අනුරාධපුර - උපුල් හේරත්.
යහගුණවලින් සපිරි, ආගන්තුක සත්කාර හොඳින් දන්නා ලාංකිකයන්ගේ අනාගතය සරු කෙරන සංචාරක ව්‍යාපාරයට මෑතක දී කණ කොකා හඬා ඇති බවට කතා ඇතැම්විට ඇසෙයි.
2018 වසර සංචාරක ක්ෂේත්‍රයේ ස්වර්ණමය වසරක් හැටියට සනිටුහන් කළ හැකිය. ඉන්පසු සහරාන්ගේ සිද්ධියත්, කොරෝනා නමැති රෝගය මුළු මහත් දිවයිනම ගිල ගැනීමත් සමගම සංචාරක ව්‍යාපාරය ඇදවැටිණ. මෙලෙස ඇද වැටුණු සංචාරක ව්‍යාපාරය රටේ ආර්ථිකයට මෙන්ම, සාමාජීය සංවර්ධනයට වැදුණු අකුණු පහරක් බඳු විය. මෙම අකුණු පහරට මුහුණ දුන් අනුරාධපුර ප්‍රධාන පෙළේ සංචාරක වෘත්තිකයන් විසි හය දෙනකු ප්‍රධාන මූල්‍ය ආයතනවලට ණයවීම නිසා එම ව්‍යාපාර කඩා වැටුණු බව එම ව්‍යාපාරිකයෝ කියති.
මෙම සිද්ධිය පිළිබඳව අදහස් දක්වන අනුරාධපුර සංචාරක හා හෝටල් සංගමයේ ලේකම් නාමෙල් හෙට්ටිගේ මහතා මෙසේ අදහස් දැක්වීය.
ලාංකික ආර්ථිකය ඉහළට ඔසවා තැබීම සඳහා සංචාරක ව්‍යාපාරයට ලැබෙන්නේ ඉතා උසස් තැනක්. ඒ තුළින් රටට ඩොලර් උත්පාදනය කිරීම පමණක් නොව, රැකියා උත්පාදනයද සිදුවනවා. ලංකාව ණය වෙලා තිබෙන තත්වයෙන් ගොඩ ගැනීම සඳහා වත්මන් රජය දැවැන්ත කැපකිරීමක් කළ යුතු බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.
විශේෂයෙන් මෙම කර්මාන්තයේ නියැලී සිටින සේවකයන් හැටියට නිලධාරීන් කාණ්ඩ තුනකට වෙන්කර ඔවුනගේ වෘත්තිය ඇගයීමක්ද සිදු කළ යුතු අතර, ඔවුනගෙන් සිදුවෙන්නාවූ කිසියම් අඩු ලුහුඩුකමක් ඇත්නම් එය නිවැරදි කිරීමත් මෙම ක්ෂේතුයේ වගකිව යුත්තන්ගේ යුතුකමක් බව අවධාරණය කරන්න කැමැතියි.
මේ සම්බන්ධයෙන් ඉක්මන් පියවරක් හැටියට සංචාරක ව්‍යාපාරයේ පැවැත්ම සම්බන්ධව විධිමත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වියයුතුය. වෙනදාට වඩා වර්තමානයේ ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ අවශ්‍යතා පිළිබඳ පුළුල් අවබෝධයක් මෙම ව්‍යාපාරයේ නියැලෙන්නන් හැටියට අප පළමුව අවබෝධ කරගත යුතුයි. අද අනුරාධපුරේ තිබෙන්නේ අටමස්ථානය නැරඹීම හා තවත් විශේෂ කාරණා දෙකක් තුනක් පමණයි. එය නැරඹීමට පැමිණෙන්නේ විශේෂයෙන් වැඩිහිටි පාර්ශවයේ අයයි. එහෙත් අද වන විට තරුණ සංචාරකයන්ගේ බලාපොරොත්තුව ගාල්ල, මාතර, සීගිරිය, පොළොන්නරුව වැනි ස්ථානවලට යෑමයි. ඔවුනට අවශ්‍ය කෙරෙන්නේ ගුවන් බැලුන්වලින් යෑම, පාපැදි වලින් ගමන්කිරීම, අලින්ගේ පිටේ යෑම, යුගයට සරිලන විනෝද ක්‍රීඩාවල නියැළීම වැනි දේ පමණයි. එවැනි දේවල් අනුරාධපුර හා අවට කලාපවල නොමැතිකම විශාල ගැටලුවක් බවට පත්ව තිබේ. එපමණක් ද නොව සංචාරකයන් විශාල ලෙස අනුරාධපුරයට පැමිණෙන අවස්ථාවල රාත්‍රී කාලයේ ලැගුම් ගැනීමට තිබෙන්නේ කාමර පනහකට වැඩි හෝටල් සංකීර්ණ දෙක තුනක් පමණි. යම් හෙයකින් පා පැදියක නැගී අටමස්ථානය නරඹන අස්ථාවක ඔවුනට වැසිකිළි පහසුමක් අවශ්‍ය වූ විට ඔවුන් නතර වී සිටි හෝටල් සංකීර්ණයටම යාමට සිදුවන අවස්ථා තිබෙනවා.
සංචාරකයන් බලාපොරොත්තු වෙන්නා වූ දර්ශනීය ස්ථාන කිහිපයක් නිසිලෙස සංවර්ධනය කළ යුතුයි.
අද වන විට මේ ප්‍රද්ශයේ සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් සේවක මහතුන්ගේ යහපත් සේවාවෙන් සියයට පනහක දායකත්වයක් ලැබෙනවා.සියයට තිස්පහක් ලැබෙන්නේ බොකින් ක්‍රමවේදය අනුවයි.(පරිගණක ආශ්‍රිතව දත්ත ලබා ගැනීමෙන් පසු) . ඉතිරි සියයට පහළව ලැබෙන්නේ අහඹු ලෙස හෝටල්වලට පැමිණෙන අයගෙන්. එහෙත් විදේශීය සංචාරකයන්ගේ දායකත්වය ඉතාමත්ම පහක් මට්ටමක පවතින බව කිව යුතුයි.
මෙම ගැටලු විසඳා ගැනීමට උතුරු මැද පළාත් ආණ්ඩුකාර තුමා දැනුවත්කරමින්, අප සංගමයේ හැටියට සංදේශයක්ද බාරදී තිබෙනවා. එහි අන්තර්ගත වන්නේ විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි වැව් පද්ධති ආසන්නයේ ඉදිකර තිබෙන හෝටල්වල දර්ශනීය ස්ථාන ඇතිකිරීමත්, කාමර පනහකට වඩා වැඩි සංචාරක ස්ථාන ඉදිකිරීමත්, විදෙස් සංචාරකයන් ලංකාවට ඇතුල්වන අවස්ථාවේ ඔවුනගෙන් ලබාගන්නා ලද මූලික මුදල වන ඩොලර් 150 අඩු කිරීමත්, සෑම සංචාරකයකු සඳහා ලංකාව පුරාම යා හැකි පරිදි සාධාරණ මුදලකට එක ටිකට් පතක් පමණක් නිකුත් කිරීමටත් එම සංදේශයෙන් යෝජනා කර තිබෙනවා. එම කාර්යයන් නුදුරු දිනයක ඉටුවේවි යැයි බලාපොරොත්තු වනවා.
දිවයින පුරා සංචාරකයන් රැගෙන යමින්, මාර්ගෝපදේශ ලබාදෙන මිහින්තලේ පදිංචි ජී.අයි.ඩබ්ලිව්. කුමාරසිංහ මහතා මෙසේ අදහස් දැක්විය.
සංචාරකයන් කාණ්ඩ වශයෙන් අනුරාධපුරයට පැමිණි විට ඔවුන් රැගෙන ලංකාව පුරාම සංචාරය කරනවා. ඔවුන්ගෙන් නැගෙන විශේෂම ගැටලුව වන්නේ ලංකාවට ඇතුළුවීම සඳහා එක සංචාරකයකුගෙන් ඩොලර් එකසිය පනහක් අය කරන බවයි. එතනින් නොනැවතී ඇතැම් ස්ථානවලින් හිතුමතේ ටිකට් එකක් නිකුත් කර විශාල මුදලක් අය කරනවා. එහි කිසිම සැලැස්මක් නැති බව ප්‍රධාන කාරණාවක්.
බලධාරීන්ට නොපෙනෙන අනුරපුරේ සංචාරක ගැටළු