ආර්ථික අර්බුදය හේතුවෙන් කඩා වැටුණු මෙරට ජපන් ව්‍යාපාර මෙම වසරේදී ශක්තිමත්ව ධනාත්මක දිශාවකට ගමන් කරන ලකුණු පෙනෙන්නට ඇති බව ජපාන විදේශ වෙෙළඳ සංවිධානය පසුගියදා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජපන් සමාගම්වලින් අඩකට ආසන්න ප්‍රමාණයක් 2024 වසරේදී ලාබයක් අපේක්ෂා කරන බවත් එය 2023 වසරට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් බවත් ජපාන විදේශ වෙෙළඳ සංවිධානයේ වාර්ෂික සමීක්ෂණයේ සඳහන් වේ. මෙම සමීක්ෂණය පසුගිය වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් කාලවලදී සිදුකර ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ සමාගම් 31ක් ඇතුළුව ආසියා-ඕෂනියා කලාපයේ ජපන් සමාගම් 5,007කින් ප්‍රතිචාර ලබාගෙන ඇත.
මෙම ගම්‍යතාව මෙම වසරේදී තවත් වේගවත් වනු ඇතැයි අපේක්ෂා කරන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ. 2025 වසරේ මෙහෙයුම් ලාබ අපේක්ෂාව මත, ශ්‍රී ලංකාවේ සිටින ජපන් සමාගම්වලින් සියයට 75ක් කැපී පෙනෙන දියුණුවක් අපේක්ෂා කරන බවද එම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. මෙලෙස ජපාන ව්‍යාපාර පිළිබඳ පුරෝකථන ධනාත්මක වීමට කරුණු කීපයක් බලපා ඇති බවත් ඒ අතර දේශීය ඉල්ලුම වැඩිවීම, දේශීය වෙෙළඳපොළේ විකුණුම් පද්ධතිය ශක්තිමත් කිරීම, නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම මෙන්ම වාහන ආනයන තහනම ඉවත් කිරීම සහ බහාලුම් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු අඩු කිරීම යන කරුණු තිබෙන බවත් ජපාන විදේශ වෙළඳ සංවිධානයේ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ ජපාන ව්‍යාපාර පැහැදිලිවම ධනාත්මක මාවතකට පැමිණ ඇති බවත් මෙරට ජපන් ව්‍යාපාරවලින් සියයට 46.4 ක් 2024 වසරේදී ලාභදායි මෙහෙයුමක් අපේක්ෂා කරන බවත් එම වාර්තාවේ දැක්වේ. 2024 වසරේදී ලාභ අපේක්ෂා කරන ජපන් ව්‍යාපාර ප්‍රතිශතය 2023 වසරට සාපේක්ෂව සියයට 11.4 ක ඉහළ යාමක් බවත් 2015 වෙන් පසුව වාර්තාවූ තෙවැනි ඉහළම ප්‍රතිශතය මෙය බවත් ජපාන විදේශ වෙළඳ සංවිධානය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ජපාන ව්‍යාපාරවලින් සියයට 36.7 කට වැඩි ප්‍රමාණයක් එළැඹෙන වසර දෙකක කාලය තුළ ඔවුන්ගේ මෙහෙයුම් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවත් එය 2023 වසරට සාපේක්ෂව සියයට 8.6 ක ඉහළ යාමක් බවත් ජපාන විදේශ වෙෙළඳ සංවිධානයේ වාර්ෂික සමීක්ෂණ වාර්තාවේ සඳහන් වේ. බොහෝ සමාගම් ඔවුන්ගේ දේශීය විකුණුම් ජාලය පුළුල් කිරීම සහ නව නිෂ්පාදන සංවර්ධනය කිරීම සඳහා සැලසුම් පෙන්වා දුන් නමුත් සියයට 13.3ක් මෙහෙයුම් අඩු කිරීමට හෝ වෙනත් රටකට සංක්‍රමණය වීමට සැලසුම් කර තිබෙන බව එම වාර්තාවේ දැක්වේ. එය පෙර වසරට සාපේක්ෂව සියයට 7 ක ඉහළ යාමක් බවද පැවැසෙයි.
මෙරට ආයෝජනය කිරීම සම්බන්ධයෙන් හේතු දැක්වූවන්ගෙන් සියයට 54.8 පවසා ඇත්තේ අඩු ශ්‍රම පිරිවැය මෙරට ආයෝජනය කිරීමට ප්‍රධාන හේතුවක් වූ බවයි. එසේම භාෂාමය/සන්නිවේදන බාධක අවම වීම සියයට 41.9 ක් මෙරට ආයෝජනය කිරීමට ප්‍රධාන හේතුව ලෙස දක්වා ඇති අතර තවත් සියයට 38.7 ක් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වෙෙළඳපොළ ප්‍රමාණය සහ මෙරට ව්‍යාපාරයක් වර්ධනය කර ගැනීමට ඇති හැකියාව මෙරට ආයෝජනය කිරීමට ප්‍රධාන හේතුවක් වූ බවයි.
තවත් සියයට 22.6 ක් ශ්‍රී ලංකාව ලබාදෙන බදු සහන මෙරට ආයෝජනය කිරීමට ප්‍රධාන හේතුවක් වූ බවත් තවත් සියයට 22.6 ක් දේශීය කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට ඇති පහසුව මෙරට ආයෝජනය කිරීමට ප්‍රධාන හේතුවක් වූ බවත් ප්‍රකාශ කර ඇතැයි ජපාන විදේශ වෙෙළඳ සංවිධානය පැවැසුවේය.
එසේම මෙරට ආයෝජනය කිරීමේදී අවදානම් අවස්ථා ලෙස සියයට 83.9 ක් මෙරට දේශපාලන සහ සමාජීය අස්ථාවරත්වය හඳුන්වා තිබෙන බවත් සියයට 71ක් මෙරට අපැහැදිලි රාජ්‍ය ප්‍රතිපත්ති කළමනාකරණය මෙරට ආයෝජනය කිරීමේදී අවදානම් අවස්ථාවක් බව හදුන්වා දී තිබෙන බවත් ජපාන විදේශ වෙෙළඳ සංවිධානය නිකුත් කළ වාර්ෂික සමීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.
මෙරට ජපන් ව්‍යාපාරවලට හොඳ කලක්