරීම සඳහා ප්‍රතිපත්ති සැලසුම් කළ යුතු බවට යෝජනා කර ඇත්තේ ඒ නිසාය.
ණය තිරසරකරණය
දෙවැනි ප්‍රතිපත්ති උපදේශනයෙහි ශ්‍රී ලංකාව දිගු කල් පවතින දේශීය හා විදේශීය ණය තිරසරකරණයක් තහවුරු කර පවත්වා ගත යුත්තේ එවිට මෑතදී සිදුවූ ආකාරයේ ආර්ථික ආබාධිත ව්‍යසනයකට ඇද වැටීම එයින් වළක්වා ගත හැකි නිසා යැයි පැවසේ. ණය තිරසර බව යන්නෙන් අදහස් කරනුයේ ශ්‍රී ලංකාවට නිසි කලට ණය සහන හෝ ණය අත්හිටුවීම් බලාපොරොත්තු නොවී ණය වාරික සහ පොලී ගෙවා ගැනීමේ හැකියාවයි. මින් පෙර දේශීය ණය සම්බන්ධයෙන් රජයට මුදල් අච්චු ගසා කල් පිරෙන ණය ගෙවා ගැනීමේ හැකියාව මුදල් ණයට ගෙන අලුතෙන් ප්‍රතිමූල්‍යකරණය කළ නොහැකි අවස්ථාවල කළ හැකිව තිබිණි. කෙසේ වුවද නව මහ බැංකු පනත යටතේ එය ශ්‍රී ලංකාවට ගැටලුවක් වනුයේ රජයට මුදල් අච්චුගසා දේශීය ණය ගෙවිය නොහැකි බැවිණි. එම නිසා දේශීය ණය සම්බන්ධ තිරසරකරණය විචක්ෂණශීලී කළමනාකරණ ක්‍රමෝපාය අනුගමනය කරමින් කලින් සැලසුම් කළ යුතුය. දේශීය ණය රජයේ ආදායම සහ ද.ජා.නි. යන දෙකටම සාපේක්ෂව ආරක්ෂාකාරී මට්ටමක රඳවා ගැනීම මීට අදාළ වේ.
විදේශ ණය සම්බන්ධයෙන් ගත් විට ප්‍රතිමූල්‍යකරණය කෙරේ විශ්වාසය තබාගෙන ණය සේවා පවත්වා ගැනීම විචාක්ෂණශීලී ණය ක්‍රමෝපාය නොවන්නේද එසේ කිරීම චිචක්ෂණශීලී නොවන්නේ තවදුරටත් ණය ලබා ගක නොහැකි වුවහොත් එයින් රට රුදුරු අවදානමකට පාත්‍ර වන නිසාය. එම නිසා දිගුකල් පවතින ණය තිරසාර මාවතට දේශීය හා විදේශීය යන ණය දෙවර්ගය සඳහාම රජයේ ආදායම හා විදේශ විනිමය උත්පාදනය ඉහළ යන නැවත ණය ගෙවීමේ හැකියාව තහවුරු වන ආර්ථික ව්‍යවසායවලින් ණය ලබාගෙන භාවිත කළ යුතුය.
මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම
මහ බැංකුව ස්වාධීන බව තහවුරු කිරීමට අදාළ ප්‍රතිපත්තිමය නිර්දේශ අද වනවිට අදාළ නොවන්නේ නව මහ බැංකු පනත ක්‍රියාත්මක කර ඇති බැවින් බැංකුව උද්ධමනය ඉලක්ක කිරීම ප්‍රවීණ වෘත්තිකයන්ගේ සේවය මුදල් ගෙවා ලබා ගැනීම හා පුහුණු කාර්ය මණ්ඩලය රඳවා ගැනීම සඳහා අලුත් වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීම සමග මූල්‍ය අරමුදලෙන් නිර්දේශ කර තිබෙන පරිදි තනි ඉලක්කම් පොලී අනුපාත ප්‍රතිපත්ති කරා මේ වනවිටත් යොමුවී තිබෙන බැවිනි. කෙසේ වුවද මග හැරී තිබෙන කාරණය නම් පහළ ආර්ථික වර්ධනයක් හා බැඳුණු අවධමන තත්වයකට ආර්ථික ක්‍රමය යොමුවී තිබීමය. එය එකතැන පල්වෙන යන අදහස රැගත් stagflation යනුවෙන් හඳුන්වන තත්ත්වයකි. මේ වනවිට උද්ධමනය රඳවා ගැනීමේ අවම ඉලක්කය වූ සියයට 3ටත් වඩා පහළට උද්ධමනය වැටී ඇති බැවින් මහ බැංකුවේ ඉලක්කගත කාර්ය සාධකය වෙත එම කාරණයේදී ලංවී නොමැත. මාස තුනක් තිස්සේ මේ දක්වා ආර්ථිකය තුළ අවධමනය සිදුවී තිබෙන අතර මීළඟ කාර්තු අභියස තුළද එම තත්වය පවතින සෙයක් පෙනේ. අවධමනය සමග එක්ව ආර්ථික ක්‍රියාකාරකම්වල ඵලදායීතාව වර්ධනය නොවේ නම් එය ආර්ථිකයට අතිශය හානිකරය. එහෙත් දැනට පවතින අවධමන තත්වයෙන් ගොඩ ඒමට මහ බැංකුව තුළ දැනට භාවිත කළ හැකි උපක්‍රමයක් නොමැතිය.
ආදායම් නැංවීමේ හා වියදම් කපා හැරීමේ අවශ්‍යතාව
හතරවැනි ප්‍රතිපත්ති නිර්දේශය වූයේ මූල්‍ය අංශය තිරසාරකරණක් සඳහා වඩාත් හොඳ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් රාජ්‍ය ආයෝජනවල අවශ්‍ය පාලනය හඳුන්වා දීම එක් අතකින් රාජ්‍ය හිමි ව්‍යවසායන්ගේ පැවැත්ම තාර්තිකකරණයට ලක්කොට ඒවා ප්‍රතිව්‍යුහගත කරණය කිරීම හා අනෙක් අතට වඩාත් හොඳ පාලන පිළිවෙත් රාජ්‍ය හිමි ව්‍යවසායන් සඳහා හඳුන්වාදීම ආදියෙන් රාජ්‍ය මූල්‍ය තිරසරකරණයට සහාය දීමයි.
වර්තමාන මූල්‍ය අරමුදලේ වැඩසටහන පදනම්ව ඇත්තේ ආදායම පදනම් කරගත් බදු ආදායම් ශක්තිමත් කිරීම යනුවෙන් හඳුන්වන ක්‍රමෝපායන් ඔස්සේ ආදායම වැඩිකර ගැනීමෙන් ස්ථාවර මූල්‍ය අංශයත් ගොඩ නගා ගැනීම මතය. ආර්ථිකයේ සංකෝචනයක් හට නොගෙන ආදායම (වඩාත් නිවැරදිව කියන්නේ නම් දල ජාතික නිෂ්පාදනය) වැඩිකර ගත හැකි සීමාවක් පවතී. එම නිසා ආදායම් වර්ධනය හා වියදම් කපා හැරීම යන කාර්ය දෙක නිසි පරිදි මිශ්‍ර කර ගන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් මූල්‍ය අංශය ශක්තිමත් කිරීමේ ක්‍රමෝපායක් යොදා ගත යුතුය.
ආර්ථික පරිවර්තනයට ප්‍රායෝගිකව ප්‍රවේශයක්
පස් වැනි ප්‍රතිපත්තිමය නිර්දේශවලට ඇතුළත් වන්නේ අවම වශයෙන් එක් පරම්පරා කාලයක් තුළ ශ්‍රී ලාංකිකයන්ට සමෘද්ධිමත්භාවය ළඟාකර දීම උදෙසා ඉහළ ආර්ථික වර්ධනයක් ලබා ගැනීමේ හැකියාව වැඩි කිරීමේ ප්‍රායෝගික ආර්ථික පරිවර්තනයක් කිරීමයි. අදාළ කාරණය දැනට පවතින බාධාකාරී නිශේධනීය නියාමන හා ව්‍යාපාර මෙහෙයුම් ඉවත් කොට ආයෝජනවලට හිතකර වූ වාතාවරණයක් පවත්වා ගත යුතු බව නිර්දේශ කර තිබේ. ප්‍රමුඛතා පදනමක් මත ක්‍රියාත්මක කළ යුතු වෙනත් පරිපාලන ප්‍රතිසංස්කරණද වේ. වෙළඳාම් පහසුකරණය කිරීම, නිදහස් වෙෙළඳ ගිවසුම් සඳහා නිසි සාකච්ඡා ආර්ථික පරිවර්තන පනතින් ස්ථාපිත කර තිබෙන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් පිහිටුවීම අදාල රටවල් සමග පරිපූර්ණ ආර්ථික සහයෝගිතාවන්ට ඇතුළු වීම ශ්‍රී ලංකාවේ ආයෝජන නැංවීම උදෙසා විදේශ තානාපති කාර්යාලවල සංඛ්‍යාව වැඩි කිරීම, රටේ ආර්ථික වර්ධනය වේගවත් කිරීමට ඩයස්පෝරාවේ සහයෝගය ලබා ගැනීම යන කාරණා එසේ යෝජනා කර ඇති පරිපාලන ප්‍රතිසංස්කරණයි.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්‍රමය සරළ තාක්ෂණයේ සිට සංකීර්ණ තාක්ෂණය දක්වා පරිවර්තනය කිරීමේදී මධ්‍යම කාලයේ සිට දීර්ඝ කාලය දක්වා තිරසාර ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට ප්‍රධාන බාධකයක් වන්නේ එම යෝජිත ප්‍රතිසංස්කරණවල ලුහුඩුබවය. අනුර කුමාර දිසානායක රජය මෙය යෝධ පිම්මක් සහිත සැලසුමක් ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ විශේෂඥයන් විසින් සකස් කරන ලදුව එය ක්‍රියාත්මක කිරීමට සූදානමින් සැලසුම් කර ඇත.
පරිපූර්ණ වර්ධනයක් වෙත යොමුවීම
හයවැනි ප්‍රතිපත්ති නිර්දේශය පරිපූර්ණ ආර්ථික වර්ධනයක් ඇති කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙනි. ශ්‍රී ලංකාවේ ආර්ථික අවශ්‍යතාව සම්බන්ධයෙනි. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය අතීතයේදී අනන්‍ය සාධාරණ නොවූයේ ආදායම් විෂමතාව (ආදායම බෙදීයාමේ විෂමතාව) නිසාය. නිදහසින් පසු ඉතිහාසය පුරාම ඉහළම ආදායම් උපයන සියයට 20 ක් දෙනා ජාතික ආදායමෙන් අඩකට වඩා ලබාගත් අතර අවම ආදායම් උපයන සියයට 20 දෙනා ලබා ගත්තේ රටේ ආදායමෙන් සියයට 5ක් පමණකි. ඉතිරි සියයට හතළිස් පහ ලැබුණේ මධ්‍යම පාන්තිකයන්ටයි. එම නිසා ආර්ථික වර්ධනයේ ඵල සැමට සමානව බෙදීයාමක් නොවීය. නිදහස ලැබුදා පටන් බලයට පැමිණි ආණ්ඩු අනුගමනය කළේ දුප්පත්කම පිටු දැකීමේ ප්‍රතිපත්ති වුවද පැවතියේ ඉහතකී තත්වමය. කෙසේ වුවද මෙම නිබන්ධන සංග්‍රහයේ යෝජනා කරනුයේ මෙම ගැටලුවට විසඳුමක් නොවුවද අත්‍යවශ්‍ය ජනතාවට නිසි මූල්‍ය සහන පිරිනැමිය යුතු බව ඒවායේ සඳහන්ය. මගේ මගේ මතයේ හැටියට එය විසඳුම් ලබාදිය යුතු බැරෑරුම් තත්ත්වයකි.
මධ්‍යකාලීන හා දීර්ඝ කාලීන වර්ධන සැලැස්ම අවශ්‍යතාව
දුර්වලතා ස්වල්පයක් පැවතියද විග්නරාජා හා වෙල්ඩේගේ නිබන්ධන සංග්‍රහයේ අනුර කුමාර දිසානායක රජයට වැඩදායි මාර්ගෝපද්ශ සපයා තිබේ. ආර්ථිකය පවත්නා තත්ත්වයේ සිට ඉහළ නංවාලීමට මේ වනවිට මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් රජයට නැති තරම්ය. මගේ මතය අනුව එවැනි සැලැස්මක් සකස් කිරීමට මෙම නිබන්ධන සංග්‍රහයේ ඇති සංග්‍රහයන් සහ ප්‍රතිපත්තිමය තොරතුරු රජයට උපකාරී වනු ඇත.
ජනපතිට ආර්ථික අත්පොතක්